
ඉතිං එහෙනම් ඔන්න හැමෝටම ආයුබෝවේවා!! කියලා 2010 යේ මුල්ම ලිපිය ලියන්නයි යන්නේ... :) ටීවී එකේ කිව්ව විදියට නම් 2010 කියන්නේ නිකම්ම නිකං අවුරුද්දක් විතරක්ම නෙවෙයි අළුත් දශකයක ආරම්භයක්..! ඉතිං කොහොම හරි 2010ත් ලබලා දැන් දවසක් ගෙවිලා ගිහිල්ලත් ඉවරයි.. අමතක උනානේ.. ඔන්න මට 2010 වෙනුවෙන් සුභ පතපු හැමදෙනාටම ආයේමත් බොහෝම ස්තූතීයි කියන ගමන් හැමදෙනාටමත් සුභ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. විශේෂයෙන්ම මට මුලින්ම සුභ පතපු බුරු බබී හෙවත් රංගි අක්කට.. :)
ඉතිං දැන් 2010 වෙනුවෙන් ප්ලෑන් හදලා ඉවරද ඔයාලා? ම්ම්ම්.. මම නම් තාම නෑ.. ඒ වුනාට ගිය අවුරුද්දේ වගේ උඩ බලන් නොයිද ටිකක් සීරියස් විදියට ජිවිතේට මුණ දෙන්නයි කල්පනා කලේ.. මොකද දැන් නම් ටික ටික දැනෙනවා ජිවිතේ ඉස්සරහට මිසක් ආපස්සට යන්නේ නැති බව.. ඉතිං හැමදාම බබා පාට් එක දාගෙන හිටියට ජිවිතේ කියන්නේ ඊට වඩා බරපතලට හිතට ගන්න ඕන දෙයක් කියලා දැන් දැනෙනවා.. ඒ නිසා සීරියස්ලි හිතලා සිම්ප්ලි ජිවත් වෙන්නයි හැමදාමත් වගේ මම කල්පනා කරන්නේ..
ඉතිං ඊයේ අපේ මල්ලි ආපහු ගියානේ.. ඉතිං එයාව කොළඹට ගිහිං බස්සලා.. ගෙදර ඇවිත් 31 නිදිමරපුවටත් එක්ක හොදට නිදාගත්තා.. එයින් පස්සේ ගමේ පන්සලේ පහන් පිංකමට ගියා.. එතනින් පිරිත් ගෙදරකට ගියා.. අද දවල් දානේ ගෙදරට ගියා.. ඉතිං මේ අවුරුද්ද පටන් ගැනුනේ ටිකක් ආගම පැත්තට බරවෙලා.. ඒ නිසා හිත පොඩ්ඩක් සැහැල්ලුයි වගේ.. ඒ වුනාට දැනට නොතේරෙන දේ තමයි කොතනින්න ද හරියටම පටන් ගන්නේ කියන එක.. මං හිතුවා ඔළුවෙන්ම පටන් ගත්තොත් හොදයි කියලා.. :ඩී ඒ නිසා සේරටම කලින් ගිහිං අද කොණ්ඩේ කපා ගත්තා.. අපේ ගමේ පිරිමි ළමයෙක් අළුතෙන් පොඩි සැලූන් එකක් දාලා තාත්තා තමා කිව්වේ.. ඉතිං අළුතෙන් පටන් ගත්ත වැඩේට පොඩ්ඩක් හරි සපෝට් එකක් වෙන්නයි එතනට ගියේ.. හැබැයි ඉතිං පිරිමින්ට කියලා කොණ්ඩේ කපා ගන්නකොට මූණ දෙන්න වෙන දේට මූණ දෙන්න උනා.. මොකවත් නෙවෙයි මුන් කොණ්ඩේ කොට කරන්නේ නිකං අතිං පයින් යනවා වගේනේ.. මීට කලින් අපේ අයියාගේ යාළුවෙක්ගේ සැලූන් එකකත් එහෙමයි.. මේකෙත් එහෙමයි.. අඟලක් කොට කරන්න කිව්වම සෙන්ටිමීටර් භාගයයි කොට කරන්නේ.. මොනා කරන්නද? කොහොමත් පිරිමින්ට ගෑණු අයගේ කොණ්ඩ ගැන තියෙන්නේ පුදුම ආසාවක්නේ.. ඉතිං මං කපපු තරම ඇති කියලා තෑන්ක් කරලා ගෙදර ආවා.. (නැතුව ඉතිං එතන නතර වෙන්නයෑ..) ඔන්න ඉතිං පළවෙනි බ්ලොග් පෝස්ට් එකේම පිරෙව්වා ඕප දූප ගොඩක්..
