Friday, October 16, 2009

සැප්තැම්බර් පොත්

මාතෘකාවෙන් හැමදේම කියවෙනවානේ.. මේකේ තියෙන්නේ මම සැප්තැම්බර් මාසේ ගත්තු පොත් ටික. දුකා අයියා කියලා තිබ්බා නේ ලිස්ට් එකක් දෙන්න කියලා.. ඒ වෙනුවෙන් තමයි මේක ලියන්නේ. හැබැයි ඉතිං මේවා ‍ගැන මම දැනගත්තෙත් මේ ජංජාලේ තියන බ්ලොග්/ වෙබ් අඩවි වලින් තමයි. මගේ මරණය, බූන්දි, අවකාශේ,වචන ටැක්සි හා තවත් එක එක තැන් වලදි දැක්ක පොත් ලියලා තියාගෙන හිටිය ලිස්ට් එක උදව්වෙන් තමයි පොත් ටික ගත්තේ. ඒ අතර මට හිතිලා ගත්ත පොතුත් තියනවා ඉතිං.
මේ පොත් අරගත්තට පස්සේ අම්මා නම් කිව්වේ ඊළග අවුරුද්දේ සැප්තැම්බර් වෙනකං පොත් ගන්න ඕනි වෙන එකක් නැහැ නේ කියලයි. හැබැයි ඉතිං මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්ම පොත් වලින් සෑහෙන්න කියවලා ඉවර වෙමින් පවතින්නේ. මොනා කරන්නද ඉතිං පොත් ‍එහෙමනේ..

වැඩි කථා නැතුව මෙන්න එහෙනම් පොත් ‍ටික.

මහා පුරුෂ කාන්තාවක් - චින්ගීස් අයිත්මාතව් - දැදැගම වී රුද්‍රිගු - කුරුළු ‍ප්‍රකාශණ
මේ පොත අපූරුයි.. පොළෝ මාතාවත් මිනිස් අම්මා කෙනෙකුත් අතර ‍කෙරෙන සංවාදයක් තමයි පොතේ බාහිර සැකිල්ල වෙන්නේ...යුද්ධය නිසා දරුවනුත් සැමියත් අහිමි වන සමූහ ගොවිපලක ගෙවිලියක් සිය පුතුට නොදාව තම ලේලියට ලැබෙන දැරු‍වා රැක ගැනීම දක්වා ඇගේ කථාව දිවෙනවා. එම කථාවේ එකම සාකෂිකාරිය මහීකතයි..අම්මා සහ මිහිකත කියන්නේත් මේ පොතටම තමයි. ‍
අනේ මගේ සුන්දර මිහිකතග අස්වනු කැපීමෙන් පසුව ඔබ දැන් විවේක ගන්නෙහිය.ශබ්ද නැත. ලොරි පාරේ දුවමින් දූලි නොනංවයි.කොම්බයින් යන්ත්‍ර පෙනෙන්නට නොමැත.ඉපනැලි කෑමට හරකුන් ඇවිත් නැත.ඔබ අපට ඔබේ මහගු ඵල පරිත්‍යාග කොට බිළිදකු ප්‍රසූත කළ මාතාවක සේ ඔබ වැතිර විවේක ගනී...
සමුගනිමු ගුල්සාරි - චිංගීස් අයිත්මාව් - චූලානන්ද සමරනායක - විදර්ශන ප්‍රකාශණ
මම දැනට කියවමින් ඉන්නේ. ඒ නිසා දැන්ම මොකුත් කියන්න බෑ.. දැනට නම් ලස්සනයි. අශ්වයෙක් ‍ගේ ජිවිතය සම්බන්ධයි. වැඩි විස්තර පසුවට.

