සුනේත්‍රාවෝ
මම මේ දවස් වල ගෑණියෙක්ට ආදරේ කරනවා...!!!!!
සැප්තැම්බර් මාසේ සාහිත්‍යමාසය කියලා මං මේ ලියන කීවෙනි වතාවද මන්දා ගණන් ගන්න එපා තාම ප්‍රදර්ශණේට යන්න බැරි උනා ඉතිං තාම උණ හොද වෙලා නෑ.. මේ දවස් වල සහලෝලා උනකින් පෙලෙන ගමන් ඉන්නේ.. ඒ උනාට කෂණික සහනය වගේ මේ ටිකේ හිතට වදින හොද පොත් ටිකක් කියවන්න ලැබුනා...එකම ලේඛිකාවකගේ.. මම සාමාන්‍යයෙන් පරිවර්තන නොවන සිංහල පොත් ගන්න වැඩිය කැමති නැහැ.. කාලයක් ඒ පොත් කියවන්නේවත් නැතුව හිටියා ඒත් දැන් හිතෙනවා හරි අපරාදේ කියලා..ඒ අදහස ඇති උනේ මේ පාර පුස්තකාලෙන් ගෙනාව සුනේත්‍රාගේ පොත් ටිකක් නිසා.. මුලින්ම කියෙව්වේ "බත් තරංග". පොතේ පිටිපස්සේ තියනවා බොහීමියානු ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා ඒ වචනේ තේරුම
දන්නේ නැති උනාට පොත නම් මට හොදට අල්ලලා ගියා.. කොළඹ පහමාරේ මිනිස්සු ගැන බත් අම්මාගේ කුරු පුතා මේසේ යටට වෙලා කරන රේඩියෝව දිගේ අපිට කතාවක් විදියට දෙන එක තමයි බත් තරංග පොතේ තියෙන්නේ.. එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.. ඇත්තෙන්ම මම ගොඩක් රස වින්දා....
බත් තරංග වලින් පස්සේ අතට ගත්තේ සුනේත්‍රාගෙම මතක පොත .............................................................
මේක සරළවම තීරු ලිපි පෙලක්.. සුනේත්‍රා එයාගේ ජිවිතේ දවස් ගැන ලියපු.. මතක පොත රාත්‍රීන් ගණනාවක් සුනේත්‍රාවයි මාවයි එකට තිබ්බා... බස්එකේ ඔෆිස් එකේ.. ගෙදර.. හැම තැනදිම මගේ හිතේ ඇවිද්දේ සුනේත්‍රා.. ඒ මං හිතන්නේ මගේ හීන වලට සුනේත්‍රා පණ දීලා හින්දම වෙන්න ඇති.. මේ වෙනකන් මගේ හැබෑ ජිවිතේ ඉටු කරගන්න බැරි උනු දේව
ල් නිදහසේ සුනේත්‍රා ලගා කරගෙන තියෙන හැටි කියවනකොට ඇත්තටම පොඩි ඊරිසියාවක් එක්ක ලොකු සතුටක් ඇතිවෙනවා.. බෑග් එකක් විතරක් අරගෙන තනියම පාරවල් දිගේ ලෝකේ දකින්න යන එක කොයි තරම් සතුටක්ද? ඒ විතරද ඈ රස විදින සාහිත්‍යය...! ඈ ජිවිතේ විදින අපූරුව.. නිදහසේ මිනිසුන් එක්ක ගණුදෙණු කිරීම... මං හිතන්නේ ඒක අපේ රටේ ගෑණුන්ගෙන් බොහොම ටික දෙනෙක්ට විතරක් විදින්න ලැබෙන අඩු පිරිසක් විදින්න කැමති තත්වයක්..! ඇත්තටම ලග හිටියා නම් සුනේත්‍රාව බදාගෙන ලොකූ උම්මා එකක් දෙනවා හැමදාම උදේට අම්මට දෙනවා වගේ.. ඒ තරම් ලොකු ආදරයක් මේ වෙලේ ම
ගේ හිතේ එයා ගැන තියෙන්නේ...මම මෙච්චර වෙලා කිසිම ගෞරවයක් නැතුව සුනේත්‍රා සුනේත්‍රා ගෑවේ මහ ලොකු ගෑණියෙක් වගේ.. ඇත්තටම එහෙම නෑ මං ඇයට ගරු කරනවා ඒත් මං හිතනවා සුනේත්‍රා රාජකරුණා මහත්මිය මට දැනෙන විදියට වැඩි ගරු නම්බු වලට වඩා සරළ හිතවත් අමාත්‍රණයකට වඩා කැමති ඇති...!
