Friday, August 21, 2009

නිකං මේ හිතෙනවට..

මිනිසුන් මනින දඩු:-
ඇදුමින්..
පැළදුමින්..
හිනාවෙන්..
උසින්..
මහතින්..
කෙට්ටුවෙන්..
කථාවෙන්..
බැලිල්ලෙන්..
ඇසිල්ලෙන්..
ගෙදර සයිස් එකෙන්..
වාහනෙන්..
මොබයිල් එකෙන්..
රස්සාවෙන්..
පරස්ථාවෙන්..
කෑමෙන්..
බීමෙන්..
ජාතියෙන්..
ආගමෙන්..
කුලෙන්..
etc..

ඔය කොයි මිමෙන් මැන්නත්.. මිනිහෙක් මිනිහෙක්ව මනින්නේ තමන්ට සාපේකෂව..
යටි හිත කියනවා.. මම මෙහෙමයිනේ.. ඒක හින්දා මූත් එහෙම වෙන්න ඇති
මම මේ වගේ උනාට මූනම් මට වඩා වෙනස් හින්දා මූ අර වගේ වෙන්න ඇති
හැමදේම සාපේකෂයි..
තමුන් කවුද කියලා 100%ක් නොදන්න අපි
අනුන් ගැන චරිත සහතික දෙනවා..
සහතිකේ ලියවෙන්නේ අපේ අකුරු වලින් නිසා
කෙ‍නාගෙන් කෙනාට අත්අකුරු වෙනස් නිසා
අපි ලියන සහතිකේ අකුරුත් වෙනස් හැඩ ගන්නවා..
හරියට අන්ධයෝ 7 දෙනා අලියව විස්තර කලා වගේ තමා
ඇස් කන් සේරම ඇරිලත් තාම අඩුම ගානේ
තමුන්ට තමුන්ව වත් අදුන ගන්න බැරි එකේ
කොහොමද වෙන ‍මිනි‍හෙක් මේ වගේ කියන්නේ..
ඒ වුනාට ඇහුවොත් නම් කියවයි මෙයා මෙහෙමයි
මෙයා මෙහෙමයි කියලා..
හැබැයි ඒ එළියට එන වචන වල එන්නේ
තම තමන්ගේ හිත් ඇතුලේ තියන කුණු ගද කියලා
කියන අයම දන්නේ නැතුව ඇති.
අවසානෙදි මිනිස්සු මනින්න මිණුම් දණ්ඩක් නෑ..
ඒත්
එක හැගීමක් තියනවා ‍ඔය කොයි කවුරුත්
එකට බැදලා තියන්න පුළුවන්.
ඒ තමයි ආ‍දරේ.
සමහර විට අනිත් අයගේ හිත් වල තියන දේ
තමන්‍ට නොතේරෙන්න පුළුවන්..
ඇත්තෙන්ම තමන් රැවටෙනවා වෙන්නත් පුළුවන්
හැමදේම අවිනිශ්චිතයි
ඒත් ආදරේ ආදරේ සදාකාලිකයි..
කාට හරි කියන්න පුළුවන්
සදාකාලික නොවු ලොකේ සදාකාලික ආදරයක් කොයින්ද කියලා..
ඔව් නෑ තමයි.. ඒත් තමන් තමන්ගේ හිතේ තියන ආදරය විශ්වාස කරන තුරු
ඔය කොයි දේත් අමතක කරලා
ළග ඉන්න කෙනාව ආදරෙන් වැළද ගන්න
පුළුවන් වේවි..

මම මට පුළුවන් උපරිමයෙන් එහෙම කරන්න උත්සහ කරනවා
අනේ අනිත් අයත් එහෙම කරන දවස ඉක්මනින් ආවොත්
අපි හැමෝටම ආයෙත් හිනා වෙන්න පුළුවන් වෙයි.

21 comments:

  1. හික්.... ඔව් ඔව් ;)

    ReplyDelete
  2. අගේ ඇති අදහස් ටික..

    ReplyDelete
  3. 100% ක් ඇත්ත කතාවක්! සදාකාලික එකම දෙය ආදරය පමණයි!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඔන්න මම කොයි දේත් අමතක කරල ළග ඉන්න කෙනාව වැළද ගන්න යන්නෙ. හැබැයි මම කනේ පාරක් කෑවොත් උඹ වග කියන්න ඕනෙ හරිද? :P

    ජ.කි...ජ.කි...මරු නිසදැස බන්.ජයවේවා!

