Wednesday, April 29, 2009

නීති සිසුවාගේ දවල් හීනය :p

අවුරුදු දෙකක් විතර මොට්ටසෝරියේ කට්ට කාලා
පහේ පන්තියට වෙනකම් හැතැම්ම ගණන් පයින් ගිහින්
සිස්සත්තෙන් කොළඹ ඇවිත්
කන්න පුළුවන් කටු සේරම කාලා
‍සාපේන් පස්සේ උපෙත් කොරලා
යන්තං නීති විද්‍යාලෙට පය තිබ්බට මොකෑ
තාම කන කට්ට ඉවර නෑ නොවැ..
දැන් ඉතිං ආයේමත්
ව්‍යාපෘති විභාග පොත් පත් අස්සේ
කාවා වගේ හැංගි හැංගි ඉදලා
පාස් කොරනවා මං නීතී විභාගෙත් උඩින්ම
ඉතිඊට පස්සේ
.......

යකා උනත් මාරයා උනත්
මිනීමරුවා හොරා කුඩ්ඩා ජාවාරංකාරයා
පගාමරුවා මංකොල්ලකාරයා
මොකෙක් උනත්
මගේ ගාණ ගෙවනවා නම්
සුදු ඇදුමක් අන්දලා
සැන් පවුඩරුත් ගාලා
සියළු වැරදි වලින් නිදොස් කොට
නිදහස් කරවනවා මං

ඔන්න හැබැයි
කවුරු හරි ‍‍ගොඩයෙක් සුළු වරදක් මත
දෙකට නැවීගෙන ආවොත්
සෙල්ලං නෑ මාත් එක්ක
මාස තුනක් මහ උළු ගෙට
.......

ඒ විදියට හොද හොද කේස් එක්ක
දවසින් දවස
මං හොද කළු කොට් ‍කාරයෙක් වගේ
අනිත් උන්ව කම්බස් කරලා
හොද ප්‍රාඩෝ එකක් අරන්
සුරුස් ගාලා ගෙදර ගිහිං
ෂපාන් එකේ
නිදා ගන්නේ ‍මෙන්න මෙහෙම..

ඩුග්...!

ඌයි..@$@$$

හපොයි මං තාම පළවෙනි වසර පොතත් අතේ තියාගෙන බස් ‍එකෙනේ... :(






ප.ලි - ඇත්තම කියනවා නම් මේක ලිව්වේ මේ පිංතුරේ නිසයි. පිංතුරේ ගත්තේ පෙරේදා හවස ගෙදර යන බස් එකේදි. මං දන්නවා මිනිස්සුන්ට මහන්සියට නින්ද යනවා. ඒකට හිනා වෙන එක හොද නැහැ. මං මේ හිනා වෙනවා නෙවෙයි. මං බස් ‍එකට නැග්ගේ ඉස්සරහා දොරින්. වෙනදට ඉන්නවාට වඩා අඩු සෙනගක් හිටියේ වාඩි වෙලා හිටිය අයගෙන් බාගෙකටත් වඩා නිදි. අනේ මන්දා විෂ වායුවක් වත් වැදිලද කියලා. ඉතිං මං හිට‍ගෙන හිටිය තැන ඉදන් බැලුවම මම දැක්කා මේ ලමයා අතේ තියෙන්නේ නීති විද්‍යාලේ පොතක් කියලා. බොරු කියන්නේ මොකටද මට මගේ යාළුවෙක්ව මතක් උනා. නිදාගෙන ඉන්න හැටි දැක්කම හිනාත් ගියා. ඉතිං ශේප් එකේ ‍මේ පිංතූරේ ගත්තා‍. කල්පනා කරාට වෙන දෙයක් ලිය වුනෙත් නෑ. ඉතිං මේටික බ්ලොග් එකේ ටයිප් කලා. මේක කිසිම වෘත්තියකට මඩ ගහන එකක් වත් හාස්‍යයට ලක් කරන එකක් වත් නෙවෙයි.. නිකං ඔහේ ලිව්ව එකක්. :)

ප.ප.ලි - නිතී විද්‍යාලේ කවුරුවත් මේක කියවන එකක් නෑ කියලා හිතනවා.. නැත්තං මට මැර ප්‍රහාර ආවොතින්..... ........ ..........................................

18 comments:

  1. හැබෑට දැන් නඩු දැම්මොත් එහෙම මොකෑ කොරන්නේ. මොකෝ ඉතින් නීති කාරයෙක්නේ ඉන්නේ?

    ReplyDelete
  2. බලාගෙන ගියහම අක්කා පැපරාසියෙක්නෙ !
    හික් lolz

    ReplyDelete
  3. lolz.

    What can I say ?

    I will get you for this :D

    ReplyDelete
  4. අම්මෝ ඔයා ඉන්න බස් වල යන්න නරකයි. මටත් බස් එකේ නින්ද යනවා හි හි හි

    ReplyDelete
  5. ලස්සනට ඇත්ත කියලා තියෙනවා.

    ReplyDelete
  6. Stupid Lawyers :D ;) Lolz!

    මේ මනුස්සයා දවසෙම නැහිල නැහිල ගෙදර ගිහිල්ලත් නැහෙන්න තියෙන නිසා බස් එකේ නිදාගත්තම ‍තවත් මිනිස්සු ඒව පින්තූර ගහල ප්‍රසිද්ධත් කරනවා. අනේ මෙහෙමත් ලෝකයක්. කරන්න වෙන වැඩ නැද්ද හැබෑටම?