‍ජමිලා - චිංගීස් අයිත්මාව් - දැදිගම වී රුද්‍රිගු - ඉසිවර ප්‍රකාශණ
මහා පුරුෂ කාන්තාවක් වගේම මේකත් රුසියාවේ යුද්ධ කාලයේ සමූහ ගොවි බිමක ගොවි පවුලක කථාවක්. ‍ආදරය හා හැගීම් මිනිසුන් වෙනස් කරනවා.. එහෙම නැතිනම් මිනිසුන් යැපෙන්නේ හැගීම් මත.
මගේ චිත්‍ර වල හැම වර්ණයකින්ම දනියාර් ගේ ගීත පණ ලැබුවාවේ! හැම වර්ණයෙකින්ම ජමිලා ගේ හදවත ගැස්සෙන සැටි ඇසුනාවේ...
කළු සිවුරුදර භික්ෂුව - ඇන්ටන් චෙකොෆ් - රංජිත් ධර්මකීර්ති - ඇස් ගොඩගේ සහ සහෝදරයෝ බෙදාහැරීමක්
මේක චෙකොෆ් ගේ කෙටි නවකථාවක්. මිනිසා මිනිසා හා සමගම කෙරෙන සංවාදයක් හැටියටයි මම මේ පොත දකින්නේ.
හැම ජිවිතයකම පරමාර්ථය එයයි. සංතෘෂ්ටිය සෙවීම. සංතෘෂ්ටිය පවතින්නේ ඥානය තුල බව ඇත්ත..සදාකාලික ජිවිතය,ගණනය කළ නොහැකි නොසිදෙන ඥාන උල්පත් සපයා දෙනවා.
ජොආනා - ජින් සැසන් - කුමාර සිරිවර්ධන - ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශණයක් (සුරස පොතක්)
මම තාම මේ පොත ‍බැලුවේ නැහැ.. නමුත් පොතේ තේමාව නම් බිදීගිය ඉරාකයේ කුර්ද් ජාතික පෙම්වතියගේ කතාව.. වැඩි විස්තර පසුවට

පරාජයේ උරුමක්කාරයෝ - කිරාන් දේසායි - ප්‍රේමසිරි මාහිංගොඩ - සමයවර්ධන ප්‍රකාශණ
මේකත් කියෙව්වේ නෑ.. 2006 බූකර් සම්මානය මේ පොතට ලැබිලා තියනවා. ඒ කිව්වේ මේකේ මුල් ඉංග්‍රීසි පිටපතට.

මාවතේ ගීතය - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය - චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි - විජේසූරිය ග්‍රන්ථ කේනද්‍රය
කියන්න ඕනිද මේ පොත ගැන? බෙංගාලි පවුලක දරුවෙක් වෙන අපූර්වගේ ජිවිතේ ළමා කාලය හරිම අහිංසක විදියට මේ පොතේ ලියවිලා තියනවා.
මම යන්නේ නැහැ අක්කේ. මම අක්කාව අමතක කලේ නෑ. මං මගේ උවමනාවෙන් අක්කාව දාලා ආවේ නෑ. මේගොල්ලෝ තමයි මාව අරන් යන්නේ...
අපරාජිත ජීවිතයක් - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය - චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි - විජේසූරිය ග්‍රන්ථ කේනද්‍රය
අපූගේ ගැටවර කාලය තමයි ඉතිං කියවෙන්නේ. වීර්ය ධෛර්ය ඇති නම් කල නොහැක්කක් නොමැත කියලා අපූර්ව අපිට පෙන්නනවා. දන්නේම නැතිව කියවෙලා ඉවර වෙන පොතක්.
යුනිවර්සිටියේ ඉගනනොගෙන කිසිම දෙයක් ගැන කථා කරන්න බෑ කියලා මම විශ්වාස කරන්නේ නැහැ.ෆොත් ඉයර් එකේ ඉගන ගන්න ශි‍ශ්‍යයෙකුගෙන් ඉතිහාසය ගැන හරි ඉංග්‍රිසී කවි ගැන හරි ඇහුවට කමක් නෑ. ඒ වුනාට මේ ‍දේවල් ගැන ජෙනරල් නොලේජ් ‍එකෙන් කථා කරන්න බැරිද?
අපූගේ ලෝකය - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය - චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි - විජේසූරිය ග්‍රන්ථ කේනද්‍රය
අපූ ත්‍රිත්වයේ වඩාත් කෘතහස්ත ම දාර්ශණිකම සෞන්දර්යාත්මකම පොත මේක හැටියටයි මම දකින්නේ. විරහා‍ වියෝවීම්.. වඩාත් ගැඹුරින් එහෙත් නිදහසේ ජිවිතය දැකීම විදීම ගැනයි මේ පොත.
ඒ වුනාට ජිවිතේ කියන්නේ පුදුම දෙයක් ඒ තරම් ලේසියෙන් ඒක නැති වෙන්නේ නැහැ.... හොදයි මං ගිහිං එන්නම්....
අර්බාත් දරුවෝ - ඇනතොලී රිබාකොව් - පසන් කොඩිකාර - සංහිද ප්‍රකාශණ
මේකත් එකම නමින් කොටස් 3ක් විදියට තියන පොතක්. කලින් මම මුල් කොටස් දෙක අරන් තිබුනා. මේ මාසේ තමයි තුන් වෙනි කොටස ගත්තේ. විප්ලවයට පසු රුසියාව එහෙමත් නැතිනම් ස්ටාලින් පාලනය යටතේ සමාජවාදය යටින් ඔඩුදුවන බලය නැමති කුෂ්ටය සමාජය බිලීගන්න විදියයි මේ පොතේ කියවෙන්නේ.
ඒක කවුරු කලා උනත්,සාෂා, මට පුළුවන් සම්පූර්ණ විශ්වාසයකින් ඔබට එක දෙයක් කියන්න: ඉතාම අදුරු කාලයක් එළැඹෙනවා.
සමරූපියා - Fyoder Dosthayewskez - ආනන්ද අමරසිරි - සූරිය ප්‍රකාශණ
පොත දැන් මගේ ලග ඇත්තෙත් නෑ.. ගෙනිච්චා. :(

