Sunday, February 13, 2011

කරදියේ දින දෙකක්.



යන්තං සන්තං අසනීප වෙලා ඉන්න උනත් අදින් අවසන් වෙලා යන සතිය පටන් ගැනුනෙත් අවසාන උනෙත් හරිම අපූරු විදියට..

පහුගිය 5 වෙනිදා උණවටුනේ මුහුදු වෙරෙළත් අද ඒ කිව්වේ 13 වෙනිදා අපේ ‍ගමේ මුහුදු වෙරළෙත් හරිම අපූරු දවස් දෙකක් ගතකරන්න පුළුවන් උනා.. මගේ වර්ග දෙකක යාළුවෝ එක්ක.

මුලින් ඉතිං පස්වෙනිදා‍යින් පටන් ගන්නම්කෝ.. මීට මාස ගානකට කලින් යන්න හිටියත් මොකක්දෝ හේතුවගයක් නිසා යන්න බැරිවුනු අපේ උණවටුන ගමන කොහොමින් කොහොම හරි අපි එදාට යන්න යොදාගත්තා.. ඒත් ඉතිං පහුගිය සතිවල තිබ්බ කාළගුණේ නිසා ගමන කඩා‍කප්පල් වෙයිද.. ගියත් ෆන් එකක් ගන්න බැරි වෙයිද වගේ නොයෙක් බාධක ආවත් එදා උදේම අපේ කස්ටිය ගමන යන්න පිටත් උනා.. හැබැයි ඉතිං දරාගන්න බැරි විදියේ පොළු පාරවල් දෙක තුනක් කන්නත් සිද්ධ උනා අපේ යාළුවන්ට පිං සිද්ධ වෙන්න.. හැබැයි ඉතිං කොහොම හරි අපි ගියා..

අනේ ඉතිං දෙයියෝ මුණ බැළුවා වගේ.. ලස්සන කාළගුණයක් එක්ක හොද මුහුදක් තිබ්බ නිසා අපි ෆුල් ෆන් එකක් අරන් එදා හවස 7 විත‍ර වෙනකොට අපේ ගමන අවසන් කරා..! අපිට ජය වේවා..!! පොළු කාරයෝ භංග වේවා!!!

බංගවේවා කිව්වට මොකද උණවටුනේ ඩීසල් මිශ්‍ර ලුණු වතුර පෙවිලද මන්දා හරී.... සනීප විදියට අසනීප උනා... ‍මේ ලොකේ තියන එපාම කරපු ලෙඩේ වන හෙම්බිරිශ්ෂාවත් එක්ක..!! හයියෝහ්..!!! සුපුරුදු විදියට දොස්තර මාමාට මූණ පෙන්නලා පෙති ටික ඉල්ලන් ඇවිත් බීලා යන්තං වැඩේ ගොඩ දාගත්තා කියමුකෝ මෙන්න තව මූදූ ගමනක්!!!

2010 ජනවාරි 17 අපි කට්ටිය එකතු උනාට පස්සේ හරියටම අවුරුද්දක් ගියාට පස්සේ තමයි මගේ ස්කෝලේ යාළුවෝ සෙට් එකට මතක් උනේ අපි කාලෙකින් මුණගැහුනේ නෑ නේද කියන එක.. ඉතිං අපි තීරණය කලා නැවත හමුවක් සෙට් කරගන්න.. හොටෙල්.. රෙස්ටූරන්ට් පාර්ක්.. අරහේ මෙහේ හැමතැනම ගැන සලකා බලලා අන්තිමේ අපේ ගෙදරදි හමුවෙමු කියලා කට්ටිය තීන්දු කලා.. දැන් ඉතිං ඇත්තටමත් බලද්දි අපේ ගේ ලොජ් එකක් වගේනේ..! හික්! (ඒක කරපු උඹලට ස්තූතියි)

අවුරුද්දක් ඇතුලත මිනිස්සුන්ගේ ජිවිතයක් කොයි කොයි විදියට වෙනස් වෙන්න පුළුවන්ද? අපේ හෙලන් දැන් අම්මා කෙනෙක් වෙන්නයි ලෑස්තිය.. අනිත් අය නම් ඉතිං ලොකු වෙනසක් නෑ.. කොහොම හරි ඉතිං අපේ ගෙදර වෙරළට ලඟ නිසා එහෙත් යමු කියලයි අපි කතා උනේ.. ඉතිං අද කට්ටිය උදේම කට්ටිය අපේ ගෙදරට ගොඩ උනා.. පොඩි චැට් එකකට පස්සේ අපි ඉතිං වැල්ලේ යං කියලා පිටත් උනා.. හැබැයි කාගේ හිතේවත් රැල්ල පාඟනවා මිසක් නාන අදහසක් නම් තිබුනේ නෑ (මගේ හැර)

