Tuesday, December 31, 2013
2013 - (අග්ගිස්සේ ඉඳගෙන)
තව බොහොම ටික වෙලාවකින් 2013ත් ගෙවිලා යනවා.. සුපුරුදු විදියට කරන රාජකාරී හැම එකක්ම මේ අවුරුද්දට ඉවර කරලා දැන් තියෙන්නේ නාලා කරලා නිදාගන්න විතරයි. ඒත් පුරුද්දට වගේ 2013 ශෝට් නෝට් එකත් දාලාම අන්තර්ජාලයට සමුදුන්නා නම් හොඳයි කියලා හිතුනා.
අවුරුද්ද අන්තිම බ්‍රීෆ් කරන එක ඩයරි ලියන කාලේ ඉදන් මට තිබුනු පුරුද්දක්.. කඩදාසි පිටු වලින් වෙබ් පිටු වලට මාරු උනත් සමහර පුරුදු අමතක කරන්න ටිකක් අමාරුයි. කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේම..
කාලේ කොච්චර ඉක්මනට ගෙවිලා යනවා වගේ දැනෙනවද කියනවා නම් දැන් මේ අවුරුද්දේ මුල දේවල් වත් මතක් කරද්දි මතක් වෙන්නේ නැහැ වගේ ශික්! කම්මැලිකම! මොනා හරි ඔළුව ඇතුලට දාගෙන මතක තියාගන්න එකත් මහම මහ කම්මැලි වැඩක් වෙලා දැන් මට...
හරි ටක් ගාලා මතාආක් කරමු දැන්!
ජනවාරි මාසේ තමයි අපි තංගල්ලේ ගියේ.. එහේ ගිහිං ආවේ ලෙඩකුත් අරගෙන ඒකට පිං සිද්ධ වෙන්න දෙයියනේ කියලා හොඳ නිවාඩුවක් අරන් ගෙදරට වෙලා හිටියා.
ඒ එක්කම මට තිබුනා රෝස වවන පිස්සුවක් පඩියෙන් භාගයක් රෝස ගස් වලටයි පෝර වලටයි බෙහෙත් වලටයි ගියා... හයියෝ සල්ලි.. මැස්සෙක් ඇවිල්ලා වැඩේ එපාම කරන කම් එක මගේ හොබී එක උනා ගොඩක් කල් යනකම්ම..
අප්‍රියෙල් මුල අපි සෙට් එකම ගියා බේකරියේ කට්ටය සෙට් කරපු ඩවුන් ටවුන් පල්ස් බලන්න. ඒක වෙනමම ෆන් එකක්. ඒ මාසෙම ඔෆිස් එකේ ප්‍රමෝශන් එකත් සෙට් වෙලා තිබුන නිසා අවුරුදු තුනක් තිස්සේ කරපු නයිට් ශිෆ්ට් එකට බායි කිව්වා.
ඔය අස්සට කිරි දාන කිරිබත් දාන වගේ එව්වත් සෙට් උනා.
ජූනි මාසේ බදුල්ලේ ගිය වෙලේ දෙයියනේ කියලා බොල්ගොඩ ලී පාලම එහෙම බලා කියාගත්තා.
අගෝස්තු මාසේ හදිස්සියෙන් කොහේ ඉදන්ද ආව හුළඟක් හින්දා අපේ ගෙදර ඉස්තෝප්පුවට ගහකුත් වැටුනානේ. ඒ වෙලාවේ මම හිටියේ ඔෆිස් යන ගමන් බස්එකේ හොඳටම නිදාගෙන.
අපේ අනවසරිය දවසේ තමයි අපේ ඔෆිස් එකේ උන්ටික පළවෙනි පාරට සේරම එක්ක ට්‍රිප් එකක් ගියේ. ඇත්තටම ඒක අන්ඔෆීෂියල් එකක්! ඒත් ඒක අපි හිතුවට වඩා හොඳට උනා.
ඔක්තෝබර් මාසේ අන්තිම මගේ බලුච්චියොන්ට බබලා හම්බුන හින්දා ඒදා ඉඳන් හොඳටම බිසී පිට තමයි ජිවත් වෙන්න උනේ. මේ වෙද්දි එයාලා සේරම එයාලගේ අළුත් ගෙවල් වලට ගිහිං.... දැන් ඉන්න දිහාක පිස්සු නටනට ඇති.
දෙසැම්බරේ මුලම අපේ ඔෆිස් එකේ ඇනුවල් ගෙට් එක තිබුනා.. හප්පා එදා නම් පට්ටම පට පට ෆන් එකක් ගත්තා.. ජිවිතේ මුල්ම වතාවට කඹත් ඇද්දා මම..
ඔය කතා ටික ඇරුනම අළුත් අළුත් කෑම බීම ට්‍රයි කරන එකයි පොත් ෆිල්ම් ගැන හොයන එකයි විතරයි මේ අවුරුද්දට වැඩක් ඇති දේකට උනේ මම හිතන්නේ.
