Saturday, April 11, 2009

මගේ වීර ක්‍රියා - 11.04.2009


මේ වගේ පිංතූර දකිද්දි මට හැම වෙලේම හිතුන දෙයක් තමයි මේ මිනිස්සු මේ විදියේ කටු ඇනෙනෙ කොට රිදෙන්නේ නෑ වගේ ඉන්නේ කොහොමද කියලයි.. ඒත් ඉතිං මං අද දැන ගත්තා ඒකත් එච්චර ගේමක් නැති සිම්පල් ප්ලෑන් එකක් කියලා... මටත් වැඩිය මොකුත්ම උනේ නැහැ. මැෂින් එකේ මහ මහ ඉන්නකොට ඉදිකට්ට ඇගිල්ල පොඩ්ඩක් මහන්න හදපු එක විතරමයි උනේ.

‍මේ වගේ වීර ක්‍රියාවක් කරන්නේ මෙහෙමයි... මහන මැෂිමක මහන්නකෝ‍.. ඔයාගේ වාසනා ගුණයන් අනූව ඉදිකට්ට ඇනෙනවද නැද්ද කියන එක තීරණය කරයි.. මට නම් ඔන්න වාසනාව තිබ්බා.. ඉදිකට්ට වම් අතේ මහපට ඇගිල්ලේ නියපොත්ත උඩින් ඇතුලට ගිහින් අනිත් පැත්තෙන් එළියට ආවා නූලත් එක්කම. බය වෙන්න එපා ලේ එන්නේ නෑ එක පාරටම...එහෙම උනාම කැමති නම් කෑ ගහන්න පුළුවන් නැත්තං මං වගේ අම්මට කථා කරන්න පුළුවන්..( ඒත් අපේ අම්මා වගේ ‍‍කලබල වෙන අයට කථා නොකර ඉන්නවා නම් හොදයි) ඊට පස්සේ.. තමුන්ම මැෂින් එක කරකවලා ඉදිකට්ට උඩට අරන් පරිස්සමින් ගලව ගන්න. ඒ වෙලාවේ අඩන්න එපා. මොකද කලබලේට මොනා වෙයිද දන්නේ නැහැ නේ.. ඒක නිසා හිතට ධෛර්ය අරන් ඉදිකට්ටත් එක්කම ඇගිල්ල උඩට අරන් පරිස්සමෙන් ඉන්න තැනින් නැගිටලා එන්න. ඔය වෙලාව වෙනකොට අහල පහල දෙතුන් දෙනෙක් එයි.. ඉතිං ඊට පස්සේ හැකි ඉක්මනින් වෛද්‍ය වරයෙක් ළගට ගිහින් ‍ඉදිකට්ට ගලවලා බෙහෙත් දාගන්න විතරයි ‍තියෙන්නේ.

පොඩී සංකීර්ණ වැඩකට තියෙන්නේ පිටගැස්මට කියලා ඉංජක්ෂන් 3ක් විදගන්න වෙනවා..බොන්න බෙහෙතුත්‍ දෙනවා.. එතනින් වැඩේ ඉවරයි.. බලන්න කොයි තරම් සිම්පල් ද කියලා...පිංතූර සහිතව වැඩි විස්තර ඕනි නම් පහල පිංතූර බලන්න. බය‍ වෙනවා වගේනම් බලන්න එපා ඔන්න.

ආ.... අවසාන වශයෙන් මාගේ මේ වීර ක්‍රියාව අවසානයේ මා වෛද්‍යවරයා වෙත රැගෙන ගිය මගේ අම්මා.. ක්වින්ටස් අංකල් හා ත්‍රීවිල් අයියාට මගේ ප්‍රණාමය.. දුක වේදනාව විමසීමට පැමිණි අසල්වාසීන්ට හා පරිස්සමක් නැතුව වැඩකරනවා යැයි මට පරිභව කල මගේ මිස්ටර් සතුටට ස්තූතිය. :D








සැ.යු - ඉහත ජයාරූප නිළ ජයාරූප ශිල්පියෙකු විසින් ගන්නා ලෑබු ඒවා නොවන බැවින් ප්‍රමිතිය ගැන සමාවන සේක්වාහ් !

59 comments:

  1. අනේ අප්පේ අවුරුද්ද කිට්ටු වෙලා ඔයා කර ගත්තු දෙයක්.වෑඩේ තියෙන්නේ එහෙම තියෙද්දිත් photoes ගන්න ඔයාට පුලුවන් වෙච්චි එක .ඒකනේ විර ක්‍රියාව.එත් නංගි මේ වගෙ විර ක්‍රියා නම් ආයෙත් කරගන්න එපා.ඔයාට ඉක්මන් සුවය ලබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  2. ෂහ්.. හරිම වීර ක්‍රියාවක්නෙ කරල තියෙන්නෙ. මලීත් බලාගෙන යනකොට ජාතික වීරයෙක් වගේ තමයි. වීරයන්ටත් ඉගෙනගන්න පුළුවන් හදිසි වීර ක්‍රියා වලදි අනතුරක් එහෙම වුණෙත් ගතයුතු ක්‍රියා මාර්ග නේද?

    වෙළුම් පටි ගැලෙව්වට පස්සෙ ඇඟිල්ල හරහා අහස බලන්නත් පුළුවන් වෙයි නේද?

