Monday, August 17, 2009

සති අන්තේ.


ගෙදර අය ඔෆීෂියල් වැඩ වලටත් එක්ක ට්‍රිප් යද්දි මම තනිකරම ජොලියට යන ගමන් වලට කියන්නේ ‍විනොද චාරිකා කියලද? අධ්‍යාපන චාරිකා කියලද ? නැත්තං රාජකාරීමය ගමන් කියලද? හිකිස්.. මොකක් හරි කමක් නෑ අපි ඊයේ පෙරේදා සති අන්තේ ගියානේ බදුලු බණ්ඩාරවෙල පැත්තේ... ෂා... හරිම ජොලි ගමන යන අතරමගත් වැස්ස ඊයේ එන අතරමගත් වැස්ස.. වැස්ස..! වැස්ස කියන්නේ ඒක රාජකීය වැස්සක්!

හරී දැන් මෙ‍හෙමයි‍.. පෙරේදා ඒ කියන්නේ හරියටම 15 සෙනසුරාදා තමයි දවස.. හැමදාම අපිට තියන මුරදානෙත් මෙදා පාර නැහැ. ඒක තමයි පටාස් ගාලා ගමනට සෙට් වුනේ. වැඩිය නෑ ලොකු 4යි පොඩි අය මාත් එක්ක 3යි සේරම හතයි. ඔන්න අපි 7 දෙනා සෙනසුරාදා උදේ 7ට තමයි ගමන පිටාත් උනේ..හොරණ පාදුක්ක පැත්තෙන් රත්නපුරේ හරහා තමා බණ්‍ඩාරවෙල ගියේ.. අනේ ඉතිං ඔන්න මගදි ටිකක් වැහැලා පැව්වා. දන්න කියන නෑදෑ ගෙදරකින් තමයි කෑම.. මගේ මතකේ කොයි තරම් හොදයිද කියනවා නම් මට මේ වෙලාවේ ඒ ටවුන් එකේ නම මතක නෑ. කොහොම හරි රත්නපුරේ කිට්ටුව කොහේ හරි. ඒ පැත්තේ කට්ටිය හරි ශෝයි අප්පා.. දුර මනින්නේ අපි වගේ මීටර් කිලෝමීටර් වලින් නෙවෙයි වංගු වලින්!!!! මොකද අර ගෙදරට යන්න හැරෙන පාර මතක නැතුව ඇහුවම පිරිමි කෙනෙක් කිව්වා ආ.. තව පොඩ්ඩක් ඉස්සරහා කියලා.. ඉතිං තාත්තාත් ඇහුවා කොච්චර විතරද දුරද කියලා..මෙන්න කියපි වැඩිය නෑ වංගු 3 යි කියලා... හික් හික්
කොහොම හරි ඉතිං වංගු පාස් කරලා එතනට ගිහිං කාලා බීලා සේරම ඉවර කරලා ආයේ පැය දෙකකින් විතර ගමන පටාන් ගත්තා... මතක ඇතුව කියන්න ඕනි අපි දවල්ට කෑ‍ව කඩේ.. ස්ස්ස්ස්...! දැනුත් කටට කෙළ උනනවා.. ඒක පුංචි කඩයක් බෙලිහුල්ඔය රෙස්ට් හවුස් එක පහු කරලා යනකොට පොඩි දොළක් වගේ තැනක තමා තියෙන්නේ.. ගමේ රසට කෑම ටික හදලා තිබ්බා.. කොස් මලවලා.. නිවිති.. පරිප්පු.. චිකන් කරී... පපඩම්.. තක්කලි සලාද.. බෝංචි.. අප්පා.. කෑවා ඇති වෙන්න.. ඩෙසට් එකට නම් යෝගට් විතරයි තිබ්බේ.. ඒක ඉල්ලුවම දෙන්නේ පැණි බෝතලේකුත් එක්ක. ඒක ක්‍රමෙත් නියමයි.. යෝගටුයි පැණි‍යි හොදට මැච් වෙනවා.. එයින් පස්සේ අපි ඉතිං බෙරගල හපුතලේ එහෙම පහු කරලා බණ්ඩාරවෙල ට ආවා...ඇත්තමයි අපි ඉන්නේ පෝරණු වලනේ කියලා හිතෙන්නේ ඒ හරියට ගියාම.. හරියට නිකං චිත්‍ර ඇදලා වගේ බලන බලන අත කදු... මීදුම... තේවතු.. හෙල්මලු ක්‍රමේට කරපු කුඹුරු...මහා ලොකුවට නැතත් ඇගට දැනෙන් සනීප සීතල... (අපේ වෙලාවටම බෙරගල හරියෙදි වැස්සක් පටන් ගත්තා) ඔවා පහුකර ගෙන පහුකරගෙන අපි ආවා කොහෙටද බණ්ඩාරවෙළට. එහේ ඉන්න තාත්තාගේ යාළුවාගේ යාළුවා අපිට ඉන්න තැන් එහෙම ලෑස්ති කරලා තිබ්බා.. කොහොම හරි 5ට විතර ගියා රාවණා ඇල්ල බලන්න. දන්නවානේ ඉතිං ගෑණූ පරාන වල හැටි. ‍සේරම ටයිම් ටේබල් එකටනේ වැ‍ඩ. මෙන්න ඇල්ල ලගට ගියාම කියනවා අපෝ නාන්න බෑ.. දැන් හවස් වෙලා වැඩියි සීතලයි බ්ලා බ්ලා බ්ලා... ඔය වචන වලට පුළුවන්ද මං වගේ ගෙම්බෙක් ව නවත්තන්න.. තී ඔහොම හිටු නාන හැටි මං පෙන්වමි කියලා.. බෑ කිව්ව ඇන්ටි වයි අපේ අම්මවයි ගොඩින් තියලා හවස හීතලේ පැය 1/2ක් විතර නාගත්තා.. නාලා ළග තිබ්බ කඩෙන් සැන්විච් එක්ක ප්ලේන් ටී එකක් බිව්වම ගමන් මහන්සිය කියන දේවල් ඇල්ලේ වතුරත් එක්කම ගහගෙන ගියා...ආයෙමත් ඉතිං ඉන්න තැනට ඇවිත්.. ඔලුවේ ඉදන් පෙර‍වගෙන නිදාගත්තා... රෑට කන්න කථා කරන කම්ම...

