Monday, November 15, 2010

මිනිසුන් දරා ගැනීම


සමස්තයක් ව‍ශයෙන් අපි හැමෝම මිනිස්සු.. විවිධාකර අදහස්.. සිතුවිලි තිබුනත් එක කුලකයකට ලඝු වෙන්නේ ගැහැණු පිරිමි අයිති වෙන මිනිස්සු කුලකයට.. කොයි තරම් වෙනස් උනත් කළු උනත් සුදු උනත් තලෙලු උනත්.. අන්තිමේ අපි හැමෝම මිනිස්සු..

මිනිස්සු එකිනෙකාව දරාගැනීම.. ඉවසීම මත තමයි මේ ලොකේ ඇතුලේ සාමය පවතින්නේ.. අනිත් කෙනා වෙනුවෙන් කැපවීමක් ‍කිරීම හරහායි සහජීවනය බිහිවෙන්නේ.. ඔය දේවල් නැති වෙද්දි ඇතිවෙන්නේ වෛරයක්.. තරහක් නැතිනම්‍ ක්‍රෝධයක් වෙන්න පුළුවන්..

මිනිහෙක්ව ඉවසන්න දරාගන්න ඒ කෙනාව පෞද්ගලිකව දැනගැනීම අඳුන ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ.. කෙනෙකුට උදව්වක් කරන්න නැත්තම් අඩුම ගානේ හතුරුකමක් කරදරයක් නොකර ඉන්න අඳුනගෙන කතාකරලා තියෙන්නම ඕනිත් නෑ..

ඒ දේවල් අවශ්‍ය නැති නිසා තමයි අපි මේ විදියට මිනිස් සමාජයක් හැටියට ජිවත් වෙන්නේ.. කොටින්ම බස් එකක මහපාරේ අතුරු ආන්තරාවක් නැතුව යන්න එන්න පුළුවන් වෙන්නේ ඒ නිසයි..හවස මහන්සි වෙලා ගෙදර යන බස් එකේ කොච්චර සෙනඟ පිරුනත් ‍පුළුවන් හැටියට පැක් වෙලා තව කෙනෙකුට නඟින්න ඉඩ දෙන්නෙත් නොදන්න මනුස්සයෙක් ගැන උනත් අපේ හිතේ ඇතිවෙන මොකක් හරි හැඟිමක් හින්දයි..

හැබැයි සමහර අපි හොදටම දන්න කියන අය ගැන උනත් අපිට ඔයිට ව‍ඩා වෙනස් සිතුවිලි ඇතිවෙන එක සාමාන්‍යයයි.. හිතලා බලන්න අපි වැඩ කරන තැන් වල අපි සමහර විට අපේ පවුල් ඇතුලේ නැතිනම් අපි පිරිසක් හැටියට එකතුවෙන තැන් වල අපිට ඔය වගේ අය මුණගැහෙන්නේ නැද්ද කියලා..

මට නම් එහෙම අය ඉන්නවා.. එහෙම වෙලා තියෙන්නේ එයාලා අතින් සිදුවෙන සිද්දවුනු දෙයක් හෝ දේවල් නිසා වෙන්න පුළුවන්..

මම වැඩ කරන තැන මාත් එක්ක වැඩ කරන මගේ ව‍යසෙම පිරිමි ළමයෙක් ඉන්නවා. හරියට ගත්තොත් එයා මට වඩා බාලයි.. අපි දෙන්නම එක දවසේ රස්සාවට ගියේ.. මුල්ම දවස් වල අපි හැමෝම අළුත්නේ.. ඉතිං කාගැනවත් වැරදි හෝ හරි සිතුවලි ඇතිවෙන්නේ නෑ.. හැබැයි කාලයක් යද්දි තමයි එක්එක්කෙනා ගැන තේරුම් යන්නේ.. ඉතිං මේ කියන පිරිමි ළමයා ගැනත් එහෙමයි.. කොටින්ම හිස් මුදුනේ ඉදන් දෙපතුල වෙනකම් මේ කොල්ලව මට පෙන්නන්න බෑ.. හේතුව සරළවම මේකා අති පණ්ඩිතයි.. (පණ්ඩිතයි කිව්වේ උගතුන්ට කියන පණ්ඩිත නෙවෙයි අනිත් එක) මට කොහොමටත් ඒ වර්ගයේ මිනිස්සුන්ව දිරවන්නේ නැහැ.. කොහොමත් මාසෙකට රාත්‍රී වැඩ මුර තුනක් වත් මට මේකා එක්ක කරන්න තියෙනවා.. ඉතිං පහුවෙන්දා උදේ වෙද්දි මං ඉන්නේ පුදුම විදියේ හෙම්බත් වීමකින් මොකෝ මෙකාගේ පණ්ඩිත කතන්දරයි වැඩයි නිසා..! අනික ‍එකම දේ දෙතුන් පාර කියවනවට මං ආසම නෑ.. කොහොමටත් පලවෙනි වතාවේ කියද්දිත් බොහොම අමාරුවෙන් හ්ම්ම් හ්ම් කිය කිය හූමිටි තියන මට ඒ කතාවම දෙතුන් පාර අහද්දි එපාම වෙනවා.. බැරිම තැන මම වතාවක් කිව්වා දැන් ඉතිං ඒ ගැන කතාකරලා වැඩක් නැහැනේ මල්ලි කියලා.!
ඔහොම කියන්න ගියොත් එපා වෙනකම් කියන්න පුළුවන් වේවි..

