Sunday, January 10, 2010

හැපි බර්ත් මන්ත් බබාලා එන්න...

හික්.. හිකිස්.. ඉහික්.. කික් කික්. හීහීහීහී...හා.. කෝලං ඇති.. දැන් ඉතිං අද වෙද්දි 2010 ලබලා දවස් 10කුත් ගෙවිලා ඉවරයිනේ.. :0 අපේ අප්පෝ.. කාලේ යන ඉක්මන.. අනේ මන්දා උදේ නැගිටිලා බලද්දි හවස් වෙලා ඉවරයි.. මොනා වෙනවද මන්දා.. ඒ වුනාට ඉතිං දවසකට තියෙන්නේ සාමාන්‍ය පැය 24 මනේ? ඒක ‍පැය 4 වෙලා දැනෙන්නේ ඇයි කියලා කාට හරි කියතැහැකිද? බෑ මං හිතන්නේ ඒක මගේ ලෙඩක්..
හරි දැන් අපි බලමු මේ මාසේ ගැන.. මේ ඇවිල්ලා දුරුතු එහෙමත් නැත්තං ජනේරුව.. ජනවාරිය.. ‍ම්ම්ම් මොනවද මේ මාසේ තියන විශේෂතා..??? ඡන්දේ..!!! ඊයා... ඔය කෙහෙල් මල ගැන කතා කරලා වැඩක් නෑ.. ඒ නිසා ඒ ගැන අමතක කරමු.. තව... ම්ම්ම්... ඉහික්!! තව තියනවා...... බඩ්ඩක්!!! මොකක්ද???

ජනවාරි කියන්නේ මාර සිරා මාසයක්නේ.. හෙන සිරා.. අති විශිෂ්ඨ.. හොද පොරවල් සහ පොරිවල් තමා උපදින්නේ.. දැන් බලමු කවුද මේ මාසේ ඉපදුන කස්ටිය කියලා..මේනකා.. අපේ මල්ලි..අපේ අයියා..උගේ ගෑණී උන් දෙන්නාගේ ළමයා (ඒ ඇවිල්ලා මෙලෝ වැඩක් නැති සෙට් එක) ඊට පස්සේ ඉන්නවා.. ලොකූ..නොදරුවා..රවා..බ්ලැක්රෝසස් නොහොත් අංජා.. ‍රොකියා..සාමා.. මගේ තාත්තා..සහ ඒ තාත්තාගේ දුව.. ඔය මදැයි.. තව ඉන්නවා නම් අත උස්සන්න හොදේ.. එතකොට මං මෙතනට දාන්නම්.. ආ අමතක උනා අත උස්සන්න නෙවෙයි.. මෙතන කමෙන්ට් එකක් දාන්න.. (නැත්තං අත පාත්වෙනකම්ම මෙයාලා උස්සන් ඉදීයි මට බැන බැන..) ඉතිං ඔය සේරටම මෙන්න මම එකපාරම විශ් යූ හැපි බර්ත් ඩේ කියනවා.. මොකද මගේ පීටර් ට වයිරස් ආසාදනයක්.. මාසේ අග වෙනකම් මොලේ හොදන්න වෙන්නේ නැහැ.. ඒ නිසා කොයි වෙලේ නවතින්න වෙයිද දන්නේ නෑ මට.. :(

ඉතිං මෙන්න මේ මාසේ උපන්දිනේ සමරන හැමෝටම මං ගානේ කේක් ගෙඩියක්.. අපි කට්ටිය ස‍හයෝගෙන් කපං කමු.. :D


