මං හිතන්නේ මේ දවස් වල කට්ටිය ගොඩක් බිසී පාටයි.. බලන බලන අත පොත් ගැන කතා වෙනවා දකිනකොටත් හිතට හරි සංතෝසයි.. ඊයෙන් පටන් ගත්ත කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයට ඊයේම ගියපු අයත් ඉන්නවානේ.. සංතෝසයි.. අප්‍රමාණ සංතෝසයි... ගිය අවුරුදු වල නම් මේ වෙනකොට මමත් ගිහින් ඒත් ඉතිං මේ අවුරුද්දේ ටිකක් පහුවෙලා යන්න..ඒ කියන්නේ සතිමැද දවසක යන්න හිතුවා සෙනග නැති වෙලාවක නිදහසේ තොරගන්න.. මොකද වෙන අවුරුදු වල නම් ගන්න ඕන පොත් ලැයිස්තුවක් හදන් ගිහින් ඒ ටික හොයලා අරගත්ත එකනේ කලේ.. ඇත්තම කියනවා නම් මුළු ලැයිස්තුවම ඉවර වෙන්න ගන්න හම්බ වෙලා නම් නෑ කවදාවත්...! හික් හික්...!
ඒත් ඉතිං මේ අවුරුද්දේ එහෙම ලැයිස්තුවක් හදාගන්න බැරි උනා.. අපි දැන් හෙන බිසී මිනිස්සුනේ..ඉතිං යාළුවෙක් කිව්වේ මේ සැරේ තියන පොත් වල ලැයිස්තුවක් හදන් වරෙන් කට්ටිය ලග නැති පොත් බලලා ගමු කියලා.. ඒකත් හොදයි වගේ අදහස.. එතකොට ඉතිං සමාදානයේ බෙදා හදාගෙන කියවන්න පුළුවන්.. අඩු වියදමකින් වැඩි වැඩකොටසක්..!
ඒ වුනාට ඉතිං ඔය බෙදා හදා ගැනිල්ල එපා වෙන්නේ.. කියවලා දෙන්න අරන් යන පොත්
ආයේ ගෙනත් නොදිල්ල..! අර කියන්නේ "ස්ත්‍රී රත්නං පුස්තක රත්නං පරහස්ත ගත්තං ගතං ගතං.." කියලා.. අනේ විහිළුවට වගේ කිව්වට.. ඔය වගේ අත්දැකීම් වලට මුහුණ දීලා තියන අය තමයි ඒකේ වේදනාව දන්නේ..! අපි ඉතිං සල්ලි වලට කරගන්න දෙයක් නැති කමට පොත් ගන්න මිනිස්සු නෙවෙයිනේ.. උවමනාවට ආසාවට අනිත් වැඩ දාහක් පස්සට දාලා ඒ සල්ලි වලින් පොත් ගන්න අය නිසා සල්ලි දීලා ගත්ත පොතක් කවුරු හරි ගෙනිහින් ගෙනත් නොදෙනවා කියන්නේ ඇගෙන් ඇටයක් යනවා වගේ වැඩක්..! ඔය වගේ දීපු පොත් වලින් ආපහු ආවේ නැති පොත් ගොඩයි.. කියවන්න අකමැති පොත් නම් නැති උනත් කමක් නෑ කියලා හිත හදාගත්තැහැකි.. ඒ උනාට
කාන්තාරයේ කුසුම,කවදාද මං ආයේ පාසැල් යන්නේ, කෆ්කා මුහුදු වෙරළේ, අටවක පුත්තු වගේ පොත් ගැන මතක් වෙද්දි හීල්ලෙනවා..!මොකද පෞද්ගලික පොත් එකතු තියාගන්න ආස අයට එකවතාවක් ගත්ත පොතක් නැවත වතාවක් ගන්න වෙනවා කියන‍්නේ හරි අපරාදයක්..! ඒත් අවශ්‍ය පොත් නොගෙනත් බෑ...!!