    ReplyDelete
  7. අක්කා මම බස් එකේ නිදාගන්න හැටි දැක්කොත් නං ඉවරෙටම ඉවරයි :D

    එළ බ්ලොග් සටහන!

    ReplyDelete
  8. මරු අදහස. හැබැයි මිනිහෙකුට දෙයියනේ කියල නිදහසේ බස් එකේදිවත් නිදාගන්න බැරි කාලයක් ඇවිත් තියෙන්නෙ. ඒ තරමට සිංහල බ්ලොග් කරුවො අවදියෙන්.

    ReplyDelete
  9. මලී!!! ප.ප.ලි. එකේ ලිව්ව එක නම් දැන් සිද්ද වුණා හ‍රිද?
    හැබැයි,, නන්ගි,, උඹ අහුවෙයන්කො බස් එකක ඉදලා,, ගහනව හම !! :@:@
    :D:P

    ReplyDelete
  10. මම මේ බලන් ඉන්නෙ වෛද්‍ය ශිෂ්‍යයෙකුට ඈනුමක් යනකන් හරි එක්කො කලා සිසුවෙකුට **** යනකන්,

    ReplyDelete
  11. හිටියකෝ මං දාඤඤා නඩු ගොබක්! :P

    හැබැයි උලු ගෙදර නොවේ යන්නේ මාලු ටැංකියට! :P

    @චින්තක අයියා,
    අනේ මේ උඹ මොකත් කරනවා එහෙම නෑ හරිද? වෛද්‍ය ශිෂ්‍යයෙකුට කරලා වර්ජන දායි, කලා සිසුවෙකුට කරලා පෙලපාලි දායි වෙන්නේ.අනේ වදින්නම්.

    නිතී අංශයෙන් මොකෝ ඉතිං හිල් තියෙන එකේ?

    ReplyDelete
  12. ම - මං බය නෑ.. නොමිලේ සේවය සපයන ලෝ යාර් කෙනෙක් ඉන්නවානේ ;)

    තිරය- :D :D

    නොඩ්- :D :D

    මිලින්ද-ඔයා මං යන බස් වල යන්නේ නැහැ නේ???

    දිලාන්-:D :D

    එච්- ලෝයස් ලට මොකුත් කියන්න එපා හොදේ..! ලොකේ ඉන්න බුද්ධිමත්ම මිනිස් කොට්ඨාෂය උන් තමා. ඇත්ත බොරු කරන්නයි බොරුව ඇත්ත කරන්නයි වෙන කාටද ‍පුළුවන්?
    ඇයි මොකෝ? මට වෙන වැඩ නෑ තමයි! :p

    සු.සු-එහෙම දැක්ක නම් ටොපික් එක වැටෙන්නේ "හොද පුතාගේ ෆිසික්ස් පංති සිහිනය" කියලානේ :P

    නිලන්ත- :D කාටද ඉතිං ආඩම්බර නේ...

    ගවේෂණ- හුහ් මං බය නෑ..! :p ;)

    චින්තක- :-/ ඒහ් මොකෝ...

    බිංකු- මගේ සුදු බිංකු බංකුවා එහෙම කරන්නේ නැහැ නේ ඉතිං නේ මල්ලියේ. .... :p

    ReplyDelete
  13. දණ්ඩ නීති සංග්‍රහයේ 125/256 (ආ) වගන්තිය යටතේ , නිදාසිටින පුද්ගලයෙකුගේ චායාරුප අනවසරයෙන් ගෑනිම, අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරිම සහා ප්‍රවේශ පත්‍රයක් නෑතිව බස් රථයක ගමන් ගෑනිම නිසා . යුශ්මතියට පහත් සදහන් දඩුවම් නියම වේ.

    1. සතියක කාලයක් අර අයීයා සමග මල් කෑඩිම සපුරා තහනම් වේ. :-(
    2. මිනිසුන් නිදා සිටින බස් රථ වල ගමන් කිරිම සපුරා තහන්ම් ය.
    3. ඔබගේ ආරක්ශාව පතා පාපුවරුවේ ගම්න් කිරිමෙන් වලකින්න. !

    යුශ්මතිය වෑරදිකරුද ? නිවෑරදිකරුද ?

    ReplyDelete
  14. යුෂ්මතිය ගැන නම් දන්නේ නැහැ ස්වාමිනි මම නම් නිවැරදි කරු ස්වාමිනි!

    ReplyDelete
  15. එහෙනම් ඉතින් කතා දෙකක් නෑහෑ "යුශ්මතිය" තමයී වෑරදි කරු! ඔයා නෙවෙයී නේ !

    ReplyDelete
  16. අම්මෝ මෙයා යන බස් එකකවත් යන්න හොඳ නෑ. පොටෝ අරං දායි බ්ලොග් එකේ. හැබැයි ඔයා වැරදි කට්ටිය ගැන ලියල තියෙන්නේ. නඩු දැම්මොත් ඇපත් නැතිවෙයි නගෝ.

    ReplyDelete
  17. බස් වල යද්දි නිතරම නිදාගන්න කෙනෙක් හැටියට මං නම් මේ වැඩේට විරුද්දයි. මේකෙ මූන පෙන්නෙ නැති හින්දා එච්චර අවුලක් නැ වගේ. මෙහෙම හොරෙන් ෆොටෝ අරගෙන ප්‍රසිද්ධ කරන එක එක හරිද හැබෑට? ඔය මනුස්සයා මේක දන්නවා නම් සමහරවිට ඇත්තටම උනත් නඩුවක් දාන්න පුලුවන්.

    ReplyDelete
  18. මේකිව මරල මදි කරල තියෙන වැඩේට :D :D

    ReplyDelete