Tuesday, August 17, 2010

ආදරේ ඉගැන්වූ සොදුරු හිතැත්තී

මීට ගොඩ කාලෙකට කලින් අපේ ගෙදරට අමුත්තියක් ආවා.. ආවා කිව්වට ආවම නෙවෙයි තාත්තයි මමයි ගිහින් එක්කරගෙන ආවා.. ම‍ම මයි ඔඩොක්කුවේ තියාගෙන අරගෙන ආවේ.. බයිසිකල් වල ගිහින් ‍පුරුදු නැති කමටද මන්දා ගෙදරට එන්න කලින් ම‍ගේ ඇඳුමෙත් වමනෙ දාගෙනයි එයා ආවේ.. ‍ගෙට ගොඩ උණෙත් හවස් ජාමෙක.. ආව දවසේ තරහට වගේ නොකා නොබී ඉන්න හැදුවට ලයිට් නිවලා අපි නිදා ගන්න හදද්දි පුරුදුකාරියක් වගේ අම්මාගේ පස්සෙන් ගිහින් ඇඳ යටට රිංගලා නිදා ගත්තේ අද ඉදන් හැමදාම මගේ තැන මෙතන කියලා එයාටම තේරිලා වගේ... එදා ඉදන් අවුරුදු 9ක් පුරාවටම එයා නිදා ගත්තේ එතන..ඒ කියන්නේ අම්මයි තාත්තායි නිදා ගන්න ඇද පාමුල.

ලියාපදිංචි නම සැන්ඩ්‍රා උණාට ‍හැමෝම එයාට ආදරේට කිව්වේ පැටී කියලා.. එයා තමයි ආදරේ ගැන හොදම පාඩම් ටික මට කියලා දුන්නේ..! හැබැයි ඒ කිසිම දෙයක් වචන වලින් නෙවෙයි ඉගැන්නුවේ... බැල්මෙන්.. ඇල්මෙන්..!!!

පැටී කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි අපේ ගෙදර බලු මැණික.. එහෙම කතා කරන්නේ අපේ අම්මා.. හේතුව පැටී වැඩියෙන්ම ලං උණේ අම්මට හින්දා.. මොකද දවල් වරුවම පැටී එක්ක ගත කළේ අම්මා නිසයි.. අම්මා ගෙදර වැඩ කරන අතරතුර ගෙදර මුර රස්සාව කළේ පැටී..! අපි කවුරුවත් නැති වෙලාවට අම්මා කතා කළේ පැටී එක්ක.. වචන වලින් කතා නොකලට කවුරු හරි එයා එක්ක කතා කරනවා නම් ඒකට ගැලපෙන විදියට ප්‍රතිචාර දක්වන්න පැටී හොදට දන්නවා. හැබැයි දවල්ට අම්මා එක්ක උණාට තාත්තා ගෙදර ආවම තාත්තා ගැන අපිට ව‍ඩා බලන්නේ පැටී. ඒ නිසයි තාත්තා එයාට බලු දූ කිව්වේ.. තාත්තාගෙම දූ වෙච්ච මට හැම වෙලේම තාත්තා එක්ක ඉන්න වෙලාව ‍හොයා ගන්න බැරි උණාට පැටී ළග ඕනාවටත් වඩා ඒකට වෙලාව තිබුණා..

අම්මයි තාත්තාටයි පැටී කොච්චර ආදරේ කළත් පැටී ගෙන් මට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් පිළිගැනීමක්.. ඒකියන්නේ මම හිටියේ ගෙදර බල්ලාටත් වඩා අන්ත තත්වෙක.. මොකද බලූව නාවන කවන පොවන.. විටමින් බෙහෙත් වර්ග පොවන සියලුම බලු රාජකාරී පැවරිලා තිබුණේ මට හින්දා පැටී උණත් මාව සැලකුවේ එයාගේ වැඩ කාරයා හැටියට.. ඒකයි ඇගේ මැක්කෙක් දෙන්නෙක් එල්ලුනාම කාටත් කලින් මාව හොයන් ඇවිත් මගේ ඇඳට ගොඩ වෙන්නේ..!

