Tuesday, March 31, 2009

කාටදෝ වුනු ඇත්ත කථාවක් ලු!


ඕන්න එක්කෙනෙක් අද වැඩපල එහෙම ඉවර කරලා යාහූ එකට වෙලා යාළුවෙක් එක්ක හරබර සාකච්ජාවක්ලු..
එකපාරටම වෙලාව බලද්දි 4.45ත් වෙලාලු 4.15ට ගෙදර යන්න කලින් කෝල් කරන්නම් කිව්ව කෙනාගෙන් කෝල් එකක්වත් නැති හින්දා ඒ මනුස්සයටත් හිතින් බැන බැන ටාං ටෝං ගාලා යාහූ යාළුවට බායි කියලා වෙනදා විදියට නැතුව කොම්පියුටරේ ස්විච් වලින් කෙලින්ම ඕෆ් කරලා දත කට මැදගෙන මූණ හෙම හොදලා සුරුස් ගාලා යතුරුත් බාර දීලා පාරට ආවලු...අව්වත් වැඩිය සැර නැති හින්දා ඉරටත් ඔරව ඔරව දාඩිය පිහ පිහ ළග තිබ්බ ෆුඩ් සිටියටත් ගිහිං ඕන කරන ලටපට ටිකක් අරන් දැන් බස් එකට නගින්න හෝල්ට් එකටත් ආවලූ... දැන් ඉතිං 5 ත් පහුවෙලානේ... ඉතිං අර දෙනවා කිව්ව කෝල් එකත් නැති හින්දා බස් එකක් එනකම් කරන්නම්කෝ හොද වැඩක් කියලා මොබයිල් එක අරන් ගත්තාලු කෝල් එකක්...!

"හෙලෝ! කොහොද ඉන්නේ?"
"ඔෆිස් එකෙනේ.. ඇයි..?"
"ඔෆිස් එකේ? ඇයි ගෙදර යන්නේ නැද්ද?" ‍
"දැන්ම?"
"නැත්තං... දැන් වෙලාව කීයද?"
"දැන් තුනට විතර ඇතිනේ..."
"විකාරද?"
"ඔව් ඇයි නැද්ද? ඉන්න බලන්න මේකේ වෙලාව වැරදිද දන්නේ නැහැ..."
"හ්ම්.. බලලා ඉන්නකෝ..."
"තුනයි දහයයි තමයිනේ වෙලාව ... ඇයි ‍ඔයා කොහෙද ඉන්නේ..??"
"ඈ.........! හයියෝ.... නෑ දැන් වෙලාව පහයි නෙවෙයිද?"
" පිස්සුද අනේ.. හික් හික් හික්....."
":(( මම ගෙදර යන්න ඔෆිස් එකෙන් ආවානේ...අනේ දැන් මොකෝ කරන්නේ... අනේ දැන් මං ඔෆිස් එකට කෝල් ආවොත්..මොනා හරි වැඩක් ආවොත්..අනේ...!
...........................................

__________________________________________________________

හැමෝම මතක තියා ගන්න ඔන්න ‍ඔහොමයි කට්ටිය කලින් ගෙදර යන්නේ.. මේක වුනේ කාටද කියලා ඉතිං දන්නෝ දනිති.. නොදන්නෝ නොදැනම සිටිති.. :p

කථාවේ පණිවිඩය :- ඔබේ ඇස් එකවරම විශ්වාස නොකරන්න එය ඔබ මුලා කරනවා විය හැක.

