Thursday, September 16, 2010

සර්ප රාත්‍රීය


පෙර එක් ඊයේ නම් දිනෙක රාත්‍රීයේ අප නිවස නම් ස්ථානයේ මිතුරෙකු වෙනුවෙන් පැවති සමුගැනීමේ සාදයෙක් අනතුරුව එක්තරා මම නම් දැරිවියක විසින් යි අස්පස් කටයුතු කෙලවර කිරීමෙන් අනතුරුව මුළුතැන් ගෙය අමදිමින් සිටින කල්හී සර්පයෙකුව දකින ලදි..!

"අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ.."යැයි කටට එන නෑදෑ කම් කියා මේ දැරිවිය උදව් ඉල්ලීමෙන් පලක් නොවූවද අවසයේ පැමිණි මිතුරු තෙමෙට දුක කියා.. අන්න අතනට මුල්ලට සර්පයෙක් ඇදු‍නා යැයි පැවසීය...!

ඒ මොහොතේ නැවත පාදුර්භූත වූ සර්පතෙම ක්ෂණයකින් පෝරණුව මතට නැගීගිය සේක...! අවසානයේ පැමිණි අම්මා කෝ කෝ යැයි සර්පයා සොයන විට.. "බය වෙන්න දෙයක් නෑ ඇන්ටි ඌ පොඩි සතෙක් යැයි තෙපලු මිතුරු තෙම.. දැන් මොකෝ කරන්නේ" යැයි.. දැරියගෙන් විමසන ලදී..

බලු පැටවු.. පුසූ පැටව්.. අලි පැටවු.. කුරුළු පැටව්.. හා සිංහ කොටි ආදී සතුන් කෙරෙහි මහා කරුණාව පහල වුවද කිසි ‍දිනෙක සර්පයින්.. මදුරුවන්.. මැක්කන් කෙරෙහි දුකක් පහළ නොවන මේ දැරිවියගේ සිතට ආවේ ‍"වෙන මොනා කරන්නද මරලා දාමු.." යන්න පමණමය...!

මේ මහා සර්ප සටන සදහා රතු කට්ට පැන නිදි ‍තුරුලට වැද සිටි පියාණෝ සහබාගී කරවා ගැනීම ඟං දියට ඉණි කැපීමක් මෙන් යැයි පෙණුනු අතර.. අපිම වැඩේ ගොඩදාමුයි පවසමින්.. මිතුරාද දැරියද සර්ප සටනට පිවිසියහ...!

මිතුරා අතර වේවැලක් මෙන් කෝටුවකි..! දැරිය අත ටෝච්චුවකි.. සටනට ගැලපෙන ආයුධයක් ගැනීමට මිතුරා පෙලබෙන පාටක් ද නැත...! දැන් සතා මරන්නේ කෝටුවෙන් ගසාලාදැයි ඇසූ කල්හී.. මිතුරා විසින්..."දැන් මං ‍මූව මරන්න ඕනෑදැයි.." ඇසුවේය.. තොට බැරි නම් පැත්තකට වෙයන් යැයි පැවසූ දැරිය විසින් පොරෝ කෙටේරියක් අතට ගන්නා ලදි...!

මේ උඹ පැත්තකට වෙයන් යැයි පැවසූ මිතුරුතෙම.. අවසානයේ පොරණුව මත වූ වළං.. ලිප් ආදිය සෙමෙන් ඉවත් කරමින් සිටින විට මෝටින් ක්ෂ්‍ණික කැරපොත්තන් නාෂකය ගෙන ආ මව් තෙම මේක ස්ප්‍රේ කරන්න ඌ මත් වේ යැයි පැවසුවද.. දැරියවද මිතුරාවද මෝල් කරමින් මෝර්ටින් සැර වැදී ආවේස වූ සර්ප තෙම පෝරණුවෙන් බිමට බැස කබඩයක් මුල්ලට රිංගා ගත්සේක...! වැඩේ මළසේක වූයේ ඉක්බිතිය...!

"‍යකෝ ඒ තිත් පොළගෙක් කෑවොත් බඩුම තමයි "පැවසූ මිතුරු තෙම සියළු ශක්තීන් එකතු‍ කොට අවසාන වශයෙන් පුරුශ ධෛර්ය උපදවා.. සරුපයා මැරීමට සූදානම් විය.. කෝකටත් කියා ප්ලාස්ටික් පුටු දෙකක් මතට නැගි මිතුරා හා දැරිවිය කබඩය පෙරලා සතා මැරීමට ප්ලෑන් A සඳහා පිඹුරු පත් සකස් කර අවසන් වූ විට.. එතකොට ප්ලෑන් B එක කුමක් දැයි මිතුරා විමසීය.. ඒක එතකොට යැයි පැවසූ දැරිය අතින් ගත් සවලකින්
යුක්තව පුටුව මත නැගී සටනට එලබීයේය..!

