Thursday, September 9, 2010

ආදරණීය සැප්තැම්බර්.


අපි අපේ ජිවිත වල එක එක දේවල් වලට ආදරේ කලාට මං හිතන්නේ අපි අවුරුද්දේ මාස වලට ආදරේ කරන්නේ නම් අඩුවෙන්..හැබැයි ඉතිං ස්කෝලේ යන කාලේ අපි හැමෝම අප්‍රි‍යෙල්, අගෝස්තු, දෙසැම්බර් මාස වලට කැමති වෙන්න ඇති නිවාඩු ලැබෙන නිසා.. ඒත් ඉතිං දැන් ‍අපේ ජිවිත වල එහෙම මාස ගණන් නිවාඩු ‍නැහැනේ(මං කිව්වේ ගොඩ දෙනෙකුට) ඉතිං හැම මාසෙම හැම දවසක්ම එක වගේ.. එහෙම එකේ අමුතුවෙන් මාසෙකට ආදරේ කරන එක ටිකක් පිස්සුවක් වගේ උනාට මං ආදරෙයි සැප්තැම්බර් මාසේට වැඩියෙන්ම...
ඇත්ත ඉස්සර නම් වැඩියෙන්ම කැමති උනේ ජනවාරි මාසෙට හේතුව ස්කෝලේ අළුත් පන්තියකට අළුත් පොත් අරන් යන හින්දම නෙමෙයි.. මගේ උපන්දිනේ නිසා. ඒත් දැන් නම් මම වැඩියම කැමති සැප්තැම්බරේට... සිංහල ක්‍රමේට බිනර මාසෙට..

ඉස්සර මට සැප්තැම්බර් මාසෙටම වැදගත් උනේ සැප්.1 වෙනිදා විතරයි.. මොකෝ එදාට තමයි මයේ අම්මාගේ උපන්දිනේ.. පුංචි දවස් වල තෑගි දෙන්න සල්ලි නැති නිසා මං එයාට තෑග්ගට දෙන්නේ වත්තෙන් කඩා ගන්න පින්න මලක් නැත්තං වතුසුද්ද මලක්. දැන් නම් ඉතිං එහෙම නෑ.. ඒත් අම්මාට තෑගි දෙන එක නතර කරලත් නෑ.. ටික කාලෙකින් සැප්.1වෙනිදා තව ටිකක් වැදගත් උනා.. හේතුව අපේ හෙලන්ගේ උපන්දිනෙත් එදාටම යෙදීම.. හෙලන්ව මට හම්බ උනේ උ.පෙළ පංතිවලදි.. ‍කාලයක් යද්දි යාළුවන්ගේ උපන්දින අමතක වෙලා ගියත් මට මං මැරෙනකං හෙලන්ගේ උපන්දිනේ අමතක වෙන එකක් නෑ.(හැබැයි මං මේ පාර හෙලන්ට සුබ පැතුවේ නෑ.. හැබැයි හෙලන්ව අමතක කරලත් නෑ. අනේ මන්දා ඒ මගේ හැටි.) තවත් ටිකක් කල් ගියාම සැප්.1 වෙනිදා ඉපදිච්ච තව කෙනෙක් මට දැනගන්න ලැබුනා.. ඇත්තටම මට හරි සතුටුයි ඒ මගේ අක්කා කියන්න.. ටිකක් විතර සැරයි තමයි.. කාලයක් තිස්සේ ජාලෙදි කතා කරලා පහුගිය මාස දෙක තුනකට කලින් මුලින්ම මුණ ගැහුනු වෙලේ මට හිතුනේ මගේ අම්මත් පිටරටක හිටියා නම් ඒ වගේ වෙයි කියලා(මේ කතාව මං කාටවත් කියලා නෑ.. ඒත් මේ තරං වෙලා මං මේ කියපු අක්කා හිනා වෙන සමහර වෙලාවට මට මගේ අම්මව මතක් වෙනවා.. ඒකට හිනාව විතරක් නෙවෙයි.. පණ්ඩිත අම්මන්ඩියෙක් වගේ ‍එයා අපිට දෙන උපදෙස්,අවවාද,අණකිරීම් එක්කම එයාගේ ඇතුලේ තියන මනුස්සකමයි.. ඉක්මනට කෙන්ති ගිහින් ඉක්මනට කූල් වෙන ගතියත් හින්දා වෙන්න ඇති.) මං මෙච්චර වෙලා කියෙව්වේ අපේ මැරංගි හෙවත් බුරු බබී ගැන.. කවුරුවත් හිතන්න එපා මං මේ රංගිට බටර් ගානවා කියලා.. ඒත් මං කිව්වේ අවංකව මට හිතෙන දේ...!