ඔව් ඔව් මට පේනවා ඕක හදලා තියෙන්නේ අවුරුදු 6 පොඩි එකෙක් ට.. වෙන කාටවත් නෙවෙයි මගේ පොඩිම යාළුවා සුදු ගේ උපන්දිනේ ඊයේ.. එයා වෙනුවෙන් මමයි කේක් එක හැදුවේ හා ඉතිරි සියල්ල කලේ.. ‍දැන් නම් ඔය කේක් එකේ කුඩුත් නෑතිලු.. වැදගත්ම දේ ‍තමයි මෙච්චර කල් මම කේක් හැදුවට අයිසිං කලේ නෑ.. මොකද වැඩි සීනි ‍‍අපේ ගෙදර සෞඛ්‍යට හොද නැති හින්දා.. ඒ වුනාට මාව සකල කලා න්‍යෛපුන්‍ය(හරියට අකුරු ලියන්න දන්නේ නැහැ :( කතන්දර මාමා හිටියා නම් අහගන්න තිබ්බා) ස්ත්‍රී රත්නයක් කිරීමේ අපේ අම්මාගේ මෙහෙයුමේ ‍මීළග නැවතුම උනේ modern cake decorating class එකක්.. ඒකේ කියා දීපු වැඩ දාන්න බැහැ ඉතිං අනුන්ගේ කේක් වලට.. ඒ නිසා සාම්ප්‍රධයික කේක් ගෙඩියක් හදා දුන්නා සූදූටත්.. මම තනියම අයිසිං කරාපු මුල්ම කේක් එක තමා මේ.. ඒකයි ජොලියටත් එක්ක හැම දේම දාන බ්ලොග් එකෙත් දැම්මේ... එහෙනම් ආයෙමත් හැමෝටම සුභ උපන් දිනයක්.. (හරි හරි අවුරුද්ද පුරාම උපන්දින තියන අයට තමා)...ආ.. අමතක වෙන්න කලින් හා හා පුරා කියලා ඊයේ මේ ලොකේට ආව පුංචි පැං‍චාටත් මේ කේක් ගෙඩියේ වැඩි කොටසක් අයිතියි හොදේ.. එයාටත් අපි සුභ අනාගතයක් පතමු (ජන්දෙට නෙවෙයි මුළු ජිවිතේටම).. ඒ එක්කම මේ දැන් දැක්කා එයාට නමක් හොයනවලු දැන්.. ඉතිං ඔය ආච්චිලා සීයලා පොඩි බබාට නම් ටිකක් යොජනා කරන්නකො එහෙනම්.. මං නංගි බබා යනවා දැන්.. ජයවේවා..! :-)
ප/ලි -
නවතම තතු අනූව.. ඉහත කේක් ගෙඩිය කැපීම සදහා අප සමග එකතුවන තවත් පිරිසක් සිටිනවා.. ඒ තමයි ජනවාරි 2 උපන්දිනය සැමරූ සුසිත.. ජනවාරි 25 උපන්දිනය සැමරන ධම්ස්.. හා බියුටිෆුල් ශ්‍රීලංකා ලියන අයියණ්ඩි‍යගේ ආදරණීය දූ සිඟිත්ත.. ජනවාරි 19 වන දින උපන්දිනය සමරන්න නියමිත රොකියානොහොත් උදාර අපි මේ අයටත් ‍සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමු.! :-)
ප/ප/ලි - ‍අපේ මේ කෙක් ගෙඩිය බෙදාගන්න තවත් පුංචි දූ සිගිත්තක් එකතු වෙනවා.. ඒ අපේ එළකිරි ගෙදර ජයන්තඑච් අයියණ්ඩියගේ දූ පැටික්කි.. එයා ජනවාරි1 වෙනිදම එයාගේ 10 වෙනි උපන්දිනය සමරලා.. ඉතිං එයාටත් සුභ උපන්දිනයක් හා සුභ අනාගතයක් අපි ප්‍රාර්ථනා කරමු.. :-)

44 comments:

  1. එහෙනම් මලීයා කේකුත් හදනවා නොවෑ!, බෑරීද මගේ වෙඩින් කේක් එකත් හදලා දෙන්න? :D

    මගේනුත් සුබපෑතුම්, මේ මාසේ උපන්දීන සමරන හෑමෝටම !, අමතක උනා,අර කියපු පුංචි පැං‍චාටත් සුබපතනවා යහපත් අනාගතයකට !