කැත කතුන්ගේ පතිවත පිළිබද අධීක්ෂණ වාර්තාව - ජගත් මාරසිංහ - සංහිද ප්‍රකාශණ
පොත ගත්තා උනාට අතට වත් ගත්තේ නෑ. කඩේදි සල්ලි දුන්නේත් වෙන කෙනෙක්. දැන් තියෙන්නේ තව කෙනෙක් ලග

තෝල්යා සහ ඔහුගේ යාළුවෝ - නිකොලායි නෝසොව් - දැදිගම වී රුද්‍රිගු
ළමා කතාවක් ගත්තේ තෑගි දෙන්න. හැබැයි දෙන්නේ මම වතාවක් කියවලා. තාම කියෙව්වේ නෑ.

දිය දරුවෝ - චාර්ල්සි කිංස්ලි - ලක්මාලි හේවාවසම් - පහන් ප්‍රකාශණ
ළමා කතාවක් මේකත් අනුන්ට

ජපන් සෙන් කතා - චන්දිම විජේබණ්ඩාර/එච් එම් මොරටුවගම - රත්න පොත් ප්‍රකාශණ
මේකත් අනුන්නට. ‍ඒත් මම කියෙව්වා. සෙන් බුද්ධාගමේ භිකෂුන් හා ඔවුන් ආශ්‍රයෙන් ගොඩනැගුණු කථා තමයි තියෙන්නේ. හරිම සරළයි. සරළ තරමටම ගැඹුරුයි

භික්ෂුන් වහන්සේ දෙනවමක් කොඩියක් ගැන වාද කරමින් සිටියහ. එක් නමක් කොඩිය වැනෙනවා යැයි කීය අනිත් නම නෑ නෑ වැනෙන්නේ සුළග යි පැවසීය. එතැනින් ගමන් කළ 6වැනි සංඝපිතෘන් වහන්සේ එම දෙනමට මෙසේ වදාලහ
"හුළගවත් කොඩියවත් නෙවෙයි හිතයි වැනෙන්නේ"
වැඩබැරි දාස ගැන කථා - නිකො‍ලොයි නෝසව් - දැදිගම වී රුද්‍රි‍ගු - පහන් ප්‍රකාශණ
මේකත් අනුන්ට තමා.. ඒත් පුංචි කාලේ කියෙව්ව පොතක්‍ නේ. මං හිතන්නේ හැමෝම බලලා ඇති. මේ කථාවේ තියෙන්නේ වැඩබැරි දාස ලා උඩින් යන හැටි.
බැලුමක් හදලා නැග්ගා අහසට
තිළිණයකි එය මිනිස් මොළයට
මිට්ටෝ අපේ නොවෙති කුරුල්ලන්
ගුවනින් යාමට ඔවුන් දක්සයන්
මිනිහගේ මොළයට නොහැකි වැඩක් නැත
ගුවනින් යාමට තව ඉඩකඩ ඇත..
දයාබර තාත්තාට - සරත් විජේසූරිය - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
වැඩි විස්තර පසුවට