අහෝ..!! ලත් තැනම ලොප් කරමින් ප්ලෑන් ඒ අසර්ථක වූ අතර සර්ප තෙම තවත් මුල්ලකට ඇදී ගියේය.. මේ අතර පැමිණි පියණෝ.. කෝ කෝ යැයි කියමින් සර්පයා උන් මුල්ලට යෑමට සැරසෙන අතර සරුපයා දැක දැක සවල් පහරක් එල්ල කිරීමට අත දිග මදි යැයි කෑ ගසන දැරිවිය.. අනිත් අතින් පියාව වලකාලමින් සිටින අතර පුටුවෙන් ඇදවැටී පයක් සිඳ ගැනීමෙන් බේරුනේ අනූනවයෙන්ය..! ඔය අතර සිහි එළවා ගත් මිතුරු තෙම මෝල් ගසක් හා තවත් මොකක්දෝ පටියක් මෙන් ලීයක් ගෙන.. පොරක ‍මෙන් සර්පයා කෙලවරක් කොට දැමුයේ.. සර්ප කතා වස්තුව එයින් නිමාවට පත් කරවමිනි...!

එයින් පසු ජායාරූප කිහිපයකට ලක් වූ පරලෝකප්‍රාප්ත සර්පතෙම ආදාහණය කල අතර.. සර්ප සටනේ මහමොළ කරු වූ මිතුරු තෙම අඩු සීනි ‍ප්ලේන්ටියක් බී වැය වූ ශක්තිය නැවත ලබා ගත්තේය..!

සර්ප සටන් ජවනිකාව එයින් අවසන් වන නමුත් එදිනම රාත්‍රියේ දිට්ඨ ධර්මවේදනීය කර්මයට අනූව සර්පඝාතක මිතුරු තෙම ඇතුළු සෙසු පිරිසට විදුලිය ඇණහිටීම නිසා රාත්‍රී පුරා උණුසුමින් පීඩා විදිමින් මදුරු භක්ෂණයට ලක්වෙමින් අසීරු රැයක් පහන් කරලීමට සිදුවිය..!

---------
මොනවා උනත් සත්තු අපේ ගෙවල්තුලට පැමිණීම වැරදිය
එසේ පැමිණෙන සතුන් මැරීම හරිය
මක්නිසාද යත් "විෂඝෝර ස්ර්පයා දැක නෑර මෝඩයා"
යැයි පැරණි කවියෝද කියන හෙයිනි..

අනිත් අතින් අපිත් වැරදිය
ඒ උන්ගේ වාස්ථාන අසල අපි ගෙවල් හැදීමය
එසේ ‍කර උන් දුටු තැන මරා දමන අප ද
වැරදි කරුවන්ය..

නමුත්

කරන්නට දෙයක් නැත..
ෆිටස්ට් සවයිව් යනුවෙන් තියරියක් ඇත
එක්කෝ උන් සිටිය යුතුය
නැත්තං අප සිටිය යුතුය
අපි දෙගොල්ලෝම සිටින්නට නම්
අප එකිනෙකා ඇස නොගැටී සිටිය යුතුය..

ඇස ගැටිනි.. ඒනිසා මරා දැමුවෙමු.




මෙය කුහක ස්වයං වින්දනයක් නොව.. ‍හුදෙක් බ්ලොග් සටහනක් පමණී

19 comments:

  1. pawww....nayaa.... parana wijaya paththareka thibba "ane nai haami, honda nayi hami wage apita karadara nokara yanna" kiyala kiwwahama yanawai kiyala. test karala balanna sarpayek nathuwa ididdi meya apu sarpayath marala daala. aparade chance eka :P

    parani kiviyo sarpaya kiwwe keles walatalu. the fittest survives wenne animal world ekelu.

    anyway, athi yanthan oyin gihilla beruna. thawa chutten blog1 liyanna kenek nathi wenawa :D

    ReplyDelete
  2. නයෙක් නෙමෙයි ඌ තිත් පොලඟෙක්.. තිත්පොලඟාණෝ.. ගල් බී මත්ව නොසිටියේ නම් තිත්පොලඟානෝ තාමත් පණපිටින්ය...

    ReplyDelete
  3. වැඩේ හරි වැරැද්ද කෙසේවත් ලියලා තියෙන ශෛලිය පන්කාදුයි.

