Monday, February 11, 2013

අන්තිම නිවාඩු දවස

සංජි අක්කාගේ බත් ගෙඩි කතාව කියවලා කටට ආවා කෙළ ගැන ලියන්න බ්ලොග් එකට ලොග් වුන වෙලේ මාත් මොනවා හරි කොටලා යන එක හොදයි වගේ. ගිය අවුරුද්දටම තියෙන්නේ පෝස්ට් 12යි ජය වේවා!!!! ඇත්තටම මම මෙහෙම ගියොත් මෙලෝ රහකට නැති පට්ට පජාත ජිවිතයක් වෙන එක නවත්තන්න බැරි වෙයි වගේ! හයියෝ එපා වෙනවා අප්පා.. මොනාද කරන්නේ? ඇහුවට ඇත්තටම කරන්න දෙයක් නෑ.. ජිවිතේ එක්ක ඔට්ටු වෙනවට වඩා ලැබෙන දෙයක් ඔට්ටුයි කියන එක ලේසියි වගේ.. ඒ උනාට එහෙම ඉන්නත් බෑ බෑ නේ?

ඉස්සර ලා තණකොළ පෙත්තාස් ලා කිව්වෙත් බෑ කියලා බෑ කියලානේ



අපි හැදුනේ රට රකින්න බෑයි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න බෑයි කියලා බෑ
යුතුකම් ඇත ඉටු කරන්න බෑයි කියලා බෑ 
නගේ මලේ කිසිම දෙයක් බෑයි කියලා බෑ.....

අන්න පොයින්ට් එක!රට පැත්තක තිබ්බත් යුතුකම් කියන එක පැත්තක තියන්න බැහැනේ! ඉතිං මේ ලයිෆ්  එකට එක පාරටම බායි කියලා බෑ කියලා යන්න බෑ! අපි හැමෝටම ඒක තමයි ඇත්ත! කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ කියන්නහේ ආවා නම් ඉදපං ඉදගෙන ඉදහං කියන්න තමයි තියෙන්නේ.! 

නෑ නෑ මම මේ  හෙනම නෙගටිව් අයිඩියා එකක ජිවත් වෙනවා නෙවෙයි! සති දෙකක් තිස්සෙම කාමරයක් අස්සට හිර වෙලා ඉදලා එපා වෙලයි මෙහෙම ලියන්නේ. ලෙඩ නම්  මොනවාද කියනවානේ! ඒ උනාට ඇග පුරහා සැරව ගෙඩි දානවා කියන එකයි සතියක් නාන්නේ නැතිව හිටියා කියන එකයි කොයි තරම් අවුල් සහගතද? මස් මාළු කරවල උම්බලකඩ නැතුව බත් කන එකයි.. තෙල් දාන්නේ නැතුව කෑම කන එකයි කොයි තරම් මංඥමිකද? එක පාරටම ලොකු සීතලක් එක්ක උණ හැදෙන එකයි... ආයෙම දාඩිය දාගෙන උණ අඩු වෙන එකයි ඇරෙන්න කොහොඹ කොළ හප හප ඉන්න එක! කරන්න වෙන වැඩක් නැති හින්දම හොදයි! 

ඊට පස්සේ සතියක් ආපහු උදේ පාන්දරම නාන එක! හපෝ ඒක තමයි එපාම කරපු දේ! මං වගේ මහ රෑ නාන්න පුරුදු වෙලා ඉන්න මනුස්සයෙකුට එහෙම වද දෙන එක හෙන පව්! ඒ උනාට සතියකට පස්සේ නාපු පළවෙනි දවසේ තමයි මට මුළින්ම පිළිකුල් භාවනාව වඩන්න හිතුනේ! තුන් පාරක් ෂැම්පු කරලා තමයි හිත හදා ගත්තේ දැන් කුණු ගිහින් ඇති කියලා.!! කමක් නෑ අයේ ඉතිං ජිවිතේටම හැදෙන්නේ නැහැ නේ! ඒ කියන්නේ ආයේ මේ වගේ සැපට ඉන්න කාළයක් එන්නේ නැහැ කියන එක. බත් එක අතට ගෙනත් දෙන වතුර දෙක ලගට දෙන.. විනාඩියෙන් විනාඩිය මොනවද ඕන අහන! දැන් ඉතිං ආයෙමත් ඕනෙනම් බෙදාගෙන කාපං..! හදාගෙන බීහං! ජිවිතේක හැටි දෙයියනේ! 

හෙට ඉදන් වැඩට පලයං! වැඩ කරහං! අනේ මචෝ මගේ ඩියුටිත් කරලා දීපන් කිව්වාම හා ඩියර් මම කරන්නං කියහං! 
ඒ කියන්නේ හෙට ඉදං ගමනේ යා!!!!!!!!! 