Monday, March 30, 2009

මෝසම් මුහුදේ පිහිනීම - ශ්‍යාම් සෙල්වදොරේ


මේ දවස් වල යෙදෙන ඒවා මේවා වැඩ හින්දා ලියන්න දේවල් හිතට එන්නේ අඩුවෙන්. ආවත් ලියන්න ගියාම හිතෙනවා නෑ මේවා ලියන්න ඕනි නෑ කියලා. බ්ලොග් ලියන්න ගත්ත මුල් දවස් වල බ්ලොග් ලියන කාවවත් දැනන් හිටියේ නැති නිසයි කියවන අය නැති නිසයි හිතට එන හැමදේම බොහොම නිදහසේ ලිව්වත් දැන් ලියන්න ගියාම පොඩ්ඩක් දෙපාර තුන්පාරක් කල්පනා කෙරෙනවා. කොහොම උනත් ඒක මගේ හිතට වදයක් වුනත් එහෙම කෙරෙන එක හොද වෙයි...ඒක නිසා මගේ බ්ලොග් එක ලියන එක සෑහෙන්න මන්දගාමී වෙයි. කමක් නෑ. ඒත් මං දන්න හැම ‍බ්ලොග් එකකම අකුරක් නෑර පුළුවන් හැම වෙලාවෙම කියවන්න මම කැමතියි. සමහර දේවල් වලට අදහස් නොදැක්කුවත් අකුරු කොහෙද ඒවා කියවන්න මං එතන ඇති‍.
මේ හදිස්සියේ මේ සටහන ලියන්නෙත් අද කියෙව්ව දෙයක් ගැනයි.. මීට මාස ගාණකට කලින් සූ අක්කාගේ මෙන්න මේ ලිපිය කියවලා තමයි මම
ශ්‍යාම් සෙල්වදොරේ ගැන දැනගත්තේ.. එදා ඉදන් හොයලා ගිය සිකුරාදා කොළඹ නගරේ පුරා ඉබාගාතේ වගේ ඇවිදින ගමන් නුගේගොඩට ගිය වෙලාවේ සරසවි පොත් හලට ගොඩ වුනාම ‍පොත් සේරම ටික තිබ්බා. අපේ කට්ටිය ගෙදර එනකොට තෑග්ගට අරන් ආව ගිෆ්ට් වව්චර් එක ලග තිබ්බ හින්දා ‍මෝසම් මුහුදේ පිහිනීම කියන පොත ගෙදර එක්කගෙන ආවා. .
ගෙදරත් කියවන්න පෙලගැහිලා තව පොත් හතර පහක්ම ඉන්නවා. ඉතිං ඒක හින්දා අද මෙයාව ඔෆිස් එක්කං ආවා. මෙහෙත් ලාච්චුව ඇතුලේ ලියක මහිම ඉන්නව වුනාට එයාට තව පොඩ්ඩක් ඉන්න කියලා මම මුහුදට පැන්නා එකොලහට විතර. දැනුයි නාලා ඉවර වුනේ.
මොනවද ඉතිං මම කියන්නේ? මුහුද කවදාවත් අපිට(මට) එපා වෙන්නේ නැහැනේ. කොයි තරම් බලන් හිටියත් කොයි තරම් රැල්ල පෑගුවත් කී සැරයක් නෑවත්. මුහුද කියන්නේ අබිං වගේ ඇබ්බැහි වීමක්. ඉතිං මෝසම් මුහුද කොහොම වෙන්න ඕනිද?
මේ කාලේ එක තැනක ඉදගෙන එක දිගට පොතක් කියවන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්නේ. අඩුම ගානේ දවස් 2ක් වත් කියවලයි එක පොතක් ඉවර කරන්නේ.. ඒත් අද මම මේ පිටු 232 එක හුස්මට කියවලා ඉවර කලා. අපූරූයි! ජේ.පී වන්නිආරච්චිගේ පරිවර්ථන භාෂා රටාවත් කථාවේ සාරය හා ගලා යෑමත් නිසා.. කාර්යාල සියළුම වැඩ අතපසු කරලා කියවන්න මම පෙළඹුනා..එතනින් නතර නොවී මේ සටහන ලියන්නත් ඒ දැනුණු හැගීම හින්දයි........
අවුරුදු 14 ක පිරිමි ළමයෙකු මුල් ක‍රගෙන ඔහුගේ ජිවිතේ සිදුවීම් කිහිපයක් වටා මේ කථාව ගෙතී තියනවා...සමලිංගික ආකර්ශණය.. ජිවිතයේ හිමි වීම් අහිමි වීම්.. යොවුන් වියේ ආදරය‍‍... තරුණ හැසිරීම් හා සිතුවිලි රටාව අපූරුවට ලියැවී තිබෙනවා.‍..
කියවන්න කැමති අය අනිවාර්යෙන්ම කියවන්න.. වයස ප්‍රශ්ණයක් නෑ.. මොකද අන්තර්ගතය තම තමන්ගේ ඥාණපරාසය තුල ග්‍රහණය කරගෙන රසවිදිය හැකි ආකාරයට මෙම පොත ලියවිලා තියනවා. පොඩි ළමයෙක්ට පවා රසවිදිය හැකි ලෙස‍ සංයමයකින් ‍ලියවී තියනවා..
අන්තිමටම කියන්න තියෙන්නේ පොතගැන දැනගන්න සලස්වපු සූ අක්කට ස්තූතියි.

Wednesday, March 25, 2009

Stupid Side of Love


What is love?
A mere illusion of hate and dismay?

We all join the game and hope to win what we play......
But what is the prize when we loose our own sanity?

Who are we to demand quality before quantity ?


Now love is not my subject so, I have no saying !
But it´s better to stay out than to be in and be praying to get out..

Love is too tricky, and gets you like a noose
Don´t think it´s safe, the rope isn´t loose

Monday, March 23, 2009

I don't feel safe


1. First of all a great big thanks should go out to one of my homie girls "Rachel"(bless her tomboy heart and the avid fascination + interest in debating with me ..without getting pissed in the middle) ... if not for her, I won't be writing this article at all !

This is a result of a long argument we had about the present situation in this country about one week ago over some heavy boozing and a party. This is something that fired up and fired down but later picked up again when I was dropping her at her place.... we sat in the car for nearly 3 hours "arguing" and the line that I am using " I don't feel safe in this country anymore" his one of her own lines which she kept on repeating every 2 minutes.

2. It's a long skit and I know most of you won't even go pass three para' s.. still never mind.

away with it then., I call this "I don't feel safe in this country anymore"


I wonder why we allow ourselves to feel safe in this country? I wonder about the people who don't worry about their situations, their lives, and their own worlds.

