Sunday, March 7, 2010

කාලෙකට පස්සේ බහුබූත ටිකක්

ඉතිං ආයුබෝවන් කිව්වා හැමෝටම කාලෙකට පස්සේ... ගෙදර උන්නට නෙට් ආවට.. බ්ලොග් ලිව්වේ නැහැනේ කාලෙකින්.. අනේ මන්දා.. ජිවිතේ ඒකාකාරී වෙලාද නැත්තං ලියන්න හිතෙන දේවල් හිතලා විතරක් නිකං ඉන්න හින්දද මන්දා ලියන්න කියවන්න තියෙන්නේ මේ දවස් වල පුදුම කම්මැලි කමක්.. ඇබ්නෝමල් මයින්ඩ්ස් පටන් ගත්තට පස්සේ මොකුත් වැඩිම කාලෙකින් මොකුත් නොලියා හිටිය වකවානුව තමයි මේ ගෙවී ගෙවී යන්නේ.. ඇයි මන්දා මේ තරම් ලියන්න කම්මැලි හිතෙන්නේ.. ලියනවා කියන එක නිකං මරණවා වගේ වෙලා අප්පා.. හැබැයි මෙහෙම තව ටික දවසක් ගියොත් සිංහල යතුරු පුවරුව නම් අමතක වෙලා යනවා ෂුවර්.. ඒ නිසයි මේ ඕපදූප ටිකවත් ඔහේ ලියලා දාන්නේ.. අඩුම ගානේ මගේ සෝ කෝල්ඩ් ෆෑන්ස් :පී ලා ටිකවත් මං මැරිලා නැතුව ඉන්නවා කියලා දැන ගනීනේ.. :ඩී

ඉතිං දැන් මේ දවස් වල අපේ සිරි ලංකාව ගැන ගත්තම අපිට කතා කරන්න දේශපාලනේ ඇරෙන්න වෙන මොකුත් ම නැහැනේ.. ඇත්තම කියනවා නම් මං ගැන ගත්තම මගේ ජිවිතේටම මම කථා කරන්න අකමැතිම මාතෘකාව තමයි ඒක.. මට නම් හිතෙන්නේ ඉන්න උනුත් එකයි.. යන උනුත් එකයි යන්න ඉන්න උනුත් එකයි කියලයි.. එක අතකට මේ තරම් ඡන්ද වලට වියදම් කරන්නේ අපරාදේ.. අපි රාජාණ්ඩු ක්‍රමේකට ගියා නම් හරි අප්පා.. මොකෝ රජයි රැජිනයි යුවරජාලයි පුරෝහිතයි ඇමති සෙට් එකයි සේරම එකම පවුලක් තියනවානේ.. අනිත් උන් මොනාට නැහෙනවද? ඔන්න ඉතිං විපක්ෂෙට තමයි එතකොට පව් වැඩේ වෙන්නේ.. අපිට පුළුවන් රටේ විවාහ මරණ රෙජිස්ටාර් පට්ටං ටික එයාලට දෙන්න.. මොකෝ පක්ෂ එක්ක සෙට් වෙන්න ඩිවෝස් වෙන්න ඒ ගොල්ලන්ට පුදුම ට්‍රේනින් එකක්නේ තියෙන්නේ.. අද ඕනා කියනවා.. හෙට ‍එපා කියනවා.. අනේ මන්දා අප්පා..! අසුරු සැනින් එක මොහොතදී විශ්වය නැවතී යළි ඇරඹී අළුත් සිස්ටම් එකක් ආවොත් ඇරෙන්න මේ යන විදි වෙනස් කරන්න බැරි වෙයි.. වෙනස් උනත් ඉතිං ආයේ පටන් ගන්නේ අපේම උන් නිසා ඉතිං වෙනසක් වෙන එකක්.. නෑ.. පාට විතරක් වෙනස් වෙයි.. ඒ හින්දා ඒවා ගැන කතා කරලා වැඩක් නෑ!!!!!!! >:-(

රටට පසු මං ගැන කතා කරනවා නම්.. මම මේ දවස් වල සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වෙලා... ඇත්තම කියනවා නම් මේක අමුතු විදියේ ලෙඩක්.. ඒ කියන්නේ හෙම්බා කිව්වට දැන් දවස් ගානක් තිස්සේ පළවෙනි අදියරේ තියෙන්නේ එතනින් එහාට යන්නෙම නෑ.. ඒ කියන්නේ නාහේ ඇතුලේ දූවිලි ගිහින් වගේ.. හරියට හෙම්බා හැදිලා නෑ.. හැබැයි හෙම්බා.. !අද ඉතිං කූල් බිව්වා නෑවා ෆෑන් එක යටටම ගිහින් හිටගෙන හිටියා ඒ වුනාට තාම වැඩේ දරුණුම උනේ නෑ.. මට ඕනත් දරුණු කරගන්න.. ඒ කිව්වේ නිව්මෝනියාව නෙවෙයි.. ඊට ටිකක් අඩුවෙන්.. මොකෝ කිව්වට ඇස්වහක් කටවහක් නෑ මට දැන් අවුරුද්දකින් ‍විතර හෙම්බා හැදුනේ නෑ.. ඉතිං මොළේ ඇතුලේ තියන හෙම්බා නිසා පොඩ්ඩ එහා මෙ‍හා වෙන්න බෑ ඔළුව රිදෙන්න ගන්නවා.. ඉතිං ඔළුව හිස් කරගන්න ඕනි.. අනේ දන්න කෙනෙක් කියන්න මං කොහොමද රෝග තත්වය වැඩි කරගන්නේ කියලා.. පිං සිද්ධ වෙනවා...