    ReplyDelete
  3. අපොයි, මෙච්චර රහ කරලා කියන්නේ මොකෝ? උඹ නම් හැදෙන්නේ නැහැ මලී අක්කේ, දවසක කඩුවක් පාසා කරලා ගියත් ඔහොම කියයිද මන්දා. හික්ස්, එහෙමත් නෙමේ, වැඩේ කියන්නේ ඔය කටුවේ කියෙන්න පුළුවන් විෂබීජ ගැන තමා. සතුට එක්ක මට බනින්න තමා වෙන්නේ, පරිස්සම් වෙනවා ඕයි. ඒ අස්සේ පින්තුර ගන්නත් එනවා මෙතන. ඔස්කාර් එකක් දෙන්න ඕනේ උඹට අක්කේ.

    කොහොම වෙනත් අක්කට හැට්ට කටු ඉඳිකටු ජරමර නැති සිංහල දෙමළ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  4. අම්මෝ..ටින් ටින්ගෙ වීර ක‍්රියා ප‍රාදයි නෙව මලීගෙ වීර ක‍්රියා..යකෝ ඕක ඇගිල්ලෙ තියෙද්දි ෆොටො ගැහුවෙ කොහොමද?? :O :O
    ඇටකටුවට මුකුත් වෙලා නැතුව ඇති කියල හිතනව..

    ReplyDelete
  5. @ ech :
    කැස්බැවා විය සිදුරෙන් අහස බැලීම නොහොත්
    මලී නිය සිදුරෙන් නව සද බැලීම. :D:D lolz.

    ReplyDelete
  6. හත්වලාමයි මලී අක්කේ, මොකක්ද හැබැටම මේ කරගත්තු වින්නැහිය! :P ඔය වගේ දෙයක් මට වුනොත් නං ෆොටෝ එකක් ගන්නවා තියා............ :D

    ReplyDelete
  7. අනේ අම්මෝ! මගේ නම් ඇග හිරි වැටෙනවා.මෙයා නම් මාරයි.ඒ අස්සේ පොටොත් ගන්න කියලා.

    ReplyDelete
  8. මලීගේ වීරක්‍රියා පොතේ පළවෙනි පිටුවෙ ලියන්න හොද සටහනක්..ඔයාට තිබ්බ වාසනාව වෙන කාටවත් නොතිබේවා කියල ප්‍රාර්ථනා කරනව!

    ReplyDelete
  9. කණගාටුයි..... ඉක්මනින් සනිපවේවා!

    විවි - දෙක වසර රෝස පන්තියේ හික්.. ඉන්කොට ප්‍රායෝගික පුහුණුව සඳහා Unichela යද්දි නිතරම හිතුන දෙයක් තමා.. මේ මහන ළමයිට බය නැද්ද කියලා, කටුව ඇනෙන එක. අදමයි මම මෙහෙම දෙයක් හැබැහින් දැක්කේ. :(

    හැබැයි පාසැලේ 6වසරෙ සිටිද්දි වාර විභාගය අවසානයේ යාලුවෝ අමුතු සෙල්ලමක් පටන්ගත්තා. ඒ "ස්ටෙප්ලර්" එක අරගෙන හැමෝගෙම කමීස වල කටුගහන එක.

    එහෙම කළ එක යාලුවෙක් කලබලේට ඔය මලීට උනා වගේ තමන්ගේ මහපට ඇගිල්ල උඩ ඇනිලා තිබ්බා. වේදනාව ගැනනම් කියලා වැඩක් නැ.

    තව සිද්දියක් උනා පොඩිම කාලේ.
    ඔන්න කට්ටිය කෙනෙක් වාඩිවෙද්දි පුටුවට පැන්සල තියන්න පටන්ගත්තා (මේක මහ නරක වැඩක්)

    එක ළමයෙක් පැන්සලේ තුඩ තමන්ගෙ ඇගිල්ලට සිටින සේ ඇගිල්ල උඩ තබා පැන්සල තිබ්බා. අනික් ළමයා වාඩි උන ගමන් උඩ තිබ්බ කෙනාගෙම ඇගිල්ල ඇතුලේ. :-/

    දිට්ඨධම්මවේදනිය කර්‍ම..
    මමත් ඉතින් දවසක් පොඩි කාලේ නාලා සබන්ගාගෙන ලොක්කා වගේ වතුර එක ඇගට හලා ග්නන ගිහින් "වතුර සහිත" ලිස්සලා කකුලෙ මහපට ඇගිල්ල උඩ දාගත්තා.

    හපොයි.. මතක්වෙද්දිත් ඇග හිරිවැටෙනවා..
    මට නියපොතු දෙකක්ම මාරු කරන්න උනා.

    ඉක්මනින් සනීපවෙන්න. :)

    ReplyDelete
  10. පොස්ට් එකට වඩා කමෙන්ට් එක දිග නැනේ ;-)

    ReplyDelete
  11. ඇඟ කිළිපොලායන වීරක්‍රියාවක්නේ කරලා තියෙන්නේ මලී නගා. ඒ අස්සේ photoත් අරගෙන. ඔයාට නම් මටත් වැඩිය පිස්සු.

    ReplyDelete
  12. @උන්මත්තක

    සිංහලෙන් ඇබ්නෝමල් කියලා, කියලා තියෙන්නේ එකනේ :P

    ReplyDelete
  13. @නුවන් - අනේ ඕකම තමයි අයියා හැමෝම කියන්නේ අවුරුද්ද කිට්ටුව මදැයි කරගත්ත දේ කියලා..හික් හික් මොබයිල් එකේ ශෝට් කට් කී එකක් තියනවා ඒ වැ‍ඩේට. ස්තූතියි මට වැඩ ගොඩක් තියනවා කරන්න ඉතිං ඉක්මනට සනීප වෙන්න ඕනි තමා.