අනේ මේ ඉල්ලීම පොත් ගන්නේ නැතිව අනුන්ගෙන් ඉල්ලං කියවන අයට.. අනේ පොත් ගෙනිච්චට කමක් නෑ.. ආයේ අයිති කාරයට හැකි ඉක්මනින් ලැබෙන්න සලස්වන්න..!පොත් ආයේ ඉල්ලන එක පෙරේත කමක් වත් ලෝබ කමක් වත් නෙවෙයි.. ඒක එක්තරා ආත්මාර්ථකාමී ආදරයක්! මොකද කවුරුවත් තමන්ගේ කසාද නෝනව වත් මහත්තයා වවත් තව කෙනෙකුට ගෙනිහින් තියාගන්න දෙන්නේ නැහැනේ.. ඒ වගේ තමයි.. පොත් වලට පණ නැති උනාට.. වෙලාවකට පණ එනවා.. මාව විශ්වාස කරන්න..! පොත් කියන්නේ හරිම ප්‍රේමණීය ආදරයක්.. ලේ සුවද දැනෙන සහෝදරකමක්..! අනේ ඒ බැදීම විනාස කරන්න එපා..! තමන් ලග තියන අනුන්ගේ පොත් අයිතිකාරයටම දෙන්න.. බලන්න ඒ වෙලාවට ඒ කෙනාගේ මූනේ කොයි තරම් ලස්සන හිනාවක් ඇදෙයිද කියලා.....!!!
සමහර වෙලා වලට මගෙන් පොත් ඉල්ලගෙන යන අය ආපහු ගෙනැල්ලා දෙන්නේ නැතු වුනාම පොඩ්ඩක් තරහා යනවා තමා..! ඒත් සමහර වෙලාවට හිතෙන්න ගන්නවා අනේ මූ පොත හොරකං කලාට පරීස්සමට තියාගෙන ඉන්නවා නේද කියලත්.., ඒත් ඊට වඩා මට නං පුෂ්පය jump වෙන්නේ ඉල්ලගත්තු පොත් ආපහු ගෙනැල්ල දෙත්දී පොත ඇතුලේ බත් ඇට.., කොල නවලා එහෙම තිබුණාම..! මම එහෙම කල අයට අනන්තවත් බැනලා ඇති..! තරහට නෙවී.., ඊට පස්සේ වත් හැදෙන්න..!
ReplyDeleteමම ඉස්සල්ලාම ගත්තෙ , මහගම සෙකරගෙ තුංමන් හන්දිය, මා ගාව තිබුනා බිම්ගෙය සිරකරුවා, බැද්දෙගම හා තවත් ගොඩක් කතා. සාහිත්‍ය පොතෙ තිබෙන පාඩම් වල මුල් පොතම කියවන්න ගත්තෙ. මගෙන් ලොකු අයියා කෙනෙක් බිම්ගෙය සිරකරුවා පොත ගෙදරටම ඇවිල්ලා ඉල්ලගෙන ගියා, ගෙනත් දුන්නෙ නැහැ. ඉතින් දවසක් මම උන්ගෙ ගෙවල් හොයාගෙන ගියා පොත ගන්න. ඌ රට ගිහිල්ලා. ඌ රට ඉදලා ආවට පස්සෙත් ගියා. ඌ ගාව එහෙම පොතක් නැහැල්ලු, ඌ එක මගෙන් අරන් ගියෙ නැහැල්ලු. රුපියල් 352 යි 2000 දි. සල්ලි වලට වැඩිය ගොඩක් වටිනවා, එකෙ ඇතුලෙ තිබුනු රුසියන් සාහිත්‍යයෙ විකශනය. ඉට පස්සෙත් මිනිස්සු මගෙන් පොත් පත් ඉල්ලන් යනවා. මම එක මට නැති වෙන බව දැන දැන දෙනවා. මොනා කරන්නද කවුරු හරි කෙනෙක් දෙයක් ඉල්ලද්දි නැහැ, බැහැ කියන්න දිව නැමෙන්නෙම නැහැනෙ.. මෙව්වා අපෙ වැරැදි නෙමෙ දෙමව්පියන්ගෙ වැරැදි හරියට හදලා නැහැ. නාස්ති කාර පුත්තු.
ReplyDeleteහී හී හරියට හරි.. මටත් තියන ඉල්ලීමක් තමයි ඕක.
ReplyDeleteඔන්න මම නං ඊයෙම ගියා :) හැබැයි ගිය පාර තරම් පොත් ගොඩක් ගන්න හම්බ උනේ නෑ :(
පොත් නැති නිසා නෙවෙයි. තව වෙන වෙන වැඩ කර ගන්නත් සල්ලි ඉතිරි කර ගන්න ඕනෙ නිසා
හ්ම්ම්ම්
දැන් කාලෙ නන් ඔය පොත් අනුන්ගෙන් ඉල්ලන් බලන පුරුද්ද හරි අඩුයි (හේතුව නන් මන් දන්නෙ නෑ..මාන්නෙද දන්නෙ නෑ ).දැන්වෙලා තියෙන්නේ පොත් සල්ලි දීල අරන් කියවන්නෙ නැතුව තියාගෙන ඉන්න එක.පොත් ප්‍රදර්ශනේට එන දහස් ගනන් මිනිස්සු පොත් ගන්නව.ලක්ශ ගනන් පොත් විකිනෙනව.ඔය පොත් ඔක්කොම අපේ මිනිස්සු කියෝනව නන් කොතරම් අර්ථවත් සමාජයක් හැදෙන්න ඕනද?මම නන් කියන්නේ පොත් හොරකන් කරන සමාජයක ජීවත් වෙන එක හොදයි දේපල හොරකන් කරන මිනී මරන සමාජයක ඉන්නවට වඩා.හැබැයි ඒ මිනිහ පොත් හොරකම් කරන්නේ පොතට තියන ආසාවටද කඩල ඔතන්නද කියල හොයල බලන්න ඕන.