පහුවදා ඉතිං හරිම ඔෆීෂියල් වැඩ සටහනක් තමා තිබ්බේ.. බදුල්ලේ යන්න.. මට එහේ යන්න අතුරු තහනම් නියෝගයක් දාලා තිබ්බනේ. ඉතිං මට ඉන්න උනා.. අනිත් අය මාව දාලා බදුල්ලේ ගිහිං දෙමෝදර රේල් ගැටත් බලලා ඇවිත්.. එයාලා එනකං ඉතිං මං නිකං ඉදී.. බෑ නොකියා පැය 4ක් නිදා ගත්තා...! දවල් ඉතිං 1 ට විතර කට්ටිය හිස් අතින් නෙවෙයි වැස්සකුත් අරන් බදුල්ලේ ඉදං ආවා.. කාලා යමු යන ගමන් මගින් නාමු කියලා කාලා බීලා පිටත් උනා උනාමයි.. ගෙදරට එන කම්ම එක විදියට වහිනවා.. අර අවේලාවේ නාන්න බැරි ගෑණු මනුස්සයට හිත යටින් මෛත්‍රී කර කර ගෙදර එන්න උනා.. මොකද වැස්සේ නාන්න බෑ ගෑවේ එයානේ...ඉතිං අප්පා නින්දටම ගිය අපේ බණ්ඩාරවෙල ගමන වැස්සෙම ඉවර උනා.. දුක තමා.. ආයේ වෙන දවසක බලමුකෝ මැක්සා බැරි නම් මැස්සා ෆන් එකක් වත් ගන්න පුළුවන් වෙයිද කියලා... සතුටු හිතෙන දේකට කියලා උනේ අළුත් පොත් සෙට් එකක් හම්බ උනා.. + ‍ඒ පැත්තේ මල් ගෝවා කිලෝ එකක් රු.160 මෙහේ ඉතිං ග්රෑම් 500 රු.120 යිනේ එපා වෙනකං කන්න මල්ගොවා ගෙඩි 2ක් ම අම්මා අරන් දුන්නා..එච්චරයි වැඩකට ඇති දෙයක් උනේ..ට්‍රිප් එක ඉවරයි. :(

19 comments:

  1. අපරාදෙ... ගෙදර හිටියත් නිදාගන්න තිබුණනේ. :P එක අතකට ඉතිං එහෙම කාලගුණයක් තියෙද්දි වෙන කරන්න දෙයක්, යන්න තැනක් නැත්තං නිදාගන්න එක තමයි හොඳම එක :)

    ReplyDelete
  2. මම මාර අසයි දරුණුවටම වහින වෙලාවේ වැන් එකකට වෙලා කොහෙහරි යන්න කොහොම හරි දුර මනින අලුත් මිනුම් එකකයකුත් අලුතින් හොයාගන

    ReplyDelete
  3. කෝ වැදගත්ම දේ අමතක කරලා
    මේ වගේ හීතල පළාතකට ගියාම මොනා හරි බොන්න එපායෑ.