    ReplyDelete
  4. හ්ම්ම් ඒක නං එහෙම තමා :(

    ReplyDelete
  5. හොඳම දේ තමයි ඔය කෑලෑ පැති වල ගෙවල් හදන් නැති එක.
    හැබැයි සත්තු මැරීමටනම් මම කිසි සේත් එකඟ වෙන්නෙ නෑ. සර්පයා උනත් සතා. පවු අහින්සක සර්ප පැටියා

    ReplyDelete
  6. ත්‍රාසය තියනවා.
    කුතුහලය තියනවා.
    කතාවේ රසය තියනවා.
    සර්පයා පව් කියල හිතෙනවා.

    සර්ප පැටිය පව් ඒත් ඉතින් ඌ කෑවනම් මලී පැටියත් පව් තමා.

    ReplyDelete
  7. පට්ට පෝස්ට් එකක් නේ..
    සුපිරි..!!

    පොරක් වගේ එක්කෙනෙක්ද ඌව මැරුවේ? මට මේක කියවද්දි ඌ මෝල්ගහෙන් ගහලා නයා මරණවා මැවිලා පෙනුනා.
    එළ..!

    ReplyDelete
  8. ලස්සනට ලියලා... අන්තරගතය ගැන කියනවනම් මම උනත් කොරන්නේ ඕක තමා. අපි උන්ගෙ ගෙවල් කඩල ගෙවල් හදල උන්ම මරනවා. සුද්දො කොලෙත් ඕකමනේ.

    ReplyDelete
  9. ලස්සනට ලියලා... අන්තරගතය ගැන කියනවනම් මම උනත් කොරන්නේ ඕක තමා. අපි උන්ගෙ ගෙවල් කඩල ගෙවල් හදල උන්ම මරනවා. සුද්දො කොලෙත් ඕකමනේ.

    ReplyDelete
  10. අර අන්තිමට තියෙන වාක්‍ය දෙකත් පොරගෙන් උපුටාගත්තු ඒවද?

    මට නං කියන්න දෙයක් නෑ.... මෙතන ඉඳන් "ඕක වැරදියි... සතා පව්... එලියට යන්න දෙන්න තිබ්බනේ..." වගේ එක එක කතා මට කියන්න පුළුවන් වුණාට සිද්ධියට මුහුණ දෙන වෙලාවෙ දැණුන දේ අනුව කරපු දේ ගැන හරියට දෙයක් කියන්න බෑ. මමත් කරන්නෙ ඕකම වෙන්න පුළුවන්...

    ReplyDelete
  11. okkoma hari, eth meka thith polaga nam nemei..

    ReplyDelete
  12. පව්ව්ව්... අහිංසක සරුප පැටියා....

    ReplyDelete
  13. තමුන්ගේ මිතුරු තෙමේ දියවැඩියාව නොහොත් මධුමේහය නම්වූ පොෂ් පැලැන්තියේ රෝගයකින් පෙලෙන බැව් "අඩු සීනී ප්ලේන්ටිය" බිවූ සැටියෙන් පැහැදිලි වෙයි ;-)

    උදෑසනම පිබිදුනු ‍පියානන්දෑ අකර්මණ්‍ය වු මුළුතැන්ගෙය දැක විස්සෝප වූවාදැයි නොදනිමි. සිදුවී ඇති සියල්ල මනාකොට පහදා දුන්නේද?

    ReplyDelete
  14. පව් අප්පා නයි පැටියා :( කව්ද අනේ හිතක් පපුවක් නැතුව ඔය නයාව මැරුවේ හැබැටම? ලියල තියෙන විදිය හරිම ලස්සනයි :D

    ReplyDelete
  15. පොළඟානෝගේ අවසාන තත්පර කිහිපය මෙසේ නිමාවූ සේක..!
    පොළඟාගේ පැටියා පොළොං පැටියා වන අතර ලක්ෂ්මන් අංකල්ගේ පැටියා ලක්පැටියා නොව තඩිමලියා වූ නිසා පොළොංපැටියාගේ වැලිගම්පිටි යාම මෙසේ වන්නට ඇතැයි හඟිමි.
    අවසානයේ චකබ්ලාස් වූ පොළොඟානෝට නිවන් සුව පතන අතරම, පොළොං මාරක චක්‍රවර්ති මලියාට සුභ අනාගතයක් පතමි.