    @එච්-කාටද ඉතිං ආඩම්බර ආ..‍? ඒක තමයි මගේ ලිපියේ ප්‍රධාන අරමුණ අනිත් අයට කලබල නොවී වැඩ කරන හැටි කියා දීම.

    නෑ නෑ මං දානවා ඇගිල්ලට කරාබුවක්!

    @බංකු බිංකු- හිකි හිකිස්.. මෙන්න මෙයා මට බනිනෝ....!!! එහෙම තමයි මල්ලි වේදනාව විදීමක් කරගෙන සතුටු වුනාම රිදෙන එක අඩුවෙනවා.

    ආ.. එසේම වේවා පොඩ්ඩෝ...!

    @ගවේෂණ - ටිං ටිං ට ඉදිකටු ඇනුනේ නැහැනේ.?
    මොබයිල් එකෙන් ගත්තේ සිම්පල්
    නෑ නෑ ඇටකට්ටට ඉදිකට්ට ඇනිලා නෑ

    අහස බලන්න නෙවෙයි.. මං කරබුවක් දාන්න ඉන්නේ.

    @ සුපුන්සුදා - අපෝ ඔහොම බය වෙලා බෑ..! මේකනේ මල්ලි තනියෙන් හැදෙද්දි ඕන දේකට රෙඩි වෙන්න එපැයි. ඉතිං ටිකක් දරාගැනීමේ ශක්තිය තියනවා.

    @ කැඩපත - කිව්වේ නෑ කිව්වෙ නෑ මංම ගත්තා

    @ පොතේ ගුරා- මේ තුන්වන හෝ හතරවන වීර ක්‍රියාව බුහාහාහාහ!
    අනේ ඔව් මේ වාසනාව මට විතරක් තිබිද්දෙන්!

    @ඩනිෂ්ක - ස්තූතියි!

    මටත් කිහිප විටක් වෙලා තියනවා.
    වතාවක් ඇහේ කෝට්ටක් ඇනුනා ( පොඩි කාලේ )
    වතාවක් පුත්තලම පැත්තේ පාලු ලිදකට වැටෙන්න ගියා (11 වසරෙදි)
    නැ නෑ දිග වැඩි නෑ

    @ උන්මත්තක - හික් හික්.. ඇත්තටම මේකයි පිංතූර නැතුව සිද්ධිය කියන්න ගියා නම් කට්ටියට විස්තර කරලම මට පිස්සු හැදෙනවා. ඊට වඩා මේ ක්‍රමේ හොදයි. අනික මට මතක සටහනකටත් හොදයිනේ..

    @ ඩනිෂ්ක - ගර්ර්ර්ර්ර්

    ReplyDelete
  14. හප්පා මේ මොකද්ද කර ගෙන තියෙන්නේ, මොනවා උනත් ගට් එක අගය කරන්න වටිනවා.

    ReplyDelete
  15. "වතාවක් ඇහේ කෝට්ටක් ඇනුනා ( පොඩි කාලේ )
    වතාවක් පුත්තලම පැත්තේ පාලු ලිදකට වැටෙන්න ගියා "

    කෝටුව වැදුනේ ටාසන් කරන්න ගිහින්ද? හික්
    මට නම් ගානට උනා...

    ලිද ගැන නම් මට පොස්ට් එකක් ලියන්න පුලුවන් මාතෘකාව "දෙවරක් දිය යට ගොස් අහම්බෙන් බේරීම"

    --හේතුව: 3 වසරෙදිද කොහෙද පනිට්ටුවේ බරට වතුරත් එක්කම ආයෙත් ලිදට වැටුනා, වෙල ලඟ නිසා ලිද එච්චරම ගැබුරක් නැ... :D

    පාලු ලින් කියන්නේ පාවිච්චි නොවන එකකටද? එහෙමනම් මම වැටුවේ පාලු නොවන ලිදකට හික්..

    ReplyDelete
  16. පිස්සු හැදෙන සඳ. ඔන්න බලමුකො ඇබ්නෝමල් මයිඬයක රඟ. photos අරගෙන ඉවරවෙලා වෙන්නැති සිද්දිය මාධ්‍යට දෙන්න ඇත්තෙ. නැත්තං ඇඟිල්ලෙ ඉඳිකට්ටක් ඇනගෙන ඒක photo ගන්නව කියල ගෙදර මිනිස්සු දැනගත්තනං කට්ට ගලවන්න කලින් මලියව අංගොඩට දක්කයි.

    ReplyDelete
  17. බුදු අම්මෝ බයේ බෑ.
    මෙච්ච‍ර දෙයක් වෙලා තව පින්තූරත් අරගෙන.

    හොඳයි හොඳයි, ඉක්මනට සනීප ක‍රගෙන උදාවෙන නව වස‍රට නිය සිදුරෙන් නව සඳ බලන්න. :P

    අර ක‍රාබුව ඊට පස්සෙ ඕන්නං දාගන්න. :P

    ReplyDelete
  18. හපොයි මෙයා කරන දේවල්. අනිවා වෙනින් මොකක් හරි කල්පනා කරන ගමන් මහන්න ඇත්තෙ. ඔය පින්තූරෙ දැකල දැන් මගෙ වම් මහපටැගිල්ලත් රිදෙනවා රිදෙනවා වගෙ.

    ReplyDelete
  19. මලල සේකර !!! :-O

    මටත් ඔය වගේ "පොඩි" අස්පට් එකක් වෙලා තියනව.

    වැඩිදෙයක් නෙවේ, පරණ ලාච්චුවක් සුද්දකළා බිම දනගහගෙන. ඒකෙ තිබ්බ ලට්ට ලොට්ට බිමට හළලා. දන්නෙම නැතිව ඩ්‍රෝවින් පින් එකක් උඩ දණහිස තියල !@#$%^&*.

