Tuesday, September 14, 2010

අහස දිහාවට...

එක දවසක් අහස දිහාවට ඇහැ ඇරියම රෑක
තරු කැට එක එක කඩා වැටෙනවා අහුලන්නද කෝම
අහස තරහදෝ මං එක්කන් කියන්නෙ මං කාට
පුංචිම කාලේ දැක්කට පස්සේ දැක්කෙත් අද අහස

ලොවම ඔබේ යට මං වාගෙම හිනාවෙන්න අහස
ඔබව අපට දුර නොවන වගට තව ළං වෙන්නකෝ අහස

ලාල ලාල ලා ලාල ලාල ලා ලාල ලාල ලාල ////

එක දවසක් අහස දිහාවට ඇහැ ඇරියම රෑක
තරු කැට එක එක කඩා වැටෙනවා අහුලන්නද කෝම
අහස තරහදෝ මං එක්කන් කියන්නෙ මං කාට
පුංචිම කාලේ දැක්කට පස්සේ දැක්කෙත් අද අහස

ඔබේ වියන යට ඔබේ හෙවණ යට හැරයන්නද කාව
තරහ අවසරයි අපේ අහස යට අපි අපිමයි තාම...

ලාල ලාල ලා ලාල ලාල ලා ලාල ලාල ලාල ////

මේක මේ මං ලිව්ව එකක් නම් නෙවෙයි.. Skitzo ලාගේ මං ලඟදි අහන්න ලැබුනු සිංදුවක්.. මේක අහන හැම වෙලාවකම මං විඳින හැඟීම තව ටික දෙනෙක් අතර හරි බෙදා ගන්න හිතුන හින්දයි මේ විදියට ලියලා තියන්න හිතුවේ.. මේ සිංදුවත් එක්කම‍ මේ දවස් වල මං කියවන සුනේත්‍රා ගේ මතක පොතේ "අතීතකාමය හා ළමයා" කියන පරිච්ජේදයත් හරි ලස්සනට ගැලපෙනවා.. මේ දෙකේම තියෙන්නේ පොඩි කාලේ අපියි දැන් අපියි අතර වෙනස..

ඇත්ත පොඩි කාලේ අපියි දැන් අපියි කියන දේ අතර ඇගපත උස්මහත් වෙච්ච ගතිය ඇරෙන්න වෙන වෙනසක් නෑ කියලා අපි අපි ගැනම හිතයි.. නමුත් ඒක එහෙම නෙවෙයි.. පොඩි කාලේ අපි දේවල් දැක්ක විදියයි.. දැන් දකින විදියයි ‍හරි වෙනස්.. සමහර වෙලාවට ඉස්සර දැක්ක දේවල් අපි දැන් දකින්නේවත් දැක්කත් බලන්නෙත් නැති තත්වෙට පත්වෙලා.. හරියට අහස වගේ.. පුංචි කාලේ අපිට අහස කියන්නේ කොයි තරම් හීන ගෙනාපු තැනක්ද? වළාකුළු,ඉර,හඳ,තරු ඔය හැම දෙයක් අස්සේම අපි වෙන වෙනම හදාගත්ත කතන්දර තිබුනා නේද? ඉස්සර මං හිතුවෙම දිව්‍යලොකේ තියෙන්නේ තරු අස්සේ කියලා.. ඒත් පස්සේ කාලෙකදි ඒවා නිකම්ම නිකං ග්‍රහලෝක ග්‍රහක වෙලා ගියා.. එතනින් එහාට අර පුංචි දවස් වල දුන්නු වටිනාකම ඒ විදියට‍ම ඒවට ‍දෙන්න හිතෙන්නෙත් නැද්ද මන්දා.. ඒත් මං කොහොම හිතුවත් තරු තාමත් ඒ විදියමයි.. වෙනස තියෙන්නේ මං දැකින විදියෙයි.. ඒත් හිතලා බලනකොට හිතෙනවා දැන් දකිනවිදියට වඩා පොඩිකාලේ ඒවා දැක්ක විදිය හොදයි නේද කියලත්..!

සුනේත්‍රා ‍‍එයාගේ පොතේ කියනවා එයා‍ පොඩි කාලේ හිටි ගෙදරක තිබුන ලොකු පඩිය දැන් දැක්කම හරිම පොඩියට පේන හැටි.. එතකොට හොදම හොදයි කියලා ඒ කාලේ හිතපු මාමා කෙනෙක් දැන් සාමාන්‍ය කෙනෙක් විදියට පේන හැටි.. ඒ වගේ දේවල් කියනවා නම් කොයි තරම් නම් අපිට තියනවද? මට මතකයි අපේ ගේ හදන දවස් වල මං අපේ තාත්තට කිව්වා ගෙදර ස්විච් ‍ඔක්කොම පහලින් අල්ලන්න එතකොට මට ඒවා ඔන් කරන්න ලේසියි නැත්තං මට උස මදිනේ කියලා.. දැන් නම් ඒවා මතක් වෙද්දි හිනාත් යනවා.. ඒත් ඉස්සර එහෙමයි..

