Monday, March 15, 2010

දෙවෙනි රස්සාවේ පළවෙනි දවස

අද මගේ ජිවිත කතාවේ තවත් පරිච්ඡේදයක් පටන් ගත්තා... මගේ රැකියා ඉතිහාසයේ වැඩි විවිධත්වයක් නැති උනත් ‍මගේ ජිවිතේ අවුරුදු 23න් දැනට අවුරුදු 4ක වෘත්තීය පළපුරුද්ද මට තියනවා... මගේ යාළුවෝ දෙවෙනි සැරේ ඒ ලෙවල් ලියන්න පන්ති යද්දි මං ගියේ රස්සාවට.. ඒ තෝරාගැනීම ගැන සමහර වෙලාවට දැන් පොඩි දුකක් ඇති වුනත්.. අන්තිමේ එයාලගෙයි මගෙයි කතාවේ වැඩි වෙනසක් නැති නිසා මං එදා ගත්ත තීරණේ ගැන අදටත් මං දුක් වෙන්නේ නැහැ... මගේ පළ‍වෙනි රස්සාව ගැන කියනවා නම් ඒ ගැන වෙනම බ්ලොග් ලිපියක් ලියන්න වෙනවා.. හැබැයි කෙටියෙන්ම කියනවා නම් කියන්න තියෙන්නේ ඒ ‍වගේ රස්සාවක් මට ආයේ ලැබෙන්නේ නෑ.. ඇත්තටම ඒ වගේ ආයතන තව නෑ... ඒ වුනාට ලෝක ආර්ථිකයත් එක්ක ඒ රස්සාව දිගේ වැඩි දුරක් යන්න බැරි වග දැනට අවුරුද්දක විතර වෙලේ ඉදන් දැනුනා උනාට එතනින් අයින් වෙලා වෙන තැනක් හොයා නෙගෙන හිටියෙත් කාලයත් එක්ක එතනට ඇති වුනු බැඳීම විතරමයි.. ඒත් කොහොම උනත් පෙබරවාරි 22 දා සිට නීත්‍යානුකූලව රැකියාවෙන් ඉවත් වෙන්න මම තීරණය කරා... 22නිදා අයින් වුනත් ගෙදර නතර උනේ නම් ඊට ගොඩ දවසකට කලින්.. හැබැයි පරිපාලනය තීරණය කරා මම ලිපිය දුන් අන්තිම දවස වෙනතුරුම මම එයාලගේ සේවකයෙක් වෙලා හිටි බව සලකන්න... ඉතිං එතනින් එක් පරිච්ඡේදයක් අවසන් උනා..!

ඒ වුනාට අද ඒ කියන්නේ මාර්තු 15 අළුත් පිටක් ඇරඹෙනවා.. මීට කලින් මම වැඩ කරලා නැති අළුත්ම අංශයක..කලින් තරම් නිදහසක් නම් නොලැබෙන පාටයි.. මොකද සතියේ දින 6ක්ම වැඩ එකත් පැය 24 ම විවෘත අංශයක.. :( දුක තමයි නයිට් කරන්න වෙනවා.. ඒත් ඉතිං අර කියනවානේ සැප විදින්න නම් දුක් විදින්නත් ඕනි කියලා...එහෙම හිතාගෙන රස්සාව පටන් ගත්තා... දැන් ඉතිං හැමදාම කොළොම්පුරට ගාටන්න වෙනවා.. :(( හැබැයි ආයතනය නම් හොඳයි වගේ.. මොකද ලඟදිම අපි අළුත් තැනකට මාරු වීමට නියමිතයි..එතකොට අපිට අළුත්ම වටපිටාවක වැඩ කරන්න පුළුවන්..අද අපි එතන බලන්නත් ගියා.. වාව්...! 5 ස්ටාර් හොටෙල් එකක් වගේ.. ඒ වුනාට ඉතිං වැඩ පටන් ගත්තම කොහොම වෙයිද දන්නේ නැහැ.. මොනා උනත් එක හොඳකට උනේ ගියපු ගමන් බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරන්න වෙච්චි එක.. දෙයියනේ කියලා රුපියලක් හරි මාසේ අන්තිමට ඉතිරි වෙයිනේ.. නැත්තං මටත් වෙන්නේ අපේ මරණෙට වුනු වැඩේමයි... මොකෝ ඉතුරු කරනවා කියලා හිත හිත හිටියට පහුගිය අවුරුදු 4දි කරපු ඉතිරියක් නැහැ නේ.
ඉතිං එහෙමයි අද දවස.. සතුටුයි.. මොකද ආයේ මම වැඩ කරන නිසා.. රස්සාවක් නැති උනාම මොකද වෙන්නේ කියලා දන්නේ නැති වෙච්ච උන් විතරමයි.. ඉතිං ආයෙත් මං පුරුදු පරිදි මගේ වියදම් මං හොයාගන්න තැනට ඇවිලා.. හුරේ.. මට ජය වේවා...!!!!