අනේ මන්දා පහුගිය ටිකේම ලිපි කියෙව්වම හිතෙන්නේ පලක් ඇති දෙයක් ලියලා නෑ වගෙයි.. ඒ නිසා අඩුවෙන් උනත් ටිකක් හරි ලියන්න වටින දෙයක් ලියනවා කියලයි හිතුවේ.. කොහොම උනත් අපේ ඉස්කෝලේ ඉතිරි ටික ලියලා ඉවර කරන්නයි හිතන් ඉන්නේ.. දැන් මාස ගාණකින් ලිව්වේ නැහැනේ.. ප්‍රියංකර මල්ලි කොයිවෙලාවේ හරි මාත් එක්ක තරහා වෙනවා ඒක නොලිව්ව එක ගැන.. ඒ නිසා හැකි ඉක්මනින් ලියලා ඉවර කරනවා ඒක.. තව පාඨක ඉල්ලීමකුත් තියනවා (මේ පිස්සු බ්ලොග් එකටත් එහෙම ඉල්ලීම් එන එක ගැනත් පුදුමයිනේ ? )ඒකත් වෙලාවක ලියලා දාන්නයි ඉන්නේ..
ඒ හැරුනම මේ වෙලාවේ ලියන්න විශේෂ දෙයක් නෑ.. කාමරේත් හොදටම හැඩි වෙලා.. දවස් ගානකින් අස්පස් කරන්න බැරි උනා.. හැමතැනම පොතුයි කොළ කෑලියි.. අම්මා ඔළුව පෙව්ව වෙලාවක මගේ ඔළුව පලනවා.. ඒ නිසා දැන් යනවා ඒ ටික පිළිවලක් කරන්න.. හැමදෙනාට ජයම වේවා..!!!
ඒ මලියෝ පිරිතටයි , පහන් පිංකමටයි, දානෙටයි වඩින්න මේ අවුරුද්දේ මහන වුනාද..... මම නම් පන්සල් ගිය කාලයක් මතක නෑ. හැබැයි ඉතින් වැඩිය පස්පවු කඩ කරන්නෙත් නෑ. ඒකනෙමෙයි. ඔළුවෙන් පටන් ගත්ත එක නම් සුභ ලකුණ
ReplyDelete"පන්සලේ පහන් පිංකමට ගියා.. එතනින් පිරිත් ගෙදරකට ගියා.. අද දවල් දානේ ගෙදරට ගියා"
ReplyDeleteනරක නෑ වෑඩේ...
මේ ලිව්ව ටික දෑක්කා නම් සෑලුන් එකේ මල්ලි ගෙදරටම ඈවිත් නොට් එකෙන්ම අල්ලලා යනව ශුවර්.
මගෙ නම් රැවුල කපන්න තමයි සැලෝන් එකකට යන්න වෙන්නෙ.රැවුල දිගයි කොන්ඩෙට වැඩිය.
ReplyDeleteප්‍රියංකරට තියෙන අමාරු ගැන වැඩිය හිතන්න එපා.මිනිහට "තරුණ අසහනය" තියෙනව කියලයි යාලුවො කියන්නෙ.එදා "එක්සෙල් වර්ල්ඩ්" එකේදිත් මිනිහ මලී අක්කගෙ කාඩ් කුඩු කෙරුවනෙ.