    ReplyDelete
  2. මොනාද මේ ලියල තියෙන්නෙ?
    මට තේරුනේ නෑනේ.
    ඒව කොහෙද අපිට විසිහතර වෙනිදට ට්‍රීට් එකක් ඕනෙ. කතා දෙකක් නෑ. ඒක විසිහතර වෙනිදම ඕනෙ නෑ ඊගාව මාසේ දීපන් මම ආවම.
    මේ දවස් වල මට crabs, ඉස්සෝ හීනෙනුත් පේනවා. හික් හික්.
    සුදු බබාට මගෙනුත් සුභ උපන් දිනයකට සුභ පැතුම්

    ReplyDelete
  3. හික්.. හිකිස්.. ඉහික්.. කික් කික්. හීහීහීහී...හා.. මගේ බඩරිදෙනව මේක කියෝලා අනේ අම්මපා මලී තමයි මලී දවසකටවත් මිනිහ ඔන්න මමත් සුබපැතුව එහෙනම් 30 වෙනි උපන්දිනේට මලීගෙ

    ReplyDelete
  4. අයියෝමම දන්නවනම් මලී කේක් හදනව කියල, කේක් එකක් හදව ගන්නව, මොකද අපේ චූටි දුවගෙ 3 වන බර්ත්ඩේ එක තිබුන මේ මාසෙ 4 වෙනිද. ඔයගොල්ලන්ගෙ පොඩ්ඩටත් සුභ උපන් දිනයක්

    ReplyDelete
  5. ඔන්න එහෙනං කේකුත් කෑවා ඈ මලියෝ... තෑගි එහෙමත් දෙන්න ඕනේද ? ;)

    ReplyDelete
  6. හපොයි, මේකී අර ඊයේ ඉපදුනු චූටි පැටියාවත් මෙයාගේ යාළුවෝ ගොඩට දාගෙන..
    තාම ඉතින් උපන් දිනේ ආවේ නෑනේ සුබ පතන්න, උඹේ.. ඒ දවසට හරියටම සුබ පතන්නම්කෝ.. ඉදිං එතකල්...

    ReplyDelete
  7. ආහ්! අපේ අක්කට
    2010-1987= 23 = 5
    එනයින්
    පස්වැනි උප්න්දිනයක් වේවා කියලා සුභ පතනවා!


    සතුටින් ආදරෙන් පිරෙච්ච විසි හතර වෙනි අවුරුද්දක්ම වේවා (0වැනි අවුරුද්දත් ගණං ගන්න එපායැ?)!!!!

    ගිය පාර (http://is.gd/62lx8) මං කේක් ඉල්ලපු ඒකට මෙපාර දුන්නේ කියලා මම හිතුවේ! :P මෙපාර නම් අක්කා හොඳ දානපති පින්වත්ත සිරියාවත්ත කෙනෙක් වෙලානේ! ජය වේවා!!!! හලීම රහායි කේකේක!
    මෙන්න උම්මාහ්!

    ReplyDelete
  8. මම ජනවාරි දෙක අපිට ඉතින් මොන කේක්චද? අපිවත් මතක් කරලා කේක් එක කපන්න....

    ReplyDelete
  9. එළම තමා, එළකිරිම තමා! කාට කාටත් හැප්පි හැප්පි බර්ත් ඩේ වේවා!

    මට පෙර කට! - සුභ අනාගතයක්! :D

    ReplyDelete
  10. හික්.. හිකිස්.. ඉහික්.. කික් කික්. හීහීහීහී...හා

    ReplyDelete
  11. mage namath othanata danna :D :P

    ReplyDelete
  12. අනේ මගෙ හොඳ මලී අක්කේ , මගේ උපන්දිනෙත් ලඟ ලඟම එන නිසා , බැරිද මටත් කේක් ගෙඩියක් හදා ගන්න. අයිසින් නම් නැතත් කමක් නැ. මේ දවස්වල අතේ සල්ලි නැ කේක් ගන්න, ඒකයි.
    ඔබට පින් සිඳු වේවා.

    ReplyDelete
  13. කියවා බැලීමි. ඉතාමත් වටිනා පෝස්ටුවකි. දුරුත්තේ තම චතුර්විසි උප්පත්ති දිනය සමරණ මලී ට, සකල මුලුතැන් කලා නෛපුන්‍යවත් ස්ත්‍රී රත්නයක් වේවායි.., අපරිමාණ සංතෝසයෙන් ප්‍රාර්ථනා කරමි.

    [ අකුරු වැරදි නං හරි ගස්සන්ඩ හරිය...? ]

    ReplyDelete
  14. මේ මලී, මේක කාපු මිනිස්සු තාම ජීවත් වෙනවද? :) මම කියන්නද වැඩක්. උඹ කේක් කඩයක් දාපන්.. මම ඊට එහා පැත්තෙ ෆාමසියක් දාන්නම්.. මොකෝ කියන්නෙ... අපි දෙන්නටම දි‍යුණු වෙන්න පුළුවන්.

