Thursday, October 7, 2010

ජිවිතේ..

හුඟක් බරට
සමහර දේවල් දැනෙනකොට
හුඟක් සැහැල්ලුවට
සමහර දේවල් දැනෙනවා

ලියන්න ආස වෙනකොට
ලියන්න දේවල් නැතිවෙනවා
ලියන්න එපා වෙනකොට
ලියන්න දේවල් ගොඩක් එනවා..
මේ ටිකේ ලියන්න හරි ආසයි
ඒත් ලියන්න නැති තරම්
ඒත්
හුඟක් දේවල් හිතෙනවා
ඒවා වචන වෙන්නේ නැති තරම්
මේ ගෙවෙන්නේ
ඇබ්නෝමල් මයින්ඩ්ස්
වල අවසාන කාලයද මන්දා
ජිවිතේ හුඟක් සරළ
නිදහස් ප්‍රීතිමත්
කාලෙක පටන්ගත්ත දෙයක්
එක සැරේ අතඇරලා
දාන්නත් දුකයි
ඒත් කොයි වෙලේ හරි
ඩිලීට් බටන් එක
ක්ලික් උනොත්
කියන්න බෑ..
හි‍තට හිතෙන්නේ
නොහිතෙන්නේ
මොනාද කොයිවෙලේද කියලා
කලින් කියන්න බැහැනේ
ඒ නිසා
මේ වෙනකොට
ජිවිතේ මට හරි අරුමයක්
අමුතු ග්‍රහලෝකයකට
ගිය කෙනෙක් වගේ
මං ජිවිතේ අළුත් පැති හොය හොය
ඒවයේ ලස්සන.. අවලස්සන
බල බල විඳිනවා..
විදවනවා..

ඒත් ජිවිතේ සුන්දරයි

හැමෝම එහෙම කියනවා
ඉතිං මට විතරක් කොහොමද
අසුන්දර වෙන්නේ
ජිවිතේ සුන්දරයි
මටත් හිතෙනවා..
ඒත්..
සුන්දරතාව දැනෙන්නේ
අසුන්දර ‍කියන්නේ
මොකක්ද කියලා
දන්න කෙනෙකුට විතරයි
නැත්තං අරුමයක් නෑ
ජිවිතේ උනාත්
මොනා උනත්
වෙනසක් නැතිව
එක තැන පල් උනොත්

මොනා ලියනවාද කියලා
නොතේරෙනකොට
පිස්සුද කියලා
හිතෙනවා උනාට
පිස්සුවත් හරි සුන්දරයි
කවදා හරි ආයේ
බලන වෙලාවට...

නදීක එන්න අපි දෙන්නා
හයියෙන් කෑ ගහමු..

මට පිස්සු වෙරෝනිකා.....!!!!

මට පිස්සු!

9 comments:

  1. කවි ලියවෙන්න අරන්
    ඒ පාර ආයෙමත්
    එක දිගට ලියනවා වගෙයි :D

    ඒත් මකන්න එපා
    ජීවිතේ කොටසක් කරන්
    ආදරෙන් බලාගත්තු බ්ලොග

    ජීවිතේ යම් දවසක
    දකින්නට විඳින්නට
    කිසි දෙයක් නැතිව
    හිස් වුණ වෙලාවක
    උදව් වෙයි මේක
    ආයෙත් හිනාවෙන්න
    මතක් කරගන්න
    ජීවිතයක් තිබුණ අතීතය

    බ්ලොග තියෙන නිසා නම්
    ලියන්නේ ඔබ
    ලියන්න එපා....
    ඒත් ලියන්න දෙයක් තියේ නම්
    නොලියා ඉන්නත් එපා

    එහෙම ලියන්න තියෙද්දි
    ලඟට ගන්න
    මුකුත් නැති වෙලාවක
    බ්ලොග අමතක කර ඉන්න

    වෙරෝනිකා
    තමන්ට පිස්සු බව දන්නා නිසා
    දැන් ඈට පිස්සු නෑ...

    ReplyDelete
  2. අපි මොන තරම් නම් දේවල් ආදරෙන් ලං කරගන්නවද? ඒත් කාලයක් යද්දි අපිටම ඒ දේවල් එපා වෙනවා. ඒත් සමහර දේවල් මොන තරම් එපා උනත් අපේ ජීවිත එක්ක බැඳිලාම තියෙනවා. මට හිතෙන්නේ ඔයාගේ බ්ලොග් එක ඒ වගේ ඔයාගේ ජීවිතේ එක්ක එකටම ඉන්න එකක්...
    අනික අපි ගොඩාක් අය බොහෝ දුරට මෙහෙම එකතුවෙන්නේ මේ බ්ලොග් එක හරහාමයි. ඒක හින්දා මේක තියෙන්නම ඕනේ දෙයක්... අපි කවදාහරි වයසට ගියාම මේ දේවල් අපි අද දකින විදියට වඩා බොහොම වෙනස් විදියට පෙනෙයි... ඒ දවස එනකම් මේක තියා ගමු නේද?

    ReplyDelete
  3. හිතල ලියන්න මොකුත් බෑ. හිතෙන්නම ඕනි. හැම දෙයක්ම ස්වභාවිකව එන්න ඕනි. එතකොට ලස්සනයි.

    ReplyDelete
  4. සම්පූර්ණ ඇත්ත... හැබයි ලියන එක නවත්තන්න එපා.... අපි කියවන්නේ මොනාද එතකොට.... මටත් ලියන්න බැරිවෙනකොට මම කියවනවා... හිඃ.. හිඃ...

    ReplyDelete
  5. අපි හිතන දේම
    අපිට හිතෙනවාද?......
    අපි අහන දේම
    අපිට ඇහෙනවාද?......
    අපි දකින දේම
    අපිට පේනවාද?........
    අපිට තේරෙන දේ....
    අපි දන්නවාද?.......

    ReplyDelete
  6. අළුත් පැති හොය හොය
    ඒවයේ ලස්සන.. අවලස්සන
    බල බල යනකොට
    හිටි ගමන් දකීවි
    අතීතය
    අනාගතයටත් ඔබ්බෙන්
    ආයිත් මතු වන

    දවසක් ඒවි
    පරණ හුරුපුරුදු
    මතක සුවඳක්
    හිතේ කොණක මතුවන

    තියා ගන්න මේ බ්ලොග
    එදා වෙනකල්

    ඔහේ දුවන්නට හිත හිතුවක්කාරයි
    එනමුත් නංගී ලෝකය ගෝලාකාරයි

    ReplyDelete
  7. කලෙකදි රහලු, කලෙකදි වහලු කියන තියරිය මේකටත් අදාල වෙනවද මන්දා..

    මොකක් උනත් උඹ මේ ලිවිල්ල නතර කරන්නේ නෑ ඕං.. හරිය???
    :D

    ReplyDelete
  8. මේක බලන්නේ නේ හත් වෙනි පාරට ඒත් ලියන්න කිසිදෙයක් ලියැවෙන්නේ නැහැ මලී..! ඔලුවට දෙයක් ආවම මම කෝල් එකක් වත් දීලා කියන්නම්.

    ReplyDelete
  9. මට් ඉතින් කවි බෑනේ මලීයො රස වින්දා

    ReplyDelete