හවස් අතේ ටවුන් එකට දුවලා එන්න හිතාගෙන හිටියට ඒ වැඩේ කෙරුනෙත් නෑ වැහි කළුවර හින්දා. වැස්ස දවස් වලටත් කඩ ඇරලා උනාට අපි යන්න ඕන වැස්ස යටින් නේ. ඔය ගමන් ගිහින් හෙම්බිරිස්සාවක් සෙට් උනොත් ඉතිං සොරිම තමයි. උණ සන්නිපාතේ හැදුනත් කමක් නෑ හෙම්බා නැතිව. හෆොයි. සමහර අයට නම් ඉතිං ලයිෆ්ටයිම් තියන ලෙඩක් නිසා ඒක ලෙඩක් විදියට ගනන්ගන්නේ වත් නැති උනාට අපි වගේ නිරෝගී ළමයින්ට හෙම්බා කියන්නෙත් ලොකු ලෙඩක් තමා.!
ඉතිං ගෙදර දොරේ වැඩපළ එහෙම සේරම අහවර කරලා නාකියාගෙන බලනකොට දවස ගෙවිලා ඉවරයි. හෙට ඉදන් ආයෙමත් සුපුරුදු චරියාව.
රස්සවල් කරන ඉගන ගන්න ඔය කොයි කාගෙත් නිවාඩු දවසක් සම්බන්ධව ප්‍රකාශය බොහෝ දුරට ඔය වගේ ඇති කියලයි මට නම් හිතෙන්නේ. වැඩ කරන අය අමතක කරලා ගෙදර ඉන්න අය ගැන බැළුවත් මං හිතන්නේ ඕක ඔහොම තමා. බැඳපු දවසේ ඉදන් රස්සාවක් කරලා නැති අපේ අම්මාගේ කතාවත් ඔය වගේ. ගෙදර දොරේ වැඩ පළ කරලා ඉවර උනාට පස්සේ තමන්ගේ වැඩක් කරගන්න වෙලාවක් නැතිලු.
ඒක ඇත්ත වෙන්න පුළුවන්. මොකද තමන්ගේ වැඩ කරගන්න තියෙන වෙලාවෙන් සෑහෙන්න ප්‍රමාණයක් මෝඩ පෙට්ටියෙනුත් ගිළගන්නවානේ. හරියට අපේ වෙලාව ජාලේ විසින් කා දමනවා වගේ.. කා දමනවා කිව්වට හරි වචනේ කාදැමුවා වගේ.. හික් හික්.. අතීතය හරි සුන්දරයි කියනවානේ.. ඒ සමහර විට ඉස්සර අපි කරපු හපන් කං මෝඩ කං බූරු කං වගේ එක එක කං මතක් වෙන හින්දා වෙන්න ඇති. පෞද්ගලිකව ගත්තම දවසට පැය 15-20ක් විතර නෙට් එකේ බයිලා ගහපු කාලයක් මට තිබුනා. කොටින්ම මේ බ්ලොග් එක පටන් ගත්තෙත් ඔය කාලෙදිම තමයි. චැට් ෆොර්ම් අරහේ මෙහේ කරක් ගහලා අන්තිමේ නතර වුනු මගේ තැන.
ඒත් දැන් වෙද්දි ඒකත් එපා වෙලාදෝ මන්දා. මේ ළඟදි කෙනෙක් ඇහුවා ඇයි දැන් ඔයා ලියන්නේ නැත්තේ කියලා.. අනේ මන්දා මම කවදාවත් වැදගත් දෙයක් නොලිව්ව හින්දා නොලියන එක මට කොහෙත්ම ප්‍රශ්ණයක් නෙවෙයි. ඒ නිසා මට ඕනේ නැති නිසා කියලා කිව්වම ඒ පුද්ගලයා කිව්වේ ඒ උනාට ඔයාගේ අනන්‍යතාවය රැදිලා තියෙන්නේ ලියන එකේ කියලා. මම දැනුවත්ම කවදාවත් මට එහෙම එකක් තිබ්බේ නෑ වගේම ඒ වගේ එකකින් මට ඇති වැඩකුත් නැති නිසා වගේම ටිකක් තරහාත් ගිහින් හිටි නිසාද කොහෙදත් මම කිව්වේ ඒක මගේ කැමැත්ත මට ඔය බ්ලොග් එක නැතුවට කමක් නෑ.. දැන් මට ඒක එපා වෙලා ඒක තිබ්බට වඩා හොඳයි එහෙම එකක් නොතිබ්බනම් කියලා.. එතකොට අනිත් කෙනා කිව්වේ ඉස්සර ලියපු ගොඩ දෙනෙකුට එහෙම හිතෙන නිසා වෙන්න ඇති දැන් ලියවෙන්නේ නැත්තේ කියලා.