ස්ට්‍රෝබෙරි
අපි ඉතිං හද්ද පිටිසර ඩොටේ ගොඩේ මිනිස්සුනේ.. අපිට කොයින්ද පොශ් කෑම.. ! කිව්වට විශ්වාස කරන්න මං මේතාක් කාලෙකට ස්ට්‍රෝබෙරි කාලා නෑ.. අයිස්ක්‍රීම් වල එහෙම තියන ස්ට්‍රෝබෙරි රස නම් ඈක්කා.. මට පේන්න බෑ.. මං කැමති වැනිලා රසටනේ....! ඒ වුනාට මේ පලතුරු සීසන් එකනේ.. පහුගිය මාසේ එහෙම සීසනල් ෆෘට්ස්.. එහෙම නැත්තං වාරෙකට විතරක් හැදෙන පලතුරු වැඩියෙන් එළියට ආවා දකින්න ඇතිනේ.. මං කටුලොවි කෑවා.. එතකොට ගල්සියඹලා.. ගඩුගුඩා.. දිවුල්.. අලිපේර.. සේරම ජාති ටික කෑවා.. හැබැයි ඉතිං රඹුටන් නම් මිස් උනා.. මොකෝ මේපාර රඹුටන් වාරේ පටන් ගන්නකොටම මට උගුරේ අමාරුවක් ආවානේ.. ඩොක්ටර් අන්කල්ට ලෙඩේ කිව්වා විතරයි එයා ගත් කටට ඇහුවේ මෙයා මේ ටිකේ රඹුටන් එහෙම වැඩිය කෑවද කියලයි.. ඇත්තයි සත්තයි එතකොට මං මේ අවුරුද්දට රඹුටන් ගෙඩියක් අතින් අල්ලලා තිබ්බේ නෑ.. ඉතිං එහෙව් එකේ අර වගේ කතාවක් ඇහුවම දුක හිතෙනවානේ.. එදා එදා ඉදන් මේ වාරෙටම තාම කෑවේ
එකම එක රඹුටන් ගෙඩියයි...! :(
එංගේ පෝරීංග ඇහුවම මල්ලේ පොල් කිව්වා ඇතිනේ..
දැන් ස්ට්‍රෝබෙරි දිහාවට හැරෙමුකෝ..මම කවදාවත් ස්ට්‍රෝබෙරි කාලා නෑ කිව්වනේ..
ඒවුනාට මං එව්වට
හරි ආසයි.. ඒ ලස්සන නිසා.. පාට හා හැඩය නිසා.. ගන්නවා ගන්නවා අරන් කනවා කියලා හිත හිත හිටියට හැමදාම කලේ ඕක පස්සට දාන එකමයි.. ඉතිං අද ටවුන් ගිය වෙලේ පෙට්ටියක් අරන් කෑවා.. ඔන්න ලියලා තියා ගන්න.. වාද්දුවේ මහජන බැංකුව ඉස්සරහදි බස් එක ඇතුලෙදි මං මගේ ජිවිතේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ගෙඩියේ රස බැලුවා.. හ්ම්ම්ම්.. වරදක් නෑ.. ඉතිං. හොදා...!
කුමාරොදය
අද අපේ අල්ලපු ගෙදර නංගි ගේ හැපි බර්ත් ඩේ එක.. අනේ පව් එයාට නම් ඉතිං වැඩිය හැපි නැතුව ඇති.. මොකෝ එයාගේ තාත්තිත් රටනේ ඉන්නේ.. ඒ මිනිහා තෑගි එවන්නේ නෑ.. එනකොට ගේනවා විතරයි.. අද උදේ තාත්තිත් එක්ක ස්කයිප් කතාකරද්දි මේ පොඩි එකී තාත්තිට කියලා මට ඉතිං කවුරුවත් තෑගි දෙන්නේ නැහැනේ කියලා..එයාගේ අම්මිට කොහේවත් යන්න විදියක් නෑ මල්ලි බබා තාම පොඩිම පොඩි හින්දා.. ඔය කතාව නගාගේ අම්මා කිව්වේ අද අපි එයාට ගෙනාව තෑග්ග වැට හරහා කිරිබත් ගෙනාපු පිගාන උඩින් නගාගේ තෑග්ගත් තියලා දෙද්දියි.. පොඩි එකී නම් තෑග්ග උස්සන් ගෙට දිව්වා අම්මා අපිත් එක්ක කතාව කිව්වා.. අපිත් ඉතිං ලොකු තෑගි වලට නෙවෙයි පොත් ටිකක් තමා දුනේනේ.. කතා පොතකුයි.. ඩොට් ටු ඩොට් පොතකුයි.. ස්ටිකර් ෂීට් එකකුයි එක්ක කුමාරොදය තියනවා දැකලා එයාට ලබන අවුරුද්දට ඕන කරන පොත ගත්තා.. අර කතාව දැනගෙන හිටියා නම් තව මොන මොනා හරි දෙවනවා.. පව්නේ කෙල්ල..