Why do you believe what those in power tell you? When, deep down, we all know they tell us these things so that they themselves can do whatever they please. They would say anything to keep us calm and supportive... to keep us submissive and quiet. And, when it suites them, they play on our fears--even keep us afraid and needy--to get what they want from us. I don't feel safe in this country anymore

Look around you, isn't that true? .. They accuse of you being a LTTE supporter if you ever raise your voice against the murder and endless violence going on up there as the "war", and the next thing you know that there would be a "white van" parked outside your house. How bloody pathetic as a country we can get? I don't feel safe in this country anymore


But the saddest part of all this is that WE LET THEM do it. We let them feed us this propaganda bullshit, and we eat it up, even thank them for it. We rarely if ever question them, never wonder why they are allowed to commit crimes, but the poor are not. Never wonder why they get away with MURDER, but a damned beggar cannot beg without a identity card or else end up in jail. I don't feel safe in this country anymore

We let our jails be overrun with 'hopeless' cases... fill them with people who are stuck there because they can't pay the bail along with incredibly violent criminals... what are creating? a social stigma of derailed criminals comes out of jails and mix with the society we live in. Sadly many of these people only had to pay less than 4,000/- bux to be free, yet they enter our society with hearts full of rage and hatred. In doing so, we kill any and all GOOD potential these people could ever have, teach them that the true ways to live are through drugs and violence, despite imprisoning them for doing these very things. I don't feel safe in this country anymore.

And, meanwhile, the rich bastard politicians sit in the "tree's of temple" feeding the monster. They SEDATE us with rhetoric, empty promises, materialism, and consumerism. Again, sadly WE BELIEVE THEM! We agree! I don't feel safe in this country anymore

We accept our bread and circuses while Rome burns around us. We accept the 'this, too, shall pass' mentality, without lifting a finger to change our situation. We accept and vote for leaders that lies. Do these vile creatures make you feel safe where you sit right here, right now? Do you accept what you are told... like a dog that obeys an abusive master? Do you feel safe knowing our leaders are breaking the law? Do you feel safe? How can you?
I don't feel safe in this country anymore


Friday, March 20, 2009

Dude, I hate you !

One of my good INDIAN friends just called me all the way from UK.

Him : Dude.. I hate you

Me : Why the heck is that ?

Him : I dunno, I just so fucking hate you

Me : What the fuck did I do to you eh ?

Him : I don't know whether I am right or just guessing.. but I just so fucking hate you right now!

Me : Look here dick face... if you think this is a good idea for a joke, just roll up the phone and stick it up your ass, I don't have time to listen to you bitching about hating me.

Him : Nah, man.. I am for real...She screamed your name

Me : Who ?

Him : My girl friend !

Me : WHAT THE FUUUUUUCKKKK ?

Him : She screamed your name at the end ! .. and I fucking hate you now !

Me : Dude, I never touched her.. or even eyed her man !

Him : I know.. that's why I hate you !

Me : Dude, you are making absolute no dog crap sense here mate

Him : She was DRUNK !

Me : oh... ok... soooooo... let me guess.. are you drunk too ?

Him : Yeah !.. me tooo

Me : Dude.. what's your name ?

Him: ... (says his name)

Me : You fucking idiot.. do you realize that your name is just one Syllable away from mine?

Him : ... SHIT !! SHIT SHIT !!!!!!! .....

Me : now what?

Him : I hate my self now ! .. I FUCKING HATE MY SELF NOW !

Me : Dude, get some sleep

Him: Ok... I hate my self now ! .... thanks for making me hate my self you fuck !

Me : Pray to god that I am not close by you dick head.. or I would just fucking kick your ass to oblivion right now !.. so shut the fuck up and get some sleep

Him : .. ok.. bye ! .. I hate you... no no... I hate me !


______________________

Ps. His name is Ranit Singh !... where the last name sounds very very close to mine :)

Writing your heart out

I love to read and I love to write !

Would any of your believe that I don't have a TV at my place ? .. but instead for the last count I have exactly 934 books. That is sans anything which has to do with my profession.

I can read 500 page book in less than 3 hours ! .. so in short... by the time you watch a film which was made out from a book... I can read the book ! and I never skip .. I read each and every single word and never miss a single page !

But writing ? .. writing is something I always hold in much high grace. I have this strange grudge against mistakes and re-writing anything I have already penned off.

When I write.. It has to be flawless... forgiven the typographical errors, each and every line that I write must portray EXACTLY what I want to express. I hate re-reading, editing and amalgamating or replacing words.

I hate it !

There was a time when I was perfecting my writing skills. I had neither no aim nor vision of how can I achieve this. That is before I met her !

Yeah... HER ! .. and the best part of it was that she's blind :-)

My farther had hired a telephone receptionist as a help to the blind and deaf school, Rathmalana... and that's how I met her ! and learned the most valuable lesson of writing exactly what I want to write... write only once !

How to write your heart out !