එක අතකින් කල්පනා කරගෙන යනකොට ඒක හරි. අළුත් නම් වලින් ලියන්න පටන් අරගෙන නැත්නම් මං ලියන්න පටන් ගත්ත කාලේ හිටි බ්ලොග්ස් ලට මොනා වෙලාද දන්නේ නෑ.. ඒ මිනිස්සු නෙට් නැති තැන් වලට ගිහින් වෙන්න බැහැනේ. ෂුවර් එකටම මං වගේ අනිත් අය ලියන ඒවා හිතෙන වෙලාවට කියව කියව එපා වෙනවෙලාවට ඒකවත් නොකර ඉන්නවා ඇති. හබෑවටම උවමනාව ඇති කෙනෙක් ඇරුනම එපාවීම කියන දේ කාටත් බලපාන නිසා බ්ලොග් ලිවිල්ලත් එපා වෙලා ඇති. නැත්තං ඊට වඩා රසවත් දේවල් හොයාගෙන ඇති. නැත්තං අම්බානෙකට බිසී වෙලා ඇති(ඒක නම් කොහෙත්ම එක්ස්කියුස් එකක් නොවුනත්)
ඉස්සර අළුත් බ්ලොක් එකක් පටන් ගැනුනේ සතියකට එකක් දෙකක් විතර නමුත් අද වෙද්දි මට පෙනුන විදියට දවසට දහයක් විතර උනත් පටන් ගැනෙනවා. ඔය විදියට තිබුනොත් ලංකාවේ හැමෝටම බ්ලොග් එකක් තියෙයි ජාතික හැඳුනුම් පත් වගේ. ඒ උනාට වෙලා තියෙන්නේ බ්ලොග් නිකං සිම් වගේ වෙලා. හැමෝ ගාවම හය හතක් තිබ්බට එකක් වත් හරියට වැඩ නෑ එක්කෝ මාසයක් දෙකක් අප්ඩෙට් එනවා හෝ ගාලා ඊට පස්සේ ම්හු!
ඔය කොයි හැටි වෙතත් මං කල්පනා කලා ඇයි ඇත්තටම මම ඉස්සර වගේ ලියන්නේ නැත්තේ කියලා. හේතූ කීපයක් තියනවා.
1.) මම ලියන්න පටන් ගනිද්දි කිසිම කෙනෙක් මාව දන්නේ නෑ.කොටින්ම මගේ ඇත්ත නමවත් මං ඉන්නේ කොහෙද කරන්නේ මොනාද මං කොයි වගේද බ්ලා බ්ලා.. ඒ නිසා නිදහසේ මට ඇබ්නෝමල් වෙන්න ඉඩ තිබුනා. මොකද මං මොනවා ලිව්වත් කවුරු මාව වරදවා වටහා ගත්තත් මට ප්‍රශ්ණයක් නැති නිසා.ඒත් දැන් වෙද්දි ඒක වෙනස් සැලකිය යුතු පිරිසක් මාව දන්නවා මාව දැකලා තියනවා. මං මොන වගේ පිස්සෙක්ද කියන්න දන්නවා. මගේ අදහස් දන්නවා. ඒ නිසා මොනවා හරි දෙයක් ගැන මගේ අදහස් මට වෙන අයත් එක්ක බෙදා ගන්න ඕනි නෑ. මොකද මම කිව්වත් නැතත් මං ඒ ගැන හිතන්නේ කොයි වගේද කියලා ඒ අය දන්නවා. ඉතිං අමුතුවෙන් ලියන්න මහන්සි වෙන්න ඕනි නෑ.