මේ මං කිව්ව පැටී ගැන මට ‍කියන්න අනන්තවත් දේවල් තියනවා.. මේ වෙලාවේ හිතට එන හැමදේම ලියන්න ගියොත් මට වෙනම බ්ලොග් එකක් පටන් ගන්න වෙනවා එයා සම්බන්ධ වෙච්ච දේවල් ලියන්න...! ඒ තරම් එයා එයාගේ හුරතල් ඇට්ටර වැඩ වලින් අපේ ජිවිත පුරවලයි තියෙන්නේ..

පැටී හැමදාම හැදුණේ අපේ ගේ ඇතුළේ.. ඉතිං රෑට එයාට එළියට පහළියට යන්න ඕනි උණොත් එයා ඇහැර වන්නේ අපේ තාත්තව.. තාත්තා නැගිට්ටේ නැත්තං අම්මාව.. ඒ දෙන්නම ගෙදර නැත්තං පාන්දරට මම නැගිටිනකං කොහොම හරි ඉවසන් ඉන්න තරං පැටී මං ගැන කාරුණික උණා... ඒත් මීට ටික දවසකට කලින් රෑ 11 ට විතර අපි නිදාගන්න ගියා.. සාමාන්‍යයෙන් මං නිදාගන්නේ ගෙදරින් එළියේ තියෙන මගේ කාමරේ උණත් එදා වෙන හේතුවක් නිසා මම මගේ පරණ කාමරෙයි නිදාගත්තේ.. නිදාගන්න ගියත් මට වැඩි නිදිමතක් ආවේ නෑ.. ඒත් මම ලයිට් ‍ඕෆ් කරලයි තිබුණේ.. මට ඇහුණා අනිත් කාමරෙන් පැටී තාත්තව නැගිට්ටවන්න කරන සද්දේ.. ඒත් තාත්තට නින්ද ගිහිලයි තිබුණේ.. අම්මටත් ඇහැරුණේ නෑ.. පැටී මගේ ළගට ආවා.. මම එයා එළියට එක්ක ගියා.. එයත් ගිහින් ආවා.. මේ විදියට දෙතුන් වතාවක් පැයක් විතර ඇතුළත සිද්ධ උණා.. අම්මත් නැගිට්ටා.. පැටී මොකක් හරි අසනීපෙකින් කියන දේ මට තේරුණා.. කලින් වතාවෙදි ‍එයාට ගෙනත් තිබුණු බෙහෙත් ටිකක් මම එයාට දුන්නා.. ඒත් එක වර්ගයක් ඉවර වෙලයි තිබුණේ.. මම වතුර දුන්නා.. එයා වතුරත් බිව්වා.. බීලා එයයි මමයි අම්මයි තුන් දෙනාම පාන්දර 3 වෙනකම් සාලේ වාඩි වෙලා හිටියා.. ඒ මුළු වෙලාවම එයා අම්මාගෙයි මගෙයි මූණු වලින් ඇස් අයින් කළේ නෑ... මගේ හිතට පොඩී සැක සංකාවක් ආවේ නැතුවමත් නෙවෙයි.. ! ඒත් ඒ පාන්දර ‍පැටීට බෙහෙත් ගේන්න යන්න තැනක් ඇත්තෙත් නෑ.. පහුවදා තාත්තට වැඩ දවසක් නිසා තාත්තාත් නිදි.. ඔය විදියට ඉදලා පාන්දර 3.30ට විතර අම්මයි මමයි නිදාගන්න ගියා.. පැටී අම්මා එක්ක කාමරේට ගියා.. 4ට විතර පැටී ඇවිත් ආයේ මාව ඇහැරුවා. මං එයාට කිව්වා අපි උදේට බෙහෙත් ගන්න යමු පැටී දැන් ගිහින් නිදා ගන්න කියලා.. අනේ එයා ගියා.