එතකොට දැන් මගේ ෆෑන්ස් ලට
:පී සැහෙන්න ප්‍රශ්ණයක් වෙලා ඇති මේ ටිකේ මං මොනාද කලේ කියලා නේ? ඒ කියන්නේ අළුත් නිව්ස් මං කරන වැඩ ගැන.. :පී ඇත්තම කියනවා නම් මං මේ ටිකේ මුළු දවසම වගේ ගත කලේ ‍මගේ සිංගර් පංතියේ.. මං දැන් ඇඳුම් මහන්නත් ඉගන ගන්නවා.. මතක ඇතිනේ එම්බ්‍රොයිඩර් මහන්න ගිහිං කරගත්ත හරිය ෂුවර් එකටම ඇඳුම් මැහිල්ල නතර වෙන්නේ ඇඟිල්ලක් දෙකට වෙන් කරගෙන තමා.. ලොල්ස්...!! ඒ අස්සේ මට හොඳ ෆිල්ම් සෙට් එකක්ම ලැබුනා ඒ ටික බැලුවා.. ඒ අතරින් 3 idiots තමා හොදම එක.. My Name is Khan නම් තාම ලැබුනේ නෑ.. බයිස්කෝප් අයියලාගේ පිහිට තමා ඒකට නම්.. ඊට අමතරව මගේ Barn Buddy Farm එකේ තමා ජිවිතය ගෙවිලා ගියේ.. දැන් මට තව එකම එක කොටුවයි ගන්න ඉතිරි අනිත් සේරම අරගත්තා.. මට හොරකං කරගන්න වගා කරපු හැමෝටම ඒකට බොහෝම පිං..! :ඩී

අනේ ඒක නෙවෙයි මට හරි පව් වැඩේ වෙලා තියෙන්නේ.. මේ මොබයිල් එකක් හින්දා.. කට්ටියක් හෝ ගලා බනිනවා කෝල් කරාම ආන්සර් කරන්නේ නෑ කියලා.. තව කට්ටියක් බනිනවා වැරදිලාවත් රිංග් කට් එකක් වත් දෙන්නේ නෑ කියලා.. හනේ මං මොකෝ කරන්නේ අල්ලලා ගහන්නද මොබයිල් එක පොළවේ..?තව වැඩිපුර එකක් තිබ්බා නම් අම්මපා ඒක තමා කරන්නේ.!!!!!!
ගර්ර්ර්ර්ර්!

ඉතිං දැනට විකාර කියෙව්වා ඇති.. හැමදාම වගේ මේක ලියන මටවත් කියවපු ඔයාලට වත් මේකෙන් ඇති වැඩක් නෑ.. යන්න යන්න ගිහිං වැඩක් පලක් කරගන්න.. අපි නැවත හමුවෙමු..

ආව එකේ මේ දෙකත් බලලම යන්න.. පහුගිය ටිකේ ලයිබ්රි ‍එකෙන් ගෙනාව පොතකින් බලාගෙන මැහුවේ මේ දෙක.


17 comments:

  1. තාත්තගෙ නම වෙන්නැති.. නෙද මලි.

    ReplyDelete
  2. මම ඒත් හිතුවා මොකද මලියා සද්දබද්ද නැත්තේ කියලා..! ඒත් මම හිතුවේ දැං මේ වෙනකොට හෙම්බා හොඳ ඇති කියලා. අනේ ලියන්නේ නැතුව ඉන්න එපා මලී. උඹලා වගේ එවුන් නැතුව මුලු බ්ලොග් අබ්බරේ ම පාලු වෙලා. ;)
    සෙට්වෙමු වෙලාවක...!

    පරිස්සමින් හිටු ගර්ර්ර්ර්ර්....!

