Thursday, April 16, 2009

උවමනා කර තිබේ..!!!!!




ප.ලි -
මිනිස්සු යක්කුන්ට බය හින්දා ‍
සොහො‍නේ ගෙවල් හදන්නේ නැහැනේ
ඒත් මං හැමදාම හිතනවා
මැරිච්ච මිනිස්සුන්ටයි යක්කුන්ටයි හොල්මං වලටයි භූතයන්ටයි වඩා
ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට බය වෙන්න ඕනි කියලා
ඉතිං මං මිනිස්සුන්ට බය හින්දා
සොහොනේ ගෙයක් හදා ගන්නවා.
මීට පස්සේ මට මිනිස්සු එක්ක ආශ්‍රයක් නෑ
මං ඉන්නේ යක්කු එක්ක
......




17 comments:

  1. ඔවු නගා.සමහරක් මිනිස්සු වැඩ කරන්නේ හරියට හිතක් පපුවක් නැ වගේ.උන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න තරමට හොදා.හැබැයි ඔය වෙස්මුණු නම් කවද හරි ගැලවෙනවා.

    ReplyDelete
  2. යක්කුත් එක්ක හිටියට කමක් නැහැ.
    හැබැයි යක්කුන්ගෙ ඇඟිලි මහනව හෙම නෙවෙයි හරිද?

    ReplyDelete
  3. මම හිතන්නෙ අර ඉදිකට්ටෙ විස දැන් තමා වැඩ කරන්නෙ. දැනටම මොලේට ගිහින් වගේ.

    ReplyDelete
  4. පිට ගැස්මට මොලේත් කචල් වෙනවද මන්දා

    කොහොම උනත් සත්තු, අමනුස්සයෝ, හොල්මන්, යක්කු, සේරටම වඩා මේ මිනිහා තමා දරුණුම

    ReplyDelete
  5. යක්කුන්ටයි හොල්මං වලටයි භූතයන්ටයි වඩා සුන්දර මිනිස්සු ජීවත්වෙල ඉන්නවා අක්කේ. අපේ දුර්වලකම තමා ඒ සොඳුරුකම මතුතරගන්න බැරිකම.

    අනික අක්ක සොහොනෙ ගෙවල් හදන්න යන්න ඕනෙ නෑ. මම ගෙයක් හදල තියෙන්නෙ. අක්ක එන්න අපි දෙන්නම යමු ඒකට. මම ආසයි මිනිසුන්නේ සොඳුරු බවට. ඒ නිසා මම අක්කට බය වෙන්නේ නෑ. අක්කටත් මගේ සොඳුරුගති අත්විඳින්න පුළුවන්නම් අක්කත් මට බයවෙන්න ඕනෙ නෑ.

    ReplyDelete
  6. යකාගෙ කතාවක්නෙ...

    ReplyDelete
  7. Balagena yakku yayi sohona atha erala,samaharu minissunge weradi gena katha karanne hariyata thaman e rahey kenek nevey wagey,

    ReplyDelete
  8. අම්මටසිරි... යක්කු හොල්මන් කරනවා වගේනේ...
    මාර කතාවක්...

    ReplyDelete
  9. හතුරන් සහ මිතුරන් දෙගොල්ලොම වෙස් මූණක් දාගෙනයි ඉන්නේ. ඉතිං ඇත්ත හතුරා හෝ මිතුරා හඳුණාගැනීම අභියෝගයක්.

    මිනිස්සු අතරෙ යක්කු ඉන්නවා වගේ යක්කු අතරෙත් මිනිස්සු ඉන්නවා. මොකද දැන් යක්කුත් අහිංසක වෙස් මූණු දානවා.

    ReplyDelete
  10. යක්කු කලු නෑ බන් ඔච්චරම. අක්කා කියන්නේත් යකාගේ කතවක්ම තමා ඉතිං, ඉඳි කට්ටේ ගැස්ම නම් දරුණුයි තමා!

    ReplyDelete
  11. ගනං ගන්න එපා මලියෝ...
    ඕවා ඔහොම තමයි..

    ReplyDelete
  12. ඈයී මේ වෙස්මුනකුත් දාගන , බ්ත්තර කට්ටක් අස්සේ හෑන්ගිලා සමාජයෙන් ඈත් වෙන්න වගේ යන්නේ, ඔයාගේ හිත රිදෙන මොනවාහරි ලොකු දෙයක් වෙලා තියනවා.

    කතාවනම් ඈත්ත, දෑන්කාලේ කිසිකෙනෙක් විශ්වාස කරන්න බෑහෑ. අඩුම තරමින් අපි ලගින් ආශ්‍රය කරන උදවිය පවා... හෑබෑයී අපේ රයීගමයා කිව්වා වගේ සොදුරු මිනිස්සුත් නෑතුවාම නෙමේ හෑබෑයී එ අතොලොස්සයී.

    ReplyDelete
  13. අපොයි මේ පිස්සිට මේ මොනවා වෙලාද? පිස්සුව නැති කරගන්නද යන්නේ?

    (නංගී මිනිසුන් ගැන කලකිරිලා හැංගෙනවට වඩා හොද නැද්ද එකම එක මිනිසෙක් හරි හොයා ගන්න එක. එහෙම එක මිනිසෙක් හරි ඉදිවිනෙ. අපි අපිව නැති කරගන්න ඔනෙද මේ මිනිස් වෙසින් එන අයගෙන්.අපි හැංගෙන්නෙ මොකටද? අපේ දැක්මට අපි නිවැරදියි නම් අපි භය වෙන්න ඔනේ නෑ.මම හිතන්නේ එහෙම. මොලේ අවුල් අය ඔනෙ දෙයක් කියාපුදෙන් අපි අපි වගේ ඉමු...)

    And i love devils too.. hi hi hi..

    ReplyDelete
  14. සෑ.......හෙන කා......ලෙකින්
    ගෙයක් හදනවානම් වීදුරු වලින් නැතුව හදන්න වෙයි.... සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  15. දැන් ඔහොම හිතුනට ටික දවසක් ගියාට පස්සෙ යක්කුන්වත් එපාවෙනව. පුරුදු තැන හොදා කියල හිතෙයි.මේ කියන මමත් ඇතුලත්ව හැමෝම ඇතුලෙ යකෙක්ගෙ බාගයයි මිනිහෙක්ගෙ බාගයයි තියෙනව. ඒක ඉතින් අපේ ස්වභාවය නෙව..
    කබි අල්විදා නා කෙහෙනා කිව්වලු..

    චානක කියනව වගේ යක්කු එක්ක හිටියට කමක් නැ යක්කුන්ගෙ ඇගිලි හෙම මහන්න එපා බොලන්..

    ReplyDelete
  16. අදහස් දක්වලා හිතට හයිය දුන් හැමෝටම ස්තූතියි.. ඔය කියන සොහොන තියෙන්නෙත් යක්කුයි මිනිස්සුයි ඉන්නෙත් අපි අතරෙම තමයි!

    ReplyDelete