Monday, May 7, 2012

අවුරුදු වෙසක් හා කිරිබත් කතා..

අවුරුදු ආවා ගියා.. වෙසකුත් ආවා.. යමින් පවතිනවා.. වෙසක් වලට ගත්තු නිවාඩුවත් ඉවර වෙලා හෙට ඉදන් ආයේ සුපුරුදු ජිවිතේට යන්න සිද්ධ වෙනවා.. ආයේ ඉතිං කාලයක් යනකම් දවසක් කීපයක් එක දිගට පබ්ලික් හොලිඩේ සෙට්වෙන්නේ නැහැ මයේ හිතේ..  අතේ තියෙන නිවාඩුවක් දෙකක් ගත්තොත් තමයි...
දිග නිවාඩු සෙට් උනත් ඉස්සර වගේ එක දිගට නිවාඩු ඉන්නත් බෑ දැන්.. ඒ නිසා මේ අවුරුද්දට නිවාඩු ගත්තේ දවස් දෙකක් විතර.. වෙසක් දවසේ වැඩ කරලා යන්තං ඊයෙයි අදයි නිවාඩු දෙකක් සෙට් කරගත්තේ අපේ වාර්ෂික කිරිබත් දානෙ නිසයි..
මං හිතන්නේ මං කවදාවත් ඒක ගැන ලියලා නෑ.. ඒ නිසා ලියන්න කිසිම දෙයක් නැති මේ කාලේ ඒ ගැනවත් ලියලා මං තාම පණ පිටින් කියලා පොඩි සටහනක් තියන එක හොදයි වගේ!

බොහොම අතීතෙට ගියොත් අපේ ආච්චි ඒ කියන්නේ අපේ තාත්තගේ අම්මා නැති වෙලා තියෙන්නේ මැයි මාසේ වෙසක් පෝයක් දවසේ.. ඒක මේ උන්දැගේ පිණට අරකට මේකට නෙවෙයි.. අසනීප වෙලා ඉදලා මැරිලා ඉතිං.. ඒක සරළ කතාවක්.. ඉතිං කෙනෙක් මියගියාම ඒ කෙනා මතක් කරලා හැම අවුරුද්දකට පිංකමක් මොනා හරි කරන එක අපේ රටේ සිරිතක් නේ.. ඉතිං ඔය විදියට හැම අවුරුද්දෙම අපේ අම්මා ඒ කියන්නේ ආච්චිගේ  ලොකු ලේලි මහගෙදරින් විය යුතු යුතුකමකටත් වඩා එයාගේ වගකීමක් හැටියට සලකලා අපේ වත්කමේ හැටියට පංසලක් දන් පතක් දීලා හැම අවුරුද්දෙම ආච්චිව සිහිකලා.. මැයි මාසෙ වෙසක් ලබන දවස වෙනස් වෙනවාන් ඒ කියන්නේ පෝය හැම අවුරුද්දෙම එකම දිනේක නෙවෙයිනේ තියෙන්නේ.. ඉතිං වතාවක් ආච්චි මැරුණු දවස වෙසක් දවසට පස්සෙන්දා දවසක යෙදුනා.. සාමාන්‍යෙන් වෙසක් දවස් වලට පන්සල් වල හාමුදුරුවන්ට දන් නැති වෙන්නේ නැහැ නේ.. ඒ නිසා ඒ අවුරුද්දේ පන්සලට දානේ දෙන එක සෙට් කරගන්න බැරි උනා.. එදා අපේ තාත්තාගේ පොඩි අක්කයි එයාගේ පවුලයි අපේ දිහා ඇවිත් හිටියා.. ඉතිං එයයි අපේ අම්මයි එකතු වෙලා උදේම ඉඳිඅප්පන් ටිකක් හදාගෙන පාර්සල් කරගෙන කළුතර බෝධිය ළගට ගියේ එතන ඉන්න අයට කෑමට දෙන්න.. ගිහින් බැළුවම වෙසක් දවසේ සිල් අරගෙන සිල් පවාරණය නොකරපු ගොඩ දෙනෙකුට හීල් දානේ නෑ.. දාන දෙන අයත් වෙසක් දවසට එපා වෙනකල් දන් දුන්නට පහුවෙනිදා උදේ පාන්දරක් ගැන හිතන්නෙ නැහැනේ.. කොහොමත් වෙසක් කාලෙට කඩ වහලා නිසා ඒ මිනිස්සුන්ට කෑම ගන්න තැනුත් නෑ,. ඉතිං අපි ගෙනියපු ටිකත් කෑම ටික සුරුස් ගාලා ඉවර උනා.. ඉතිං එදා අපේ අම්මට හිතිලා තියනවා ලබන වතාවේ මීට වැඩිය ගේන්න.. ඉතිං ඊළග වතාවේ එයා කිලෝ 5ක විතර කිරිබත් තනියම හදාගෙන ගෙනිච්චා.. එදත් ඉවරයි.. ඊළග වතාවේ ගොඩක් කෑම හදන්න අමාරු හින්දා බනිස්... ඒකත් ඉවරයි.. ඊට පස්සේ කිලෝ 20 ක විතර කිරිබත් හැදුවේ අම්මයි අපේ හැමදේටම උදව්වට එන සිට්ටි නැන්දයි.. ඔය විදියට ටික ටික වැඩි කර කර හදන එක වැඩි කරනවා කරන කරන හැම වතාවෙම කෑම මදි වෙනවා..

