Monday, January 18, 2010

ඊයේ

ඊයේ ඒ කියන්නේ 2010-01-17 කියන්නේ මේ ටිකේ මම වැඩියෙන්ම සතුටු උන දවස කියලා කියන්න පුළුවන්.. මගේ ඉස්කෝලේ යාළුවෝ සෙට් එක කාලෙකට පස්සේ ඊයේ ආයෙමත් එකතු උනානේ.. හරියටම කියනවා නම් මාස11 කට පස්සේ තමයි කට්ටිය සේරම වගේ එකට මුණගැහුනේ.. හැබැයි ඒත් 8 දෙනාගෙන් 6 දෙනයි ආවේ.. එක්කෙනෙක් කොහොමත් ලංකාවේ නෑ.. අනිත් කෙනා ඉතිං කොහොමත් ඔය වගේ දෙවල් වලට සෙට් වෙන්නෙම නැති තරම්.. පහුගිය අවුරුදු 5 ටම 2සැරයයි එයාව අපි දැක්කේ.. යාළුවෝ සේරම 8යි උනාට ඊයේ ඔක්කොම 9 දෙනෙක් හිටියා.. සුදු ගවුම් ඇදලා කොණ්ඩ කරල් දෙක ගොතාගෙන ඉස්කෝලේ ගිය පොඩි කෙල්ලෝ දැන් ලොකු නෝනලා වෙලානේ.. ඉතිං දෙන්නෙක්ගේ මහත්තුරු දෙන්නයි තව එක්කෙනෙක් ගේ වෙන්ට මහත්තැන් කෙනෙකුයි ඇවිත් හිටියා ඉතිං සේරම 9යි..
මේ අවුරුද්ද ලැබූ වෙලාවේ ඉදන් අපි ‍කොහේ හරි යන්න සෙට් වෙන්නනේ හිටියේ.. ඉතිං අනේකවිධ යොජනා වලින් අන්තිමේ යන්න පුළුවන් තැනකට සෙට් වුනේ සත්තුවත්ත විතරයි මොකෝ අර වෙන්ට මහත්තැන් ‍එක්ක යන්න හිටි කෙනාට අපිට වගේ නෙවෙයි එහේ මෙහේ යන්න ගෙදරින් වැඩිය ඉඩ දෙන්නේ නැහැ.
ඉතිං කොහොම කොහොම හරි ඊයේ ‍උදේ 8යි30ට ඉස්සර ඉදන්ම අපේ දුකට සැපට දෙකට තිබුනු ලුමිනෙක්ස් බුක්ශොප් එක ඉස්සරහදි කට්ටිය සෙට් උනා.. මං යද්දි නෙරායි හෙලයි ඇවිත් හිටියා හෙලාගේ මහත්තැන් පාන් ගෙන්න ගිහිල්ලා.. ඊට පස්සේ අපේ ගදස් වෙන්ට මහත්තැන් එක්ක ආවා.. (ඒ මහත්තයා නම් ෆිට් පොර - පව් ඉතිං අපේ එකාට සෙට්වුනානේ ඉතිං දැන් ජිවිතේම අපතේ හික් හික්).. එයින් පස්සේ ප්‍රධාන