සැප්තැම්බර් මට තවත් වැදගත් වෙන හේතුවක් එකතු උනා.. ඒ තමයි බුරූ නිසා අපි අදුනගත්තු චරී බොයි ගේ උපන්දිනේ.. දවස් තුන හතරකට වඩා මුණනොගැහුනාට.. මුණගැහුනු හැමවෙලාවෙම හරිම කූල් ‍‍එකේ කම්මුල් පුරා වලගැහෙන විදියට කට කණට යන තරම් ලොකුවට හිනා වෙන චරී බෝයි අයියාගේ උපන්දිනේ සැප්.3 ‍තියන නිසා මීට පස්සේ අපි මේ මාසෙට තව ටිකක් බිසී වෙනවා..

3‍ වෙනිදට පස්සේ 8. හපේ අප්පේ...!!!! මොනා කියන්නද? ‍අපේ ‍බ්ලොගී කෙලී ඉපදිලා තියෙන්නේ එසේ මෙසේ දවසක නෙවෙයිනේ... සැප්තැම්බර් 8වෙනිදා කියන්නේ මගේ ජිවිතේ අළුත් ආරම්භෙක ඇරඹුමක් සටහන් වෙන දවසක්... අද‍ දක්වා මේ විදියට ලියන්නත්.. මේ විදියට ජිවිතේ දිහා දකින්නත්.. මේ තරම් යාළුවෝ ගොඩක් මැද නිදහසේ ඉන්නත් මට යිය වෙන මගේ ජිවිතේ අනිත් අර්ධය පණ ලැබුවේ මීට හරියටම අවුරුදු 2කට කලින් සැප්තැම්බර් 8වෙනිදා‍වක..ජිවිතේ සිද්ද වෙන හැමදේකම හොද පැත්ත සරළ විදියට දකින්න මට පුරුදු කරන.. එහෙම කරන්න හිතහදාගන්න හයිය නැති වෙලාවට ජිවත් වෙනකොට ජිවිතේට මුණදෙන්නේ කොහොමද කියන දේ එයා දන්න සිමිත වචන ගොඩ අස්සේ අසීමාන්තිකව කියා දෙන.. සමහර අයට අනූව මට නොගැලපෙන.. තවත් අයට අනූව මට සෙට් වුනේ කොහොමද කියලා හිතා ගන්නවත් බැරි.. හැබැයි මට අනූව ම‍ටම ගැලපෙන.. මාව ඉවසන මාව දරාගන්න ඒ ආදරේ හැම සැප්තැම්බර් 8 වෙනිදාම ඇනිවසරියක් කියලා එකක් සමරනවා.. ඉතිං මට සැප්තැම්බර් වැදගත් නොවී කොහොමද?

ඔය එක්කම ජිවිතේ මොහොතවල් ගැන කාලයක් අපිට කවි වලින්... කතා වලින් කියාදීපු.. දැන් නම් ආදරේ නිසා රජකම නෙවෙයි සාහිත්‍යත් අමතක කරපු අපේ බෝමන් කොලුවා අද විවාහ උනා.. ඒ කියන්නේ සැප්තැම්බර් 9 වෙනිදා වන අද දවසේ.. (මේ ලියන්නෙත් ඒහේ ගිහින් ඇවිත්..) අදින් පස්සේ හැම සැප්.9 වෙනිදාකම උන්දෙන්නටත් ඇනිවරසරියක් තියෙයි.. ශෝක්..!!