මොන දේ උනත් දැන් 2013 ගෙවිලා යන්න ළඟයි.. අළුත් අවුරුද්දක් ගැන දැන් ඉස්සර තරම් ලොකු ආතල් එකක් දැනෙන්නේ නැහැ මට. අළුත් පංතියට අළුතින් පිටකවර දාගෙන අළුත් දේවල් ඉගන ගන්න යන්න වගේ හැඟීමක් නැහැනේ?
අද ඊයේ කරපු වැඩ ටික කරන්න හෙටත් නැඟිටලා පුරුදු විදියට වැඩට යනවා... එහෙම හිතන එක හෙනම ලේසි උනාට හරිම බෝරින් වගේ.
නෑ.. හෙටින් පටන් ගන්නේ අළුත් අවුරුද්දක්.. අළුත් දවසක්.. ! හැමදාම කරපු වැඩ වලට උනත් අළුත් රටාවක් දාලා පටන් ගන්න මරු දවසක්.. හෙටින් පස්සේ අනිද්දත් එහෙමයි.. හැමදාම එහෙමයි... මොකද හැම අළුත් දේකම හැම පරණ දේකම සැබෑ අර්ථය තියෙන්නේ අපේ හිතේ..
හරියට භාගයක්ම පිරිලා තියෙන වතුර විදුරුවේ කතාව වගේ.!
හෙට වගේම හැමදාකමත්
ඔබට සුභ!
ආදරෙන්
මලී
(2013 අග්ගිස්සේ ඉඳගෙන.)
පිංතූරේ
Thursday, October 24, 2013
විශ්වයේ උපතක්
නිදහසේ වැඩ කරන්න පුළුවන් දවසක් හින්දා හැම ඉරිදකම වැඩ කරන මම මගේ ඩේ ඕෆ් එක සාමාන්‍ය යෙන් ගන්නේ සති මැද දවසක.. අදත් ඒ වගේ දවසක්.. මගේ නිවාඩු දවසක්. කරන්න අමුතු වැඩ මොකුත් නැති ප්ලෑන් නැතුව පටන් ගත්ත අද දවස අපේ ජිවිත වලට ආයෙමත් මතක සටහනක් ඉතිරි කරපු දවසක් වෙයි කියල උදේ අට වෙනකල් නිදා ගනිද්දි මට වැඩිය හිතුනේ නෑ...
අපේ ගෙදර බලු ගෙදරක්! පොඩ්ඩක් විතර එහෙම කිව්වම අවුල් හැඟීමක් ආවත් කරන්න දෙයක් නෑ.. අපේ ගෙදර ඉන්නේ ඩෝග් පීපල්ලා වගේම ගෙදර ඉන්න මිනිස්සු ගාණට වඩා බල්ලෝ ඉන්නවා.. ඒ කියන්නේ මිස්ට බව්වෙක් හා මිසිස් බව්වියෝ තුන් දෙනෙක් ඉන්නවා.. මිස්ට බව්වා කොලින්.. නැත්තං බුකු බුකු.. අයිති අපේ අම්මට.. එයාගේ මමා ඩොගී මිකී එයා මගේ.. එතකොට රෝස් හෙවත් රෝසි අපේ තාත්තාගේ.. ඒ පවුලෙම කරදර වලට වැඩියම මූණ දීලා ඉන්න පොඩ්ඩිත් මගේ.මුලින්ම කුස්සයටම බඩ ගාගෙන ගිහිල්ලා පොඩි කාලේ ළිදේ වැඩිලා.. එතකොට කණ්ඩි වලින් පැනලා.. මාළු ටැංකියේ වතුර බොන්න ගිහින් කණේ වතුර යවාගන්න වැඩ ගොඩක් දේවල් හින්දා රෙකෝඩ් තියන්න පොඩ්ඩිට පුළුවන් වෙච්ච නිසා එයා කාගෙත් අවධානය ඉහලින්ම දිනාගෙන හිටි කෙනෙක්. මේ දවස් වල එයා ප්‍රෙග්නන්ට්.. හරි ආයේ මගේ නිවාඩු දවසට!