    ReplyDelete
  15. මම ඊට එහා පැත්තෙ මිනී පෙට්ටි සාප්පුවක් දානවා.. අනිවා මලීගෙ කේක් වලින් නැතත් සඳුනා දෙන බෙහෙත් වලින් වත් අනිවා ෂුවර් මැරෙන එක මැරෙනවා. හහ් හහ් හාාාාා..

    ReplyDelete
  16. සුභ උපදිනයක් ප්‍රාර්තනා කරනවා මේ මාසේ උපන්දින සමරන බබාලා ඔක්කොටම..

    මලී මචී මොකෝ මේ කට්ටිය නිකන් අප්සට් ටෝක් දන්නේ ඔයාගේ කේක් එක ගැන කියලා..

    කොහොම වුනත් ඔය කඩ පේළියේ මටත් කඩයක් ගන්න හිතයි ( ආගන්තුකයාගේ කඩේට එහා පැත්තේ) , ප්‍රෙස් එකක් දාන්න.. (අව) මංගල දැන්වීම ගහන්න :-P

    ReplyDelete
  17. "ජනවාරි කියන්නේ මාර සිරා මාසයක්නේ.. හෙන සිරා.. අති විශිෂ්ඨ.. හොද පොරවල් සහ පොරිවල් තමා උපදින්නේ.."

    අනේ බං උඹ නම් කපටි නෑ නේද . . ???

    මේ මාසේ කවදද කියපං නගේ එදාටම සුභ පතන්න . . .

    ReplyDelete
  18. "මම කියන්නද වැඩක්. උඹ කේක් කඩයක් දාපන්.. මම ඊට එහා පැත්තෙ ෆාමසියක් දාන්නම්.. " නොදරුවා

    "මම ඊට එහා පැත්තෙ මිනී පෙට්ටි සාප්පුවක් දානවා.. " ආගන්තුකයා

    "කොහොම වුනත් ඔය කඩ පේළියේ මටත් කඩයක් ගන්න හිතයි ( ආගන්තුකයාගේ කඩේට එහා පැත්තේ) , ප්‍රෙස් එකක් දාන්න.. (අව) මංගල දැන්වීම ගහන්න "

    එල එල . .. සියලුම දේ එකම වහලක් යටින් කියලා කඩපේලියටම එකම නමක් දාමුද???

    ReplyDelete
  19. එළ. . .මම එන්නන්කෝ මලී අක්කගේ කේක් ආසාධනය වෙලා මැරිච්ච උන්ගේ ගෙවල් වල නයිට ගහන්න.හැබැයි කන්න දෙන්න ඕනේ.ඒ වගේම ෆුල්ම ෆන් උපන්දිනයක් වෙන්න ඕනෑ!

    ReplyDelete
  20. .
    මොකුත් අකරතැබ්බයක් කරගන්නේ නැතුව කේක් එක හදා ගත්තද? අර මහන්න ගිහින් ඇඟිල්ල හිල කරගත්තා වගේ නැතුව?
    මේ මේක හැබෑටම කන්න පුළුවන් උනාද?
    එහෙන මේ මාසේ ඉපදුන හැමෝටම චියර්ස්ස්ස්ස්....!!!!

    ReplyDelete
  21. ඔයා දන්නේ නැද්ද වෙරි වෙන්න කේක් හදන්න?
    මගේ එක ලබන මාසේ. මටත් ඕනේ එකක් හැබැයි කෑවම වෙරි වෙන්නේ නැත්නම් එපා

    ReplyDelete
  22. - ඇයි බැරි.. හදමුකෝ එකට දෙකක්! හුටාස් දෙකක් කිව්වට දෙකක් නෙවෙයි එකක්.. නැත්තං තා දෙපාරක් කසාද බදින්න ගියොත් එහෙම මලජංජාලයයි.. ඔයාගේ වෙඩින් කේක් හදන්න තව ගොඩක් කල් තියනවා නේ???

    බුරූ බබී - අනේ පව් චූටී බබා.. තේරෙන්නෙම නෑ.. අනේ ෆල යන්න..!! හික් හික්.. 24 එක අපි බ්ලැකී ගෙන් ගමු ‍මොකෝ 23 තමයි උගේ බ.ඩේ එක..

