Monday, January 12, 2009

Pain Killers


Something I wrote long time ago


Why do you need painkillers ?

To KILL pain ?

Pain is a suffering which has no static boundaries or set parameters.

Pain transcends beyond physical attributes of a person and can sink deep into the core melting point of any living human.

People in general are stupid, irrational and selfish. They inflict another person with such pain and suffering of immense magnitude without even realizing for a god damn nano second that you might be KILLING the "other" person...who is /was and will be an unlucky bastard to be at the receiving end of all.

I hate and despise such people, such people who are inconsiderate to the "other" persons feelings. I can simply write off "Those" people as a mutation in the Human Gene Pool... REMOVE THEM..wipe them off from the face of the earth.... for fuck sake ! .. such people are diluting the goodness which was evolved through millanias of evolution and fucking the human behavioral instincts and systems.

People should understand that giving "another" person PAIN is not acceptable. It's not necessary, not normal and in many cases it is totally unacceptable. Mother fucking bastards who practice this religion should understand all this and find a balance with set boundaries. Limits of what is acceptable and unacceptable.

Don't give me pain. I don't want it and I don't like it. I am neither a sadomasochist nor endorse such behavior at any given point in my life. But when you push me over the edge of buffer zone, I get violent. And when I get violent, I am not a pretty site to be around !

I love chaos, I love it like their is nothing else in the world to me, but I am a very dangerous and unstable person with a disease of the mind and a uncontrollable body when in rage. So I beg you to be prompt and decisive about the things you do and not let them escalate into life and death situations.

So leave me alone, I don't want PAIN from "YOU" and don't fucking piss me off.

But coming to the first topic " How do you KILL pain ? "

You can't KILL pain, you simply have to withstand it by all means. (without loosing your temper) or start hammering down each and every bitch and bastard in your scope of view !

Sunday, January 11, 2009

ඉරිදා

අප්පොච්චියේ... තවත් ඉරිදා දවසක්...ඔන්න උදේම ගෙදර අයට හිතුනා අද ගෙද‍ර‍ වෙනුවෙන් ශ්‍රමදානයක් කරන්න... ඉස්තොප්පුව හෝදන්න කථාව.. වතුරත් එක්කනෙ ‍ගේම... මමත් බෑ නොකියා වැ‍‍‍ඩේට දායකත්වය දුන්නා... මගදි පොඩි විවේකයක් ලැබුනා... ඉස්සරහා තියලා තිබ්බ ලොකු හාන්සි පුටුව මිදුලෙ කොහොඹ යටට ගිහින්.. එතන වැඩි අව්වකුත් නෑ.. මමත් ගිහිං ඈදීගත්තා....සනීපයි... වැඩිය නැතත් ලා හුළගක් හමලා ගියා... අහස තද නිල්පාටක් නැතත් අමුතුම නිල් පාටක් තැනින් තැන ලා පුළුන් වළාකුළු ටිකක් පැතිරිලා... අහසට මෙහායින් කොහෙඹ ගහේ අතු වේලිලා වගේ මේ දවස් වල කොහොඹ ගහේ වැඩිය කොළ නැහැ...‍කාලෙකට මිදුල වැහෙන්නම ‍ගහේ අතු වල කොළ පිරිලා තියනවා වුනාට මේ දවස් වල සමහර අතු වල විතරයි කොළ තියෙන්නේ අනික් අතු පාළු වෙලා...මමත් අනේ හරී සනීපෙට ගහ යටට වෙලා හිටියා...‍සා‍ලේ හෝදන්න පාචිච්චි කරපු විම් වල සුවද නැවුම් ඇපල් සුවදක් ඉතිං මල් සුවදක් නැතුවට ගාණක් නෑ... මෙන්න බොලේ හදිස්සියේම දුවගෙන ආවා එකෙක්...මම දන්න එකෙක්.. හති හලනවා.. කදුළු ‍පුරෝගෙන... මොකද බං... මම ඇහුවා... ම්හ් කථා නෑ.. ඔහේ බලං ඉන්නවා... මාත් බලං හිටියා...
"මචං.."
"මොකෝ" මම ඇහුවා..
"මං යනවා බං යන්න"
"කොහෙද..."
"ආව දිහාටම.."
"ආයේ එනවද?"
"දන්නේ නෑ.."
"මොන මල විකාරයක්ද? එහෙනම් පල..මට වැඩ තියනවා.."