    මුළු ඇඟෙන්ම 1/2 බර එතනට තිබ්බ නිසා අපහසුවක් නැතිව ඩ්‍රෝවින් පින් එක ඇතුලට ගිහිං තිබ්බා කකුලෙ පහළිං ඉඳං එන අස්ථිය දනහිසේ රවුං අස්ථියට සම්බන්‍ධවෙන තැනිං.

    වේදනාවක් නං දැනුනෙ නෑ. (සිරාවට !) හෙමීට ඩ්‍රෝවින් පින් එක ඇදල දැම්මා එළියට. කාටවත් කිවුවෙත් නෑ. දවස් 3න 4ක් යනකං දනහිස නවන්න පොඩි අමාරුවක් තිබ්බා.

    --

    පලි :

    දැං අපේ බාස්උන්නැහේ කියයිද දන්නෙ නෑ සිංහල බ්ලොග් කරුවන් ජාතික වශයෙන් වැදගත් වෙන දේ ගැන ලියන්නෙ නැතිව ඉදිකටු ඇනිච්ච ඒව ගැනත් බොලොග් ලියනවය කියල.. හිහි !

    ReplyDelete
  20. කුසල් - කරගත්ත දේ නෙවෙයි.. වුන දේ කිව්වේ..ගට් එක කිව්වේ කට්ට වගේ තව දෙයක්ද? :p

    ඩනිෂ්ක - හප්පා..කවුද ඉතිං ගොඩ ගත්තේ?

    නෑ නෑ මං ටාසන් සෙල්ලම් කලේ නැහැනේ. මට ඉතිං සෙල්ලං කරන්න කවුරුවත් නැති හින්දා තනියම ලොකු හුලං පුරවපු බෝලයක් එක්ක සෙල්ලම් කරනකොට ඒක වැට අනිට විසි වෙලා ගියා. ඒක ගන්න පාත් වෙනකොට වැටේ තිබ්බ කෝට්ටක් ඇහේ ඇනුනා.

    ‍ළිද පාවිච්චි නොකරන එකක් වටේ බැදලත් නෑ බැලු බැල්මට ළිදක් තියනවා කියලා පෙන්නේ නැහැ. වල් හබරල වැවිලා ඒයින් මල් කඩන්න ගිහින් ලිස්සලා ගියා අක්කා කෙනෙකුයි මායි විතරයි හිටියේ අපි ඉතිං දන්නේ නැහැ නේ. වලක් කියලයි හිතුවේ. සකිට් එක ඇතුලට ගියාම එ‍කේ වැඩ කරන අය කිව්වේ ලිදක් කියලා අඩි 6 ක් විතර ගැඹුරුලු

    නිලන්ත - පිස්සු... අපි කාටද බය?
    ඔව් ඔව්..ෆොටෝ ගත්තේ ප්‍රසිද්ධ මාධ්‍යට දෙන්න නෙවෙයි. මට ඒක ගැන හිතෙන එක අමතක වෙන්න.

    චතුර - ඉතිං නරකද හා???
    ස්තූතියි.. මේ මර වැහි අස්සේ මොන හද බැලිලිද? කරාබුව දාන එක තමයි කොරන්න පුලුවන් වෙන්නේ.

    සුසිත - මම මොකුත් කලේ නෑ අප්පා..අනික මොකුත් කල්පනා කලෙත් නෑ නෑ මයි..! හිකිස් ඉස්සර මගෙත් යාළුවෙක් හිටියා අනිත් අයට මොනා හරි උනාම එයා අඩනවා.. හික් හික්

    සුපුන් - කෝ??
    ඉව්...!!! රිදුනේ නෑ කියලා ශුවර් ද ??/

    මොන බාස් උනත් මට කමක් නෑ මං උන්නැහෙලාගේ එව්වට හොට දාන්නේ නැහැනේ. ඉතිං මගේ දේවල් වලටත් හොට නොදා ඉදියි කියලා මං හිතනවා. දැම්මොත් එක දැම්ම වෙලාවට බලා ගමු

    ReplyDelete
  21. කටු ගැන කියද්දියි මතක් වුණේ. අපේ ආයතනේ තියෙනව කට්ටිය එක එක කණ්ඩායම් වලට බෙදිල පොදු වැඩ කරන 'කව'. ඒවයින් වෙන කිසිම දෙයක් නෑ රැස්වීම් තියෙනව ඇරෙන්න.

    අපි ඒවට කියන්නෙ කව කට්ට කියලා :D

    ReplyDelete
  22. පිස්සු නැත්තං ෂෝක් පුතා කිව්වලු! අනෙ අම්මෝ රිදුන්නැද්ද ඔයාට?? හැබැයි හොඳට සිහි බුද්ධිය කල්පනා කරල ඉදිකට්ට මැෂින් එකෙන් පන්නලා එහෙම්ම දොස්තර ළඟට ගිය එක හොඳයි. මට උනා නම් ෂුවර් එකට ඉදිකට්ට ඒ වෙලාවෙම ඇදලා අයින් කරන්න ගිහින් එක විකාරයක් කර ගන්නවා.
    අනේ ආයි මහන්න යනකොට අර තිම්බල් එකක් දාගන්න හොඳේ :P
    ප.ලි : ටයිප් කරන්න අමාරු නැද්ද හැබෑට ඔහොම?

