Saturday, November 21, 2009

Racism

I have zero tolerance for bullying and harassment and make no apologies for my impatience with such narcissistic cowardice.

Racism is its own special brand and those that spew, facilitate, and proliferate this hatred are so awash in flames that they cannot help but share their misery in weak attempts to drag others into their bath of fire. As with any injustice, there are times to let things slide and times when one must resolutely stand and fight. Without question, when called for, this fight is unequivocally worth fighting.

In my short time on this planet, I’ve learned that unfounded hatred, bitterness, and resentment attracts nothing more than like minds. There exist individuals who actually believe that they can intimidate, threaten, and silence anyone they choose - and get away with it.

They thought wrong. Neither those who possess this deep-seated hatred and willingness to act on such hostility, nor those who selfishly use such dementedness for their own petty gain should ever be feared. These truly gutless individuals, who believe that endangering the health, safety, and lives of others, as if it were a game to them, do not realize that those they freely attack only become stronger and more resolute. Again, I have learned that any individual can truly be stronger than an entire lot of weak-minded fools.

Antoine de Saint-Exupery wrote, "It is only with the heart that one can see rightly; what is essential is invisible to the eye." It is a quote that is ironically often misused out of our own tunnel vision and frustration that others do not share our particular viewpoint or character judgment.

However, this does not dilute the truthfulness behind Saint-Exupery's assertion, for what is essential one cannot see and therefore ignorance serves as no excuse. Unfortunately, there are those whose ugly actions prove a belief in power by intimidation. With great passion, I have always asserted this can be effectively countered by the power of the people, for the pen will always be mightier.

Tuesday, November 17, 2009

මගේ ආදර සුරේ....<3

මම බැන්දා... මට බැන්දුවා.. දැන් මම බැදලා.. :(

ඇත්තමයි.. සත්තයි තිත්තයි දුකයි කරදරයි බ්ලා බ්ලා බ්ලා....

ඔයාලට හඳහනක් තියනවාද? ඒක බලවනවද? නැද්ද? නැත්තං ඇත්තමයි ඔයලා පුදුම වාසනාවන්තයි. ඇයි මං එහෙම කියන්නේ කියලා දැනගන්න ඕනි නම් කියවන්න මගේ කඳුළු කතන්දරේ...

මට තියනවා කේන්දරයක්! අර තියෙන්නේ සිංහ ලක්නය කටක නවාංශක බ්ලා බ්ලා කියලා කොටු 12 ක් ගානේ දෙකක් ඇදුපු පත්‍රිකාවක්.. අන්න ඒකට තමයි හඳහන කියන්නේ. ඕක බලලා මහා ජොතිශ්‍යවේදියෝ අපිට ‍වුනු දේවල්, වෙන්න තියන දේවල් අනං මනං කියනවානේ.. දැන් මටත් හෙනේට ඉදලා තියෙන්නේ ඕකම තමා..

හරි පැටලිලියි නේද?

මෙහෙමයි. අපේ අම්මා සාමාන්‍යයෙන් අවුරුද්දකට විතර සැරයක් අපේ හැමෝගෙම හඳහන් ටික කා‍ටදෝ කියලා බලවගන්නවා. ඉතිං හැබැයි බලනවා විතරයි.. ඊට පස්සේ ඒවා මතක නෑ.. අපරාදේ කියන්න බෑ මෙච්චර කල් බැළුව මනුස්සයත් එහෙමට දොසක් කියලා නෑ මයේ හිතේ... දැන් කොහොම හරි අපි හොඳටම දන්න කෙනෙක් ගේ නෑයෙක් හඳහන් බලනවලු.. මේ මනුස්සයා බව කේන්දරද මොනාද මන්දා ජාතියකුත් බලනවාලු..ඉතිං දැන් එයා අපේ හඳහන් බලලා.. අම්මටයි තාත්තා ටයි පරමායුෂ තියනවලු... ඒත් ඉතිං දෝණියැන්දැට අවු.50දි ද කොහෙද මාරක අපලයක් තියනවලු:D (මට නම් ඒත් වැඩියි) ඔයිට අමතරව මේ කාලේ අම්බානෙකට අපලයි ලු.. ඇස්වහ දෝශ,හදිසි අනතුරු, අරං මනං කතන්දර ලෝකයයි.. ඉතිං ඔය හින්දා ආරකෂාවට බොඩිගාර්ඩ් කෙනෙක් ව සෙට් කරන්න කියලා. ඔය විදියට තමා මගේ ආදර සුරේ මං ගාවට ආවේ..