----------------------------------------

පහුවදා පාන්දර 5.45ට විතර තාත්තා මාව නැගිට්ටුවා..ඒ පැටීට බෙහෙත් ගේන්න යන්න.. ඉන්න මම මූණ හොදන් එන්නම් කියලා මම වොෂ් රූම් එකට ගියා.. ගිහින් එළියට එනකොට මට ඇහුණා අම්මා පැටීට අඩගහන හඩ.. මමත් ඒ දිහාවට ගියා.. පැටී පේන්න නෑ.. බලන්න බබා පැටී එහා වත්තට ගියා ආවේ නෑ.. පොඩ්ඩක් ගිහින් බලන්න කියලා අම්මා කිව්වා.. සාමාන්‍යයෙන් පැටී යන්නේ ඒ වත්තේ පිටි පස්සට විතරයි.. ඒ යන්නේත් බල්ලෝ පූසෝ වගේ සත්තු එලවගෙන.. (එයා හිතන් හිටියේ අපේ ඉඩමයි ඒ ඉඩමයි දෙකම එයාගේ කියලා..) මමත් වැටෙන් රිංගලා අල්ලපු වත්තට ගියා.. පිටිපස්සේ... ම්හු.. කෙල්ල නෑ.. ඒ ‍වත්තේ තියන අක්කලගේ ගේ පිටිපස්සෙන් ඉස්සරහට යනකොට යාන්තමට ඉර එළිය වැටිලා තිබ්බ මිදුලට වෙලා පැටී නිදි.. ඒත් ඒ ඇස් දෙක ඇරිලා.. ආපහු හැරුණු මට පෙනුණේ අම්මා කුස්සියේ දොර ළග ඉදන් මං දිහා බලාගෙන පැටී ඉන්නවාද අහනවා විතරයි..! අනේ අම්මේ පැටී නැතිවෙලා..!!!!

එච්චරයි මට කියාගන්න පුළුවන් උණේ..

මීට හරියටම මාසෙකට කලින් ඒ කියන්නේ හරියටම ජූලී 17 වෙනිදා උදේ පාන්දර අපි හැමෝටම හොරෙන් අපේ රත්තරං පැටී අපෙන් වෙන් වෙලා ගියේ එහෙමයි... කම්මැලි වෙලාවට ‍බොරුවට රණ්ඩු වෙන්න.. සීතල වෙලාවට කකුල් දෙක අද්දර ඇදේ කෙළවරට වෙලා නිදා ගන්න.. බඩගිනි වෙලාවට එක බිස්කට එක දෙකට කඩාගෙන කන්න.. ගෙදර ඉන්න මීයෝ කැරපොත්තෝ මරන්න.. අපි ගෙදරින් යන වෙලාවට දොර ළගට ඇවිත් ඔළුව අතගාව ගන්නත් ආයේ ගෙදර එන වෙලාවට පෙරමගට ඇවිත් අපිව පිළිගන්නවත් අපේ ආඩම්බරකාර පැටී ආයේ එන්නේ නෑ..!!!

මගේ රත්තරනේ.. ආයේ ඉපදීමක් තියනවා නම් කොහේ ඉපදුණත් ආයේ මං ලගටම වරෙන්..! තව කී දාහක් බල්ලෝ අපේ ගෙදර හැදුණත් උඹේ තැන ගන්න ඒ කාටවත් බෑ..! ඇත්තමයි.!


13 comments:

  1. ආදරේ කරන අය ඈත්වෙනවා....දුක ඇතිවෙනවා...ඒකනම් ඉතින් නවතින්නේ නෑ....:(...අවුරුදු 9 කියන්නේ සුනඛ වර්ෂ වලින් සැහෙන කාලයක්....

