Thursday, December 31, 2009

අවසන් ලියමන


හදිසියෙන් උනත් මේ ලිපිය නොලියා බෑ... මොකද මේ තමයි 2009 වසර වෙනුවෙන් ලියවෙන අවසන් සටහන...

මගේ ‍පැත්තෙන් බලද්දි නම් 2009 කියන්නේ කථා කරලා වැඩක් නැති පට්ටම පට්ට චාටර් චකබ්ලාස් අවුරුද්දක්.. අත තිබ්බ තිබ්බ වැඩේ බකස් වුනා කිව්වොත් මං වැරදි නෑ.. හැබැයි තාමත් මං විශ්වාස කරනවා හැම මොහොතක්ම අළුත් මොහොතක් කියලා.. ඉතිං මං වගේ කෙනෙකුට අළුත් අවුරුද්දක් ලබනවා කියන්නේ අළුත් වෙන්න හොද අවස්ථාවක්.. ඉතිං මේ ලබන අවුරුද්දට පෙර තියන මගේ ජරාම ජරා 2009 වසරට සමුදෙන ලිපිය..

මොනවා කොහොම උනත් මගේ ආදරණීය බ්ලොග් එක.. මගේ හැම විකාරයක්ම දරාගෙන හිටියා අවුරුද්දක් පුරාවටම.. හිතේ ඇතිවුනු දුක.. තරහා.. සතුට.. ඇතුළු හැම හැගීමක්ම මගේ දිනපොත වගේ දරාගත්තේ මගේ ආදරණීය බ්ලොග් එක.. ඉතිං මේ වෙලාවේ එයාට ස්තූතී නොකර කොහොමද ඒ වෙනුවෙන් මයි මේක ලියන්නේ..

මම ආසම සිංදු වලින් එකක් තමයි හෙට අළුත් අළුයමක්.. ඉතිං හැමෝටම කියන්න තියෙන්නේ හෙට අළුත් අළුයමක් වෙන කවරදාකටත් වඩා... ඉතිං ඒ අළුත් අළුයමේ අළුතින් ජිවිතය පටන් ගමු.. අළුතින් හිතලා.. හැම මොහොතක්ම උපරිමයෙන් සතුටින් ඉන්න පුළුවන් විදියට..

මේ ‍පිස්සු බ්ලොග් ලිපි අමාරුවෙන් උනත් කියවපු ‍හැමෝටමයි..නොකියවපු හැමෝටමයි... ලියපු මටයි මගේ යාළුවා නෑෂ් ටයි.. එතකොට හෙඩර් ‍එ‍හෙම හදලා දීලා සරසපු
ටයි ලිෂ්ටයි අතුළු එකී මෙකී නොකී හැමෝටමයි.. මගේ ආදරණීය බ්ලොග් එකටයි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!! :D

Tuesday, December 29, 2009

අපේ මලයා ඇවිත්


පහුගිය ටිකේම මම ගිරවා වගේ දෙඩෙව්ව හින්දා හැමෝම දන්නවා ඇතිනේ මට මං අරුනම මොකෙක්වත් නෑ කියලා.. ඒ වුනාට ඉතිං මට නෑදෑ වෙන මල්ලිලා දෙන්නෙක් ඉන්නවා.. සේරම ඉන්නේ දෙක දෙක තමා කොහොමත් ඒ කිව්වේ අයියලා 2යි අක්කලා 2යි මල්ලිලා 2යි නංගිලා නම් යාන්තං 3ක් ඉන්නවා..
ඉතිං දැන් පෙරේදා අපේ බාප්පගේ පුතණ්ඩියා මහ රෑ 8 ට විතර කෝල් එකක් දීලා කියපි "අක්කා මට දවස්5 ක් නිවාඩු සෙට් උනා හෙට උදේ මං ඔහේ එනවා කියලා. කොල්ලා 2010 නෙවෙයි 2011 හේ ‍ඒලෙවල් කරන පොරක්. ඉතිං 0/L ඉවර උනු දා ඉදන් ඌ A/L වලට පන්ති යනවා.. ඒවා ඉතිං සූකර උණටවත් නිවාඩු දෙන පංති නෙවෙයිලු.. දැන් අවුරුද්දක් තිස්සේ මට එහේ එන්න එන්න කියලා බැරම තැන වරෙන් කියලා ඒත් හරිගියේ නැති හින්දා මමම වාරේන් කියලා කොල්ලා මෙහේ එන්නයි ප්ලෑන් එක..
ආවට ඉතිං ඊයේ උදේ ඌව ගන්න කොළඹ යන්න විදියක් මට තිබ්බේ නෑ.. මට පන්ති.. දැන් ඉතිං අලි ඉලංදාරි නේ තනියම එන්නං මට පන්ති පලයාන් කියලා මලයා කිව්වා.. මාත් ඉතිං ගියා.. කොළඹට ඇවිත් කොල්ලා මට කෝල් කරා මං දැන් මෙහෙන් බස් එකේ නගිනවා කියලා.. නැගලා තියෙන්නේ හරි හයියෙන් කොළඹින් එන අති මන්දගාමී බස් රථයකට.. කියලා වැඩක්..පන්ති ඉවර වෙලා මං ගෙදරත් ගිහිං විනාඩි 15 කට විතර පස්සේ කොල්ලා ගෙදරට ගෑටූවා... හපොයි..!! වෙලා තියන දෙයක්..!! දෙයි හාමුදුරුවනේ..!! මං යාන්තං උගේ උරහිසට පෝඩ්ඩක් උසයි (ඒ කිව්වේ මගේ ඉස් මුදුන මට්ටම).. ආව වෙලාවේ ඉදන් දොඩවන්නේ මං මිටිගිහින් ලු.. උගේ හිතේ මගේ වයස වගේම උසත් අනිත් පැත්තට යන්නේ කියලා.. කාට කියන්න ද ඉතිං ඕවා...
අපරාදේ කියන්න බෑ මට පොත් 4ක් ම උස්සන් ඇවිත්.. හැබැයි ආයේ යනකොට ගෙනියනවලු :( ඒත් මොකෝ.. ඔය මලයා කොයි තරම් හොද උනත් මහ සතා.. මොකෝ මගේ හැමදේම ඌට පෙන්නේ පරහක් ඇතුව... ආව ගමන් ඇහුවේ අලුත් පොත් තියනවාද කියලා.. මාත් ඉතිං කිව්වා ඔව් අන්න තියනවා ගිහිං බලන්න කියලා.. පොත් ටික එහේ මෙහේ කරලා ඌ කියනවා "අපෝ ඔයාගේ පොත් හරි හරබර වැඩියි කියලා" (කෙහෙල්මල).. ඉතිං මං කිව්වා කොම් ද පීටර් ඇතුලේ ෆිල්ම් 30ක් විතර තියනවා එහෙනම් ඒවා බලපන් කියලා... ඒක ඔබලා බලලා කියනා "අපෝ.. මේවා මෙලෝ රහක් ඇති එවා‍යෑ" කියලා.. මට දවසට 2කිලෝමීටර් වත් දුවන්නලු.. තව සන් බ්ලොක් එකක් යූස් කරන්න ගන්නලු.. මෙහේ අව්ව වැඩිලු.. අනේ මන්දා දැන් හැදෙන එව්වන්ගේ මලසමයං :පී
අපේ පැත්තේ ජන සංයුතිය කොහොමද කියලා අහනවා.. මේහේ වර්ෂාපතනය ගැන අහනවා.. අනේ මන්දා ‍ඉගනගෙන වැඩිවෙලාද කියලා.. මං ‍ඉතිං ඕවා ගැන දන්නවා‍යෑ.. මං ඉතිං දත් 32 කම පෙන්නගෙන ඉන්නවා.. වෙන මොනා කරන්නද?
ඔය සේරමත් හරි.. මූ මාර ලොකු චෝදනාවක් කරනවානේ.. කොළඹ සුදු කෙල්ලෝ නැහැලු (‍ඌ කොළඹ කියන්නේ මුළු බස්නාහිර පළාතටම හොදේ) මං ඇහුවා ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා.. දවසක් යාළුවෙක් කිව්වලු.. ඉතිං එන ගමන් බලාගෙන ආවලු.. ගන්න පුළුවන් තරමේ සුදු කෙල්ලෝ නැති තරම් වගේලු (අනේ මන්දා ඌ අයිස්ලන්තේද ඉන්නේ කියලා) මං ඉතිං හිතේ දුකටත් එක්ක ඇහුවා ඇයි මල්ලි අපි කළුද කියලා... අනේ මූ නක්කලේට කට පැත්තකින් හිනාවක් දැම්මනේ.. මට ඉතිං අපහු මෝඩ කම කියලා හිතුනා..
මේ මං යනවා..මේක ලිව්වෙත් අනිත් කාමරේට පොතක් ගන්න ගිය වෙලාවේ.. මේක කොටනවා දැක්කොත් බ්ලොග් එක පෙන්නන්නත් වෙනවා.. ‍ඒක හරියන්නේ නැහැ.. එහෙනම් මං ගියා බායි..

Saturday, December 26, 2009

කොහොමද තනියම ගෙදර ඉන්නේ :o

අති සාර්ථක අන්දමින් හතර වෙනි හෝ පස්වෙනි වතාවටත් රාත්‍රීන් 2ක් තනියම ගෙදර ඉදීමෙන් පසුව මෙම සටහන ලියමී.. (මට ජයවේවා!!!) :ඩී

‍මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි.. ඒ කියන්නේ මගේ පවුලේ මට සහෝදර සහෝදරියෝ නෑ.. එකා යකා නොවුනට නොදන්න අය කියන්නේ එහෙමනේ... ඉතිං මම තනි යකෙක් නේ.. ඉතිං යකෙකුට තනියම ඉන්න එක ප්‍රශ්ණයක් නෙවෙයි.. හිකිස්!!!

හැබැයි ‍හැමෝම අහන්නේ ඔයා තනියමද ඉන්නේ..??? :ඕ

අනේ මන්දා ඇයි එහෙම අහන්නේ කියලා.. අපේ ගෙදර සත්තු ඉන්න නිසා එයාලා වෙනුවෙන් ගෙදර කවුරු හරි හැමවෙලේම ඉන්න ඕනි (සත්තු හදලා තියෙන්නේ ළමයින්ට වඩා සැප දීලනේ) ඉතිං අම්මා තනියම කොහෙවත් යන්නේ නෑ.. තාත්තා අම්මවයි මාවයි තනියම කොහෙවත් යවන්නේ නෑ (යවලා ගෙදර වැඩ තනියම එයාට කරගන්න දෙන්න අපිටත් බැහැ නේ) ඉතිං හොදම විසදුම තමයි එයාලා ගිහිං මං ගෙදර ඉන්න එක... අපි තුන්දෙනාම දවස් දෙක තුනකට ගෙදරින් පිට ගියපු දවස් හරි ටිකයි ඇත්තේ පහුගිය අවුරුදු 8 ටම වගේ.. යන්නම ඕනි තැනක් තිබ්බොත් නෑදෑයෙක් නවත්තලා ගිහිං තියනවා උනාට.. ආයේ එද්දි හිතෙන්නේ ගියාට ව‍ඩා නොයා හිටියනම් හොදයි කියලා.. ඒ නිසා මම නතර වෙන එක හොදයි.. මගේ තනියට අක්කෙක් කාව හරි ගෙන්න ගත්තත් එතකොට වෙන්නේ එයාලා ටීවී බලන්නයි මම තනියම එයාලගේ වැඩ කරන්නයි වෙන එක.. ඊට මීට හොදයි මං තනියම ඉන්න එක..

මේ දවස් දෙකට 5 දෙනෙකුට වඩා මගෙන් අහන්න ඇති "ඔයාට පුළුවන්ද රෑට තනියම ඉන්න.." ගෙදරට එන මිනිස්සු අහන්නෙත් ඒක.. කෝල් කරන මිනිස්සු අහන්නෙත් ඒක..නෙට් එකේ උන් අහන්නෙත් ඒක.. පුළුවන් කියලා ලාවට හිනා වෙලා කියනවා ඇරෙන්න ඉතිං වෙන උත්තරයක් නෑ.. පුළුවන් නිසානේ ඉන්නේ..

ඇත්තටම මට තේරෙන්නේ නැහැ තමන්ගේ ගෙදර තනියම ඉන්න මිනිස්සු මොකටද බය වෙන්නේ කියලා.. අනික මං දන්න ගොඩක් ගෑණු ළමයි කළුවරට බයයි.. රෑට තනියම ඉන්න බයයි.. අනේ මන්දා ඇයි කියලා.. ඒක හරිම විහිළුවක් නේ නැද්ද? ඔන්න මම තනියම රෑට ටවුන් එකක ඉන්න බයයි (අපේ රටේ ඉන්නේ ළගින් ගියොත් ඇහැක් නැති අයියලානේ).. ඒත් මගේ ගේ ඇතුලේ මං මොකටද බය වෙන්නේ?? මොබයිල් එක ළග තියනවා නම්.. දොර ජනෙල් හොදට වැහෙනවා නම්.. මොකටද බය වෙන්නේ? යන යන තැන අඩියෙන් අඩිය ඉස්සරහින් යන බලුහාමිනේ කෙනෙක් ඉන්නකොට කීයටවත් බය වෙන්න ඕනි නැහැ.. මැස්සෙකුට වත් ළගට එන්න බෑහැ නේ...

මම නම් තනිකමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්.. ඒ නිසා මට තනියම ඉන්න තියන එක හරි සනීපයි.. ඒ වුනාට පාළු නොහිතෙන වෙලාවල් නැතුව නෙවෙයි... දවස් ගණන් තනියම ඉන්නකොට මට තියන එකම ප්‍රශ්නේ තමයි ඊට පස්සේ කවුරු හරි කෙනෙක් කථාවට එන ‍එක.. මොකද කතා නොකර ඉදලා කථා කරන්න තියන කම්මැලියාව.. ඉතිං අර අනිත් මනුස්සයා අහද්දි‍ මොකෝ කථා නැත්තේ කියලා ඒක නම් කේන්ති යන වැඩක්..!

ඉතිං කවුරු හරි තනියම ඉන්න සිද්ද වෙන කෙනෙක් ඉන්නවා නම් මං එයාට කියන්නේ බය නැතුව තනියම ඉන්න.. කළුවරේ හොල්මන් නැහැ.. රෑට ඔයාව උස්සන් යන්න මොකෙක් වත් එන්නෙත් නෑ.. හිස් ගෙදරකට තියන නිශ්ශබ්දතාවය හිතට භාවනාවක් මිසක් වදයක් වෙන්නේ නැහැ.. සද්ද නැතුව ඉන්න කැමති නැත්තං හොද ෆිල්ම් ටිකක් බලන්න ගන්න (හැබැයි වැඩිය සීරියස් ඒවා බලන්න එපා එතකොට වෙන්නේ ඒවායේ ගැඹුරට ගිලිලා මොලේ ටිකක් විකාර වෙන්න බලන එක.ඒ ඇනිමේෂන්ස් කාටුන් වගේ සිම්පල් එවා බලන එක හොදයි.. පොත් නම් කෝකත් හොදයි... ඒ නැතිනම් නිදාගන්න එක තමා අනුමත කරන්න පුළුවන් හොදම දේ.. ඒ වුනාට නිදාගන්නවට වඩා නැගිටලා ඉන්න එක හොදයි... තනියම ගෙදර ඉන්න දවස් වලට ලොකු ලොකු කෑම හදන්න මහන්සි වෙන්න එපා.. මොකද මහන්සි වෙලා උයලා තනියම කන්න හිතෙන්නේ නැහැ.. ‍එක්කෝ නොකා ඉන්න නැත්නම් පොඩි පොඩි ස්නැක්ස් ගන්න..පුළුවන් නම් ගෙදර ලෑන්ඩ් ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා හරි එන්ගේජ් කරලා හරි තියන්න.. මොකද සද්ද නැති ගෙදරක ඒක මහ හයියෙන් වැදෙන කොට යකා තද වෙනවා..! හැබැයි එහෙම කරනවා නම් මොබයිල් එක අත ළගින් තියා ගන්න..නැත්තං පිට ඉන්න ගෙදර අය බය වෙයි ඔයාට මොනා හරි කරදරයක් වෙලාද කියලා.. අනික මොබයිල් එක ළග තියන එක හිතටයි ආරකෂාවටයි පහසුවටයි තුනටම හොදයි.. හදිසියකදි මුලින්ම කථා කරන්න හොදම නම්බර් එක ඩයල් කරන්න ලේසි විදියකට හදාගෙන තියා ගන්න.. ඒක ඉන් කේස් ‍ඔෆ් ඉමර්ජන්සි ප්‍රයෝජනවත් වෙයි.. තව ගෙදර ගේට්ටුව පුළුවන් නම් ලොක් කරලා තියන්න.. එතකොට නොදන්න අයගෙන් වෙන බාධා කිරීම් අඩු වෙනවා..
ඕවා තමා දෙන්න තියන උපදෙස්.. ඕය සේරම හරියට සිද්ධ උනාම මේ වගේ මොංගල් පෝස්ට් ලියවෙනවා ගණන් ගන්න එපා ඒක එහෙම තමයි.. හික් හික්

අවසාන වශයෙන් තනියම ගෙදර ඉන්න බය අයට කියන්න තියෙන්නේ "තම තමන්ගේ අත පය හයිය ගැන විශ්වාස කරන්න.." :-)



Friday, December 25, 2009

මගේ හුදකලා නත්තල් දවස

අද හරිම නිස්කලංකයි..කවුරුවත් නෑ.. වත්තේ කොහේ හරි ගහක ලේනෙක් එක්ක පොඩි කුරුල්ලෙක් එකතු වෙලා ගීතිකාවක් කියනවද කොහෙද.. සැරින් සැරේ හුළඟක් මුණු මුණු ගාගෙන යනවා.. ඒ ඇරෙන්න කිසිම හඩක් නෑ.. බයි ඩිංගක් කාලා බඩ පිරිලා ගිරා පැටිත් සද්දයක් නෑ.. බලු බබාගෙත් බඩ පිරිලා හින්දා එයත් ‍දවල් පොඩි නින්දක් දාලා.. අද නත්තල් කියලා එයාලට කිසිම ගාණක් නැති හැටි.. උදේ නත්තල් ගහ සරසද්දි නම් පැටී ඇවිත් වටේ කැරකි කැරකි ඉදලා ලස්සන බලලා ගියා.. එයින් පස්සේ කිසිම දෙයක් නෑ.. එයාලා එයාලගේ ලෝක වල.. මම මගේ වැඩක.. හරිම නිහඩයි.. පාලුයි.. කතාකරන්නවත් කෙනෙක් නෑ... කම්පියුටරේට ඔළුව ඔබාගෙන ඉන්නවා මිසක් වෙන මොනා කරන්නද?
මනුස්සයෙක් මේ ලෝකේ සහොදරයෙක් සහොදරියෙක් නැතිව ඉපදෙන එක කොයි තරම් දුකක්ද කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට.. අඩුම ගානේ හිටියා නම් කථා කරන්න බැරි නම් රණ්ඩුවක් අල්ලං හි‍නා වෙන්නවත් තිබ්බනේ..
අද නත්තල් තියන ගෙවල් වල නෑ‍දෑයෝ පිරිලා ඇති.. ලස්සන ඇදුම් අදලා.. සමහර විට පවුලේ අය සේරම එකතු වෙන එකම දවසත් අද වෙන්න ඇති.. හරියට සිංහල අවුරුද්ද වගේ.. සිංහල අවුරුද්ද අපිට විතරයි උනාට අද මුළු ලෝකෙම ගෙවල් වල ජේසු උපත සමරනවා ඇති..ඒකට දුප්පත් පෝසත් බේදයක් නැහැනේ.. හැමෝම පුළුපුළුවන් විදියට මොනා හරි දෙයක් කරනවා ඇති... උත්සව කොයි තරම් ලස්සනද.. ලොකු අයට කෙසේ වෙතත් පොඩි අයට.. රස රස කෑම ජාති.. ඇදුම් පැළදුම්.. තෑගි.. සෙල්ලම් බඩු..
ඔය අතරේ නත්තල් සමරන්න තියා අද නත්තල ද කියලා නොදන්න මිනිස්සුත් ඇති..එහෙම නැත්තං නත්තල් දවස කියලා දැන දැනත් සමරන්න අකමැති අයත් ඇති.. ඒ වගේම සමරන්න ඕනි උනත් සමරන්න තව කෙනෙක් නැතිව තනියම ඉන්න අයත් ඇති.. ඒ කොහොම උනත් හැමෝටම අද තවත් එක දවසක්...
හැමෝටම සුභ නත්තලක්....!!


