Sunday, March 21, 2010

සතුටයි සතුටයි මේ බෝ වෙන්නේ...!!!

ඇත්තෙන්ම මේ ලිපිය නම් කොතනින් කොහොම පටන් ගන්න ද කියලා හිතා ගන්න බෑ වගේ.. මාතෘකාව සේරම කියනවා..! ඒ කිව්වේ මම කෝක් බොනවා කියලා නම් නෙවෙයි... මම සතුටින් කියලයි..!

හරියටම කියනවා නම් දැන් මම ඉන්නේ හෙට මැරුනත් කමක් නෑ කියන තරම් සතුටින්.. හැබැයි ඉතිං මට මැරෙන්නම ඕනි නෑ.. මොකද මේ සතුට තව ගොඩක් කල් විඳින්න තියනවා නම් මම කැමති නිසා..!

ඇයි සතුටු කියලා හැමෝටම හිතා ගන්න පුළුවන් ඇතිනේ? මේ අදින් ගෙවලා යන සතිය ඇරඹුනේම ‍මට සතුටු හිතෙන දේකින් නේ.. ඒ කියන්නේ මගේ අළුත් රස්සාව පටන් ගත්තා. ඒක කොයි තරම් සතුටක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.. ‍රස්සාවක් කරලා නවත්තපු කෙනෙ‍ක් විතරයි ඒක දැන ගන්නේ..ඒ ගැන විස්තර පස්සේ කියන්නම්කෝ.

ඉතිං සඳුදා වැඩ පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ම අපේ බුරු බබී ගෙන් කෝල් එකක් ආවා :නංගි මං දැන් ලංකාවට එන්න පිටත් වෙන්නයි හදන්නේ කියලා.: එතන තමයි සතුටේ දෙවන ආරම්භය..

බඳාදා මගේ යාළුවෙක්ගෙන් ගොඩ දවසකට පස්සේ මැසේජ් එකක් ආවා :මචං මම බැන්දා: කියලා.. ඒක අමුතුම සතුටක්! උන්නද මළාද කියලා හොයා ගන්න බැරිව හිටි එකෙක් එහෙම කියද්දි ජොලි නැද්ද අප්පා..!

බ්‍රහස්පතින්දා රෑ අපේ ‍එක්කෙනා කොළඹ ආවා.. ඒ කියන්නේ ඉතිං සිකුරාදා අනිවා මුණගැහෙනවා කියන එකනේ.. ඒක ඉතිං සතුටේ උපරිම යන පොයින්ට් එකක්...!

සිකුරාදා හවස ජිවිතේ ප්‍රථම වතාවට මම අවුරුදු දෙකකට ආසන්න කාලයක් මගේ යාළුවෙක් වෙලා හිටි බුරු බබීව හැබැහින් දැක්කා.. එයා එක්ක ගෙදර ආවා.. මාස ගාණක් පෙරුම් ‍පුරපු වයින් බොතලේ හම්බ උනා.. ඒ විතරද චොකෝත් එක්ක.. බීච් ගියා.. මායි බුරු ඇන්ඩි මයි හබී විතරක් උනාට ඒ ගමනත් මරු..!

සෙනසුරාදා හවස මාස ගාණක් ‍යන්න පෙරුම් පුරාගෙන හිටි ‍බර්ගර් කින් එකට අපේ එක්කෙනා මාව එක්ක ගියා.. වාව්..! එතන අපිට හදුන්වා දුන් කමුබොමු කට්ටියට පිං.! හවස් වරුවේ ගිහින් ‍එන්න මරු තැන..! ගාණත් ශේප්.. කෑමත් රසයි..! පේමන්ට් එකේ ඉඳගෙන කද්දිත් අමුතුම ගතියක් තියනවා ඒකේ.. හැබැයි ඉතිං මං වගේ ළාමක අය ගියාම කඩේ ටිෂු ටික තමයි මුලින්ම ඉවර කරන්නේ.. :) එතනින් පස්සේ ගියා දඩින් බිඩින් දොඩන් කඩේට.. ඒ තැනත් දැන ගත්තේ කමු බොමු එකෙන්ම තමයි.. හැබැයි ඉතිං නෙට් ‍එකේ අයගේ ඇප්රූවල් එක නිසා ගියා මිසක් මං නම් ජිවිතේට එතනින් බීම එකක් බොයි කියලා මං හිතන්නේ නෑ.. හැබැයි ලැබුනු බීම එකයි.. ගාණයි.. එතන අයගේ හොඳකමයි එක්ක බලද්දි අපරාදේ අපි වෙන තැන් වලට ලොකු ගණන් වියදම් කරන්නේ කියලා හිතෙනවා.. ඉතිං එදා දවස කෑමයි.. කාලෙකට පස්සේ දුර ඇවිදගෙන යන්න ලැබුනු එකයි නිසා හරිම සතුටක් ලැබුනේ.. ඒ සතුට වැඩි උනා.. රෑ නොහිතපු කෙනෙක් ගෙන් මැසේජ් එකක් ආවම :මං හෙට එනවා : කියලා..!