දැන් මගේ ආදර සුරේ ඉන්නේ මගේ කරේ.. ගිය සෙනසුරාදා පැය 18 ක විතර උත්සවයකට පස්සේ සුරේ හා මං එක්ව වසන්න ගිවිස ගත්තා. හනේ දෙයියනේ පව් අහිංසක මං.. දැන් ඉතිං ඉන්නවට අමතරව සු‍රයකුත් එල්ලං හිටහල්ලකෝ...! ඒකත් මුළු ජිවිත කාලෙටම !!!!!!!

ඔයාලට නම් මොකෝ සුරයක් එල්ලං ඉන්න එක ඔය තරම් අමාරුද කියයි!! ඔව් අමාරුයි තමා. මලී කියන්නේ කරාබු දෙකක් වත් නොදාන දරුවෙක් .එහෙම ළමයෙක්ට බෙල්ලට මාල දාන් ඉන්න කියන එක සාධාරනද? මමත් මේ පරිසං වෙලා ජිවත් වෙන්නේ බොහොම අමාරුවෙන්.. දැන් සුරේකුත් බලා ගනිල්ලකෝ!

ප්‍රතිපත්තියක් විදියට මං හරක් මස් කවදාවත් නොකෑවට ඌරු මස් නොකා ඉදලා නෑ. දැන් ඒකත් කාලා හමාරයි..රෙදි වැලවල් යටින් යන්නත් බෑ.. පිරිත් වලින් ජීවන් කරලා තියන හිංදා අපිරිසිදු තැන් වල ඉන්නත් බෑ.( ඒ කියන්නේ මගේ කාමරේ හැමදාම අතුගාන්න වෙනවා).. හානේ යසට හිටිය මට වෙන දේවල්!!!

ඇත්තම කියනවා නම් මට හඳහන් සාස්තර ගැන කිසි විශ්වාසයක් නෑ.. ඔය දේවල් සම්බන්ධයෙන් මම කරන ලොකුම දේ තමා නරක දෙයක් කිව්වොත් උනා නොවුනා ඒ දේවල් ගැන ටිකක් පරිසමින් ඉන්න එක. ඒ කිව්වේ අනතුරු වෙයි කිව්වොත් ඒ ගැන වෙනදට වඩා ටිකක් පරිසම් වෙන්න ටික දවසක් මතක තියා ගන්න එක. හොදයි කිව්වොත් මගේ පාඩුවේ ඉන්න එක.. වෙන්න හොදක් තියනවා නම් ඒක වෙන්නේ නැතැ කියලා ඉතිරිවා අමතක කරන එක. එත් දැන් මේ සුරයක් හිංදා වෙන්නේ අමතක කරන දේවල් සැරින් සැරේ මතක් වෙන එක. ඒක මහ වදයක්.. මම කැමති බැදීම් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න.. මම වටින කියන කිසි දෙයක් මගේ ලග තියා ගන්න කැමති නැහැ. මොකද එතකොට ඒවා පරිසම් කරන්න මට මහන්සි වෙන්න නොවෙන නිසා. එත් දැන් මං මාලයි සුරයි සේරම පරිස්සම් කරන්න ඕනි. වදයක්!!!

