Wednesday, May 27, 2009

නූල් සූත්තර

කාට හරි මතක නම් මීට මාසෙකට විතර කලින් මම කරපු වීරක්‍රියාව.. තාමත් මං ඒකේ විජයග්‍රහණය සමරනවා.. කොහොමද කියනවා නම් .. ඊයෙත් ඉංජෙක්ශන් එකක් ගහගන්න උනා.. නැත්තං පිට ගැස්සෙන්න ගත්තොත් බෙහෙත් නැහැල්ලුනේ... හයියෝ...! ඒක ඉංජෙක්සමක් නෙවෙයි.. මල්ටිබැරල් රොකට් ලෝන්චර් එකක් ද කොහෙද... විද්ද වෙලාවේ ඉදන් අත පණ නෑ පණ නෑ වගේ...හයියෝ...! ඒ වුනාට ඉතිං ඒවට මේවට කලින්ම නිවාඩු ටික දාලා නිවාඩුත් ඉවර වෙන්න ලගායි හින්දා.. අද කාර්යාලයට වාර්තා කලා.. හැමදාම මගදි වාඩි වෙන්න සීට් එකක් ලැබෙනවා උනාට.. අද කොයි තරම් හොද දවසක්ද කියනවා නම් බහින කම්ම හිටගෙන.. අතට හරීම සනීපයි.. ෂා..!බස් එකේ බ්රේක් ගහන ගහන සැරේට මට හිතුනා ජීවිතේ සුන්දරද මෙතරම් කියලා.... කොන්දොස්තර අයියත් සල්ලි ගන්න ටිකට් ගන්න ඔතනින් ඉස්සරහට යන්න කිය කිය සිංදුවට රැප් එක එකතු කලා... !

මේ දවස් වල මගේ ග්‍රහයෝ නීච වෙලා වගේ හින්දා මගේ හිතට එන්නෙ හරී දේශද්‍රෝහී විදියට සැලකෙන අදහස්මයි..ඕවා ලියන්න ගිහිං අ
පේ ගෙදරට සුදු වෑන් ගෙන්න ගන්න හා නාදුනන වෙඩික් කරුවන්ට කරදර කරන්නේ මොකටද කියලා මං බ්ලොග් එක ලියන්නේ නැතුව ඉන්න හිතලා... ආයේ ඉතිං පිස්සු වැඩි කමට කුරුටු ගාන්න කියලා හිතද්දි මෙන්න එකෙක් අහනවා මොකෝ වෙලා තියෙන්නේ ඇයි බ්ලොග් එක ලිව්වේ නැත්තේ කියලා.. අද ලියනවා කියලා එයා ෂේප් කරලා දැන් මේ මං ලියනවා...

ඒ වුනාට ලියන්න තරම් දේකුත් නෑ.. අත
ත් පොඩ්ඩ පොඩ්ඩ රිදෙන නිසා.. මේක මේ තරම් පොඩ්ඩක් ලියලා නතර කරනවා.. ඊට කලින් දෙයක් තිබේ පෙන්නන්න.මේ පහළ තියන පලතුරු වට්ටියේ අන්නාසි ගෙඩියේ නැට්ට මහන්න ගිහිං තමා ඉදිකට්ට ඇනගන්න උනේ...ඒ වෙලාවේ ඇගිල්ල එක්ක වැඩි සෙල්ලම් දාන්න බැරි හින්දා යාන්තං ශේප් වෙන්න මහලා ඉවරකලා උනාට මේක තව වෙනස් විදියට මහන්න උන්නේ.. ඇගිල්ල හොදවෙලා ගොඩක් දවස් උනාට තාම ඒ ටික මහන්න බැරි උනා.. ඉතිං ඒ අප්ඩේට්ස් ටික කරපු ගමන් ආයේ පෙන්නනංකෝ... නැට්ටක්ම තමයි ඒක..





මේ එක්කම තව ම‍ගේ නූල් සුත්තර බලන්න කැමති නම් මේ නූල දිගේ යන්න... ‍ඊයේ තමා පටාන් ගත්තේ.. තාම හරියට හැදුවේ නෑ.. ටික ටික පස්සේ එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.. ළමයා තාම ඉගන ගන්නවනේ.. ඉතිං ඉගන ගන්න එව්වා‍ තමා තියෙන්නේ... ඉහික්.. හික් හික්... !