බත්තලංගුණ්ඩුව - මංජුල වෙඩිවර්ධන - සූරිය ප්‍රකාශණ
වැඩි විස්තර පසුවට. එහෙමමත් ඕනි නැහැ. විස්තර ගොඩක් හොයාගන්න තියනවා නෙට් ‍එකේ..

යසෝදාව - ජයසේන ජයකොඩි - දයාවංශ ජයකොඩි සහ සමාගම
විස්තර පස්සේ.

කෙටි කරපු දිග කථා - කුමාරි -
පිටු සැකසුම හා මුද්‍රණය නියෝ ග්‍රැෆික්ස්, පොතේ හිමිකාරීත්වය ගැන හරියට සිංහලෙන් තියෙන්නේ ඔය ටික විතරයි. අපේ රටේ ඉන්න කවුරු හරි කුමාරි කෙනෙක් තමා ලියලා තියෙන්නේ එයාගේ පිංතූරයක් අන්තිමට තියනවා. ඒ එයාමද නැත්තං පො‍තේ ලස්සන වෙනුවෙන් දාපු පිංතූරයක්ද දන්නේ නෑ. තාම කියෙව්වෙත් නෑ.

මනුස්සාත්ම - ජයසේන ජයකොඩි - දයාවංශ ජයකොඩි සහ සමාගම
ජයකොඩි මහත්මයාගේ ගොඩක් පොත් වගේ මේකත් අපේ ජිවිත වල අපි විදින වද වේදනා දුක් කරදර තමා ලියවිලා තියෙන්නේ. අපි කිව්වට අපිම නෙවෙයි. විශේෂයෙන් පවුල් ජිවිත ඇතුලේ ඇතිවන ගැටළු. ගෑණු පිරිමින්ගේ නොනිමි ආසා තමා ඉතිං පාදක වෙලා තියෙන්නේ..
ඉකේයා..! මොන එහෙකටද මේ? ඒ මිනිහටත් ගෑණියෙක් ඉන්නවා. මේ ගෑණිටත් මිනිහෙක් ඉන්නවා. ඇයි උන්ට ගෙදර ගෑණි ගෙදර මිනිහා මදි වෙලාද?
නගා මැරූ අල - කේ. කේ. සමන් කුමාර - සංහිද ප්‍රකාශණ
කවි පොතක්.. මේ ගැන ලියන්න මගේ දැණුම මදි.

දඹුලු ගලින් පහළට බහිනා සද
අපි කබරගොයෙක් දුටිමු

"කබරෙක්" මම කීමි
"නෑ.. නෑ.. තලගොයෙක්" හේ කීය.
ඔහුගේ කටින් කෙළ බේරිණි
"නෑ කබරයෙක් "
"නෑ තලගොයෙක් "
"ඔව් ඔව් තලගොයෙක් ! "
මම ළංවී බලා කීමි

පසුව
අපි ඌ මරා පලහා කෑමු
එදා සිට අපි
කබරයින් මරා කන්නට හුරුවීමු
අපි ශබ්දකොෂය ගෙන
කබරයා කියන වචනය කපා දැමීමු
එතැනද තලගොයා කියා ලීමු
පුරාණ පත්තිනි හෑල්ල - සීදේවි ප්‍රකාශණයක්
දන්නවානේ ශාන්ති කර්ම වලදි කියන්නේ පත්තිනි හෑල්ල. ඒකේ කවි ටික.

පරසිදු පත්තිනි සද සැතපෙන්නේ
සැතපුන තැන සීන පෙනෙන්නේ
පාලග කඩුවක් ගත්තා වැන්නේ
කඩුව නොවෙයි අඩුවයි දැනගන්නේ.

මේ පොත් ගැන අනිත් අයගේ අදහස් තියන තැන් මම හෙට ලින්ක් කරන්නම්. දැන් නම් බෑහැ. වතුර තිබහයි හොදටම මං යනවා බොන්න.

