Thursday, April 23, 2009

සින්නදොරෙයිගේ පුංචි ලෝකය


මං මේ ලියන්නේ මෑත කාලයේ මම කියවපු තවත් පොතක් ගැන.හරියටම කියනවා නම් මේ‍ පොත මගේ අතට ආවේ ගිය ඉරිදා උදේ. ඒත් දැන් තමයි කියවලා ඉවර උනේ ‍ඒක ලැබෙන කොට මං තව පොත් දෙකක් කියවමින් හිටියේ 1.කල්කි‍. 2. 1984. ඒ දෙකම පැත්තකින් තියලයි මේක කියෙව්වේ. නම දැක්කම මට හිතුනේ පුංචි ලමයිනේ‍ගේ කථාවක් කියලයි‍. පොත දුන්නු කෙනා දුන්නෙත් ඔයා මේ කථාවට ආස වෙයි කියලයි. අනේ මන්දා මං ගැන කොහොම නිවැරදි පූර්ව නිගමන ගන්නවද කියලා. කිව්ව දේ හරියටම හරි. මම ආ‍සාවෙන් කියවපු තවත් පොතක් තමයි මේක. සමහර විට ගොඩක් අය කියවලා ඇති පොත තමයි "සින්න දොරෙයිගේ පුංචි ලෝකය"

පොත ලියලා තියෙන්නේ
ගුණසිරි ජයවර්ධන කියන ලේඛකයා. අන්තර්ජාලයෙන් මට එයා ගැන වැඩි විස්තරයක් හොයගන්න බැරි උනා. ඒනිසාත් තව මම කැමති පොතට නිසාත් පොත ගැන විතරක් කියන එක හොදයි ව‍ගේ‍‍..
‍කෙටියෙන්ම කියනවා නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි " මට පුළුවන් කමක් තියනවා නම් මේ ලංකාවේ ජිවත් වෙන හැම පවුලකටම මම මේ පොතෙන් පිටපත බැගින් දෙනවා. " මං කියවපු පොතත් පරණයි ඒත් ඒ කථාව බොහෝම අපූරුවට අතීතය හා වර්තමාණය අතර ඔන්චිල්ලාවක අපිව තියලා පද්දනවා. සමහර තැන් වලදි බොහොම රිදෙන්න ‍‍ඔළුවට ටොක්කක් දීලා අපි අතින් ගිලිහි ගිය සුන්දර ගම්මානය ගැන මතක් කරලා දෙනවා.අපි අතින් මග හැරි ගිය යුතුකම්.. අන්‍යජාතීන් සමග තිබුනු සහජීවනය ගැන මතක් කරනවා. හැබැයි කියවෙන්නේ සල්ලි ලැබෙන්න කලින් රබර් කිරි කපාගෙන ගො‍යමේ කුඹුරේ වැඩ කරගෙන හිටිය අපේම කලින් පරපුර ගැන. ඒ එක්කම අද මේ මොහොත වෙනකොට අවසානයට ලගාවෙමින් තියනවා කියන යුද්ධයේ ආරම්භය හා දෙමළ මිනිසුන් පීඩාවට පත් කල යුගයත් දකුණේ තරුණයන්ගේ විප්ලවයේ පැතිත් දේශපාලනය හා ‍තවත් මේ ශ්‍රී ලංකාව තුල අහු මුලු වල ජිවත් වෙන මිනිසුන්ගේ ජිවත වලින් අඩුම කුඩුම අරන් හැදිච්ච රසවත් කෑමක් වගේ පොතක් කියලා මේ පොත ගැන හදුන්වන්න පුළුවන්.
ගොඩක් ලියන්න හිතෙන්නේ නැහැ. ඒත් පුළුවන් නම් හැම කෙනෙක්ම පොත කියවන්න කියන්න හිතෙනවා. හැබැයි හොයා ගන්න තියෙයිද දන්නේ නැහැ. මොකද පොත මුද්‍රණය කරලා තියෙන්නේ 1992 වසරේ. සමහර විට පුස්ථකාල වල ඇති. කොහෙන් හරි හොයන් කියවන්න.මොකද දන්නවාද අමාරුවෙන් ඉවර කරගන්න දගලන යුද්ධය නැවත ඇතිවෙන්න පුළුන් විදියේ පළමු වෙඩි මුරය අපේ පරම්පරාවෙදිම පත්තු වෙන්න දෙන්න අපිට බැරි හින්දා‍.

තව දෙයක් මේ පොතට 1993 ජනතා සාහිත්‍ය උළෙලෙදි ‍මැක්සිම් ගොර්කී සම්මානය හිමි වුනා කියලා පොතේ මුල්ම පිටුවේ සීල් එකක් ගහලා තියනවා.!