ඉරිදා ඒ කියන්නේ අද.. වෙන දවසක නම් අද වගේ දවසක් කියන්නේ ම‍ට මේ ටිකේ තියන නිදිමත හා මහන්සිය නිසා මුළු දවසම නිදා ගන්න දවසක්.. හැබැයි අද මම උදේ 6.30 ඉදලා නැගිටලා.. කොයි තරම් ට්‍රයි කලත් නිදා ගන්න බැරි උනා.. මොකද මන්දා.. කොහොම හරි 9.40 වෙද්දි නුගේගොඩට ගිහින් 10 වෙද්දි බස් එකේ නැඟලා බුරූ බබීගේ ගෙදරට යා ගන්න පුළුවන් උනා.. අන්න ‍එතනදි තමයි සතුට ඩබල්.. ට්‍රිපල් උනේ.. කවදාවත් දකින්න නොලැබෙයි කියලා මම හිතපු යාළුවෝ ටික දෙනෙක‍් එක්ක අපූරු පැය කීපයක් ගෙවා දාන්න පුළුවන් උනා.. බීම ප්‍රධාන සෙසු කෑම බීම එක්ක.. හැමෝටම පොදු වෙච්ච මාතෘකා දිගේ හිනා සාගරයක ගිලෙමින්.. වෙලාවක කිසිම කථාවක් නැතුව නිහඬව හිත්වල පිරුනු හැඟීම් බෙදා ගනිමින් අපූරු වෙලාවක් ගත කරන්න අද මට ලැබුනා..

බුරූ බබී.. සංජි .. පිටස්තරයා.. ආගන්තුකයා.. මුචා.. නොදරුවා + නොදැරිය.. එක්ක කවදාවත් මම පණ පිටින් දකින්න නොලැබෙයි කියලා හිතපු අපේ මගේ මරණයත් මුණ ගැහුනු අද දවස ‍මගේ ජිවිතේ කවදාවත් අමතක නොවෙන දවසක්..!

කැමති විදියේ බීමත් එක්ක.. කඩෙන් ගෙනාව උනත් රස කෑමත් එක්ක.. ලස්සන පැය දෙක තුනක් ගෙවා දාන්න පුළුවන් උනා.. එක්කෙනෙක් නම් ඉතිං ආඩම්බර කමට ආවේ නෑ.. :( අපි ඉතිං පොඩි මිනිස්සුනේ කතා කරාම කියනවා :අනේ මලී මට සොකරි බලලා මහන්සියි ලු: හා හා කමක් නෑ ඉතිං අපි තරහා නෑ..!

එයින් පස්සේ ඉතිං අපේ පුද්ගලික උවමනා කිහිපයක් නිසා අපි දෙන්නට 3ට විතර කට්ටියගෙන් වෙන් වෙන්න උනා.. හැබැයි ආයේ මුණ ගැහෙන ලොකු බලාපොරොත්තුවකුත් එක්ක.. ඉතිං ඒ දවස එනකමං අපි ආයේ බලං ඉමු මචෝ..!

ඉතිං ඒ ගමන ගිහිං ආවට පස්සේ අම්මා එක්ක පන්සල් ගිහින් ඇවිත් මං මගේ මේ සතිය අහවර කරනවා.. හැබැයි මේ සතියේ හිතේ හිතේ පිරුණු සතුට අහවර කරන්න නම් බලාපොරොත්තුවක් නෑ...!

බර්ගර් කින්ග් එකේ සෙ‍ට් එක.