සංවිධායකතුමිය එතුමියගේ මහත්තැන් එක්ක සම්ප්‍රාප්ත උනා.. හෙලාගේ මහත්තැනුත් ආවම හා හාපුරා කියලා ගමන පිටත් උනා.. මගින් කාම්වත් බස් එකට නග්ග ගත්තා.. කවුදෝ මන්දා ගෙවල් ළග කෙනෙක් අපේ සංවිධායකතුමියට අලි බදින ලණුවක් දීලා 10-30ට අලි නැටුම් තියනවා කියලා.. ඒකයි කුකුළාව කරේ තියාගෙන සත්තු වත්තට ගෑටුවේ..නැටුමක් තියා අලි වලිගයක්වත් තිබ්බේ නෑ ඒ වුනාට.. :)
දෙහිවලින් 176 අරගෙන ‍සත්තුවත්තට ගියපු කට්ටිය මුලින්ම මිං මැදුරේ ඉස්ගෙඩි පැටවුන්ව ‍එහෙම බලලා අපේ ගදස්ගේ නෑයෝ වන උලමෝ බලන්න එහෙම ගියා.. එතනින් තව මොක්කු මොක්කුද බැලුවා වගේ මතකයි.. ඒ වුනාට ඉතිං වැඩි මතකයක් නෑ.. මොකෝ ඉතිං සිහියකින් බැලුව එකක් යෑ.. මාස 11 ක ඇරියස් අල්ලන්නත් එකක් හෝ ගාලා හිනාවෙනවට වඩා දෙයක් උනේ නෑ.. අපරාදේ කියන්න බෑ ඊයේ සත්තු බලන්න ආව මිනිස්සු හදුනා නොගත් සත්ව විශේෂත් බලලා යන්න ඇත්තේ අපිව දැකලා..
කොහොම හරි ඉතිං අඩි 10න් 10ට නතර වෙවී ඇවිදලා ඇවිදලා උදේට හා දවල්ට එකපාරම කන්න සෙට් වුනා.. පාන් සමග සීනිසම්බල්.. ශා.. කාම් හදාගෙන ඇවිත් තිබ්බා මසුරන් වටින් සීනි සම්බලයක්.. තාමත් කටට කෙළ උනනවා ඒක මතක් වෙද්දි.. පිරිමි තුන් දෙනාටම පාන් ගෙඩියයි ඉතිරි සේරම අපි විසින් අනුභව කලා.. බොන්න පුළුවන් අඹ..රෝල්ස් එක්ක කෑවේ ‍මුවෝ කූඩුව ලග තියන පීඨිකාවේ ඉදගෙන...අපරාදේ කියන්න බෑ බැන්දා උනාට ‍අපේ එවුන්ගේ මොන්ටිසෝරි ගති තාම මග ඇරිලා නෑ.. ඒවා එහෙමමයි.. විලිලැජ්ජාවේ සංතෝසේ බෑ පාන් කෑලි වලට රණ්ඩු වෙනවා අහල පහළ මිනිස්සු බලන් ඉන්නවා දකිද්දි.. :(