21 comments:

  1. අපූගේ ලෝකය සහ මාවතේ ගීතය පොත් දෙකම හොඳ තේරීම්! මම ගොඩක් ආසාවෙන් කියවපු පොත් ...ඔයාගෙ ලිස්ට් එකේ වැඩ බැරි දාස හැරුණාම මම කියවල තියෙන්නෙත් ඒ දෙක විතරයි :) සුනේත්‍රා ගෙ පොදු පුරුෂයා ගත්තෙ නැද්ද? මට ඒකෙ අවසාන පිටු ටික ඇර අනිත් ඔක්කොම හොඳයි !

    ReplyDelete
  2. ජනප්‍රිය වෙලා සම්මාන දිනන පොත් ගැන ලංකාවෙ විවේචන එමට තියෙනව. සම්මාන දිනන යාන්ත්‍රණය ගැන ලංකාවෙ සාහිත්‍ය ගැන දන්න අය සෑහීමකට පත්වෙන්නෙ නෑ. සම්මාන දීම් හරහා ගොඩක් විට වෙන්නෙ පිට කැසීම් කියල පහුගිය අවුරුදු කීපය පුරාම සාහිත්‍ය මාසෙ පුරා පුවත්පත් වල කියවුණ.

    ඒ නිසාම ලංකාවෙ සම්මාන දිනපු පොතක් අනිවාර්යයෙන්ම හොඳ පොතක් වෙන්නෙ නෑ. හොඳ පොත් ගැන දැනගන්න නම් සාහිත්‍ය සම්මාන ප්‍රදානය ගැන පසු විපරම් කරන සාහිත්‍යවේදින්ගෙ මත ගැන හොයන්න වෙනව. ගොඩක් විට පුවත්පත් වල තියෙනව මේ ගැන ලිපි සාහිත්‍ය මාසෙ පුරාම.

    සයිබර් ලෝකයෙනුත් හොඳ මාර්ගෝපදේශනයක් ගන්න පුළුවන්.

    ReplyDelete
  3. නිරෝ - අනිත් ටිකත් නරක නෑ.. ඔයා අපරාජිත ජිවිතයක් ඒ කියන්නේ අපූගේ තරුණ‍ යොවුන් කාලේ කියවලා නැහැ නේ? පොදු පුරුෂයා අරන් දෙන්න බෑ කියලා වෙන පුරුෂයෙක් කිව්වනේ( පොතේ නම හරියන්නේ නැහැල්ලු. හික් හික්) ඒක පස්සේ ගන්න තිබ්බා.

    ඇනෝ- ඔයා කියන කථාවෙත් ඇත්තක් නැත්තෙම නෑ.. ගිය අවුරුද්දේ හොදම කෙටිකථා සංග්‍රහය උනු විල්තෙර මරණය කියෙව්වට පස්සේ මටත් මගේ සල්ලි ගැන දුක හිතුනා.

    ReplyDelete
  4. mage laga tiyena poth tika umba man wenuwata kiyawanawada?

    ReplyDelete
  5. Oya poth ganna loriyak genichchada?

    It seems a good collection!!
    "Kiyaweema minisa thrupthimath karai"

    ReplyDelete
  6. අපූ ත්‍රිත්වය,
    බත්තලංගුණ්ඩුව,
    කෙටි කරපු දිග කථා,
    ‍ජමිලා,
    මන් ගාව තියෙනවා
    ඒ ටිකනම් එළ
    අනික්වා ගැන දන්නේ නැහැ

    ReplyDelete
  7. සමුගනිමු ගුල්සාරිත් මන්ගාව තියෙනවා.
    පොදු පුරුෂයා එළ අනේ.
    මටනම් පුදුම විචිකිච්ඡාවක් තියෙන්නේ ඔය එපා කියපු පුරුෂයා ගැන දැන ගන්න ;-)

    ReplyDelete
  8. මම ආසාකරන පොත්ම කියවපු තවකෙනෙක්...හරියට නිකන් නෑදෑයෙක් මුණගැහුණා වගෙයි ..හොඳ පොත් ටිකක්...අපූ ත්‍රිත්ව්ය ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්නෙ මොකටද.පොදු පුරුෂයත් ගත්ත නම් හරි..(මේ.. ඔයත් ගියේ 20 වෙනිදා කිව්ව නේද? මම ගියෙත් එදා.. :)))))))))))0 http://sithahasa.blogspot.com/2009/09/blog-post_9068.html)