ගොඩක් වෙලාවට මං මිනිස්සුන්ව දරාගන්නවා.. ඒ කියන්නේ කෙනාගෙන් කෙනාට ඇජෙස්ටබල් වෙනවා.. අත්දැකලා තියන විදියට ඒක ජිවත් වෙන්න හරිම පහසු විදියක්.. ඒකට අවශ්‍ය වෙන්නේ ‍පුද්ගලයන් තේරුම් ගැනීම..

ගොඩක් වෙලාවට මට නිකං මොකක් හරි විඥානයක් වගේ ඒ හැකියාව ඇතිවෙනවා.. ඉතිං මට ගොඩක් මිනිස්සුත් එක්ක යාළුවීම කෙසේ වෙතත් ශේප් න්‍යායෙන් ජිවත් වෙන්න පුළුවන් වෙලා තියනවා.. (මං කොහොමත් හොඳ යාළුවෙක් නම් නෙවෙයි.මොකද ගොඩක් දෙනෙක් යාළුවෙක් කියන වචනයෙන් බලාපොරොත්තු වෙන දේවල් දෙන්න මං දන්නේ නැති නිසා.)

ඒත් සමහර මිනිස්සු එහෙම නැති වෙන වෙලාවල් එනවා.. අර මම උඩින් ලියලා තියන කොල්ලා වගේ..මං ආස නැති නිසාම මට ඒක හිතට වදයක් වෙන තරම්ම ඒකාව එපා වෙලා..!! ඒත් එහෙම හරියන්නේ නෑ.. ඒකයි මේ ටික මෙතනට වෑමෑ‍රුවේ අද ඉදන් උගේ හොද පැත්ත හොයා ගන්න මහන්සි වෙන්න ඕනි.. මොකද ‍මිනිස්සු එක්ක තරහා වෙලා බුම්මගෙන වැඩ කරන්න බැරි නිසා...
මොකද මං කරන්නේ.....????

9 comments:

  1. මාත් ඔය ක්‍රමේ තමයි ‍පාවිච්චි කරන්නේ... මොකද මුණගැහෙන ගොඩක් මිනිස්සු පොඩි දේටත් ප්‍රශ්ණ හදාගන්න අය නිසා කියන දේ අහගෙන හිටියෙ නැතත් "ආ... ඇත්තද? නියමයිනේ" කියල ෂේප් වෙන එක හොඳයි... හැබැයි තමන්ට ඕන දේ හොඳම දේ බව පේන වෙලාවකදි ඒක වෙනුවෙන් පෙනී ඉන්නත් ඔය ගමන්ම පුළුවන් වෙන්න ඕන...

    ඔය එපා කරපු එකා සම්බන්ධයෙන් කරන්න ඕන දේ ඔයා දැනටමත් දන්නවා....

    ReplyDelete
  2. හිහ්. එපා වෙලා තියන තරම බ්ලොග් පෝස්ට් එකක් ම එයා වෙනුවෙන් දාපු එකෙන් පේනවා :)

    ReplyDelete
  3. වැඩිය හිතන්න එපා මලී. ඕන්නැති කෙනා ඕනෑම නෑ කියල ඉන්න. හොඳම දේ තමිය් හිනාවෙලා වම කනින් අහල දකුණු කනින් පිට කරන එක.
    මටත් පණ්ඩිතයෝ (ඔය කියපු විදියට දෙවැනි කොටසට අයත් ) පේන්න බෑ. මොනවා කරන්නද එත් !

    ReplyDelete
  4. මිනිස්සු දරාගන්න එක මහ මෙරක් තරම් බර දරං ඉන්නවටත් වඩා අමාරුයි.ඒත් මලී කිව්වා වගේ අමාරුවෙන් හරි නොකලොත් ඉන්න තැනත් එපා වෙනවා.

    ReplyDelete
  5. this kinda feelings come from expectations. However much you may deny, you still expect him to behave in a certain way and since he does not you get annoyed. Do not expect anything from anyone, that is my advice [which I myself struggle to follow - vadhi bana :)]

    ReplyDelete
  6. ස්තූතියි අදහස් වලට...!

    ReplyDelete
  7. ඔව් හොදම දේ ඌත් එක්ක තරහා නොවී පුලුවන් තරම් ඈත් වෙන එක.මොකද වෑඩ කරන තෑන තරහා එවුන් හිටියොත් ජොබ් එකත් එක්ක එපා වෙනවා

    ReplyDelete
  8. ගණන් ගන්න එපා මලියෝ, කොහෙත් ඔහොම තමයි.
    අතේ ඇඟිලි පහම එකවගේ නෑ නේ..
    :)

    ReplyDelete
  9. ඕනි කෙනෙක් තමන්ට සවන්දෙනවානම් ඌ හරි.. ඒත් ඉතින් එක අතකට අපි අකමැති දේවල් අහ අහ නිකං වද විඳින්නෙත් මොකටද බං...

    ReplyDelete