එයින් පස්සේ කුරුළු උයනටයි සර්පමන්දිරේටයි ගිහින් සර්පමන්දිරේ උපරිම ආතල් එකක් ගත්තා.. ගදස් වයි හෙලා වයි බය කරලා.. ඒකට යන්න කලින් ගල් ඉබ්බෙක්ව බලන්න කිඹුලෝ ඉන්න කූඩුවකට එබෙන්න ගිහින් සංවිධායකතුමිය කරාබුවක් වට්ට ගත්තා.. ඔන්න ඔයාලා යන දවසක කිඹුලියක් කරාබුවක් දාගෙන හිටියොත් ඒ අපේ එකීගේ හොදේ..

ඒකෙන් පස්සේ අලි නවාතැන ලගට වෙලා අයිස්ක්‍රීම් කෑවා.. එතන දාලා යන්න නම් මට හිතුනෙම නෑ.. ඒත් ඊට පස්සේ ගියා වදුරෝ බලන්න.. එයින් පස්සේ ඉතිං කට්ටියට හොදටම හති ඇවිදලා.. (ඔන්න මට නම් නෑ) ජිරාෆ්ලා ඉන්න දිහාවේ තියනවා ලස්සන බංකු දෙකක් ලී කොට වලින් හදපු ආන්න එතන වාඩි වෙලා ඉතිරි මුලු වෙලාවම එක එකාව මඩව මඩවා හිටියා..නොනලාගේ හපන්කම් මහත්තැන්ලා දැනගන්න ඕන නිසා හැමදාම වගේ ගදස් ඇන්ඩ් හෙලා තමා වැඩියෙන්ම බයිට් උනේ... එතනදිම කේක් කාලා ෆැන්ටා ක්‍රීම් සෝඩා බීලා.. තව එළිෆන්ට්හවුස් එකේ ජරාම ජරා චොක්ලට් අයිස්ක්‍රීම් එකක් කාලා(වැනිලා තිබ්බේ නෑ :(( ) ටික්ටැක් කාලා.. ‍උගුර බැරැන්ඩි වෙනකං හිනාවෙලා 4 රට විතර කට්ටිය එන්න පිටත් උනා.. ඒ එන ගමන් ඉතිරි වෙලා තිබ්බ තව සිංහ වළස් ව්‍යාඝ්‍ර කූඩු ටිකත් බලාගෙන ආවා.. එළියට ආවම මහත්තැන්ලා ගානේ අඹ හා වෙරළු අච්චාරු ලැබුනා.. :) එතනින් දෙහිවලට දෙහිවලින් ගෙවල් බලා කට්ටිය සතුටින් විසිර ගියා... අනේ මගේ ආදර යාළුවෝ ටික අපි ආයේ කවදද බං සෙට් වෙන්නේ????

පසුව ලියමි.
කූඩුවල සිටින සත්තු බලා ආතල් ගැනීමට ලංකාවේ සත්තු වත්තට නොයන්න. උන් දකින විට ඇතිවන්නේ අනුකම්පාවක් මිස සතුටක් නොවේ..
දෙහිවල සත්තු වත්තේ 80%ක්වත් සත්තු හොදටම මහළුය..
සත්තු වත්තට යන විට කිසිම ආකාරයක පොලිතින් මළු හෝ කෑම ඔතන ලද පොලිතින් ඉටිකොළ ගෙන නොයන්න.. ගේට්ටුව ළගදී ඒවා සියල්ල පත්තර කොළවල එතීමට ඔවුන්ට සිදුවන බැවින් ඔබගේ සහයෝගය කාර්ය මණ්ඩලයට ලබාදෙන්න..
කූඩු වල සිටින සතුන්ට කෑම නොදෙන මෙන් ඔවුන් ඉල්ලා සිටිද්දිත් ඔබ සතුන්ට කෑම දෙන්නට ගොස් ‍ඔබගේ සත්ව ගතිය නොපෙන්වන්න.(අධික පැණි රස හා තෙල් හා ලුණු සතුන්ට අහිතකර විය හැක)
සමහර කූඩු අසලින් දැනන අධිසුවද ගැන සැලකිලිමත් වන්න..

24 comments:

  1. මලී සත්තුන්ට පේන්න ගිහින් වගේ.
    නවතින්න හොද කූඩුවක් හම්බුනේ නැද්ද

    ReplyDelete
  2. නියම ගමනක් වගේ....! ආයෙත් ලඟදීම සෙට් 1ක සෙට් වීමේ වාසනාව උදා වේවා කියල ප්‍රාර්තනා කරන්නම් ඉතින්...

    ReplyDelete
  3. සත්තු නාකි බව නම් ඇත්ත. ඉතින් මේං තරුණ නෑම්බියක් කියල ඔයාව කූඩුවකට දැම්මෙ නැද්ද ?

    ReplyDelete
  4. තරුණ නෑම්බියක් හි හි පිස්සුද තරිදු මෙයා දැම්මනම් නාකි කුලකයට තව එකක් එකතුවෙනවනේ

    ReplyDelete
  5. කෝ මලී දැකල අලි කුලප්පු වෙච්ච කතාව මේකෙ කියල නෑනෙ

    ReplyDelete
  6. අනේ මගේ චුච්චං නංගීව කොහොමද කූඩුවට දාන්නේ? පොඩි කවුළුවක් නේද තියෙන්නේ සත්තු ඇතුල් කරන්න... චුච්චං නංගී, බරසාර වැඩී මට හිතෙන්නේ...හෙ හේ...

    ReplyDelete
  7. අහ් . . ඔය දවස ගැන පත්තරේ තිබුනා . . ..