පේනවාගේ බර්ගර් එකේ කටවල් දෙකක් කන්න ටිෂු දෙකක් ඉවරයි.. හිතාගතහැකිනේ අවසානය. හික් හික්..


දඩින් බිඩිං බීම කඩේ ඩෝං ගාලා දොඩං හදා දෙන්නේ මෙයා තමා..





මේක තමයි මගේ ජිවිතේ මං අරන් තියන වටිනම ෆොටෝ එක. කීයක් වියදම් උනාද දන්නේ බුරු මැඩම් තමයි.

අදට මේ හොදටම ඇති.. මං දැන් දොයි.

34 comments:

  1. මලී අක්කේ මේකත් දාන්නකෝ ලාංකීය සිතුවිලි වලට තව පොඩ්ඩෙන් මිස් වෙනවා මේක

    අපිට කොහෙන්ද බූල් බල්ලෝ අපි ඉතින් කොලඹ ඇවිත් ගොඩවෙන්නේ ඹය පේමන්ට් එකේ එකකට තමා

    ReplyDelete
  2. අනේ මලියෝ එහෙම කියන්න එපා බං ආඩම්බරයි කියලා.., ආඩම්බරකමක ට නෙවී බං මම ආවේ නැත්තේ.., ඇත්තට ම ඇඟට තෙහෙට්ටු නිසා. ඒත් තෙහෙට්ටු උනාට දුකක් නැත්තේ ජීවිතේට අමතක නොවන සිද්ධි ටිකක් බලා ගන්න සචී/ හෂිත දෙන්නට පිං සිද්ධ වෙන්න ඉඩ ලැබුණු නිසා.
    ඒත්.., එක අතකට හිතෙනවා මේ වගේ අවස්ථාවකට ඇවිත් ලෙඩ උනත් කමක් නැ කියලා ඒත් මොනවා කරන්නද පවට පිං දෙන්න බැ නෙව. ඒත් ඊළඟ වටයේ දී නං එනවා එනවා මයි ඕං හරිය..?

    [උඹලා ටිකම මතක් වෙන්න මේ පෝස්ට් එකේ අන්තිමට ම දාලා තියෙන ෆොටෝ එක මම මගේ කංපීතරේට කොපි කරගත්තා. =) ]

    සතුටුයි මේ වගේ හැමෝ ම සතුටු වෙනවා අහන්න ලැබුන ම. අපි නැවත හමුවෙමු..!

    ජයෙන් ජය ම පතනවා.

    ReplyDelete
  3. සිනා බෝ වේවා...!!!
    :D :D :D

    ReplyDelete
  4. අනිවාර්‍‍යයෙන්ම.අක්ක එතනින් සබ්මැරීන් කාපු නැති එකනං පාඩුවක්!

    ReplyDelete
  5. අම්මේ කියලා වැඩක් නැති දවසක්. මැරිලම ඉන්න හිටපු මාත් ඕන් සැබෑ ජීවිතේට ඔළුව දැම්මා. කොහොම උනත් එකම ලඟ වගේ දවස් වල බ්ලොග් පටන් ගත්ත අපි ටික හම්බ වෙච්ච එකනම් ඉතින් කියන්න බැරි තරම් සතුටුදායක සිදුවීමක්.

    ReplyDelete
  6. එල එල, මාත් ගිය සතියෙ හා හා පුරා කියල බර්ගර්ස් කිං එකට ගොඩවෙලා බර්ගර් එකක රහ බැලුව :D

    ReplyDelete
  7. ලිෂාන්ට සමාව දිය නොහැකියි.. සිරා දවසක්..

    ReplyDelete
  8. WTF ?

    No one invited me?

    Assholes !

    ReplyDelete
  9. අපිටත් පොඩි දැන්වීමක් කෙරුවනම් අපිත් ඕකට සම්මාදන් වෙනවනේ!

    ReplyDelete
  10. මට නම් හොඳටම ඉරිසියයි. ඒක නිසා මම මුකුත් කියන්නේ නෑ.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. දුකාට වගේම මටත් හොඳටම ඉරිසියයි දුකයි. ඒක නිසා මම මුකුත් කියන්නේ නෑ.