මලී අක්කට සුභ නව වසරක් වේවා!!!
Saadhu, Saaadhu, Saaaaadhu!!!
ReplyDeleteඈති යාන්තම් එක මතක් වුනා ! . හරී හරී ලියන්නකෝ බලන්න.., දෑනට කී.මී . කොච්චර විතර මල්ලිත් එක්ක දීව්වද ?
ReplyDeleteඑනිවේ , ඔයාටත් සීයලු පෑතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
@ චරීත්...
ReplyDeleteමම කුඩු කරපු කාඩ් එකක් නෑහෑ මචෝ ! , උබනේ තොත්ත බබා වගේ ගොං කතා කිව්වේ.
පුහ් ! ඔව් ඔව් මට ලොකු තරුණ අසහනයක් තියන්වා !
අලුත් අවුරුද්ද පටං ගත්ත විදිහ නරකම නෑ ඉතිං, හැබැයි මගේ නම් පලමු වෙනිදා පාන්දර ගැන මතක් කරන්න දෙයක් නෑ. මට මාවත් එක්ක හැමදේම එපා වෙලා එදා දවසම බුදිය ගන්න වුණා. හැබැයි එදා හවස කූල්, "නුවර" සිද්ධි නිසා මම පසු බැස්ස තැනින් ඉස්සරහට එන ඒක වේගවත් කරන්නයි මගේ ඉගෙනීම් හා වෙනත් ඒවා ආයිත් හොඳට කර ගෙන යන එකත් බලාපොරොත්තුවක්.
ReplyDeleteමගේ නම් ඉතිං ගිය මාස දෙතුනකට කලිං ඉදං කොණ්ඩ රැවුල වවනවා ;) කපන්නේ ඉතිං ආයිත් තව ශතයකින්ද මන්දා!
@wath
ReplyDeleteපස්පවු කඩ කරන්නෙ නෑ ???????
මේ මේ . . නංගී මගේ පාඨක ඉල්ලීමත් තාම මතකද???
ReplyDeleteඅර දෙවියන්ගේ අඩවිය ගැන ලියන්න කියපු එක . . . !!!
කොන්ඩෙ කැපුවයි . . තඩි බැලුවයි . . . නිදා ගත්තයි . . නැතුව එහෙම දෙයක් ලියපන් බං මේ අලුත් අවුරුද්දේ වත් . . .
අනේ එහෙම කිව්වට උඹේ ඕපා දූප ටික නොකියා ඉන්න එපා හොඳේ . . මේ ලඟදි දවසක සචී යි මායි ස්කයිප් චැට් එකක් දාන වෙලාවක කතාවුනේ උඹේ ලියන ශෛලිය හරිම අපූරුයි . . ආස හිතෙනවා කියවන්න . .. හරියට සුනේත්‍රා රාජකරුනායකගේ මතක පොත වගේ හරිම ආසාවෙන් බලන්න හිතෙනවා කියලා . . .
කොල මඩින ගමන් හුලං කොරපන් . . . ඕපාදූප සමඟ වැදගත් ලිපි . .. හික් හික්
නරකම නෑ වගේ අලුත් අවුරුද්දේ පටන් ගැනීම ;-)
ReplyDelete2010 සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔන්න ප්‍රාර්ථනා කළා!
Wath - අපොයි.. ඔයාලට නොකියා මහණ වෙනවද මං.. හික් හික්.. බලමු බලමු සුභ වෙයිද කියලා..
ReplyDeleteNuwan - නරක නෑ නේන්ම්.. හික් හික්.. නෑ..නෑ.. සැලුන් ළමයා එහෙම නෑ.. හරිම අහිංසක පාටයි..
Charith - හප්පා.. හරි ශෝක්.. වවන්නෝ දිනන්නෝ කියලා එක්කෝ ඔයා දිගටම රැවුල වවන්න අනේ.. පස්සේ කාලෙක ගොතා ගන්නවත් බැරියැයි..
