Saturday, October 19, 2013

A+

මා වැනි බිළින්දා 
මරුවා යයිද කැන්දා 
අනේ ඒ හින්දා 
දෙන්න ලේ බිඳු මාමා නැන්දා.. 

මේ කවිය ස්කෝලේ යන කාලේ ඉදන්ම කට පාඩම් කවියක්.. පොඩි එකෙක් ලේ බිංදුවක් මැද්දේ ඉඳන් කියන මේක ලේ දන් දෙන කඳුවරු ගැන සෑහෙන්න කාලයක් තිස්සේ පාවිච්චි වෙන පෝස්ටර් එකක්.. මමත් ඉස්සර ඉදන්ම ඒ ගැන ආසාවෙන් හිටියේ.. 
ඒ උනාට ඉතිං අනේ මන්දාවල් ගොඩක් හින්දා දවසින් දවස කල් ගියපු ඒ ආසවත් අද ඉශ්ඨ කරගන්න පුළුවන් උනා... 

අපේ ඔෆිස් එකේ මමත් හරියට නොදන්න මිස් කෙනෙක්ගේ මාමා කෙනෙක්ගේ බයි පාස් සර්ජරි එකකට A+  බ්ල්ඩ් පයින්ට් 4ක් හොයනවා කියලා ආරංචියක් ආව හින්දා මුලින්ම ගෙදරත් එක්ක කන්ෆර්ම් කරගත්තා මගේ බ්ලඩ් ගෘප් එකත් A+ කියලා.. එයින් පස්සේ ඉතිං දින වෙලාවල් වෙන් කරගෙන අද දවල්ට හොඳට කාලා එහෙම මම ගියා බ්ලඩ් දෙන්න.. මුල්ම වතාව හින්දා මගෙන් ගනී ද නැද්ද.. අරවද මේවද වගේ ප්‍රශ්ණ නම් හෙන ගොඩක් ඔළුව වටේ කැරකුනා... ප්‍රස්න නම් මොනවද නේ? 

ඔන්න ඉතිං අදාලා ඉස්පිරිතාලේ බ්ලඩ් බෑන්ක් එකට ගියාම නර්ස් අක්කා කෙනෙක් පොර්ම් එකක් දුන්නා පුරවන්න... හප්පේ... ඒ ලෙවල් පේපරේ පාරාදයි...! එකත් කොහෙම හරි පුරවලා..බරත් කිරලා.. එයාගේ පොඩි බ්ලඩ් ටෙස්ට් එකකින් පස්සේ මට කිව්වා ඇදේ දොයි ගන්න කියලා.. එතනට ආවා දොස්තර අන්කල් කෙනෙකුත් නර්ස් අක්කයි.. දැන් අත ප්‍රෙශර් කරලා එහෙම දෙන්නත් එකක් හෝ ගාලා හොයනවා... මොනාද? බ්ලඩ් වෙයින්ස්.. මළ සේකර!!! දැන් කොහොමද බ්ලඩ් දෙන්නේ.. 
බලමු අනිත් අත... 
ඒ අත බලන්න ආවේ නර්ස් ආන්ටි කෙනෙක්... එයා අත දැක්ක ගමන් කිව්වේ හරි මේකෙන් පුළුවන්.. දොස්තරටත් අදාලා තැන පෙන්නුවේ එයා.. ඒ කියන්නේ පියෝ එක්ස්පීරියන්ස් නැත්තං වෙන මොකක් හරි.. අපි නම් කතා උනේ.. නර්ස් අක්කා අළුත් හින්දා දන්නේ නෑ.. දොස්තර අංකල්ට ඇස් පෙන්නේ නෑ.. ගානට මිම්මට ඉන්න නර්ස් ඇන්ටි හින්දා වැඩේ ගොඩ ගියා.. 
ආනේ.... එයා හරී හොඳයි.. මේ පළවෙනි පාරද අරකද මේකද අහලා මට හිතා ගන්නත් කලින් බ්ලඩ් සේරම අරගෙනත් ඉවරයි.. මට කිසි අවුලක් නැති උනත් විනාඩි 5ක් විතර එහෙමම ඉන්නත් කියලා.. අතේ ප්ලාස්ටර් කෑළිත් ගහලා.. විනාඩි තුනෙන් විතරම මම නැගිටලා පුටුවට ගියාම රසම රස කිරි කෝපි එකකුත් දීලා.. බීලා වාඩි වෙලා ඉන්න කියලා එයාලා කිව්වා... 
ඔය අතරේ ඩොක්ට අංකල් පොඩි පොතකුත් ලඟටම ගෙනත් දුන්නා.. කිරි කෝපි එක බීලා අපි දෙන්නා ආතල් එකේ ගෙදර ආවා.. 

