Thursday, September 8, 2011

අද වගේ දවසක් වෙනුවෙන්.


තත්පරෙන් තත්පරේ
විනා‍ඩියෙන් විනාඩිය
අතීතෙට ගෙවිලා යන
ජිවිතේ අස්සේ

පොඩ්ඩෙන් පොඩ්ඩ
අපිටම අමතක වෙලා යන
ඒත් ආයෙමත් ඊළඟ අවුරුද්දේ
ඒ දවස ආවම
අපිටම මතක් වෙන

ටිකෙන් ටික එපාවෙන
ජිවිතේ ගොඩක් දේවල් අස්සේ
තාමත් එපා නොවී....

එහෙම කිව්වට
වෙලාවටකට එපා වෙවී..
ඊටත් ඉක්මනින් ඕන වෙන
අපේ ජිවිත අතරේ
අල්පේච්ච බැඳීම් අතරේ
එකම එක බැඳීමක්
හදාගන්න හිතුන
ඒ හිතුනට පස්සේ
මොකුත් නොහිතුන
ඒ ගැනම පමණක්
තාමත් හිතන හිතෙන
අපේ කතාවට
අදට ...

තේරෙනවානේ ලියාගන්න බෑ කියලා.. ඒ නිසා මීට වඩා බෑ.. :D

6 comments:

  1. සුභ මෙව්වා එකක් කිව්වා...

    කතා කරාම ෆෝන් ආන්සර් කරපිය. මම කතා කලේ නම්බර් එකක් ඉල්ලගන්න. (කොහෙද නැව් ගිහින් උඹ උත්තර දෙනකම් හිටියම)

    ReplyDelete
  2. අහ්හ් මලී අක්කේ...අරෙව්වා එක ගැන නේද මේ කියන්නේ? සුභ පැතුම්

    ReplyDelete
  3. මගෙත් වැදගත් දවසක් වෙච්චි එකේ ඔබටත් සුබ පතමි.

    ReplyDelete
  4. Scratching me ed...

    Whaaaaaaaa ????? eerr... the Fuuu??

    Suddenly i feel utterly stupid ! .. what the eff is this about?

    ReplyDelete
  5. හැමෝටම ස්තූතියි..!!!! + බින්දි විශ් යූ ද සේම්.

    ෆයිනලි ඉන් බිට් වීන් ලයින්ස් පවා කියවපු ලෝයර් මහත්තයටත් නොතේරෙන දෙයක් මං ලිව්වා එහෙනම් ඈ...!!!
    හූරේ මට ජය වේවා!!!

    ReplyDelete