‍ඔය උපන්දින..ප්‍රේමකතා අස්සේ තව දෙයක් තියනවා.. ඒ තමයි අපි හැමෝගෙම පොදු ආ‍දරේ සමරන්නෙත් සැප්තැම්බරේ වීම.. ඒ කිව්වේ... බිනර මහ කියන්නේ.. සාහිත්‍ය මාසය.. ‍‍‍අඩුවට පොත් ගන්න ඇඟිලි ගණින.. ජාත්‍යන්තර ‍පොත් ප්‍රදර්ශණය වගේම ගුණසේන වගේ ලොකු පොත් අලෙවිසැල් වල මාසය පුරාම වට්ටම් දෙන ‍මේ මාසය ගොඩක් පොත් ගුල්ලන්ට එක්තරා විදියක මඟුලක්නෙවැ.... සමහරු අවුරුද්ද පුරාම ඕකට ඇඟිලි ගණිනවා.. මේ මාසේ ප්‍රදර්ශනේ තියෙන්නේ සැප්18 ඉදන් 26 වෙනකම්.. ඔන්න දැන්මම දින වෙන් කරලා හරිබරි ගැහිලා සූදානම් වෙන එකයි ඇත්තේ.

ඉතිං වියදම් ටිකක් සැර මාසයක් උනත් මේ මාසේට මං ආදරේ නොකර කොහොමද... මේ තරම් ආදරණීය දේවල් සිද්ධ වෙනකොට....!


පිංතූරේ මෙතනින්

14 comments:

  1. මට නම් ඔය කොයි මාසෙත් එකයි......කොයිතරම් මතකයන් විශේෂතා තිබ්බත්...මොකක් හරි අබ්ලික් එකක් නම් සෙට්වෙනවාමයි....

    ReplyDelete
  2. ඔහෝ.. අමතක නොවන සැප්තැම්බර් 8.. මගේ බිරිඳගේ උපන් දිනෙත් එදානේ..
    කැමතිනම් මෙතනින් බලන්නකෝ
    http://jeew-jeew.blogspot.com/2010/09/blog-post_2983.html

    එතකොට අමතක නොවන සිංදුවකුත් තියෙන්නේ
    SEALED WITH A KISS......
    මෙන්න මෙතනින් බා ගන්න පුළුවන්
    http://music.gooddogie.com/

    ReplyDelete
  3. "මේ විදියට ජිවිතේ දිහා දකින්නත්.. මේ තරම් යාළුවෝ ගොඩක් මැද නිදහසේ ඉන්නත් මට හයිය වෙන මගේ ජිවිතේ අනිත් අර්ධය පණ ලැබුවේ මීට හරියටම අවුරුදු 2කට කලින් සැප්තැම්බර් 8වෙනිදා‍වක.."
    මේ කෑල්ල එයා‍ට සෑහෙන්න වදියි...
    සුශ පැතුම්

    ReplyDelete
  4. මාර සැමරුම් ලිස්ට් එකක්නේ ... සුභපතනවා ... ජය !!

    ReplyDelete
  5. මම ඇත්තම කියන්නද?
    මේක මුලින්ම කියවපු වෙලාවේ මගේ කඳුළුවලට ස්ක්‍රීන් එක බොඳවෙලා ගියා. ඊට පස්සේ ටිසූ එකකින් පිහලා තමයි ආයේ කියවන්න ගත්තේ. මේ තරම් ආදරේ දරා ගන්න මට දැන් ශක්තියක් නෑ වගේ. මැරංගි the emotional
    ඔයාව මුලින්ම හඳුන ගනිද්දි නෙට් එකෙන් මට පෙනුන ඔයා අදටත් ඒ විදිහටම රැඳිලා ඉන්නවා නංගී. ඒක මම ලංකාවේ සමාජේ කලාතුරකින් දැකපු දෙයක්. ඒක එක්ක මම ඔයාට තිබුන ආදරේ ඔයා මගේ පවුලේ කෙනෙක් හා හිතන්න බලගතු උනා. ඔයාගේ ගෙදර ආවම මම එහේම දුවෙක් උනෙත් ඒක හන්දාම වෙන්න ඇති. ඒ ආදරේට මම හරිම ආදරෙයි. ඔයාට මම ඔය තරම්ම බනින්න හේතුවත් ඒකමනේ.