ලිපිය ඉවර කරන්න කලින් තුන් දෙනෙකුට ස්තූති කරන්න ඕනි.. 1. අපේ බුරු අක්කා.. එයා ගොඩක් මහන්සි උනා මට රස්සාවක් හොයා දෙන්න.. මං හිතන්නේ එයා දන්න හැමෝටම මං ගැන කියලා ඇති. ස්තූතියි අක්කේ.. ඔන්න දැන් හරි.. මාව ‍පාටි වලට ගන්නේ නෑ කිව්වනේ මට රස්සාවක් නැති උනොත් දැන් මට එතහැකි. :ඩී
2 නැෂ් - මම මූව අදුන ගත්ත දවස් වල ඉදන්ම නැෂ් කියන කතාවක් තමයි ගැණියෙක් උනාම රස්සාවක් කරන්න ඕනි කියන එක. මට රස්සාවේ ප්‍රශ්ණ ආවම අළුත් එක්ක හොයා දෙන්න මහන්සි උනා.. හොයලා දීපුවට මං ගියේ නැති උනාම මට මරණ තර්ජන එල්ල කරන්න තරම් මේකා මිත්‍රද්‍රෝහියෙක් උනා. ;-) ඒ වුනාට මට අනූව මගේ හොද යාළුවෙක්.. හැබැයි දැන් ආගිය අතක් නෑ.. කවුරු හරි දැක්කොත් අනේ වහාම දැනුම් දෙන්න මං දැන් රස්සාවක් කරනවා කියලා.
3අන්තිමට මගේ වෙන්න මහත්තයා වෙන මොකුත් ඕනි නෑ.. සල්ලි නෑහ් ගාපු ගමන් මගේ ෆොන් එකට රීලෝඩ් කරලා මගේ වියදම් ටික බලාගත්තු එකම ලොකු දෙයක්.. ගෙදර හිටි දවස් වල බැන බැන පංති යැව්වා වගේම රස්සාවකට යන්න උනන්දු කලෙත් එයා.
එකී මෙ‍කී සියළු දෙනාට ස්තූතියි ආයෙමත්.. :ඩී

33 comments:

  1. මලි නංගිට ඔන්න සුභපැතුම්.. යන තැන ඉතින් මල්ම තමයි..... නැගිටපා...න් දුවපාන්.......

    ReplyDelete
  2. ෂෝයි ෂෝයි.... කෙල්ලක් වුනාම රස්සාවක් ඔිනිම තමයි... මමත් රස්සාව පටන් අරන් දැන් අවු09 කය වඩා වැඩි. දෙයියනේ කියල මට හමුවුනේ රජයේ රැකියාවක්.... පරිස්සමින් රස්සාව කරගෙන යමු... ඉතිරි වුනොත් ඉතිරි කරමු....

    ReplyDelete
  3. අහන්නත් සතුටුයි මලී නංගී. අප්‍රමාණ සංතෝසයි. එහෙම තමා කෙල්ලෙක් උනාම ඉන්න ඕනේ..! එහෙම උනාම තමා ඔයගේ නියම වටිනාකම ඔයාට හිමිවෙන්නේ..! අලුත් රස්සාවට ජයෙන් ජය ම පතනවා..!

    හැමදේම සුවෙන් කරන්න ලැබෙන්න කියා පතනවා...!!

    ReplyDelete
  4. අළුත් වෙනසට සුභම සුභ පැතුම් අක්කේ!

    ReplyDelete
  5. සුභම සුභ පැතුම්

    ReplyDelete
  6. සුභම සුභපැතුම් මලී මචිං... ;)

    මමත් ඔයාගෙ වයසෙ උනාට තාමත් ඉතිං අම්මා තාත්තගෙන් තමයි යැපෙන්නෙ... තව අවුරුදු දෙකහමාරක් තියෙනවානෙ සරසවි අධ්‍යාපනේ ඉවර කරන්න... ඊට පස්සෙ තමයි ඉතිං රස්සාවකට සෙට් වෙන්නෙ... ඒ අතිං දැනටමත් අවුරුදු 4ක රැකියා පළපුරුද්දක් ඇති ඔයා නියමයි!