    ReplyDelete
  9. Anja-අනේ දියන්කෝ..! ඕවා අහන්නත් ඕන ප්‍රශ්ණද බං.

    eranga- නෑ ලොරියක් නෙවෙයි.. මේ කූලී කාරයෙක් ව ගෙනිච්චා. :පී
    අනිවා.. තෘප්තිමත් විතරක් නෙවෙයි.ජිවිතේ එතනින් තවත් එහාට අරන් යනවා!

    Ma-හලෝ මරේ දැක්ක කල්..! කොහේ හිටියේ? මේ ඒක නෙවෙයි‍ මේපාර මොනවද ඔයා ගත්ත පොත්? පොදු පුරුෂයා ගන්න ඕනි අප්පා.. අර දැනගන්න ආස පුරුෂයාව ඔබතුමා නොදැන ඉන්න විදියක් නෑ!

    Naya- ඔව් ඔව් විස්ස තමා උදේ 11 විතර ඉදන් හවස 3 විතර වෙනකං හිටියා. අනේ ඉතිං දැක්කත් අදුරන එකක් යෑ.. වටේම හිටියේ කථා නොකලට එක අතකට අදුනන අය තමා. සේරම පොත් වලට ආදරේ අයනේ.

    ReplyDelete
  10. අනේ මම මේපාර ගියේ නැහැනේ.

    මට ගන්න නම් ඕන වෙලා තිබ්බේ සුනේත්‍රගේ අළුත් පොත් දෙක බුද්ධදාසි, පූර්වජන්ම අපූර්වය , කළු - තරකා වාසලමුදලි, වර්ණා - ශාන්ති දිසානායක. ඔන්න ඔය ටික තමා.

    පොත් ප්‍රදර්ශනෙන ගත්තනම් 30% ක වට්ටමක් ගන්න තිබ්බ ඒත් හිමීට මරදානේ සූරිය එකෙන්වත් ගන්නවා එතන 20%ක් දෙනවා.
    මරදානේ ගොඩගේ , දයාවංශ ජයකොඩි, සූරිය, පුංචි බොරැල්ලේ විජේසූරිය ඒ අයගේ පොත්වලට හැමදාම 20%ක් අඩු කරලා දෙනවා ඉතින් පස්සේ හිමීට ගන්නවා. මේ ටිකේ අතමිට හිඟයි ටිකක්

    ReplyDelete
  11. ම - අ‍නේ ඇත්තද? ඒ ගැන කිව්වට බොහොම පිං. මොකෝ ගත්ත පොත් වලට වඩා ගන්න තියන ලිස්ට් එක දිගයි. අනික මමත් ගත්තේ සල්ලි තිබිලා නෙවෙයි. ඒ වුනාට නොයා බැරි උනා.

    ReplyDelete
  12. මේ ලිස්ට් එක දෑක්කම මමත් පොඩි කාලේ ඉදන් රුසියන් පරිවර්තන පොත් කියවන්න පුදුම ආශාවක් තිබුනේ.ඒ අභාශය මට ආවෙ අපේ තාත්තාගෙන්.පොඩි කාලේ සෝවියට් රුසියන් පොත් එකතුවක් අපේ ගෙදර තිබුනා,ඒ දවස්වල සෝවියට් පරිවර්හන තියෙන පොත් ප්‍රදර්ශන තිබුනොත් අනිවාර්යෙන් මාව එක්ක යනවා.වෑඩ බෑරි දාස,ලස්සන වසිලිස්සා,පේරලු නෑවුම් පස,වානේ පන්නරය ලෑබූ හෑටි,සොවියට් රුසිය කෙටි කතා1,2,3 මම කෑමතිම පොත් කිපයක්.එත් මට හිතුනා දෑන් ඒ පොත් කියවන අය අඩුයි කියලා. ඒත් එහෙම නෑ කියලා දෑන ගත්තාම ලොකු සතුටක් ආවෙ

