Wednesday, September 2, 2009

ඉතිං ආයුබෝවන්


හැමෝටම හායි.... ඉතිං ටික දවසකට මට බායි හොදේ... අනම් මනං නැතුව මම දැම්මා දවස් 6ක නිවාඩුවක්.. ඒ කියන්නේ හෙට ඉදං මං දවස් 6ක් නිවාඩු.. ඒ අතරට තියන සති අන්ත හා පෝය නිවාඩු එක්ක බැලුවම මම දවස් 11 ක් නිවාඩු... ආයේ රැකියාවට වාර්තා කරන්නේ 14 වෙනිදා.. ඔය නිවාඩු නම් කිසි කථාවක් නැතුව අනුමත කරා.. කියන්න බැහැ සමහර විට මේ මම අයදුම් කරන අන්තිම නිවාඩුවෙන්න පුළුවන්.. ඒ කියන්නේ නිවාඩුවෙන් පස්සේ මං එනකොට සේවයෙන් නෙරපීමේ ලියුම මේසේ උඩ තියෙයිද මංදා.. අනේ එහෙම වෙනවා නම් කොයි තරම් ශෝයිද? එකම දුකකට තියෙන්නේ ජංජාලය නැති වෙන එක විතරයි.. ඒ හැර දැනට රැකියාවෙන් මම ලබන ප්‍රතිලාභයන් නොමැත. දන්නවද දන්නේ නැහැ මගේ ගෙදර කොම් පීටර් ට හෙණ ගැහුවනේ.. ඉතිං එයාව හදන්න ඉස්පිරිතාලේ යවලා ටික දවසක් හනේ මන්දා ගොඩ ගන්න බෑ කියලා පීටර් ව මෝචරියට යවලද දන්නේ නෑ.. නැත්තං හදන්න අරං ගිය ඉලංදාරියා ඒ වගේ පීටර්යක් මෑත දශකයේ දැකලා නැතුව ඒකේ කාල නීර්ණය කරන්න කාබන් පරීකෂණ කරනවද දන්නේ නැහැ.. ඒ නිසා කියන්න තියෙන්නේ ගෙදර ඉන්න යන ඉදිරි දින 11 තුල මම ජංජාලයේ නැත. පීටර් ගෙදර ආවොත් ඊට පහුවෙනිදා ඉදං මං ඉන්නවා..නැත්තං නෑ...
අදාල කාලවකවාණුවෙන් පසු මම නාවොත් මං මැරිලා.. නැත්තං රස්සාව නැතිවෙලා.. මැරුනොත් කවුරු හරි මේකේ පෝස්ට් එකක් දායි මං මළා කියලා.. කවුරුවත් අඩන්න ඕනි නෑ.. දානේ ගෙදර ඇවිත් ගියාම ඇති... හික් හික්.....!!!!

හ්ම්.. හිනා ඇති

ඇත්තටම හිනා‍ වෙන්න පුළුවන් මට්ටමක මං නෑ.. මේ දවස් වල ජිවිතේ හරි බරයි... මට හැමදාම ඕනි උනේ හුළගක් වෙන්න.. නිදහසේ සැහැල්‍ලුවෙන් පාවෙලා යන්න...ඒත් මට අමතක උනා 4 වසරේ විද්‍යාව පාඩමට කියලා දුන්නා වාතයට ස්කන්ධයක් තියනවා කියලා.. ඒක තමයි මේ දවස් වල මට දැනෙන්නේ.. හැමදාම පුංචි ළමයෙක් වගේ ජිවත් වෙන්න ආස කරපු මගේ ඔලුවට මේ දවස් වල කිලෝ ගණන් බර ටොකු ඇනෙනවා... ඒවට රිදෙන නිසා අඩන්න ඕනි උනත් කදුළු නේන මගේ ඇස් වලට දැන් කදුළු පිරෙන්න පටන් අරගෙන.. ඒ නිසා මට ආයේ මුළ ඉදන් හැමදේම පටන් ගන්න වෙලා.. සමහර විට පාතම මට්ටමෙන්.. මගේ ජිවිතේ සතුට වෙනුවෙන් යන්න තියන හැම පාරකම කටු පදුරු වැවිලා.. .එක්කෝ මම තුවාල වෙවී හරි ඒ පාරවල් වල යන්න ඕනි නැත්තං යන්න පුළුවන් වෙන විදියට ගැලපෙන සපත්තු හදා ගන්න ඕනි.. මම නිවාඩු දැම්මේ ඒ වෙනුවෙන්... සමහර විට මේ දවස් ටිකේ මට ඒ වෙනුවෙන් මොකුත්ම කරගන්න බැරි වෙයි.. ඒත් අඩුම ගානේ කටුමාවත් වල යන්නේ නැතුව එක තැනක ඉදලාවත් තුවාල කරගන්නේ නැතුව ඉන්න මට පුළුවන් වෙයි..හෙට ගැන කියන්න මම දන්නේ නැහැ.. ඒත් හෙට ඉර පායයි කියලා මට හිතෙනවා..