    ඔන්න එහෙනම් ආයෙමත් සැරයක් හදවතින්ම සුභපැතුම්! ජීවීතේ අලුත් පරිච්ඡේදය රන් අකුරින්ම ලියන්න ධෛර්යය ශක්තිය ලැබේවා! :)

    ReplyDelete
  7. විශ්වාසනීය වෙනසක් සමග සුභ අනාගතයකය මගේ කොල බොක්කෙන්ම සුභ පැතුම්

    ReplyDelete
  8. නගෝ... කොන්ග්‍රෑට්ස්!!!! පළවෙනි රස්සව කියන්නෙ ප්‍රථම ප්‍රෙමය වගේ තමයි... කවදාවත් අමතක වෙන්නෙ නැහැ... ඔයාට සුභ පහනවා එක්කම මට හිතෙනවා අර ඔයා ස්තූති කරපු තුන් දෙනාටත් සුභ පතන්න... ජය වේවා!!!!!!!!!!!!

    ReplyDelete
  9. අපෙනුත් සුභපැතුම්!!!!!

    ReplyDelete
  10. ඔන්න නිව්ස්.. අහපුවාම බඩ ක‍ට පුරා සතුට දැනෙන නිව්ස් එකක්.කොච්චර වුනත් , අළුත් රස්සාවක් ලැබිලා අළුත් බලාපොරොත්තු එක්ක .. ඇහුවාම අපිටත් සතුටුයි. මොකද මේ බලන ගොඩක් දෙනෙකුට ඒ අත්දැකීම ලැබිලා තියෙන නිසා..
    මුල ටික අමාරුවෙං අදිමු.. කොයි දේත් අමාරු පත්තියං වෙනකං විතරයි..
    -ජය

    ReplyDelete
  11. රස්සාවක් ලැබීම ගැන ගොඩක්ම සතුටුයි, කවුරු උනත් රස්සාවක් කරන්න ඕන ගෙදරට කොටු නොවී ඉන්නෙනැතිව කියන එකට මාත් එකගයි, කොහොම් උනත් පාටියක් දානවනම් අපිවත් මතක තියා ගන්න

    ReplyDelete
  12. ඔන්න අපෙනුත් සුබක්. ජයවේවා......!

    ReplyDelete
  13. ඔන්න මගෙනුත් සුබපෑතුම් !

    (ඔය අලුත් තෑනට යන්න ඕන බඩු මුට්ටූ ටික එහෙම ගත්තද ? , එ කිව්වේ කෑම පෙට්ටී , වතුර බෝතල් , බෑග් එකක් , ලේන්සුවක් වගේ දෙවල් )

    ReplyDelete
  14. හම්මෙ ඇති යන්තං. හදිසියකට කීයක්වත් ඉල්ල ගන්න කෙනෙක් නැතිව හිටියේ..
    දැන් ඉතින් බය නෑ මලී නගාට හරි ගියා කියන්නේ ඉතින් අපිට හරි ගියා වගේ තමයි.(මට කෙසේ වෙතත් අර වෙන්න මහත්තයාටනං අප්පරමාණ සංතෝෂ ඇති.. ඇයි දෙයියනේ සුළු පටු දඩයෑ මෙ ටිකට ගහලා තියෙන්නේ..)

    ඉතින් විහිළු කලා වගේ නෙවෙයි.. හොදින් රස්සාවත් කොරගෙන, වෙන්න මහත්තයාවත් බලා කියාගෙන, ගෙදරටත් සලකගෙන, පුළු පුළුවන් වෙලාවට මෙ පැත්තෙත් ඇවිත්, හොදින් ජීවත් වෙන්න ඔන. මගෙනුත් උස්නාධික (උණුසුම් එකෙත් හොදම එක) සුභ පැතුම්..!

    ReplyDelete
  15. මන් නම් ඔය වගේ පළවෙනි දවස් ගානක් පහුකරලා තියෙන නිසා මටනම් මුල ඒවා මොනාද මතකත් නැහැ

    බැංකු පොතක් දීපු එක නම් සෑහෙන්න හොඳයි අඩුම ගානේ රුපියලක් දෙකක් හරි එකේ ඉතුරු වෙනවා එතකොට.