    ReplyDelete
  13. ම් .. කාලෙකින් ඇවිත් නේද ?
    ඔයාගෙ පොත් ලැයිස්තුව දැක්කාම මටත් පොත් ගන්න විනෝදාංශෙ මතක් වුණා.
    ලැයිස්තුවේ තියෙන ජමීලා, අපූ ත්‍රිත්වය, වැඩ බැරි දාසගේ කතා, සමුගනිමු ගුල්සාරි, අර්බාත් දරුවෝ, සෙන් කතා, නගා මැරූ අල හා කෙටි කරපු දිග කතා(මේක නම් මෑතක ආපු එකක් නේද) මාත් ඉස්සර අරන් තියෙනවා.පොදු පුරුෂයාත් ඒක පළමු මුද්‍රණයෙන්ම ගත්තා. අවුරුද්දක් හෝ දෙකක් වෙනවා. ඒක පුරුෂයෙක් ගැන විතරක් නෙවෙයි යටින් දිවෙන දේශපාලන කතාවක් සහිතයි. ඉතින් මේ යුද්ධයක් දිනපු කාලෙ ඒකට සම්මාන දුන්න එකත් පුදුමයි. මං හිතන්නේ ඒක ඇමතිතුමා කියවලා නැහැ.එක්කෝ හිතන්න ඇති ඒක මේ ස්ත්‍රී පුරුෂ කතාවක් කියලා .. :D

    ගොඩක් අය පොත් ගන්නේ ඒවට සම්මානයක් ලැබුණහමයි. ඒත් මං සහ මගේ යාළුවා පොත් ගන්නේ ඒවා පිටවෙන කොට ටිකක් එහෙන් මෙහෙන් එතනම ඉඳන් කියවලා අපිට දිරවනවා කියලා දැනෙනවා නම් තමා. ඒ නිසා කවදාවත් සල්ලි අපතේ ගියේ නැහැ.

    සුනේත්‍රාගෙ මේ පාර නිකුත් වුණ බුද්ධදාසි ත් හොඳ පොතක්. හිත නිවෙන .. :D

    පරාජයේ උරුමක්කාරයෝ ඉවරෙට කියවන්න ටිකක් කම්මැලි හිතුණා. මංජුලගේ පොත් නම් මා ගාව නැහැ. අර චිංගීස් ගෙ මහා පුරුෂ කාන්තාවක් මීට ඉස්සර වෙන නමකින් පරිවර්තනය වෙලා තියෙනවද ? මට ඔයාගෙ විස්තරේ කියවනකොට එහෙම හිතුණා. ඒත් හරියටම විශ්වාස නැහැ.

    දැන් පොත්වල පරිවර්තන නැවත නැවත කෙරෙන කොට ඒකෙ නම වෙනස් වෙන නිසා එකම පොත විවිධ නම්වලින් සිංහලට පෙරළිලා තියෙනවා. ඒකත් ටිකක් අවුලක් පොත් තෝරද්දි.

    පොත් ටික කියවලා තව හිතෙන දේවලුත් ලියන්න. එතකොට ගත්තු එකෙන් අවට ඉන්න අයටත් ප්‍රයෝජනයක් තියේවි.

    පොත් කියවන්න මේ නංගිට වැඩි වැඩියෙන් නිවාඩු ලැබේවා !


    :-)

    ReplyDelete
  14. නුවන් - ඕකට තව එකතු වෙනවා අම්මා සෑබෑ මිනිසෙකුගේ කථාවක්,ළමා කාලය,මගේ සරසවි වගේ පොතුත් නේද?

    සූ - ඔව් මුලින්ම මහා පුරුෂ කාන්තාවක් පලවෙලා තියෙන්නේ අම්මා සහ මිහිකත කියන නමින්. අපි ඉතිං පොත් පිටවෙන තැන්වල ගැවසෙන්නේ නැහැනේ. මේ වගේ අවස්ථාවක තමයි ‍වැඩිපුර හොද පොත් ටිකක් හොයලා ගන්නේ. මාසෙක දෙකකට වතාවක් වගේ ‍පොකක් දෙකක් ගන්න ගියාම එක පොත් කඩේක හොද තේරීමක් කරන්න ඉඩක් නැහැ නේ මම ඉන්න පලාතත් එකක්. ගුණසේන ‍එකේ පොත් එන්න ගොඩක් කල් යනවා. දුක තමා ඉතිං.
    පොත් ගැන විස්තර ලියන එක හදිසියේ කරන්න බැහැ. අඩුම ගානේ දෙවතාවක් වත් නොකියවා පොතක් ගැන හොද දෙයක් ලියන්න බැරි නිසා දැනට ඒ අදහස පස්සට දාලයි තියෙන්නේ.

