Wednesday, February 16, 2011

හිතෙනවට..



උපන්දා සිට ජිවිතය කොයිතරම් නම් වෙනස් වෙනවද
අඬන්න විතරක්ම දැනගෙන අත්මිටි ගුලිකරන්
අම්මාගේ සිරුරෙන් එළියට එන අපි එතනින් එ‍හාට කොයි තරම් නම් දේවල් ගැන දැනගන්නවාද?
ඉගන ගන්නවාද? කවුරු හරි කියලා දෙන නිසා..
නැත්තං අපිටම දැනෙන නිසා.. නැත්තං ඔහේ නිකංම හිතෙන නිසා හැම විදියකින්ම අළුත් අළුත් දේවල් අපි කොයි තරම් නම් ඒ දවස් වල ඉගන ගන්න ඇතිද?
දැන් අමතක උනාට අපි දැනටත් වඩා පොඩි කාලේ ඉන්න ඇත්තේ කුතුහලේකින්.. බලන්න පුංචි අයගේ ඇස් දිහා.. එයාලා ඇස් ගෙඩි ලොකු කරගෙන හැමදේම දිහා බලන හැටි..
අපිට හුරුපුරුදු හැමදේම එයාලට අළුත් දේවල්..
ඒ අළුත් දේවල් අස්සේ පොඩ්ඩක් හරි අමුතු දෙයක් දැක්කොත් කෑගහලා අඬනවා ඇරෙන්න
වෙන දෙයක් කරන්න නොදන්න පොඩි උන් කොයි තරම් හුරතල් ද?

පොඩිකාලේ එහෙම උනාට දැන් අපිට නිදහසේ අඩන්නවත් පුළුවන්ද?
වයසත් එක්ක කඳුළුවල වටිනාකමත් අඩුවෙනවාද මන්දා
එහෙමත් නැත්තං අනේ මන්දා.. හිතන්න දැන් අපිට පුළුවන්ද අඩන්න හිතෙන හැම වෙලාවකම අඩන්න?
වේදනාවක් දැනුනත්.. සතුටක් දැනුනත්.. වෙන මොනා හරි හින්දා අඩන්න හිතුනත්..
කොයි තරම් ඕන කම තිබ්බත් බැරි වෙලාවත් ඇඩුවත්..
කී දෙනෙක් අහයිද ඇයි මේ පොඩි එකෙක් වගේ අඩන්නේ..
ඕක අඩන්න තරම් දෙයක්ද?
ලැජ්ජ නැද්ද?

අනේ මන්දා
වයසත් එක්ක අපි සබ්‍යත්වය..ශීලාචාරකම.. හැදියාව..ඔය වගේ එක එක වචන අස්සට දාලා
අපේ කොයි තරම් නම් හැඟීම් යටපත් කරගන්නවද? කොයි තරම් සිතුවලි පාලනය කරනවද
කොයි තරම් ‍දේවල් මිස් කරගන්නවද?
අපි පව්!
සිරාවටම පව්..

කිසිම උවමනාවක් නැතුව මේ ලොකෙට ඇවිත්
උවමනාවන් ගොඩාක් හදාගෙන ජිවත් වෙලා
කිසිම දෙයක් නැතිව
හිටිගමන් ආයෙම යන්න යනවා..

ඉන්නකං තියෙන ටික කාලේ
කීයක් නං ‍නීති දාගෙන අරවා මේවා හින්දා
හිරවෙලා තෙරපිලාද ඉන්නේ..

හැබෑවටම යනකං නිදහසේ ඉන්න
විදියක් ඇත්තෙම නැද්ද?


පිංතූරේ නම් ඉස්සුවා.

3 comments:

  1. මේක මට නම් එහෙමටම දැනෙන්න මම දෙන්නේ නෑ. සමහර විට අපි ජීවත් වෙන වටපිටාව එක්ක අපිට ඔය දේවල් දැනෙන ක්‍රම වෙනස් වෙන්න ඇති.
    ඒත් මට නම් හිතෙන්නේ අපි අපිව තේරුම් ගන්න ඕනේ. ඔය කඳුලකට ඉඩක් දෙන්න එහෙම ඉඩ තියාගන්න ඕනේ.
    ඒ විතරම නෙමෙයි ඉතින් අපේ මේ බැඳීම් සමාජ පැවැත්මේ තියෙන සමහර දේවල් එක්ක එකඟ නොවුනාට ඉතින් සමහර වෙලාවට ඔය දේවල් උනත් අපිට අවශ්‍යයි නේද?
    මොනවා උනත් වෙනදා විදියටම නොවුනත් ඔයාගේ වචන එලියට එන එකට මම කැමතියි. බ්ලොග් එක නිහඬ උනාම මලී හිතන විදිය තියා බෝම්බ ගහන විදියවත් හිතා ගන්න බැරිව හිටියේ.

    ReplyDelete
  2. නිදහසේ ඉන්න විධියක් නෑ... නිදහස නිදහස ඇතුලෙම හිරවෙලා. මොකද කිසිම වචනයක අර්ථය පර්ෆෙක්ටිලි ඩිස්ක්‍රයිබ් කරන්න බැරි නිසා.

    ඔයා දන්නවනේ ජීවිතේ අනන්ත සිවි ගාණකින් වැහුණු ළූණු ගෙඩියක් වගේ කියලා.. එකක් කඩාගෙන එලියට ආවත් තවත් ගොඩක් තියෙනවා...

    නමුත් හාවාගෙ කෙඳි අග ඉඳන් ලෝකය දිහා බලන එක කෙඳි මුලට ගිහින් සිස්ටම් එක බදාගන්නවට වඩා නිදහස් :D

    ReplyDelete
  3. තනියෙන් ජීවත් වෙනව කිවුවට සමාජය අපි ඇතුලෙ ඉඳන් හිතනව. සමහර නීති රෙගුලාසි සහ සිරවීම් අපි නොදැනුවත්වම අපටම පණවගන්නෙ ඒ නිසා වෙන්නැති.අපේ පැවැත්ම හරි කොලිටි විදිහට ලෝකයට දනවන්න ඕනෙ නිසා ආශාවන් කැප කරන්න වෙනව.

    වෙරෝනිකාව සහ සොෆීව නැවත හමුවෙන්න නිර්දේශ කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. නිදහසක් නොලැබුණත් අඩුම තරමෙ නිදහස ගැන හීනයක් හරි දකින්න බැරියැ.

    ReplyDelete