කොහොම උනත් ඉතිං කාට දෙන පොතක් උනත් මගේ සමීක්ෂණයට භාජනය කරලානේ මම දෙන්නේ.. ඉතිං අර කතාපොතටත් කලින් කුමාරොදයට අත ගියා.. පුරුදු පොතනේ.. ඉස්සර අම්මා මට පොත් සෙට් එකම අරන් දීලා තිබුනා.. දැන් පොත් ඉස්සර වගේ නෑ පිංතූරත් අළුත් වෙලා.. පාට පාට වෙලා.. අපේ කාලේ මට මතකයි මට මතකයි පුංචි කාලේ මං කිවියට තිබ්බේ ආතා මිදුලේ කෝට්ටකින් චිත්‍රයක් අදින පිංතූරයක් නේද? මට මතක එහෙමයි ඒ වුනාට දැන් පොතේ ඒ චිත්ත්‍රේ නෑ.. ඒ වගේ වෙනස් කම් වෙලා.. දැන් ලොකේ දියුණුවත් එක්ක දරුවන්ට ලැබෙන දේවලුත් වෙනස් වෙනවා...! ශෝක්..!
මේ, දන්නවද? අපි පොත් ගන්න ගිය වෙලේ සුනේත්‍රා රාජකරුණා මහත්මිය හිටියා. මම එයාට කියල අපි ගත්තු, මේ පාර ස්වර්ණ පුස්තක සම්මානය දිනූ පොතට අත්සනක් ගත්තා :) ;) හික්... කොහොමද ටිකිරි මොලේ? :D
ReplyDeleteසුනේත්‍රා මහත්මියගේ පොදු පුරුෂයා පොත තමා මම මේ දවස් වල කියවන්නේ. පෙරදා කෙටි පණිවිඩය හා දිග කතා කියවලා ඉවර කලා. ඒක කෙටි කතා එකතුවක්..! තව බත් තරංග, පූර්ව ජන්ම අපූර්වය හා මතක පොත දෙවෙනි කොටස කියවන්න තියෙනවා..!මේ කාන්තාව අතින් ලියැවෙච්චි පොත් වලින් මම මුලින් ම කියෙව්වේ රිදී තිරාංගනාවි පොත..! ඒදා ඉඳන් සුනේත්‍රා මගේ පොත් රාක්කේ විශේෂ තැනක් හිමිකරගෙන හිටියා හැමදාක ම.
ReplyDeleteඅක්කෙ මාත් ඊයෙ පෙරේද පොත් කියවන්න පටන් ගත්තෙ......එක්සිබිශන් එක බලන්න යන්න කලින් දවසෙ මට දුමී අයිය කිව්ව සුනේත්‍රා රාජකරුණා මහත්මියගෙ පොතක් ගැන මන් ඒක කියෝල දැන් මාර ගතියක් තියෙන්නෙ....එක්සිබිශන් එක ඉවරවෙන්න කලින් ගිහිල්ල එයාගෙ තව පොත් ටිකක් ගන්න ඕනෙ
ReplyDeleteසුනේත්‍රා රාජකරුණා ගැන කියද්දි මම නන් හරිම අවාසනාවන්තයෙක්. මොකද මම එයාගෙ එක පොතක්වත් කියවලා නැහැ. මේ දෙවෙනි වතාවටයි එයා ගැන මෙහෙම හොඳ විස්තරයක් අහන්නෙ. මීට සති කීපයකට කලින් මේ විදිහටම මගේ නංගි කතාකරපු වෙලාවක ටෙලිපෝන් එකෙන් ලොකු විස්තරයක් දුන්නා. කොහෙද, අපිට ගිහින් පොතක් ගන්ඩවත් වාසනවක් නැහැ. කවුරුහරි එවනකන් ඉන්ඩ තමයි වෙන්නෙ....
ReplyDeleteමගෙ ගාව රිදී තිරංගනාවි තිබුණා. අවුරුදු කීපයකට කලින් මගේ බොහෝ පොත් වලට වී ඈති පරිදි කියවන්න ගත්තු කෙනෙක් ගෙනත් දුන්නෙ නෑ...
ReplyDeleteඒක නම් නියම පොතක්... අර කිව්ව වගේ එක දිගට කියවගෙන යන්න පුළුවන්.
