Saturday, January 16, 2010

මං කළු උනා

මං ආසම පාට මොකක්ද ඇහුවොත් මට එක උත්තරයක් නෑ.. කොහොමත් ගොඩක් දේවල් ගැන තනි වචනෙන් පිළිතුරු දීලා මට පුරුද්දක් නැහැනේ.. ඉතිං පාට ගැනත් එහෙම තමයි.. මං ආස පාට පේළියට තිබ්බොත් නිල්..කළු.. රතු..දම්.. රෝස.. ඔයවිදියට මං පාට පෙට්ටියම කියන් යයි.. ඒ කියන්නේ ඉතිං වෙලාවෙන් වෙලාවට මූඩ් එකෙන් මූඩ් එකට හරියට කටුස්සා වගේ පාට සම්බන්ධයෙන් නම් මං වෙනස් වෙනවා.. ඉතිං මේ ටිකේ මං කළු වලට වැඩියෙන් ආස‍වෙලා.. අදින ඇදුම් 90%ක් කළුයි.. ඔව් ඔව් මාත් කළුයි තමයි.. කාක පැටියා වගේ කළුම ඇදන් යද්දි අමුතුම ගතියක් තියනවා අප්පා..
අනික මේ දවස් පාට ගැන වැඩිය කථා කරන්න හොද නෑ.. කෙහෙල්පුෂ්පික ඡන්දයක් හින්දා අයියෝ කණක් ඇහිලා ඉන්න නෑ.. කොතන ගියත් කවුද දිනන්නේ?? මොනා වෙයිද? කාටද බර.. අනම් මනං බර බර ගොඩයි.. අරයා මෙයාට චැලෙන්ජ් කරනවා.. මෙයා අරපැත්තට යනවා එයා මෙහෙට එනවා.. මෙහෙන් එහෙට ගිහින් ආයි මෙහෙට එනවා.. වැ‍ඩ කෝටියයි.. ප්‍රවෘත්ති බලනවා කියන්නේ නිකං විනෝද සාගරේ බලනවා වගේ තමා.. කට්ටියක් කවි කියනවා.. තව අය සිංදු කියනවා.. සමහරු බෙරිහන් දෙනවා.. සමහරු බණ වදාරනවා.. තව අය බැන අඩගහනවා.. ගිවිසුම් කිවිසුම් වංචා දූෂණ එක මළ විවාහයයි!!!! ඉතිං මං වගේ අහිංසක නිර්පාකෂික කාක්කෝ හරි අසරණයි.. ඇයි අම්මා අප්පා එකක් වත් දේශපාලනේ නොගෑවි කථා කරන්න හරි අමාරු කාලයක් මේක..!!!!!! (විහිළු නෙවෙයි ඇත්තමයි කියන්නේ..!) කොටින්ම පෙම් කරන්න ගියත් එතනටත් කොහෙන් හරි ‍රජෙක් හරි හමුදාකාරයෙක් හරි කඩාපනිනවා.. :( ෆෙස්බුක් එක පාර්ලිමේන්තුවට ව‍ඩා උණුසුම්ද කොහෙද..!! තව තව ලං ලං වෙද්දි මොන මොනා‍ වෙයිද මන්දා..
ඉතිං කොහොම උනත් දැන් සීසන්ස් ග්‍රීටින්ස් කියන වකවානුවත් අහවර එකේ අයේ ‍බ්ලොග් එකේ ඔළුව මාරු කරා.. මේ පාර හැදුවේ අපේ වෙන්ට මහත්තැන්..එතුමට අනූව මේ දවස් වල කලු වෙන එක හොදයි.. එතකොට කිසිම පක්ෂෙකට මල්ල අරන්වත් ගෝනි අරන් වත් අඩුම ගානේ රුපියලේ ශොපින් බෑග් එකක් අරන්වත් කඩේ ගියා වෙන්නේ නැහැනේ.. හික් හික්..
කොහොම උනත් මේ දවස් වල කට්ටිය ටිකක් පරිසමින් හිටියොත් හොදා(ලංකාවේ අය) මොකෝ වෙන්ට හිතන් ඉන්න රා‍ජ හා වෙලා ඉන්න රාජ යන දෙගොල්ලන්ගේ හෙන්චයියෝ මේ දවස් වල එලෝ මෙලෝ නැතුව වැඩ හින්දා මොන මොනා කරාවිද කියලා ෂුවර් නෑ.. තම පරිස්සම තමන්ම හදාගන්න එක හොදානේ..
එහෙනම් දැනට මං ගියා.. ආ.. හෙටින් පස්සේ මං නාවොත් මං සත්තුවත්තේ ඇති හොදේ.. මොකෝ යන්නයි බලාපොරොත්තුව.. නතරවෙන්න කිව්වොත් මං ඉන්නවා.. (කෑම බීම උදුම් හිටුම් සේරම නොමිලේ නේ අප්පා.. කොහොමද බෑ කියන්නේ..)