Wednesday, December 23, 2009

Happy X mas for you all

Do I have it?

Well.. in part I do have xmas and in part, I don't !

Either way... let me wish you all bloggers (and malee specially) a Happy X' mas and a Happy super duper new year :)

And this year around.. it's just not me wishing you all alone.

So.. drink to your merry and have a blast of a time people !

Nash & Rachel (the 10 years and 3 months old she devil)

Monday, December 21, 2009

18,19,20,21



19 -සෙනසුරාදා
මීට අවුරුද්දකට එකහමාරකට කලින් විතර ඉදලා නුවර යන්න ප්ලෑන් කරා කරා.. හැම මාසෙම කථා කලා.. හැබැයි කවදාවත් යැවුනේ නැති නුවර ට්‍රිප් එක අන්තිම මොහොතෙත් ටිකට් ප්‍රශ්ණයක් නිසා කැන්සල් කරන්න උනා. මොනා කරන්නද?
ඉතිං යන්න හිටි එක සමාජිකයෙක් අනිත් සාමාජිකාවකගේ ගෙදර ආවම ඔන්න හවස දෙකට විතර මතක් වුනා සිංහල බ්ලොගර්ස් ගෙට් ටු ගෙදර් එක ගැන..ඕකට යන්න තුන් හිතකවත් නැති සමාජිකයා අර සමාජිකාවට කියනවා.."අපරාදේ කලින් මතක් උනා නම් ඔයාව එකට දාලා මට රවුමක් ගිහිං හවසට එක්කන් එන්න තිබ්බා.." ඕක කලින් කිව්වා නම් ගෙදරට වෙලා බකන් නිලං ඉන්නේ නැතුව ගෙට් එකටවත් යන්න තිබ්බානේ.. මොනා කරන්නද දුක තමා.. බෙටර් ලක් නෙක්ස්ට් ටයිම් කිව්වලු.

20 - ඉරිදා
මාස ගාණක් පෙරුම් පිරුව දවස ආවා.. 4 ට එලාම් එක තිබ්බට මොකෝ එලාම් එකටත් කලින් ළමයා ඇහැරලා.. 3.30 ඉදන් යන්න ලෑස්ති වෙලා 5.20ට ගෙදරින් ඇවිත් 6.15 ට කොටුවේ ස්ටේෂමේ ටුයන්න යටට සෙට් වුනාම 6 ට එතනට එනවා කිව්ව එකා තාම බස් එකේලු.. ඉතිං ඔන්න එයත් ආවම ‍අයියලා දෙන්නයි මල්ලිලා දෙන්නයි නංගි බබයි නුවර යන්න කෝච්චි‍යට නැග්ගා.. ඉන්ටාර් සුටියනේ පටාර් ගාලා යනවා.. අර කූඩැල්ලා කොට්ටේ තියන්න බෑ වගේ කොල්ලන්ව සීට් වල තියතැහැකියෑ.. ඉතිං අපරාදේ සීට් බුක් කලේ.. තර්ට් ක්ලාස් ටිකට් 3ක් අරන් දීලා හිටගෙන පලයල්ලා කිව්වා නම් ඉවරයි.. කොහොම හරි හැරී පෝටර් ගේ මල්ලි ලා තුන් දෙනාවත් ‍හම්බ වෙලා සුද්දන්ට සිංහල කියා දීලා.. බිංගෙවල් ඇතු‍ලේ හූ නොකියා ඉන්න කියලා.. කොහොම කොහොම හරි නුවරට ගියා.. අනේ හවස 3.00 කෝච්චියේ 2න්ඩ් ක්ලාස් ටිකට් ඉවර වෙලා එතකොටත්.. 3ර්ඩ් ක්ලාස් 1න් පස්සේ දෙනවා කිව්වේ. ඉතිං ළමයි 5 දෙනා පේළියට දළදා මාළිගාවට ගිහිං මල් පූජ කරලා රවුම් ගහලා ෆොටෝ ගහලා බලද්දි පේරාදෙණියට යන්න වෙලා නෑ.. එක්කෝ කෝච්චියේ ටිකට්.. නැත්තං මල් වත්තේ මල්.. මල් වගේද කෝච්චිය කියලා ඩෙවෝන් එකෙන් දවල් සප්පායම් වෙලා1.30 ට ස්ටේසොමට ගියාම කියපි ටිකට් ඉවරයි.3.30 තමා කියලා.. ඒකේ ටිකට් අරන් කොහෙද යන්නේ කියලා සාකච්ජා කරන්නම වෙලාව ඉවරයි.. අනිත් පැත්තට හැරිලා කෝච්චියට ගිහිං වාඩි වෙන්න තිරණය උනා.. දෙන්නෙක් නම් අපි එන්නම් කියලා ගියා ගියා මයි කොයි ලොකේ ගියාද මන්දා.. නුවර මිනිස්සුන්ගෙන් ගුටි කාලා ආවද මන්දා.. කොහොම හරි කෝච්චියටයි.. ටවුන් එකේ ඇවිදින්නයි හිනා වෙන්නයි තමා අපි නුවර ගිහිං තිබුනේ.. රෑ 9.30 ට විතර ඉතිං ගෙදරට සුරකෂිතව සැපත් උනා.. 20ත් ඉවරයි

21 - සදුදා
පංති ගිහිං දවල්ට ලන්ච් පිටින් ගන්නයි හිතුවේ.. ශික් මෝඩ මැටි පානදුර.. කන්න සෙට් වෙන්න හොද තැනක් ඇත්තෙම නැහැනේ.. ඉස්සර මාර ආසාවෙන් හිටියා ලා පැරිස් කියලා තිබ්බ ෆ්‍රෙන්ච් රෙස්ටුරන්ට් එකෙන් කන්න... අනේ දැන් තිබ්බ තැනක් වත් හොයා ගන්න නෑ.. :(( අන්තිමේ ඉතිං ගෙදර තරම් හිතට අල්ලන වෙන කොහෙවත් නෑ කියන දේ ස්ථිර ‍කරමින් පිං පොන් කොල්ලගේ කඩෙන් බත් දෙකක් අරන් ඇවිත් දෙන්නත් ‍එක්ක ගෙදර මේස උඩ තියාගෙන කාලා දැම්මා... අනේ මන්දා ඊට පස්සේ එහේ බලලා මෙහේ බලද්දි දවස ගෙවිලා.. දුකේ බෑ :-(
රෑ නෙට් එකට පොඩ්ඩක් බෙල්ල දැම්මා..



කථා ඇති..
මෙන්න ඊයේ කැන්ඩි ගමනේ එහෙන් මෙහෙන් ටිකක්.. පිංතූර නම් මගේ නෙවෙයි.. ප්‍රධාන ඡායාරූප ශිල්පීන් 2ක් ගේ.. අවසරයකින් තොරවයි මම ගත්තේ.. අවුලක් නෑ.. වැඩක් නම් නෑ.. ඒත් ඉතිං වෙන වැඩක් නැත්තං බලන්න ආ...

ලිපිය වෙනස් කරන ලදි..!


Friday, December 18, 2009

බණ්ඩා කොළඹ යෑම හෙවත් මලී fb යෑම.


:0 මලී ෆෙස් බුක් එකේ???
යා යා...
මේ වෙන වැඩ නැති හින්දා ඔන්න ඔහේ එකට ආයෙමත් රිංගුවා.. ඇත්තම කියනවා නම් මට කලින් ෆෙස් බුක් එකවුන්ට් එකක් තිබ්බා.. ඒ වුනාට ඉතිං ඒක ‍ඔහේ තිබ්බා මාත් හිටියා.. ඇති පලක් නෑ..ඉතිං ඔහේ කැන්සල් කරලා දැම්මා.. අනික ඒකේ තිබ්බේ මලී ගේ අයිතිකාර ගෑණු ළමයාගේ විස්තර නේ.. මලීගේ යාළුවන්ට එයාව වැඩක් නෑ.. ඉතිං එයාව අයින් කරලා ඔන්න මලීම ‍ෆෙස් බුක් එකට පය ගැහුවා..
ඕකට වග කියන්න ඕන දුකා ප්‍රමුඛ තුන්පත් රටා වේ කට්ටිය. හෝව් හෝව්.. දැම්ම ‍ඔබන්න එපා.. තාම පටන් අරන් නෑ.. දන්නවා ඇතිනේ දේශීය නර්තන හා කළා කටයුතු ගැන කරන්න යන අළුත් බ්ලොග් එක.. ඔය වැඩේට ඉතිං මං තෝරු මෝරු අස්සේ හාල් මැස්සෙක් වගේ තමා.. ඒ වුනාට ඉතිං වැඩක් බාරගත්තට පස්සේ පස්ස ගහන එක හොද වැඩක් නෙවෙයි නේ.. ඉතිං නෑ බෑ නොකියා වැඩේට එන්ටර් වෙන්නයි කල්පනා කලේ.. (අනේ පොත් ගුලේ කට්ටිය තරහා වෙන්න එපා.. ඒකටත් ලියලා දෙන්නම් හොදේ) හැබැයි ඉතිං මලීගේ අම්මා මලීට හැමවෙලේම බනින්නේ තව වැඩක් පටන් ගන්න කලින් කරන වැඩේ ඉවර කරලා ඉදපාන්.. කියලා..ඒ වුනාට ඒ පුරුද්ද මලීට නෑ.. ඉතිං වැඩ ගොඩක් පටලගන්න වෙලාවල් අනන්තයි.. හැබැයි ඉතිං මලී ඇතුලු ගැහැණු පරපුරම හැදිලා තියෙන්නේ මල්ටි ටාස්ක් බ්රේන් එකක් එක්ක හින්දා ඒවා එච්චර ගේමකුත් නෙවෙයි..
ඉතිං දැන් ආයෙමත් මුණු පොත පැත්තට ගියේ මොකෝ කිව්වොත්.. ඔය තුන්පත් රටාවේ කට්ටිය සෙට් වෙන්නේ ස්කයිප් එකේ කිව්වනේ.. ඉතිං මලී ස්කයිප් එකත් දාගත්තා.. මෙන්න එකට ගියාම ෆේස් බුක් එකේ කතා වෙච්චා කියලා ඉරිදා පත්තරේ වගේ එකක් දික් කරා.. තකහනියක් මලීව අප්ඩේට් කරන එක ඒ අයට වදයක්නේ.. මොකටද අනිත් අයට වද දෙන්නේ කියලා.. මලී එයාගේ මූණත් පොතට එක්කහු කරා ඕන්න..
කලින් වතාවක් හිටියා උනත් මම ඉතිං ඔවායේ අනම් මනං ඔබන ලමයෙක් නෙවෙයිනේ.. ගියවතාවේ ‍එකවුන්ට් එකෙත් වැඩ ගොඩක් කරලා දුන්නෙත් යාළුවෙක්.. ඉතිං මේ වතාවෙත් නිකං මොනාද‍ මොනාද වගේ.. අනේ මන්දා ලොග් වෙන්නත් කලින් යාළුවෝ ඇඩ් වෙලා ඉවරයි.. පුහ්..!!! ඒකෙත් හැටි අම්මපා..!! පේන හැටියට දැනටම යාළුවෝ 23 ක්ම ඉන්නවා.. අනේ මන්දා එච්චර කොයින්ද කියලා.. කොහොම හරි කමක් නෑ
ඉතිං අතිං පයින් යන එකක් යෑ.. නැද්ද? ඉතිං දැන් ඔන්න මලී එහේ ඉන්නවා.. හැබැයි වැඩි වැඩ නෑ හොදේ..

දැන් අපේ බුරූ මැඩම් කියලා තිබ්බා බ්ලොග් එක ගෙදර කරගත්තට ෆේස් බුක් එක ගෙදර වගේ කරගන්න එපා කියලා..අනේ ඉතිං අපේ අම්මා කියලා තියෙන්නේ යන තැනක ඉන්න තැනක ඒ තැනට ආදරෙන් තමන්ගේ දේ වගේ රැකගෙන ඉන්න කියලා.. එතකොට ලු හරියන්නේ.. ඒක හින්දා දැන් මොන බයිලා ගැහුවත් ඉදිරියේ මලී ‍මුණුපොතේ පදිංචි වෙයිද දන්නේ නැහැ.. නැත්තං පැත්ත පලාතේ නොයා ඉදීද කියන්නත් බෑ..ඒවා ඉතිං අනාගතේට බාරයි.. දැනට ඉතිං මලී ළමයා ෆේස් බුක් එකේ අතරමං වෙන්නයි යන්නේ.. ඔය නොදන්න කමට ඒවා මේවා ඔබන්න ගිහිං වැරදි වැඩ කරලා තිබ්බොත් සමාවෙන සේක්වා.. මේකත් ලිව්වේ මේ ජොලියට ව‍ගේ..
මට පේන හැටියට අපේ නෑෂ් ලොක්කා අද Digsby ගැන ඇඩ් එකක් දාලා තියෙන්නේ මටම වැඩක් ගන්නද කොහෙද.. ඒකත් නරක නෑ වගේ.. මමත් දැන් ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ නැතුව මේ වැඩේ හරියන්නේ නැහැ වගේ...එහෙනම් මම ගියා.. හැමදෙනාටම ජයවේවා...

Thursday, December 10, 2009

Standing Still


I am just sitting here in my office.. looking across to the rest of it's wide space.

I plugged in my ear phones and started playing haunting yet absolutely beautiful sounds of Yiruma's "River Flows in You" (you might know this better if I say the defacto name of this song - "Bella's Lullaby - this is what Edward Cullen plays to Bella Swan on the piano in the film Twilight )

The rest of the room... just moving.. all the people in it, running here and there trying to get something or other done.

So much sound.. so much talking, so much stress in people's faces and just so much worried and tired looks.

Yet I am here.. with my legs stretched, arms folded behind my head, phone switched off, banking easily in my chair listening to some amazing music and seeing the world pass by with so much anger, hatred, stress and over-whelming speed.


I do have work of course.. but I had this strange nag from my little days to STOP in the middle of everything and look at people.. and to let the world pass me by in a blur. It's just a fulfilling and an amazing feeling to stop everything and let your mind sit idle.

Just sharing with you all one of my wired habits ! :)

Why don't you all just stop once in a while ? ... look around you and see the rest of the world moving for a change... rather than trying to run with it all your lives ?

Tuesday, December 8, 2009

නිමක් නැති නමක් නැති ස්තූති සටහන

අන්තර්ජාලේ කියන්නේ කොයි තරම් පුදුම තැනක් ද? පට්ටම පට්ට නරකයි කියන දේවල් වගේම උතුම්ම දේවලුත් මේක අස්සේ තියනවා.. හරියට නිකං ම්ම්ම්.. ‍නෙල්ලි ගෙඩියක් වගේ.. ජි‍විතේට හොද දේවල් එකතු කරගෙන හැදෙන්නත්.. කුණුගොඩවල් එකතුක‍රගෙන නන්නත්තාර‍ වෙලා යන්නත් අන්තර්ජාලේ ඇවිදින කෙනෙකුට පුළුවන්.. එහෙම බලද්දි හරියට ගින්දර වගේ.. හරියට බාවිතා ක‍රොත් ලොකු වැඩක් ගන්නත් නැත්තං පුච්චගෙන පැත්තකට වෙන්නත් පුළුවන්...
අනන්තය තරම් දිගට යන්න පුළුවන් ජාලයක් ඇතුලේ මං මේ කථා කරන්නේ අපිට හම්බවෙන මිනිස්සු ගැන. ඒ කියන්නේ ජාල මිතුරෝ.. එහෙම නැත්තං වර්චුවල් ෆ්‍රෙන්ඩ්ස් ගැන. ඒකත් නැත්තං මගේ දුප්පත් භාෂාවේ නමක් දෙන්න මම දන්නේ නැති මිතුරොත් නොවන නන්නාදුනන්නොත් නොවන මිනිස්සු ගැන. මෙය ලියන මමත් කියවනවානම් ඔබත් මේ කොටසට අයිතියි..
හිතන්න ඔබට කොයි තරම් පිරිසක් අන්තර්ජාලෙදි මුණගැහිලා තියනවාද? මට...?? අනේ මන්දා මම ගණන් කරලා නෑ.. මම චැට් කරපු.. community forum වල thread දිගේ කයිය ගහපු බ්ලොග් වලින් විතරක්- බ්ලොග් ලිපි හරහා පමණක් මුණගැහුන පිරිස සේරම 500+ ‍ඇති.. ඔය බොහෝ දෙනෙක් කාලෙකට විතරයි.. ඒ කියන්නෙ අද ඉන්නවා හෙට නෑ.. එහෙම නැත්තං වෙනත් පුද්ගලික හේතු මත නෙට් එන යන රැදෙන වෙලාවල් වෙනස් වෙලා.. එහෙම නැත්තං උවමනාවෙන්ම අතහැරලා.. ඔය විදියට කොයි තරම් පිරිස් අපිට දවස ගානේ මුණගැහෙනවාද? නෑ මුණගැහෙනවා කියන වචනේ වැරදියි.. හරි වචනේ මම දන්නේ නැහැ.
ගතවෙලා ගිය අවුරුදු 3ක 4 ක විතර කාලේ ගත්තම ‍ම‍ට මුණගැහිලා තියන අය හරි අපූරුයි.. අතිබහුතරයක් හොද මිනිස්සු.. මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා ඒත් මට නෙට් එකේ යාළුවෝ හැටියට හරි කයිය ගහන්න ගෑණු ළමයි සෙට් වෙන්නෙ නම් හරි අඩුවෙන්.. ඒ කොහොම උනත් මම හිතන දෙයක් තමයි ලංකාව වගේ රටක ජීවත් වෙන ගෑණු ළමයින් අන්තර්ජාලේ කියන්නේ නම් හරිම නිදහස් තැනක්.. ඒ නිදහස උපරිමව බුක්ති විදින කෙනෙක් හැටියටයි මම මේක ලියන්නේ.. උදාහරණයක් හැටියට මාත් එක්ක නෙට් එකේ කථා කරපු ‍පිරිමි සේරම අපේ ගෙදර එන්න යන්න ගත්තා නම් අහල පහළ ගෑණු ටිකට වෙන වැඩක් නැති වෙනවා මං ගැන දොඩවනවා ඇරෙන්න.. කාලයක් තිබ්බා පාන්දර 1-2 වෙනකම් ‍මැසෙන්ජර් වල හිටිය කොල්ලෝ සෙට් එකක් එක්ක සිංදු කියපු.. ඕවා ලංකාවේ ගෑණු දරුවෙකුට තමන් දිහාට ‍එල්ල වෙන ඇස් 1000කින් ගැලවිලා කරන්න පුළුවන් දේවල් නෙවෙයි.
අනික සමාජය බිහිකරලා තියන පුහු ආකල්ප වලින් උපරිම නිදහසක් ලබන්නත් ගෑණුළමයින්ට පුළුවන්.. අපි දරණ මත කෙලින්ම ප්‍රකාශ කරන්න.. අපිට අපි විදියට පෙනී හිටින්න..
ඒක හරි ලස්සන හැඟීමක්..
අනික තමයි මට දැනිලා තියන විදියට අපි සේරම අපි එදිනෙදා ජිවත් වෙන සමාජයේ කට්ටිය උනාට..ඒ සමාජයෙන් මිදිලා අපි මේ වර්චුවලි මුණගැහෙන සමාජය හරි ලස්සනයි.. සාමකාමී.. සහජීවන+ තව තව හොද දේවල් වලින් පිරිලා කියලා...