මේක දාන්න බෑ කියලා කියන්න බෑ.. මොකද මේක මගෙන් අහන්නේ වත් නැතුව අම්මයි තාත්තයි කරපු වැඩක්.. එයාලා හිතන විදියට මේක හරිම වැදගත් ඇති(සාධාරණයි. දෙමාපියෝ බලන්නේ දරුවන්ට කරදරයක් නොවී බලාගන්න නේ) ඒකනේ මෙතුවක් කල් නොකරපු වැඩ කරන්නේ.

මේ ලිපිය ලියන්න මට හිතුනේ සොඳුරු හිතේ අපල කාලෙයි හඳහනයි ගැන ‍ලිපිය දැකලා.. මොකෝ ඉතිං මගේ බ්ලොග් එක පටන් ගත්තත් හරි ‍මගේ ජිවිතේ වුනු හැම දෙයක්ම මේකේ ලියලා තියන හිංදා සුරේ ගැන නොලියන එක හරි නැහැනේ.
කොහොම උනත් දැන් මං හිත හදන් ඉන්නේ සුරේ එක්ක ජිවත් වෙන්න. ජිවිතේ කියන්නේ අපි කැමති දේවල් වගේම අකමැති දේවල් එක්කත් දවස ගෙවන එකලුනේ.. ඒකයි මම මේකේ ටොපික් එකට මගේ ආදර සුරේ කියලා නම දාන්න හිතා ගත්තේ.... :)

A confession

"Someone " (guess who) .. told me that I should do an open self confession.. ultimately it is suppose to help you understand your self better and accept your self for who you are.

So here goes. (and I feel so fucking stupid now) --- I hope this is enough for you .. you SHE-JERK !

Hi, My name is Nash_Node ! .. and I am a Dipsomaniac to start with ! I have an uncontrollable dependence on Smoking to release tension. I have Impulsive Behavior Disorder, I am born with 60% LOW Latent Inhibition disorder, coupled with my IQ, I stand as a rival to Michel Scofiled in Prison Break :) (Basically I process incredible amounts of information in my mind than an average person.. sometimes it's a pain when you get bombarded by too much information in too little time to process all of em)

I am a thinker more than a writer. I have a moderate skill writing what's in mind when I want too. I can be described as an insensitive asshole most of the time by outsiders but I care for the well being of people close to my hearts neighborhood than they can ever imagine. I am an animal lover but never "much" appreciate DOGS !

I have good people skills, I can buy a diamond to the price of peanuts and sell peanuts for the price of diamonds when I want to. I am hard to make friends with and I find it hard to make any good friends my self.

I am not much of a nature lover but I love nature's pure alcohol ! I don't mind the bees buzzing and birds singing, but I treasure quietness and piece of mind very much ! .. I love R&B and soul music. I am not a "hater" of Rock music or anything loud... but I prefer not to bother my ears with them.

There you go !

That's about me :-) .. full filling the obligation of making some she-moron happy ! .

but then again !, I guess many of you reading this are of no different than me except for the first para.

Monday, November 16, 2009

ඇත්තටමද නැත්තං පිස්සුවටද?