22 comments:

  1. හත් ඉලව්වේ, මං කමු බොමු එකේ කමෙන්ට් එකක් දැම්මා තොට, 'මගේ සුදු චුච්චං නංගී' කියලා ලියලා..
    දැන් තෝ කළු නම්, ඒකේ වලංගු භාවය ඉවරයි.. වැදිරියේ ඒකේ ලියපු පණිවිඩේ බලාපං...

    ReplyDelete
  2. හික්ස්...කළු හොදයි මලී මචීයේ..මගෙත් ගොඩක් වෙලාවට ඩ්‍රෙස් කෝඩ් එකේ කළු ගෑවිලා තියෙනවා කොහෙන් හරි ;-)

    හපොයි ඔයා පව්, මේ ඡන්ද කතා වලට මැදිහත් වෙන්න වෙන එකට.ෆේස්බුක් එකේ ..බ්ලොග් වල, වෙබ්සයිට් වල තියෙන ජන්ද උණුසුම දැක්කම
    මට හිතා ගත හැකි තත්වේ කොයි තරම් දරුණුද කියලා මුතු ඇටේ පැත්තේ..

    ReplyDelete
  3. හාෆ්ෆා....milk father ට dogs ලා jimping කිව්වාලු. හැබැටම මලි කෙල්ලෙ...කලුම අදිනවා කියන්නෙ ටිකක් බරපතලයි. අනික ඔය නිර්පාක්ෂිකයි කියලා ඉන්න අය ඔක්කොම අපි දන්නවා ඔයාලා කොහටද යන්නෙ කියලා...කමක් නැහැ අපිත් එතනින් තමයි සියඹලා ගෙන්නෙ......හික් හික්

    ReplyDelete
  4. අපොයි මටනම් පේන්න බැරි පාටක් තමා කළු. මන් නම් කැමතිම සුදු වලට.
    ඕන සුනඛ වැඩක් කරලා සුදු වතින් සැරසුනාම ගොඩ.

    ReplyDelete
  5. කමක් නෑ මෙයාල, මගේ කලූ ඔබ දැකුම් කලූ කියන්න බැරියැ. නිකන් පොඩ්ඩක් හිතල බලන්න කලු කෙල්ලන්ට සින්දුත් ලියල තියෙනවනෙ..

    ඔබ සොයනා කලු කෙල්ල මමයි.....
    මංගෝ කලු නැන්දේ.....
    නයනකලූ ඔබ මගේ කලූ....

    තව ඇති.....

    ReplyDelete
  6. මේ දවස්වල facebook බලන එකනම් මාර ආතල්... :D
    මමනම් කරන්නෙ photo වලට දෙපැත්තෙ ඉන්න යාළුවන්ව tag කරන එක. එතකොට ඉතින් නියම ආතල් එකක් ගන්න පුළුවන්.
    ඔයාලත් try කරල බලන්නකො... :)

    ReplyDelete
  7. කළු හොඳයි රෑට...

    /බිඟුවා...!

    ReplyDelete
  8. ah. . . kalu mageth aasama paaatak . .. ela ela kalu nangeeeeeee . .. hiks

    ReplyDelete
  9. මට හිත යන්නේම නිල් පෑහෑයටය.ඒත් මා කලු නිසා මට නොගෑලපෙනවායයි කියන්නේත් ඒ පාටමය.ඒත් මන් ආස නේ ඒක නිසා හොදයි.

    ReplyDelete
  10. නුවන් අයියා මොන පාටක්ට කැමති වුණත් කමක් නෑ. ඒක ඒක කෙනා ඒක ඒක පාටට ආස නිසා කැමති වෙච්චදෙන්.