    ReplyDelete
  16. කට්ටිය දැන් පව් වව්..ගැවට අපේ අම්මව හරි මාව හරි ගෙදර කාව හරි කැවා නම් පව කැලේ යයි..!
    චුට්ටා කිව්වා වගේ කියන්න තිබ්බා ඌ නයෙක් උනා නම්..පයන්න තිබ්බේ නැති හින්දා ඌ සිංහල සතෙක් වෙන්න බෑ

    ගල් නෙවෙයි...ඇල් වතුර බීලා හිටියත් පොළගාණොට වෙන්නේ සේම් ෆේට් එක තමයි බංස්..!

    ස්තූතියි ගීත්.. ඒත් සමහරු නම් කිව්වේ දුර්වල ශෛලයක් කියලයි..

    සප්නා.. කෝකද කොහොමද?

    පැටියා...? පැටව්ව දැකලා නැති අයට වෙන්න ඇති ඌ පැටියෙක් වෙන්නේ..!

    අන්න ජී‍විතේට නම් කතාව හරියට තේරුනා

    තැන්ක්ස් මචී

    අපිත් ඉතිං සුද්දෝ වගේ වෙන්න යන මිනිස්සුනේ..!

    නෑ.. ඒක මගේ එකක්..සදාචාරසම්පන්න සමා‍ජයෙන් එල්ල වන විවේචන මැඩලන්නයි එහෙම ලිව්වේ.. අවුල් වගේද?

    මෙ@යු එහෙනම් මොකාද? මට නම් ඔක්කොම සර්පයෝ තමා..!

    ජිව්..ඉව්...!

    අනේමන්දා...! ඌට නම් අමුතුම මොලේ අමාරුවක් වගේ එකක් නම් තියනවා.. හික් හික්..පහදා දුනිමි...!

    නයා නෙවෙයි ටකරමියේ ඒ පොළගලු.. හැබැයි පොලගෙක් නෙමෙයි කියලත් කියන්නේ.. අනේ ඉතිං කවුරු දන්නවද..!

    ReplyDelete
  17. ඔතන ඉතින් මම හිටියා නම්...
    මම නම් සත්තු මරන්නේ නෑ ඒ මේ ශාන්ත කමට නෙමෙයි. මම උන්ට භය නිසා. ඔය වෙලේ මම ඔතන හිටියා නම් මම ගේත් අත හැරලා යයි. දන්න කියන කාලේ ඉඳන් මම කූඹියන්ටත් බයයි. ඒත් මම පොරක් කියලා සමහරු නම් කියන්නේ...

    ReplyDelete
  18. කොටින්ම කිව්වොත් ඔය මිනිසා උසස් ජීවියෙක් නිසා ඌ පව් කරන් නෑ කියන එක මට නම් පිළිගන්න බෑ. ඇත්තටම අපි සමානයි නේ. මිනිස්සුත් සත්තු ම තමයි. මේ ලෝකේ අපි ඔක්කොම ඉන්න ඕනෑ. දෙගොල්ල ම ඇටෑක් කරන්නේ ආත්මාරක්ෂාවටයි. මලී කරපු වැඩේට වගේ ම මලී ව කෑවා නම් සර්පයා කරපු වැඩේට ත් කාටවත් වරදක් කියන්න බෑ.

    මං වරද දකින්නේ මිනිසුන්ගේ දෙකයි පණහේ අවශ්‍යතා වෙනුවෙන් මුළු සත්ව ප්‍රජාවක් ම වනසන අවස්ථා වලට පමණයි.

    දැන් බලන්න සත්ව හමින් හැදූ ප්‍රොඩක්ට්ස් තවමත් හරි ජනප්‍රියයි [ජෙනුයින් ලෙදර් කිව්ව ම කවුද අකමැති]. ඒත් ඒවට මරණ සත්තු ගැන [චීනේ එහෙම] දවල් රෑ නැතුව කම්පා වෙනවා, ලේ පෙරා ගත්ත ඊ මේල් එවනවා.

    මං නම් වැරදිලා මිසක් සත්ව හම් නිෂ්පාදන ගන්නේ නෑ. රෙක්සින් ඒවා ඉරෙනවා උනත් තෝරලා ඒවා ම ගන්නවා. කට්ටිය ම එහෙම කළොත් හරි නේ.

    පොඩි බණක් කිව්වේ. ඒ තුළින් මලීගේ සත්ව ඝාතනයත් සාධාරණ වුණා කියලා හිතනවා. සියළු පවින් වැළකීමට වඩා environmental cost එක අඩුවෙන් ජීවත් වෙන්න කියලයි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  19. අම්මෝ ඒ ගෑණු ළමයා නම් මරු සර්පයෙක්ටවත් බය නෑ.

    ReplyDelete