    ReplyDelete
  3. ඊට අමතරව මගේ Barn Buddy Farm එකේ තමා ජිවිතය ගෙවිලා ගියේ.. දැන් මට තව එකම එක කොටුවයි ගන්න ඉතිරි අනිත් සේරම අරගත්තා.. මට හොරකං කරගන්න වගා කරපු හැමෝටම ඒකට බොහෝම පිං..! :ඩී

    අහා එහෙනම් හොරා මේ ඉන්නේ ඔයාට හොරකම් කරන්න වගා කරපු අය අතරින් ඉදිරියෙන්ම් ඉන්නේ මම වෙන්න ඇති මොකද මේ ටිකේ වෙන වැඩක් හන්දා ඔය පැත්තේ හරියට ආවේ නෑ නොවැ :D :(


    වෙලාවට මේ ලිපිය ලීවෙ මම හැදුවේ මලී සුදු වෑන් එකකින් උස්සලා කියලා පෝස්ට් එකක් දාන්න අම්මපා මේ කියන්නේ සහතික ඇත්ත:P


    ආ අරවැඩේට උපදෙසක් මෙන්න රෑට හොන්දට නාලා අයිස් එකක් කාලා ෆෑන් එක දාගෙන කොන්ඩෙ බැදන් නිදා ගන්න එතකොට අපට ඔහේ ැවිත් තාත්ත මචන් එක්ක සෙට් වෙලා දවස් 7 ක නිදි මරලා ගෙදරගියහැකි:P

    මෙන්න තව එකක් ඔයාගේ බ්ලොග් එක මේකටත් දාන්න http://blog.inetlanka.com/

    ReplyDelete
  4. mahum deka nam ela kiri maliyooo . .. uba hari dassi neda??? ela ela

    ReplyDelete
  5. ඔය කියන ලෙඩේට, මෙහේ නං පස්-වගේ, වෙනිවැල්ගැට පත්පාඩගං කියලා ජාතියක් තියනවා. ඔහෙත් තියේද දන්නෙ නෑ ඒවා?
    පත අට, එකට හින්දලා බිව්වා නං, හෙම්බට බඩුම තමා.

    ReplyDelete
  6. අහා...
    ලස්සනයි කියලා මගේ රැජිණ කිව්වා ඔන්න.
    එයත් මේ දවස් වල මැහුම් ගෙතුම් කොරනවා....
    මම කිවා ඔයාගෙන් අහන්න කියලා...
    ඔයා දස්සයනේ....

    /බිඟුවා...!

    ReplyDelete
  7. මලී නංගි කැමති නම් චූටි ජොබ් එකක් තියෙනවා සෙට් කරන්නද? මෙ දවස්වල අපේ බිගු සහෝදරයාට උයන පිහන වැඩයි,මැහුම් ගෙතුම් වැඩයි ගොඩ ගැහිලා.පව් දුකේ බෑ.
    කැමතිනම් අර මැහුම් ගෙතුම් වැඩ ටිකවත් කරලා දෙන්න සෙට් කරලා දෙන්නම්.

    ReplyDelete
  8. හෙම්බිරිස්සාවට නස්නයක් දාගනින්. ඉහ මොල හේදිලා යනවා. අනික ඉතින් ඔළුව රිදෙනවා කියන එක ආඩම්බර වෙන්න ඕනි කාරනයක්නෙ.. මොකද එතකොට තමා තේරෙන්නෙ අපිට ඔළුවක් තියෙනවා කියන එක.

    ReplyDelete
  9. ෂා...........මලීට මහන්නත් පුලුවන්නේ ?
    මාත් කම්මැලි හිතුනම කරන දෙයක් තමා ඕක..( ගැණු කොහොමත් මහන්න කැමතියි නෙ )

    ReplyDelete
  10. කාලෙකින් post එකක් ලියල තියෙන්නෙ..

    ඔය anonymous comment එක අයින් කලොත් හොදා නේද?

    ReplyDelete
  11. කාලෙකට පස්සෙත් ඇවිත් කමෙන්‍ට් කරපු හැමෝටම ස්තූතියි.. වෙන වෙනම කමෙන්ට් කරන්න තරම් ඔළුව කෙලින් කරන් ඉන්න බෑ..පස්සේ එන්නම්.

    ReplyDelete
  12. kawda LAKY?
    දෙවනි මැහුම නං මරු.
    ඔන්න අහිතක් උනත් කමක් නෑ කියලා හිතේ තියෙන දේවල් ඉෂ්ඨ වෙන්න කියලා පැතුවා.

    ReplyDelete
  13. හොඳයි හොඳයි දැන් ගෑණු ළමයා මැහුම් පංතිත් යනව නෙ : ඇත්තටම ඔයාගෙ මැහුම් දෙක ලස්සනයි නංගි බබෝ. දෙවෙනි එකට තමයි මං ගොඩක් කැමති. ලකි කියන්නෙ තාත්තගෙ නම වෙන්නැති නේද...

    ReplyDelete
  14. nice to see you again. No time to write anymore dear.

    ReplyDelete
  15. එත් මන් බැලුව සද්දයක් නෙති නිසා මොකද කියල... මෙය මෙ කම්මලි වෙලානෙ... ඔහොම බෙ ගෑනු ලමය්

    අහ් මෙ ඔකට කූල් බීල නාල හරියන්නෙ නෙ බන්.. බෙහෙත් ටිකක් අරන් පරිසම් වෙන්න....

    ReplyDelete
  16. මැහුම් නම් හරි ලස්සනයි... :)

    ReplyDelete