    වෙස් බුක්කුවේ ගොන් පාට් නිසා ගොඩාක් වේලාවට මට එපාම එපා වෙලා මල පනීනවා තමා! හැබැයි ඇතැම් අයගේ දෙපැත්තටම අදාල අපක්ෂපාති විසි නිසා මෙහෙමවත් ඉන්නවා.

    කතා කරලා වැඩක් නෑ අපේම ගොන්නු ගැන නම්.

    ReplyDelete
  11. පාට පැත්තකින් තියලා, කියන්නකො බලන්න ඔයා සත්තුවත්තෙ යන්න ආසම කූඩුව. let me guess ... රිලා කූඩුවටද, හිපකොටේමස් ගෙ කූඩුවටද, එහෙමත් නැත්තන් අලියො ඉන්න පැත්තටද?

    ReplyDelete
  12. Ane oya Kalu na malee oya thalaelalui ne matts...:P lankawe aya kalu na.

    ReplyDelete
  13. මමත් මේ දවස් වල කලුවට තමා බර. කළු කලිසමයි සර්ට්ටෙකයි ගහගත්තම නිකං අමුතු කික් එකක් තියනවා. ;)

    ඇන්ඩ් මගේ තියන ඇඳුං දෙක තුනත් සේරම වගේ කළු සුදු, ඒකෙං බහුතරයක් කළු. :)

    හැබැයි විද්‍යාත්මක පැත්ත බැලුවොත්, දවල්ට කළු ඇඳං යන එක තරං මෝඩ කමක් නෑ. අවුලක් නෑ මම නං කොහොමත් මෝඩයි නෙව. :D

    (අති විශේෂ නිවේදනයයි:මම "බුධා" වෙමි! :P)

    ReplyDelete
  14. අනේ ඔයා පාට වෙනස් කලාද?

    මේ කාන්ච් ට මොකෝ ඔයාගෙ පාට වෙනස් කරන්න හිතුනේ.

    (කෙසේ වෙතත් මම නම් කලු පාටට කැමතියි. ලස්සන කලු කොල්ලන්ට හෙම. )

    ReplyDelete
  15. අපිත් කළුයි... ශ්‍රී ලාංකීය පැහැය.. හිකිz...!!!

    @ Il mondo di una povera pazza - ඔයාගෙ කතාව අහුවම ඇගට මාර කික් එකක් ආව අක්කෙ...

    ReplyDelete
  16. @ Pisso - බැලු‍වා රිලවෝ.. මේ හසිද්දි නැත්තං අපි ලබන මාසේ ඔය කෑම වේල දෙමුද? මොකෝ මම මේ ටිකේ වැඩ කරන්නේ පීටර් ට ඕන විදියට මිසක් මට ඕන විදියට නෙවෙයි.. බත්ම ඕනි නැත්තං‍ පොල් රොටි දෙමුකෝ.. පරිප්පු වඩේ ටිකකුයි තව මොනා මොනා හරි එක්ක.. මොකෝ කියන්නේ?

    @LG - කතා කරලා වැඩක් නෑ මචී.. මට එපා වෙලා ඉන්නේ.. ‍කළු පාටට ජය වේවා..!!

    @රවා- ඇයි කළු අදින එක බරපතල? කොහොමත් මමත් ටිකක් බරපතලයි තමා.. හික් හික්..! මට මොන ආණ්ඩුවක්වත් නෑ අප්පා..

    @ම- ඒක හින්දා තමා මම කළු වලට මේතරම් ආස.. මොකෝ සුදු කවුරුවත් කළු වලට ආස නෑ..

    @තරිඳු - කියලා වැඩක් නෑ.. සුදු වෙනවට වඩා කළු වෙන එක හොදයි.. ක්‍රීම් වලට වියදමකුත් නැහැනේ.. ඇයි අනේ තව තියෙන්නේ..

    කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි..නෙතගින් බැලු විට සිරියාවයි.. සුදු කෙල්ලන්ට වඩා ඔබ පිංපාටයි.. නිවසේ බැබලෙන පහන ඔබයි කියලා..

    @indik- අනේ මට ඒ පුරුද්ද නැහැනේ..මම එහේ යන්නේ වවන්න විතරයි.. හික් හික්..

    @බිඟුවා - ඇයි දවල්ට ???