    සත්තු වත්තේ සත්තු ඔක්කෝම කලබල වෙලාලු . . .

    "අපිව විතරක් මොකේ මේ කූඩු වල දාලා . . . ඇයි එහෙනම් අර සත්තු ටික නිදැල්ලේ අපිට කෝචොක් කොර කොර ඇවිදින්නේ . . . ඒ සත්තුන්ට සත්ව නිදහස ලබා දීලා අපේ සත්ව නිදහස සීමා කරලා . . "

    කිය කියා උන් ප්‍රොටෙස් කරා කියලා තමයි පත්තරේ නම් තිබුනේ . ..

    ReplyDelete
  8. තියාගනියි කියල හිතාගෙන ගියාට තියාගෙන නෑ වගේ... :P

    ReplyDelete
  9. සත්තුවත්තක් තුලින් මූලිකවම සිදුවන්නේ දුර්ලභ ලෙස උපතක් ලබා ගත හැකි මනුෂ්‍ය ලෝකයේ ඇතැම් මිනිසුන්ගේ කුහකකම(හිරකාරයින් දෙස බලා යටිහිතින් පුංචි තෘප්තියක් ලබාගැනීම හෙවත් කැත ආතල් එක) පිලිබද යම් වැටහීමක් එහි ගාල් කර ඇති බියකරු වූ තිරිසන් යෝනියෙහි උපත ලද සමස්ත සත්වයින් වෙත අවබෝධයක් ලබාදීම නියාවෙනි.

    ඒ අර්ථයෙන් බලන කල, ඔබ තොමෝ ඇතුළු මිතුරු කැල වඩා ප්‍රතිපලදායී වූ ඒ සංචාරයක නිතරවී ඇතැයි මට හැගේ...

    ReplyDelete
  10. අයියො මලීයො ,....ඇයි උබ සත්තු වත්තට ගියෙ..., බැරි වෙලාවත්... බැරි වෙලාවත් එතන හිටපු එකෙක් උබව අදුන ගත්තනම්... අපිට මොකද වෙන්නෙ....? ඇබ්නොමල් මයින්ඩ් ලියන්න එකයි නෙද ඉතුරු වෙන්නෙ.....

    ඉතාම මිහිරි අත්දැකිමක් තමා ඔයා ඔය විස්තර කළෙ.අපිත් පසුගිය දේසැම්බර 23 වැනිදා උසස් පෙළ සිසුන් හා සිසුවියන් සෙට් විය,

    ReplyDelete
  11. ඉන්න ඕනි සතා ගෙදර ඇවිත් වගේ...

    ReplyDelete
  12. කාලෙකට පස්සේ නෑයෝ බලන්න ගියාම දවසක් දෙකක් නැවතිලා යන්න කිව්වේ නැද්ද?

    ඇයි හැන්දෑවේ 3.30 ට ද කොහෙද අලි නැටුම් තියෙනවා නේද?

    ReplyDelete
  13. ඊයෙත් කලු ද? ඔක්කොම ???????

    යටටත්??????

    ReplyDelete
  14. ah... talking about animals.

    Last weekend, I was in Yala with some of my friends... and a Stag bashed my jeep with his horn ! :-(

    Frigging twit.. arrrrh.. just bashed my entire left front passenger seat door

    ReplyDelete
  15. පරණ එවුන් සෙට් වෙනකොට නම් පට්ට තමා..

    ReplyDelete
  16. නියම දවසක් නේ ..මගේ නම් පරණ යාළුවො සෙට් වෙනවා තියා සමහරු ඉන්න හිටින තැනක් වත් දන්නේ නෑ අප්පා :-(

    සත්තුවත්තට ගියාම පව් කියලා හිතෙනවා තමයි...

    ReplyDelete
  17. ගහට ගහක් මොරටුවේදී මුන ගෑහෙනවා වගේ , ඔයාලගේ කස්ටියත් දෙහීවලදී මුන ගෑහීලා තියෙන්නේ !