ඉතිං ගිය වතාවේ කිලෝ 35ක කිරිබත් හැදුවා.. අම්මලට දැන් වැඩිය මහන්සි වෙන්න බැරි හින්දා අපේ ගමේ දානෙට මඟුලට හැම එකටම කෑම රසටම හදන දයාවතී කියන ගෑණු මනුස්සයාට එන්න කිව්වා.. හදනවාට වඩා අමාරු වැඩේ තමයි කිරිබත වඩලා කෑලි කපන එක.. ගිය අවුරුද්දේ කිලෝ 35ට ගේම දුන්නේ අපේ බුරු බබයි.. හරේ ඇන්ඩ් ලසිත කෝකි වරු දෙන්නයි.. අම්මලා කලේ විවිද වර්ග අනුව.. තේ.. ඉඟුරු තේ.. කහට..කෝපි ආදිය හදලා.. ලුණුමිරිස කොටා ගන්න එක.. එතකොට මම? හික් හික් මම හොඳට ආතල් එකේ නිදාගන්න එක තමයි ගිය වතාවේ නම් කලේ!

එතකොට මේ වතාවේ..

මේ වතාවේ ටාගර්ට් එක වෙලා තිබ්බේ 50 කිලෝස්.. එතකොට කිරබත වඩන වැඩේට!.. ගිය අවුරුද්දේ හිටි සපෝටර්ගා තුන් දෙනාම තුන් පැත්තක හින්දා මේ පාර ඇඳගෙන නාන්න වෙන බව මම කලින්ම දැනගෙන හිටියා.. ඉතිං ඒකට බයේමද මන්දා වෙසක් දා දවල් වෙනකොටම ඔෆිස් එකේදි පට්ට ඔළුවේ කැක්කුමක් ආවේ.. හප්පා.. ඒක අඩු උනේම නෑ.. ඉතිං ගෙදර ආ ගමන් රටළුණු කිලෝ 7ක් සුද්ද කරලා තියලා හයි පැරසිටමෝල් එකකුත් අරන් මම ටිකක් දෝ බබා වෙන්න ගියා.. ඇහැරෙන කොට වෙලාව රෑ දොළහයි.. බැණුමටයි රැවුමටයි කට්ටටයි හිත හදාගෙන මම කුස්සයි පැත්තට ගියා.. යනකොට පට පට ගාලා ළුණු කැපෙන සද්දයක් එනවා.. අපේ ගෙදර සෙට් එකේ අය නම් වෙන්නම බෑ! යනකොටම කිරිබතක් මේසෙටත් වඩලා.. දැන හෝ නොදැන අපේ තාත්තා පොල් ගාන මැෂින් එක ගේන්න කියලා තියෙන්නේ හෝටලේක වැඩ කරපු කෙනෙකුට.. එයයි එයාගේ මස්සිනයි දෙන්නම කිරිබත් එක්ස්පර්ට් ලා..  වෙනදා පාන්දර පහ හය වෙනකං නටන නැටුම කිරිබත් කිලෝ 50ක් විතර හදලත් 3 වෙනකොට පැකින් කරලත් ඉවරයි! කොහොමද ගේම!

අපේ අම්මා නම් කියන්නේ හොඳ වැඩක් කරනකොට දෙවියොත් උදව් කරනවා කියන්නේ බොරුවට නෙවෙයිලු.. ගිය අවුරුද්දේ මගේ යාළුවෝ ටික සෙට් උනෙත් මේ වතාවේ දමින්ද අයියලා සෙට් උනෙත් ඒ විදියට කියලයි එයා හිතන්නේ.. ඒවයේ ඇත්ත නැත්ත කොහොම උනත් වැඩේ කෙරුන එක ගැන නම් මට සතුටුයි..