------
ඔය උඩ සේරම මං ගැහුව බයිලා.. අපේ සම්මානලාභී කතන්දර ශූරීන් තුමා කලින් කිව්වා ‍වගේ මං එක කථාවක් කියන්න ගියාම කථා 10ක් විතර පටල ගන්නවා..මොනා කරන්නද මගේ හැටිනේ ඒක.. :(

දැන් මේකයි..
ළග ළගම නත්තලයි 2010 අළුත් අවුරුද්දයි එනවානේ.. ඉතිං මට හිතුනා අපේ බ්ලොග් එකේ හෙඩර් එක වෙනස් කරන්න.. (කොහොමත් ඉතිං හැමදාම වෙනස් කරන්නේත් ඒක විතරනේ.) ඉතිං මං ඊයේ එකක් හැදුවා. මොකක් හරි වාසනාවකට මගේ මොනිටරේ ඊයේ කලර් හරි ගිහිං තිබ්බා ඉබේම. ඒකයි ඊයෙම හැදුවේ.. මං ඉතිං ‍පිංතූරකඩේවත්..චිත්‍රපිටුවේ වත් වැඩකාරයෙක් නෙවෙයිනේ.. ඉතිං වර්ඩ් වලින් කලර් ශේඩ් කරලා.. පේන්ට් වලින් කට් කරලා.. සමහර අකුරු ලියලා ෆොටෝශොප් වලින් ඉතිරි වැඩ ටික කරලා තමයි ‍මේ පහළ තියන හෙඩර් එක හැදුවේ

ඉතිං අද හවස මේල්ස් බලද්දි මේල් බොක්ස් එකට අළුත් නමකින් මේල් එකක් ඇවිත් තිබුනා මචං මලී කියන ටොපික් එකෙන්.. කවුරුවත් නෙවෙයි රස්තියාදුකතා එතකොට ලිෂාන්ගේ බ්ලොග් රෝල එහෙම ලියන Lishwish ගෙන්.. එයා එයාගේ බ්ලොග් එකට හදපු ඒ‍ත් නොදා හිටිය හෙඩර් දෙකක් ටිකක් වෙනස් කරලා මට ‍එවලා.. එහෙම කරන්න එයාට ඇත්තටම උවමනාවක් නැහැ නේ.. ඒත් මම විශ්වාස කරනවා මිනිස්සු එහෙම කරන්නේ හිතවත් කමට කියන එක.. (ඒක මට ඉගැන්නුවේ මගේ තාත්තා..) ඉතිං මෙච්චර දිග සටහනක් ලිව්වේ ඒකට එයාට ස්තූති කරන්න. ගොඩක් ස්තූතියි ලිෂ් අයියේ. ඔයාට සමහර විට ඒක ‍පුංචි දෙයක් වෙන්න පුළුවන්.. ඒත් මේ ලොකේ ලස්සන වෙන්නේ හැම වෙලේම පුංචි පුංචි දේවල් ගොඩක් එකට එකතු උනාමයි.. එහෙමයි මම හිතන්නේ.

ඉවර කරන්න කලින්.. මට මේ දවස් වල තියන වර්ණඅන්ධතාවය නිසා අළුත් හෙඩර් එක දාලා ඒක තව ටිකක් සස්සන කරලා.. බ්ලොග් එකේ අනිත් පාට ටිකත් හරියට මැච් කරලා හදලා දුන්නු මීට කලින් මම පාවිච්චි කරපු හෙඩර් එකත් හදලා දුන්නු මට මේතාක් කාලෙකට අන්තර්ජාලෙදි මුණගැහුණු මිනිස්සු අතරින් හොඳමමමම මගේ මිනිහටත් තැන්ක්යූයූයූඋඋඋඋඋ

Sunday, December 6, 2009

ගැහැණියක්


මං අද ලියන්න යන්නේ මේ ලොකේ ලස්සනම ප්‍රේමණීයම මාතෘකාවක අඳුරු පැත්ත ගැන... සාමාන්‍ය සත්ව ලොකේ නිතරම ගැහැණු සත්වයාට වඩා පිරිමි සත්වයා ලස්සනයි කියලා තමයි කියන්නේ... ඒත් මනුස්සයා කියන සතා ගත්තම ඒකේ අනිත් පැත්ත කියලයි සාමාන්‍යයෙන් කියන්නේ නේද?... නෑ නෑ මම කියන්නේ පිරිමි කැතයි කියලා නෙමේ... ඒත් ගැහැණිය හා පිරිමියා කියන සත්තු දෙන්නව භාහිරව වෙන් කරන රේඛාව දෙපැත්ත බැලුවොත් ශාරීරිකව ගැහැණියකගේ සිරුර පිහිටන්නේ (මිනිස් සිතට අදාලව) පිරිමියාට වඩා ආකර්ෂණීය හැඩයකින්... ඒක කළු, සුදු, තලෙලලු,උස,මිට,කෙට්ටු,මහත කොයි ගැහැණියටත් අදාලයි... මම මේ කථා කරන්නේ මුහුනේ මේකප් දාලා හෝ නොදා පෙනෙන ලස්සන නෙවෙයි... ඒක කථා කරන්න තරම් වටින දෙයක් නෙවෙයි මට... මම කියන්නේ සමස්ථ ස්වරූපය එහෙම නැත්තම් ස්ට්‍රක්චර් එක ගැන...
නෑ.. මම මේ ලියන්න යන්නේ විද්‍යාත්මක ලිපියක් නෙවෙයි.. ඒකට මට දැනුමක් නෑ..මම ලියන්නේ අද මම දැකපු ගැහැණියක් ගැන.. ඇත්තටම මගේ හිතේ උපන් අනුකම්පාව එහෙමත් නැත්තං ඒ වෙලාවේ මට දැනුනු විස්තර කරන්න බැරි හැගීමෙන් ගොඩ ඒමට කරන හිත රවටා ගැනීමක්.!

මම අතීතෙන් පටන් ගන්නම්..! අපේ ගමේ අපේ ගෙවල් පාරේ අපේ ගෙදර පහුකරන් ගියාම ටිකක් ඇතින් කඩයක් තියනවා.. ඔය කඩේ ඒ දවස් වල කරලා තියෙන්නේ බෙනට් කියලා පිරිමි කෙනෙක්.ඒ අයට තරමක වත්කමක් තිබිලා තියනවා.. ඒත් මං උපදින්නත් කලින් හරි ඉපදිලා ටික කාලෙකින් හරි එයා මැරිලා තියනවා..එ‍යාගේ මරණින් පස්සේ එයාගේ පවුලේ අය එයාට අයිති දේවල් වලින් ගොඩක් දේවල් එයාගේ බිරිඳට කරදර කරලා අරං තියනවා. මං වැඩි විස්තර දන්නේ නැහැ ඒ ගැන.. ඒ ගෑණු මනුස්සා එයාගේ මහත්තයාගේ මරණින් පස්සේ ක‍ඩේ වැඩ තනියම කරට අරන්.. ඒත් මහත්තයා ඉන්න කාලේ වගේ ලොකුවට කරන්න එයා‍ට බැරි වෙන්න ඇති.. ඒත් මීට අවුරුදු 17-18කට විතර කලින් හිටිය මට අනූව නම් එයා ඒක ලොකුවට කලා. ඇයි දන්නවද මං එහෙම කියන්නේ.. ඉස්සර මම දකිනවා අපේ අම්මා ෂොපින් බෑග් එකක ‍බඩු පොඩ්ඩක් අපිට කන්න ගෙදර ගේනකොට එයා ලොකු පෝර උරේක බඩු පුරවන් ඔළුව උඩ තියාගෙන අපේ ගේ පාස් කරගෙන යනවා.. ඉතිං ඒ කාලේ මට එයා ලොකු වීරයෙක්.. මොකද එයා බඩු ගොඩක් ඔළුවේ තියාගෙන යනවානේ... ඒත් මට නොතේරුනු දේ තමයි අනිත් කඩ වලට ලොරි වලින්, කරත්ත වලින් බඩු ගේනකොට එයා එයාගේ ක‍ඩේ වෙළදාමට බඩු ගෙනාවේ ඔළුව උඩ තියාගෙන කියන එක....භූමිතෙල් ගෙනාවේ ලීටර් 5 කෑන් එකක දාගෙන...ඇයි ඒ?
කාලේ ගෙවෙන්න ගෙවෙන්න ඒ මනුස්සයා ගේන පෝරබෑග් එක බෑග් දෙක උනා.. හැබැයි බඩු ප්‍රමාණය දෙක උනේ නෑ.. වෙනදා ගේන බඩු ටික දෙකට බෙදිලා බෑග් වලට ගිහිං.. එකක් ඔළුව උඩටයි එකක් මාරුවෙන් මාරුවට අත් දෙකටයි ගියා.. එහෙම උනේ එයාට ලොකු බරක් උස්සගෙන යන්න තරම් හයියක් නැති එකයි...

කාලයත් එක්කම ජිවිත වෙනස් උනා.. මම පාරේ යන මිනිස්සුන්ව දැක්කේ නෑ.. දකින්න වෙලාවක් මට තිබ්බේ නෑ.. තිබ්බත් ගේට්ටු වලට තාප්ප වලට පාරවල් පෙන්නේ නැති වෙලා.. ඉතිං කොහොමද මිනිස්සුන්ව දකින්නේ?

අද මම උදේ පුස්ථකාලෙට ගියා.. එනකොට බස් එකෙන් බහින්න හෝල්ට් දෙකකට කලින් බස් එකේ දොර ළග පොඩි තද බදයක්... ඒ තද බදය අස්සේ අඩි 4ක් විතර උස පොඩි ගැහැණියක්..සාමාන්‍යයෙන් අපි නොදකින විලාසිතාවක්! මම දැක්ක හැටියට කොළපාට ගවුමකට උඩින් පාට අවපැහැ ගැන්වුනු ඉදරිපස බොත්තං තිබිලා ගැලවිලා ගිය ගවුමක් ඇදපු - සුදු මුහණක් තියන.. පොඩි කොන්ඩ පොඩ්ඩක් තනි කරලට ගොතලා දාපු මුහුණ පුරා රැළි වැටුනු අහිංසක ගැහැණියක්.. පොඩි බෑග් දෙකක් අත් දෙකේ තියාගෙන.. සෙනග පිරුණු බස් එකක නොවැටී ඉන්න - නියමිත තැනින් බස් එකෙන් බැහැ ගන්න අරගලයක.. මගේ පුංචි කාලේ මම දැකපු මගේ ජිවිතේ එක කාලයක වීරවරියක් වෙලා හිටිය ගැහැණිය..!!! අද මගෙන් භාගයක් වත් නෑති තරම්...!!!මට මතක් උනේ ගෝර්කි ගේ අම්මා කතාවේ නීලවේනා ව මේ ඇත්තටම මම එදා දැක්ක වීර ගැහැණියමද? ඔව්.. මේ එයාම තමා... වෙනසකට තියෙන්නේ ‍එයා කෘෂ වෙන වේගෙට මම ආරලා.. ඒත් එදා ජිවිතය වෙනුවෙන් එයා කරපු සටන අදත් එහෙමමයි..!

කවදා ඇය මේ දිවියේ පොඩි හෝ සැපක් ලබයි ද මංදා.. මට දැනගන්න ලැබුණු විදියට ඇගේ එකම දුව වරින් වර මානසික රෝගයකින් පීඩා විදිනවලු.. ඒවට බෙහෙත් කරන්න.. එදිනෙදා ජිවත් වෙන්න.. තාමත් ඇය විටින් විට පුංචි වෙන බෑග් දෙක තියාගෙන අරගලයක..

ඇවිදගෙන ගෙදර එන කොට ඇය අතර මඟ මොනාට හෝ නැවතුනා.. ඉතිං මම එයාට කලින් ආවා... මට ඉස්සරහින් පන්ති ගිහිං එන නංගිලා දෙන්නෙක් හිකි හිකි ගගා හිනාවෙවී ගෙදර යනවා.. මැද මම.. මට පිටිපස්සෙන් මට ඈතින් කලක් මගේ ජිවිතේ වීර‍වරියක් උනු.. තාමත් ජිවිත ගමනේ අපරාජිතව සටන් කරන ගැහැණියක්...

ගැහැණු...
කොයි තරම් ලස්සනද?
කොයි තරම් ගුප්ත ද?
කොයි තරම් ගැඹුරු ද?
කොයි තරම් මිහිරි ද?
කොයි තරම් සංවේදියි ද?
කොයි කරම් ලාමකද?
ඒ තරම්ම ඈ ශක්තිමත්..!!!!

Wednesday, December 2, 2009

මගේ මාතර ගමන.2-12-2009

කාලෙකට පස්සේ අද ටිකක් දුර ගමනක් ගියා.. මං ගියා මාතර.. මාතර කිව්වට දික්වැල්ල පැත්තට.. තරමක් පුංචි කාලේ මටයි මගේ හොදම නෑදෑයා අක්කාටයි තිබ්බ ඉටුනොවුනු පොදු හීනෙක අන්තිම සමුගැන්ම කරලා එන්න.. මම දන්නේ නැහැ මම කවදද හීන දකින්න පටන් ගත්තේ කියලා.. මං හිතන්නේ ගොඩක් පොඩි කාලේ.. ඒක පුරුදු වෙන්න ඇත්තේ තනියම හැදුනු නිසා පාළුව නැති කරගන්න වෙන්න ඇති.. ලොකු වෙනකොට මඟ ඇරිලා නොගිය එක පුරුද්දක් විදියට හීනත් තාම මාත් එක්ක ඉන්නවා.. ඒවා ඇත්ත වෙනවද නැද්ද කියන එක මට වැදගත් නෑ.. ඒත් ඒ හිතිවිලි මගේ හිතට එන වෙලාවට මගේ හිත සතුටු වීම විතරයි මට ඕන කරන්නේ.. ඒක වෙන නිසා මම අදටත් හීන වලට ආදරෙයි.. පැන්නා පැන්නා පටන් ගන්නකොටම පැන්නා පාරෙන් පිට.. පැහැදිලිව මේකයි අපේ පොදු හීනය වෙලා තිබ්බේ.. මගේ අක්කාගේ තාත්තා‍ගේ උපන් ගම දික්වැල්ල..මගේ නොම්මර එකේ මතකය නිවැරදි නම් දික්වැල්ල තමයි.. හුම්මානේ තියෙන්නේ අන්න ඒ කිට්ටුව..ඉතිං එයාගේ මහගෙදර තියෙන්නේ එහේ.. දැන් එහේ කවුරුවත් නෑ.. ඒ ඉඩම ටිකක් ලොකුයි.. එක පැත්තකින් මායිම් වෙන්නේ තාමත් වගා කරන කුඹුරකට අනිත් එක පැත්තක් ප්‍රධාන පාරට.. ඉතිං අපි දෙන්නට ලොකු ආසවක් තිබ්බා එතන නිවාඩු නිකේතනයක් දාන්න.. මොකද හුම්මානේ එහෙමත් තියන නිසා සංචාරක ආකර්ෂණයත් තියනවානේ.. හැබැයි ඒක අපේ අච්චාරුසාකච්චා අතරේ කෙරුනු තවත් එක් කතාවක් වෙලා අතීතෙට ගිහිං.. අද ඒ ඉඩම සම්පූර්ණයෙන්ම වෙන කෙනෙකුට විකිණුවා.. ඉතිං පුංචි ළමයි දෙන්නෙක් දැකපු හීනයක් අදින් කෙලවර උනා.. අක්කට නම් දැන් ඒ ගැන මතකද දන්නේ නැහැ ඒත් මට මතකයි..ඒකයි එයා වෙනුවෙන් මං අපේ හීනෙට සමුදෙන්න ගියේ..
අපේ අම්මයි තාත්තයි නැන්දයි මාමයි සේරම අපි 5දෙනා තමා ගියේ.. පාන්දර 4.30 ට නැගිට්ටේ සෑහෙන්න කාලෙකින්.. ඉර වත් නැගිටලා නෑ.. ඒත් මම යනගමන් දිගටම ඉර දිහා බලන් ගියා.. ඉර පායන වෙලාව කොයි තරම් ලස්සනද? ඒත් මං කවදාවත් ඒක දකින්නේ නැහැ නේ.. ඉතිං අද මට හරිම නැවුම් විදියට ඇරඹුණු දවසක්.. යමින් ගමන් අපි ගියා මාතර ලයිට්හවුස් එක බලන්න.. එතන හරි ලස්සනයි ටික වෙලාවක් ඉන්න.. වැඩි සද්ද බද්ද මොකුත් නැහැ නේ.. අපිත් ටිකක් වෙලා ඉදලා එහෙමම ගියා දික්වැල්ලට.. එහේ වැඩ ටික ඉවර කරලා ගියා අර කලින් ඉඩම ගත්ත කෙනාගේ ගෙදරට.. එයා ඉන්න මුහුද පැත්තේ.. කොටින්ම ගේ ළගට මුහුදේ සද්දේ ඇහෙනවා.. ඒත් දවල් වැඩි නිසා මුහුදට යන්න නම් බැරි උනා.. කොහොම හරි අද ‍ඒ ගෙදර අය වැඩිහිටි නිවාසෙකට දානයක් දීලා.. අපිටත් කාලා යන්න ඉන්න කිව්වා.. දානෙට හදලා තිබ්බේ ඉඳිආප්පයි.. මාළු කිරි හොදියි..කට්ට සම්බෝලයි පරිප්පුයි.. පිස්සු හැදෙයි කිව්වලු.. මැනස් පැත්තකින් තියලා අඩුම ගානේ ඉදිආප්ප 25 ක් වත් මම නම් කෑවා.. ඒ අස්සේ ඒ ගෙදර හිටිය නැන්දා කෙනෙක් මාළු ඔළු හොදි පිගානක් ගෙනැල්ලා පොඩි එකා වෙච්චි මගේ පිඟානටම බෙදුවා.. එපා කියන්න යැයි... සා.... ඒකේ රස....!! අම්මපා ගෙදර හිටියා නම් කටු ටික වත් ඉතිරි කරන්නේ නැහැ.. කොහොම උනත් දානේ දීපු ‍ඒ ගෙදර අයට මට ඒ වගේ රස කෑම වේලක් ලබා දුන්නට පින ඩබල් වෙලා ලැබෙන්න ඕනි.. මොකද උදේටත් හරියට කාලා හිටියේ නැහැ නේ මම... එයින් පස්සේ ඉතිං ආයෙමත් ගෙදර බලා ගමන් ඇරඹුවා.. මං හිතුවට වඩා මාතර මුහුදු වෙරළ ලස්සනයි නේ... ආයේ දවසක නිදහසේ ගිහිං එන්න ඕනි..