    කව්දෝ කිව්වා ඔයාට ටිකට් එකහාමාරක්ම ගන්න උනාය කියලා....

    ReplyDelete
  18. ගයාන් - තිබ්බා.. ඉන්නත් කිව්වා.. ඒ වුනාට ඉතිං ඔයාලට බයිට් කරන්න කවුරුවත් නැති වෙන හින්දා මං ආවා.. :පී

    මහේෂ් - නියමයි කියන්නේ උපරිමයි.. බොහෝම ස්තූතියි ප්‍රාර්ථනාවට.. :ඩී

    තරිඳු - නෑ නෑ.. නාකි සත්තු හැමෝටම නාකි නෝනලත් හිටියානේ.. :පී

    චතුරංග - අනේ ෆල!!!! මං තාම සුට්ටියි...!!!

    කැත ලංකා - :-/ මං යනකොට අලි හිටියේ නෑ.. හැංගිලා මට බයේ.. හූ හූ..!

    පිස්සා - අනේ නෑ.. අලි හිටියේ නෑ..ඒ වෙනුවට මං ඉන්නත් හදලා.. උඹලා පව් හින්දා අවා..! :-/

    දුකා - සිරාවට?? :0 බොලේ දැන් අපි එච්චර ප්‍රසිද්ධද? ශා.. කාටද ආඩම්බර නේ?? :පී

    ඉංදික් - එකනේ අප්පා.. :( දුක තමා

    හේරත්හාමි - හා

    ReplyDelete
  19. රවා - ඒක ගැන හිතලම තමයි මං ආවේ.. සත්තුවත්තේ කූඩු වලට නෙට් නැහැනේ.. නැත්තං මං එහේ ඉන්නවා..
    හරිශෝක් එහෙනම් ඔයාලත් හොද ෆන් එකක් ගන්න ඇති..

    අංජා - මගෙන් අහගන්න එපා කවුද සතා කියලා..!ගර්ර්ර්!

    ම - කිව්වා කිව්වා.. ඉන්න කියලා වදේ.. ඒ වුනාට මං ආවා :පී
    4.30 ට ද කොහෙද ඒවා තියෙන්නේ.. අපි එච්චර වෙලා හිටියේ නෑ.

    නෑශ් - හොද වැඩේ හොදම වැඩේ හූ හූ.. :පී
    අපිට නොකියා ගිය හින්දා තමා ඔහොම උනේ.. :පී

    ආගන්තුකයා - ආයෙත් අහලා..

    එල්ජී - අයියෝ.. හරි අපරාදේ.. ‍අපි ඉතිං හැමෝම වගේ පැයක ඇතින් ඉන්න නිසා කොහොම කොහොම හරි වතගොත දැනගැනෙනවා.

    ප්‍රියා - මේ දවස් වල හරියට බොරු ප්‍රචාර අනේ ඔයා ඕවට අහුවෙන්න එපා..

    ReplyDelete
  20. zoo eke yaluwo oyata nawathinna kiwwe nadda?

    ReplyDelete
  21. අපේ සතුන්වත්තේ ඇති අමානුශිකත්වය ගැන වටහා ගැනීමට නම් එතෙර දේශයක එකක් ගැණ වාර්තාමය චිත්‍රපටයක් හෝ බැලිය යුතුය.

    ඒත්, තම වර්ගයාටම වෙඩි තියා මරා දමන සමාජයක - සතුන් ගැන කවර කතාද?

    කකා

    ReplyDelete
  22. හොදයි... හොදයි.

    ReplyDelete
  23. මේ මිනිස්සුගේ වැඩ දැකලා අක්කට හිතුණේ නැද්ද සත්තු වත්තේ සත්තු එක්ක ඉන්න ඒක වඩා හොදයි කියලා?

    ReplyDelete
  24. මලී ඔයාට කලු ජංගි කීයක් තියෙනවද?

    ReplyDelete