9 comments:

  1. නොදන්න කම හින්දයි අහන්නේ ඔය කුකුල් පැටව් හැදුනම නාන්නේ නැද්ද? මොකටද කොහොඹ කොළ කන්නේ?
    (මා දන්න තරමින් ඉන්ජෙක්ශන් එකකින් සේෆ් වෙන්න පුළුවන්.)
    අනික කාටවත් කියන්න පුළුවන්ද ඔයාට ඇරෙන්න මම උපන්දිනේදාත් කුකුල් පැටව් එක්ක තනියම හිටියා කියලා. ඒ විතරක් නෙමෙයි මේ බොහොම අමාරුවෙන් මම කන්න උත්සාහ කරන ලිස්ට් එකක් කන්න ලැබුන එකම මදිද? (මස් මාළු තෙල් බිත්තර නැති)
    මේ කොමන්ට් එක දැම්මෙත් සංජිගේ බත් ගෙඩියට කියපු අයිතිවාසිකම අරගෙනමයි.
    බොහෝ ම ස්තුතියි මලී වචන අස්සේ මාත් එක්ක දුර ගමනක් ආවට.

    ReplyDelete
  2. නා ගන්න එක, අනා ගන්න එක, කා ගන්න එක, ගා ගන්න එක...

    ඕව ලේසි වැඩ. ට්‍රයි කරන්නෙත් නැතුව ඉබේම වගේ වෙනවා!

    ReplyDelete
  3. අර කලිං පෝස්ට් එකේ තිබුණ මඤ්ඥමික ගතිය මේකෙ නැති වෙලා තියෙන එකනං ෂෝක්!

    ReplyDelete
  4. ඔයා අපේ මායියගෙ නිසංසලා මිස් එහෙම නොවෙයි නෙව

    ReplyDelete
  5. බුරු - මෙහෙමයි.. මේ කුකුළු පැටව් කේසේ එක ඉස්සර ගම් වල මිනිස්සු දෙවියන් ගේ ලෙඩ කියලනේ කියන්නේ.. ඉතිං ඒකත් එක්ක බැදුනු එයාලගේ වත් පිළිවෙත් තියනවා.. නාන්නේ නැති කේස් එකයි.. මස් මාළු නොකන එකයි අදාල වෙන්නේ ඒකට.. අනික නානකොට බබ්ල්ස් ස්ප්‍රේඩ් වෙන්න බලනවා වැඩියිළු. ඒ නිසයි නාන්න එපා කියන්නේ.විශබීජ නැති වෙන්න කියලයි කොහොඹ කොළ ඇද උඩට එහෙම දානවා.. ඉතිං මම කම්මැලි වෙලාවට කොහොඹ කො‍ළ කෑවා.. තිත්තම තිත්ත කොහොඹ කොළ අමාරුවෙන් කන එකේ පොඩි ජොලියක් තියනවා. ඒකයි ලෙඩේයි සම්බන්ධයක් නම් නෑ.

    ක.සූ - ඒක ත් ඇත්ත බලන් යද්දි..

    හරේ - හලෝ මසං.. කොහොමෙයි..! සෝක් නම් සෝක්!

    අකලංක - බිය නොවන්න ඒ මම නොවෙමි. මම කිසිසේත්ම නිසංසලව නොසිටිමි. !

    ReplyDelete
  6. එසේය. කිසිදු බියක් නැත. ගැටුම් නිරාකරණයට වඩා වලක්වාගැනීම අගනේ බැවින් කමෙන්ටු බෙට හාෆ් නොබලා සිටිනවානම් අගනේ බැවින් මුට්ටිය දමා බැලීමි. අගනේය

    ReplyDelete
  7. ධම්මෝ හවෙ රක්ඛති ධම්ම්චාරී කියල බණ පදයක් අහල තියෙනව නේද? ඒවා සම්පූර්ණ ඇත්ත. අපේ දැනුමට අනුව මේවාට බෙහෙත් නොමැත. පාරම්පරිකව පැවත එන දේවල් වලින් සිංහලයා පොහොසත්ය. මස් මාශ වලින් තොර වීමෙන් එක්තරා පිලිවෙත් සමූහයක් සාමාන්\ය මහ ජනයා පිලිගනු ලැබ සිටියි. වසර ගණනාවක් මුලුල්ලේ මේ ක්‍රම අත්හදා බලා දැන් පවතින නිගමන ක්‍රමයකට මහා ජනයා හුරු වී ඇත. නවීන පන්නයේ ක්‍රමද බිහි වී ඇත. අපි වෛද්\ය ශිෂ්යන්ව සිටි අවදියේ මේ පිලිබඳව ප්‍රස්ංසා මුඛයෙන් කථා කලේ මහා චාර්ය රාජසූරිය වැනි විද්වතුන්ය. කාලයාගේ ඇවැමෙන් අවාසනාවන්ත දේවල් බිහි වීම වැලැක්විය නොහැකිය. අද මහා සංඝ රත්නය පවා ඝාතනය කෙරෙන රටක් ලෙස අපේ ජාතියම ප්‍රසිද්ධය.

    ReplyDelete
  8. උබට සනීපද ? ලෙඩේට පිං සිද්ද වෙන්නවත් නා ගත්ත එක ලොකු දෙයක් :D

    ReplyDelete
  9. අකලංක - අගනේය.. අගනේය..

    සරත් මයා - ඇත්ත කතාව!

    පිස්සා - යා මට සනීපයි..!! අඩා! ලෙඩ නොවී හිටියා නම් අපි හැමදාම නාන ලමයි හරිද! ඇදගෙන හරි නානවා!!!

    ReplyDelete