    ReplyDelete
  15. iye re blog eka ahamben dekka gaman kiyevva.. mage FB wall ekata share kala log off una... mokuth live ne... (man dekka wall eke dosa ahala thibuna uge list ekath dannada kiyala...)
    oyagen ahanna one ne me blog eka ehe mehe share karanna neda maliyo? (man ithin ahinsaka buru baba hinda samava lebei kiyala dannava.)

    man me kalpana kale ape akkage gedara mage room eke ida thiyeida den me poth okkoma tika illagena avith kiyavanna kiyala....anika ithin dura prasnekuth ne etakota.. siddalepa eken nala safron eken kala oyage gedarin poth tikath illagena reta gedara evith ande peralila poth kivanava visul venava menna... hik hik... meva hariyata plastic heena vagei neda maliyo? hu hu

    ReplyDelete
  16. Buru- කිසි ප්‍රශ්ණයක් නෑ.. කොපි රයිට්ස් නොමැත. සුදුසු තැන් වල පැල කරන්න. හිකිස්..!
    අප්පා.. අපි කට්ට කාලා පොත් හොයලා අරන් තියන්න මෙයා ෂෆාන් එකේ කියවන්න..! හුහ්! හරි හරි අක්කගේ ගෙදර නැත්තං මගේ කාමරේ හරි දෙන්න බැරියා ලංකාවට එන්නකෝ සේරටම කලින්.
    මේ.. ඒ වුනාට ඔයා මට වයින් දෙන්නේ නැහැ කිව්වා නේ....!

    ReplyDelete
  17. ehema thamailu ahinsaka honda lamai ta salakanna onelu oyala vage aya...

    anika ithin mata hithaganna puluvan umba poth ganna gihin kaapu katta genaa... ara ahinsaka kolla poth ussagena kondath eda karagena enna ethi... hik hik...
    wine neda? hari hari... onna ehenam denava.. mata poth denava nam....

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මලී . . . මේකේ මම ඔයාගේ ලිපිය දාපු දවසෙම වගේ දාපු කමෙන්ට් එක නෑ නේ . . ???? කොහොම හරි කමක් නෑ . . . ගොඩක් ස්තූතියි මගේ ඉල්ලීම ඉටු කලාට . . . !!

    ReplyDelete
  20. බුරු- අනේ නෑ.. අපි ඉතිං 50% පොත් බෙදාගෙන තමයි උස්සන් ගියේ.. හරි බං පොත් දෙන්නම්!

    දුකා - මං හිතන්නේ අයියේ ‍ඔයා කියන්නේ මගේ කලින් ලිපිය ගැන. මොකද මම මේ කිසිම එකක කමෙන්ට් ඩිලීට් කලේ නෑ.

    ReplyDelete
  21. බත්තලංගුණ්ඩුව - මංජුල වෙඩිවර්ධන - සූරිය ප්‍රකාශණ
    "ඇහිපිල්ලමක් යට සිහිනයකි, කාටවත් නොපෙනෙන, සිහිනෙන්වත් නොදකින"

    මම සොෆී ගත්තා. මලගිය ඇත්තෝ ආසාවට ගත්තා. මාර්කේස්ගේ මුහුදුබත්වූ සේලරුවෙකුගේ කතාව. තනිසාකිගෙ පොතක් ගත්තා නම මතක නෑ. තාරකාගේ ආකාස පර්වත. ගෝඩර්ගෙ තව පොතක් තියෙනවා නම මතක නෑ. රාහුල හාමුදුරුවන්ගෙ "බොරතෙල්" ඕනිනම් අපිට වර්චුවල් පුස්තකාලයක් දාන්නත් පුළුවන්...

    ReplyDelete