    ReplyDelete
  23. පිටගැස්මට ‍බෙහෙත් විදින එක හොඳයි
    නියපොත්ත කළු වේවිද දන්නැහැ හොඳවෙන කොට
    අනේ ඉක්මණට සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ගෑණු ළමයි බොරුවට නැළවෙන්නේ නැතුව මේ වගේ ඉවසීමෙන් වැඩ කරන එකට මාත් ගොඩක් කැමතියි.

    මට නැළවෙන බබාලා වගේ අය නම් දිරවන්නේ නැහැ ;)

    ReplyDelete
  24. මේක දැක්කම මොකුත් කියන්නෙ නැතුව යන්න හිතෙන්නෙත් නෑ. මට නං ඔය වගේ එකක් මෑතකදි වුණේ නෑ... මීට අවුරුද්දකට විතර කලින් බයික් එකෙන් නයිට් රයිඩර් පෙන්නන්න ගිහින් වැටිල අතත් එල්ලගෙන හිටිය හැටි මතකයි.

    ReplyDelete
  25. @ශාකුන්තල

    අපි දන්නවා වෙසක් පොසොන් කාලෙට පාරේ යන ළමයින්ට වැඩ පෙන්නවන බව :D

    ReplyDelete
  26. අය්යෝ, කියවන කොටත් බය හිතෙනවා, ඇගම සීතල වෙලා යනවා වගේ. ලේ අවේ නෑ කිව්වා නේද? එතකොට රිදෙන්නෙ නැද්ද? මට නම් ඔහොම එව්ව වෙන්නෙ නෑ එච්චර. චූටි කාලේ නම් ඇගිලි 2ක් කෝච්චියට (කොච්චියේ ජනේලේකට) අහු උනා. ඊට පස්සෙ මාස 4ක් විතර ගියාට පස්සේ ඇගිලි 2ක ආපහු වැඩ.

    ReplyDelete
  27. මට නම් ඉතින් ඔහොම එව වෙලා නෑ..පොඩි කාලෙ බයික් පදින්න ගෙහින් හැප්පිලා වම් කකුල කෑලි දෙකක් විදියට වෙන් වුනාම මාස 4ක් ඉස්පිරිතාලෙ ඉන්න වුන එක විතරයි උනේ..ළගදි නම් බස් එකෙන් වැටිල මාස එක හමාරක් විතර ඇදේ හිටිය..එච්චරයි..මලීට වගේ ඉදිකටක් ඇනගන්න වාසනාවක් අපිට කොයින්ද... හික් හික්..

    ReplyDelete
  28. ෙරාෂාන්April 12, 2009 at 9:39 AM

    හීහ්්්්්්්්්්්්්.............
    මට නං චූටි ෙකාලු පැටිය කාෙල මරැ වැඩක් වුනා. මතක් ෙවනෙකාට මුලු අැගම හීතල ෙවනව. දවසක් සිපර් එක තිෙයන කලිසමක් අදිද්දි හිර වුනා ෙන. එදා හිතුන තමුබිෙයක් වුනා නං ාහාදයි කියල. ඊට පස්ෙස ෙගාඩක් කල් යනකං මම සිපර් තිෙයන කලිසං අැන්ෙද නැත.

    ReplyDelete
  29. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  30. එළ කිරි
    මට එහෙම උනා නම් ටග් ගාල බගයක් හොයාගෙන කටේ හලා ගන්නවා සැන්ඩිත් නැතුවම. ඊට පස්සේ තම ඉතුරු වැඩ ටික.

    මේ අර ඔයා කාලෙකට කලින් ගිය මැහුම් පන්තියේ උගන්නපුව වෙන්න ඇති . හොඳ වෙලවට දිගටම ගියේ නැත්තේ . ඒක නිසා ඇඟිල්ල විතරක් මහලා බේරුනා . දිගටම ගියානම් එහෙම මොනවා මහයිද දන්නේ නැහැ.

    ReplyDelete
  31. @ මලී
    මුලින්ම ඉක්මණට සනීප වෙන්න.

    ඒකත් මාර වැඩක් තමයි.
    එකක් ඇනගත්තම තුනක්ම නොමිලේ අනින එක.

    ReplyDelete
  32. අපෝයි, එක දවසක් කකුල. දැන් ඇඟිල්ල.
    මැහුම් පන්තිත් ගියාලු නේද? අවුරුදු කාලෙ ගෙදර වැඩ වලින් ශේප් වෙන්න නේද මේ සිම්පල් ප්ලෑන් එක.

    මොනව වුනත් කාමරේ ලස්සනට තියාගෙන ඉන්නව වගේ. ( මම බැලුවෙ හිල් ඇඟිල්ල නෙවෙයි background එක )

    ඉක්මනට සනීප වේවා !!!

    ReplyDelete
  33. @Anonymous

    හිත රිදුනනම් සමාවෙන්න! හික් :D

    ReplyDelete
  34. ech- හා හා.. ආයතන වල වැඩ කටු කියන්න එපා!!!