Saturday, November 21, 2009

Racism

I have zero tolerance for bullying and harassment and make no apologies for my impatience with such narcissistic cowardice.

Racism is its own special brand and those that spew, facilitate, and proliferate this hatred are so awash in flames that they cannot help but share their misery in weak attempts to drag others into their bath of fire. As with any injustice, there are times to let things slide and times when one must resolutely stand and fight. Without question, when called for, this fight is unequivocally worth fighting.

In my short time on this planet, I’ve learned that unfounded hatred, bitterness, and resentment attracts nothing more than like minds. There exist individuals who actually believe that they can intimidate, threaten, and silence anyone they choose - and get away with it.

They thought wrong. Neither those who possess this deep-seated hatred and willingness to act on such hostility, nor those who selfishly use such dementedness for their own petty gain should ever be feared. These truly gutless individuals, who believe that endangering the health, safety, and lives of others, as if it were a game to them, do not realize that those they freely attack only become stronger and more resolute. Again, I have learned that any individual can truly be stronger than an entire lot of weak-minded fools.

Antoine de Saint-Exupery wrote, "It is only with the heart that one can see rightly; what is essential is invisible to the eye." It is a quote that is ironically often misused out of our own tunnel vision and frustration that others do not share our particular viewpoint or character judgment.

However, this does not dilute the truthfulness behind Saint-Exupery's assertion, for what is essential one cannot see and therefore ignorance serves as no excuse. Unfortunately, there are those whose ugly actions prove a belief in power by intimidation. With great passion, I have always asserted this can be effectively countered by the power of the people, for the pen will always be mightier.

Tuesday, November 17, 2009

මගේ ආදර සුරේ....<3

මම බැන්දා... මට බැන්දුවා.. දැන් මම බැදලා.. :(

ඇත්තමයි.. සත්තයි තිත්තයි දුකයි කරදරයි බ්ලා බ්ලා බ්ලා....

ඔයාලට හඳහනක් තියනවාද? ඒක බලවනවද? නැද්ද? නැත්තං ඇත්තමයි ඔයලා පුදුම වාසනාවන්තයි. ඇයි මං එහෙම කියන්නේ කියලා දැනගන්න ඕනි නම් කියවන්න මගේ කඳුළු කතන්දරේ...

මට තියනවා කේන්දරයක්! අර තියෙන්නේ සිංහ ලක්නය කටක නවාංශක බ්ලා බ්ලා කියලා කොටු 12 ක් ගානේ දෙකක් ඇදුපු පත්‍රිකාවක්.. අන්න ඒකට තමයි හඳහන කියන්නේ. ඕක බලලා මහා ජොතිශ්‍යවේදියෝ අපිට ‍වුනු දේවල්, වෙන්න තියන දේවල් අනං මනං කියනවානේ.. දැන් මටත් හෙනේට ඉදලා තියෙන්නේ ඕකම තමා..

හරි පැටලිලියි නේද?

මෙහෙමයි. අපේ අම්මා සාමාන්‍යයෙන් අවුරුද්දකට විතර සැරයක් අපේ හැමෝගෙම හඳහන් ටික කා‍ටදෝ කියලා බලවගන්නවා. ඉතිං හැබැයි බලනවා විතරයි.. ඊට පස්සේ ඒවා මතක නෑ.. අපරාදේ කියන්න බෑ මෙච්චර කල් බැළුව මනුස්සයත් එහෙමට දොසක් කියලා නෑ මයේ හිතේ... දැන් කොහොම හරි අපි හොඳටම දන්න කෙනෙක් ගේ නෑයෙක් හඳහන් බලනවලු.. මේ මනුස්සයා බව කේන්දරද මොනාද මන්දා ජාතියකුත් බලනවාලු..ඉතිං දැන් එයා අපේ හඳහන් බලලා.. අම්මටයි තාත්තා ටයි පරමායුෂ තියනවලු... ඒත් ඉතිං දෝණියැන්දැට අවු.50දි ද කොහෙද මාරක අපලයක් තියනවලු:D (මට නම් ඒත් වැඩියි) ඔයිට අමතරව මේ කාලේ අම්බානෙකට අපලයි ලු.. ඇස්වහ දෝශ,හදිසි අනතුරු, අරං මනං කතන්දර ලෝකයයි.. ඉතිං ඔය හින්දා ආරකෂාවට බොඩිගාර්ඩ් කෙනෙක් ව සෙට් කරන්න කියලා. ඔය විදියට තමා මගේ ආදර සුරේ මං ගාවට ආවේ..

දැන් මගේ ආදර සුරේ ඉන්නේ මගේ කරේ.. ගිය සෙනසුරාදා පැය 18 ක විතර උත්සවයකට පස්සේ සුරේ හා මං එක්ව වසන්න ගිවිස ගත්තා. හනේ දෙයියනේ පව් අහිංසක මං.. දැන් ඉතිං ඉන්නවට අමතරව සු‍රයකුත් එල්ලං හිටහල්ලකෝ...! ඒකත් මුළු ජිවිත කාලෙටම !!!!!!!

ඔයාලට නම් මොකෝ සුරයක් එල්ලං ඉන්න එක ඔය තරම් අමාරුද කියයි!! ඔව් අමාරුයි තමා. මලී කියන්නේ කරාබු දෙකක් වත් නොදාන දරුවෙක් .එහෙම ළමයෙක්ට බෙල්ලට මාල දාන් ඉන්න කියන එක සාධාරනද? මමත් මේ පරිසං වෙලා ජිවත් වෙන්නේ බොහොම අමාරුවෙන්.. දැන් සුරේකුත් බලා ගනිල්ලකෝ!

ප්‍රතිපත්තියක් විදියට මං හරක් මස් කවදාවත් නොකෑවට ඌරු මස් නොකා ඉදලා නෑ. දැන් ඒකත් කාලා හමාරයි..රෙදි වැලවල් යටින් යන්නත් බෑ.. පිරිත් වලින් ජීවන් කරලා තියන හිංදා අපිරිසිදු තැන් වල ඉන්නත් බෑ.( ඒ කියන්නේ මගේ කාමරේ හැමදාම අතුගාන්න වෙනවා).. හානේ යසට හිටිය මට වෙන දේවල්!!!

ඇත්තම කියනවා නම් මට හඳහන් සාස්තර ගැන කිසි විශ්වාසයක් නෑ.. ඔය දේවල් සම්බන්ධයෙන් මම කරන ලොකුම දේ තමා නරක දෙයක් කිව්වොත් උනා නොවුනා ඒ දේවල් ගැන ටිකක් පරිසමින් ඉන්න එක. ඒ කිව්වේ අනතුරු වෙයි කිව්වොත් ඒ ගැන වෙනදට වඩා ටිකක් පරිසම් වෙන්න ටික දවසක් මතක තියා ගන්න එක. හොදයි කිව්වොත් මගේ පාඩුවේ ඉන්න එක.. වෙන්න හොදක් තියනවා නම් ඒක වෙන්නේ නැතැ කියලා ඉතිරිවා අමතක කරන එක. එත් දැන් මේ සුරයක් හිංදා වෙන්නේ අමතක කරන දේවල් සැරින් සැරේ මතක් වෙන එක. ඒක මහ වදයක්.. මම කැමති බැදීම් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න.. මම වටින කියන කිසි දෙයක් මගේ ලග තියා ගන්න කැමති නැහැ. මොකද එතකොට ඒවා පරිසම් කරන්න මට මහන්සි වෙන්න නොවෙන නිසා. එත් දැන් මං මාලයි සුරයි සේරම පරිස්සම් කරන්න ඕනි. වදයක්!!!

මේක දාන්න බෑ කියලා කියන්න බෑ.. මොකද මේක මගෙන් අහන්නේ වත් නැතුව අම්මයි තාත්තයි කරපු වැඩක්.. එයාලා හිතන විදියට මේක හරිම වැදගත් ඇති(සාධාරණයි. දෙමාපියෝ බලන්නේ දරුවන්ට කරදරයක් නොවී බලාගන්න නේ) ඒකනේ මෙතුවක් කල් නොකරපු වැඩ කරන්නේ.

මේ ලිපිය ලියන්න මට හිතුනේ සොඳුරු හිතේ අපල කාලෙයි හඳහනයි ගැන ‍ලිපිය දැකලා.. මොකෝ ඉතිං මගේ බ්ලොග් එක පටන් ගත්තත් හරි ‍මගේ ජිවිතේ වුනු හැම දෙයක්ම මේකේ ලියලා තියන හිංදා සුරේ ගැන නොලියන එක හරි නැහැනේ.
කොහොම උනත් දැන් මං හිත හදන් ඉන්නේ සුරේ එක්ක ජිවත් වෙන්න. ජිවිතේ කියන්නේ අපි කැමති දේවල් වගේම අකමැති දේවල් එක්කත් දවස ගෙවන එකලුනේ.. ඒකයි මම මේකේ ටොපික් එකට මගේ ආදර සුරේ කියලා නම දාන්න හිතා ගත්තේ.... :)

A confession

"Someone " (guess who) .. told me that I should do an open self confession.. ultimately it is suppose to help you understand your self better and accept your self for who you are.

So here goes. (and I feel so fucking stupid now) --- I hope this is enough for you .. you SHE-JERK !

Hi, My name is Nash_Node ! .. and I am a Dipsomaniac to start with ! I have an uncontrollable dependence on Smoking to release tension. I have Impulsive Behavior Disorder, I am born with 60% LOW Latent Inhibition disorder, coupled with my IQ, I stand as a rival to Michel Scofiled in Prison Break :) (Basically I process incredible amounts of information in my mind than an average person.. sometimes it's a pain when you get bombarded by too much information in too little time to process all of em)

I am a thinker more than a writer. I have a moderate skill writing what's in mind when I want too. I can be described as an insensitive asshole most of the time by outsiders but I care for the well being of people close to my hearts neighborhood than they can ever imagine. I am an animal lover but never "much" appreciate DOGS !

I have good people skills, I can buy a diamond to the price of peanuts and sell peanuts for the price of diamonds when I want to. I am hard to make friends with and I find it hard to make any good friends my self.

I am not much of a nature lover but I love nature's pure alcohol ! I don't mind the bees buzzing and birds singing, but I treasure quietness and piece of mind very much ! .. I love R&B and soul music. I am not a "hater" of Rock music or anything loud... but I prefer not to bother my ears with them.

There you go !

That's about me :-) .. full filling the obligation of making some she-moron happy ! .

but then again !, I guess many of you reading this are of no different than me except for the first para.

Monday, November 16, 2009

ඇත්තටමද නැත්තං පිස්සුවටද?


මේ තියෙන්නේ ‍දැන් දවස් දෙකකට විතර කලින් ම‍ගේ ෆෝන් එකට ආව මැසේජ් එකක්..පොඩ්ඩක් ඒක බලලම ඉනනකො..
A 9 yr old girl Dakshini is in a critical stage,suffering frm blood cancer. Her father needs 20lks for operation.All networks agreed to give 10 cents for each msg. Pls frwd this sms now to at least 10 ppl. SMS now. with your kind heart, many good things will come back to your life in return.
මෙච්චර කල් මං හිතන් හිටියේ මේ වගේ වැඩ කථා සිද්ධ වෙන්නේ මේල් වලින් විතරයි කියලා. ඒ වුනාට දැන් බලාගෙන ගියාම ඒක එහෙම නෑ වගේ නේද? ඇත්තටම මේවා ඇත්තම ඇත්ත නම් ගැටළුවක් නෑ.. කැමති කෙනෙකුට පුළුවන්නේ දායක වෙන්න. ඒත් මම දන්න තරමින් මේවා ඇත්ත නෙවෙයි. ඇත්තම නම් අදාල නෙට්වර්ක් වලින් මිනිස්සුන්ව දැනුවත් කරන්න එපැයි. අනික මේවා ෆෝවර්ඩ් කරන අය? මට මේක ලැබුනේ ටිකක් වයසක කෙනෙක් ගෙන්. එයා මේ වගේ මැසේජ් හදන කෙනෙක් නෙවෙයි. ටිකක් ආගම දහමට ලැදි හැමදාම පල්ලි යන කෙනෙක්. ඉතිං මේක එයාගේ ෆෝන් එකට ආව ගමන් එයා එයාගේ ‍කන්ටැක්ට් ලිස්ට් එකේ හිටිය හැමෝටම යවන්න ඇති කියලා මට ෂුවර්. ඒ විදියට තමයි මට ආවේ. මේවගේ දේවල් ඇත්ත නැත්ත කොහොම උනත් ඊමේල් වලින් එහෙට මෙහෙට යන එක අවුලක් නෑ කියමු. මොකද අතින් අමතර වියදමක් යන්නේ නැහැ නේ. ඒත් අපි මොබයිල් එකකින් එහෙම නැහැ නේ. හැමෝගෙම අතින් වියදම් වෙනවා. වියදම් උනත් ප්‍රශ්ණයක් නෑ ප්‍රයෝජනයක් තියනවා නම්. මේවා නිකං ‍කොහෙවත් ඉන්න මිනිස්සු පෝසත් කරන්න හදන වැඩ නෙවෙයිද?
සාමාන්‍යයෙන් යාළුවන්ට ‍නැත්නම් ආදරේ කරන අයට යවන ක්‍රියේටිව් මැසේජ් නම් හුවමාරු උනත් කමක් නෑ කියමු. ඒවායේ අඩුම ගානේ ලාමක ආතල් එකක් වත් ගන්න පුළුවන්නේ. ඒත් මේ ලෙඩ දුක්ගැන කියලා මෙහෙම විකාර කරන එක හරිද ? මේක ඇත්තක්ද කියලා මං දන්නේ නැහැ. එහෙම නම් මම මේ ලියන එක හරි පව්. ඒත් මේක බොරුවක් කියලා 99.99% ක් මට ෂුවර්. ඒක නිසා මං හිතන්නේ ඔය වගේ මැසේජ් හදන්නේ මොලේ අමාරුකාරයෝ.නැද්ද?

-------

තව දෙයක්.. කාට හරි කියන්න පුළුවන්ද මොනිටර් එකේ රතුපාට නැතුව වීව් වෙන්නේ මොකද කියලා.. මේ පහත තියන පිංතූරේ වගේ


නෙට් ‍එකේ හෙව්වම නම් කියන්නේ පින්ස් වල අවුලක් නිසා කියලයි. ඒත් එහෙම අවුලක් නෑ. :(( අනේ දන්න දොස්තර කෙනෙක් බෙහෙතක් කියන්නකො... පිං සිද්ධ වෙනවා. නැත්තං මගේ මොනිටා යි ඇස් දෙකයි දෙකම පව්. :((

Thursday, November 12, 2009

Kandy

A little funny thing I came to when I was in Kandy .. yesterday.

I had to go to the Municipal Council to sort out something and this is what my contact there said to me.

අයියේ කිසි දේකට බය වෙන්න එපා. ඔතන ඉස්සරහා ඉන්නවා සිංහයෙක්.

ඌ ඇරෙන්න ඔතන ඉන්න අනිත් ඔක්කොම එවුන් පගා මරුවෝ.

Funny at first ! .. but that's how low the public service had fallen in the eyes of commoners in Sri Lanka now !

Sad !

Wednesday, November 4, 2009

මෝඩ පෙට්ටයට අං හා තව අනං මනං


:) ඉතිං කොහොමද? හැම දෙනාම සුවෙන් සතුටෙන් ඇතැයි සිතමි. හික් හික්.. ඉස්සර මාසෙකට 10+ වැඩිය ලියවුනු ‍බ්ලොග් සටහන් මාසෙකට 1- 2ක් දක්වා අඩුවෙලා තියන එක ගැන ඇත්තටම හිතට මාරම දුකයි.. ඒත් කරන්න දෙයක් නෑ ඉතිං.. හැමදේම ඇති කියලා හිතෙන කාල ‍එනවානේ.. නෑ ඉතිං තාම නම් බ්ලොග් ලිව්වා ඇති කියලා හිතිලා නෑ තමයි.. ඒත් ඉතිං ලියන්න හිතෙන වෙලාවට ඒ කියන්නේ ලියන්න අදහස් එන වෙලාවට බ්ලොග් එකට දාගන්න බැරි අවුල තමා දැන් තියෙන්නේ... කෙටියෙන් කථාව මෙහෙයි.