යාළුවා මං දිහා නොබලම යන්න ගියා.. මම ආයෙම තනියම.. අහස දිහා බැලුවා.. අහස හිස්.. කෝ ‍ඉර? හයියෝ ඉර නෑ.. එ‍තකොට හද? හු හු ‍හද කොහෙද අද අමාවකද කොහෙද හයියෝ... මටත් මෝල්....තරු...ඔය තරු පායලා තියෙන්නේ.. සිහින තරුවත් තෝරලා ඉවරයිලු... පැත්තේ කොල්ලෙක්ලු දිනලා තියෙන්නේ.. නෑ.. මම ද දන්නේ නෑ... උඹ කොල්ලෙක් ද බොල...?හානේ නැහැ නේ...චිකේ.. ඒකත් අමතක වුනා... අර මොන්ගලී ඇවිල්ලා මාව කාලාගියානේ... ඔය ආව දෙවෙනි පාරද කොහෙද...ආයේ ආවොත් මම ඔකිට හොද ‍වැඩක් කරපුදෙන්... !

හීනි වතුර පාරක් ඔළුවට ‍උඩින් වැටුනා.. හික් හික්.. මේ එනවා තාත්තේ.. ලාවට නින්ද ගියා... මම නැගිට්ටා... නැගිටිනකොට ළග තිබ්බ ‍පුටුව උඩ රතු පාට පොතක්.. දින පොතක්..මගේ නෙවෙයි.. යාළුවගේ... "මචං මේක බලන්න එපා.. පුච්චලා දාපන් මට එපා..." එකේ මුල් පිටුවේ තිබුනා.. මම අරගෙන ගිහිං ගිණිපෙට්ටිය අතට ගත්තා....අහම්බෙන් පිටුවක් බලන්න මගේ අකීකරු හිත කෑ ගැහුවා.. මම පෙරළුවා... පෙර‍ලගෙන පෙර‍ලගෙන ගියා...අත රිදෙනකම්ම... අහම්බෙන් සටහනක් දැක්කා..

පුංචි පුංචි සත්තු ආලෝකය දිහාට ඇදිලා එන්නේ ආදරේට...ආසාවට...ඒ ආස කරන ආලෝකයම.. ඒ දැල්ලම උන්ව පුච්චලා දානවා කියලා දන්නවා නම් උන් ඒ පැත්තවත් බලන එකක් නෑ...කිලෝමීටර් ගණන් පියාඹ පියාඹ එළිය හොයන්නේ නැතුව ගුල් වලටම වෙලා ඉදීවි..ආදරේ කරන දේවල්.. ආස කරන දේවල් දිහා ඇහැක්වත් ඇර නොබලාවී..ඒත් අනේ උන් මැරෙනවා..ආදරේ නිසා ආලෝකය නිසා..දැන දැනම හෝ නොදැන උන් මැරෙනවා..ඉටි පන්දම් දැල්ල ලග පණ අදින උන්ගෙම ඈයෝ දැක දැක පිච්චිලා අළු වෙලා යන්න ඒ එළිය දිහාටම ඇදෙනවා කාළකණ්නි.