ReplyDeleteප.ලි-බලනකොට ඔක්කොම යන්නේ ඉන්නේ සතියෙ දවස් වල වගේ...සති අන්තෙටත් වඩා සෙනග වැඩි වෙයිද දන්නේ නෑ
මළා... මං ගාවත් අනුන්ගේ පොත් දෙකක් තියෙනවා.....
ReplyDeleteඅදම දෙනවා. ස්තුතියි සටහනට
මේ වගේ සිදුවීම් වලට මුහුනදෙන අය ගැන මම ඕනේ තරම් අහලා තියෙනවා. හරිම කනගාටුවක් ඒක. තමන් ආදරේ කරන දේවල් අනිත් අයට කවදාවත් ඒ විදියට දැනෙන්නේ නෑ. අනික අපි යමක් ගනිද්දි ඒක අස්සේ ආදරණීය මතක තියෙන්න පුළුවන්. මේ වගේ දෙයක් මටත් උනා. 2008 මට පෙපේ හා සන්ජි සිංහල පොත් වගයක් එව්වා. මගේ ජීවිතේටම සිංහල පොත් මට තෑගි හම්බ උනේ එවෙලේ. ඉතින් මම ඒවා හරිම ආදරෙන් තියා ගත්තා. ඔය පොත් මගේ කාමරේ ලස්සනට පේන්න තියලා තියෙද්දි එක්කෙනෙක් ඇවිත් අනේ ඔයා ළඟ නම් ලස්සන පොත් තියෙනවා නේද කියලා ඇහුවාම මම නම් සිංහල පොත් කියවනවා අඩුයි. ඒත් මේ ළඟදි මගේ ලංකාවේ යාළුවෝ එවපු පොත් ටිකක් නම් තියෙනවා ඕනේ නම් කියවන්න දෙන්නම් හැබැයි ඒවා මගේ ජීවිතේ වගේ කියවලා දෙන්න කියන පොරොන්දුවත් එක්ක පොත් දුන්නා එයාට.
ReplyDeleteඑයා කාලයක්ම පොත් ආපහු ගෙනත් දුන්නේ නෑ. අවුරුද්දකට විතර පස්සේ මම කෝල් කරලා ඇහුවා ඔයා ගාව මෙන්න මේ පොත් තියෙනවා අනේ මට ගෙනත් දෙන්න කියලා. මොකක්ද දන්නවද උත්තරේ උනේ ' අනේ ඔයා මට එහෙම පොත් දුන්නේ නෑ.එකක් දෙකක් දුන්න මට තියාගන්න කියලා. ඒවා හැර මම ගාව එහෙම එහෙම පොත් නෑ' කියලා.
මම එවෙලේ කීවා මට ඕනේ දෙයක් අගය නැති වෙන්න පුළුවන් ඒත් ඒත් මට යාලුවෙක් දෙන ඕනේම දෙයක් වටිනවා. මම කවදාවත් මගේ යාළුවෝ දෙන කිසිම දෙයක් කාටවත් දෙන්නේ නෑ තියාගන්න කියලා ෆෝනෙ එක තිබ්බ තිබ්බාමයි අදටත් මට ඒ වගේ මිනිස්සු ගැන දැනෙන්නේ හරිම තරහක්. එදායින් එදාට මම ලංකාවෙ කෙනෙකුට කිසිම දෙයක් දෙන්නේ නෑ ආපහු ගන්න බලාගෙන නම්.
දානව කියල මෙහෙමත් වමනෙ දානවද? :P
ReplyDeleteමටත් ඔය පොත් අරන් ආපහු ගෙනත් නොදෙන යාළුවෝ ඕනතරම්... ඒ පොත් සමහරක් මම ආපහු ගත්තා. සමහර ඒව තාම හොයනවා... කරන්න දෙයක් නෑ ඉතිං පොත් නොදී ඉන්නව හැර. හැබැයි කීප දෙනෙක් ඉන්නවා අනිවාර්යයන්ම පොත හොඳට පරිස්සම් කරල ගෙනත් දෙන. තාමත් එයාල එක්ක නම් පොත් ගනු දෙනු තියෙනවා...