අ‍ර හෑම ගෙදරකම සිටින මෝඩ කොටුවා.. ඒ කියන්නේ මේ අර ටීවී එක. ආන් එයින් එකක් අපේ ගෙදරත් තියනවානේ.. ඉතිං දශකයකට වැඩි කාලයක් ඕක බැලුවේ අඩි 15 ක් විතර උස ඇන්ටනාවගේ උදව්වෙන්. සාමාන්‍යයෙන් ගත්තම අපේ ගෙදර වැඩි හරියක් ටීවී එක රාජකාරි කරනවා. ඒ කියන්නේ පත්තර පිටුවේ ඉදන් බැලුවත් නොබැලුවත් පාළුවට හරි ඕක දාලා තියන එක අපේ අම්මගේ පුරුද්ද.. මේ තාක් නිතර ‍ටීවි බලන අම්මටත්.. කිසිසේත් නොබලන මටත් ඇන්ටනා හොදටම ප්‍රමාණවත් උනාට මොකද අපේ තාත්තා බලන්නේ ක්‍රිකට් මැච් විතරක් නිසාත් ඒවා පෙන්නන්නේ චැනල් අයි එකේ නිසාත් චැනල් අයි මොන දේ කලත් ‍අපේ පැත්තෙන් අපේ ගෙදරට විතරක් පැහැදිලිව නොපෙනෙන නිසාත් ටෙලිකොම් ලා මේ දවස් වල පියෝ ව නිකං දෙන නිසාත් වහාම ක්‍රියාත්මක වන පරිදි පියෝට එන්න කියන්න කියලා ඉහළින් ‍නියෝග ආවා. අනේ ඉතිං මාත් ටෙලිකොම් එකට ගාටලා දැන් සති දෙකහාමාරකට විතර කලින් පියෝ ව ඉල්ලලා ආවා. එයින් හරියටම සතියක් ඇතුලත අයියලා 2 දෙනෙක් ඇවිත් පියෝ භාර දීලත් ගියා. ඉතිං ප්‍රශ්ණයක් නැහැ නේ කියලා හිතනවද? මොකෝ නැත්තේ! ඒකෙත් මළවදේ මට!!!!! පහුගිය ටිකේ ‍මගේ කොම් පීටර් අසනීප උනුවෙලේ අරන් ගිය ඉස්පිරිතාලෙන් පීටර් ගේ නෙට්වර්ක් කාඩ් එක ගලවලා !! :(( හත් දෙයියනේ මම දන්නෙත් පීයෝ ආව දවසේ !! ඒක නිකං හරියට හොර ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට හොරෙන් ‍ලෙඩ්ඩුන්ගේ ඇගේ කොටස් ගලවනවා වගේ තමා !! මීට කලින් පීටර් ට නෙට්වර්ක් කාඩ් එකක් තිබ්බා කියලා මට හොදටම ෂූවර්..!! ඉතිං දැන් අවුල මේකයි මම නෙට් ආවේ මොඩම් එ‍කෙන්නේ පීයෝ දෑවැද්දට රවුටරයක් අරන් ආවා. රවුටර් එක පීටර් ට පාහන්න බෑ. පෝට් එකක් නෑ. :( ඉතිං ගෙදර අය ටීවී බලන වෙලාවට මට නෙට් එන්න බෑ.. දැන් ගනිල්ලකො නෙට්වර්ක් කාඩ්.. ඒවා ගන්නේ කොහෙද මං දවස් ගානකින් ගෙදර ගේට්ටුවෙන් එළියට වත් ගියේ නෑ.. ඒකට හරියන්න මේ දවස් වල නොබලා හිටිය දවස් වලටත් එක්ක ටීවී බලනවා ඇති කියලද හිතන්නේ? ඔව් 50%ක් එහෙම තමා. චැනැල් 48 ක් තියනවා උනාට කියන්න දුකයි මම බලන්නේ චැනල් 7 යි HBO(4) Discovery(2) WineTv ඒකත් ඉතිං හිත යන මොනා හරි තිබ්බොත් විතරයි. ඩිස්කවරි චැනල් දෙක නැත්තං පීයෝව උස්සලා පොලවේ ගහන්න උනත් මට පුළුවන්. ඒතරම් වැඩකට නෑ (මට නම්) අම්මට වැඩකුත් නෑ (ශක්ති ටීවී පේන්නේ නැහැ නේ හිකිස්! ) තාත්තට නේද? බුහාහාහා!! ඒක තමයි ජොලිම වැඩේ. පී‍යෝව ඉල්ලද්දිම තාත්තා කිව්වා සැ‍රින් සැරේ ගෙවන්න බෑ ‍ඕක්කොම චැනල් ටික පේන ඒක ඉල්ලන්න කියලා. ‍පීයෝ ගෙනාවට පස්සේ මෙන්න තව 4 කට වෙනම ඕඩර් කරලා ගන්න ඕනිලු.. මං ඉතිං මැට්ටා සේ ඇහුවා ඇයි ඉතිං සේරම ඉල්ලුවම 4කට වෙනම ගෙවන්න කියන්න කියලා.. එයාලා කියනවා ඒක එහෙම තමයි ලු.. මාත් ඉතිං හා කිව්වා. වෙන මොනා කියන්නද නේද?

තව ජොලිම වැඩක් තියනවා.. දැන් අපේ රටේ දේශීය නාලිකා හැම එකකම ඇල්කොහොල්ලා තියා ෆ්රුට් ඡුස් වීදුරවක් තිබ්බත් කොටු දානවනේ.. එතකොට තව ‍ඇහැට රොඩ්ඩක් ගිහිල්ලා පිඹින දර්ශණයක් තිබ්බොත් ඒකටත් කොටු කොටු නේ.. හැබැයි ඉතිං පීයෝට ඒ වද නෑ. වයින් ටීවී එකක් වෙනම තියනවා.. මිදි වත්තේ ඉදං අනිත් හැම දෙයක් ගැනම එකී මෙකී විස්තර එකේ තියනවා.. මං මේ ළගදි බලන් හිටියා හොදට ෂැන්පේන් රස බලන්නේ කොහොමද කියලත් කියා දුන්නා.. එයින් මම තේරුම් ගත්තේ ....1 සල්ලි දීලා ටීවී බලනවා නම් අරක්කු බිව්වට කමක් නෑ..2 වයින් ෂැම්පේන් විස්කි වගේ රට බීම ටීවී එකේ පෙන්නුවට ආණ්ඩුවට බය නෑ (ඒවා රට නේ ) කොයි තරම් හොදයි ද නේද? දැන් පීයෝ ගේ කතා ඇති.!

-----

හරිද වැරදිද කියන්න දන්නේ නැති උනත් අනාදිමත් කාලයක් ඉදන් හා තාමත් මගේ හිතේ තියන එක අදහසක් තමයි අපේ රටේ හැකි සියළුම ආයතන අඩුම තරමේ අර්ධ පෞද්ගලික කරණය කල යුතුයි කියන දේ! මේක ඇත්තටම වැ‍රදි අදහසක් වෙන්න පුළුවන්! ඒත් මම කැමතියි. මොකද දැනට මම රාජ්‍ය ආයතන වලින් ‍කිසිම සේවාවක් නොමිලේ ලබාගන්න කෙනෙකු නොවීම ඒ වගේම නොමිලේ හෝ මුදල් ලබාගෙන සේවා ලබා දෙන රාජ්‍ය ආයතන වල සේවා ගැන මගේ තිසිම පැහැදීමක් නැති වීම! පහුගිය සති දෙක ඇතුලත මට මුහුණ දෙන්න වෙච්ච පුංචි ‍කාරණා දෙකක් ගැනයි මේ කියන්නේ.!

1 මට යන්න උනා අපේ ගෙදර තියන 3වීල් පැංචාට ආදායම් බලපත්‍රයක් ලබාගන්න. තේරෙන භාෂාවෙන් කියනවා නම් ලයිසන් කරන්න. ඕකට ඉතිං කොහෙවත් වෙන තැන් වල බැහැ නේ. යන්න ඕන කරන්නේ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට. අම්මා එක්ක මාත් ගියා. ගියා කියන්නේ නොයා බැරි කමට ගියා. ඒ ආයතනය 5S සංකල්පය යටතේ පවතින ආයතනයක් කියලා ඇතුලුවෙන ගේට්ටුව ගාවම ගහලා තිබ්බා. මාත් ඉතිං උඩ පැන පැන ගියා. ඒකියන්නේ අවුල් නැතිව වැඩේ කරගන්න පුළුවන්නේ කියලා. බිම් මහළ බලන්න ලස්සනයි. ඇත්තටම !! එතන රිසෙප්ෂන් එකේ අක්කාගෙන් ඇහුවම එයා කිව්වා 3 වෙනි තට්ටුවට යන්න කියලා. පඩිපෙළ නැගගෙන අම්මයි මායි ගියා. අම්මා කලින් ඔය වැඩේට එතනට ගිහින් තියනවා. ඉතිං එයා ගිය ගමන් කිව්වා ආ.. දැන් මට මතකයි එන්න මෙතන තියෙන්නේ කියලා. එතනම තිබ්බ කාමරයකට මාවත් ඇදන් ගියා. මාත් යැවුනා. බිම් මහලේ තිබ්බ ලසන්න හැබැයි කාමර ඇතුලේ නෑ.. එතන වැඩකරන මහත්මයෙක් කාත් එක්කද ලොකු කථාවක්. අම්මා ඉතිං පොඩ්ඩක් බලන් ඉදලා කාරනේ කියන්න කට ගන්නකොටම එයා කියපි විමසී‍ම් කවුන්ටරෙන් අහන්න කොරිඩෝව කෙලවරේ තියෙන්නේ කියලා. කොරිඩෝව කෙලවරින් තියෙන්නේ බිත්තියක්!! කොරි‍ඩෝව අදුරු හින්දා නෙපෙනුනාට එතන එහෙම ගහපු බෝඩ් එකක් තියනවා කියලා දැක්කේ ලගට ගියාම. එතන අක්කා ගෙන් ඇහුවම එයා කියපි අර අපි කලින් ගියපු කාමරේට යන්න කියලා. $@$*($ ඉතිං ගියා. එතන තව වයසක සීයා කෙනෙක් හිටගෙන හිටියා අපි ලග තිබ්බ ලියකියවිලි ටික තියාගෙන. අනේ එයාගෙන් ඇහුවම ඔන්න එයා කිව්වා. මෙතන ඉන්න පුතේ මාත් ඉන්නේ ඒකට තමා. මිස් තේ බොන්න ගියා කියලා.. ඔන්න විනාඩි 5කින් විතර මිස් බිස්කට් එකක් කකා කේක් කෑල්ලක් අතේ තියාගෙන ආවා.. එයා කියපි ඉන්න සල්ලි ගන්න මහත්තයා එනකම් කියලා එයා ආවා තව විනාඩි 5 කින්. එයා ආවම වැඩ පටන් ගත්තා. අපේ වාරේ ආවම එයා කියපි මාරු නෑ පහළ බැංකුවෙන් මාරු කරන් එන්න කියලා.. ඉතිං ගියා බැංකුවට ගියා බැංකුවේ ඉන්නේ මේස පුටු විතරයි.. මේස පුටු වලට සල්ලි මාරු කරන්නේ නැහැ නේ. යන්තං කැන්ටින් එකෙ‍න් මාරු කර ගත්තා. විශ්වාස කරනවාද අගල් 10 - 10 විතර කොළයක් ගන්න අපිට විනාඩි 50ක් ගත උනා කියලා..! එහෙම වෙනවා තමන්ගේ සේවය ගන්න ආව අයට කලින් ඕප දූප අංක 1ට ආවම! හැබැයි 5S ලෝකෙට හදුන්වලා දුන්නු ජපන්නු දන්නවා නම් ලේබල් විතරක් අල‍වගෙන ලංකාවේ උන් කරන වැඩ අම්මපා බෙල්ලේ වැලදාගන්නවා!!!!

2 මට සිද්ධ වුනා ලිපියක් ලියාපදිංචි තැපෑලෙන් යවන්න.. ඉතිං ඒකට මම ගියේ පාණදුර කළුතර අතර තියන නගරේ ප්‍රධාන තැපැල් කන්තෝරුවට.. මගේ ලග දිග ලියුම් කවර තිබුනේ නැහැ ඒත් ඒවා තැපැල්කන්තෝරු වල තියනවා කියලා ඉස්කෝලෙදි කියා දුන්නා වගේ මට මතකයි ඉතිං මං අර කංතෝරුවේ ලියාපදිංචි තැපැල් කියන අංශයට ගිහිං එතන හිටය නෝනා ට කිව්වා මට ලියුමක් රෙජිස්ටර් පෝස්ට් එකක් කරන්න ඕනි දිග ලියුම් කවරයක් දෙනවද කියලා. නෝනා නිකං නෝනට පොල්ල වගේ කියපි නෑ කියලා..!@$* මට තේරුනේ නෑ.. ඉතිං මං ආයේ මෝඩයා වගේ කිව්වා දිග ලියුම් කවරයක්..... එතකොටයි මට තේරුණේ.. නග‍රයේ ප්‍රධාන තැපැල් කන්තෝරුවේ ලියුම් කවර නෑ!!! (දිග කොට දෙකම නෑ ) ලියුම් දාන්න එන අය ඉස්සරහා කඩෙන් අරං එන්න ඕනි. අනේ ඉතිං ඒක ගේට්ටුවේ ගහලා තිබ්බා නම් අපි ‍රස්තියාදු නොවී එකපාර ලියුම් කවර අරං මුද්දරත් අරන් යනවනේ. :( ඉතිං කොහොම හරි මම කඩෙන් කවර අරන් අලවලා කරලා නෝනා ලගට ගියා ලියුම අරන්. නෝනා නෝනාගේ රාජකාරියක් නෙවෙයි වගේ මොනාදෝ කුරුටු ගාලා ගාලා විනාඩි10 කට විතර පස්සේ මගේ වැඩේ කරලා දුන්නා. මං ඉතිං ගෙදර ආවා.. හොද වෙලාවට නෝනාගේ ඉස්සරහින් වීදුරුවක් තිබ්බේ නැත්තං නෝනාගේ ඉස්සරහට ඇවිත් තිබ්බ දත් ටික මම පස්සට කරලා ගෙදර එන්නේ එදා.!


ඔන්න ඔය ව‍ගේ නොයෙක් හේතු හින්දා තමයි මම රාජ්‍ය අංශයට අකමැති. අඩුම තරමේ ‍‍එයාලා ලගට එන අයට පොඩි හිනාවකින් සලකන්නවත් මේ රාජ්ජ සේවකයන් ලෝභයි! තමන් පඩි ගන්නේ මේ මිනිස්සු ගේන සල්ලි නිසා කියලා එයාලට අමතක ඇති. අනික මිනිස්සු රස්තියාදු වෙන වෙලාව? අපේ රට හදන්න කොතනින්ද අපි පටන් ගන්නේ? එක අතකින් මේවා කථා කරන්න.. ලියන්න ගත වුනු මගේ වෙලාවත් අපරාදේ මම යනවා යන්න.

Tuesday, November 3, 2009

Paranormal Activity



In short... one of the best damn horror films I have ever watched ! ........ after Alfred Hitchcock that is !...

But still... an absolute master piece of subtle horror that truly lingers with you for weeks after watching it. !

Believe it or not.. I actually closed my bathroom air went when I was taking a shower two days later watching the film :O. ..... That's fucking horror man... that's absolutely total subtle fucking horror at it's best !

I think the whole concept of the film is that there's absolutely nothing extra ordinary in it. ! .. it's just a normal everyday couple.. a loverble but a little harsh (as always) girl and a witty ass cam junkie guy with timely wise cracks and constant bickering as any normal couple do !

The other most important element was... it was stationary and only one paranomal activity there. No leather face chainsaw guy running around or some retarded inbread asshole trying to kill everything that moves. It's just like YOU AND ME ... going to bed everynight.. and sleeping !.. the scariest shit was that ... it happens when you are sleep ! :(

However, let me not spoil the fun

Grab a copy and watch it !

Saturday, October 24, 2009

Life and it's review

Phew, I was missing in action for a long time eh? :O

Life during the past few months had been a mix match of different emotions.... Rage, Hate, Love, Depression, Utter surprises, Running around the world.. but surprisingly no Crazy ass lunatic things happened.

Funny enough as they say behind every successful man there's a woman.. and in a more twisted note, there's a little 10 year old girl behind every Utterly surprised and bewildered man as well. In my case it's this (picture below) little girl was the cause of all the turmoil, yet she was also the cause of the most beautiful time I have spent wrapped up in a cozy blanket of love with a sense of family.




She's gorgeous, incredibly smart, so so sweet but the most manipulative twisted rascal 10 year old I have ever met. She's the type who would throw a bitchfit at 3 am in the morning to go out for a early morning snack in an all night restaurant and would give the biggest sloppiest kiss on your cheek to make up for all your trouble after everything ! .. but, I love her and her mum like hell as well !

So, yeah, I had to put up with two of the most sweetest girls I have ever met in my life.... but those two also were the most twisted and unpredictable human beings I have met in my life as well.

Rage - ... rage of having to come back alone. Crossing 1000's of miles and Oceans leaving those two took a better part of my man strength to keep a straight face all the way here. But, technology geared enough so that I can get my self stuck on MSN with these two every morning from 8 am - 12 noon. That also says that I am not getting any work done half the day either. So work pressure is building up and deadlines are really throwing heavy sharp ballistic objects at me with great speeds.... still, how can I stop spending my time with these two cute rascals :(

Out of the boring life I counted after coming back, there are only three noticeable things that worth mentioning and putting into words.

1. Race to the witch mountain.
2. Trying to find someone a job.
3. Non-stop talker.

So,

Race to witch mountain.

The so called mountain is situated in Kurunegala, Weuda area.... 1.5 KM 4x4 ride into the mountain half way up.. and from there on wards a fucking 75 degree vertical climb to the top of the mountain and a cozy little bungalow type that is owned by a friend of mine. .. the place even got a damn fireplace as well :) .. imagine that !

The worst / best part of the whole trip was the four "kithul" tree's bordering the house it self and Local "Kasia" is distilled the next door !

Many people boast of their alcoholism, but sadly... all I can say is that.. I spent 3 days in that place and I only remember day 1 Lunch.. and day three Lunch before climbing down the mountain to head back to CMB. Between that, I cannot recall how much I drank, smoked (weed) or WHAT THE HELL HAPPENED ! .

All I know is that my bag was full of Porcupine needles (I was told that I collected them off the ground) .... a locally made catapult (I was told that I had it made to kill my neighbors dog), two rocks weighting about 1 kilo each (I was told that I collected them from the top of the world) A hand full of "Kochchi Miris" (I was told that I wanted them to grow them in my back yard vegetable garden - funny enough.. I don't have a garden let alone a fucking VEGETABLE garden) A dead chicken head wrapped up in a bag (I was told that I wanted it to throw at my neighbor and piss the fuck off of her- this is not the dog owning neighbor) Around 5 Kilo's of river pebbles (I was told that collected them as bullets for my catapult - the problem was each of those pebbles were big enough to kill a COW, rather than a dog) Address of a kid written on a piece of paper ( I was told that I am suppose to send them 6 tennis balls after loosing the bet to climb a small hill first - what the fuck was I thinking.. me against a kid...and a local kid who climbs it 10 times a day)

Other than that... there was lot of unexplainable items still waiting to be deciphered. The strangest of them all is a old rubber slipper with blood on it (really.. what the fuck do you think it is? .. I just can't even imagine)


2. Finding a job for someone.

There is this stupid ass girl I know ! (ok.. she's not entirely stupid) .. she's loving, caring, sweet and the best pal you can ask in a girl to be.

But... good god, finding a job for is impossible. All what I found was either she didn't like it or her parents didn't like it.

I mean.. who .. what.. arrhhh... I am depressed. The truth is, after I put out the word.. I am getting info on job openings almost every day and so far more than close to 30 I got news of. ... but I simply define them as "she's not going to like this.. or her parents will not be interested"

So... if this friend is reading this :) .. screw you ! You have given me a headache !.. but I still love you :-) ....


3. Non-stop talker

This of course is a WOMAN ! .. call me a sexist and brand my ass with a hot iron, but I hold on to my revelation that women are absolute fucking nutters when it comes to speaking... and NON-STOP in that as well.

Last night, I was out with a friend of mine and somehow, we ended up in Galleface Hotel's Sea Spray restaurant around 11 pm. And next to our table came and sat down two women. One looked around 30 and the other was around 25 and very well could have taken home for a one night stand if we wanted and gave a "little" try (how do I know that they are one night stand applicants... well.. call it experience)

But this one woman... she started talking... and it first we actually didn't noticed it. But my friend nudged me and said. "dude, that girl doesn't breath" ..

So against all my due reservation of being a gentleman, I eavesdropped.......... and I swear on my grand fathers grave that.. that girl didn't stop stalking for nearly 15 minutes and I could never figure up on where did she paused to take a breath. !

Busta Rhymes and Dirty X would have been ashamed if the were there.. and she could very well end up having an amazing career as a rapper.... She talked... talked... talked... talked... talked.. endlessly.... so much that our ears started to be oblivion to her voice anymore.

Just as a smell or a sound.. when the human mind hears, smells the same thing over and over again .. it tends to let go of informing the brain that there's such a thing going on.. like wise.. we basically failed to hear a single word she said even though she was just the next table.. simply our BRAIN refused to register a single word of it !