විශ්වාස කරන්න.. ‍මට මතක ඇති කාලෙක අපේ ගමේ වෙරළේ නාන්න සුදුසුම විදිහට මුහුද තිබ්බේ අද! ළඟට යනකොට නිකං නාපං නාපං කියලා රැල්ල කොඳුරනවා වගේ..! ඇඳුම් ගෙනාවේ නැති අයටත් නාන්න ඕන වෙලා.. ඉතිං ‍ඇඳුම් පැළදුම් හදාගෙන කට්ටිය නාන්න ගත්තා.. කවදාවත් නාන්නේ නැති අපේ ගඳයා පූර්ණි අදත් නෑවේ නෑ.. හෙලන් ඉතිං වැඩිය දඟලන්නේ කරන්න සුදුසු තත්වෙක නැති නිසා නෑවේ නෑ.. අනිත් අයට නම් ඉතිං ඉබ්බා දියේ දැම්මා වගේ.. දවල් 12.30 ඉදං නාලා ගොඩට ආවේ හවස 5.30ත් පහුවෙලා..! එන්න හදද්දි අනේ ටිකක් ඉන්න කියලා මූද අපිව ආයේ තියාගත්තා.. ඇත්තමයි.. ඉතිං අපි කෑමත් මූදටම ගෙනිහින් කෑවා..

කොයි තරම් ලස්සන දවසක්ද.. අද ඉරේ රැසුත් බාල වෙලා..! අතී‍තයේ වර්තමානේ අපේ මතකයන් එක්ක අපි හැමෝම ආයෙමත් පරණ බැඳීම් වල උණුසුම විඳගත්තා.. ආයේ හුඟකාලෙකට අපිට එකතු වෙන්න බැරි වෙයි.. එත් එතකං සමරන්න.. අපේ හිත් උණුසුම්ව තියාගන්න මේ අද ගෙවිලා ගිය මතකයන් ගොඩක් උදව් වේවි... !

හිතමිතුරු ස්භාවධර්මයට ස්තූතියි අද සොඳුරු දවසක් කරලා දුන්නට!

4 comments:

  1. හි හි... ඔය පැත්තෙ මාළු ලාබ වෙලා කියලා කව්ද කතා කරල කිව්වා... හොයල බැලුවම මාළු ටොන් දෙකක් විතර මුහුදට ගොඩගහල තිබුණලු..

    මොනව වුණත් යාළුවො සෙට් එක සෙට් වුණ එක හොඳයි... ආයෙ අවුරුද්දක් යනකල් ඔය කරදරේ නෑනේ....

    අර උණවටුනෙ ගිහිං කව්දෝ එක්කෙනෙක් ශිහාන්ගෙ සින්දුවක් කිව්වලු නේද :P

    ReplyDelete
  2. මමත් කවදා හරි මූදෙ නාන්න කියලා හිතන් ඉන්නවා :D

    එදා උණවටුනට ආකිමිඩිස් තියරිය තදින්ම බලපාපු නිසා බැරිඋනා.

    ReplyDelete
  3. අඩෝ මේක පට්ට අසාධාරණයි. මම නැතිව මුහුදේ නාන එවුන් එක්ක මම පට්ට තරහයි.

    ඒ උනාට මේ වගේ එකක් කියවද්දි මගෙ හිතේ හොඳම දුක එලියට පැන්නත් තව මාසයකින් දෙකකින් මමත් මුහුදේ විතරමයි.

    මොකද්ද මේ රවේන් කියන ආකිමිඩියස් තියරිය?
    හරේ කියන ශිහාන්ගේ සින්දුව? ඕවා පොඩ්ඩක් අපිව අප්ඩේට් කරා නම් හොඳ නැද්ද මම අහන්නේ.. සෙට් වීමෙ වත් ලියලා.
    ඊයේ අර ඇඹුල් තියල් හදනවා කිව්වේ. ඒවා ඔක්කොම ඉවරද? මම එනකනුත් තියාගත්තනම් කියලා වැඩක් නෑ.

    ReplyDelete
  4. මොනව උනත් නා ගත්ත එක නං හොඳ වැඩක්!

    ReplyDelete