The most simple lesson she taught me was " When you can't see, you are seeing something more than you normally can."

The blind can draw, and guess what, they don't have perspective problems like we do. They can draw out perspective, and objects without stylization, why? Because they study, touch, feel the object, and they know in their mind that the object has an angle to them... and they connected those clues accordingly.

So I learned that when I open my eyes, I close my heart......I needed to write my heart out, so I needed to close my eyes..... and I did !

I practiced typing without the use of eyes... I practiced writing with a pen with my eyes closed most of the time.

I found out that every time I close my eyes, words flow easily through my heart to my mind and in turn to words.

While perfecting it, I stumbled upon a new use for this. .... I close my eyes when I am doing my job, it helps me to get a new perspective of what I am dealing with.... when I am in an argument, I close my eyes ! .. it shows me sides of the story which otherwise I would never understand.


And even now, while typing this, I have my eyes closed !

I guess that's why you close the eyes when meditating. Close yours eyes and open the door to your heart and mind.

Wednesday, March 18, 2009

අත කහනවට ලියවෙච්චි කවිය.



සකල සිරින් සෝබ මාන
මනරම් දිවයිනක් ඇතුලේ
සිතුමිණ එක බැගින් අයිති
ජනයා වෙසෙනා..

මැණිකට පිං සිද්ධ වෙන්න
අහේනියක් නැතුව හොදට
බ‍වභෝගත් නෙක සම්පත්
අපමණ තිබෙනා..

අඩුපාඩුත් නැති හින්දම
හිතේ බරක් නැති හින්දා
විවේකයේ ‍ජොලියේ ඉන්න
වෙලාව තිබෙනා..

හවස හයෙන් පටන් ගන්න
මැජික් පෙට්ටියෙන්- සිංදු කාමරෙන්
පවුල් පිටින් දනෝ සැවොම
මායා ලෝකෙට ඇදෙනා..

නච්ඡ ගීත වාදන විසූක දස්සන බල බල
නින්දට යන්නේ හැමෝම
හෙට රෑටත් සෙට් වෙන්නට
සහසක් පැතුමන් පතලා..

බස් රථයේ කෝච්චියේ
කාර්යාලයේ පන්තියේ
අද මොනා වෙයිද රෑ වෙනතුරු
ඉවසුමක් නැතුව කට්ට ගනින්නා..

ඒ ගැන අනුකම්පාව හිතිලා
රූප පෙට්ටියේ රගනා
අති ශේෂ්ධ නළු නිළියෝ
බයිලා ගායනා කරන්නෝ
හුදීජන යහපත වෙනුවෙන්
මනාප ඉල්ලනා..

අනේ ඉතිං දැන් රෑට බලන
නරි නාටක සේරම ටික
විදුලි බිලක් නොගෙවම
පැය විසිහතරම බලාගන්න
පාට පකෂ අමතක කොට
මනාපේ දෙමු
අපි හැමෝම..


මේක මේ කාටවත් මඩ ගහන්නවත් වෙන දේකටවත් ලිව්ව දෙයක් නෙවෙයි. නිකම්ම නිකං ලියවුනු එකක්. මොකද දැන් දැන් බස්නාහිර ඡන්දේ ලං වෙන හින්දා එක එක විදියට හිනා වෙන අමුතු අමුතු කෝණ වලින් අනන්තය දිහා බලන් ඉන්න.. මහා දාර්ශණිකයන්ගේ පිංතූර වලින් තාප්ප ගස් ගල් හිනා වෙන්න පටන් අරන්.ඔය අතරේ නිතර දැකලා තියන මුහුණු හිනා කට දාගෙන ඉන්නවා. ඉතිං ඒවායි එයාලගේ රංගන කෞෂල්‍යයි දැක්කම මට මේක හිතුනා.. අඩුම ගානේ වැඩක් කරන්න බැරි‍උනොත් අපිට හොද රගපෑමක් හරි පෙන්නන්නේ නැතැයි කියලා.. නැද්ද මං අහන්න‍?
මං දැනට ගණන් කරපු විදියට බස්නාහිර පළාතට විතරක් නළු නිළි ගායකයෝ 6 දෙනෙක් විතර ඡන්දේ ඉල්ලනවා.. හැබැයි ඉතිං නරකක් කියන්න බෑ අපේ අතිගරු ජනාධිපතුමත් රගපාලා තියනවානේ කලින්..
ඇමරිකාවෙත් නළුවෝ ජන්දේ ඉල්ලපු එකේ අපේ රටේ මොනා ඉල්ලුවම‍ මොකෝ.. නැද්ද?
මලී
18032009

*ඉහත පිංතූරය කැමිලස් සිල්වා මහතාගේ සිරිබිරිස් කාටූණය ඇසුරිනි.

Tuesday, March 17, 2009

හුරේ!!!