_______________________

well that's about it...

so how your days spent ? .... :P

Friday, October 16, 2009

සැප්තැම්බර් පොත්

මාතෘකාවෙන් හැමදේම කියවෙනවානේ.. මේකේ තියෙන්නේ මම සැප්තැම්බර් මාසේ ගත්තු පොත් ටික. දුකා අයියා කියලා තිබ්බා නේ ලිස්ට් එකක් දෙන්න කියලා.. ඒ වෙනුවෙන් තමයි මේක ලියන්නේ. හැබැයි ඉතිං මේවා ‍ගැන මම දැනගත්තෙත් මේ ජංජාලේ තියන බ්ලොග්/ වෙබ් අඩවි වලින් තමයි. මගේ මරණය, බූන්දි, අවකාශේ,වචන ටැක්සි හා තවත් එක එක තැන් වලදි දැක්ක පොත් ලියලා තියාගෙන හිටිය ලිස්ට් එක උදව්වෙන් තමයි පොත් ටික ගත්තේ. ඒ අතර මට හිතිලා ගත්ත පොතුත් තියනවා ඉතිං.
මේ පොත් අරගත්තට පස්සේ අම්මා නම් කිව්වේ ඊළග අවුරුද්දේ සැප්තැම්බර් වෙනකං පොත් ගන්න ඕනි වෙන එකක් නැහැ නේ කියලයි. හැබැයි ඉතිං මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්ම පොත් වලින් සෑහෙන්න කියවලා ඉවර වෙමින් පවතින්නේ. මොනා කරන්නද ඉතිං පොත් ‍එහෙමනේ..

වැඩි කථා නැතුව මෙන්න එහෙනම් පොත් ‍ටික.

මහා පුරුෂ කාන්තාවක් - චින්ගීස් අයිත්මාතව් - දැදැගම වී රුද්‍රිගු - කුරුළු ‍ප්‍රකාශණ
මේ පොත අපූරුයි.. පොළෝ මාතාවත් මිනිස් අම්මා කෙනෙකුත් අතර ‍කෙරෙන සංවාදයක් තමයි පොතේ බාහිර සැකිල්ල වෙන්නේ...යුද්ධය නිසා දරුවනුත් සැමියත් අහිමි වන සමූහ ගොවිපලක ගෙවිලියක් සිය පුතුට නොදාව තම ලේලියට ලැබෙන දැරු‍වා රැක ගැනීම දක්වා ඇගේ කථාව දිවෙනවා. එම කථාවේ එකම සාකෂිකාරිය මහීකතයි..අම්මා සහ මිහිකත කියන්නේත් මේ පොතටම තමයි. ‍
අනේ මගේ සුන්දර මිහිකතග අස්වනු කැපීමෙන් පසුව ඔබ දැන් විවේක ගන්නෙහිය.ශබ්ද නැත. ලොරි පාරේ දුවමින් දූලි නොනංවයි.කොම්බයින් යන්ත්‍ර පෙනෙන්නට නොමැත.ඉපනැලි කෑමට හරකුන් ඇවිත් නැත.ඔබ අපට ඔබේ මහගු ඵල පරිත්‍යාග කොට බිළිදකු ප්‍රසූත කළ මාතාවක සේ ඔබ වැතිර විවේක ගනී...
සමුගනිමු ගුල්සාරි - චිංගීස් අයිත්මාව් - චූලානන්ද සමරනායක - විදර්ශන ප්‍රකාශණ
මම දැනට කියවමින් ඉන්නේ. ඒ නිසා දැන්ම මොකුත් කියන්න බෑ.. දැනට නම් ලස්සනයි. අශ්වයෙක් ‍ගේ ජිවිතය සම්බන්ධයි. වැඩි විස්තර පසුවට.

‍ජමිලා - චිංගීස් අයිත්මාව් - දැදිගම වී රුද්‍රිගු - ඉසිවර ප්‍රකාශණ
මහා පුරුෂ කාන්තාවක් වගේම මේකත් රුසියාවේ යුද්ධ කාලයේ සමූහ ගොවි බිමක ගොවි පවුලක කථාවක්. ‍ආදරය හා හැගීම් මිනිසුන් වෙනස් කරනවා.. එහෙම නැතිනම් මිනිසුන් යැපෙන්නේ හැගීම් මත.
මගේ චිත්‍ර වල හැම වර්ණයකින්ම දනියාර් ගේ ගීත පණ ලැබුවාවේ! හැම වර්ණයෙකින්ම ජමිලා ගේ හදවත ගැස්සෙන සැටි ඇසුනාවේ...
කළු සිවුරුදර භික්ෂුව - ඇන්ටන් චෙකොෆ් - රංජිත් ධර්මකීර්ති - ඇස් ගොඩගේ සහ සහෝදරයෝ බෙදාහැරීමක්
මේක චෙකොෆ් ගේ කෙටි නවකථාවක්. මිනිසා මිනිසා හා සමගම කෙරෙන සංවාදයක් හැටියටයි මම මේ පොත දකින්නේ.
හැම ජිවිතයකම පරමාර්ථය එයයි. සංතෘෂ්ටිය සෙවීම. සංතෘෂ්ටිය පවතින්නේ ඥානය තුල බව ඇත්ත..සදාකාලික ජිවිතය,ගණනය කළ නොහැකි නොසිදෙන ඥාන උල්පත් සපයා දෙනවා.
ජොආනා - ජින් සැසන් - කුමාර සිරිවර්ධන - ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශණයක් (සුරස පොතක්)
මම තාම මේ පොත ‍බැලුවේ නැහැ.. නමුත් පොතේ තේමාව නම් බිදීගිය ඉරාකයේ කුර්ද් ජාතික පෙම්වතියගේ කතාව.. වැඩි විස්තර පසුවට

පරාජයේ උරුමක්කාරයෝ - කිරාන් දේසායි - ප්‍රේමසිරි මාහිංගොඩ - සමයවර්ධන ප්‍රකාශණ
මේකත් කියෙව්වේ නෑ.. 2006 බූකර් සම්මානය මේ පොතට ලැබිලා තියනවා. ඒ කිව්වේ මේකේ මුල් ඉංග්‍රීසි පිටපතට.

මාවතේ ගීතය - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය - චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි - විජේසූරිය ග්‍රන්ථ කේනද්‍රය
කියන්න ඕනිද මේ පොත ගැන? බෙංගාලි පවුලක දරුවෙක් වෙන අපූර්වගේ ජිවිතේ ළමා කාලය හරිම අහිංසක විදියට මේ පොතේ ලියවිලා තියනවා.
මම යන්නේ නැහැ අක්කේ. මම අක්කාව අමතක කලේ නෑ. මං මගේ උවමනාවෙන් අක්කාව දාලා ආවේ නෑ. මේගොල්ලෝ තමයි මාව අරන් යන්නේ...
අපරාජිත ජීවිතයක් - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය - චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි - විජේසූරිය ග්‍රන්ථ කේනද්‍රය
අපූගේ ගැටවර කාලය තමයි ඉතිං කියවෙන්නේ. වීර්ය ධෛර්ය ඇති නම් කල නොහැක්කක් නොමැත කියලා අපූර්ව අපිට පෙන්නනවා. දන්නේම නැතිව කියවෙලා ඉවර වෙන පොතක්.
යුනිවර්සිටියේ ඉගනනොගෙන කිසිම දෙයක් ගැන කථා කරන්න බෑ කියලා මම විශ්වාස කරන්නේ නැහැ.ෆොත් ඉයර් එකේ ඉගන ගන්න ශි‍ශ්‍යයෙකුගෙන් ඉතිහාසය ගැන හරි ඉංග්‍රිසී කවි ගැන හරි ඇහුවට කමක් නෑ. ඒ වුනාට මේ ‍දේවල් ගැන ජෙනරල් නොලේජ් ‍එකෙන් කථා කරන්න බැරිද?
අපූගේ ලෝකය - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය - චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි - විජේසූරිය ග්‍රන්ථ කේනද්‍රය
අපූ ත්‍රිත්වයේ වඩාත් කෘතහස්ත ම දාර්ශණිකම සෞන්දර්යාත්මකම පොත මේක හැටියටයි මම දකින්නේ. විරහා‍ වියෝවීම්.. වඩාත් ගැඹුරින් එහෙත් නිදහසේ ජිවිතය දැකීම විදීම ගැනයි මේ පොත.
ඒ වුනාට ජිවිතේ කියන්නේ පුදුම දෙයක් ඒ තරම් ලේසියෙන් ඒක නැති වෙන්නේ නැහැ.... හොදයි මං ගිහිං එන්නම්....
අර්බාත් දරුවෝ - ඇනතොලී රිබාකොව් - පසන් කොඩිකාර - සංහිද ප්‍රකාශණ
මේකත් එකම නමින් කොටස් 3ක් විදියට තියන පොතක්. කලින් මම මුල් කොටස් දෙක අරන් තිබුනා. මේ මාසේ තමයි තුන් වෙනි කොටස ගත්තේ. විප්ලවයට පසු රුසියාව එහෙමත් නැතිනම් ස්ටාලින් පාලනය යටතේ සමාජවාදය යටින් ඔඩුදුවන බලය නැමති කුෂ්ටය සමාජය බිලීගන්න විදියයි මේ පොතේ කියවෙන්නේ.
ඒක කවුරු කලා උනත්,සාෂා, මට පුළුවන් සම්පූර්ණ විශ්වාසයකින් ඔබට එක දෙයක් කියන්න: ඉතාම අදුරු කාලයක් එළැඹෙනවා.
සමරූපියා - Fyoder Dosthayewskez - ආනන්ද අමරසිරි - සූරිය ප්‍රකාශණ
පොත දැන් මගේ ලග ඇත්තෙත් නෑ.. ගෙනිච්චා. :(

කැත කතුන්ගේ පතිවත පිළිබද අධීක්ෂණ වාර්තාව - ජගත් මාරසිංහ - සංහිද ප්‍රකාශණ
පොත ගත්තා උනාට අතට වත් ගත්තේ නෑ. කඩේදි සල්ලි දුන්නේත් වෙන කෙනෙක්. දැන් තියෙන්නේ තව කෙනෙක් ලග

තෝල්යා සහ ඔහුගේ යාළුවෝ - නිකොලායි නෝසොව් - දැදිගම වී රුද්‍රිගු
ළමා කතාවක් ගත්තේ තෑගි දෙන්න. හැබැයි දෙන්නේ මම වතාවක් කියවලා. තාම කියෙව්වේ නෑ.

දිය දරුවෝ - චාර්ල්සි කිංස්ලි - ලක්මාලි හේවාවසම් - පහන් ප්‍රකාශණ
ළමා කතාවක් මේකත් අනුන්ට

ජපන් සෙන් කතා - චන්දිම විජේබණ්ඩාර/එච් එම් මොරටුවගම - රත්න පොත් ප්‍රකාශණ
මේකත් අනුන්නට. ‍ඒත් මම කියෙව්වා. සෙන් බුද්ධාගමේ භිකෂුන් හා ඔවුන් ආශ්‍රයෙන් ගොඩනැගුණු කථා තමයි තියෙන්නේ. හරිම සරළයි. සරළ තරමටම ගැඹුරුයි

භික්ෂුන් වහන්සේ දෙනවමක් කොඩියක් ගැන වාද කරමින් සිටියහ. එක් නමක් කොඩිය වැනෙනවා යැයි කීය අනිත් නම නෑ නෑ වැනෙන්නේ සුළග යි පැවසීය. එතැනින් ගමන් කළ 6වැනි සංඝපිතෘන් වහන්සේ එම දෙනමට මෙසේ වදාලහ
"හුළගවත් කොඩියවත් නෙවෙයි හිතයි වැනෙන්නේ"
වැඩබැරි දාස ගැන කථා - නිකො‍ලොයි නෝසව් - දැදිගම වී රුද්‍රි‍ගු - පහන් ප්‍රකාශණ
මේකත් අනුන්ට තමා.. ඒත් පුංචි කාලේ කියෙව්ව පොතක්‍ නේ. මං හිතන්නේ හැමෝම බලලා ඇති. මේ කථාවේ තියෙන්නේ වැඩබැරි දාස ලා උඩින් යන හැටි.
බැලුමක් හදලා නැග්ගා අහසට
තිළිණයකි එය මිනිස් මොළයට
මිට්ටෝ අපේ නොවෙති කුරුල්ලන්
ගුවනින් යාමට ඔවුන් දක්සයන්
මිනිහගේ මොළයට නොහැකි වැඩක් නැත
ගුවනින් යාමට තව ඉඩකඩ ඇත..
දයාබර තාත්තාට - සරත් විජේසූරිය - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
වැඩි විස්තර පසුවට

බත්තලංගුණ්ඩුව - මංජුල වෙඩිවර්ධන - සූරිය ප්‍රකාශණ
වැඩි විස්තර පසුවට. එහෙමමත් ඕනි නැහැ. විස්තර ගොඩක් හොයාගන්න තියනවා නෙට් ‍එකේ..

යසෝදාව - ජයසේන ජයකොඩි - දයාවංශ ජයකොඩි සහ සමාගම
විස්තර පස්සේ.

කෙටි කරපු දිග කථා - කුමාරි -
පිටු සැකසුම හා මුද්‍රණය නියෝ ග්‍රැෆික්ස්, පොතේ හිමිකාරීත්වය ගැන හරියට සිංහලෙන් තියෙන්නේ ඔය ටික විතරයි. අපේ රටේ ඉන්න කවුරු හරි කුමාරි කෙනෙක් තමා ලියලා තියෙන්නේ එයාගේ පිංතූරයක් අන්තිමට තියනවා. ඒ එයාමද නැත්තං පො‍තේ ලස්සන වෙනුවෙන් දාපු පිංතූරයක්ද දන්නේ නෑ. තාම කියෙව්වෙත් නෑ.

මනුස්සාත්ම - ජයසේන ජයකොඩි - දයාවංශ ජයකොඩි සහ සමාගම
ජයකොඩි මහත්මයාගේ ගොඩක් පොත් වගේ මේකත් අපේ ජිවිත වල අපි විදින වද වේදනා දුක් කරදර තමා ලියවිලා තියෙන්නේ. අපි කිව්වට අපිම නෙවෙයි. විශේෂයෙන් පවුල් ජිවිත ඇතුලේ ඇතිවන ගැටළු. ගෑණු පිරිමින්ගේ නොනිමි ආසා තමා ඉතිං පාදක වෙලා තියෙන්නේ..
ඉකේයා..! මොන එහෙකටද මේ? ඒ මිනිහටත් ගෑණියෙක් ඉන්නවා. මේ ගෑණිටත් මිනිහෙක් ඉන්නවා. ඇයි උන්ට ගෙදර ගෑණි ගෙදර මිනිහා මදි වෙලාද?
නගා මැරූ අල - කේ. කේ. සමන් කුමාර - සංහිද ප්‍රකාශණ
කවි පොතක්.. මේ ගැන ලියන්න මගේ දැණුම මදි.

දඹුලු ගලින් පහළට බහිනා සද
අපි කබරගොයෙක් දුටිමු

"කබරෙක්" මම කීමි
"නෑ.. නෑ.. තලගොයෙක්" හේ කීය.
ඔහුගේ කටින් කෙළ බේරිණි
"නෑ කබරයෙක් "
"නෑ තලගොයෙක් "
"ඔව් ඔව් තලගොයෙක් ! "
මම ළංවී බලා කීමි

පසුව
අපි ඌ මරා පලහා කෑමු
එදා සිට අපි
කබරයින් මරා කන්නට හුරුවීමු
අපි ශබ්දකොෂය ගෙන
කබරයා කියන වචනය කපා දැමීමු
එතැනද තලගොයා කියා ලීමු
පුරාණ පත්තිනි හෑල්ල - සීදේවි ප්‍රකාශණයක්
දන්නවානේ ශාන්ති කර්ම වලදි කියන්නේ පත්තිනි හෑල්ල. ඒකේ කවි ටික.

පරසිදු පත්තිනි සද සැතපෙන්නේ
සැතපුන තැන සීන පෙනෙන්නේ
පාලග කඩුවක් ගත්තා වැන්නේ
කඩුව නොවෙයි අඩුවයි දැනගන්නේ.

මේ පොත් ගැන අනිත් අයගේ අදහස් තියන තැන් මම හෙට ලින්ක් කරන්නම්. දැන් නම් බෑහැ. වතුර තිබහයි හොදටම මං යනවා බොන්න.

Thursday, October 15, 2009

පහුගිය ටිකේ ජිවිතේ

ඉතිං ටික කාලෙකට පස්සේ ආයෙමත් ආයුබෝවන් හැමෝටම.. ලිපියක් පලවෙන්නේ සති 2කට පස්සේ උනාට සිංහලෙන් බ්ලොග් ලිපියක් ලියන්නේ මං හිතන්නේ හරියටම මාසෙකට පස්සේ. ලියන එක එපා වෙලාවත් ලියන්න දේවල් නැතුවවත් නෙවෙයි, එත් පහුගිය ටිකේ දවසින් දවස එක එක විදියේ අනං මනං වලට මූණ දෙන්න සිද්ධ උනා.. ඒ අතරෙත් ලියන්න දේවල් නම් තිබුනත් ලොකුම අවුල උනේ මගේ කොම්පීටරේ ලෙඩ උනු එක. ඒක සනීප උනත් යු‍නිකෝඩ් දාන්න ගිහිං මාස ගාණකට ඇති වෙන්න හොද අල පාත්ති ටිකක් තමයි දාගන්න උනේ. ඊයේ රෑ තමයි යන්තං කියවන්න පුළුවන් තත්වෙට යු‍නිකෝඩ් හදාගත්තේ.. මේකයි, අවුල බෙහෙත් කරද්දි පීටර් ට SP3 තමා බොන්න දීලා තියෙන්නේ.. යුනිකෝඩ් කවන්න ගියාම එයා SP3 CD නැතුව බෑ කියලා අඬන්න ගත්තා.. යන්තම් පෙනුනත් අකුරු මාරු වෙලා තමයි කියවුනේ/ලියවුනේ. එහෙම තියෙද්දි තමා කලින් පෝස්ට් එකේ ටොපික් එකත් දැම්මේ. (මං වගේ වැඩකාරයන්ට ඉතිං බොරු බැහැ නේ :p)

ගොඩක් දවසකින් ලිව්වේ නැති හින්දා දැන් ලියන්න ගත්තම නිකං හුරු නැහැ හුරු නැහැ වගේ..ඒ කිව්වේ නිකං සැජ්ජයි සැජ්ජයි වගේ :-[ අනේ මංදා.. මං ඉතිං කෙලින්ම බ්ලොග් එකේ කොටන මනුස්සයා හිංදා වෙන තැනවල ලියලා බ්ලොග් එකේ ලියන වැඩේ පුරුදු නැහැ. මේ ටිකේ ‍මම ඉතිං ගෙදරටම වෙලා තමා ඉන්නේ. ඒ කියන්නේ අපිට වැඩ නෑ ඒ නිසා නිවාඩු.. හරි ශෝක් අප්පා.. දැන් මාසයක් විතර ගෙදර. ගෙදරට වෙලා ඉන්න එක එපා වෙනවා කියලා සමහරු කිව්වට මම නම් ගෙදරට පුදුම විදියට ඇබ්බැහි වෙමින් යනවා වගේ. ‍උදේ නැගිටිනවා.. ක‍ඩේ යනවා ගෙවල් අතුගානවා උයනවා මහනවා බල්ලෝ නාවනවා මාළු ටැංකි අස්කරනවා ගිරව්ට කවනවා හනේ අප්පේ කරන්න වැඩ ඕනි තරම්... පුදුමේ කියන්නේ ඉස්සර මම මේවායින් බාගෙකට වඩා කලේ නාහෙන් අඩ අඩ.. දැන් ඒ කිසිම දෙයක් නැතිව ඉබේම වැඩ කෙරෙනවා.. හරි... පුදුමයි..