මේ මොනවාද අප්පා මේ.. දින‍පොතක මේවා ලියන්නේ කවුද? ලිව්වත් ඇයි මේවා පුච්චන්නේ.. මම ආයේ පිටුවක් පෙරලන්න හිතුවා.. පෙරලුවා පෙරලුවා...අකුරු හොය හොය පෙරලුවා....ආයෙත් සටහනක්

ඇයි මම මේ තරම් ඇලෙන්නේ..? ඇයි මට පැත්තකට වෙලා ඉන්න බැරි..? ඇයි මම මේ තරම් දුක් විදින්නේ..?එක වරක් වැරදුනා. තව එක සැරයක් දෙසැරයක් තුන් සැරයක්.? කීසැරයක් මම වරද්ද ගන්නද හදන්නේ? ඇයි මට හැම දේම දමාගහලා පැත්තකට වෙලා ඉන්න? ඇයි මම මේ තරම් දුර්වල? ඇයි මම හැමදේම යකාට ගිය දෙන් කියලා හැමදෙනාගෙන්ම ඈත් නොවෙන්නේ..? ඇයි මම දැන දැනම මාව රිද්ද ගන්නේ? ඇයි මම එක කටුවකින් ගැලවෙන්න තව කටුවක් ඇනගන්න හදන්නේ? ඇයි මම මගේ හිත පුරාම බ්‍ල්‍ඩ් එකකින් ඉරි ඇදගන්නේ?මට එහෙම වෙන්න ඕනිද?මේ දුක මම දැන දැනම බදාගන්න හදන්නේ ඇයි..?මේ වදකාර ජිවිතේට තව අය ලං කරගන්න හදන්නේ ඇයි මං?හැමෝගෙන්ම ඈත් වෙන්න ගිහිං අළුත් අය ලං කරගන්න හදන්නේ ඇයි මං? ඇයි මම මේ විකාර කරන්නේ? ඇත්තටම මට පිස්සු

මේ මළහොල්මනට ඇත්තටම පිස්සු මේවා කියවලා අපිටත් පිස්සු හැදෙනවා..!නෑ නෑ.. මම ඉතිං නිකං කියවනවා විතරනේ. ඒකිට මොනා උනත් මට මොකෝ...මම ආයේ කියෙව්වා අළුත් පිටුවක්..

දුකත් දන්නවා
දුකට හේතුවත් දන්නවා
දුක නැති කිරීමේ මාර්ගයත් දන්නවා
ඒත් ඇයි දුක නැති කරගන්නේ
නැත්තේ?
අම්මායි තාත්තයි
මාව බැදලා හිරකරලා
ගල් කරලා
නැත්තං මෙලහට මම
කොහේ හරි...හැමෝගෙන්ම මිදිලා...
ඒත් මේ ලංකාවේ එහෙම ඉන්න
ඉ‍ඩක් නෑ.. හැම තැනම දන්න උන්..
ඇයි හත්වලාවේ මොන මගුලකටද
මම
ඉපදුනේ...?