    ReplyDelete
  13. අපිට කොහෙන්ද පූසො මාළු. අපි යනවයැ මූදු. අනේ ලංකාවෙ හිටියනම්...

    තව ටිකෙන් ජොබ් එකට සුබ පතන්න අමතක වෙනවා. අපේ උණුම උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
  14. සයිබර් යුගයේ පෙන් පෑල් ලා!

    ReplyDelete
  15. මලි අන්තිම පින්තුරෙ කොහෙදිද ගත්තෙ....
    සතුට බෙදාගත්තහම එක ඩබල් වෙනවලු.. එතනින් එකක් බෙදා ගන්න.. මමත් එක්කලා.. ඔයගෙ සතුට තවත් වැඩිවෙයි.... ලොකු දෙයක් ඔනා නැහැ... අර බඩ මහත කට හීනි බොතලයක් තිබුනොත් ඇති...තැබිලි පාට අකුරෙන් මොනවද ගහලා තියන්නෙ....

    ReplyDelete
  16. පෙන් පෑල්ස් ලා නෙමෙබ්යි බ්ලොග් පෑල්ස් ලා....

    මේ මේ උඹට වෙන ඕනේ බෝතලයක් දෙන්නම් ඒ තැඹිලි පාට එක මගේ

    ReplyDelete
  17. හරිම සුන්දර අත්දැකීමක් නේද? ඇත්තම කිව්වොත් මම නම් ඔය පාට පාට ලේබල් සහිත බෝතල් හැබැහින් දැක්කමයි. කට්ටිය බුරු අක්කා යන්න කලින් ආයෙ සෙට් වෙමු නේද? දවසක්ම ගත කරන්න වගේ.

    ReplyDelete
  18. තැඹිලි පාට එකෙන් බාගයක් මගේ.උඹට තනිකර දෙන්න බෑ බං මරේ.අපි එහෙමනේ කතා උනේ!

    ReplyDelete
  19. එළ එළ. කොහොමත් මට බෝතලේම නම් වැඩි 200ml විතර තිබ්බ නම් ඇති
    බුරූට කෝල් එකක් දාලා කියන්න ඕනේ ඊලඟ දවසේ අපි එනකම් ඒක අරන් තියන්න කියලා

    ReplyDelete
  20. බෝතලයේ ලීටර එකක් ඇති බැවින් ඉතුරු ටික මට ඉතුරු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. ලිෂාන් හට නැවත පොළු තැබීමේ අදහසක් නැති බැවින් බූරු අක්කාගේ අවසරය පිට නැවත අපි සෙට් විය යුතු‍ය. එය අපේ ගෙදර හෝ මලීගේ ගෙදර විය යුතු බව මගේ හැඟීමයි..

    ReplyDelete
  21. ඔය සෙට් වීම මට කියුවේනැති එක පස්සෙ බලගන්නම් හරිද නංගි,
    මම කියපු ප්ලේස් වලින් කාලා බීලා සටහනුත් දාන ලස්සන?
    (විහිලුවට ආආ.....)

    ReplyDelete
  22. කට්ටියම සෙට් උනු එක ගැනනම් හරිම සන්තොසයි
    තවත් මේ වගේ දවස් උදා වේවා.............!!!

    ReplyDelete
  23. ඔව් ඔව් මාත් මේ උදා වෙන්නේ කවද්ද කියලා කට ඇරගෙන බලාගෙන ඉන්නේ

    ReplyDelete
  24. මරු නෙ!!අපිටත් කිව්ව නම් දෙතුන් දෙනෙක්ම අඬගහගෙන එනවා!!මොනව උනත් හරිම සතුටුයි මේක කියෙව්වමත්.අලුත් රැකියාවට අපේ සුභ පැතුම්......& හ්ම්...බර්ගර්ස් කිං යන සිහිනය කවදා සැබෑ වේවිද මන්දා..

    ReplyDelete
  25. අනේ මලී.. අපි මුකුත් ඇහුවොත් මට ඔව්වා බලන්න වෙලාවක් නෑ මම බිසි..කියනව.
    ඒත් මේ දවසක්ම වර්නනා කරල තියෙන්නෙ..
    සතුට වැඩිකමට කාලෙ පැටවු ගහල මම හිතන්නෙ..
    කොහොම හරි යාලුවෙක් සතුටෙන් ඉන්නව කියන්නෙ සතුටක්..
    ඒ සතුට දිගු කල් රැදේවා..!