ඉතිං එකම විදියට ගෙවෙන දවස් අතරේ ගිය මාසේ 20 වෙනිදා සැහෙන්න වෙනස් උනා.. දන්නවා ඇතිනේ වෙන මොකුත් නෙවෙයි පොත් ප්‍රද්ශණය දවස්නේ.. දැන් ඉතිං අලුත් අවුරුද්ද එනවට වඩා ආසාවෙන්නේ ‍සැප්තැම්බර් වෙනකම් බලං ඉන්නේ .. ඉතිං මෙදාපාරත් ගියා දෙවනි දවස ඉරිදා නිසාමද මංදා මෙදා පාරත් සුපුරුදු විදියට පොත් ගුල්ලෝ ගුල්ලියෝ සහා කාවන්ගෙන් පුරුණු ප්‍රදර්ශණ කුටි අතරින් ගිහිං ගන්න හිතං හිටිය පොත් ටිකක් ගත්තා. මොනා උනත් පොත් ගන්න මම සල්ලි හොයාගත්ත විදියට සල්ලි හොයාගත්තු කවුරුවත් ප්‍රදර්ශණේට ආවේ නැතුව ඇති. මොකෝ මං තරං පිස්සු තද වෙච්ච අය ඉන්න විදියක් නෑ. ඒ කතාව වැඩක් නෑ. විශේෂම දේ තමයි මෙදාපාර ගත්ත 80%ක්ම පොත් ගත්තේ බ්ලොග් ඇතුලේ අය හොදයි කියලා කිව්ව පොත්. කියන්න දුකයි පොත් අරගෙන ඉවර උනාට තව ගන්න පොත් 20ක් ඉතුරුයි :(( කොහොම උනත් මෙදා වසරේ හොදම නවකථාව උනේ සුනේත්‍රා මහත්මියගේ පොදු පුරුෂයා නේ.. පොත 2-3 පාරක් අතට අ‍රගෙනත් තියන්න උනේ මගේ පෞද්ගලික පුරුෂයාගේ හොඳ වැඩි කම හින්දා.. (මීට පස්සේ නම් මම තනියම පොත් ගන්න යන්නේ :p )







ප්‍රදර්ශණේ ඇතුලට යන්න කලින්ම ටවර්හෝල් නාට්‍ය පදනමේ නිර්මාණ වලින් හොද හැටි සප්පායම් උනාට දවල් වෙද්දි කට්ටියටම හොදටම බඩගිනි උනා. ආව වෙලේ ඉදං බඩගීනී ගගා හිටිය ශිවාට මැගී නූඩ්ල්ස් කන එක තත්වෙට මදි කිව්වනේ.. ඉතිං අපේ මෙලෝ රැඩිකල් කමක් නැති ඒත් රැඩිකල් රවී මැතිතුමාගේ මග පෙන්වීම අනූව ‍‍යුනිවර්සිටි එක ළග තියන මොකක්දෝ තරු15 හෝටලේට ගියා. ගමනට සහය බෝ මැතිතුමාගේ ප්‍රාඩෝ රථය 20 කට උනත් එකපාර ගියහැකි :p . (ගන්නවා නම් අන්න වාහන) තරු 15 හෝටලයක් කිව්වම කෑම වල සුපිරි තත්වය ගැන හිතා ගන්න පුළුවන්නේ? අපේ අම්මට නම් ඒ කඩේ කෑම ගොඩක් හොද වෙයි. මොකද එයාට ලුණු කන්න හොද නෑ. ඒ කඩේ කෑම වලත් ලූණුත් නෑ ඇඹුලුත් නෑ සැරත් නෑ.. මාර රහයි.. අන්තිමේ ෆ්‍රයිඩ් රයිස් එක අනුන්ට දීලා වටලප්පමක් කන්න ගත්තා අනේ ඒකේ කූලුත් නෑ :( ඒ අතින් බලද්දි සරස්වතිය කොයි තරම් හොදයිද දෙයියනේ.....!!!!

ඉතිං පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේ වලින් වැදගත් සිදුවීම ඕක විතරයි. පොත් ගොඩකුයි ෆිල්ම් ගොඩකුයිත් බැලුවා. ඒ ගැන පස්සේ හිතුනොත් කියන්නම්. දැනට නවතින්නම්.

ප.ලි - මේ දවස් වල අපි අළුත් කුරුළු ජෝඩුවක් දිහා බලන් ඉන්නවා.. මේ සුභ පැතුම උන් දෙන්නා වෙනුවෙන්.

Thursday, September 24, 2009

කවියක් වගේ එකක්


peter saneepa wela gedara awata thama beheth beela iwara nehe. ethakal mehema thamai kotanna wenne.. duka thamai kiyala adanna yeee ... :D

Monday, September 14, 2009

ළමයා බැක් ය.

ආවා සොයා ආදරේ.... ගීතේ ලියයි බ්ලොග් එකේ...!! ඉහික්...!!!
හායි... හැමෝටම... මම ආවා මගේ දවස් 11 නිවාඩුවෙන් පස්සේ.. ආව වෙලේ ඉදන් මේ වෙනකම් කලේ (උදේ9-1.30 වෙනකම්) සින්ඩිය බලපු එක.. ‍ඔන්න ඉතිං කමෙන්ට් දාන්නවත් බැරි උනා ගොඩකට. මොකෝ වෙලාව මදි.. ආයේ ෆ්‍රී වෙලාවක තමයි කමෙන්ට් කරන්න වෙන්නේ....හ්ම්.. ඉතිං ඉතිං කොහොමද? හානේ.. ටිකක් සුදුත් වෙලා.. ලස්සන වෙලා.. හෙහේ.. මට පිස්සු.. සාමාන්‍යයෙන් ගෑණු ළමයි යාළුවෝ කාලෙකින් මුණගැහුණම එහෙම තමා කථාව පටන් ගන්නේ.. නෑ නෑ මම කියන්නේ නැහැ මම එහෙමයි කියලා.. මොකෝ එහෙම යාළුවෝ මට ඉන්නේ ටිකයි.. බොහෝ වෙලාවට වෙන්නේ... අඩෝ..මචං කාලෙකින් කොහොමද ඉතිං දැන් මොකෝ කරන්නේ.. අ‍ම්මෝ බං උඹ තවත් මහත් වෙලාද බං..!!!

හරි හරි ඒ බයිලා වැඩක් නෑ... අනේ මගේ නිවාඩුව ඉවරයිනේ.. ඒකට මොකෝ මම කියලා මේ සතියත් ආයේ නිවාඩු ඉල්ල ගත්තා... කොහොමද මගේ වැඩ? එහෙම තමා.. අපේ අම්මට සුට්ටක් අසනීප උනානේ.. ඉතිං මගේ නිවාඩුවේ මුල්ම දවස් 3 එ‍යා එක්ක හොස්පිට්ල් එකේ තමා ගත උනේ. දැන් නම් ගෙදර වැඩි අවුලක් නෑ.. එයාට ප්‍රෙෂර් හැදුනනේ.. (මං වගේ දුවෙක් ඉන්නකොට එක අතකට පුදුම වෙන්න දෙයක් නෑ :( ) ඉතිං එයා ළග ඉන්නයි ගෙදර වැඩ බලන්නයි..මගේ දවසෙන් දවල්ට පැය 4ක් ගෙදරයි ඉතිරි වෙලාව හොස්පිටෑල් එකෙයි තමා ගත උනේ.. හැබැයි ඉතිං අම්මට ලොකුම අමාරුවක් තිබ්බේ නැති හින්දා අම්මටයි ම‍ටයි වැකේෂන් වගේ තමා.. අනම් මනං නැතුව හිටිය. ‍මුළු වෙලේම පොතුයි පත්තරයි කියව කියව හිටියා..

ඊට පස්සේ දවස් දෙකක් තුනක් මෙලෝ වැඩක් නැතුව ඔහේ ගෙවලා දැම්මා.. ඒ කියන්නේ උදේට නැගිටිනවා විතරයි මතක.. එයින් පස්සේ එහේ බලලා මෙහේ බලද්දි දවස ගෙවිලා.. ඒක හරියන වැඩක් නෙවෙයිනේ.. ඉතිං ස්වෙච්ඡාවෙන් වත්ත අස්කලා දවසක්.. හෆොයි පහුවදා උදේ නැගිටිද්දි හතර හන්දි රිදෙනවා.. පෙනවනේ මං කොයි තරම් ඇඟහොරෙක් වෙලාද කියලා... ලෙඩ බල බල ඉදලා බැහැනේ.. අපේ ගෙදර වැඩට ඉන්නේ මම විතරනේ.. පහුවදා පටාන් ගත්තා කෑම කාමරේ තීන්ත ගාන්න.. ( ඒ තීන්ත ගෙනත් ගොඩක් කල්! ගාන්න අමතක උනානේ) දවස් 1 යි 1/4 ක්ම ගියා ඒක අස්පස් කරන්නයි තීන්ත ගාන්නයි ඇගේ ගෑවුණු තීන්ත යවන්නයි.. පස්සේ සති 3 කින් අතුගාලා නොතිබුනු මගේ වාස බවන අතුගෑවා.. දැකුලු මල් ගොඩායි....!!!!! මගේ වාස බවනට කාමර 2ක් අයිතියි. දෙකේ බඩු මාරු කලා.. ඉතිං දැන් මං ඉන්නේ අනිත් කාමරේ..

මගේ කොම් පීටරේ ගෙදර ආවා.. උන්න හැටියට මලා මදැයි කිව්වලු.. හදපු එකා ඔෆිස් විතරයි දාලා තියෙන්නේ.. අනික සී එක 4මැට් කරලා දාලා.. හනේ ඩෙක්ස්ටොප් එකේ තිබ්බ මගේ ට්‍රිප් එකක පිංතූර සේරම ‍නෑ.. මගේ ළග කොපී එකකුත් නෑ.. දුකේ බෑ.. දිවි පරදුවට තියලාගත්ත සිංහ කූඩුවේ ෆොටෝ ටිකත් නෑ...!!! හපරාදේ...!!!! වෙලාවට දවසක් මොංගල් වෙලාවක සීඩී එකකට දාලා තිබ්බ සොව්ට්වෙයාර් අස්සෙන් කෝඩෙක් පැක් ‍එක හොයාගෙන ප්ලේයර් එකක් දාගෙන තිබ්බ ෆිල්ම් ටිකක් බැලුවා

The Curious Case of Benjamin Button, The Reader, She's the Man, Machan, Rab ne Bandi Jodi, Dance with Me, Pride and Prejudice, Boys Don't Cry නරක නෑ දවස් දෙකට බලපු ටික.

ඔයිට අමතරව පොත් ටිකක් කියවලා දැම්මා..
හිරු උදාවෙයි, පෙරළු නැවුම් පස, එකෝමත් එක රටක විත්ති, පිං හාමි, නිරුවත් වානරයා, මනුසත් උයන, දෙවියන්ගේ අඩවිය, හිම පියළි, කළු සිවුරුධර භික්ෂුව

ඔහොම තමා දන්නෙම නැතුව දවස් ටික ගෙවිලා ගියේ.. මෙලෝ වැඩක් නෑ හරියට පබා වගේ.. හික් හික්.... අදට බායි.. කියවලා කාලේ නාස්ති වුනා කියලා මට බනින්න එපා. මං ගියා...!!!

Thursday, September 10, 2009

I need a Sinhala champ

I know this is not the place to put up a request.. since this is a blog.. and I will delete this post once the purpose is served.

Bro's and Sis's ... I got a friend of a friend of mine who's stuck in a bit of dilemma.

He needs someone to type somethings in Sinhalese. He told me that it's nothing BIG.. just a few words and few product names.. and it would not taken even 2 minutes for a typing expert to do.

So need someone to help him out here ! .. dump me a mail on nashnode@gmail.com with your contact number.., I will get the guy to give you a call.

Of course there's no money involved.. :) .. just a little human help is needed.

thank you all !

Wednesday, September 2, 2009

ඉතිං ආයුබෝවන්


හැමෝටම හායි.... ඉතිං ටික දවසකට මට බායි හොදේ... අනම් මනං නැතුව මම දැම්මා දවස් 6ක නිවාඩුවක්.. ඒ කියන්නේ හෙට ඉදං මං දවස් 6ක් නිවාඩු.. ඒ අතරට තියන සති අන්ත හා පෝය නිවාඩු එක්ක බැලුවම මම දවස් 11 ක් නිවාඩු... ආයේ රැකියාවට වාර්තා කරන්නේ 14 වෙනිදා.. ඔය නිවාඩු නම් කිසි කථාවක් නැතුව අනුමත කරා.. කියන්න බැහැ සමහර විට මේ මම අයදුම් කරන අන්තිම නිවාඩුවෙන්න පුළුවන්.. ඒ කියන්නේ නිවාඩුවෙන් පස්සේ මං එනකොට සේවයෙන් නෙරපීමේ ලියුම මේසේ උඩ තියෙයිද මංදා.. අනේ එහෙම වෙනවා නම් කොයි තරම් ශෝයිද? එකම දුකකට තියෙන්නේ ජංජාලය නැති වෙන එක විතරයි.. ඒ හැර දැනට රැකියාවෙන් මම ලබන ප්‍රතිලාභයන් නොමැත. දන්නවද දන්නේ නැහැ මගේ ගෙදර කොම් පීටර් ට හෙණ ගැහුවනේ.. ඉතිං එයාව හදන්න ඉස්පිරිතාලේ යවලා ටික දවසක් හනේ මන්දා ගොඩ ගන්න බෑ කියලා පීටර් ව මෝචරියට යවලද දන්නේ නෑ.. නැත්තං හදන්න අරං ගිය ඉලංදාරියා ඒ වගේ පීටර්යක් මෑත දශකයේ දැකලා නැතුව ඒකේ කාල නීර්ණය කරන්න කාබන් පරීකෂණ කරනවද දන්නේ නැහැ.. ඒ නිසා කියන්න තියෙන්නේ ගෙදර ඉන්න යන ඉදිරි දින 11 තුල මම ජංජාලයේ නැත. පීටර් ගෙදර ආවොත් ඊට පහුවෙනිදා ඉදං මං ඉන්නවා..නැත්තං නෑ...
අදාල කාලවකවාණුවෙන් පසු මම නාවොත් මං මැරිලා.. නැත්තං රස්සාව නැතිවෙලා.. මැරුනොත් කවුරු හරි මේකේ පෝස්ට් එකක් දායි මං මළා කියලා.. කවුරුවත් අඩන්න ඕනි නෑ.. දානේ ගෙදර ඇවිත් ගියාම ඇති... හික් හික්.....!!!!

හ්ම්.. හිනා ඇති

ඇත්තටම හිනා‍ වෙන්න පුළුවන් මට්ටමක මං නෑ.. මේ දවස් වල ජිවිතේ හරි බරයි... මට හැමදාම ඕනි උනේ හුළගක් වෙන්න.. නිදහසේ සැහැල්‍ලුවෙන් පාවෙලා යන්න...ඒත් මට අමතක උනා 4 වසරේ විද්‍යාව පාඩමට කියලා දුන්නා වාතයට ස්කන්ධයක් තියනවා කියලා.. ඒක තමයි මේ දවස් වල මට දැනෙන්නේ.. හැමදාම පුංචි ළමයෙක් වගේ ජිවත් වෙන්න ආස කරපු මගේ ඔලුවට මේ දවස් වල කිලෝ ගණන් බර ටොකු ඇනෙනවා... ඒවට රිදෙන නිසා අඩන්න ඕනි උනත් කදුළු නේන මගේ ඇස් වලට දැන් කදුළු පිරෙන්න පටන් අරගෙන.. ඒ නිසා මට ආයේ මුළ ඉදන් හැමදේම පටන් ගන්න වෙලා.. සමහර විට පාතම මට්ටමෙන්.. මගේ ජිවිතේ සතුට වෙනුවෙන් යන්න තියන හැම පාරකම කටු පදුරු වැවිලා.. .එක්කෝ මම තුවාල වෙවී හරි ඒ පාරවල් වල යන්න ඕනි නැත්තං යන්න පුළුවන් වෙන විදියට ගැලපෙන සපත්තු හදා ගන්න ඕනි.. මම නිවාඩු දැම්මේ ඒ වෙනුවෙන්... සමහර විට මේ දවස් ටිකේ මට ඒ වෙනුවෙන් මොකුත්ම කරගන්න බැරි වෙයි.. ඒත් අඩුම ගානේ කටුමාවත් වල යන්නේ නැතුව එක තැනක ඉදලාවත් තුවාල කරගන්නේ නැතුව ඉන්න මට පුළුවන් වෙයි..හෙට ගැන කියන්න මම දන්නේ නැහැ.. ඒත් හෙට ඉර පායයි කියලා මට හිතෙනවා..

යන්න කලින්,

* ඊයේ මගේ අම්මාගෙයි,රංගි( මොන්දො/බුරු බබී)ගෙයි, හෙලන්ගෙයි උපන්දින.. ඊයේ මම නිවාඩු නේ.. ඒ නිසා මොකුත් ලියන්න බැරි උනා ඒ අය වෙනුවෙන්..කොහොම උනත් ඒ තුන් දෙනාටම සුභ උපන්දිනයක් වේවා....!!

** අද මම මගේ හොදම ‍යාළුවෙක්ගේ ඩැඩා ලුක් එක දැක්කා.. මං පෙරේදා හීනෙන් දැක්කා ඒකා කසාද බැදලා ඒ වෙඩින් එකට මම ගිහිං ඉන්නවා. ඉතිං අද ඒ වගේ ෆොටෝ එකක් දැක්කම මට හරිම සතුටුයි.. මං හිතන්නේ ඉන්න විදියට වඩා තාත්තා කෙනෙක් විදියට ඉන්නකොට ඌ හරි ස්මාට්.. නැත්තං මෙලෝ රහක් නෑ :p


***මේ සිංදුව මම කසුන්ගේ ආස සිංදුවක්.. උපන්දින සමරන අයටයි තාත්තලා වෙන්න බලන් ඉන්න අයටයි මගෙන් දුප්පත් තෑග්ගක්. :D


හෙට අළුත් අළුයමක්.. වෙන කවරදාකටත් වඩා...
මිහිමත මල්... පිපෙන දවසක්...!

ඉතිං හැමදෙනාටම ටික දවසකට ආයුබෝවන්..!
මම නැතිවෙන්නේ නෑ.. ඉන්නවා.. හුළග වගේ..
නොපෙනී නොඇසී නොදැනී..
ඒත් ළගින්ම..
:)

උඩම තියන පිංතූරේ මං ගත්ත එකක්..ලස්සනානානායි කියලා උස්සනවා එහෙම නෙවෙයි ඕං..
හිකිස්!

Monday, August 31, 2009

Drug

You laugh and smile
A draught of wine
Lifting spirits

Your touch
A heavy brandy
Numbing the mind

Your body against mine
A sweet cocaine kiss
Heart racing

Your kiss
Crystal myth
I swear I could fly


I am addicted
Far beyond rehab
you are my drug
My way of life

Holding On

When you said you'd be there...
I believed you.
You never told me to leave,
or to forget your memories.
I remain with you,
unforgotten and loyal.
Your eyes fixed
to the plastered cement wall,
unseeing and unfocused.
I gaze gently into them,
finding serenity and peace.

