Wednesday, February 13, 2013

පොල් vs රේප්

අනේ ඇත්තමයි මොන තත්වෙන් හරි කමක් නෑ අර යුද්දේ තිබ්බා නම් ඉවරයි කියලා දැන් නම් වෙලාවකට හිතෙනවා අම්මපා මට.. ආගම් බේද ජාති බේද නෑ.. රෑ හත අට වෙනකොට කොහේ හරි තියෙන ටීවී එකක් ඉස්සරහා වාඩි උනා.. දෙපැත්තේ ගාණ බැළුවා.. තමන්ගේ පැත්තෙන් අඩු නම් රෙද්දක් පෙරෝගෙන නිදා ගත්තා.. අපේ රටේ මිනිස්සුන්ට තිබ්බ එකම කරදරේ ඒක විතරනේ ඒ දවස් වල!

දැන් එහෙමද? දවසකට කීයක් කියලා දේවල්ද? එක කොමන් ටොපික් එකක් වගේ නෙවෙයිනේ.. පාරේ යන්න නෑ.. රාජකාරියක් කරගන්න නෑ.. එක එක්කෙනාට එක එක ප්‍රශ්ණ.. අනේ අර පහුගිය ටිකේ වගේ අග්‍රවිනිශ්චයකාර තුමීගේ කේස් එක තිබ්බා නම් ඒත් එකක්... ඒක යුද්දේ වගේ නෙවෙයි නේ අඩුම ගානේ කවුරුවත් මැරෙන්නේ නැහැනේ.. ඒ උනාට හැමෝම එක නිවුස් එකක් බලනවානේ.. දැන් ඉතිං මිශ්‍ර පලතුරු අච්චාරුව වගේ..

කාලයක් රාවණ රජතුමා... ඊට පස්සෙ ලෝක විනාසෙ... එලි පේන ඒවා... පාට පාට වැහි... පිටසක්වල යානා... දැන් ඔය අහසින් වැටෙන ගල් කෑලි... ඔය ගල් කෑලි කිලෝමීටර් ගාණක් උඩ ඉඳන් වැටිලත් ගාණට බබා වගේ පැල්ලමක්වත් නැතිව ලෑන්ඩ් කරල තියෙන හැටි තමයි හැටි...

ඒ මදිවට හලාල් එපා.. අත් කපන්න හොඳ නෑ.. එම් ආර් අයි හොඳ නෑ... අරයලා දික්කසාද වෙලා.. එයා මෙයා එක්ක යාළු වෙලා.. මේවා අධිරාජ්‍යා වාදී කුමණ්ත්‍රන.. මේවා සිංහල ජාතිය වඳ කරන්න යන්නේ.. අර කඩෙන් බඩු ගන්න එපා.. මේ කඩේට යන්නවත් එපා.. හප්පා ගොඩයි..

වැඩක් නෑ.. වැඩක් නෑ ඔය මොකවත් වැඩක් නෑ.. ඔය නිවුස් අතර මම නොකිව්වට වැදගත්ම නිවුස් දෙකක් තිබ්බා..

1. පොල් ගෙඩි අටක් හොරකම් කරපු පාසැල් දැරියකට රු.50,000 ක ඇප ලැබිල්ල.
2. ස්ත්‍රියක් දූෂණය කරපු මිනිහෙක්ට රු.10,000 ක ඇප ලැබිල්ල


ඇත්තටම මේ රටේ මිනිස්සු මං තරම් උගත් මංද බුද්ධිමත් ? නැති හින්දා මේ කේස් එකට සෑහෙන්න වළිගේ පාග ගත්තා කියලයි මගේ අදහස.. මිනිස්සු උනාම හැම දේටම කෑ නොගහා ඒ දේවල් විචාරාත්මකට තම මනසින් කල්පනා කරලා බලන්න ඕන කියලයි පොතේ තියෙන්නේ.. ඒ උනාට අද කාලේ කවුරුවත් එහෙම කරන්නේ නැහැ නේ.. අනේ ඉතිං... බොරුවට කෑ ගගහා ප්‍රෙශර් වැඩි කරගන්නවා දොස්තරලාව පෝසත් කරන්න..! නැද්ද ???