    එහනම් අළුත් ආරම්භයට අපෙන් සුභ පැතුම්
    චියර්ස්!!!

    එහෙනම් මාසේ අන්තිමට සමරමු හොඳේ..........

    ReplyDelete
  16. ඔය බැංකු ගිනුම පටන් ගත්ත එක ඉතා වැදගත්.

    මං අවුරුදු තුනක් ජොබ් කරලා ඉවර වෙලා හදිස්සියක් වෙලා බලද්දි ලඟ තිබුනේ ලස්සන නිසා ආසාවට වගේ එකතු කරපු රුපියල් පහේ කාසි ටික විතරයි.

    ඒකෙන් කරපු දෙයත් තව දවසකට හොඳ කතන්දරයක්...!!!

    කයි-කතන්දරකාරයා

    ReplyDelete
  17. අර සීයා රුපියලට කරපුදේ එහෙම කලේ නැහැනේ

    ReplyDelete
  18. මගෙනුත් සුභ පැතුම් අක්කි.. දිගටම හොඳින් ජොබ් එක කරගෙන යන්න ලැබේවා.. ආහ්හ්හ්!! ඒ වගේම ගොඩක් සල්ලි ඉතිරි කරන්නත් ලැබේවා.. මොකෝ එතකොට හදිස්සියකට අපිට උනත් කීයක් හරි බොල් ණය විදිහට ඉල්ල ගන්න බෑරියෑ...ලොල්

    ReplyDelete
  19. Best wishes dear. Do your duty as well as you can.

    ReplyDelete
  20. අළුත් රස්සාවට සුභ පැතුම්

    ගෙදරට කරදර කරා ඇති කියල හිතුනත් මේ කැම්පස් ජීවිතේ වැඩ අස්සේ තව රස්සාවක් කරන්න අපිට නම් තියන ඉඩ බොහෝම අඩුයි. මේ දවස් වල rentacoder එකෙයි freelancer රවුම් ගහනවා coding පාරක් වත් කරල කීයක් හරි හොයා ගන්න.

    ReplyDelete
  21. loku deyakne malee gud luck kiwwa ehenam :)

    ReplyDelete
  22. ටපලගන්නැතිව හරියට කරන්න. සුභ පැතුම්. :D

    ReplyDelete
  23. මලීට මගෙනුත් සුබ පැතුම්..ජය වේවා..

    ReplyDelete
  24. All the best මගේ නංගී!!

    ReplyDelete
  25. මලී නඟාට මගෙනුත් සුබපැතුම් !

    ReplyDelete
  26. මයේ අක්කට සුබ වෙන්න ඕන. මරණේ කිව්වත් වගේ මාසේ අන්තිම මොකුත් නැද්ද?

    ReplyDelete
  27. මලීට සුභ පැතුම්! කොහොම හරි standing order එකක් දාලා හරි ගාණක් ඉතුරු කරගන්න...ගෑණු ළමයෙක් උනාම තමන්ටම කියල වත්කමක් තියෙන්න ඕන. ඒක ඕනකමක් ඇතිවුන වෙලාවකට ලොකු හයියක්...
    ඒක නෙවේ ඔයාගෙ හබී ටු බී නම් දැන් යන්තම් සැනසුම් සුසුමක් හෙලන්න ඇති නේද? හි හි

    ReplyDelete
  28. you raggedy ass stupid nut case... buru told me where you would be working.....

    tho...tho..tho wagey gon eeriyek. When I found you something closer than that you said it's too far away?

    DAMN YOU ! ..

    lol

    anyways.. congrats mate.. nice to hear that you are employed again. Welcome to Colombo; the city of traffic and punk ass tie wearing morons :D

    Btw. how's your traveling arrangements mate? Better arrange an Office van or something, cause it's not really easy to get there by bus.. a long round route eh?

    ReplyDelete
  29. ela ela..good luck for ur new career!!

    ReplyDelete
  30. ආනේ දැනුයි දැක්කෙ. අපෙ මලී නඟාට වැඩි වැඩියෙන් රස්සාවල් ලැබේවා

    ReplyDelete
  31. අනේ හැමදෙනාටම ගොඩාක් ස්තූතියි හොදේ..! තාම පඩි ලැබුනේ නැති හින්දා ලෝන් ඕන අයට නම් ටිකක් ඉවසන්න වෙයි..! පාටි ඕනි අයටත් එහෙමම තමයි..! කොහොම උනත් හැමෝටම අන්තිමේදි ස්තූතියි..!

    ReplyDelete