    චතුරංග - ඇයි ඇයි මොකෝ ආ...!! හික් හික් ස්තූතියි.. ඒ වුනාට මේ ලබන්නේ මගේ 5 වෙනි උපන්දිනේ නේ.. :ඩී තිහ ඔයාටනේ..!

    ලස්සන ලංකා - අඩේ එහෙනම් අපේ ලිස්ට් එකට දූ පැටියවත් ඇඩ් කරගන්නවා හොදේ.. හම්බෝ.. හොදට තියෙයි කොළඹ ඉදන් බදුල්ලට කේක් ගෙනියන්න ගියොත්.. හික් හික්..

    උදාර - ඒවා මං අනුරාධපුරේ ආව දොහක බලා ගන්න බැරියෑ.. හික් හික්..!

    පිස්සා - ඇයි නරකද ඈ..!! බලන්න එයාට දැන් යාළුවෝ ගොඩයි.. කොයිතරම් ශෝයිද? සුභ පතලා විතරක් නම් මදී... :පී

    බිංකු - ආව් අප්පා..ප්‍රීතියි ප්‍රීතියි මලයට තාම මගේ ගණිත ක්‍රමේ මතකයි නෙවෑ..
    බොහෝම ස්තූතියි මල්ලි බබෝ.. උම්මාහ්..!!!

    සුසිත - කිමද දුක් වෙන්නට කාරනාව එන්න අපි මේ කේක් එක බෙදාගෙන කමු. සුදූ තරහා වෙන එකක් නෑ,. මම ඔයාවත් ලිස්ට් එකට දාන්නම්කෝ..!!

    සුදා - ජයවේවා..!! ආ.. නෑ සොරි.. බොහොම ස්තූතියි ඔයාට..

    බිඟුවා - මළකෝලං..!

    ReplyDelete
  23. @malee_mg: මට රිප්ලයි නැත්තෙ නංගි, ඇයි අපි කළුද, ඇයි අපි කළුද, අඩේ ඇයි අපි කළුද? (තාලයට ගායනා කරනු පිණිසයි!)

    ReplyDelete
  24. ධම්ස් - අනේ අපොයි මට අමතක උනානේ.. ඒ වුනාට දැන් මතක් උනා.. 25 නේ? අපේ තාත්තාගේ උපන්දිනේ දවසේ මයි ඔයත් ඉපදීලා තියෙන්නේ.. දාන්නම් දාන්නම් මල්ලියේ සොරි හොදේ..

    රොකියා - දවස කියන්න බලන්න..

    ලිෂ් - චතුර් විසි කිව්වේ 24 නේද?? මේ.. ‍මොංගල්ද මාව නාකි කරන්න හදන්නේ මට 23 වෙන්නයි යන්නේ ඒ කිව්වේ 5 ගර්ර්ර්ර්ර්!!!
    කොහොම උනත් ප්‍රාර්ථනාවට රොම්බනන්‍ඩ්‍රි..!
    අකුරු හදන වැඩ වලට නම් මමත් දුරුවලයි කොලුවෝ.. :(

    නොදරු - ඔව් ඔව් බොල ඉන්නවා..!! හිතුවද මේවට මෙලමයින් දාලා හදලා කියලා.. ගර්ර්ර්..!! පැහැදිලි ඊරිසියාවට කියන කථා ඕවා..!!

    ආගන්තුකයා - දාන්න 10ක්!! හූ නොදරු හූ..!! ඇද්ද අහගත්තා..!! හැක් හැක්..!!!

    එල් ජී - තෑන්ක්යූ මචියොස්..!
    මේකනේ.. මේ ඉලන්දාරීන්ට ඊරිසියාව හොදටම!! ඒකයි.. මගේ කේක් කඩේ කෙසේ වෙතත් ‍නොදරුගේ ෆාමසි එක දාන නිසා අනිවා ඔයාටත් බිස්නස් තියෙයි..!

    දුකා - ඇයි මොකෝ මං කපටි.. මං කිව්වේ අත්තනේ.. :පී... හික් හික්.. දවස එදාටම කියන්නම්කෝ.. එදා මුලු ලංකාවම නිදිමරන රැයක්!!!