කියෙව්වනම් දීපල්ලාකෝ උත්තර.. ඇයි ඒකි ඉපදුනේ.. මම දන්නේ කොහොමද.. මම ඉපදුනේ ඇයි කියලා මම දන්නෙත් නෑ...අනිත් වුන් ගැන මොනා කියන්නද...
ඉක්මනට ඉක්මනට කියෝමු මගේ හිත කෑ ගැහුවා...."‍අනේ මචෝ.. පිං සිද්ධ වෙයි කියවන්න එපා..!" පිටුව මැද ලොකුවට ලියලා.. මළ හත්වලාමයි... මම කියවනවා කියලා මේකි කොහොමද දන්නේ.. පව් මොනා උනත් මම කරන්නේ වැරදි වැඩක්... මම ටක් ගාලා ගිණි කූර පත්තු කලා...
මගේ මුණටත් ගින්දර උණුසුම දැණුනා.. ගින්දර අතරින් කෙනෙක් මට හිනා උනා.. .ම‍ගේ යාළුවා... මම එයා අල්ලන්න හැදුවා... ම‍ගේ අත පිච්චුනා...දැන් ඉතිරි අළු විතරයි... අතට බෙහෙත් දැම්මා.. අළු හුළගේ පාවෙලා ගියා..


~~~ නිමි~~~

Saturday, January 10, 2009

.........

පෝය හද එළි නිවාපන්
තරු රැස් දහරා මැකීයන්
දිවා හිරු රැස් නිවී පලයන්
අදුර විත් ජිවිතයට වැදීයන්

එපා එපා මට ‍‍ආලෝකයන්
කණාමැදි‍රියෝ ඉගිල පලයන්
මේ කුහක ලෝකයෙන්
මාව නොපෙනිම මැකීයන්

වත්සුණු තැළි පිළි ගිලිහි වැටිද්දෙන්
නෙතග සිනහා රැල් මැකෙද්දෙන්
‍වෙලෙන සියල‍්ලෝ ඈත්ව යද්දෙන්
මේ ආත්මය අදුරෙම ගිලිද්දෙන්

කුමට සුවද විහිදෙන පුෂ්පයෝ මට
රන් පත් ඇති සමනළුනි කිම තොපේ පල?
සැගව යන්නට නොහැකි නම් මට
‍මේ විසල් ලෝකයෙන් මොහොතකට ?

ආලෝක ‍දහරා එපා මට
කදුළු වැල් එපා මට
තොපි කවුරුත් එපා මට
අදුර ඇවිදින් වාඩිගන් ලග

මම මැකී යමි අදුරේම
සාප නොකරමි කිසිවකුට
පැටලුනු බැමි ලිහා‍‍ගියොතින්
සැගව යමි අදුරේම
මැකී යමි අදුරේම....

09/1/2009 life sucks! fcuk off u ppl! Damn I dont care abt any of u..! I hate the world..! I dont want to be a part of it! LIFE... GET LOST! you damn shit!

Tuesday, January 6, 2009

නිලා

ජනවාරි පළවෙනිදා පත්තුකරන්න ගෙනත් දීපු නිලා ටික පත්තු කරන්න මතක් වුනේ අදයි. මේ දවස් ටිකේම මොකුත් ලියවුනේ නැති හින්දා හිතුවා නිලා ගැන ‍මොනා හරි ලියලා දාන්න. නැත්නම් සිංහල යතුරු පුවරුවත් අමතක වෙන්න පුළුවන්නේ..

නිලා කියද්දි ඉතිං හැමෝම දන්නවනේ පුංචි ළමයිනේ වැඩියෙන් නිලා වලට කැමති. මමත් නිලා පත්තු කරන්න ගත්තේ පොඩි කාලේ වෙන්න ඕනි. මුලින්ම පත්තු කරපු දවස් නම් මතක නෑ.. හැබැයි ලාවට හරි මතක මධු අවුරුදු නිවාඩුවට එද්දි අපි දෙන්නට සෙල්ලම් කරන්න ලොකූ නිලා කූරු පෙට්ටියකුයි බඹර චක්කයි අරන් එනවා. ලස්සන වුනාට බඹර චක්ක පත්තු කරන්න නම් මම තාමත් ටිකක් විතර බයයි. ඉස්සර නම් තාත්තා අපිව පරණ ගෙදර කණ්ඩිය උඩ වාඩි කරවලා එයා බඹර චක්ක පත්තු කරනවා. ඒවා මිදුල දිගේ දගර ගගහා යනකොට ඒවා දිහා බලන් ඉන්න එක තමයි අපි කලේ. දැන් නම් ඉතිං පරණ ගෙදරත් නෑ මධුත් නෑ බඹර චක්ක තාත්තා පත්තු කරලා දෙන්නෙත් නෑ.. මගේ බලුයි අම්මයි තමයි ඇවිත් මම බඹර චක්ක පත්තු කරනවා බලන් හිටියේ.. ඒත් මේ පාර බඹර චක්ක 5යි ගෙනත් තිබ්බෙත්..