යන්න කලින්,

* ඊයේ මගේ අම්මාගෙයි,රංගි( මොන්දො/බුරු බබී)ගෙයි, හෙලන්ගෙයි උපන්දින.. ඊයේ මම නිවාඩු නේ.. ඒ නිසා මොකුත් ලියන්න බැරි උනා ඒ අය වෙනුවෙන්..කොහොම උනත් ඒ තුන් දෙනාටම සුභ උපන්දිනයක් වේවා....!!

** අද මම මගේ හොදම ‍යාළුවෙක්ගේ ඩැඩා ලුක් එක දැක්කා.. මං පෙරේදා හීනෙන් දැක්කා ඒකා කසාද බැදලා ඒ වෙඩින් එකට මම ගිහිං ඉන්නවා. ඉතිං අද ඒ වගේ ෆොටෝ එකක් දැක්කම මට හරිම සතුටුයි.. මං හිතන්නේ ඉන්න විදියට වඩා තාත්තා කෙනෙක් විදියට ඉන්නකොට ඌ හරි ස්මාට්.. නැත්තං මෙලෝ රහක් නෑ :p


***මේ සිංදුව මම කසුන්ගේ ආස සිංදුවක්.. උපන්දින සමරන අයටයි තාත්තලා වෙන්න බලන් ඉන්න අයටයි මගෙන් දුප්පත් තෑග්ගක්. :D


හෙට අළුත් අළුයමක්.. වෙන කවරදාකටත් වඩා...
මිහිමත මල්... පිපෙන දවසක්...!

ඉතිං හැමදෙනාටම ටික දවසකට ආයුබෝවන්..!
මම නැතිවෙන්නේ නෑ.. ඉන්නවා.. හුළග වගේ..
නොපෙනී නොඇසී නොදැනී..
ඒත් ළගින්ම..
:)

උඩම තියන පිංතූරේ මං ගත්ත එකක්..ලස්සනානානායි කියලා උස්සනවා එහෙම නෙවෙයි ඕං..
හිකිස්!

13 comments:

  1. මටනම්, ඊරිසියාවේ බැහැ
    මට බැහැනේ ඔහොම නිවාඩුවක් ගන්න
    හැබැයි සමහරවිට හිතෙයි වැඩට ගියානම් හොඳයි කියලා

    ReplyDelete
  2. එහෙනං ගොහිං එන්ඩෝ.... මිස් යූ සෝ මච්... :(

    ReplyDelete
  3. පිංතූරෙ නම් ලස්සනයි තමයි. ගිහිල්ලා එන්නකො එහෙනම්. නිවාඩුව සතුටින් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්වා. :)

    ReplyDelete
  4. ජීවිතේ ජීවිතේ කියලා හරියන්නෙත් නෑ. ඊලඟට මොකද වෙන්නෙ කියලා බලාගෙන ඉඳලත් බෑ. අනේ මන්දා..

    ReplyDelete
  5. එල එල ! ,

    නීවාඩුවට ගිහිල්ලා ආපහු එනකොට බ්ලොග් ගොඩාරියක් ලියන්න පුලුවන් තරමේ ඈබ්නොර්මල් අදහස් ටිකක් අරන් එන්නකෝ !

    එහෙනම් සුබ ගමන් !
    ටටා ! බායී !

    ReplyDelete
  6. thank you for ur loving wish maliyo... and hope tos ee you soon

    ReplyDelete
  7. එහෙනම් හොදට නිවාදුව ගත කරල එන්නකෝ.... හොද පිස්සු අදහස් ටිකකුත් අරගෙන... :)

    ReplyDelete
  8. හ්ම්... කියුපු දේවල් ඇතුලේ හිතාගන්න බොහෝ දේ තියෙනවා වගේ... මමත් එහෙනම් ඔබට හොඳ නිවාඩුවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෙදරටම වෙලා ඉන්නේ නැතුව කොහේ හරි යන්න.. ටිකක් රිලැක්ස් වෙන්න.

    ReplyDelete
  9. මම නැතිවෙන්නේ නෑ.. ඉන්නවා.. හුළග වගේ..
    නොපෙනී නොඇසී නොදැනී..
    ඒත් ළගින්ම.

    ඈයි නගේ මේ.......ඔයා ගෙ මේ ලිව්ව ලිපියේ ලොකු අමුත්තක් දෑනෙනවා.කමක් නෑ ඉක්මනට එන්න.සුභ නිවාඩුවක්......

    ReplyDelete
  10. නිවාඩුව සතුටින් ගතකරල අවිත් ඉක්මනට ආපහු ලියන්න . .. . !

    ReplyDelete
  11. අයියෝ, මම හැමදාමත් කොතන ගියත් පරක්කුයි. මේක දැක්කෙත් අහම්බෙන්. එහෙනං ඉතින් ගිහින් එන්න...

    මොකද වුනේ... අපිටත් කියන්න පුළුවන්නං කියලා දුක බෙදා හදා ගමු :)

    ReplyDelete
  12. ADOH ! ..

    Umba mata MELO RAHAK NEHE kiwwa neda?

    lolz.. just you wait till I get hold of you malee.. going to specially kick your ass for that. lolz

    Anyways... have a nice time mate.

    ReplyDelete
  13. හායි ඕල්....!!! ළමයා බැක්!

    ReplyDelete