Monday, November 22, 2010

හඳ පාන දැක

පෝදා සඳ
නිවී සැනසිල්ලේ
මිදුල පුරා රූ හැඩ මවන්නේ
හිත පුරා
රෑයම පුරා
තරු මල් කිණිති
පිණි දිය
ඉසින්නේ..

නිදි නෙතු ‍පුරා
සි‍හිනයක් මෙන්
නෙක සිතුවිලි
අවදිව සරන්නේ
රැයේ මනරම
මං විතරමද
මේ රැයේ
තනිවම විඳින්නේ..

කදෝපැණියකු..
රැහෙයියෙකු හෝ
කමක් නෑ ගොස්
සවනතට ඔබේ
මුමුණුවොත්
අනේ අවදිව
බලනු ලස්සන
සුරපුරක් මිහිමත තියෙන්නේ...

අනේ අවදිව
එන්න හිතවත
විඳිමු අපි මේ
සොඳුරු හැඟුමන්
එකම අහසක්
යටට වී..
...
..
.

22/11/2010
00:55 am

10 comments:

  1. නෝ කමන්ට්ස් නීඩඩ්. කියෙව්වත් ඇති. :)

    ReplyDelete
  2. කමෙන්ට් එකක් නොදා කොහොම යන්නද මේ වගේ ලස්සන නිරමාණයක් රස විදලා..

    මේ අහස යට
    බොහෝ දේ ඇත
    අප දැකපු
    නමුදු
    නොවිදපු...

    ReplyDelete
  3. සඳ එළියට පෙමින්
    පොඩි පිය තබ තබා
    තරු කැට මල් අහුරු
    පිණි දියරෙන් දොවා
    පොඩි කල විඳැත්තෙමි
    නිසසල රැයේ සුව

    තවමත් නොවෙනස් ව
    නිසසල නිසාකල
    රන් තැටියත් අරන්
    හිනැහෙයි සඳ මඬල
    ගිනි එළි හෙළි කරත්
    නොනිදයි තරු පොකුර

    අහස් වහලට යටින්
    තහඩු වහලක් ගහන්
    ජීවිතයම අපේ
    සිර කුටියක් කරන්
    අප වහලුන් ලෙසින්

    ReplyDelete
  4. මමත් හිටියනේ
    ඔය වෙලාවෙ ඇහැරිලා
    හඳ දිහා බලාගෙන නෙවෙයි
    ඒත්
    හඳක් වගේ ලස්සන
    නිලියක් රඟපාන
    චිත්තරපටියක් බල බලා

    හයියෝ...

    අපරාදේ...

    ඒ වුණත් මහ වැස්සත් එක්ක
    වලාකුළු පිරිලා
    හඳ කොහොමත් පේන්න නැතිව ඇති...
    අපේ ගෙදරට

    ReplyDelete
  5. හරීම සුන්දරයි!!!!!!

    ReplyDelete
  6. ඇත්තටම ලස්සනයි මලියෝ...
    :D

    එච් ගේ කමෙන්ට් එකත් නරක නෑ නේද?? >_<

    ReplyDelete
  7. කදෝ පැණියා කියන්නෙ කද බැදගෙන පැණි පෙරන එකෙක්ටද?

    ReplyDelete
  8. "අන්තර්ජන්ජාලයේ" අපේ කම පිරුනු සමාජ ජාලය. 100% ශ්‍රි ලාන්කික මිතුරු ජාලය. www.Teenlanka.net join to connect with sri lankan friends.

    ReplyDelete