    කොහොමද අපේ කට්ටියගේ බිස්නස් මයින්ඩඩ් මොළ ගෙඩි ටික!! අම්මපා ඇළක දොළක දාලා හොදලා ගත්තත් පාඩු නෑ..!නම දාන වැඩේ ඔබතුමාටම බාරයි..!

    මුචා - දෙන්න හිතෙනවා.. වොන්ඩබාර් එකක්!! ඉබ්බා.. මගේ කේක් කාලා කවුරුවත් මැරුනේ නැහැ ඉබ්බෝ..!!!!!

    මරේ - යායා.. කිසි අවුලක් නැතුව වැඩේ ගොඩ ගියා.. කෑවා බං.. කෑවා.. ඇස් දෙකයි ඉටිපන්දමයි ඇරෙන්න අනිත් සේරම කාලා..!
    චියර්ර්ර්ර්ස් මචෝ..!! බලම ජනවාරි උපන් සිරාම පොරිගේ බර්ත්ඩේ එකට කට්ටියක් සෙට් වෙනවා කිව්වා.. කැමති නම් එන්න අවසරයි..

    එහෙම නම් ඉතිං වෙඩින් කේක් වර්ගයක් තමා හදන්න වෙන්නේ... බුරු බබී තමා ඔය ගැන වැඩිය දන්නේ.. වෙරි වෙන කේක් මොනාද කියලා මං ඉතිං ටීචර්ගෙන් අහන්නයෑ බං.. :(

    ReplyDelete
  25. එම්බල සුදාරකය.. තගේ ඇස් පොට්ටද???? 


    සුදා - ජයවේවා..!! ආ.. නෑ සොරි.. බොහොම ස්තූතියි ඔයාට..

    මේක ලිව්වේ තට මිස තාගේ බාප්පොච්චිට නොවේ..!!

    ReplyDelete
  26. @malee_msg: ආයිත් කියෝනවා, ඇස් පොට්-අ තීගේය!

    හොඳ ආචිච් වගේ මගේ නම ආපහු බලන්න! :P

    (ඇස් පේන්නෙත් නැති එකේ ආච්චි මිස මොනා කියන්නද?) :D

    ReplyDelete
  27. @ malee_msg :-
    ජනවාරි මස 19 වැනිදා. ඔයාට ලැස්ති වෙන්න තව දවස් 8ක්ම තියනව. අනේ මලී සහෝදරිය , මොකද ඔබ තුමිය කියන්නෙ ? හා ද බැ ද ??>

    ReplyDelete
  28. සුපුන් බුධාජීව මා ආදරණීය මලයා වෙත ‍සාදරයෙන් ලියමි...
    අනේ මගේ චූටී මල්ලි බබෝ.. තරහා වෙන්න එපා හොදේ..ඔය දෙන්නගේ නම් හැම වෙලේම මට ටැපලෙනවා කියලා ඔයා දන්නවානේ මල්ලියෝ.. මම රිප්ලයි වල සුදා කියලා නම් කරලා තියෙන්න ඔබතුමාව තමයි පැටියෝ..! කමක් නැහැනේ ඔයා කොහොමත් සුදුයිනේ.. ඒ නිසා ඔන්න ඔයාට තියෙන සහෝදර ප්‍රේමේ නිසා මං සුදා කියලා කිව්වා කියලා හිතා ගන්න හොදේ.. හිත රිදුනා නම් සමාවෙන්න තූතී මල්ලියෝ..!!
    මීට
    මලී අක්කා..

    පසුව ලියමි..
    අඩෝ!! තොපි දෙන්නාගෙන් කෙනෙක් නම වෙනස් කරගනිල්ලා..!!!!!!!

    ReplyDelete
  29. රොකියා..! ජනවාරි නම් බෑ..ජනවාරි අයටනේ මේ කේක් ගෙඩියක් ශෙයාර් කරලා තියෙන්නේ.. ඉතිං ඇයි තවත් ? :(

    ReplyDelete
  30. @malee_msg: අඩේ.. කූල් මචං කූල්.. මම මේ නිකමට නම් සීන්නෙක ඇදල ගත්තේ! :P
    හිතක් නැති නිසා රිදෙන්නෑ, ඒක නිසා නෝප්‍රොබ්ලෙමෝස්! :D

    නම් වෙනස් කොරගැනීමේ සීන් එක සුදාරකයාට කියත්වා!