2.) ඔය ඉහත කාරනේ හින්දම මට දුක හිතෙන හරි කේන්ති ගිහින් හරි මොනා හරි ලිව්වොත් අනිත් පැත්තට කෝල් කරලා මොකක්ද අවුල කියලා අහන්න දැන් කට්ටිය ඉන්නවා.ඇයි ඒ වගේ දෙයක් ලිව්වේ. මොකක්ද ඒකෙන් අදහස් කලේ ඒ වගේ. ඉතිං මට හිතෙන දේ විතරක් ලිව්වට පස්සේ කවදාවත් ඒකට පසුකතන දේවල් දෙන්න මම අකමැති හින්දා ලියනවට වඩා හිතලා නිකං ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා.
3.)ගොඩක් වෙලාවට ඉස්සර මම තනියම හිටියෙ.වැඩ කලේ තනියම ගෙදර අම්මා අප්පා ඇරුනම හිටියේ තනියම ඒ නිසා කාට හරි කියන්න දේවල් හිතේ තිබුනා. ඒත් දැන් වැඩ කරන්නේ ගොඩක් අය එක්ක, හිතේ තියෙන දේවල් වමාරන්න කෙනෙක් ඉන්නවා මොනා හරි පොඩි දෙයක් උනත් හිතේ කැකෑරී කැකෑරි තියෙන්නේ නෑ බොග් ගාලා වන් කෝල් වලින් එළියට පනිනවා.ඒ නිසා ලියන්න දේවල් නෑ මොකද ඒවා කියලා ඉවර නිසා
4.) අනික ඉස්ස බස් එකේ යන ගමන් කල්පනා කලා. දැන් බස් එකේ යන ගමන් කරන්නේ දොයි බබා වෙන එක නේ..
5.) අන්‍තිමේ වයසත් එක්ක දැන් වාද කිරිල්ල එපා වෙලා ගිහින් නිසා. හිතෙන හැමදේම එළියට දාලා එක එක අයගෙන් කතා අහනවට වඩා ඒවා හිතේම හිතලා ඉවරයක් කරලා දාලා මායි හිතයි ශේප් එකේ ඉන්න එක හොඳයි කියලා හිතෙන නිසා. මොකද අද වෙද්දි මට ගෝසාවල්.. වාද බේද.. අනම් මනං සේරම එපා වෙලා ඉන්නේ. කොටින්ම සිංදුවක් අහන්නෙත් තෝරලා බේරලා නිව්ටල්ම ඒවා. නැත්තං ඉතිං ඉහේ ඇම්ම තමා. ඇත්තටම මට අසනීපයක් ද මන්දා. මට දැන් සද්ද බද්ද ඇහෙන එක මහම වදයක් වෙලා. ඒ වගේම වාද වෙන එකයි වෙන ඒවා දකින එකයි. ඒවායින් හැකි තරම් ඈත් වෙලා ශේප් එකේ ආතල් එකේ ඉන්න එක තමයි මගේ එකම පැතුම!
ඔය වගේ හේතු නිසා ඇත්තටම ලියනවට වඩා නොලියා ඉන්න එක හොඳයි කියලා මට හිතුනා. ඒත් අර මං ලියන්නේ නැත්තේ ඇයි කියලා ඇහුව කෙනාට උත්තර දුන්නා වගේ බ්ලොග් එක එපා වෙලා නම් නෑ. මොකද මං මේක හැදුවේ අම්මෙක් කුළුදුලේ දරුවෙක් හදනවා වගේ. බ්ලොග් කියන්නේ මොකක්ද මොනාද ඒකෙන් කරන්නේ බ්ලොග් වල ලියන්නේ මොනාද සින්ඩි කියන්නේ මොනාද ඒ මොකුත් නොදැන. එහෙම පටන් ගත්ත බ්ලොග් එක එපා වෙන්න මට! හූහ් හීනෙන්වත් නෙවෙයි.!
දැන් ඇති මගේ නිවාඩු දවස අවසානයි.!
බ්ලොග් එකක් ලියන එක මනෝ මූලික වගකීමක් වෙච්චි කාලයක් මටත් තිබ්බා.., කන්දක් නෑගලා නැගලා අවසානේදී peak එකට එනවා වගේ බ්ලොග් වල මුලදී ඔකොම අපද්‍රව්‍ය පුරවගෙන පටන්ගත්තට මොකෝ පස්සේ පස්සේ අර සෙලෙක්ටිව් සින්දු අහනවා වගේ, බ්ලොග් හිටන් සිම්පල් ම සිම්පල් වෙලා ගියා.., online needs minimalistic උනහම එහෙම වෙනවා ඇති මයේ හිතේ.., මම මේ වගේ තැන් වල පොරටෝක් දුන්නට මොකෝ මගේ බ්ලොගේ පටන් ගත්තු මුල් ම දවස් වල (කවුරුවත් නොබලන දවස් වල) myspace එකෙන් දෙන free player එකක් හිටන් ඔබලා තිබ්බා..
