Tuesday, April 21, 2009

කං කං කං


මං ඉපදෙන්නත් කලින් ඉදන්
තුරුලේ ‍තියාගෙන
එදා වගේම අදත්
මගේ ළගම ඉන්න
මගේ අම්මා ඉන්න කං

මං ඉපදුනු වෙලේ ඉදන්
මට වැටෙන්න නොදී
වැටෙන හැම වෙලාවෙම
දිරිය දී මා නැගිටුවන
මගේ තාත්තා
මගේ ළග ඉන්න කං

මං මුණ ගැහුණු දා පටන්
අද වෙන තුරුම
හැම මොහොතකම
දුරින් ඉදන් හරි ළගට වෙලා හරි
මා සුරකින
මගේ ආදරය මට ධෛර්ය දෙන කං

මාව දැන ගත්ත දා පටන්
හිතවත් කමින් බැදී
කෙලින් කථා කරන
කොන්ද පණ තියන
මං කවුද දන්න
මගේ හිතවත් යහළුවන්
මං වටේ ඉන්න කං

මං වැටෙන්නේ නැහැ
මං පරදින්නෙ නෑ
‍‍මං සැලෙන්නෙ නෑ
කදුළු එයි.. හීල්ලෙයි

හැබැයි නම මිස හදවත නැති
මේ වර්චුවල් පඹයෝ
මොන වන්නම් නැටුවත්
මොන කයි කතන්දර ගෙතුවත්
මාව අල්ලනවා බොරු.!

19 comments:

  1. නියම පැදි පෙළ... හැංගිලා ඉඳන් මොන පල් පාට් දැම්මත් දවසක එළියට එන්න වෙනවාමයි. අපි ඉවසීමෙන් ඉමු.

    ReplyDelete
  2. ah,,, any back ground stories..??

    ReplyDelete
  3. මේ ඔයාට (කන්න) බොන්න එහෙම ඕනේ වෙලාවක් මාත් ඉන්නවා
    චියර්ස්ස්ස්ස්........

    ReplyDelete
  4. හික් හික්...නියමයි.... ඩැඩී ලගේ "පං පං" එක වගේ...

    ReplyDelete
  5. Great post, ගොඩක් ස්තූතියි ! හරි නමකින් ලියන්න බැරි හැංගිලා ඉඳන් පහර දෙන virtual පඹයෝ ගැන කියපු කතාව ඇත්ත.

    ReplyDelete
  6. එහෙම තමයි ඉන්න ඔනි.අනිත් අයත් ඔන්න ඔහෙම හිතන්න පුරුදු වෙන්න ඔනි.
    Welcome strong girls & boys

    ReplyDelete
  7. Two Thumbs up!

    නියමයි!

    ;) :D

    ඒ වුණාට අර බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ වගේ ඔය virtual කට්ටියත් සැලෙන එකක් නම් නෑ.

    ඒ වුණාට ඔයත් දැන් නොසැලෙන නිසා කොහොමත් ෂේප්!

    ReplyDelete
  8. එළ එළ අක්කේ... ඔය වල් බූරු‍වෝ නිසා සැලෙන්න එපා!

    ReplyDelete
  9. හෙහෙ.. හොඳටම ඩෝං ගිහිං වගෙ.. ගනං ගන්න එපා.. අර රිය සක නිති පෙරලේ දුක සැප ලෙස ලෝකේ නෙ !!

    ReplyDelete
  10. මේ වගේ දේවල් අන්තර්ජාලයේ සැරිසරන අයට නම් අළුත් දේවල් නෙමේ..... බොහෝ දෙනෙකුට මෙවැනි කාලකණ්නින් පිළිබඳ අත්දැකීම් ඇති...

    අන්තර්ජාලය යනු වනාන්තරයකි... එහි වටිනා දෑ හා මිහිරි අත්දැකීම් මෙන්ම නොවටිනා දෑ හා අමිහිරි අත්දැකීම්ද බොහෝමය... මග දැනගෙන සැරිසැරීම ඔබට භාරය...

