Wednesday, May 13, 2009

දතේ අමාරුවට ලිව්ව කවිය




දවසට තුන් සැරයක් දත් මදින මට
අයියෝ පල දෙන්නේ මේ කුමන පව
රිදෙනවා අම්මෝ රිදෙනවා මගේ කට
අලුතෙන් දතක් එනවා මගේ හක්කේ අග


කරාබු නැටි අරවා මේවා තියන ගොඩ
එක එක ජාති ‍දත් බෙහෙතුත් ති‍බේ ‍ ගොඩ
හොදම බුරුසුවක් හොයලා මදින කට
ඒත් අම්මෝ හොදටම රිදෙනවා දත


ඊයේ හවස සොයා ගියා ඩෙන්ටිස් ව
වහලා එයාලා ඉන්නා තුන් පොළ ම
අ‍රගෙන ඇවිත් ෆාමසියෙන් දුන් බේ ත
බීවම අඩු වෙලා ගියා මගේ අමාරු ව


මහ රෑ ජාමේ ආයෙත් ඇහැරුනා මට
තරු විසි වුනා දත රිදෙන කොට
‍බෙහෙතුත් ළග නැති වුනා මගේ පවට
හයියෝ අළුත් දත් නම් ආයෙත් එපා මට


මලී
13052009





18 comments:

  1. දැනට එළ.. නියම කයිය කියල විතරක් කියන්නම්. හික්zz! :D

    ReplyDelete
  2. අනේ අලුත් දත් එනකොට රිදෙනවද??? මම ඇත්තටම ඒක දන්නේ නෑනේ???

    ReplyDelete
  3. මලී අක්කට දැන් දත් කීයද :)
    මමනම් කියන්නේ ඔය අලුත් දතක් එන්ඩ නෙමෙයි එක දතක් පනුවො කාලා එකයි
    විහිළුවක් කලේ සොරි වෙන්ඩ ඔනේ

    ReplyDelete
  4. දවසට 2 සැරයක් දත් මදින්න කියන්නෙ ඕක තමයි. 3 සැරයක් දත් මැදල වැඩි වැඩ දාන්න ගියාට හොඳ වැඩේ. වැඩියෙන් ඕනෙවට වැඩි සැළකිලි පෙන්නනකොට ආපු නැති දත් වලට වුනත් එන්න හිතෙනව තමයි.

    ReplyDelete
  5. ගොඩක් බොලොග් කියවපුවාම දතේ අමාරුව එනවා, ඒක එච්චර ගනන්ගන්න දෙයක් නොවෙයි. ‍ඒත් අලුතින් දතක් එනවානේ ඒක ලොකු දෙයක්.

    ReplyDelete
  6. ayyyoo...mata kiwwanam iwaraine nangi...maam ehenam awilla dath badata yanan ekaka denawa.. hehehe

    ReplyDelete
  7. අනේ ඔයගෙ තාම දත් එනවද?
    මගෙනම් දැන් දත් හැලෙන කාලෙ
    අනික් අමාරු වලටනම් මන් බේත් දන්නවා
    ඒත් දතේ අමාරුවට කිසිම ජාතියක් හරියන එකක් නැහැ.

    මගේ නම් හක්කෙ එක ජාතියක් බොක්කේ තව ජාතියක් නිසා කවදාවත් හක්කේ දත් වල අමාරු එන එකක් නම් නැහැ

    ReplyDelete
  8. මලී ගෙ දත් පනුවො කාලා... හී... හී...

    ReplyDelete
  9. ඕකෙ හොදම හරිය තාම ඔයා දන්නෙ නෑ වගේ. ඔය දත ටිකක් ඇවිත් නවතිනවා. ඊට පස්සෙ කාලෙකින් ආයෙත් එන්න ගන්නවා. එතකොට නම් සැප කනේ. හික් හික්...........

    ReplyDelete
  10. මලියෝ, තාරකගේ කතාව ඇත්ත.. ඕක එන්නේ කීප සැරේකට..බුදුම ගණන් එතකොට...මේ ලගදී මටත් ඔය අමාරුව හැදුනා..උණත් ගත්තා..මෙහේ මගේ දුක කාට කියන්නද? ඉවසන් හිටියා.. උඹ්ත් ඉවසන් ඉදින් මචෝ.....

    ReplyDelete
  11. දවස තිස්සේ දත්මිටි කාලා තුන්වෙලේම දත් මැද මැද හොදම එව්වායින් හොදම එව්වා ගහ ගහ මදින අයට වෙන්නේ ඕක තමා.

    මං කියන්නද?අ.ල. එකේ දත්තාබුජ ගෑවා නම්?

    ReplyDelete
  12. sha-හා තෑන්ක්ස් හොදේ..