    ReplyDelete
  31. එකනෙ මලි.. ජනවාරි වල ඉපදුනු අපි පොරවල් හා පොරිවල් තමයි... (අනිත් කවුරුත් කියන්නෙ නැතිවුනාට කමක් නැහැ අපි අපිම කියාගමු)නංගියො උපන්දිනෙට කලින් පොඩි පොස්ට් එකක් දාපන්...මට තියන එකම හයිය මට අමතක වෙන එක....
    අර අයියලාගෙ කඩෙට දාන්න නමක් හෙව්වා නෙද... සිබොම කෙක් කඩෙ...සිබොම ෆාමසිය...සිබොම අවමංගල අධ්‍යක්ෂකවරු..සිබොම ප්‍රෙස්... අනෙ කස්ටිය ලව්වා මටත් කඩයක් ඔනා... දානෙට එලවලු පලතුරු.. සිබොම කෙටරස්ට්.එක මගෙ...හරිද...

    ReplyDelete
  32. @ malee_msg : හරි හරි අපි කලුයිනෙ ! කමක් නැ. ජනවාරිවල කට්ටිය වාසනාවන්තයි කියුවට, මට පේන්නෙ මමනම් අවාසනාවන්තයි කියල. කමක්නැ. ගෙදර යන ගමන් බේකරියෙන් පරන කේක් ගෙඩියක් හරි අරගෙන යනව.

    ReplyDelete
  33. බුධා මලයා වෙත.. අනේ ඇයි ඔයාට හිතක් නෑ කියන්නේ? එහෙම කතා කරන්න එපා..!!! එනිවේ චියර්ස්ස්ස්ස!!!!

    රවා - අඩේ මරු මරු.. මෙහෙම බැලුවොත් නම් අපිට වන් ස්ටොප් ශොපින් කම්පේල්ක්ස් එකක්ම දාන්න පුළුවන් වෙයි වගේ..!! අපිට ජයවේවා..!!!

    රොකියා මැතිතුමා වෙත,
    මැතිමනි මම මේ දැන් ඔබගේ ‍පොර ෆයිල් එකට හිස පොවා හොදින් බැලුවෙමි.. එහි සදහන් ආකාරයට ඔබතුමා දැනට මේ සිරිලක් භූමියේ නොමැත.. ඔබකෙරෙහි අනුකම්පාවෙන් කප් කේක් එකක් හෝ සදා දිය හැකියැයි මා සිතුවත්...ඔබ සිටිනා දිහාවට එය ගොළුබෙලි තැපෑලෙන් එන විට එය පුස්කා තිබෙනු ඇත.. ඒ ගැන ඔබේ අකමැත්තක් නැති නම් ඔබට කප් කේක් ගෙඩියක් සාදා දෙන්නෙමි..
    මොකෝ කියන්නේ?

    ReplyDelete
  34. @malee_msg: චියර්ර්ර්ර්ර්ස්!.... ඔන්න ඔන්න වීදුරුව බලාගෙන... සලාං... දඩබඩස්... ඩිං! @#$%^!!!

    ReplyDelete
  35. @බුධා - ‍මදැයි කොලා..!! බිව්ව බීමකුත් නෑ.. වීදුරුවේ කටු ටකත් නෑ.. !!

    ReplyDelete
  36. @ malee_msg : කාරියක් නොමැත. තරහද නොමැත. එන අවුරෙද්දෙදිවත් බලමු ඔබ සැදු කප් කේක් එකක් කැමට. එසේනම් මේ අවුරෙද්දෙදී පුස් කේක්. එන අවුරෙද්දෙදි කප් කේක්. පින් සිඳු වේවා....

    ReplyDelete
  37. Adey Malee naga, mage duu singiththa, Sineli eyage 10 weni upan dinaya semaruwa 1st Jan, upanne 01/01/2000,
    Aney, pls,pls,pls eyage namath dannako :)

    ReplyDelete
  38. අන්න අන්න. මට පෙනී යනවා කීපදෙනෙක් ඉතාම කුහක ලෙස මලී, මම, ආගන්තුක සහ LG එකතු වී කරන්න හදන ව්‍යාපාර කටයුත්ත කඩාකප්පල් කිරීමට උත්සහ කරන බව. ඔව්වට එහෙම එන්න එපා හරිද.. උඹල හැමෝටම එවනව මලීගේ කේක්.