    ReplyDelete
  11. එළ කිරි කතාව. මෙන්න මගෙනුත් පහක්..! =;

    ReplyDelete
  12. @උදාර,
    සහතික ඇත්ත... ඒත් ගැටළුව මේකයි.. අන්තර්ජාලයෙ සිංහල අන්තර්ගතය ඉතාම අඩුයි. ඒ නිසා මෙතන නටන ඕන ගොන් පාට් එකක් පැහැදිළිව highlight වෙලා පේනවා... හරියට යුධ මුක්ත කලාපෙ එහාට මෙහාට පැන පැන ඉන්න ප්‍රභාකරන් වගේ.

    ReplyDelete
  13. ශාකු අයියේ,උන්දෑවරැ ප්‍රභාට වඩා හපන්, මිනිහා චාප්රටර් ක්ලෝස් කරනවා! උන්දෑවරැ නොමර මරනවා.

    ඇබ්නොමල් අක්කා, පට්ට පැදි පෙල! මල් 49යි! එහොම යං අන්දෑවලුන් බය නොවී!

    ReplyDelete
  14. අනේ මන්දා... අපේ කට්ටිය හැමදාමත් රන්ඩු.එක්කෝ අසතුටින්.. ඇයි මේ? අපි මොනවා බෙදා ගන්න බැරුවද රණ්ඩු වෙන්නේ...

    හිත රිද්ද ගන්නේ නැතුව/ එකට එක කරන්නේ නැතුව, ඉස්සර වගේ ලස්සන දේවල් ගැන ලියන්න නගා....

    ගනං ගන්නේ නැතුව ඉන්නකෝ...පුළුවන් නම්...

    ReplyDelete
  15. @පිස්සා
    හැම වෙලේම ඔලුව නමන්න ගියහම හැම එකාම ගෝනිනැතිව කරේ යන්න එනව බං.

    ඉවසීම ඉතාම හොඳයි ඒත් සීමාවකට.සමාව ලාබ වෙච්චි තරමට මිනිස්සු වැරදි කරන්න බයනැති වෙනවා. නයාට උනත් කියල තියෙන්නෙ ඉඳල හිටල හරි පෙනේ කරපං කියලනෙ. නැත්තං ගමේ ගෑනු දරමිටි බඳින්න ගන්නවා.

    බොහොම හොඳයි මලී. කිව්වත් වගේ නොසැලී ඉන්න.එකෙක් දෙන්නෙක් හැංගිලා උඩුබිරුවට පේනවනේ හැංගිල නැති කොච්චර පිරිසක් ඉන්නවද කියල ඔයාගෙ සහයට.

    ReplyDelete
  16. Shaakunthala - ;)

    Su - Yep :D

    Ma- CHeers!!!

    Mahesh- LOLZ =))

    Bo- :)

    Dilan - :)

    eCH - :) <3

    Supun Sudaraka - :)

    Supun Budhajeewa - :O Nooo :D

    Udara - hmm :D

    Tharaka - :D 5!!!

    Binku - :D

    Pissa - :S

    Nilantha - :D

    ReplyDelete
  17. අනේ මටනම් current affairs ගැන තියන දැනුම හරි අල්පයි. කෙසේ වෙතත් බ්ලොග වල මේ දින වල මොකක් හරි ජර මරයක් තිබෙන පාටයි.

    සැලෙන්න එපා නංගී. උඹ දන්නවනෙ මම වලි වලට ගියහම මුලින්ම දාන ටෝක

    "ගේම නම් ගේම..කාමර වල හැංගිලා මොකද?"

    ReplyDelete
  18. මට නම් ඕකට කතා කරන්න බෑ මමත් කාමරයක හැංගිලා ඉන්නේ.. අපි ලියන්නේ අපිට ඕනි අපිට හිතෙන දේ එත් දිලාන් කිව්වා වගෙ අනිකාගේ නහයේ වදිනවානම් ඒක කරදරයක්... හැරමිටි වනන අපිත් ඒ ගැන පරිස්සම් වෙන්න ඕනි...

    ReplyDelete
  19. හරියට හරි... මම නම් හිතන්නේ ඕක මාකටින් වලට කරන වැඩක්... කතා කර තේරුමක් නැති තැන උතුම් වූ නිහඬතාව රකින එක තමා හොඳ...

    ReplyDelete