මේ තියෙන්නේ ‍දැන් දවස් දෙකකට විතර කලින් ම‍ගේ ෆෝන් එකට ආව මැසේජ් එකක්..පොඩ්ඩක් ඒක බලලම ඉනනකො..
A 9 yr old girl Dakshini is in a critical stage,suffering frm blood cancer. Her father needs 20lks for operation.All networks agreed to give 10 cents for each msg. Pls frwd this sms now to at least 10 ppl. SMS now. with your kind heart, many good things will come back to your life in return.
මෙච්චර කල් මං හිතන් හිටියේ මේ වගේ වැඩ කථා සිද්ධ වෙන්නේ මේල් වලින් විතරයි කියලා. ඒ වුනාට දැන් බලාගෙන ගියාම ඒක එහෙම නෑ වගේ නේද? ඇත්තටම මේවා ඇත්තම ඇත්ත නම් ගැටළුවක් නෑ.. කැමති කෙනෙකුට පුළුවන්නේ දායක වෙන්න. ඒත් මම දන්න තරමින් මේවා ඇත්ත නෙවෙයි. ඇත්තම නම් අදාල නෙට්වර්ක් වලින් මිනිස්සුන්ව දැනුවත් කරන්න එපැයි. අනික මේවා ෆෝවර්ඩ් කරන අය? මට මේක ලැබුනේ ටිකක් වයසක කෙනෙක් ගෙන්. එයා මේ වගේ මැසේජ් හදන කෙනෙක් නෙවෙයි. ටිකක් ආගම දහමට ලැදි හැමදාම පල්ලි යන කෙනෙක්. ඉතිං මේක එයාගේ ෆෝන් එකට ආව ගමන් එයා එයාගේ ‍කන්ටැක්ට් ලිස්ට් එකේ හිටිය හැමෝටම යවන්න ඇති කියලා මට ෂුවර්. ඒ විදියට තමයි මට ආවේ. මේවගේ දේවල් ඇත්ත නැත්ත කොහොම උනත් ඊමේල් වලින් එහෙට මෙහෙට යන එක අවුලක් නෑ කියමු. මොකද අතින් අමතර වියදමක් යන්නේ නැහැ නේ. ඒත් අපි මොබයිල් එකකින් එහෙම නැහැ නේ. හැමෝගෙම අතින් වියදම් වෙනවා. වියදම් උනත් ප්‍රශ්ණයක් නෑ ප්‍රයෝජනයක් තියනවා නම්. මේවා නිකං ‍කොහෙවත් ඉන්න මිනිස්සු පෝසත් කරන්න හදන වැඩ නෙවෙයිද?
සාමාන්‍යයෙන් යාළුවන්ට ‍නැත්නම් ආදරේ කරන අයට යවන ක්‍රියේටිව් මැසේජ් නම් හුවමාරු උනත් කමක් නෑ කියමු. ඒවායේ අඩුම ගානේ ලාමක ආතල් එකක් වත් ගන්න පුළුවන්නේ. ඒත් මේ ලෙඩ දුක්ගැන කියලා මෙහෙම විකාර කරන එක හරිද ? මේක ඇත්තක්ද කියලා මං දන්නේ නැහැ. එහෙම නම් මම මේ ලියන එක හරි පව්. ඒත් මේක බොරුවක් කියලා 99.99% ක් මට ෂුවර්. ඒක නිසා මං හිතන්නේ ඔය වගේ මැසේජ් හදන්නේ මොලේ අමාරුකාරයෝ.නැද්ද?

-------

තව දෙයක්.. කාට හරි කියන්න පුළුවන්ද මොනිටර් එකේ රතුපාට නැතුව වීව් වෙන්නේ මොකද කියලා.. මේ පහත තියන පිංතූරේ වගේ


නෙට් ‍එකේ හෙව්වම නම් කියන්නේ පින්ස් වල අවුලක් නිසා කියලයි. ඒත් එහෙම අවුලක් නෑ. :(( අනේ දන්න දොස්තර කෙනෙක් බෙහෙතක් කියන්නකො... පිං සිද්ධ වෙනවා. නැත්තං මගේ මොනිටා යි ඇස් දෙකයි දෙකම පව්. :((

Thursday, November 12, 2009

Kandy

A little funny thing I came to when I was in Kandy .. yesterday.

I had to go to the Municipal Council to sort out something and this is what my contact there said to me.

අයියේ කිසි දේකට බය වෙන්න එපා. ඔතන ඉස්සරහා ඉන්නවා සිංහයෙක්.

ඌ ඇරෙන්න ඔතන ඉන්න අනිත් ඔක්කොම එවුන් පගා මරුවෝ.

Funny at first ! .. but that's how low the public service had fallen in the eyes of commoners in Sri Lanka now !

Sad !