අපොයි පව් වැඩේ අපේ ප්‍රියංකර මලයට.. සායම ඉවරයිනේ..
ආරංචියි ආරංචියි එයා කරපු වැඩේ.. පව් නේ ඉතිං පොඩි එකාගේ ආසාවනේ..
ඔයාටත් සුභ නව වසරක් වේවා..!!!
කතන්දර කාරයා - සුවපත් වෙත්වා.. නිදුක් වෙත්වා.. නිරෝගි වෙත්වා...!!!
Priyankara - පිස්සුද? දුවන්න මං???
ඔයාටත් එසේම වේවා හොදේ..
අපොයි අපොයි.. මෙතන දෙන්නත් එක්ක රැවුල් පටල ගන්නේ නැතුව මේ අළුත් අවුරුද්දේ සාමෙන් ඉන්නවල්ලා..!!
Binku - හොදයි හොදයි.. ඒ බලාපොරොත්තු ඒ විදියටම ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..
හප්පා.. බිංකු ලංකාවට එන කාලෙට ගල් වැද්දෙක් වගේ ඉදීද මන්දා..
තරිඳු - @වත්
දුකා - යා.. තාම පොත අයිතිකාරයට දුන්නේ නෑ.. ලියන්න ඕනි නිසා.. ඒකත් ලියන්නම්..
ඊයා.. මගේ ඔළුවේ සත්තු නෑ හරිද..!! මගේ අප්පේ.. බටර් පාර.. හ්ම්හ්ම්.. බලමුකෝ..
LG - :) ඔව් අනේ.. නරකම නෑ වගේ තමා.. ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක වේවා..!!!!!
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteහැම පෝස්ට් එකක්ම කියෙව්වත් කවදාවත් කමෙන්ට් කරලා නැති නිසා අඩුම ගානේ අදවත් කමෙන්ට් එකක් නොදා ඉන්න හිතුනේ නැහැ. කොහොමත් අවුරුද්ද ඔලුවෙන්ම පටන් ගත්ත එකනම් හොඳයි. :)
හුටා! සුභ පැතුවෙ නෑනේ මම... O_o
ReplyDeleteඔන්න මලී_මසාජ් නංගෝ... අළුත් අවුරුද්දට කරදරලස් කුරුකුරුලස්, වැඩි වැඩියෙන් රස වෑහෙන බ්ලොග් ලියවෙන අළුත් අවුරුද්දක් වේවා!
කිරි ඉතිෙර්වා නව වසෙෙර්...
ReplyDeleteමේ අර මුලින්ම තිබ්බේ මේ මම හොඳ ළමයා ගෙ නම නේද?
ReplyDeleteඔයා මට විශේෂ කෙනෙක් නංගි ඔයාගේ අයිෆෝන් එකක් හරහා ඇතිවෙච්ච යාළුකම තාම මට මතක් වෙනවා ඔයා බ්ලොග් එක පටන් ගන්න කලින්. ඒක දුරයන්න ඔයාගෙයි මගෙයි දෙන්නගෙම පිස්සුව ඉවහල් උනා. මම නරක කෙනෙක් වෙද්දි ඔයා හොඳ කෙනෙක් වෙන්නත් ඔයා නරක කෙනෙක් වෙද්දි මම හොඳ කෙනෙකුත් වෙන හින්දා යාළුකම වැඩියෙන්ම දැනෙනවා.
( මේ ඊයේ පෙරෙයිදාත් මට ඔයාව මතක් උනා ඔයාවම නෙමෙයි ඉතින් ඔයාගේ අර තෝසෙ, පොත්, අච්චාරු, මාලු කෑම, ඉඳි ආප්ප මේ හැමදෙයක්ම කණැට ඇහුනගමන් මොකක්දෝ එකකින් ඔයාව මතක් වෙනවා අප්පා. වෙන එකක් තියා මම දැන් වයින් එකක්වත් බොන්නේ නෑ ලේසියෙන් මගේ බංඩි රිදෙයි කියලා. )
සුභ අලුත් අවුරුද්දක් වේවා කියල පතනව ඉස්සෙලම, ආගම දහමට බර වැඩි උනාට, දසසිල් වෙන්න එහෙම හිතුනෙ නෑනෙ, මලය ගෙදර ගියේ කැමැත්තෙන්මද
ReplyDeleteමගෙනුත් සුබක්...