ReplyDelete.
පලි: කවුරුවත් නොබලන දවස් වල කියලා වරහන් වල දැම්මට මොකෝ තවමත් ඒකේ වෙනසක් වෙලා නෑ..!
බොරු කියන්න එපා මලියෝ... උඹට මිනිසුන්ට බනින්න බැරිද?
ReplyDeleteඋඹ කවදද මට බැනලා නැත්තේ?
මම නම් ඔයාලාට වඩා වෙනස් ඉමක හිටියේ හැමදාම. මම හෙටත් එහෙම ඉඳියි. අනික ඉතින් මම බ්ලොග් ලියන කෙනෙක් නෙමෙයි නේ.
මම බ්ලොග් හරහා ඔයාව අඳුනගත්තේ නැති උනාට බ්ලොග් එක අස්සේ තමයි මම ඔයාව කියෙව්වේ. මම බ්ලොග් අස්සේ, නෙට් අස්සේ අඳුනගත්තු යාළුවන් අතරින් ඔයා හැමදාම විශේශ කෙනෙක්. ඒක ඔයා බ්ලොග් නොලිව්වා කියලා වෙනස් වෙන එකකුත් නෙමෙයි.
(ඒ උනාට ඔයාගේ අනන්‍යයතාවය තියෙන්නම ඕනේ බ්ලොග් අස්සේ. මමත් ඒක කියනවා.)
අනිත් දේවල් අස්සේ සාමාන්‍ය ජීවිතේ ඔහොම තමයි.
akka u r nt depressed right? to me u sounded like that.. :)..if so hv e cappuccino while reading a book ... :)....
ReplyDeleteඇති යාන්තං කාලෙකට පස්සෙ වැඩක් ඇති එකක් ලියලා...
ReplyDeleteලිශෝ අපි ඔය ගැන කතා කරලා තියනවා ඇති තරම් නැද්ද?
ReplyDeleteබුරු - අපෝ ඒ ගැන බයවෙන්න එපා තාම හොඳට බනින්න කරන්න පුළුවන් හැබැයි අවුල තියෙන්නේ දැන් ඒවා එපා වෙලා කියලයි. ඊයෙත් මං ඔයාට කිව්වේ ඒකයි. වෙන එව්වා හොය හොය ඇගේ ලේ පුච්ච ගන්නවට වඩා නිදාගන්න එක හොඳයි කියලා.
බ්ලොග් එක අස්සේ ඒක තියාගන්න එක මෙලෝ වැඩක් නෑ හලෝ! අර රටට බසට සේවය කිරීමේ ඇම්ම දැන් මඟ ඇරිලා නිසා... හික් හික්!!
pissuda banzz!! I never eat or drink while reading!
i am not a multitask person neh! LOLZz
හරේ :-) පව්!!!
ඔයා බැන්න හන්දමයි ඒකේ ආෆ්ටර් එෆෙක්ට්ස් හන්දයි අන්න අද මම පර්සනල් ට්‍රීට් ගත්තා.... කොන්ඩෙත් කපා ගත්තා... බලපිය එහෙම උනාම පසුවදාට තියෙන ඒවා...ඒක හින්දා මට නම් ස්ට්‍රෙස් නොවුනොත් ගතියක් නෑ.....
ReplyDeleteආ කොල්ලා අද රිසල්ට්ස් ත් කිව්වානේ... බලපිය අන්න මන් ප්ලස් එකේ දැම්මා... හික්ස්....
ආ මාත් දැන් රටට බසට සේවේ කරන්නේ නෑ... ඒකෙන් වෙන්නේ අපි ස්ට්‍රෙස් වෙන එකයි එක එකා අපි දිහා බලලා අපි මෝඩයෝ කියන එකයි අපිව මිස්යූස් කරන එකයි විතරයි බන්....
හික්ස්...
දැන් ඇති මගේ නිවාඩු දවස අවසානයි.!
ReplyDeleteමගේ විකාර කියවූ ඔබ සැමට ස්තූතියි !
කියා දාන්න එපැයි :)