ඉස්සර.. ඉස්සර.. ඉස්සර..ඉස්සර.. ඉස්සර.. ඉස්සර..ඉස්සර.. ඉස්සර.. ඉස්සර.. ඉස්සර.. ඉස්සර.. ඉස්සර..ඉස්සර.. ඉස්සර.. ඉස්සර.. ඉස්සර.. ඉස්සර.. ඉස්සර..ඉස්සර.. ඉස්සර.. ඉස්සර..ඉස්සර.. ඉස්සර.. ඉස්සර..
කියනවා නම් ඉස්සර කතා කොයි තරම් තියනවාද නේද? ඔය අපේ මිස්ට කතන්දරලා එහෙම කියන්නෙම ඉස්සර කතන්දරනේ.. ඇයි ‍ඒ? දැනට වඩා ඉස්සර හොද හින්දද නැත්තං දැන් කාලේ කතන්දර ලියන්න දේවල් සිද්ද වෙන්නේ නැද්ද? එහෙම නෙවෙයි නේද? දැන් සිද්ද වෙන දේවලට වඩා ඉස්සර දේවල් වලට ඇන්ටික් වැලිව් එකක් තියනවානේ.. හික් හික්.. අනික තව අවුරුදු පහක් හයක් ගියාම දැන් දේවලුත් ‍බ්ලොග් වලට එයි ඉස්සර කතන්දරයක් කියලා.. එහෙම තමයි ජිවිතේ හැටි.. නොදකින අනාගතේට වඩා අත්විදින වර්තමානෙට වඩා අපි අත්විදිපු අතීතෙට ආසයි.. සිද්ද වුනේ මොකක්ද කියලා අපි හරියටම දන්න නිසා.. හරියට අපේ බලු පැටියට අසනීප වෙන වෙලාවට දෙන්න ගෙනා‍පු අසමෝදගම් බෝතලේ දැන් එයාට වඩා ලෙඩ නැතත් රසට ආස නිසා මං කටේ හලාගන්නවා වගේ තමයි.. ඇත්තටම ‍බඩේ අමාරුවක් නැතත් පොඩිකාලේ බිව්ව අසමෝදගම් රහට ආස නිසා ඒ රස ජිවිතේට ආස නිසා ආයෙත් බොනවා වගේ..

කොහොම උනත් අන්තිමේ කොහොම හරි ඉතිරි වෙන්නේ මේ අහස යට අපිමයි..හිතට එකගව ජිවත් වුනත් නැතත් අපි අපිමයි..! මේ හැම වගකීම්.. බැදීම් හැම දේ‍කින්ම මොහොතක් නිදහස් වෙලා මේ සිංදුවට විනාඩි 4ක් වෙන් කරලා ඇස් දෙක පියාගෙන අහලා බලන්න..මෙච්චර වෙලා හරි ගැලපිල්ලක් මුලක් මැදක් අගක් නැතුව මං මේ කිව්වේ මොනා ගැනද කියලා තේරෙයි සමහරවිට... හරියට පොඩි කාලේ කතාවක් කියනවා වගේ....



11 comments:

  1. A philosopher once asked, "Are we human because we gaze at the stars, or do we gaze at them because we are human?" Pointless, really... "Do the stars gaze back?" Now *that's* a question...(Stardust)

    ReplyDelete
  2. අදමයි ඇහුවෙ !! ම්ම්ම් ඔව් ඉතින් ඒත් අතීතය කියන්නෙත් සාපේක්ෂ දෙයක්. තම තමුන් ලෝකය දකින දකින විදිහට සහ දකින්න කැමති විදිහට තමයි අතීතයේ රස හෝ නීරස..

    ReplyDelete
  3. @Shadow/හේමලයා
    Mostly I think stars shine. Hehe that's what they do the best :)And as Yvaine said if they do gaze back, human love would be the only thing that would make it gazing back bearable.

    @මලී
    සින්දුවේ පද රචනයට ආස හිතුනට සින්දුවක් හැටියට නම් මට අල්ලලා ගියේ නෑ ... හැබැයි ඔයාගේ වචන ඇමිණුමට කවදත් මම කැමතියි :D
    හේතුව දන්නේ නෑ හැබැයි ගොඩක් අය කියන්නේ අතීතය වර්තමානයට වඩා සුන්දරයි කියල. ඔය අපේ අම්මල ගෙන් අහල බැලුවත් කියන්නේ දැන් වගේ නෙවෙයි ඒ කාලේ කියලනේ.

    ReplyDelete
  4. අද තමයි මාත් ඇහුවේ..... ඔයා ඒ ගැන ලියල තියෙන විදිහ ඇත්තටම ලස්සනයි....

    කාලයක් ලියන්නෙ නැතිව ඉදල දැන් ආයෙත් පුරුදු පරිදි ලියන්න ගත්ත එකට ස්තූතියි මලී ඔයාට...