මතකයේ හැටියට මේ සැරේ ප්‍රදර්ශණය තියෙන්නෙ 9වෙනි වතාවට වෙන්න ඕනි, මේ දෙවෙනි සැරෙටත් වැඩේ දෙල්..යන්න වෙන්නෙ නෑ...මොනව කරන්නද???
ReplyDeleteදාලා තියෙන comments වලට සම්පුර්ණයෙන් එකඟයි...තවත් කෙනෙක් පොතක් ඉල්ලගෙන ගිහින් ඒ පොත රසවිඳලා ආයේ ගෙනත් නොදුන්නොත් හරි, පොත කාබාසිනියා කරලා ගෙනත් දුන්නොත් හරි හිතට දැනෙන දේ ගැන කියන්න වචන නෑ...!!!
මේ සටහන් කියවලා, මගෙන් ඉල්ලාගෙන ආපහු නොදීපු මැකී ගිය දඩමං, සුදු වැද්දා, වගේ පොත් මතක් වෙලා හීල්ලුනා. ඔය වගේ මගේ නැතිවුණු පොත් නම් අනන්තයි,,,
ReplyDeleteඅනේ කවුරුවත් එහෙම නොදී නම් ඉන්න එපා, සමහර පොත් තමයි මගේ ජීවිතයේ මතක සටහන්, ඒ නිසා නැතිවූ පොතක් අලුතින් ගත්තත් අඩුව නම් මැකෙන්නෙ නැහැ.
කිරි සප්පයා අම්ම ළඟ තියලා මමත් ඊයෙම ගියානෙ පොත් බලන්න,,
මම නම් පොතක් දෙනව නම් දෙන්නේ දුන්න කෙනාගේ නම සහ පොතේ නම ලියාගෙන... නැත්තම් මට අමතක වෙනව...
ReplyDeleteහැබැයි කවුරු හරි ඒ පොත ආපහු ගෙන්ත් දුන්නෙ නැත්තම්..ආයේ නවදාවත් මම පොත් නම් දෙන්නේ නැහැ...
හැබැයි මම පොත් තෑගි දීල තියෙනව.එහෙම කරන්නේ මා ලග තවත් ඒ වගේම පොතක් තියාගෙන... ඒ පොත දකින කියවන හැමවෙලාවකම මට මතක් වෙනව.. මම අරයටත් මේ වගේම පොතක් තෑගි දුන්න නේද කියල...
ඇත්තටම මලී... හොද ඉල්ලීමක් තියෙන සාධාරණ ලිපියක්...
ඈත්තටම මලී ඔයාගේ ලිපියේ අන්තිම කොටස නම් මමම ලිව්වා වගේ.කොහොම උනත් ඔයා බ්ලොග් එකට ආපු එක ගෑනත් සංතෝශයි
ReplyDeleteමගෙනුත් පොත් ඉල්ලන් ගිය කස්ටිය කරුණාකරලා ගෙනත් දෙන්ඩ හොඳේ.. ලස්සේ මම නරක මිනිහා කියන්ඩ එපා....
ReplyDeleteමචෝ, උඹේ පොතක් සහ ආගා ගේ පොතක් මා ගාව තියේ. මට ඒක අමතක වෙලානැහැ. කොහෙද අපි ඊට පස්සේ හම්බ උනේ නැහැ නෙව පොත් ටික ආපහු දෙන්න. 24 එන කොට මම පොත් ටික ගේනවා. අහ්, ඒක නෙමෙයි මම ඊයේ ගියා බලන්න පොත් ප්‍රශර්ශනය. ඇඟේ හැපෙන ගාණට සෙනඟ. :/
ReplyDelete24 සෙට් වෙමු.
හැබෑට මට පෙන්නන බැරිජාතියක් ඔය පොත් ගෙනිහින් ගෙනත් දෙන්නේ නැති උන් දැන් මන් කවුරු හරි එනකොට පොතක් පේන්නවත් තියන්නේ නැහැ
ReplyDeleteඔය පොත් ගෙනිහින් ගෙනත් දෙන්නේ නැති උන් ඊලඟ ආත්මේ කාවෝ වෙලා ඉපදෙන්න ඕනේ
උන්ගේ @$^#&*(#(%&$#%$%$&%@#^$ :-D
ReplyDelete@ මරේ, අම්මෝ ඔය වගේ කොහොමද කියන්නේ? සැර වැඩි නැද්ද එහෙම කියන එක?
ReplyDelete