Friday, June 26, 2009

අනං මනං

අනේ මන්දා මේ දවස් වල ජීවිතේ නිකං මැලේ අච්චාරුවක් වගේ එහෙමත් නැත්තං නෙල්ලි ගෙඩියක් වගේ‍‍‍... මේ දවස් වල කිව්වට ඉතිං මේ දවස් නෙවෙයි‍‍‍... හැම දාමත් එකම වගෙයි ද මංදා.. ඒ වුනාට මේ ටිකේ ටිකක් වැ‍ඩියෙන් ඒක දැනෙනවා... දුක කරදර ජරමර.. අනම් මනම් කෝටියයි... ඒක නිසා ඉතිං පොඩ්ඩක් හිතටත් මහන්සියි... සිද්ධ වෙන කිසිම දෙයක් මට පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි නිසා ඉරහද පායන ලොකේ.. ආලෝකය අතරේ.. සැප දුක සමබර වේ කියලා හිත හදාගෙන ඉන්නවා ඉතිං...!

අනේ මංදා ‍පුදුම කාලයක්.. කාලෙකින් හරි හමන් බ්ලොග් සටහනක් වත් දාන්න බැරි උනා.. හේතුව හිත හිස්..!!! හිතට එන අදහස් ලියන්න හිතෙන්නේ නැහැ..! මුලින්ම ලියන්න ගන්නකොට කවුරුවත් වැඩිය මාව දැනගෙන හිටියේ නෑ.. ඒක නිසා ඔහේ හැම පිස්සු විකාරයක්ම ලියන්න පුළුවන් උනා.. ඒත් කාලෙත් එක්කම දන්න අය වැඩි උනා.. ඉතිං උනේ ලියන්න තියන නිදහස අඩු වුන ‍එක... ඒ නිසා දැන් හිතට එන හැමදේම වක්කඩ කැඩුවා වගේ ලියන එක සෑහෙන්න අඩු කරලා තියෙන්නේ.. එහෙම තමා ඉතිං කාලෙන් කාලෙට.. හිතට උනත් නිවාඩුවක් එපැයි..!

කියවන්න පොතුත් නෑ.. සේරම කියවලා ඉවරයි.. ඉතුරු වෙලා තියෙන්නේ විදේශීය කෙටි කථා සංග්‍රහයයි ලියක මහිම කෙටි කථා පොතයි විතරයි.. ඒකත් හෙමින් හෙමින් කියවන්නේ ඉවර කරගත්තොත් කියවන්න දෙයක් නැති වෙන හින්දා.. අළුත් පොත් ගන්න ආර්ථිකෙත් හොද මදි අනික ‍සැප්තැම්බර් මාසේ පොත් ගන්න දැම්ම ඉදං කීය කීය හරි එකතු කරගන්න හිතන් ඉන්නේ.. නැත්තං බුක් ෆෙයා එක ආවම විදේශආධාර ඉල්ලන්න ‍වෙනවා..! ඒක තත්වෙටත් හොද මදිනේ..!

ගිය සතියේ දවස් දෙකක් නිවාඩු දාලා ගෙදර හිටියා පොඩ්ඩක් නිදහසේ ඉන්නවා කියලා.. මොන දවස් දෙකම සිංගර් එකට යන්න උනා.. ඉතිං නිවාඩුව හබක්.. ගෙදර මාළුමිරිස් ඇට පැකට් එකක් තියනවා දැකලා පැය 12ක් පෙගෙන්න එහෙම තියලා මගේ ශ්‍රී දෑතින්ම හි‍ටවලා අදට දවස් 10ක් වෙනවා.. මේ දවස් 10න් 8ක්ම හැමදාම ගිහිං බැලුවා.. ම්හ්...! පැලවීමේ ප්‍රතිශතය 80%ට කියලා තිබ්බට තාම එක පැලයක් වත් පැලවෙන්න තියා හිතලවත් නෑ.. ඉතිං කොහෙමද රට නගන්න මම වවන්නේ? වැව්වට පැළවෙන්නේ නැති එක මගේ වැරැද්දක් නෙවෙයිනේ???

ඔය අස්සේ හිතේ තිබ්බ පුංචි හීනෙකට පණ දෙන්න බේසික් ප්ලෑන් එක හැදුවා.. මට ආසයි ගෙයක් හදන්න.. මං කැමති විදියට..මම දන්න විදියට ප්ලෑන් එක අන්දා..දැම්ම නම් අමාරුයි.. ඒත් ඒක හෙමින් හෙමින් හදනවා.. ඒක ජිවිතේ දැක්ම කරගෙන වැඩ කරන්නයි හිතාගෙන ඉන්නේ..බලමු නේද..


හෙට කැළණිය පැත්තේ යන්නයි හිතන් ඉන්නේ ලබන සතියේ ගෙදර අයත් එක්ක නුවර යනවා.. පුංචි ට්‍රිප් එකක්.. බලමු කොහොම වෙයිද කියලා.. හ්ම් කථා ඇති...!

14 comments:

  1. Hmmm ehenam api "Kandy" kathaawa ahamu ikmanatama.. :)

    ReplyDelete
  2. Ge hadala iwara unama kiyannako..apith ennam...:)

    ReplyDelete
  3. මමත් ආසයි සෙල්ලම් ගෙවල් හදන්න.
    මට හොඳ රහට සෙල්ලම් බත් උයන්නත් පුලුවන්

    ReplyDelete
  4. eRanga- හරී.. මේ අගහරුවාදා නෙවෙයි ඊළග අගහරුවා‍දා හොදේ...!