අද මට හරි සතුටු දවසක්... උපදුනු දවසේ ඉඳන් අද වෙනකල් කන්න බොන්න දීලා හයියට මාව හදපු අම්මට පිං සිද්ධ වෙන්න තව කෙනෙක් ගේ ජිවිතයකට පොඩ්ඩක් හරි හයියක් වෙන්න මට පුළුවන් උනා නේ.. මගේ අම්මා මං වෙනුවෙන් එයාගේ ඇගේ ලේ කොච්චරක් නම් කිරි කරන්න ඇති ද? 

6 comments:

  1. දෙපාරක් විතර ලේ දෙන්න ගිහින් තියෙනවා..,
    එහෙම ගිහින් ආවම පුදුම සනීපයක් දැනෙනවා මම දන්නෑ ඒක මට විතරක් දැනෙන දෙයක් ද කියලා..,
    අර උදේ නැගිටලා හිරි අරිනකොට දැනෙන සැනසිල්ල වගේ එකක්..!!!

    ඊටත් වඩා
    //උපදුනු දවසේ ඉඳන් අද වෙනකල් කන්න බොන්න දීලා හයියට මාව හදපු අම්මට පිං සිද්ධ වෙන්න තව කෙනෙක් ගේ ජිවිතයකට පොඩ්ඩක් හරි හයියක් වෙන්න මට පුළුවන් උනා නේ.. //
    මෙන්න මේක නම් පට්ටම පට්ට ඇත්තක්..,
    ලේදීලා එලියට ආවාට පස්සේ මටත් මේක මේ විදියට හිතුනා..!!
    ලේ දෙන්නත් වාසනාව තියෙන්න ඕනේ මචන්..!!

    ReplyDelete
  2. මට එකපාරක් දෙන්න බැරිවුනා ලේ බර මදි නිසා..තව අනික්

    ReplyDelete
  3. 4 පාරක් හරි 5 පාරක් හරි ලේ දීල තියෙනෝ. දැන් ආයෙ ලේ දෙන්න බැරි ලෙඩක් හැදිලනෙ :(
    ( නෑ නෑ AIDS නෙවෙයි , AIDS වල ජාතියෙ එවත් නෙවෙයි )

    ReplyDelete
  4. 4 පාරක් හරි 5 පාරක් හරි ලේ දීල තියෙනෝ. දැන් ආයෙ ලේ දෙන්න බැරි ලෙඩක් හැදිලනෙ :(
    ( නෑ නෑ AIDS නෙවෙයි , AIDS වල ජාතියෙ එවත් නෙවෙයි )

    ReplyDelete
  5. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  6. මේ සැරේ මට මොකකදි හරි ලේ දෙන්න හැකි වෙයි. දැන් තයිරොක්සින් හොඳ වෙලා නිසා..

    මම දැක්කා ලේ දන්දීම කියන්නෙ දාන උප පාරමිතාවක් කියලා.

    // මගේ අම්මා මං වෙනුවෙන් එයාගේ ඇගේ ලේ කොච්චරක් නම් කිරි කරන්න ඇති ද? // සම්පූර්ණ ඇත්ත

    ReplyDelete