But I find myself falling
for ever into an abyss
of your mind.
Why won't you tell me?
What is on your mind?
You won't look into my eyes;
you won't smile, grin, smirk.
The tranquility I find diminishes,
into a nothing so cold and stoned
that I cannot begin to imagine
the pain one would feel
with such dreadful feelings.

Do not let go;
I am here with you.
You may not want to tell me,
but I will be here for ever,
holding your hand,
whispering your name.
Stay, perpetually.
And I will never stop.

Tuesday, August 25, 2009

මහපොළවට වන් රැජින ගැන මගේ සටහන - ආකාස කුසුම්

මම චිත්‍රපටශාලාවක‍‍ට ගිහිං ෆිල්ම් එකක් බලලා තියෙන්නේ අතේ ඇගිලි ගාණටත් අඩුවෙන්ද මංදා.. ඒ යන්න තියන අකමැත්තම නෙවෙයි.. ගිහිං බලන්න තියෙන චිත්‍රපට වලට තියන අකමැත්ත.. ගේ ළග සීඩී ශොප් එකෙන් හිංදි ටික ගතහැකි.. නෙට් එකෙන් ඉංග්‍රීසි ටික ගතහැකි.. ඉතිං හෝල් එකකට ගිහිං බලන්න ඉතුරු වෙන්නේ අළුතින් එන සිංහල ෆිල්ම් එකක් විතරයිනේ.. ඒවා බලලා ඇවිල්ලා නාස්ති වෙච්චි කාලේ ගැනයි සල්ලි ගැනයි හූල්ලනවට වඩා ‍ඔළුවේ ඉදන් පෙරවෙගෙන ගෙදරට වෙලා නිදා ගන්න එක සැපයිනේ? ඒ නිසා තමයි මම ඒ ගැන අමතක කරලා තියෙන්නේ.. ආයේ බොරු කියන්න ඕනි නැහැනේ ඉතිං මුලින්ම ජූලියා ගේ කට්අවුට් එකක් මම දැක්කේ ෆිල්ම් එක පෙන්නන්න මාසෙකට විතර කලින්.. ඉතිං ඒක බලන්න හිතුනත් ඒකට අනුමැතිය ආවේ නෑ. ඉතිං ෆිල්ම් එක අමතක කරලා ඉන්නකොට දැක්ක විචාරක හා ප්‍රේකෂක ප්‍රතිචාර අනූව නොයා හිටිය එක ගැන ‍බොහෝම සතුටු හිතුනා.
ඉතිං ඔයින් මෙයින් ඊට පස්සේ ආවේ "ආකාස කුසුම්" නේ. ඒකට නම් අනුමැතිය ලැබුනා. ඉතිං ඊයේ දවල් 2.30 වෙන්න ඔන්න මෙන්න තියලා රීගල් එකට ගිහිං වාඩි වෙන්න පුළුවන් උනා.. ඔව් ඔව්.. ඒක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා තමා තිබ්බේ.. ඒ වුනාට කාන්ට් හෙල්ප් දැන් 18+ වෙලා ටිකක් කල් වෙනවානේ..
මම අන්තිමටම බැලුව සිංහල චිත්‍රපට දෙක "අබා" හා "මචං".. ඒ දෙකම දෙවිදියකට මගේ හිතේ මතක සටහන් තිබ්බ නිර්මාණ දෙකක්. හැබැයි ආකාස කුසුම් ඊටත් වඩා ඈතට මාව අරන් ගියා.. කොහොමත් ප්‍රසන්න කියන්නේ චිත්‍රපට අතරේ අපේ සිනමාව ගැන හූල්ලවන නිර්මාණ කාරයෙක් නෙවෙයිනේ... ඊයෙත් ඒක එහෙම තමා... නම් පෙලෙන් පටන් අරන්.. අන්තිමට රීගල් එකේ තිරේ කළුපාටින් සුදුපාට වෙලා ලයිට් ඔන් වෙනකං අපිව චිත්‍රපටය හා සමාජය ඇ‍තුලේ කරක් ගස්සවමින් එදිනෙදා අපි දකින මුණ ගැහෙන ඇසුරු කරන පිරිසක් දිහා තුන්වන පාර්ශවයක් විදියට අපිව අපූරුවට අරගෙන යනවා..මම දන්නේ නැහැ පිරිමින්ට ආකාස කුසුම් කොයි විදියට විදින්න පුළුවන්ද කියලා.. ඒත් ගැහැණියක් විදියට මම ආකාස කුසුම් උපරිමව වින්දා.. එහෙමත් නැත්තං විදෙව්වා..!!
අපි දන්නවා.. කොයි තරම් ඉහලින් මලක් පිපුණත් අන්තිමේ පරවෙලා වැටෙන්නේ බිමට.. ආකාස කුසුම් ඇතුලේ මුණගැහෙන හැම ගැහැණියක්ම විවිධ මට්ටම් වලින් ඒක නිරූපණය කරනවා..ජනප්‍රිය වෙන්න.. ප්‍රසිද්ධ වෙන්න කැමති හැමෝම පැය 2ක් වියදම් කරලා චිත්‍රපටය බැලුවට නරකක් වෙන්නේ නෑ.. ඒ අතරේ නිළියෝ ගායිකාවෝ නෙවෙයි.. හැම ගැහැණියකටමත් අන්තිමේ පොදුවෙන මහාපොදු ප්‍රවාහයක් ඇතුලට ඇවිත් කථාව කෙලවර වෙනවා.. ඒ තමයි මාතෘත්වය..!! ඊට කලින් කොයි කොයි ඉසව් වල කථාව පෙරලෙනවද කියලා මම කියන්නේ නැහැ.. කැමති අය ගිහිං බලන්න කියලා විතරක් කියන්නම්..
අන්තිමට මම මේ ටිකත් කියන්න හිතුනා.. හැමෝම කියන්නේ මේ චිත්‍රපටයේ මාලීනී ෆොන්සේකා මහත්මියගේ විශිෂ්ඨ රංගනයක් දකින්න පුළුවන් කියලයි.. ඒත් මම පුද්ගලිකව වැඩිම ලකුණු දෙන්නේ ප්‍රියාගේ චරිතය රගපාන නිම්මි හරස්ගම ට. මම දන්නේ නෑ ඇයි කියලා මුලු කථාව පුරාම මගේ වැඩිම අවධාණයක් ගත්තේ එයා. හැමෝගෙම ජිවිත කථා ඇතුලේ වැඩියෙන්ම අසාධාරණයට ලක්වෙන්නෙත් ප්‍රියා.. ඒ නිසා මම කැමතිම ප්‍රියාගේ චරිතයට..
තව ලියන්න ගොඩක් දේවල් ඔළුවට ආවත් ලිය ලිය ඉන්න වෙලා නෑ.. තර්කයක් නැති කථා බලන්න අකමැති අයයි.. කොට සායවල් ඇදන් ඉන්න ගෑණු අයව බලන්න ඕනි අයයි හැමෝටමත්.. හොද නිර්මාණයක් බලන්න කැමති අයත් ගිහිං බලන්න.. තාම අපේ සිනමාවට පණ තියනවා කියලා හිතෙයි. :-)

ආකාස කුසුම් ගැන ලිව්ව තවත් අය :- මරණය රජරටපුත්‍රයා

Friday, August 21, 2009

නිකං මේ හිතෙනවට..

මිනිසුන් මනින දඩු:-
ඇදුමින්..
පැළදුමින්..
හිනාවෙන්..
උසින්..
මහතින්..
කෙට්ටුවෙන්..
කථාවෙන්..
බැලිල්ලෙන්..
ඇසිල්ලෙන්..
ගෙදර සයිස් එකෙන්..
වාහනෙන්..
මොබයිල් එකෙන්..
රස්සාවෙන්..
පරස්ථාවෙන්..
කෑමෙන්..
බීමෙන්..
ජාතියෙන්..
ආගමෙන්..
කුලෙන්..
etc..

ඔය කොයි මිමෙන් මැන්නත්.. මිනිහෙක් මිනිහෙක්ව මනින්නේ තමන්ට සාපේකෂව..
යටි හිත කියනවා.. මම මෙහෙමයිනේ.. ඒක හින්දා මූත් එහෙම වෙන්න ඇති
මම මේ වගේ උනාට මූනම් මට වඩා වෙනස් හින්දා මූ අර වගේ වෙන්න ඇති
හැමදේම සාපේකෂයි..
තමුන් කවුද කියලා 100%ක් නොදන්න අපි
අනුන් ගැන චරිත සහතික දෙනවා..
සහතිකේ ලියවෙන්නේ අපේ අකුරු වලින් නිසා
කෙ‍නාගෙන් කෙනාට අත්අකුරු වෙනස් නිසා
අපි ලියන සහතිකේ අකුරුත් වෙනස් හැඩ ගන්නවා..
හරියට අන්ධයෝ 7 දෙනා අලියව විස්තර කලා වගේ තමා
ඇස් කන් සේරම ඇරිලත් තාම අඩුම ගානේ
තමුන්ට තමුන්ව වත් අදුන ගන්න බැරි එකේ
කොහොමද වෙන ‍මිනි‍හෙක් මේ වගේ කියන්නේ..
ඒ වුනාට ඇහුවොත් නම් කියවයි මෙයා මෙහෙමයි
මෙයා මෙහෙමයි කියලා..
හැබැයි ඒ එළියට එන වචන වල එන්නේ
තම තමන්ගේ හිත් ඇතුලේ තියන කුණු ගද කියලා
කියන අයම දන්නේ නැතුව ඇති.
අවසානෙදි මිනිස්සු මනින්න මිණුම් දණ්ඩක් නෑ..
ඒත්
එක හැගීමක් තියනවා ‍ඔය කොයි කවුරුත්
එකට බැදලා තියන්න පුළුවන්.
ඒ තමයි ආ‍දරේ.
සමහර විට අනිත් අයගේ හිත් වල තියන දේ
තමන්‍ට නොතේරෙන්න පුළුවන්..
ඇත්තෙන්ම තමන් රැවටෙනවා වෙන්නත් පුළුවන්
හැමදේම අවිනිශ්චිතයි
ඒත් ආදරේ ආදරේ සදාකාලිකයි..
කාට හරි කියන්න පුළුවන්
සදාකාලික නොවු ලොකේ සදාකාලික ආදරයක් කොයින්ද කියලා..
ඔව් නෑ තමයි.. ඒත් තමන් තමන්ගේ හිතේ තියන ආදරය විශ්වාස කරන තුරු
ඔය කොයි දේත් අමතක කරලා
ළග ඉන්න කෙනාව ආදරෙන් වැළද ගන්න
පුළුවන් වේවි..

මම මට පුළුවන් උපරිමයෙන් එහෙම කරන්න උත්සහ කරනවා
අනේ අනිත් අයත් එහෙම කරන දවස ඉක්මනින් ආවොත්
අපි හැමෝටම ආයෙත් හිනා වෙන්න පුළුවන් වෙයි.

Monday, August 17, 2009

සති අන්තේ.


ගෙදර අය ඔෆීෂියල් වැඩ වලටත් එක්ක ට්‍රිප් යද්දි මම තනිකරම ජොලියට යන ගමන් වලට කියන්නේ ‍විනොද චාරිකා කියලද? අධ්‍යාපන චාරිකා කියලද ? නැත්තං රාජකාරීමය ගමන් කියලද? හිකිස්.. මොකක් හරි කමක් නෑ අපි ඊයේ පෙරේදා සති අන්තේ ගියානේ බදුලු බණ්ඩාරවෙල පැත්තේ... ෂා... හරිම ජොලි ගමන යන අතරමගත් වැස්ස ඊයේ එන අතරමගත් වැස්ස.. වැස්ස..! වැස්ස කියන්නේ ඒක රාජකීය වැස්සක්!

හරී දැන් මෙ‍හෙමයි‍.. පෙරේදා ඒ කියන්නේ හරියටම 15 සෙනසුරාදා තමයි දවස.. හැමදාම අපිට තියන මුරදානෙත් මෙදා පාර නැහැ. ඒක තමයි පටාස් ගාලා ගමනට සෙට් වුනේ. වැඩිය නෑ ලොකු 4යි පොඩි අය මාත් එක්ක 3යි සේරම හතයි. ඔන්න අපි 7 දෙනා සෙනසුරාදා උදේ 7ට තමයි ගමන පිටාත් උනේ..හොරණ පාදුක්ක පැත්තෙන් රත්නපුරේ හරහා තමා බණ්‍ඩාරවෙල ගියේ.. අනේ ඉතිං ඔන්න මගදි ටිකක් වැහැලා පැව්වා. දන්න කියන නෑදෑ ගෙදරකින් තමයි කෑම.. මගේ මතකේ කොයි තරම් හොදයිද කියනවා නම් මට මේ වෙලාවේ ඒ ටවුන් එකේ නම මතක නෑ. කොහොම හරි රත්නපුරේ කිට්ටුව කොහේ හරි. ඒ පැත්තේ කට්ටිය හරි ශෝයි අප්පා.. දුර මනින්නේ අපි වගේ මීටර් කිලෝමීටර් වලින් නෙවෙයි වංගු වලින්!!!! මොකද අර ගෙදරට යන්න හැරෙන පාර මතක නැතුව ඇහුවම පිරිමි කෙනෙක් කිව්වා ආ.. තව පොඩ්ඩක් ඉස්සරහා කියලා.. ඉතිං තාත්තාත් ඇහුවා කොච්චර විතරද දුරද කියලා..මෙන්න කියපි වැඩිය නෑ වංගු 3 යි කියලා... හික් හික්
කොහොම හරි ඉතිං වංගු පාස් කරලා එතනට ගිහිං කාලා බීලා සේරම ඉවර කරලා ආයේ පැය දෙකකින් විතර ගමන පටාන් ගත්තා... මතක ඇතුව කියන්න ඕනි අපි දවල්ට කෑ‍ව කඩේ.. ස්ස්ස්ස්...! දැනුත් කටට කෙළ උනනවා.. ඒක පුංචි කඩයක් බෙලිහුල්ඔය රෙස්ට් හවුස් එක පහු කරලා යනකොට පොඩි දොළක් වගේ තැනක තමා තියෙන්නේ.. ගමේ රසට කෑම ටික හදලා තිබ්බා.. කොස් මලවලා.. නිවිති.. පරිප්පු.. චිකන් කරී... පපඩම්.. තක්කලි සලාද.. බෝංචි.. අප්පා.. කෑවා ඇති වෙන්න.. ඩෙසට් එකට නම් යෝගට් විතරයි තිබ්බේ.. ඒක ඉල්ලුවම දෙන්නේ පැණි බෝතලේකුත් එක්ක. ඒක ක්‍රමෙත් නියමයි.. යෝගටුයි පැණි‍යි හොදට මැච් වෙනවා.. එයින් පස්සේ අපි ඉතිං බෙරගල හපුතලේ එහෙම පහු කරලා බණ්ඩාරවෙල ට ආවා...ඇත්තමයි අපි ඉන්නේ පෝරණු වලනේ කියලා හිතෙන්නේ ඒ හරියට ගියාම.. හරියට නිකං චිත්‍ර ඇදලා වගේ බලන බලන අත කදු... මීදුම... තේවතු.. හෙල්මලු ක්‍රමේට කරපු කුඹුරු...මහා ලොකුවට නැතත් ඇගට දැනෙන් සනීප සීතල... (අපේ වෙලාවටම බෙරගල හරියෙදි වැස්සක් පටන් ගත්තා) ඔවා පහුකර ගෙන පහුකරගෙන අපි ආවා කොහෙටද බණ්ඩාරවෙළට. එහේ ඉන්න තාත්තාගේ යාළුවාගේ යාළුවා අපිට ඉන්න තැන් එහෙම ලෑස්ති කරලා තිබ්බා.. කොහොම හරි 5ට විතර ගියා රාවණා ඇල්ල බලන්න. දන්නවානේ ඉතිං ගෑණූ පරාන වල හැටි. ‍සේරම ටයිම් ටේබල් එකටනේ වැ‍ඩ. මෙන්න ඇල්ල ලගට ගියාම කියනවා අපෝ නාන්න බෑ.. දැන් හවස් වෙලා වැඩියි සීතලයි බ්ලා බ්ලා බ්ලා... ඔය වචන වලට පුළුවන්ද මං වගේ ගෙම්බෙක් ව නවත්තන්න.. තී ඔහොම හිටු නාන හැටි මං පෙන්වමි කියලා.. බෑ කිව්ව ඇන්ටි වයි අපේ අම්මවයි ගොඩින් තියලා හවස හීතලේ පැය 1/2ක් විතර නාගත්තා.. නාලා ළග තිබ්බ කඩෙන් සැන්විච් එක්ක ප්ලේන් ටී එකක් බිව්වම ගමන් මහන්සිය කියන දේවල් ඇල්ලේ වතුරත් එක්කම ගහගෙන ගියා...ආයෙමත් ඉතිං ඉන්න තැනට ඇවිත්.. ඔලුවේ ඉදන් පෙර‍වගෙන නිදාගත්තා... රෑට කන්න කථා කරන කම්ම...

පහුවදා ඉතිං හරිම ඔෆීෂියල් වැඩ සටහනක් තමා තිබ්බේ.. බදුල්ලේ යන්න.. මට එහේ යන්න අතුරු තහනම් නියෝගයක් දාලා තිබ්බනේ. ඉතිං මට ඉන්න උනා.. අනිත් අය මාව දාලා බදුල්ලේ ගිහිං දෙමෝදර රේල් ගැටත් බලලා ඇවිත්.. එයාලා එනකං ඉතිං මං නිකං ඉදී.. බෑ නොකියා පැය 4ක් නිදා ගත්තා...! දවල් ඉතිං 1 ට විතර කට්ටිය හිස් අතින් නෙවෙයි වැස්සකුත් අරන් බදුල්ලේ ඉදං ආවා.. කාලා යමු යන ගමන් මගින් නාමු කියලා කාලා බීලා පිටත් උනා උනාමයි.. ගෙදරට එන කම්ම එක විදියට වහිනවා.. අර අවේලාවේ නාන්න බැරි ගෑණු මනුස්සයට හිත යටින් මෛත්‍රී කර කර ගෙදර එන්න උනා.. මොකද වැස්සේ නාන්න බෑ ගෑවේ එයානේ...ඉතිං අප්පා නින්දටම ගිය අපේ බණ්ඩාරවෙල ගමන වැස්සෙම ඉවර උනා.. දුක තමා.. ආයේ වෙන දවසක බලමුකෝ මැක්සා බැරි නම් මැස්සා ෆන් එකක් වත් ගන්න පුළුවන් වෙයිද කියලා... සතුටු හිතෙන දේකට කියලා උනේ අළුත් පොත් සෙට් එකක් හම්බ උනා.. + ‍ඒ පැත්තේ මල් ගෝවා කිලෝ එකක් රු.160 මෙහේ ඉතිං ග්රෑම් 500 රු.120 යිනේ එපා වෙනකං කන්න මල්ගොවා ගෙඩි 2ක් ම අම්මා අරන් දුන්නා..එච්චරයි වැඩකට ඇති දෙයක් උනේ..ට්‍රිප් එක ඉවරයි. :(