    Kanch- හා කියන්නංකෝ..!හැබැයි ඉතිං ඔයා දැන් කී දවසක් මං ඉන්න ගෙදරටම ඇවිත් තියනවාද :p

    Charunghe-අනේ මමත් සෑහෙන්න සෙල්ලම්බත් උයලා තියනවා.. කාලා තමයි නැත්තේ.. :(

    D-කිමද කාරණාව අයියණ්ඩිය???

    ReplyDelete
  5. හොඳ අදහසක් මලී. සැලැස්ම ගැන අදහස නිරතුරු හිතේ තියෙද්දී ඉතුරු වැඩ කර ගන්න ධෛර්යයක් ලැබෙයි.

    ReplyDelete
  6. හිහී.. නුව‍ර එනවනම් අපිටත් කියල එන්න මලී... :D :D

    ReplyDelete
  7. ගෙදර තීත්ත ගාන්න මම එන්නද?


    අක්කීගේ සැරිසර චාරිකා "ආතල්ම" වෙන්න ඕනේ, හිතේ මුසල බව හිරු දකින පින්න වගේම වෙන්න ඕනෑ! ජය වේවා!

    ReplyDelete
  8. මාළු මිරිස් ඇට පෙන්ඟෙන්නත් දාන්න ඕනේද?
    මන් නිකන්ම තවාන් දාලා පැළ උනානේ. මට මතකනම් නැහැ කොච්චර දවස් ගියාද කියලා පැළ වෙන්න.

    ගෙයක් හදන එක නම් හොඳ අදහසක් මන් මේ දවස් වල කරමින් ඉන්නවා හිතන්වට වඩා මුදලක් නම් වැය වෙනවා. අපිට කැමති විදිහට කිව්වට අනික් අයගේ උපදෙස් නම් කෙලවරක් නැහැ. දොරවල් ගාන වැරදියි දිශාවල් හොඳ නැහැ මේක එපා අරක ඕනේ. සල්ලි සේරම තමන්නම වියදම් කරනවනම් විතරයිඔ තමන්ට ඕනේ විදිහට හදන්න පුළුවන් නැත්නම් අනික් අයත් උදව් කරනකොට එයාලටත් ටිකක් ඇහුන් කන් දෙන්න වෙනවා. පහුගිය දවස්වල මන් හැමෝටම ඉතුරු කරන්න පුරුදු වෙන්න කියලා ලිව්වේ මේකෙ රඟේ තේරුන නිසා. සල්ලි සල්ලි කොච්චර තිබ්බත් මදි.

    ඔයාගේ කාට හරි වැඩ බලන්න පුළුවන් නම් කොන්ත්‍රාත් නොදී දවස් කුලියට වැඩේ කරවන්න. හැබැයි කොන්ත්‍රාත් දෙන එක වියදම වැඩී හැබැයි ලේසියි.

    එකක් හදනකම් වැරදි ටික තේරෙන්නේ නැහැ

    ReplyDelete
  9. මේ අක්කේ , ලියන්න දෙයක් නෑතිනම් ඔයා උසස් පෙල කරපු කාලේ ගෑන ලියන්නකෝ අනේ... !

    ඔයා ගෙදර හදන කාලේට කියන්න, මගේ ගානේ ගෙදරට නෙට්වර්ක් කේබල් ඈදලා දෙන්න්නම්…

    ReplyDelete
  10. randil-ස්තූතියි උපදෙසට..!

    Spiderman-මොකාද මේ මකුණා..?

    Mahesh-ලබන සතියේ එනවා. ඔන්න කිව්වා..!

    Binku-හැදුවම කථා කරන්නම්කෝ හොදේ..!
    චාරිකා දෙකෙන් එකක් හබස්..! අනික ගියාම කියන්නම්.

    Ma-ඔව්ලු නේද? අර පැකට් වල තියන එව්වා එක පාර පැලවෙන්නේ නැහැල්ලුනේ.
    අන්න ඒක තමා ප්‍රශ්නේ..! අනිත් අයව ශේප් එකේ පැත්තක‍ට කරලා වැඩේ කරගන්න බලන්න ඕනි. අනික ඉතිං දැම්ම නම් වැඩ ප‍ටන් ගැනෙන්නේ නෑ.. මේ දවස් වල සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරන්න තමා බලන්නේ.. අනේ මංදා මං ගෙවල් හදනකොට ලොල්ස්..!
    උපදෙස් ටිකට තෑන්ක්ස්!

    Priyanka- අනේ ඔයා ‍කී දවසක් ඕක ගැන මතක් කරාද මට.. පොමිස් හැකි ඉක්මනින් ලියන්නම්!

    ReplyDelete
  11. නුවර එනවද...?..එළ..අපි තොරණක් ගහලා තියන්නද?

    ReplyDelete
  12. මම අුතෙන් ලියන කෙනෙක්. මට තාම බ්ලොග් එකක් නෑ. සිංහල ටයිපින්වත් තාම හරියට බෑ. ඔයාලා ලියන දේවල් වලින් මම ොඩක් දේ ඉගනගන්නවා.

    ReplyDelete