    Kanch-ඇයි බොට කටක් නෙවෙයි හොටක්ද හැබෑට තියෙන්නේ? නැත්තං කටේ දත් නැද්ද..? :p රිදෙනවා අක්කා මේ දත ඇදේටලුනේ එන්නේ ඒකයි..
    ඊයේ ඩෙන්ටිස්ට පෙන්නුවා. දත ගලවන්න වෙනවා කිව්වා.. පරක්කු වෙලා එන දත් නිසා ඒවා හොද නැහැල්ලු. ඔපරේෂන් එකක් කරලා අයින් කරන්න වෙනවා කිව්වා.. එකක් නෙවෙයි දෙකක්! :((

    Manu-මේ ආපු එකත් එකක් 32 යි මල්ලි.. ඒත් 2ක් ඔපරේෂන් කරලා අයින් කරන්න වෙනවාලූ :((

    Cha- හනේ සජතුමනී.. ඔහොම නොකියනු මැනව..! ඊහිහ් ඉහිහ් ඌයි දත.... :((
    Kotuwa- ලොකු තමයි දැන් වෙලා තියෙන්නේ එන එක දත වෙනුවට දත් දෙකක් ගලවන්න උනු එකයි හයියෝ..! :((
    D- හනේ බුදු කවි අයියේ.. කන්න බොන්න මොනා හරි අරගෙන මාව බලන්න වරෝ..! ඔපරේසොන් කරන්න යනවෝ...! :((
    Ma-හයියො..මරේ ඔපරේසොම කරන දවසට කියන්නම් ‍කාලක් අරන් වරෙන් :((

    Chin-නැතෝ....! මගේ කටේ ද‍ත් පණුවෝ කනවා නම් මේ ලංකාවේ එකෙකුටවත් දත් තියෙන්න විදියක් නෑතෝ!! :((

    Thara- ඔව් ඔව් ඩොස්තර මාමා ආ.. නෑ අයියා කිව්වා.. ඊට කලින් ගලවන්න කිව්වා.. ඒකත් නිකං විදියට බැහැල්ලු විදුරුමහ කපලා දත ගන්න වෙනවා ලු.. හයියෝ...! :((
    Pissa- තාරක අයියට කිව්ව එක බලාපියෝ...! :((

    Binku-මං දෙවේලකට බත් කනවෝ..! ‍දන්තාබුජ හරියන්නේ නැතෝ...! :((

    ReplyDelete
  13. ඇයි දත් ගලවන්නේ නළ දතක්ද එන්න යන්නේ හිහ් හික් හි එතකොට සිග්නල් පර්යෙෂන කණ්ඩායම ඇවිත් බලලා කියයි 32 න් 33 නළ දත් එකයි කියලා හිහ් හී
    ඇත්තටම ඇයි දත ගලවන්න යන්නේ ?

    ReplyDelete
  14. මනුශාන් - මේකයි.. දොස්තර කිව්ව විදියට නම් පරක්කු වෙලා එන දත් සාමාන්‍ය දත් වලට වඩා ශක්තියෙන් අඩුයි. ඒ වගේම ඒවායේ වැඩීමත් බාලයි.. ඉතිං දත එළියට එන්න කලින්ම කැඩෙනසුළුයි.. අනික දත වැඩෙන්නේ සාමාන්‍ය දත් වගේ ඉහළට නෙවෙයි.. තමක් ඇලේට (ඒ කියන්නේ එක් කෙලවරින් ඉස්සිලා අනික් දත් පැත්තට පහත්ව - සරළව කියනවා නම් ආනතව )
    ඒ නිසයි දත එළියට එනකොට ගොඩක් රිදෙන්නේ..දත ගලවන්නේ නැතුව තිබුනොත් ඒක හෙමින් හෙමින් දිරීමකට ලක් වෙනවා..එතකොට ඒක කාලෙන් කාලෙට රිදෙන්න ගන්නවා.. ඒ නිසා ඒක ගලවන එක තමයි‍ හොදම ප්‍රතිකර්මය. නමුත් සාමාන්‍යයෙන් දතක් ගලවන විදියට මේ දත් ගලවන්න බැහැ. හේතුව දත පිහිටලා තියන විදිය. ඒ නිසා විදුරුමස කපලා තමා දත එළියට ගන්න වෙන්නේ.

    මගේ අළුතින් එන දතට සමාන්තරව අනෙක් පැත්තේ තියන දතත් ඒ වගේම ආව එකක්. ඉතිං ඒක දැනට රිදෙන්නේ නැති වුනාට දිරීම පටන් ගෙනයි තියෙන්නේ. ඉතිං ඒකයි දොස්තර අයියා කිව්වේ දත් දෙකම ගලවලා ඉවත් කරන එක වඩා උචිතයි කියලා. මොකද ඒ දත් තිබ්බත් වැඩි වැඩක් නැහැ. සැරෙන් සැරේ වේදනා දෙනවා හැරෙන්න.

    ReplyDelete
  15. mama danagattaa habai nangi umbe kate hatiyata langadima dath galawanne wei kiyala.. hehehee

    ReplyDelete
  16. Kavi -- ha ha anam manam katha nethuwa mona hari othagena genith ekka ape diha waren mage leda balanna!

    ReplyDelete
  17. ඔව් ඉතින් අපේ තියෙන්නේ "ඒක ප්‍රතිස්තාපන ද්වීවාරී දන්තී" දත් නේ, ඉතින් කාපං පරිප්පු... , චාර්වක දතක් වෙන්න ඈති එන්නේ...

    පොත පතේ සදහන් වෙන හෑටියට නම්, නිදාගන ඉන්න අයගේ පින්තුර බ්ලොග් වල දාන අයටලූ ඔය වගේ රුවිතෙට දත් එන්නේ ! .

    “ඒකයි දොස්තර අයියා කිව්වේ දත් දෙකම ගලවලා ඉවත් කරන එක වඩා”
    කවදා ඉදන්ද දොස්තර මහත්මයා , "දොස්තර අයීයා" උනේ ?

    ReplyDelete