අපේ රටේ සිල් ඇත්තෝ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. විනය ගැන එහෙම.. කොයි තරම් අපි මහන්සි වෙලා හදාගෙන ගියත් බෝධිය ළගට ගියාම තරහා එනවා මිසක් වෙන මොකුත් නම් එන්නේ නැහැ.. වාඩි වෙන්න ළගට ගෙනත් දෙන්නම් කිව්වට අහන්නේ නැහැ.. අහන අය හිටියත් නොඅහන අය හින්දා වෙන කරදරේ නම් කියලා නිම කරන්න බෑ..

එහෙම කෙනෙක් අන්තිමේ අපිට බැණ බැණත් ගිහිං.. “මේ මිනිස්සු ඊයේ රෑ අරක්කු බිබී කුකුල් මස් කකා ඉදලා අද මෙතන දානේ ගෙනත් බෙදනවා.. “ කියලා.. එහෙම කිය කිය ගිය කෙනා එහෙම කියලා තියෙන්නේ එයා බලෙන් කිරිබත් පැක් තිබුන පෙට්ටියට අත දාලා පැක් දෙක තුනක් ම ගන්න ගිය වෙලේ ඒකෙන් අනිත් අයට බෙද බෙද හිටි මට තරහා ගිහින් “මේ...හොරකම් කරන්න එපා“ කියලා කිව්ව නිසයි.. ඒ වෙලේ තරහා ගියාට මට පස්සේ දුක හිතුනා.. ඒත් කරන්න දෙයක් නෑ.. හොඳට චිකන් එක්ක ලන්ච් පැකට් එකක් ඒ මනුස්සයට ගෙනිහින් දෙන්න හිතුනත් ඒක හරියන්නෙත් නැහැනේ ඉතිං.. මොකද මම ගෙදර ඇවිත් හොදටම දෝ ගත්තනේ!

ඉතිං මේ පාරත් හදපු කිරිබත් ටික පැය කාලක් යනකොට වාෂ්ප උනා.. ඉතිං ලබන අවුරුද්දේ 75ක් විතර දෙන්න  හිතාගෙන පශ්චාත් දාන කතාබහ අපි ඉවර කලා.

හපේ අප්පේ කාලෙකින් ලිව්ව නිසා පතරංග ජාතකේ වගේ ලියවුනා.. දැන් ඇති..!

8 comments:

  1. kauruth nohithana hoda pin athe wadak.atha dala horen gathatha kena vesak dawase dawalta kawata passe mokuth nathiwa hitapu nisa ADIKA BADAGINNA ta wenna athi 2k 3k aragena giye.

    ReplyDelete
  2. ඔය සිල් ඇත්තංගෙ විනය ගැන ගියපාර මම කිව්වම ලක්ෂ්මන් අංකල් කිව්වෙ 'මම බලන්නෙ ඒ අයගෙ බඩගින්න නිවෙන එක ගැන විතරයි' කියලා. ඒ නිසා ඔය අත දාල ගන්න යන අයට තරවටු නොකලට කමක් නෑ ඉතිං. මොකද සීයට අනූවක් විතර අය කියන දේ අහල වාඩි වෙලා පිළිවෙලකට වැඩේට සම්මාදං වෙනවනේ...

    උඹලයෙ ගෙදර වාර්ෂිකව කරන ආතල්ම වැඩක් තමයි ඕක. ගියා පාර ඒක හොඳටම දැණුනා...

    ලියන්න දේවල් නැති එක බොරුවක්... මම වගේ ඇත්ත කියහං 'කම්මැලිකම කියලා...' :P

    ReplyDelete
    Replies
    1. ඈ ගෙම්බෝ කවදා ඉඳන් මේ ස්ලෑන් පුරුදු උනේ? මම හිතුවේ ඔයා හෙන සිරා පොරක් කියලා අපි වගේ නෙමෙයි... හික්ස්...... :P

      Delete
    2. එහෙනං මරු සිරා කියල හිතාගන්ටකෝ ;-)

      Delete
  3. ලියන්න මොකවත් නැත්තං මේ මම වගේ පරණ ඩයරි පෙරළලා අඩමානෙට අකුරු එකතු කරපු කවි කෑලි තියේනම් ඒවා දාන එකයි ඇත්තේ..!
    මා එන්න විදියක් නෑ නේ වෙසක් එකටයි පොසොන් එකටයි කොහේවත්.., පන්සලේ ඔය පෝය දවස් දෙකේම දවල් දාන තියෙන්නේ අපිට නිසා තමා උඹ පහුගිය අවුරුදු වල ඉන්වයිට් කරපු එව්වට ඇටෙන්ඩ් වෙන්න බැරුව ගියේ..!