අර අයිසැක් මහත්තයට ඇපල් ගෙඩිය වැටුනම මොළේ පහල උනා වගේ තමයි ඊයේ රෑ හදිස්සියෙම මේ ගැන පසු කථනයක් වෙන වෙලාවේ මගේ ටිකිරි මොළෙත් පහළ උනේ.. !

හැමෝම ලොකු කරලා ගත්තට මෙතන තියෙන්නේ පොඩි බිස්නස් පොයින්ට් එකක්! පේව්මන්ට් එකේ බිස්නස් කරන මනුස්සයාගේ ඉදං ලොකු ලොකු ලෙවිස් සෙවන්ස් සොටෝස් වල වැඩ කරන ඕන මොළකාරයෙක්ට තේරෙන සීන් එකක් මෙතන තියෙන්නේ හා නෑ කියනවාද?

මොකක්ද ?

නීතිය බිස්නස් එකක් කියලා?

නෑ...?!!!

මොකෝ නැත්තේ? නැත්තේ නෑ..!! ඔය පඳුරු ගානේ ඉන්න උගත් බුද්ධිමත් නීතීඥ නෝනලා මහත්තුරුන්ගෙන් අහන්නකෝ මොකෝ නැත්තේ කියලා.. එයාලා ශුවර් නැත්තං අර පහුගිය ටිකේ ගෙදර යවපු නෝනාගෙන් අහන්න.. එයත් මේ ටිකේ ෆ්‍රී එකේ ඇත්තේ..

නැත්තං වැඩක් නැති දවසක නිකං ඉන්න එකේ උසාවියකට ගිහින් බලන්නකෝ.. ලොකු ලොකු එව්වට නෙවෙයි පොඩි එකකට හො‍ඳේ..! නඩුව පටාන් ගන්නවා නීතීඥ මහත්තයා නැගිටිනවා.. ස්වාමීණි හච පච හච පච ගාලා වචන දෙකක් කියනවා.. නඩුව කල් යනවා.. මහත්තයාගේ අතට සල්ලි යනවා.. හරියට ගොඩක් චැනල් දොස්තර මාමලා වගේ තමයි..!

හරි සරළයි.. ! නඩුව ලොකු වෙන්න ලොකු වෙන්න යන ගාණත් වැඩියි..! පියෝ බිස්නස්!! හරි සැහැල්ලුයි.. !!

අනිත් කාරණාව තමයි දැන් බලන්න ටිකක් අපේ මේ සකළ සිරින් පිරි සිරි ලංකාව කොයි තරම් වේගෙකින් දියුණු වේගෙන වේගෙන යනවද? හරි හරි එහෙන් මෙහෙන් පොඩි පොඩි ණය කෑළි හම්බ වෙනව තමයි.. ඒ උනාට මේ හැම දේම වෙන්නේ අපේ පාලක පක්සේ තියන දැඩි උනන්දුව හා ඒකායන ධෛර්යය හින්දානේ.. ඉතිං මේකට සපෝට් කරන එක අපි හැමෝගෙම යුතුකම! පුද්ගලයෝ වශයෙන් නෙවෙයි ආයතන වශයෙනුත් අපි ඇපකැප විය යුතුයි.! ඉතිං මේකට ආදුරුසයක් දෙන්න තමයි රටේ දෙවෙනියට ඉහළම තැන තියෙන අධිකරණය අර මං කලින් කිව්ව බිස්නස් මයින්ඩ් එක දාලා දඩයක් ඇපයක් අරගෙන රජයට සහය දෙන්නේ...

ඇයි තේරුනේ නැද්ද???

හරි සරළව අපි ආයෙම උක්ත ප්‍රස්තුථ දෙක දිහාට හැරෙමුකෝ‍.............................................‍......
යා යා 1, 2 දාලා ලියලා තියන ඒවා තමයි..