    ReplyDelete
  6. මන් නම් කැමතිම මාස දෙකයි එකක් අප්‍රේල්. ගනුදෙනු සහ අළුත් ඇඳුමක් දෙකක් හම්බ වෙන නිසා අනික දෙසැම්බර්.. අවුරුද්දේ වැඩියෙන්ම බොන්න හම්බ වෙන මාසය

    ReplyDelete
  7. සැප්තැම්බර් දෙක කියන්නේ මටත් බොහෝම විශේෂ දවසක් නම් තමයි. නිකමට වගේ දිනය විතරක් එදා මතක් උනා.

    සාහිත්‍ය මාසය එනකම් ඉස්සර ඉස්කෝලේ යන කාලේ මමත් බලාන ඉන්නවා. අම්මාට දඩයක් දාන්න. ගුණසේන එකට තමයි ඒ කාලේ නම් ගියේ. මෙදා පාර මමත් යන්න හිතාන ඉන්නවා පොත් ප්‍රදර්ශනයට.

    ReplyDelete
  8. මමත් අතේ සල්ලි තිබුනු ලංකාවේ හිටපු කාලේ වැඩියෙන්ම ආදරේ කලේ සැප්තැම්බර් මාසේට වෙන මොනාවත් හින්දා නෙමෙයි සාහිත්‍ය මාසේ නිසා අඩු මිලට පොත් ගන්න පුලුවන් වීම නිසා. . එහෙම කිව්වට මහා ලොකු පොත් එකතුවක් නෑ මගේ . . .

    උඹට නම් නම්ම්ගේ මහා ගොඩක් හේතු තියෙනවා වගේ සැප්තැම්බර් මාසේ ආදරණීය මාසේ වෙන්න . . .

    ජය ජය . . . .

    ReplyDelete
  9. ම්...සැප්තැම්බරය ගැන ලස්සන ලිපියක්.

    සැප්තැම්බරය කිව්වම මට ටුක් ගාලා මතක් වුනේ සැප්තැම්බර් 11 "what a day".

    ඔබට මේ තරම් සමීප සැප්තැම්බරයට ජය වේවා.තව තව සතුටු සිදුවීම් වැලැක් මේ මාසයේම සිදුවෙන්න ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  10. මීට අවුරුද්දකට කලින් නම් මටත් සැප්තම්බරය ගොඩක් වැදගත් වුනා ඒත් යම් යම් හේතු නිසා අකමත්තෙන් වුනත් ඒ සැප්තම්බරය අමතක කරන්න තවමත් උත්සහ කරනවා.

    ReplyDelete
  11. හැබෑටම මලියෝ බ්ලොග් ලිවිල්ල පටන් ගත්ත දවසේ ඉඳන් ඔයා ලියන ඒවායි ම‍ගේ ජීවිතෙයි අතර මට පුදුම සමාන කමක් දැනුනා.. දැන් බැලින්නම් මේ මාසෙත්. හිහි.
    නියම සටහන.. ජය වේවා සැප්තැම්බර්!!!

    ReplyDelete
  12. මටත් ඉස්සර කිසිම මාසෙක විශේෂත්වයක් තිබ්‍රණෙ නෑ. ඒ වුණාට ඇතැම් මාස විශේෂ කරගත්තම ජීවිතේට ලැබෙන වෙනස සෑහෙන්න වැදගත් මේ එකම විධියට ගෙවෙන ජීවිතේට. ඒ නිසා ඔය පොඩි පොඩි විශේෂ අවස්ථා වලට පොඩ්ඩක් අවධානය යොමුකරනවා මම. අවුරුද්දෙ මාස කීපයක්ම විශේෂයි මට :-)

    ReplyDelete
  13. හරියට හරි මහා දාර්ශනික කතන්දරයක් නෙමෙයි වුනත් අපිට ජීවිතේ පොඩි පොඩි දේවල් මාර සිරා වෙන වෙලාවල් තියෙනවා. මටත් සාහිත්‍ය මාසෙ ඇරුනාම කැම්පස් එකේ පොඩි කතන්දරයක් ඇරුනාම සැප්තැම්බර් වල ලොකු දෙයක් නෑ.. ඇත්තටම මට එල කියලා කියන්න මාසයක් නැද්ද මන්දා..

    ReplyDelete
  14. Sweet September..! මල් මල්..!
    car එක ගෙනල්ල පොඩි රව්මක් දැම්මා.. he he same here..!

    ReplyDelete