    ReplyDelete
  2. මං දැන් පැයකට කලින් හචිකෝ කියන බල්ලෙකුගේ ෆිල්ම් එකක් බලලා ඉවර කරා විතරයි.. ඇවිත් රීඩර් එක බලද්දි ඔයාගේ මේ පෝස්ට් එක දැක්කා. ඔයාගේ පැටීගේ කතාවට ටිකක් සමාන දුක්බර කතාවක් ඒකත්.
    පැටී නැවතත් ඔයාලා අතරම ඉපදේවා කියලා ප්‍රාර්තනා කරනවා..

    ReplyDelete
  3. ඇත්තම කිව්වොත් මම මලීගෙ ගෙදරදි තරම් බල්ලෙක්ට සැලකිලි දැක්වීමක් ලංකාවෙ වෙන කොහෙදිවත් දැකල තිබුණෙ නෑ... අපේ ගෙදරත් දන්න කාලෙ ඉඳන් බල්ලො හිටියත් එයාලට අපි දක්වපු ආදරේ සීමාවක් තිබුණා. ගෙදර ඇඳවල් උඩ පුටු උඩ හිතූමතේ ඉන්න අපේ ගෙවල්වල ඉඩක් තිබුණෙ නෑ.

    ඒ නිසාම පැටී මලීගෙ ගෙදර ජීවත් වුණ විධිය ගැන මට මුලින් දැණුනෙ පුදුමයක්... ඒත් ටික වෙලාවක් මලීගෙ ගෙදර උදවිය එක්ක ගැවසෙද්දියි මට තේරුණේ පැටී කියන්නෙ මම දන්න බලු කැටගරියට දාන්න බැරි කෙනෙක් විත්තිය. ටික දවසකින් මමත් අපේ යාළුවො හැමෝමත් එක්ක ගෙදර සාමාජිකයෙක් වගේ පැටී කුලුපග වුණේ නිකංම නෙවෙයි... පැටීට දැණුන ආදරේ එයා අනිත් පැත්තටත් ඒ වගේම ප්‍රකාශ කලා... පැටීට අසීමාන්තිකව ආදරය ලැබුණා... ඒකයි පැටී පැටී වෙලා හිටියේ...

    පැටී ගැන අපේ බින්දු මල්ලි ලියපු ලියවිල්ල මෙතනින්...

    http://setweem.blogspot.com/2010/07/blog-post_17.html

    ReplyDelete
  4. බල්ලෙක් නැති උනාම දැනෙන දුක, ඒකනම් කියල වැඩක් නෑ, එපාවෙනව

    ReplyDelete
  5. :-( ඇත්ත අවුරුදු නමයක් කියන්නේ බල්ලෙක්ට සෑහෙන කාලයක්. එයා සංතෝසෙන් හිටපු නිසයි එච්චඑ කල් ජීවත් වෙන්න ඇත්තේ...

    ReplyDelete
  6. බල්ලෙක් නැති වෙනවා කියන එක නම් හරිම දුකක්. හුඟක්ම කිට්ටුවෙන් ඉන්න හුරතලෙක් නේ.. පවුලෙ කෙනෙක් වගේ. ඔය අත්දැකීම 2 පාරක් අත් දැක්ක...