හුරේ අද මං කකුළ කඩාගෙන ගෙදර ඉන්න දෙවෙනි නිවාඩු දවස. මේ සටහන ලියන්නේ නිකං ඉන්න බැරි කමටයි..හා හෝව් කකුළ කඩාගෙන කිව්වට කැඩිලම නෙවෙයි.. ඒක මේ පොඩි උළුක්කු වීමක්..‍‍ඊයේ උදේ නැගිට්ටම වම් කකුළ බිම තියලා ඇවිදින්න බැරි තරමට රිදුනා. ඉතිං ගෙදරට වෙලා හිටියා.. හවස් වෙද්දි වේදනාව අඩු වෙමින් වැඩි වෙමින් තිබ්බ නිසා හවස වෙද මාමා කෙනෙක් ළගට ගියා.දැන් නම් පත්තුවක් බැදලයි තියෙන්නේ. මේකට හේතුව තමයි පොඩි කාලේ දවසක් සෙල්ලම් කරනකොට කකුළ පෙරලීමකට ලක් වුනා. ඒකට නිසි ප්‍රතිකාර නොකරීම නිසා දැන් විටින් විට මේ කරදරේට මුණ දෙන්න වෙනවා..වෙද මාමා කිව්ව හැටියට නම් කකුලේ වලලුකර අස්ථියේ ටිෂු ඉරීමකට ලක් වීම තමා හේතුව. කොහොම හරි ඉතිං මම අද වෙනකොටත් ගෙදරට වෙලා විවේක සුවයෙන් ඉන්නවා. මොකද ඇවිදින්න අමාරු නිසා අම්මත් කිසිම වැඩකට අතගහන්න දෙන්නේ නැහැ.
මුලින්ම කියන්න ඕනි මගේ කලින් ලිපියට (එපා වීම් ) ප්‍රතිචාර දක්වලා දිරිමත් කරපු හැම දෙනාටම අනේක වාරයක් ස්තූතියි.. ඇත්තටම ආයේ හිතන්න යොමු කලාට ස්තූතියි. ඊයේ ඇදේ ඉදන්ම බ්ලොග් කියවනකොට පිස්සාගේ මේ ලිපිය දැක්කා ඒ වගේ අය එක්ක බලද්දි අපි කොයි තරම් වාසනාවන්තද කියලා ආයේ ආයේ හිතෙනවා. ඉතිං පිස්සෝ ස්තූතියි ඒ අදහස අපිත් එක්ක බෙදාගත්තාට.. ඒ ඔස්සේ බිංකු මල්ලිත් හොද ලිපි කිහිපයක්ම ‍පලකරලා තිබ්බා. ඒවටත් ස්තූතියි.. දැන් ඉතිං මලී බැක් ටු මූඩ්.. යේ.. යේ..!!

නිවාඩු දවසක ගෙදර ඉන්න එක කොයි තරම් සැපක් ද කියලා දන්නේ ඉතිං සතියේ හැමදාම ගෙදරින් පිට වෙලා යන අපි අපිමනේ.. සති අන්තේ ගෙදර හිටියට හැම සති අන්තයක්ම වෙනසක් නැතුව කෙරෙන්න ඕනි වැඩ ටිකක් ගොණු වෙලා තියන නිසා සැබැ නිවාඩුවක් ලබන්න නම් මං වගේ මොකක් හරි ලෙඩක් හදාගෙන ඔයාලත් ගෙදර ඉදලා බලන්න. හරිම නිදහසක් දැනෙනවා. හැබැයි ටී. වී වල නම් බලන්න මෙලෝ දෙයක් නෑ. තේරුමක් නැති සාකච්ඡා මිසක්. ඒක නිසා ෆිල්ම් ටිකක් පොතක් පතක් බලන එක තමා හොදම. ආහ් ෆිල්ම් කිව්වමයි මතක් වුනේ. ආරි කියලා කෙනෙක් මට කියලා තිබ්බනේ ෆිල්ම් බලන්න එපා කියලා.. සාමාන්‍යයෙන් මං එපා කියන වැඩ කරන්න හරි දකෂයි.. ඉතිං මං හොදට ෆිල්ම් බැලුවා මේ දවස් ටිකේම.සෙනසුරාදා ඉදන්
Being John Malkovich- මේක නම් ටිකක් බලන්න කම්මැලියි.. ඒත් ඉතිං කථාවක් විදියට නරකමත් නෑ.

Le.Fabuleux.Destin.de'Amelle.poulain- මං හිතන්නේ මේක ප්‍රංශ චිත්‍රපටයක් මං බැලුව එකේ ඉංග්‍රිසී උපසිරැසි තිබ්බ නිසා ටිකක් තේරුම් ගන්න පුළුවන් උනා. ඇත්තටම වෙනස් ආරක අපූරු කථාවක්. අපි වගේ ටිකක් මොංගල් ඒත් හොද ගැණු ළමයෙක්ගේ කථාවක්.

The Machinist-හප්පා මේක නම් මානසික ආතතියෙන් ඉන්න වෙලාවට බලන්න එපා. ඒක ඩබල් වෙනවා. එත් ඉතිං බලන්න.