    අපි නම් ට්‍රිප් ගියාම පාරට වෙලාව නාස්ති කරන්නේ නැහැ ගිය වෙලේ ඉඳ එනකම්ම පානය

    ReplyDelete
  4. හපුච්චියේ... මං මේ අදනේ දන්නේ මේ මලී මලී කියන්නේ ගෑනු පරාණයක් කියලා... හරි මොකෙක් හරි මරු ට්‍රිප් එක ගිහින් තියෙන්නේ... යන්ඩ කලින් පොඩ්ඩක් කාල‍ගුණේ එහෙම බලලා ගියානම් මොකෑ.. අනික හැමදා.........ම නුවරඑළියෙයි, බදුලු බණ්ඩාරවෙලයි යනවා මේ හැමෝම... අපේ පැත්තේ එන්ඩ තමයි බැරි... කොච්චර දේවල් තියෙනවාද අපේ පැත්තේ... හැබැයි පෙරේදා ඉඳලා මෙහෙත් වැස්ස දඹරෙට... ගිය ටිකේ බුදු කාෂ්ටකේ.. මේ දවස් වල කොහෙත් වැස්සනේ.. මේ අවපාතේ සමපාත වුනාම මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න.. ගයිඩ් කෙනෙක් ඕනේ නම් ඔන්න මං ඉන්නවා... කලින් ‍‍පොඩ්ඩක් කියලා ඇපොයිමන්ටුවක් හෙම දාගත්තොත් හොඳයි ඕං...

    ප.ලි.- ‍යකෝ මං බ්ලොග පෝස්ට් එකක් විතරම ලියලානේ‍ බොල... :) :)

    ReplyDelete
  5. අපිත් වතාවක් බණඩාරවෙල යනකොට බෙලිහුල් ඔය පැන්නට පස්සෙ වැසිකිලියක් හෙව්වා. ඔය වගේම ගමේ කෙනෙක් කිව්වා පොදු වැසිකිලියට තව වංගු දෙකයි පාලමයි කියලා. හොඳ වෙලාවට ඒ හරියෙ කැලෑවක් තිබුනෙ. අර වංගු දෙකයි පාලමයි හොයන්න ගියානම් අනාතයි. හික්...

    ReplyDelete
  6. bandarawela gihilla hari napu ekanam loku deyak :P

    ReplyDelete
  7. මොන මගුලක්ද මේ අන්තිමට මල් ගෝවා ගැන ලියල තියෙන්නෙ? ඊට වඩා වැදගත් ඒව උනේම නැද්ද හැබෑට ලියන්න :P

    ReplyDelete
  8. එහෙත් හරි වෑස්ස, මෙහෙත් හරි වෑස්ස......

    නියමයි. හොදම හරිය, කෑම, නෑම සහ එලවලු පලතුරු ගෑන තියන ටිකයි. කෑදරයි කියල හිතන්න එපා, ඔය කෑම කාලෙකට කන්න නොලෑබුණාම, කටට කෙල ඌනනවා.

    ReplyDelete
  9. meyata mokada me athuru thahanam niyoga ave? hik hik...
    ara kiyapu belihuloya thena nam math dannavaa.. eth ithin e kema anith okkoma kevath mata kanna be ne miris hinda... man badulle indan balangodata enakamma kanne bada iringu thamai....

    ReplyDelete
  10. හරි ශෝක් ට්‍රිප් එක, අපිත් බදුල්ලෙ ගිය අළුතම වගෙ රාවනා ඇල්ල බලන්න ගියා, මේ දවස් වලනම් හොදටම වහිනව, යන්න කලින් ඇහුවනම් කියන්න තිබුන. මම නම් ඉතින් හැම සතියෙම -බදුල්ල කොලඹ, කොලඹ බදුල්ල තමයි.

    ReplyDelete
  11. හ - ඔයා වගේ කෙනෙක් නින්ද ගැන ඔය විදියට කථා කරයි කියලා මම කීයටවත් හිතුවේ නෑ... :p

    දිසා-හික් ඔව් ඔව්.. ඒක හරි ශෝක් වැඩක් හැබැයි අපි ලග ඉන්න ඕනි අපිට සමීප ‍එක්කෙනෙක් විතරයි. කට්ටිය වැඩි උනාම ආතල් කුඩු. මම ඉතිං කොහොමත් අළුත් අළුත් දේ හොයන අති නිර්මාණශීලී දරුවනේ :p

    ම-අනේ මරේ හිතේ දුකේ බෑ අප්පා.. කොහෙද ෆිට් වෙන‍ කෙනෙක් හිටියේ නැහැනේ. තාත්තලා නම් ඉතිං ඇස්කොට් එකක් ද කොහෙද අනුමත කරගෙන තිබ්බා. මට උදේ හම්බ වුනු උණු ‍එළකිරි විතරයි.. කිතුල් හකුරු එක්ක.. ඒකත් මරුම මරු.