ReplyDeleteමම මේ කීවෙනි පාරටද මන්දා උඹට සුබ පතන්නේ.. හෙ හේ..
ReplyDeleteමම නම් කැමතියි, උඹ මොනවා හරි අළුත් දෙයක් ඉගෙන ගන්නවා නම්.. උඹ කලාබර නිසා, journalism වගේ දෙයක් ගැන.. උඹට ඒක අල්ලලා යයි, මට හිතෙන්නේ...
හිතලා බලන්නකෝ !!!!
මලියා ලියන දේ කියවන විට මට සඳා සිහිවෙයි. ඌ අපිදෙන්නාගේ ම යාලුවෙකි. ඉස්කෝලේ යන කාලේ එකා ලියන කවි කියවා මඤ්ඤං වී හිටියෙමු. අනේ ඌ දැන් දෙදරුය. ලොකූම ලොකු රස්සාවක් කරයි. කවි නොලියයි. උඹට එහෙම අසානාසියක් නොවේවා. එසේම නොවෙන සුබ අළුත් අවුරුද්දක්
ReplyDeleteඔප දූප මල්ලක් නෙ හහා...
ReplyDeleteරොයිලි.ශාකු.එදිරි.. තුන්දෙනාටම බොහෝම ස්තූතියි හොදේ..!
ReplyDeleteබුරු බබොංචියෝ.. ඔව් ඔව් ඔය බබාණ්ඩි ගේ නම තමා තියෙන්නේ.. ඇත්ත ඇත්ත මං අයිෆෝන් එකකට කෙල පෙරද්දිනේ ඔයා මට කථා කලේ මුලින්ම ඇහුවේ අයිෆෝන් එකක් ඕනිද කියලයි.. හික් හික්.. මං උඩ විසික් උනා මේ මොකාද මේ කියලා.. යා යා.. මං හිතන්නේ මං ඔයා තුලින් මගේ අනාගතේ දකිනවා ඒ කිව්වේ ඔයාගේ වයසට එද්දි මාත් ඔයාවගේ ඉදී.. ඒ හින්දා වෙන්න ඇති මං ඔයා එක්ක කථා කරන්නේ.. අනික සමහර ප්‍රශ්ණ වලදි ඔයා මං නොදකින පැති දකිනවා.. ඒක මට ලොකු උදව්වක් හරි තීරණය දකින්න.. අපෝ.. මං කෙළ ගිලින්නේ නෑ ඔයා වයින් බොන්න මාව මතක් කරගෙන..
සිරිලංකා.හෂිත.කූල්.ආගන්තුකයා කට්ටියටම ගොඩක් ස්තූතියි හොදේ...!!
成人貼圖情色文學成人免費線上情色影片成人免費情色影片成人圖片熟女情色成人小說情色文學成人情色貼圖網成人情色免費av成人情色免費電影文字情色文學情色網新的麗的情色遊戲新情色遊戲日本av女優情色網日本av女優情色貼圖日本無碼情色影片日本痴漢情色卡通日本美女情色寫真集日本免費情色網日本免費情色影片日本卡通情色日本卡通情色遊戲日本情色片日本情色網日本情色dvd撥打情色影片援助情色論壇拉子情色文學成人情色免費下載成人情色卡通漫畫成人情色圖貼成人情色寫真成人情色小遊戲成人情色小說成人情色小說自拍成人情色影片成人情色影片區成人情色影片下載成人情色性愛成人情色據乳成人情色故事
ReplyDelete