දැන් බලන්න ඔය පලවෙනි එක.. හැම දාම අපිට අහන්න වෙන වර්ගයේ නඩුවක් නෙවෙයිනේ.. ඒ කියන්නේ ඉස්කෝලේ යන ළමයි පොල් හොරෙන් ගන්නේ නැහැනේ.. (හරි හරි කුරුම්බා කඩන එක වෙනයි) එහෙම ගත්තත් පොල් අයිති කාරයා තමන් නඩුකාරයා වෙලා පොඩි සද්ද බද්දයක් දාලා ගොඩින් ශේප් වෙනවානේ.. ඒ කියන්නේ බ්ලැක් මාර්කට් වෙළඳාමක් වගේ දේවල් නේ නිතර වෙන්නේ..

ඒ වගේද ස්ත්‍රී දූශණ...? දැන් වෙනකොට ජස්ට් නතින්! හපෝ ඕවත් නිව්ස් ද කියලා අහන අයයි අද කාලේ වැඩි.. ඒ කියන්නේ  දවසකට ඔය වගේ කේස් කීයක් උසාවි එනවාද?

දැන් වත් තේරුනාද?

අඩුවෙන් විකිණෙන බඩු විකුණන්නේ ලොකු ගාණකට.. ලොකු ලාභයක් තියාගෙන.. වැඩියෙන් විකුණන බඩු විකුණන්නේ පොඩි ගාණකට පොඩි ලාභයක් තියාගෙන.. එතකොට මොකද වෙන්නේ පාරිභෝගිකයෝ ප්‍රීති වෙනවා..! වෙළඳාම වැඩි වෙනවා...

පොල් කේස් එන්නේ අඩුවෙන් හින්දා ඇපේ ලොකුයි... 50,000යි

ස්ත්‍රී දූෂ‍ණ හෙන වැඩි හින්දා ඇපේ අඩුයි.. 10,000 දවසට කේස් 5ක් තිබ්බත් 50,000 ආණ්ඩුවටනේ අනේ..!!!

මොළ ගෙඩි තිබුනට මෙයාලට ඒකවත් තේරෙන්නේ නෑ..!!!! බී ක්‍රියේටිව් ඇන්ඩ් ස්ටේ හැපීලී !

අවවාදයයි!
හැමදේම සාධාරණීකරනය කරන්න පුරුදු වෙන්න.. 
නැත්තං ඉස්සරහට ජිවත් වෙන්න බැරි වෙයි මේ රටේ...! 

5 comments:

  1. උනුත් ජීවත් වෙන්ඩ එපැයි නැද්ද?

    ReplyDelete
  2. හි හි... ඇත්තනේ.. ඒ පැත්තෙනුත් බලන්න එපැයි අපි නේද... හරි හරි.. මලී තමයි බුද්ධිමතා....

    ///අවවාදයයි!
    හැමදේම සාධාරණීකරනය කරන්න පුරුදු වෙන්න..
    නැත්තං ඉස්සරහට ජිවත් වෙන්න බැරි වෙයි මේ රටේ...! ///

    මේක අමුතුවෙන් ඕනේ නෑ... අපේ ලේ වලට කාවැදිලා තියෙන්‌ෙන් මේක දැං.. හි හි

    ReplyDelete
  3. ඔක්කොම බිස්නස් තමයි බන්.... මොනා උනත් ලංකාවෙ මාර හැපනින්... ආතල් ගන්නව හෝ ගාල... අනේ මන්දා

    ReplyDelete
  4. ඔය කවුරු මොනවා කිව්වත් මන් නම් දානවා Facebook එකේ Proud to be a SriLankan කියල.....:D

    ReplyDelete
  5. ඔන්න දැන් කෙල්ල නෝටි වෙලා පොල්වත්තේ බුවා ෂෝයි වෙලා. මේකත් නිකං මෙගා ටෙලියක් වගේ. අද එකෙක් නරකයි ඊළඟ දවසේ එයා ෂෝයි එක්කෙනෙක් වෙලා.. ඉඳලා හිටලා බලන එවුන්ට මොලේ අවුල් වෙලා තවත් අවුල් වෙනවා. උඹේ හස්බන්ඩා වගේ අට ලෝ දහමෙන් කම්පා වෙන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනි.. :P

    ReplyDelete