කියන්න බැරි වුනානේ මේ පාර නිලා ලැබුනේ කොහොමද කියලා. පොඩි කාලේ ඉදන් තියන සමහර පුරුදු අපිට ජිවිත කාලේම අමතක කරන්න බැහැනේ. නිලා පත්තු කිරිල්ලත් ඒ වගේ තමයි. ‍අම්මා මට හැම උත්සව කාලෙටම නිලා පෙට්ටියක් අරන් දෙනවා. ඒ පුරුද්ද තාම ගිහිං නෑ.. අම්මට අමතක උනොත් මම හරි එකක් ගෙදර අරන් යනවා. ආසාවට පත්තු කරන්න. මේ නත්තලෙත් ගන්න හැදුවට බෑ කියලා හිතුනා ඒ වෙලාවේ ගන්න. ඉතිං මම නිලා අදහස අතහැරලා ඉන්නකොට මෙන්න බොලේ අම්මා ටවුන් ගියපු වෙලාවක මට නිලා ගෙනත් තියලා. ජනවාරි පළවෙනිදාට පත්තු කරන්න ගෙනත් තිබ්බට මොකද හෙම්බරිස්සාවක් හැදිලා චාස් චූස් වෙලානේ හිටියේ.. ‍අද පොඩ්ඩක් වෙනදට ‍කලින් ගෙදර ආව හින්දා ස්තෝප්පුවේ මේසේ උඩ නිලා පෙට්ටිය තියනවා දැකලා පත්තු කරන්න හිතුවා..4ක් විතර පත්තු කරන කර යනකොට කම්මැලි හිතුනා අප්පා.. ඉතිං නිලා කූර දිගේ කල්පනා සාගරේ දක්වා ගියා...

අපේ ජිවිතත් නිලා කූරු බඹර චක්ක වගේ නේද? මුලින්ම ‍පුංචි පුංචි ගිණි පුපුරු වලින් පටන් අරන් ලස්සන ලස්සන හැඩ මවලා සුස් ගාලා නිවිලා යනවා.. හරියට අපි බඩගාලා දණගාලා නැගිටලා නටන නැටුම් සේරම නටලා මේ ලොකෙන් යන්න යනවා වගේ... අර ශේක්ස්පියර් මැක්බත් නාට්‍යයේ කියන්නේ.. ලෝකය රගමඩලක් අපි එහි දුප්පත් නළුවෝ වෙන්නෙමු කියලා... ඇත්ත තමයි කරන දෙයක් මේ ඉන්න ටික කාලේ විතරයි.. කැමති විදියකට ඉන්න එකයි ඇත්තේ අනිත් අයට වදයක් නොවී..එතනින් එහා පරලොවක් තිබේ නම් එයට වැඩ කටයුතු වගබලා ගැනීම හෝ එතනින් එහා දෙවියන්ගේ තීන්දුවක් බලාපොරොත්තු වෙන අය නම් ඒ වෙනුවෙන් වැඩ කිරීම හෝ තම තමන්ට බාරයි.. කොහොම වුනත් අවසානෙදි වෙන්නේ නිවිලා ගිහිං අතීතෙට එකතු වෙන එක විතරයි.....

Thursday, January 1, 2009

2009 - 1st



සිතක උපන් සිතුවිලි හැම සුභ වෙන්නයි
ඒ සිතුවිලි හැම දිනකම දළු ලන්නයි
උදාවන හැම දිනකම සැනසුම ලැබෙන්නටයි
මේ සුභ පැතුම් නව වසරට කිරි ඉතිරෙන්නයි..!

ඕන්න එහෙනම් මම 2009 බ්ලොග් සටහන් ආරම්භ කලා... අද අළුත් අවුරුද්දනේ... ඉර එළියත් අළුත් වෙලාද මන්දා.. හැමෝම අළුත් ඇදුම් ඇදලා.. රස රස කෑම බීම අරගෙන... හොදයි හොදයි පේන විදියට නම් හැමෝම සතුටින්... මටත් ඉතිං අවුලක් නෑ.. අළුත් ඇදුමක් ඇදලා.. සස්සනට ඔෆිස් ආවා.. හිකිස්..