    ReplyDelete
  5. ඒ කාලේ කොරපුවාගෙන් සීයෙන් පංගුවක්වත් දැන් කරන්නේ නෑ තමා. දැන්කාලේ අපි මහ ලොකුවට පිම්බිලා හිටිය‍ට, ඒ කාලේ වගේ නෙමේ මේ කාලේ... අපිට අපිවත් නෑ වගේ අන්තීමේදී... සයින් නොකර බාර ගත්තා නිකංම නිකං වගකීම් කන්දත් ඔලුවේ තියාගෙන උජාරුවට ඉන්නවා. ඒත් එහෙම කියලත් බෑ. අද දවසේ විදිහට ජීවත් වෙන්නත් එපැයි...

    ReplyDelete
  6. නොදකින අනාගතේට වඩා අත්විදින වර්තමානෙට වඩා අපි අත්විදිපු අතීතෙට ආසයි
    මේක තමා මාත් දන්න ඇත්ත. පුංචි කාලේ තාත්තා අපිව එක්කගෙන රට යන්න හදනවා කියලා ආරංචි උනාම මං කඩදාසි බෑග් එකතු කරා. ප්ලේන් එකේ යද්දි වලාකුළු එකතු කරන්න. දැන් මතක් වෙද්දි හිනාත් යනවා දුකත් හිතෙනවා. මට නම් අතීතය තමා හොඳ කවදත්.

    ReplyDelete
  7. මට නම් සිකිට්සෝ කියන්නෙ ලංකාවෙ රොක් මියුසික් කරන ටොපේ ටොප් කට්ටියක්. එයාල මොනව කලත් ඒකෙ ගන්න දෙයක් තියෙන බව මේ වෙනකල් කරල තියෙන නිර්මාණ වලින් පැහැදිලියි.

    මේ සින්දුවෙ දැණෙන්න තියෙන අවුල තමයි ගායනයේ ශ්‍රැතිය ටිකක් එහාට මෙහාට වෙලා තියෙන එක. ඒ වුණාට ඒකෙන් සින්දුවට පොඩි ළමා ගතියක් ඇවිල්ල තියෙන නිසා ඒ ශ්‍රැතියට නොකියන එකත් ස්කිට්සෝලගෙ "වැඩක්" ද කියල හිතෙනවා...

    අතීතයට ආස එකනම් ඉතිං නොවෙනස් වෙන තත්ත්වයක් නේද? උදාවෙන අනාගතය අපි ලබාගන්න වර්තමාන තෘප්තීන් සීමා කරනවද? ඒ නිසා අනාගතේදි අද මේ ගෙවන වර්තමානය වඩා තෘප්තිමත් කියල අපටත් දැණෙයිද?

    ReplyDelete
  8. කොහොමත් මලී ඉස්සර අපි ආසාවෙන් බලාපු එව්වා දිහා දැන් බලන්නේ කලාතුරකින් වගේ නෙව.., ඒ අපේ වැරැද්දක් නෙවී..! මේ සමාජය අපිව පුරුදු පුහුණු කරන්නේ ඒ විදියට..! අපේ ලොකු අය ඒ දවස් වල කරපු කියාපු එව්වා ඇහුවම තමා අපිට හිතෙන්නේ අපිට ජීවිතේ මොනතරම් මගහැරිලා ද කියලා. ඒත් අපි ඒ අතහැරීයාම ට පුරුදු වෙලාද මංදා..!
    සිංදුවේ අවුල තියෙන්නේ ගායකයාගේ ශ්‍රැතියේ තියෙන එහා මෙහා වීම විතරයි.., ඒ ඇරෙන්න මටනං සිංදුව සුපිරි..!

    ReplyDelete
  9. සින්දුව කලින් අසා තිබුණි. මගේ ෆෝන් එකටත් දාගෙනා තියෙන්නෙ කොටින්ම. මම නම් කැමතියි ගීතයට.

    කිව්වත් වගේ කවදත් හොඳ අතීතය මට නම්.
    :)

    ReplyDelete
  10. අතීතය හරිම රසවත් තමයි. මේ මොහොත අතීතයත් අනාගතයත් දෙකම නිර්මාණය කරනවානෙ. අපි මේ පහු කරන මොහොතට අනාගතේදියි වටිනාකම ලැබෙන්නෙ. ඒකත් පුදුමාකාරයි තමයි. ඒ හින්දම මේ මොහොත කොයිතරම් වටිනවද.
    ලියන්න හිතිල තියන දේ නියමයි.
    ලියපු හැඩයත් මිතුරුයි.

    ReplyDelete
  11. අතිතය මම නම් කියන්නේ අතීතය කියන එක අපිට ලඟ අතීතය අපි ලඟ තියෙන නිසා වර්තමානයේ මොකද වෙන්නෙ අනාගතයේ මොනවා වෙයිද කියන්න අපි දන්නේ නෑ.. හැබැයි ඒ වුනාට අතීතයේ මොකද වුනේ කියලා නම් අපි හොඳාකාරවම දන්නවා.. මම හිතන්නේ ඒක තමා අතීතය අපිට මෙච්චර ලඟ..

    ReplyDelete