The Illusionit-අපූරු ආදර කථාවක්. මටත් ඒ වගේ පෙන්ඩට් එකක් තිබ්බා නම් ෂොක් කියලා හිතුනා.ඒත් හොයලා බලද්දි ගාන වැඩි හින්දා අදහස අතහැරියා.. හැබැයි බලන්න වටින කථාවක්. අන්තිමේදි අපි වටේ තියන බොහෝ දේ මයාවක්!

Kunfu Panda- මේක නම් බැලුවේ දෙවෙනි පාරට ‍හොද පාඩම් දෙක තුනක්ම ‍ඔළුවට දා ගත්තා
"there is no secret for sucess.it is inside u!! just believe urslf"
"Yester day is a history..Tomorrow is a mistery
Today is a gift..thats y its call a Present"


The Green Mile-ඔහ්.. මේක මරණදණ්ඩනයට නියම වෙලා ඉන්න කිහිප දෙනෙක් හා බන්ධනාගාර නිළධාරීන් පිරිසකගේ කථාවක්. බලන්න.

Perfume-මේක ගැන නම් මම කියන්න තියා හිතන්න වත් කැමති නැහැ.. නමුත් එක්තරා ආකාරයක චිත්‍රපටයක්. ජිවන සුවද ගැන..

The Shawshank Redemtion- ෂා.. මේක නම් නියමයි.. හිර කදවුරක ‍කථාවක් ම තමයි..එත් අපූරුයි.. අවසාන වෙද්දි හිතට නිදහසක් දැනුනා.. අපුරුයි..!

අද තාම මොකුත් බලන්න පටන් ගත්තේ නැහැ.සුගතපාල ද සිල්වා මහතා පරිවර්තනය කරපු ඇට මැස්සා කියන පොත කියවන්න තමයි හිතුවේ. ඒත් ඉතිං නිකං මේ පැත්තේ ආවම හිතුනා බ්ලොග් එකේ ‍හෙඩර් එක වෙනස් කරන්න. ඉතිං පැයක් විතර ඒකට එක එක එව්වා කර කර හිටියා. ඒක කරද්දි හිතුනා බ්ලොග් ලිපියක් ලියන්න.. ලියන්න දෙයක් නැතත් ඉතිං අනේ මන්දා ඔහේ ලියවෙනවා.
දවල් හුළගත් එක්ක කාමරේට පුරුදු සුවදක් ආවා ලාවට වගේ ටිකක් කල්පනා කරද්දි සුවද තේරුණා.. ඉවපාර දිගේ නොන්ඩි ගගහා මිදුලට ගියාම දැක්කා.. මල් පිපිලා.. නම නම් හරියටම මතක නෑ මං හිතන්නේ පරෙවි ‍‍තුඩු වෙන්න ඕනි. අද අනිවාර්යෙන්ම පලාතෙම පදුරු වල මල් පිපිලා ඇති. වැඩි දවස් ගාණක් මල් නැතුව ඉන්න මේ ගහේ හිටිය ගමන් මල් පිපෙනවා.. ඒකට හේතුව පරිස‍රයේ සුළු හෝ උෂ්ණත්වයේ වෙනසක් වීම කියලා මම කොහෙන් හරි දැනගත්තා මතකයි. ඒ වගේම පිපෙනකොට පලාතකම ගස් වල මල් පිපෙන්නේ එකට. මං ඒ සුවදට හරීම ආසයි.. ඉස්සර අපේ ගෙදර මෙයින් ලොකු මල් පදුරක් තිබ්බත්. කාලෙකදි නැති වෙලා ගියා..දැන් ආයෙමත් පොඩි පදුරක් තියනවා. මේ පාර පිපිලා තියෙන්නෙත් මල් හතරමයි.. ඒත් සුවදයි...කකුළ රිදි රිදි ඇවිදිනවා කියලා අම්මා බනින්න කලින් ටක් ගාලා ගත්ත පිංතූරයක් ඔයාලට ‍දීලා මං ඇටමැස්සා පස්සෙ යන්න යනවා..