    Niroshinie-මට නෙවෙයි නේද පුතා කිව්වේ? ටිකක් රිදුනා තමයි. ඒත් හිරිවැටුනා වගේ උනා. ඉතිං ගාණක් නෑ..ඒ වෙලේ මගේ ඔළුවේ තිබ්බේ ඒක ඩොක්ට අයින් කරන්නේ කපලද මට සිහි නැති කරලද කියන එකයි.
    අනේ උපදෙසට ස්තූතියි.. ඒත් ඒවා දාන්නේ අතේ මහන කොටනේ.
    ‍ටිකක් අමාරුයි. ඒත් ඇගිලි 9ක් තියනවානේ සිසියෝ..

    su-නියපොත්ත ගැන තමයි මටත් බය තියෙන්නේ ඒක කැත වෙයිද දන්නේ නෑ. උනත් ඉතිං දැන් මොනා කරන්නද?
    හික් හික් බබා නොවෙනවාම නෙවෙයි.. ඒවා ඉතිං නැලවෙන්න පුළුවන් වෙලාවට විතරයි..

    shakunthala-හප්පා.. ‍ඒත් මචෝ නයිට්රයිඩර්ට තියෙන්නේ කාර් එකක් නේ.. ඔයා රෝද 4 වැ‍ඩ 2න් කරන්න ගියාම එහෙම වෙනවා ඇති තමා.. හික් හික්

    Chutta- රිදෙන්නේ නැද්ද කියලද ඇහුවේ? ඇත්තටම මල්ලි රිදෙනවට වඩා හිරි වැටෙනවා. එතකොට ඒක ගානක් නැති වෙනවා. ඒක ගැනම හිතන්නේ නැතුව වෙන දෙයක් ගැන කල්පනා කරනකොට රිදෙන එක අඩු වෙනවා.

    Pothe Gura-කකුළ් 2 ක්වුනා?? බුදු අම්මියෝ...ඔයාට වගේ වාසනාවන් නම් මට තිබිලාම නෑ.. ලැබෙන්නත් එපා..!!!

    Rohan- ගවුම් ද ඇන්දේ?

    Ma-ශික් ගෙදර තාත්තා ඉතිරි කරපු කොටයක් වත් හොයාගන්න තිබ්බා මටත්.ඒක් අමතකම වුනා නේ..
    ආ.. මං තාම ඒ පංතියට යනවා..:D

    Gayan Tharaka -අනේ ඇත්තමයි මල්ලි දැන් ඉදිකට්ට ඇනුන තැනට වඩා ඉංජක්ෂන් එක ගැහුව තැන රිදෙනවා. හයියෝ...

    chanaka Aruna-හයියෝ ඔව් අප්පා.. මට හෙනහුරා ලබලද කොහෙද..‍හරිම දුකයි අම්මා තනියම වැඩ කරන එක ගැන ඒත් ඉතිං හිතලා කරගත්තු දෙයක් නෙවෙයි නේ..ඒත් මං අද ඉදං ආයේ මහන්න පටාන් ගත්තා..
    හික් හික් මේක ඉතිං මගේ පුංචි වාස භවනනේ ‍ටිකක් හොදට තියෙනවා..

    Danishka-සිද්ධ වෙච්ච අපහසුව ගැන මට සමාවෙන්න අයියේ.මම ඒ කමෙන්ට් එක මකනවා.

    ANONYMOUSE-තමුන් කවුරු උනත් මට කමක් නෑ. මේක මගේ බ්ලොග් එක. ඒකට කමෙන්ට් දාන අය ගැනයි දාන කමෙන්ට් ගැනයි..ඒවා දාන වාර ගණනයි ගැන මං බලා ගන්නම්. නිකං කරදර නොවී පැත්තකට වෙලා ඉන්නවා නම් හොදයි.!

    ReplyDelete
  35. හැබෑද එහෙනම් ඉස්සරහට මොනවා මහයිද දන්නේ නැහැ.

    අපේ දිහෑතිබ්බ ඇඟිලිවලට මහනකොට දාන මොකද්ද පොඩි ගැජට් එකක්(මට ඒකට කියන නම මතක නැහෑ. නිකන් පොඩි යකඩ ආවරනයක් අන්න එව වත් දාගන්න . නැත්නම් ඉතින් මැහිල්ල ඉවර වෙනකොට අඟිලි 10යම හිල් වෙලා තියෙයි

    ReplyDelete
  36. මලී අක්කා...

    ඔයාට ගොඩක් රිදුනද ? ශුවර් එකටම අර අයීයා ගෑන හිත හිත මහන්න යන්න ඈති ! කමක් නෑහෑ , ගෑහෑනු ලමයෙක් උනාම ඉතින් කොහොමත් වේදනාවන් ඉවසන්න වෙනවනේ ( මම කිව්වේ කවදාහරි ඔයා අම්මා කෙනෙක් වෙලා ලස්සන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ලෑබෙන්න යන වෙලාවෙදි ).

    ඩනිශ්ක අයීයා
    අපිටනම් ආරංචිය ආවේ අක්කලා වගයක් නානවා බලන්න ගිහිල්ලයී ලිදේ වෑටුනේ කියලා : D

    ම...
    එකට කියන්නේ "දිදාලය" කියලයී, හෑබෑයී එක භාවිත කරන්නේ අතේ මහනකොටයී !

    සු෴
    “මට නැළවෙන බබාලා වගේ අය නම් දිරවන්නේ නැහැ ”
    මටත් එහෙම්මයී !

    ReplyDelete
  37. මලී අක්කට වගේම මගෙ ඇස් දෙකටත් අනතුරක් වුනා.කන්නාඩිය කැඩිල වීදුරු ඇස් දෙකට ගිහිල්ල.ඉස්කෝලෙ යන කාලෙදි වුනේ.එදා ඉදන් පාවිච්චි කරන්නෙ ප්ලාස්ටික් කන්නාඩි දෙකක්.යන්තම් ඇස් දෙකට අනතුරක් නොවී බේරුන.ඒත් ඉදිකටු නම් තාම ඇනගෙන නැහැ.

    @ ප්‍රියන්කර - මට හිතෙන්නෙ ඔයාටත් ඉක්මනටම තාත්ත කෙනෙක් වෙන්න හිතිල වගේ.බබාල වගේ නැලවෙන අයට අකමැති වුනාට හැම තිස්සෙම බලන්නෙ ඒ වගේ අය දිහාම නේද?