    පලි: බ්ලොග් එක වෙනස් කරලා..! ඒක සිරා..! :))

    ReplyDelete
  4. ඔය කිරිබත් ස්ටෝරි එක කොයිතරම් හිතට ඇල්ලුවද කියනවා නම් මේ පාර වෙසක් එද්දි හෙන දුකෙන් මම හිටියේ ඉරිසියාව ප්‍රගුණ කර කර.

    මම ලංකාවේ මිනිස්සු දාන දෙන ක්‍රමයට කැමතිම නෑ. මේක ආගමික අවුලක් නෙමෙයි. ඒත් ඒ සිස්ටම් එක එක්ක ලොකු අවුලක් මට තියෙනවා. කන්න බොන්න ඕනේ තරම් විතරක් නෙමෙයි යාන වාහනත් තියෙන පන්සලේ ඉන්න කෙනෙකුට ඕනේ දෙයක් දෙන්න අපේ මිනිස්සු ලෑස්තියි. ඒත් ඒ අය සිල්වත්ද රටට සේවයක් කරනවද කියන එකේ ලොකු ප්‍රශ්න තියෙනවා. මේක මේ සීලවන්ත අයට කියන දෙයක් නෙමෙයි.
    ඒත් කන්න බොන්න නැති කොයි තරම් අසරන මිනිස්සු අපි අවට ඉන්නවද. ඒ අයට හිඟාකන්නවත් විදියක් නෑ. හිඟාකන මිනිසුන්ට වුනත් සමාජයෙන් මොනතරම් අකටයුතුකම් වෙනවද? කොටින්ම අපේ අම්මායි අප්පච්චියි පන්සලේ මුල්ම දායකයෝ වෙලා ඉඳලා ඒ අය මිය ගියාම මම ලංකාවට එන හැම කාලෙම අපේ ගෙදර ලොකු දාන පිරිත් කලා. ඒත් ඒ කිසිම අවශ්තාවක මට දානයක් සතුට දැනුනේ නෑ. අන්තිමට අපේ ගෙදර අය එක්ක වලිදාගෙන තමයි මම ඔය සිස්ටම් එක වෙනස් කලේ. ඒ අය කරන දේවල් එයාලා කරනවා. ඒත් මම දානේ දෙන්නේ මට ඕනේ විදියට. ඒ දානේ අස්සේ කෑම බීමම නෙමෙයි. මට මම ගැන පුංචි සතුටක් දැනෙනවා. කොටින්ම මගේ නත්තල මගේ පාස්කුව, මගේ උපන්දිනයක් අස්සේ ඔය සිස්ටම් එක අස්සේ මම අමුතු යමක් විඳිනවා.
    ඔයාගේ අම්මා එක්ක ඔය දානේ ගැන කතා වෙච්ච වෙලේ එයා කීවෙත් අනේ පුතේ ඒ අය බඩගින්නේ ඉන්නේ රෑත් බඩගින්නේ ඉඳලා පව් පුතේ ඔහොම කියලා කිවුවම අර දානේ එක්ක තරහා මම ඇහුවේ එහෙනම් දානෙට මාත් එකතු වෙන්නම් කියලා. කොටින්ම මම එදා අර කිරිබත හදනකම් ඔය දානේ අස්සේ විඳීමක් ලැබුවේ නෑ. (කොහොමත් උඹට වඩා සුනී ආන්ටි මගේ කියලා මම හිතන් ඉන්න හින්දා මේවා උඹට කියන්න ඕනේ නෑ.) ඒත් ඒ කිරිබත් එක මගේ ජීවිතෙත් වෙනස් කලා වෙන්න ඕනේ. කොහොමත් (හරේට ලසිතට බැන බැන වැඩ ගත්ත එක වෙනම කතාවක් උනත්) කොහේ ගියත් ඉන්න තැනක උදව් වෙන්න පුළුවන් ඕනෙම විදියට මම හැඩ ගැහිලා තියෙනවා. (ඒක නම් මට අපේ අම්මගේ ජීන් වලින් ආව වෙන්නැති. ) කිරිබත් විතරක් නම් මොකෝ මම එදා ළුෞණුත් කැපුවා. අර ඇස් වලින් කඳුළු එමින් අඬමින්, මම පොල්ත් ගෑවා.:D සමහරවිට ඒ දේවල් ඒ තරමටම මට අතිශ්‍යයෝක්තියෙන් මෙහෙම කියවන්න තරම් ලොකුවෙන්නේ මම කවදාවත් කරපු නැති දේවල් හින්දා වෙන්න ඕනේ. අපි දවස ගානේ නොකරන දේවල් හෙන පොරක් වෙන දේවල් නේ මට:P :P
    තෝ නම් නිදාගත්තා තමයි එදා. මම කුඩු ගහපු එකා වගේ වැනි වැනී (අර නිදාගන්න බෙහෙත් එකත් අරගෙන) අර කොල්ලෝ දෙන්නටත් බැන බැන සෑහෙන වැඩක් දුන්නේ කටෙන් වෙන්න ඕනේ. උඹට කියන්නේ ලෝකේ ඉහලම පෙලේ හොටෙල් වල ෆූඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර් කෙනෙක් වෙලා ඉන්න කාලෙවත් ඔය තරම් ලොකු වැඩක් නම් කලේ නෑ. :P
    ලංකාවේ අයගේ දාන ගැන අවුලෙන් හිටපු මට ලක්ස්මන් අන්කල්ගෙයි ආන්ටිගෙයි දාන දානම බව තමයි එදා අර කතාවෙදි තේරුනේ. දානේ බෙදන්න ගියාම වෙන අවුල ගැන නම් ඒ මිනිසුන්ගේ බඩගින්න ඔක්කොටම වඩා ලොකුයි බන්. මට දවසක් අපේ හාමුදුරුවෝ කීවේ චූටි මැනිකේ ගොඩාක් අය සිල් ගන්න එන්නේ කෑම තියෙන හින්දා කියලා. හැමෝම එහෙම නොවුනත් එහෙම තමයි බන්. අපිට කන්න බොනන් තියෙන හින්දා අපිට අගයක් නෑ. අපි ඉල්ලන්නේ නැව්. ඒත් උන්ට කෑම එක කොයි තරම් වටිනවද?