සුනේත්‍රාගේ අනිත් පොත් ගැන නම් මම දන්නෙ නෑ... මොනව වුණත් ලංකාවෙ පොත් ලියන කාන්තාවො අතලොස්ස අතර ඈය බොහොම ඉදිරියෙන් කියල හිතෙනවා...
වතාවක් නුවර එළියෙ ට්‍රිපක් ගියපු වෙලේක අපි හිටපු ස්ථානයේ ගෙදරක අංකල් කෙනෙක් තමන් හිටවපු ස්ට්‍රෝබෙරි ඈති තරම් අපට කන්න දුන්නා.... මමත් ස්ට්‍රෝබෙරි රස තියෙන කෑම ජාති වලට කැමති නැතත් පළතුරක් විධියට නම් මරු.
කුමාරොදය නම් මම ඒ තරම් ඈසුරු කරල නෑ... තාමත් මේ තරම් මැටි ඒකනේ....
මමත් ඔයා මේ කියන පොත් එකක්වත් කියවලා නෑ. ඉතින් නෝ කොමන්ට්ස්...
ReplyDeleteඒත් අර කක්කි බබෙක් වගේ ගත්ත ගම්න් ස්ට්‍රෝබෙරි කෑව එකට නම් දෙකක් කියන්නම ඕනෙ. ස‍්ට්‍රෝබෙරි කියන්නේ ලෙඩ ගොඩක් ගේන පළතුරක්. බැක්ටීරියා හොයාගෙන එන එකක්. ඉතින් දැකපු ගමන් මෙහෙම කන්න හොඳ එකක් නෙමෙයි ඒක. හොඳට හෝදලා කන්න ඕනේ පලතුරක් ඒක.
අනික සාමාන්යෙන් ස්ට්‍රෝබෙරි විතරක්ම කන්නේ නෑ. මෙන්න හදා ගන්න ක්‍රමයක්.
හොඳට වතුර බේසින් එකක දාලා හෝද ගත්ත ස්ට්‍රෝබෙරි මුල පැත්ත කපලා අයින් කරලා හතරට කපා ගන්න. ඊට පස්සේ සීනි හ දෙහි යුශ ටිකක් දාල ෆ්‍රිජ් එකෙන් තියල ටිකකින් කන්න. තියෙනවා නම් මවුන්ට් කරපු ක්‍රීම් ටිකක් දාගත්තා නම් තවත් සුපර්...
දකින දකින පලියට මේ වගේ පළතුරු කන්න එපා කියලා විතරක් මතක තියාගන්න.
ආ අර රඹුටන් නොකෑවාට බොහොම ස්තුතියි. මට එක ගෙඩියක්වත් දුන්නෙ නෑ. දන්න තරමින් මම ලොවි වගේ ඒව නම් කන්නේ නෑ. කොහොමත් මේ පාර මගේ පංගුව වඬුරෝ කාලා තිබ්බානේ.
මට එපා වෙලා අය්යෝ...!
ReplyDeleteමලි, පහල තියෙන් ලින්ක් එක බලන්න.
ReplyDeletehttp://sinhala-bloggers.blogspot.com/2010/09/blog-post_23.හ්ට්ම්ල්
මම මේ ලිපියට අදාල cඔම්මෙන්ට්ස් දිගේ හයනකොට තමය් උඩ තියෙන බ්ලොග් එකට ගියේ. http://magekathandara.blogspot.com/2010/09/blog-post_04.හ්ට්ම්ල්
මට මේ ලිපිය හොන්ඩට පුරුදු වගේ නිස ගූග්ලෙ වල සේර්ච් කරල බලුවෙ. copy කරලා වගේ දනුන නිසය් මේ සටහන ලියන්න හිතුනෙ.
කොළඹ අවට ඉන්න අයට නම් ස්ට්‍රෝෙබරි කන්න හොඳම තැන තමයි ජැග්‍රෝ. මහජන පුස්තකාලේ ගාව කොට්න් කලෙක්ෂන් එකේ පොඩි ස්ටෝල් එකක් තියෙනවා. ස්ට්‍රෝෙබරි ජෑම් පතුලට පුරවලා ඊට උඩින් ක්‍රීම් දාලා ඊටත් උඩින් ප්‍රෙෂ්ම ප්‍රෙෂ් ස්ට්‍රෝෙබරි කෑලි පුරවපු ස්ට්‍රෝෙබරි ටාට් එක කියලා වැඩක් නෑ. ස්ට්‍රෝෙබරි ස්මූති එක බීලා ඉවර කරගන්න බැරි තරම්. ඉතිං මේවගේ රසට ප්‍රෙෂ් ස්ට්‍රෝෙබරි වුණත් එතනින් මිල දී ගන්න පුළුවන්.
ReplyDelete