    ReplyDelete
  38. හපොයි මහන්න ගිහින් වුන විපතක්. නංගී බොහොම ඉවසීමෙන් වැඩ කරලා තියෙන එක හොඳයි, ඇනුන දේ ගලවන්නේ නැතුව ගෙනියපු එක වඩා හොඳයි. එතකොට හානිය අවම වෙන විදිහට වෛද්‍යවරුන්ට වැඩකරන්න ලේසියි. සමහර විට මීට වඩා දරුණු ඇනීම් වලදී වටේ ඉන්න අය ඇනුන දේ ගලවන්න ගිහින් තත්වය භයානක කරනවා.
    වේදනාව අස්සේ ෆොටෝත් අරගෙන.
    ඉක්මනින් සනීප වෙන්න නඟෝ.

    ReplyDelete
  39. oh jeez....
    amazed... u ar just out from the hell baby...

    i cant stop laughing.... u made my day....

    Get well soon...

    (i feel sorry for your better half and ur mum)

    ReplyDelete
  40. @ඩනිෂ්ක,
    අපොයි... පොඩි එකා දීපු එක. ඇත්තද මේ කියන්නෙ? :P

    @Priyankara,
    මූටත් මාර අදහස් නොවැ පහළ වෙන්නෙ. වේදනාව හොඳට දන්නව වගේ... මට හිතෙන්නෙ උඹටත් බබා හම්බ වෙලා වගේ :D

    ReplyDelete
  41. කැත හිත... කැත හිත.. :) හික්

    ඒක උනේ ගෙදර ලිදේ නාද්දි..අනික අපේ ගෙදර අම්මා ඇරෙන්න වෙන කාන්තා පාර්ශව නැ මල්ලි......


    @සුපුන්

    "මුළු ඇඟෙන්ම 1/2 බර එතනට තිබ්බ නිසා අපහසුවක් නැතිව ඩ්‍රෝවින් පින් එක ඇතුලට ගිහිං තිබ්බා කකුලෙ "
    ඇග හිරිවැටෙනවා අහද්දි.. :(

    @ මලී

    වෙන කෙනෙක් ලියු දෙයක් නිසා සමාවෙන්න කියන්න දෙයක් නැ. එයා නම කීවා නම් එයාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාන්න තිබ්බා.. :)

    ReplyDelete
  42. @ ශාකුන්තල - ප්‍රියන්කරට ඉතින් මාස 7ක, 8ක විතර බඩකුත් තියෙනවනෙ.ඉතින් දැන් ඉදලම වේදනා විදින්න පුරුදු වෙනව...:P

    ReplyDelete
  43. මම කමෙන්ට් එක දෑම්මේ කෙල්ලෙක්ට, මොකද මේ කොල්ලෝ ටික ෆොම් වෙලා කෑගහන්නේ !

    ඩනිශ්ක අයීයා...
    අනේ විහිලුවටනේ කිව්වේ, තරහා ගියාද ?

    චරිත්.....
    කටයී , . . . වහගෙන පාඩම් කරපං, නෑතිනම් මෙදාපාරත් ගමට ලයීට් කණු දෙන්න වෙයී.
    එක්සෑම් එකට කලින් පුවක් අහුලන්න ගියේ නෑද්ද ?

    කියන තෑනකට වදින්නම් , මෙදාපාර හොදට නිදාගන පලයං එක්සෑම් එකට , අයීයා.. එක්සෑම් තියෙන්නේ නිදාගන්න නෙවෙයී , නිදාගත්තත් මෙදාපාර පුටුවෙන්නම් වෑටෙන්න එපා. විලිලෑජ්ජාවනේ ! අනික අක්කලා ගොඩේ !!! (එක ඉතින් ප්‍රසිද්ද රහසක් නේ )

    ReplyDelete
  44. අම්මො මලී අක්කේ!!!!

    ReplyDelete
  45. අනේ අමිමෝ මට නිකන් කලන්තේ වගේ...:{ ඔයාට හොඳට මහන්න පුලුවන් නේ .....:P

    ReplyDelete
  46. umbata hoda wadee...
    nodanan magul karanan yanwata...:P :P

    ReplyDelete
  47. තාමත් රිදෙනවද? ඉක්මනට සනීපකරගන්න...!!!

    ඇගිල්ලට දෙන්නද පොඩි අයිඩියා එකක්..අපි දෙන ඒවා ගැලපෙයිද දන්නෙ නෑ..එක්කො ඕන නෑ...

    සාමය,සතුට,ආදරය,පිරිණු සුභ අළුත් අවුරැද්දක්...!!!

    ආරි...

    ReplyDelete
  48. thota pissu!
    angilla hil karagena ee asse photoes uth gannawa :P

    ReplyDelete
  49. ma-ඒක හරියන්නේ නැහැ සහෝ. ඒවා දාන්නේ අතේ මහද්දි..

    Priyankara-රිදුනද කියලද ඇහුවේ? නෑ හරී සනිපයක් දැණුනා..හික් හික් මේ මල්ලියෝ.. මං බය නෑ හැබැයි බය කරන්න එපා හොදේ..

    charith-හප්පා!ඇස් දෙක ඇතුලට විදුරු කටු ගියාද? හික් හික් මටත් හිතුනා ප්‍රියා මලයට එහෙම හිතිලා කියලා..

    Bo-පේනවානේ ගත්ත එක කොයි තරම් වටිනවද කියලා.. දැන් නම් ගොඩක් හොදයි අක්කා.