    ReplyDelete
  26. @ ම - සියල්ල හොඳින් සිදු වුණොත් මම අප්‍රේල් 23,24 හෝ 30,31 යන සති අන්ත දෙකින් එකකකදි එන්න ඉඩ තියෙනවා. ඉතිං කට්ටියට ඒ දවස්වලට කතා කරල සෙට් කරගන්න පුළුවන් නම් මරු. මලීගෙ රොස්ටරෙත් බලන්න වෙනවා.

    ReplyDelete
  27. දුකා කිව්ව එකම තමා කියන්න තියෙන්නෙ. මේ සැරෙ ලංකාවට ඇවිල්ලත් උබව හම්බුනෙනේ නැහනෙ. මටනම් ඉරිසියාවෙ හොදම එක මලියො. ඒ මදිවට කෑම බීම ගැනත් දාල.

    ReplyDelete
  28. ජංජාලෙම හිටියට බ්ලොග් රවුමක් දාන්න හම්බ වුනේ මේ දැන්. මම ඊළඟ දවසෙම පෝස්ට් එකේ print out එකක් දැක්කා.

    ඇත්තටම එදානම් අමතක වෙන්නෙ නැති දවස් සුලු ප්‍රමාණයකින් එකක්. උඹලව (මලී, හරේ, මරණේ) ජීවත් වෙලා ඉන්නකම් දකී කියලා අවුරුද්දකට කලින් අපිට හිතුනද? ඒකනම් සිරා. කිව්වත් වගේ දැන්නම් මැරුණත් කමක් නැහැ.

    ලිෂාන් දත් බුරුසුවක් එක්ක සෙට් කර ගන්නම ඕනෙ. ගෙදරට ගිහින් ඇදගෙන හරි ගෙනල්ලා.

    ReplyDelete
  29. මම කසාද බඳින තුරු නැවත සෙට් වීම තහනම් කර ඇත.

    ReplyDelete
  30. මේක කියවලා සද්දයක් නැතිව ඉන්න එක හොඳ මදිනේ.

    මම මලීව හැබහින් දැක්කේ නැති උනත් එයා ගැන ලොකු අවබෝධයක් තිබ්බා. එයාව කොහේදො අමුතු පාරක අමුතු තැනක හමු උනාම දැනුනේ කාලයක් මගේ ළඟ උන්නු පොඩි කෙල්ලෙක් දැක්කා වගේමයි. හරියටම කීවොත් බුරු බබාගේ නංගි හමු උනා වගේ. ඒ වගේමයි එහේ ගෙදර ගියාම මට දැනුනේ එයාගේ අම්මා අප්පච්චි අපේ ගෙදර අය වගේමයි. අපේ පොඩි මෑන් හරිම ආසාවෙන් ඉන්නේ ආපහු මලීගේ ගෙදර ඇවිත් මිරිස් කන්න. ඒමිත් බලන් ඉන්නේ මලී කෙස් ගලවනකම්.
    වෙන කියන්න දෙයක් නෑ නංගි ඔයා වගේම මේ බ්ලොග් එකෙන් මම හඳුන ගනිපු නෑශ්, ඔයා, මම අපි තුන්දෙනාම නිකම් එකම වර්ගයේ යාළුවෝ කියලා දැනෙනවා.
    ඒ උනාට කමක් නෑ උඹ ආයෙ මට මිරිස් කන්න දුන්නොත් නම් උඹව උස්සල මරනවා. නෑශ් කියනවා වගේ කරනවා.

    ReplyDelete
  31. මුලු බ්ලොග් එකම කියවලා ඉවර වෙලා තමා මේ කොමෙන්ට් එක දාන්නේ... මටම පුදුමයි මේක මිස් උනේ කොහොමද කියලා.... book mark කරගත්තා

    ReplyDelete
  32. මට එන්න බෑරි උන දවස් ටිකට වෙලා තියෙන දේවල්.සංතෝශයි සංතෝශයි.

    ReplyDelete
  33. කට්ටිය හොරෙන්ම සෙට් වෙලා වගේ

    ReplyDelete
  34. අප්‍රමාණ සංතෝසයි නංගියේ... ඔහොම යං.......

    ReplyDelete