Friday, March 13, 2009

එපා වීම්


අපි හැමෝටම ජි‍විත වල උවමනා තියනවා.. එපා වීම් තියනවා.. කාලෙකදි ජිවිතයට අත්‍යවශයයි කියලා හිතෙන දේවල් තවත් කාලෙකදි එපා ‍එපා‍ වෙලා යනවා...ආසාවෙන් එකතු කර ගන්න‍ දේවල්.. ඉගන ගන්න ‍දේවල් දැනගන්න දේවල් හැමදේම කාලෙකදි එපා වෙලා යනවා.. සමහර වෙලාවට එපාම එපා‍ කියලා හිතෙන දේවල් ඕනි වෙනවා.. එපා කියලා ගව් ගාණක් ඇතට ගිහින් දාපු දේවල් ආයේ තිබ්බා නම් හොදයි කියලා හිතෙනවා...
කාලෙකදි පටන් ගත්ත දේවල්.. කාලෙකදි හිතපු දේවල්.. කාලෙකදි ඇහුව දේවල්.. ජිවිතේ හැරවුම් ලක්ෂ ඔය වගේ හැම දෙයක්ම මොහොතකට දවසකට දෙකකට සතුටක් උනාට..ටික කාලෙකට පස්සේ එපා වෙලා යනවා.. සාමාන්‍ය දේවල් වෙලා.. පරණ දේවල් බවටම පත් වෙනවා.. සමහර දේවල් දවසින් දවස අළුත් වෙනවා උනාට සමහර දේවල් එක තැන පල් වෙලා පුස් වෙලා එපාම ‍එපා වෙලා යනවා.. ‍
මේ දවස් වල මට දෙන්න තියන හොදම උදාහරණේ තමයි මගේ රස්සාව..‍
මට අද වගේ මතකයි උසස්පෙළ දෙවන වතාවට කරන්නේ නෑ කියලා මම හිතා‍‍ගත්තට පස්සේ මං හෙව්ව මුල්ම දේ රස්සාවක්.. ‍දාපු දෙවනි ඇප්ලිකේෂන් එකේන් ඉන්ටව් ගිහිල්ලා සතියකට පස්සේ දවසක් හවස දෙකට ‍විතර ගෙදරට කෝල් එකක් ඇවිත් සදුදා ඉදන් වැඩට එන්න කිව්වම මට කථා කරගන්න බැරිව කට හඩ වෙව්ලුවා.. (ඒක ජිවිතේ හැම විෂේශ මොහොතකම මට වෙන දෙයක්) ඇස් දෙකට කදුළු පිරුනා.. එහෙමයි මම අවුරුදු 19 දි රස්සාවට ආ‍වේ.. පුංචි කාලේ ඉදන් එක එක රස්සා ගැන හිත හිත ඉදලා අන්තිමේදි මේ රස්සාවට ආවේ ලොකු බලාපොරොත්තුවක් නැතත් මගේ පාඩුවේ සතුටින් ඉන්න ඕනි වුනු හින්දයි. මාත් එක්ක වැඩ කලේ අයේෂා. එයාගේ ඇසිස්ටන්‍ට් විදියට තමයි මම මෙතනට ආවේ. දින සති ගෙවිලා යද්දි.. ‍වැඩට එනවා තරම් සතුටක් තවත් නැති වුනා. ඒ දවස් වල ඔෆිස් එක ආරම්භ උනේ උදේ 9‍ ට. ඒත් අපි 8.15 වෙද්දි ඔෆිස් එකේ. 4.30 ගෙදර යන්න පුළුවන් උනාට 5.30 වෙනකම් වත් මේක අස්සට වෙලා හිටියා.. මොනා හරි වැඩක් නැත්තං කියව කියව හරි හිටියා... කාලය අපි නොදැනම ගෙවිලා ගියා.. ආයතනයේ බොහෝ දේවල් අපිටත් නොතේරිම වෙනස් වුනා.. අයේෂා ‍ගියා.. එයාගේ හිස් තැන මට පුරවන්න උනා.. දැන් අපේ ආයතනයේ අලුත් නීති අනුව වැඩ පටන් ගන්නේ 8.30ට ඒත් මම එන්නේ 9ත් පහුවෙලා.. ආව වෙලේ ඉදන් බලන් ඉන්නේ 4.30 වෙනකම්.
එක්කෝ මම එනකොට තිබ්බ ආයතනය අද නෑ.. නැත්නම් ‍මේ එකාකාරී බව මට එපා‍ වෙලා.. ලොකු වෙනසක් සිද්ධ නොවුනොත් මට මොනා වෙයිද කියන්න මම දන්නේ නැහැ.. මගේ රාජකාරී කාමරය ඇතුලට එන ඕනම කෙනෙක් අහන ප්‍රශ්නේ තමයි තනියම ඉන්න කම්මැලි නැද්ද? මට කියන්න තියෙන්නේ නැහැ ගාණක් නැහැ කියලයි. හේතුව මම තනියම ඉන්න ආසයි.. මට වද දෙන කාරණා වලින් ඇත් වෙලා කට්ට අස්සේ හැංගුන ගොළුබෙල්ලෙක් වගේ ඉන්න මම ආසයි.. ඒත් එකෙන් මට ඇති වැඩකුත් නෑ.. රටට ඇති වැඩකුත් නෑ ගෙදරට ඇති වැඩකුත් නෑ.. මට තේරෙන්නේ නෑ මොකද වෙන්නේ කියලා.. බැංකු පොතේ ශේෂය රු.59 ශත 99 පර්ස් එකෙත් සල්ලි සේරම රුපියල් දාහක් වත් නෑ මං හිතන්නේ.. ගෙවල් වලට වෙලා ඉන්න යාළුවෝ ළග ඊට වඩා සල්ලි තියනවා.. ප්‍රශ්නේ තියෙන්නේ සල්ලි නෙවෙයි. මගේ හිත. මට මේ දවස් වල වෙන්නේ මොනාද කියන්න මම ම දන්නේ නැහැ.. එක්කෝ ම‍ගේ මොලේට වෛරස් එකක් ගිහින්.. නැත්නම් මාව කාළකණ්නි කමේ අගාදේට ඇ‍ද වැටෙනවා...!
ආයෙමත් හැම දේම මුළ ඉදන් පටන් ගන්න තියේ නම්..
නැත්නම් හැ‍මදේම අතහැරලා දාලා යන්න තියේ නම්........