    ReplyDelete
  5. ඔය සිල් ඇත්තොන්ට කිරිබත් දෙන එක මුලින්ම සෙට් වුනේ මට කළුතරදීම තමා.. @හරේ මචං ඔය සියට අනූව 75% විතර දාගනින්. මම හිතන්නේ. අර අහිංසකයාට මේ යකා බැන්නාම චූ යන්තත් ඇති බං.. හිකිස්..

    ReplyDelete
  6. @ කෙන්ජි = එහෙම වෙන්න ඇති කෙන්ජි ඒ උනාට වාඩි වෙලා ඉන්න ගොඩ දෙනෙකුට කලින් තව අය වටෙන් ඇවිත් ගන්නවා බලන්න ඉන්න තරං ඉවසීමක් ඉතිං මට නැහැ නේ.. කෙන්ජි කියන්නේ ඔයා ජපානේ ඉන්න පළාත වෙන්න ඇති නේද? නැතුව ජපන් මාමලා නැන්දලාට සිංහල බ්ලොග් කියවන්න බැරුව ඇතිනේ?

    @ හරේ - වෙන්ඩ පුළුවන් බං.. මම බුදු වෙලා තියා සෝවන් වෙලාවත් නැති හින්දා ඔය ඉවසීම කියන එක නම් තාම හෙන අඩුයි..
    කම්මැලි කම්මැලි ගගා ලියන එකත් කම්මැලි හින්දා එහෙම කියන්නත් ඉතිං අමාරුයි..


    @ ලිසෝ - මං වෙනස් කරපු එක අල්ලන්නේ නැතුව තව එකෙක් තවත් වෙනස් කලානේ බං.. දැන් නම් හොඳටම හොඳයි තමා... කමක් නෑ බං.. අපි වෙන වෙලාවක සෙට් වෙමු ඉතිං.. උඹට කවදාවත් එහෙනම් අපේ කිරිබතුයි දන්සැල් බතුයි දෙකම සෙට් වෙන්නේ නැති වෙයි.. සොරි තමා..!

    @රංගි - අම්බෝ දිග! අපි දන්නවා ඉතිං ඔයාගේ දන් දීම..! අපිට ඉතිං ඔයාගේ සිස්ටම් එක කරන්න හෙන අමාරුයි.. සෝ අපි අපිට ෆිට් වෙන හැටියට තමා ගේම දෙන්නේ..!

    @ ආගා - අනේ මන්දා බං.. ඒවෙලේ එහෙම කිව්වට දැන් නම් පව් කියලා හිතෙනවා හොඳටම..! වට් ටු ඩූ ඉතිං‍!

    ReplyDelete