    Mondo-hey dear thanx for the call and etc... :D

    charith-හුටාස්..! ඇත්තට? මොනා මොනාද දන්නේ නැහැ කන්න කැමති නෙ?? හිකිස්...

    Priyankara-කට්ටිය මේක මඩ වගුරක් කරගන්නද හදන්නේ ඒ පාර? හැබැයි ගෙදර නැතුව එග්සෑම් හෝල් එකක් නිදා ගන්න එකත් හරි ජොලි ඇති නේ??

    Asi-ඇයි මල්ලියෝ..

    Kanch-බොන්න සුදු වතුර එකක්.. ඔව් ඔව් පේනවානේ මගේ නව ‍මැහුම් ක්‍රම සොයා ගැනීම්..

    Anjana-දුක නැද්ද බං ඔහොම කියන්න ආ....

    Aari-එසේම වේවා.

    Dhamz-උඹට ඊරිසියාව‍ නේ? මේ වගේ සස්සන ‍පොටෝ එකක් ගන්න පින නැති එක ගැන :P

    ReplyDelete
  50. නියම වීර ක්‍රියාව (පින්තූර ගත්ත එක)

    අක්ක දිගටම අර මැහුම් පන්තියට යන්න. තව අවුරුද්දක් දෙකක් යද්දි ශල්‍ය වෛද්‍යවරියක් වෙන්න පුළුවන්. නිර්වින්දනය කරන හැටිත් ඉගෙන ගත්තනම් වැඩේ ගොඩ, ගෙදර ශල්‍යාගාරයක් දාන්න පුළුවන්.
    හිකිස්

    ඉක්මනට සනිප වෙන්න

    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  51. අදයි දැක්කෙ, ඉක්මනට සනීප වෙන්න පතනව

    ReplyDelete
  52. Jesus Fucking CHRIST !

    Malee ? ... What on the fucking hell is that mate ? ... shit baby.. you are fucking phyco !

    I think it's high time either you give up that damn sewing thing or you should give up sewing when you are drunk !

    I mean.. how can it possibly be? to stick you damn THUMB inside the machine it self? ... you retarded she-chimp !

    And to jolly well wait till the fucking thing prick your finger inside out.. stupid fucking moron !

    Anyways.... good to hear you are doing OK ! and I am going to DHL you a good ass kicking for being utterly dumb fucking stupid..

    ReplyDelete
  53. @Nash_Node- what da fuck is your bloody comment!

    ReplyDelete
  54. apooo umbe ange size ekata meka mokadda... alawanguwak anunath umbata ganak ne... :P:P:P

    ReplyDelete
  55. පරිවර්තකApril 20, 2009 at 10:30 PM

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
  56. Kalpa -හොද අදහස බොහෝම ස්තූතියි.... මට‍ දැන් හොදටම හොදයි.. ‍ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා...!
    Nashu-Yakooo! Lolz... Dont worry dude. I'm totally recovered now. cant find even a sign :D
    Pls DHL me some chocos..........

    Kavi- අනේ පලයන් යන්න! ආවා‍ මෙතන! ග්ර්ර්ර්ර්ර්...!

    Anny & Pariwarthaka - මේ හලෝ..! මම බොහෝම කරුණාවෙන් කියන්නේ මේක මගේ බ්ලොග් එක මේක හැදුවේ මම ලියන්නේ මම කියවන්නේ මම! මේකේ තියෙන කමෙන්ට්ස් ගැනයි ලියන එවා ගැනයි මට නැති අමාරුවක් ඔහේට කොහෙන්ද? අනේ අනුන්ගේ බ්ලෝග් ගැන හෙයන්නේ නැතුව තමුන්ගේ වැඩක් බලාගන්නවාද? ලැජ්ජ නැද්ද ‍‍අයිසේ!
    අනික මේක මගේ බ්ලොග් එක මිසක් සංසදේ බූදලයක් නෙවෙයිනේ..! කරුණාකරලා තමුන්ගේ වැඩක් බලාගන්නවා! අනුන්ගේ සීනි කිරන්නේ නැතුව!

    ReplyDelete
  57. ඇඟිල්ල හරහා ඉදිකටුවක් ගිහිල්ල තියෙද්දිත් photo ගහන්න මතක්වෙන්නෙ පිස්සුද මන්දා?

    මීට සති දෙක තුනකට කලින් ගහක් කපන්න ගිහින් (එසේ මෙසේ ගහක් නෙවෙයි, කෙසෙල්ම ගහක්) මහපටැඟිල්ලෙ නියපොත්තක් ගලවගෙන මං විඳපු දුකක්. හැබැයි මටවත් වටපිටාවෙ හිටි අයටවත් photo ගහන්න මතක්වුනෙ නෑ (කොහොමටත් ලස්සන දර්ශනයකුත් නෙවෙයිනේ).

    ආයිමත් අහන්න හිතෙන්නෙ "පිස්සුද මන්දා"? මමත් දන්න කෙනෙක් ඉන්නවා ඔහොම හපන්කම් කරන. ඒ නිසා දැන් මහන්න දෙන්නෙත් නෑ. :D කොහොමින් කොහොමහරි කතාව කියපු හැටිනං අගෙයි. බැනුම් අහපු එක අහන්නත් දෙයක්යැ.

    ReplyDelete
  58. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  59. මලී සහෝදරී වෙත,
    ඉහත උන්මත්තක ලෙස යොදන ලද කමෙන්ටය "උන්මත්තකගේ බලි කුරුටු" ලියන මා විසින් යොදන ලද්දක් නොවේ. මා කමෙන්ට් යොදන්නේ blogger ID අනන්‍යයතාවය මගින් පමණි.

    ReplyDelete