    ReplyDelete
  7. බෙදාගන්න තරම් ලොකු දෙයක් නැතිවුනත් ඒ දවස් ටිකට පැටී කියන්නේ කවුද කියලා මට ලක්ෂ්මන් අංකල් කියපු කතා වලින් කියලා තිබුනා. පැටී කියන්නේ ඇත්තටම ලක්ෂ්මන් අංකල්ගෙයි සුනී ඇන්ට්ගෙයි දෙවනි දුවම තමා.. ඒක ආයි ඒ වගේ අළුතින් ගෙදර ආවා කියල වෙනස් වෙන එකක් නෑ.. උදේ වල කපනකොට මට පොඩි පහේ අවුලක් තිබුනත් ඒක ඒ ගෙදර හිටපු තුන්දෙනා එක්ක සංසන්දනය කරන එක විකාර වැඩක්.. හවස දුක බෙදාගන්න පැටී දන්න කියන වෙනස් ගනයක සත්ත්වයින් වුන තුෂාර අයියා සනී මාමා ගංගා ආවෙත් පැටී ඒ හැමෝම එක්ක බෙදාගත්තු දේවල්වලට වෙන්න ඇති.. උඹ මේක ලියන්නේ කවදාද කියලා මම බලන් හිටියේ.. මොකද මේක උඹ තරම් හොඳට ලියන්න දන්න එකෙක් මේ ලෝකෙ ඉන්න විදිහක් නෑ.... සිරා...

    ReplyDelete
  8. අපේ ගෙදරත් ඔය විදියම තමා තිබුනේ....... එයා මැරුණ දවසේ කවුරුවත්ම කාත් එක්කවත් කතා කලේ නැහැ. එයත් අවුරුදු 7ක් අපි එක්ක හිටිය. දුකට සැපට. ඔයාලගේ ගෙදර වගේම අපෙත් බල්ල කියල වෙනසක් තිබුන්නැහැ. අපේ බාලය විදියට තමා හිටියේ......... මේක දැක්කම මට එයාව මතක් උනා.......

    මටත් දුකයි පැටී ගැන.......... එයා ආපහු ඔයාල අතරෙම ඉපදෙයි අක්කියෝ.............

    ReplyDelete
  9. පෝස්ට් එක දැක්කෙ අද නේ. මේකේ ෆීඩ් එක මට ඇවිත් නැහැ නෙව. :O
    රංගි අක්කාගේ බ්ලොග් එකේ ලින්ක් එක ඔස්සේ තමයි මම ආවේ මේ පැත්තට.
    පැටී ගැන නම් හරිම අපූරු මතකයන් කීපයක් තියෙනවා අපේ සෙට් එකටම. මම නම මෙයාට පණ බයයි, මෙයාට විතරාක් නෙමෙයි මම කොයි බලු රාජයාටත් බයයි නේ. උඹේ දුක නම් මට තේරෙනවා. හැබැයි එයාට සළකන්න අපුලුවන් ඉහළින්ම සැළකුව නිසා දුක් වෙන්න එපා. එයා නැවතත් ඔයාලා අතරම ඉපදේවා.
    හිතට වදින්න ලියලා තියෙනවා පෝස්ට් එකත්.

    අලුත් පැටීව නම් තාම බලන්න එන්න ලැබුනේ නැහැ නෙව මට.

    ReplyDelete
  10. ලස්සනට ලියලා තියනවා. බලූ පැටී හොද තැනකට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  11. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete
  12. Godak Blog wala thiyana mala elaw kiyawala hamadama rathu katta panna ganna mama ada palaweni wathawata oyage blog ekata set una. ada ofc eke wada adui. mage rassawath liyana eka nisa ude idan net eke ahuwena magulak kiyawanawa. lesiyen kadulak ahata enne nathi mama meka kiyawala kadulu nathara karaganna maara try ekak denawa. mage langa balu puthala 2nekui eka duwekui innawa. ape gedara ayage saha mage pana wenne eyala.. ape langa awrudu 11 hitapu ape timi nathi wela dan godak kal unath gewena hama dawasakama mama eyawa mathak karanawa. e bandeema katawath therum karanna beri tharam sankeernai... ayeth ballo hadanne na kiyala hithuwath maha paare ahamben set wena balu pataw mama gedara usssan enawa.oyage balu duwage pic eka dakala mata godak adare hithuna..e wagema godak dukai. minissu wenuwen sanwedi wenne nathi mage hitha saththu wenuwen godak sanwedi.

    ReplyDelete