Thursday, February 14, 2013

එක දවසක්


මොන ක්‍රමේකින් හරි 
අම්මා කෙනෙකුගේ 
බංඩි ගෙඩියක් ඇතුලේ 
හැදෙන්න පටන් ගන්න දවසේ ඉදන් 
දරුවෙක්ට අම්මෙක් වගේම 
අම්මෙක්ට දරුවෙකුත් 
මොන තරම් බැ‍ඳෙනවාද 
ඒ බැඳීම ආදරේ නේද? 

ඉපදිච්ච මොහොතේ 
ඇස් ඇරලා බලන මොහොතේ ඉඳන් 
සමහර විට ඊටත් කලින් ඉඳන් 
අපි හොයන්නේ ආදරේ නෙවෙයිද? 
පොඩියක් කවුරු හරි එහා මෙහා උනත් 
ඌ..ඌ.. ගගා අඬ අඬ
ඇස්වල කදුළු පුරවගෙන 
නොතේරෙන භාසා වලින් 
පොඩි උන් කියන්නෙත් 
අනේ මාව දාලා යන්න එපා 
මගේ ළඟට වෙලා ඉන්න කියලා නේද? 
ඒ ඉල්ලන්නේ ආදරේ නේද? 

යන්තං පය ගහලා 
ඇවිදින්න පු‍ළුවන් වෙච්චි ගමන් 
හතර වටේ ඇවිද ඇවිද 
අපි හොයන්නේ 
අපිත් එක්ක 
එක පාරේ 
එකට 
අත් අල්ලගෙන 
හිනා වෙවී 
යන්න පුළුවන් අයව නෙවෙයිද 
ඒ අපි හැමෝටම 
ආදරේ ඕන හින්දා නෙවෙයිද ? 

ඉපදුණු මොහොතේ ඉදං 
අන්තිම හුස්ම යනකම්ම 
හැම මොහොතකම 
අපි හොයන 
ආදරේට 
එකම එක දවසක් 
මක් කරන්නද?

6 comments:

  1. ඇත්ත... එක දවසක් කන්නද? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. ඇත්තම ඇත්ත තමයි!! හැමදාමත් ආදරෙන් කියල කව්ද මන්ද කිව්වලු :D

    ReplyDelete
  3. ඕක හිතේ තියෙනවානම් ඇති කියලා පණ්ඩිතයෝ කිව්වාට. මොන බම්බුවක්ද කියලා හිතෙන්නේ පාළුව කියන එක දැනෙන්න ගත්තාම.

    ReplyDelete
  4. රෙදි කච්චියකින් පුළුවන්ද ඒ සෙනෙහස පියවන්න

    ReplyDelete