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ළඟ කෙනා වෙන කෙනෙක්ව බඳා ගත්තොත් මාව ගණං ගන්නේ නැතුව?

    ReplyDelete
  8. ඔහොම යන්... ඔහොම යන්.....

    ReplyDelete
  9. දාර්ශනික මට්ටමෙන් වත් ඔය උඹේ ප්‍රශ්නේ විසඳගන්න බලපන්...

    උඹ ෆිසික්ස් කලේ නැහැ නේ..

    එහෙම කළානම් දැනගන්න තිබ්බා "අපි සාපේක්ෂව වෙනස්" කියලා..... හිහ් හිහ්...

    ReplyDelete
  10. hikz.... apith saapekshawa wenas... :)

    niyamai adahas tika...

    ReplyDelete
  11. h-හික්හික් හා.

    NN-තෑන්ක්ස් මේට්...

    Naya-ස්තූතියි.

    Dhanika-ස්තූතියි..

    Supun-හා..

    Shiwantha-තෑන්ක්ස් මචෝ.

    Tharaka-හා

    Pothegura-හා

    Nalin-මචං හැමවෙලාවෙම ළග හරිම කෙනාව තියා ගනින්.. එතකොට උඹ ගුටි කන්නේ නෑ,. :p

    Binku-ඔයා ඒ දෙන්නාවම බදාගන්න.. නැත්තං ඒ දෙන්නා දිහා බලන් සතුටු වෙන්නත් ඔයාට පුළුවන්.

    Sudam-යං..

    Anjana-මං මේ කල්පනා කලේ මචං මගේ ප්‍රශ්ණේ මොකක්ද කියලයි.. ,මම නම් දන්නවා මම පොඩ්ඩක් වෙනස් කියලා. හික් හික්.

    Angle-එහෙනම් හොදයි.. ස්තූතියි හොදේ.

    ReplyDelete
  12. ඔය කොයි කාගෙත් හක්කේ බුදු රැස්.. බොක්කේ දඩමස්..

    @ ධනික - සදාකාලික නොවූ ලෝකයේ සදාකාලික පෙමක් කොහෙද බං ? ඔක්කොම අජූත..

    ReplyDelete
  13. @Udara
    මචං උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ මලී නිසඳැසේම ලියලා තියෙනවා.

    ReplyDelete
  14. මාර ලස්සන ලියවිල්ලක් . . . ඇත්තෙන්ම මගේ ඇසට කඳුලක් නැගුනා . . . . හැම දෙනෙක්ම තම තමන්ගේ හිත් වලට පොඩි තට්ටුවක් දාලා අහල බැලුවොත් . . . හැමෝම උඹ සමග එකඟ වෙනවා . . . විශ්වාසයි ඒක නම් . . . !

    ලෝකෙටම ආදරේ කරන්න මම ඉස්සෙල්ලාම හිතුවේ . . . කරුනාසේන ජයලත් මහතාගේ "සතීගේ කතාව " පොත බැලුවාට පස්සේ . . . .

    ඉන් පසු මම අනතුරකට බඬුන් උනාට පස්සේ තමයි මට හරියටම තේරුනේ මම ආදරේට . . . මානුෂික සබඳකම් වලට කොයිතරම් පෙරේතද කියන එක . . . !

    එදා ඉඳන් මම උඹ කිව්ව වගේ මිනිසුන්ගේ නරක හැම දේම අමතක කරලා තියෙන පොඩි හරි හොඳ දේට ඇතිකර ගන්නාවූ බැඳීමෙන් හැම දෙනාවම ආදරෙන් වැලඳ ගන්න උත්සාහ කරනවා . . . . !

    ReplyDelete
  15. නඟේ මේක මම මුලින්ම දැක්කේ වෙන කෙනෙකුගේ බ්ලොග් එකක තියෙනව . . . . එටනට දාපු කමෙන්ට් එක කොපි කරල දැම්මේ මෙතනට . . . මොනා උනත් හරිම ලස්සන ලියවිල්ලක් . . . . ජය වේවා !

    ReplyDelete