මා සොයන නිදහස
මගේ පාඩුවේ මට ඉන්න
මගේ ලෝකයේ තනි වෙන්න
බැදීම් ඇලීම් ගැලීම් තොර
නිදහසේ තනිවෙන්න
ජි‍විතේ කවදාක
හැකිවෙයිද මේ කටු ඉබුලෙන්
ගොඩ වෙන්න‍
ඇ‍ණී ඇණී රිදුම් දෙන
විස කටු පතොක් බාදුරා
නියගලා මරුවැල්
නසා
මොහොතකට
ජිවත් වෙන්න
පමණක්
හැකිවෙයිද
????

මලී
13032009


Sunday, March 8, 2009

එකම එක්කෙනෙකුට


නාහෙන් ඇඩිලි
කණුකුණු
රැවිලි ගෙරවිලි
හිනා කදුළු
මොංගල් පිස්සු
ඔලමොට්ටල
නපුරු දුෂ්ඨ
මගේ වැඩ සේරම
බොහෝම සීරුවෙන්
ආදරණීයව
ඉවසගෙන
මේ මාස හය
පුරහම හිටියාට
බොහොම ස්තූතියි
දවස් ගාණ නම් ටිකයි
තමයි..
ඒත්
ඔයාගේ ආදරේ
ඊට ගොඩක් වැඩියි..
අන්තිමේදී
හැමදේකටම
ස්තූතියි
......
:)


Add Video

Friday, March 6, 2009

Never put all eggs in One basket and 6 more golden rules for your life.

Yes, I know.. I have not been very much active in the blog lately.

Simple reason is that I had been involved in this Ceylinco case heavily and found no time to even take a piss in peace. :-)

But racketing out a comment to Malee's previous thread before I get into my own agenda's is I thought a must...

Gall trip - I can't simply believe you two love birds wasted time traveling on the train and visiting a goat family ..... sheezz... I would have spent that valuable time in somewhere more (S)exiting if I were you ! .... (but then again, you are not me.. so you are pardoned of my infamous instinct rage to spread the seeds) .. ahem... moving on and getting in to my topic.

I cannot of cource tell you each and everything of the this case.., but I just thought of putting out just important lines for all your chaps to remember.. and I believe some are even worth tattoing em into your forehead as golden rules.

so here goes.


1. NEVER FUCK WHERE YOU WORK..........AND NEVER WORK WHERE YOU FUCK - Golden rule.. which is why it's on full block capitals.

No kidding.. never fuck where you work.. cause that complicates things.. and if you work where you fuck.. it could blow 26 billion rupees into thin air and you could land your ass in jail for the rest of your life !

2. If you want to fuck your secretary .. Screw her on the table.

No.. you don't have to go with her to Australia every three months and spend millions for a 40 year old piece of ass ! .. no... either you screw her in the office desk.. or spend that money on some Russian hookers !

3. Never pay your mistress..NEVER EVER do that.

So she won't end up with a credit card balance of 149 million rupees and won't go blow the entier shit up in the sky..... which results in you landing in the jail for the rest of your life.

4. Never put all your eggs in one basket

Spread it out... put into many banks and financial institutions.. there are enough of them if you care to look around.

This is what will happen when you put all your life's saving into one place and the Director of the that places decides to screw with the Secretary without doing his job right.

5. Never fully trust your most trusted employee (or friend) without looking into his work or behaviour from time to time.

You will land your ass in Jail with a 26 billion rupees debt when you JUST trust the word of your trusted employees without looking into the facts and figures.

And to later only find out that your mosted trusted employee was screwing his secretary and paying her company's money.


6. Never accept a debt when you have the option of getting away from it

If you have an option between saying "Sorry, I never knew that" .. and "Don't worry, I will pay up for his screw up" ...

TAKE THE FORMER ... cause playing the good smartian.. or Gentleman when it comes to 26 billion rupees debt and given the fact that you are a UNP'er (which is not the ruling party or the president) .. is a SHIT of an choice to take.

Which.. again will land you ass in jail with undeniable accusations and debt.

7. Never cheat the government or the tax departments.. cause those assholes will always get your sooner or later.

To find out later (and supprisingly) that you had evaded 440 million worth of tax for the government doesn't help at all to build a case get to you free.

They may look foolish.. act foolish and even talk foolish.. but know this.. it's a master trickery these government officials use in tricking you to commit crime to catch you by the balls and screw your nut sack away later.


There you go.... 7 golden rules in total to keep in mind :D

Temporarily Leaving Elakiri

As most of you might know that Me and Malee hooked up in the Elakiri forums.. and of cource most of you are members there as well.

I am temporarily leaving Elakiri and thought of posting the link to the thread here..

The Thread