12 comments:

  1. අහ් සුභ පැතුම් අක්කි බබෝ අලුත් ලියමනට...ඉගන ගන්න එවා අපිටත් කියල දෙන්න...අතට නම් පව් වැඩේ තමා වෙලා තියෙන්නේ.එයාට bed rest කරන්න දෙන්න එතකොට ඔය අමාරු නැති වෙයි

    ReplyDelete
  2. වැඩේ අනර්ඝයි. හැබැයි තව හොද්දට ලුණු ඇඹුල් දමන පදමත් ඉගෙන ගනිං දුවේ. නැත්තං අරය අහයි පලතුරු වට්ටිය කන්නද කියල

    ReplyDelete
  3. අනේ පව් වැඩෙනේ වෙලා තියෙන්නේ මලී අක්කා කියන්න එපෑ බස් එකේ කාට හරි මගේ අත කැඩිලා මට සීට් එකක් දෙනවද කියලා ( කස්ටිය දන්නේ නෑනේ ඔයාගේ ඇගිල්ලට සොරි උනේ කියලා ) :D
    මේ අර අලුත් බ්ලොග් එකනම් මරු මගේ සුබ පැතුම් දිගටම කරගෙන යන්න :)

    ReplyDelete
  4. ඔයා ගිය මාසෙ කරපු වීරක්‍රියාව අද තමයි මම දැක්කේ...එළ වීරක්‍රියාව. පළතුරු වට්ටිය නම් එළ

    ReplyDelete
  5. අපි බලමු එහෙනම් ඊලඟට කොයි ඇඇඟිල්ලද කියලා..........

    ReplyDelete
  6. deeps - ‍බෙඩ් රෙස්ට් කරන්න දෙන්න කිව්වේ අතට‍ද නංගි බබෝ... අපොයි මගේ අත ගලවන්නද කියන්නේ? හික් හික් ස්තූතියි හොදේ..

    Nilantha -හික් එකේ අමුතුවෙන් ඉගන ගන්න දෙයක් නෑ.. මහන්න ගොඩ කාලෙකට කලින් ඉදන් එක දන්නවා..

    Manushan- අපොයි අත කැඩිලා කියන්නේ කොහොමද ඇසට පේන සාකෂි ඉදිරිපත් කරන්න කිව්වොත් එහෙම.. ස්තූතියි හොදේ..

    Thilina - තෑන්ක්ස් තෑන්ක්ස්...!

    Ma - අපොයි! තොපිලා! ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්..!

    ReplyDelete
  7. මැඩම් කොකටත් කියලා කකුලේ ඇඟිල්ලෙන් කොටන්නයි මහන්නයි උයන්නයි පුරුදු වුණෝත් හොඳා! ෂුවර් නෑනේ මැහුම හදන්න ගිහිං එහෙමවත්?

    ReplyDelete
  8. hik..hik..hik.... umbata ithin pol injection ekaka thamai gahana wene umbe size ekata hariyana.. :P:P:P

    anee saaaduuuuu....

    ReplyDelete
  9. ඇගිල්ල එක්ක උනත් සෙල්ලම් නොදා මහපු ටිකවත් මදෑ....

    ReplyDelete
  10. හික් හික්. උඹ මොකද මගේ බ්ලොග් එකේ කුණුහරුප කවි ලියන්නේ? මම අල්ල ගන්න හිටියේ....
    මම දන්නවා උඹේ නමින් වෙන කවුරු හරි එහෙම කරන්නේ කියලා.. කොහොම උනත් මම මැකුවා මචෝ..

    ReplyDelete
  11. apo...lajjawe baa...ganu lamek unata hattayak mahaganna baha hariyata...e madiwata metana chandiya wage kiyawannath enawa....

    ReplyDelete
  12. පිස්සා - මම ප්‍රතිපත්තියක් විදියට අනිත් අයගේ බ්ලොග් වල මගේ අදහස් කියද්දි පුළුවන් තරම් සංවර වෙනවා.. ඒ නිසා මගේ නමින් කුණුහරුප ලියනවා නම් මම ‍නෙවෙයි. මම භාවිතා කරන්නේ මගේ බ්ලොග් හැදුනුමසහිත නම. ඒ හැර වෙන කිසිම ආකාරයක ප්‍රතිචාරයක් මගේ වෙන්නනේ නැහැ.. අනුන්ගේ නම් වලින් කුණුහරුප ප්‍රචාරය කරන මානසික ලෙඩෙක් මේ බ්ලොග් අවකාශයේ ඉන්නවා කියලා ඔබ දන්නවා ඇතිනේ.. ඒ නිසා ඒ පිළිබදව සැලකිලිමත් වෙන ලෙස ‍කාරුණිකව ඉල්ලා සිටිනවා.

    ReplyDelete