    උදාර-හප්පා.. එහෙමද.. අ.පුරේ නේද? අපි එනවා හැම අවුරුද්දෙම. බලමු මේ පාර එනකොටවත් කියන්නම්. හැබැයි ඉතිං අපි ‍එන්නේ වදින්න පුදන්න නෙවෙයි වෙන වැඩකට. කොහොම උනත් බලමුකෝ අනාගතේ එක දවසක.. හිකිස්..

    තාරක-ශිකේ.. මෙන්න මෙයාලා.......!!!

    ශිවා-අනේ පලයන් බං යන්න..!:p

    නලීන්-එහෙමටම නෑ බං.. අනේ මන්දා හරි අමුතුයි වගේ..

    ලේසී -පිස්සුද.. කෑම බීම සම්බන්ධයෙන් නෝ තහංචි.

    මොන්දෝ හික්!- ඒවා එහෙම තමාලු ඉතිං......! හිකිස්!!!! ‍අපෝ කන්න පුළුවන් බඩඉරිගු ඒත් හක්ක රිදෙනවානේ.....

    ලස්සන- යන්න කලින් කිව්වා තමා ඉතිං වැස්ස කියලා.. ඒත් ඉතිං ගෙදරකට එන්න පොරොන්දු උනාම වැස්ස වැස්ස ගගා ඉන්න බැහැනේ අයියේ..

    ReplyDelete
  12. hikz...apitath nokiya ape gewal patte gihin.... kohoeda itin kaluthara gaalu pare wangu tiyena ekak yaaa...

    ReplyDelete
  13. නංගී මේ, අපේ පැත්තෙ තියෙන්නෙත් මිටර්, කිලෝමීටර් තමයි හරිය.. නිකං සවුත්තු ටෝක්ස් එපා හරිය... ශුවර්එකටම නංගි වෙනනැති පාර අහන්න ඇත්තෙ. නංගිලාගේ ඩයල්එක දැක්කම අර පාර කියපු පිරිමි කෙනා තේරෙන බාසාවෙන් දීලා තියෙන්නෙ.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. පොඩී අයත් එක්ක කිව්වේ ඔයාවත් ඈතුලුව නේද ? ,
    මල් ගෝවා අමුවෙන් කන්න පුලුවන්ද ?

    ReplyDelete
  16. රසික- හප්පා.. ඔයා එහෙද? කවුද අප්පා ඕවා හරියට දන්නේ... ඒකනේ අපි හරි කෙලින් යන අයනේ :p
    නිලන්ත- :0 එසේමයි.. එසේමයි..ඒ වුනාට ඔන්න මම නෙවෙයි තාත්තා තමයි දුර ඇහුවේ.

    ප්‍රියන්කර-නැත්තං.. මාත් එක්ක තමා.. මොකෝ මම ලොකු එකෙක් යෑ.! නො..! බැහැ.. ඒක උයන්න කලින් ලුණු මිශ්‍ර උණු වතුරේ ‍එහෙම දාලා ගන්න ඕනි.. නැත්තං පණුවෝ එහෙම ඉන්න පුළුවන්..
    මස් වගේ උයලා තමා රස.. එහෙම නැත්තං උණු වතුරේ තම්බලා ගම්මිරිස් ලුණු කු‍ඩු දාලා චීස් එක්ක ගත්තම බයිට් එ‍කටත් හොදයි කියලා කාපු කෙනෙක් කිව්වා.

    ReplyDelete
  17. oya hova mal kiyanne
    cauliflower valata neda? (mava danna aya nam ithin govath ekka mava amataka vena kenek ne... hik hik...onna ithin buru baba bad words kiyanne ne ne... ithin gova malak gena kivata prasnayak ne ne neda? eka bad words nemeine... hik hik...)
    meka hadana krama godak thiyenava... hebei curry uyala kanava kiyala nam denan unne ne. meka light boil karala garlic vedipura olive thel valata daala temper karala ( kudu karapu miris ekakuth demmama ela man nokevath )gattama divine food thamai onna... e avgema heart patient lata colesterol valata honda drug ekak meka...

    ReplyDelete
  18. man kiyanne menna meka gena hondada? vena itigediyak allagenada danne ne mongol vela inna hinda?

    http://images.google.it/images?oe=utf-8&rls=org.mozilla:en-GB:official&client=firefox-a&q=cavolfiore&um=1&ie=UTF-8&ei=IfWMSrLtDZOcmwP6pbXmDQ&sa=X&oi=image_result_group&ct=title&resnum=4

    ReplyDelete
  19. හායි... ඔව් ඔව්.. ඔය ඉමේජ් එකේ තියන ඒවා තමයි.. ඔය විදියට නම් මම හදලා නෑ.. හදලා බලලා කාලා කියන්නම් හොදේ.. :D

    ReplyDelete