මෙහෙම අහිංසක මිනිස්සු මරලා තමයි අර උතුරේ වල් හැත්ත ඊලම් රාජ්‍ය ගො‍ඩ නගන්නේ. අපේ මේ එක මිනිහෙක් ගේ තුන් හිතකවත් තියනවාද මේ සීයයට දොළහක් විතර ඉන්න පොඩි ජාතිය බෙල්ලෙන් අල්ලලා රටම අපි අයිතිකර ගන්න ඕනෑ කියලා. පොඩි ජාතිය අපේ මිනිස්සුන්ගේ බෙල්ල උඩයි ඇග උඩයි හැමතැනම වහලා කණත් විකනවා. මේ කිසිම ගාණක් නැතුව තෝමිස් බාප්පගේ රබර් කිරිල්ලක් ගැන කතා කරලා සංතෝස වෙනවා. ඒ යාපනේ පැවැත්තුව රැස්වීමෙදි මං කෝප උනේ මේ ගැන නියත හැගීමක් මගේ තියනව නිසයි. ඒත් මාත් කටයුතු කෙ‍රුවේ එක්කෙක් දෙන්නෙක්ගේ වරදකට ඒ මනුස්ස සංහතිය එක්කම කෝප වෙලා. ‍රාසයිය මාමා, ඊශ්වරී,සිත්තම්මා,පෙරිය අම්මා,පෙරිය අප්පා,තරම් යහපත් ගතිගුණ තියන මිනිස්සු අපේ අතරෙවත් නෑ.පරිවර්තනය පටන් ගැනෙන්න ඉස්සර වෙලා දීපනුත් ඒ තරම්ම හොද යහපත් කෙනෙක්. ඒත් අන්තිමට දීපන්ට මොකක් සිද්ධ වුනාද කියලා මට නම් හිතා ගන්න බෑ‍‍......

9 comments:

  1. I read this book abt 8 years ago ... still remember some parts of it . can you tell the publisher details for me to buy and read it again.

    Nice to see people reading books these days. and blog abt it

    ReplyDelete
  2. මගේ ආර්ථිකය කඩා වැටිලා නිසා මේදවස්වල පොත් ගන්නේ නම් නැහැ ඒත් බලමු මේක හොයා ගන්න පුළුවන්ද කියලා

    ReplyDelete
  3. @ x & ම - මේ පොත කඩවල් වල ගන්න තියෙයිද කියලා මට ෂුවර් එකක් නෑ. පුස්තකාලෙක වගේ හොයලා බැලුවොත් හොද වෙයි. කොහොම උනත් පොත මුද්‍රණය කරලා තියෙන්නේ
    "ශ්‍රී දේවී ප්‍රින්ටස් ලිමිටඩ්= දෙහිවල " දන්න තරමින් මෙතන පොත් විකුණන්නේ නැහැ.
    සරසවි එකෙන් ගන්න පුළුවන් වෙයි සමහර විට. එහෙම නැති වුනොත් කියන්න ගුණසිරි ජයවර්ධන මහත්මයාගේ දු.ක අංකය දෙන්නම් කථා කරලා ‍හොයලා බලන්න.

    ReplyDelete
    Replies
    1. මම කියවපු ගොඩක් ආසම පොතක්. ඒ මහත්තයගෙ නම්බර් එක දෙන්නකෝ. මට ඕනෙ ඒ පොත.

      Delete
    2. This is almost 10 years old post. But i ll try to get the number fr you. - Malee_Msg

      Delete
  4. ecH, ඔබ පොත් කඩයක්දෝ? නැතහොන් පොත් දැන්සලක්දෝ?

    ඉල්ලා ගත්ත දේ නො දෙන ඒකේ ඇයි දෙන්නේ මන්දා?

    ReplyDelete
  5. අපෝ බින්කු ඔය මෙහෙ උන්ගේ හැටි දැක්කම ඉල්ලන් යන්වා කියවන්නෙත් නැහැ ගෙනත් දෙන්නේත් නැහැ නොදුන්නොත් තරහත් වෙනවා

    ReplyDelete
  6. @ Binku - මරණයගෙ කතාව තමයි. :(

    ඒ විධියට එක එක්කෙනාට දීල මගේ පොත් 8-8ක්ම නැතිවෙලා තියෙනවා. කවුරු හරි කියවනව නම් කමක් නෑ පෙට්ටගං අස්සෙ ගහං ඉන්නෙ නැතිව.

    ReplyDelete
  7. මාස ගානකට පස්සේ කමෙන්ට් කරන එකට සොරි වෙන්න ඕන. මම මේ පොත කියවලා තියෙනවා. මට මතක හැටියට ගමේ පුස්තකාලෙන් ගෙනල්ලා තමයි කියෙව්වේ. මහන්සි වෙලා හොයාගෙන කියෙව්වට පාඩු නැති පොතක්.

    ReplyDelete