Monday, June 15, 2009

යාළුවාට‍‍‍...


මං දන්නේ නැහැ අනිත් අයට කොහොමද කියලා.. ඒත් මට සමහර වෙලාවට මෙහෙම වෙනවා... මං සාමාන්‍යයෙන් වැඩිපුර සිංදු අහන කෙනෙක් නෙවෙයි.. සිංදු විතරක් නෙවෙයි.. ගොඩක් දෙවල් ඉතිං මං සාමාන්‍යයෙන් වැඩිපුර කරන්නේ නැහැනේ... ඒත් සමහර වෙලාවලදි එක එක ‍දේවල් අපේ ජිවිතේ සිද්ධ වෙද්දි එහෙම නැත්තං අහද්දි.. කියවද්දි.. කලින් අහල පුරුදු සිංදු ඔළුවට එනවා නේද.. හරියට නිකං බැග්ග්‍රවුන්ඩ් සිංදුව ප්ලේ වෙනවා වගේ...එහෙම නැත්තං සමහර සිංදු අහද්දි ජිවිතේ සිද්ධ වෙච්චි අ/සුන්දර දේවල් මතක් වෙනවා නේද?.. මට නම් ඒ වගේ වෙලාවට පියවි ලොකෙන් ඈතට ඈතට යන්න පුළුවන්... මං ඒ වැඩේට හරිම ආසයි...

අද උදේම මට යාළුවෙක් සෙට් උනා කයියක් දාන්න.. යාළුවෙක් කිව්වට එසේ මෙසේ එකෙක් නෙවෙයි.. මගේ හොදම යාළුවෝ දෙතුන් දෙනාගෙන් කෙනෙක්.. සරළවම මගේ හොදම හොද යාළුවා.. වැඩි වෙලා නැතත් එයා මට ටක් ටික් ගාලා කථාවක් කියාගෙන ගියා.. මීට කලින් මම දන්න කථාවක ඇත්ත කථාව.. මං මේක බ්ලොග් එකේ ලියන එක කොයි තරම් සදාචාර සම්පන්නද දන්නේ නැහැ ... ඒත් එයා බ්ලොග් එක කියවනවා උනාට කමෙන්ට් කරන්නේ නැහැ නේ.. අනික මගේ යාළුවා කවුද කියන්න මම ඇරෙන්න අනිත් අය දන්නෙත් නැහැ නේ.. ඒක නිසා මේක මම ලියනවා... ඒ කථාවේ ඇත්ත කථාව මට කිව්වා නම් මම එදා දීපු උත්තරේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.. ඒත් ඉතිං මම අද එදා අහපු ප්‍රශ්ණෙට අළුත් උත්තරේ දෙනවා..
" මචෝ.. උඹ හිතනවා නම් උ‍‍ඹේ සතුට එතන තියනවා කියලා.. මොන රෙද්දක්ද එතනට පලයන්..! උඹ සතුටින් ඉන්න තැන එතන නම් අනිත් අය ඔළුවෙන් හිටගෙන බණ කිව්වත්..උ‍‍‍ඹේ සතුට වෙනුවෙන්.. ඒ දරුවගේ හිනාව වෙනුවෙන් හිතට එකගව හරි තී‍රණේ ගනින්..!"

මට කියාගන්න බැරි වුනු දැන් කියවුනු දේ ඒකයි.. හරි දැන් මුලට.. යාළුවා ගියාම මට සිංදුවක් මතක් වුනා.. ඒත් අගක් මුලක් නැතිව... කියන්නේ කවුද කියලා මතකත් නෑ.. ඒත් අවකාශේ බොමන් ටයි ශිවන්තටයි පිං සිද්ධ වෙන්න සිංදුව හම්බ උනා...
මේ සිංදුව මගේ යාළුවා වෙනුවෙන්......!

ආරාධනා.. ආරාධනා..
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා..
හුදකලාව සුසුම් හෙලන හදවත සනහා..
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා.. ආරාධනා..

නෙලූ සුපෙම් කැටයම් කල හදපවුරු තලාවේ..
මැකී ගියාදෝ.. කාලයේ වෙරළේ..
ජිවිතයේ දිගු ගමනේ අනාත වූ දා..
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා..
ආරාධනා.. ආරාධනා..

එදා සිගිති කිරි සුවදින් යුගදිවි අරණේ..
ඔබේ කූඩුවේ යලිදු උපන්නෙම්..
බිදුනු එවන් රජදහනින් සමුගෙන යනදා..
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා.. ආරාධනා..

සිංදුව ලිව්වේ සංගීතය කාගෙද කියන්න නම් මම දන්නේ නෑ..ගායනා කරන්නේ නම් අමරදේව ශූරීන්.. බලන්න ඕනි නම් මෙතනට යන්න සිංදුව බාගත කරගන්න මෙතනින් ....

මීට වඩා ලියන්න මේ වෙලාව නෙවෙයි... අන්තිමට කියන්න තියෙන්නේ සුභ ගමන් යාළුවේ.. පරිස්සමෙන් ගිහිං.. සතුටින් ඉදලා එනවා නම් වරෙන් නැත්තං නැවතියන්... :p


පිංතූරේ නම් මම ඇන්ද එකක් නෙවෙයි.. නෙට් එකෙන් හොයා ගත්තේ..
---------
මේක පෝස්ට් කරපු ගමන් තව ‍එකෙක් ගෙන් ටෙක්ස්ට් මැසේජ් එකක් ආවා අද රෑ මැලේෂියා යනවා කියලා.. මේක ලිව්වේ ඌට‍ නෙවෙයි හොදේ... එ‍නිවේ මචෝ.. උඹ නම් පරිස්සමෙන් ගිහිං හොදින් ඉදලා ආයේ අනිවාර්යෙන් වරෙන්..! :D

10 comments:

  1. මේ සිංදුවටනම් මාත් හරි කැමතියි

    ReplyDelete
  2. mama eth baluwa maleeta moko hadissiye aradhana mathak une kiyala :P

    harima lassana hithata wadina sinduwak

    ReplyDelete
  3. Damn, Love this song too!

    (thiniking) who will be my Aradhana!?!

    ReplyDelete
  4. මේ සිංදුවට මම ගොඩක් ආසයි! බාගන්න තැන දුන්නට ස්තුතියි..

    ReplyDelete
  5. හ්ම් මමත් කෑමති සින්දුවක්. ඈත්ත ගීතයක් ඈසීමට වඩා එය විදීම තුල කෙටි කාලයකින් අපේ ජීවිතයේ ගොඩාක් දෙවල් මතක් කර ගන්න පුලුවන්.ඒවා ගොඩාක් වෙලාවට අපේම අත් දෑකිම් විදියට දෑනෙනවා.

    ReplyDelete
  6. ඇත්තටම ලස්සන සිංදුවක් පද රචනය කුලරත්න ආරියවංශයන්ගේ වන අතර සංගීතය රෝහණ වීරසිංහයන්ගේ.. දැනෙන දේ කියන්න අමාරුයි අහලම බලන්න ඕනි... මාරයි..

    ReplyDelete
  7. හප්පා..! දවස් 8 කට පස්සේ බ්ලොග් එක දැක්කේ.. අදහස් දක්වපු හැමෝටම ස්තූතියි...!

    ReplyDelete
  8. pissu hadenawa nee.... :D :D

    ReplyDelete