    ReplyDelete
  39. රොකියා - යහපති

    ජයේ - අනේ අප්පේ.. මෙයාව දැක්ක කල්..!! කොහොමද අනේ ඉතිං.. දාන්නම් දාන්නම්.. ඒ බබීගේ නම නොදා කොහොමද.. අඩේ දැන් ලොකු දුවෙක් ගේ තාත්තෙක් නේ ආ..!!!

    නොදරු - කෝ කෝ.. කෝ අපගේ සතුරෝ..
    අපේ සෙට් එකට රවාත් ඉන්නවා.. දානෙට කලමනා විකුණන දාන මැනේජ්මන්ට් ලිමිටට් එක එයා පටන් ගන්නවලු..

    ReplyDelete
  40. සහතික ඇත්ත. ජ්නවාරි මාසෙ උපදින්නෙ සිරාම පොරවල්. මාත් ජනවාරිනේ.

    ReplyDelete
  41. සුබ උපන් මාසයක් වේව කියල මාත් ප්‍රාර්ථනා කරනව... :D

    ReplyDelete
  42. මොංගල් වෙලා මගෙ සුදු බබාට විශ් එක දුන්නෙ නෑනෙද?
    සුදු බබා අර මම ආස සින්දු ආස සුදු බබා. ( ඔයාට සුදු කියන්න මම අඟුරු වලට සුදු පාට කියන්නේ නෑ.)
    අපොයි මට වැරදිලා ඔයයි අපේ ඩිනිත් බෝයි එකම දවසේ කියලා මතකයි මමයි ඔයාගෙ අම්මයි එක දවසෙ වගේම. අපොයි ගිය අවුරුද්දේ ඔන් ටයිම් කතා කරන්න ගිහින් මම බැනුම් අහගත්තේ නැද්ද මන්දා. හික් හික්.
    මේ මටත් කඩයක් තියපන් පොඩ්ඩක්. ඒත් ඔය කියන එකම සුදුසුකමක්වත් මට නෑනේ. මම කඩ ටික අතුගාන්න එන්නද?
    මේ නොදන්න කමටයි අහන්නේ ලංකාවෙ කේක් වලට ලිකර් දාන්නෙ නැද්ද? අපි නම් ඉතින් පොඩි ළමෙක්ගෙ කේක් එකක් හැරෙන්න ඔක්කෝම හදන්නේ ඒව දාල තමයි. අම්මේ මට මිමෝස මතක් වෙනෝ....


    NB අනේ මේ අර කකුළුවෝ හා ඉස්සෝ මට හීනෙන් පේන්න එපා කියපන්......

    ReplyDelete
  43. අනුරාධ - එකනේ නේද? හරි හරි එහෙනම් මෙන්න ඔයාටත් කේක් පංගුවක්..

    ඉංදික් - බොහෝම ස්තූතියි හැමෝම වෙනුවෙන්.. :)

    බුරු - හරි හරි එයා මේ දවස් වල ස්කුල් ක්ලාස් දුවන නිසා ඉරිදා වෙනකම් මට දකින්න වෙන්නේ නෑ.. දැක්කම කියන්නම්.. ඔව් ඔව්.. ඔයාගේ උපන් දිනේ නම් මට මේ ජිවිතේට අමතක වෙන්නේ නෑ ;-) ඔයා එන්න මගේ කඩේ පාට්නර්ෂිප් එකට.. ලංකාවේ ලිකර් වලින් හදන කේක් අඩු නිසා ඒවා ටික ඔයා බාර ගන්න.. හොදයිනේ? මම දන්න තරමින් ලංකාවේ නත්තල් හා වෙඩින් කේක වලට විතරයි ටිකක් හරි ලිකර් ඇඩ් කරන්නේ.. අනිත්වට නම් නෑ.. දන්නවනේ ඉතිං ලංකාවේ ගෑණු ගැන.. මොන ලිකර් ද?

    මේ දවස් වල ඉස්සෝ කකුළුවෝ ටිකක් හිගයි වගේ.. හීනෙන් බලන්න එපා ඒ නිසා.. හික් හික්

    ReplyDelete