    @දුකා - අපෝ ඔයත් ආසද? හරි සුදු අයියානේ මේ මට කළු නංගි කියන්නේ..! :-/

    @නුවන් - ඒ උනාට පිරිමි අය කළු කලිසමයි නිල් ෂර්ට් එකයි ඇන්දම අමුතුම ලුක් එකක් තියනවා.. ඔයාට පුළුවන්නේ ලා නිල්.. ස්කයි බ්ලූ වගේ කලර්ස් අදින්න..

    ReplyDelete
  17. @බිංකු - අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු එක මොහොතක් වගේ ද මල්ලියේ?? හික් හික්..

    @රොකියා- 1 අලි 2 සිංහ 3 කොටි ඔච්චරයි සත්තුවත්තේ මම බලන්න දකින්න කැමති.ඒ වුනාට දැන් ඉන්න සිංහයෝ සේරම නාකී වෙලා කැත වෙලා ගිහින්.. අලි නම් ටිකක් ඉන්නවා.. කොටිත් ඉතිං ඉන්නවා..

    @Kanch- හුටස්.. ඒපාර මෙයා තව පාටක් ඇදගත්තා.. ඒ පාට පොතේ හැටියටනේ අනේ..

    @SUPUN BUDHAJEEWA- කළු සුදු..? හික් හික් අද සත්තු වත්තෙදි යාළු‍වෙක් ඇහුවා කියහන් බලන්න ලොකේ පරණම සතා කවුද කියලා.. අපිත් ඉතිං හරබර උත්තර දුන්නා.. ඌ කියපි සිබ්රා කියලා.. හේතුව බ්ලැක් ඇන්ඩ් වයිට් සතා ඌ නිසා ලු.. කලර් ආවේ පස්සෙලුනේ.. ඔයත් ඒ වගේ ඇති මගේ හිතේ.. හික් හික්.. කික්ම තමා..

    @Buru Babee - ඒ ඇවිල්ලා අති උතුම් සහෝදර ප්‍රේමේ නිසානේ.. හොද වෙලාවට මං කළු කෙල්ලක් උනේ.. කොල්ලෙක් උනා නම් මම ලස්සනත් එක්ක හින්දා උඹ මොනා කරාවිද? හු.. ‍(විහිලුවට හොදේ කිව්වේ.. වරදවා වටහා ගැනීම සපුරා තහනම්)

    @Angel - ආයේත් අහලා කළු පාටට ජය වේවා..!!!

    ReplyDelete
  18. මගේ සුදු චුච්චං නංගී, පොල් රොටි හදන්න පුලුවනි.. ඩෙසිකේටඩ් කොකනට් තියෙනවා.. ඒත් ඒවා කන්න දෙන්නේ මොනවා එක්කද? මුන් වෙජිටේරියන්ලා නේ..
    වඩේ හදන හැටි මම දැක්කා, ඔයා අපේ LG ගේ බ්ලොග් එකේ දාලා තිබ්බා නේ.. ඒක නම් සිරා වැඩක් වගේනේ.. බලමුකෝ..
    හරි දැන් ඔයා කියන මෙනු එක කියන්නකෝ.. පොල් රොටි + වඩේ + ????
    පීටර්ට වයිරස් ගාඩ් එකක් ඔයා දාගන්නකෝ.. ඕක මහා දෙයක් යැයි!!! උඹ අද රෝන්දේ ගියේ පංති ගියේ නැද්ද?

    ReplyDelete
  19. ලංකාවේ ඡන්දෙ නං මළ ඉලව්වක්ම තමයි. එක්කෝ අපි හැමෝම අමුම අමු මෝඩයෝ, නැත්නං ජරාම ජරා කට්ටයෝ.
    ඔය ගොඩවල් දෙකට නොවැටෙන ඈයෝ ඉතා විරලයි.
    කකා

    ReplyDelete
  20. පිස්සෝ -ළුණු මිරිස්? සැර වැඩියි වගේද? එහෙම නම් බටර් ටිකක් දෙන්න පුළුවන්.. ‍ම්ම්.. නැත්තං පොල් සම්බල් උනත් අවුලක් නැහැනේ පිටරට උන්ට.. තව මොනා හරි ඕනද?

    අනේ කතන්දරශූරිනි.. අපි අමුම අමු මෝඩයෝ අප්පා..!!

    ReplyDelete
  21. මගෙත් ආසම පාට කලු සහ සුදු

    ReplyDelete
  22. අපොයි ඡන්දෙ නම් මල විකාරයක් තමයි.. කළු නම් මාත් කැමතිම පාටක්..

    ReplyDelete