උදේ කෑම බීම වලින් පස්සේ පොතකුත් අරන් මම මගේ ඇඳේ හරි බරි ගැහුනා.. සුපුරුදු විදියට බලූලා සෙට් එකත් එයාලා මගේ කාමරේ කැමති කැමති තැන් වල හරි බරි ගැහිලා නින්දට සෙට් උනා.. මම පොත් කියවනවා එයාලා එයාලගේ වැඩ වල.. කොහේදෝ ඉදන් කාමරේට දුවගෙන ආව බුකු බුකු අයියා ඇඳ යට ඉව කලා විතරයි.. මේ ලෝකයේ කෙනෙකුට අහන්න පුළුවන් නැවුම්ම නැවුම් හඬ මගේ ඇඳ යටින් ඇහුනා.. මම දැනගත්තා.. මට දැනුනා.. පොඩ්ඩි පැටව් දානවා.. මගේ ඇඳ යට... මුලින්ම එළියට ආව පැට්ටා මේ ලොකෙට එයාගේ සම්ප්‍රාප්තිය දැනුම් දුන්නා.. ටක් ටක් ගාලා අනිත් බලු සාමාජිකයන්ව එළියට යවලා පොඩ්ඩිට එයාගේ වැඩේ කරගන්න දීලා මම ආයෙත් පොත කියවන්න හිතුවා.. පොතට වඩා ඇඳ යට බිහිවෙන අළුත් ජීවය ගැන හොයන්න මට ආස හිතුනා.. ඇඳේ ඉදගෙනම බෙල්ල විතරක් දාලා හොරෙන් වගේ බලන් හිටියා ම්හ්... මොකුත් නෑ... එක පැටියෙක් විතරද? මට හිතුනා.. නිමේශයකින් ජෙලි ආවරණයක් වගේ බෑග් එකක් ඇතුලේ තව පැට්ටෙක් එළියට ඇවිත්.. පොඩ්ඩි මේ ලෝකේ සිහියක් නැතුව ඒ පැට්ටව පිරිසිදු කරනවා...
මගේ කොඳු ඇට පෙළ කෙලවරින් පටන් ගත්තු හිරියක් මුළු ඇඟ පුරාම දිව්වා.. කණ් දෙකට ලේ පිරෙනවා දැනුනා.. ඇස් තෙත් උනා.. මේ මහා විශ්වයෙන් මගේ කාමරය පිරිලා ගියා .. මම මට පුළුවන් තරම් ලොකු හාදුවකින් ස්භාවධර්මය වැළඳ ගත්තා.. ගොර්කිගේ “මිනිසෙකුගේ උපත“ කියවද්දි දැනුන හැඟීම මගේ මුළු ඇඟටම දැනුනා..
මේ දේවල් මේ තරම් පිළිවෙලට සිද්ද වෙන්නේ කොහොමද? කවුද මේ දේවල් මේ සත්තුන්ට කියල දෙන්නේ.. මම මේක ලියද්දි පොඩ්ඩිගේ පළවෙනි අදියරේ වැඩ නිමයි කුක්කු පැටව් ටිකක් පොඩ්ඩිගේ තුරුල්ලට වෙලා කෙඳිරිලි මුණුමුණුවකින් හොර රහසේ පොඩ්ඩිගේ කිරි බුරුල්ලේ කිරි වලින් බංඩි පුරෝ ගනිමින් ඉන්නවා.. ඒ මිමිණුම අළුත උපන් මිනිස් දරුවන්ගේ කෙඳිරල්ලෙන් වැඩි වෙනසක් නැහැ.. විශ්වයේ භාෂාව කාටත් පොදුයි මට දැනෙනවා..
මගේ හදවත ආයෙමත් ආනන්දයකින් පිරී යනවා.. මට නිදා ගන්න ඇඳක් නැති වෙනවා ටික කාලෙකට.. මගේ කාමරේ කිරි කැටියන්ට දීලා මම කෙරවලේ පොඩි කාමරේට මාරු වෙනවා.. මම කොහෙමද මේ විශ්වයේ කලාව වෙනස් කරන්නේ?

Saturday, October 19, 2013
A+
මා වැනි බිළින්දා
මරුවා යයිද කැන්දා
අනේ ඒ හින්දා
දෙන්න ලේ බිඳු මාමා නැන්දා..
මේ කවිය ස්කෝලේ යන කාලේ ඉදන්ම කට පාඩම් කවියක්.. පොඩි එකෙක් ලේ බිංදුවක් මැද්දේ ඉඳන් කියන මේක ලේ දන් දෙන කඳුවරු ගැන සෑහෙන්න කාලයක් තිස්සේ පාවිච්චි වෙන පෝස්ටර් එකක්.. මමත් ඉස්සර ඉදන්ම ඒ ගැන ආසාවෙන් හිටියේ..
ඒ උනාට ඉතිං අනේ මන්දාවල් ගොඩක් හින්දා දවසින් දවස කල් ගියපු ඒ ආසවත් අද ඉශ්ඨ කරගන්න පුළුවන් උනා...
අපේ ඔෆිස් එකේ මමත් හරියට නොදන්න මිස් කෙනෙක්ගේ මාමා කෙනෙක්ගේ බයි පාස් සර්ජරි එකකට A+ බ්ල්ඩ් පයින්ට් 4ක් හොයනවා කියලා ආරංචියක් ආව හින්දා මුලින්ම ගෙදරත් එක්ක කන්ෆර්ම් කරගත්තා මගේ බ්ලඩ් ගෘප් එකත් A+ කියලා.. එයින් පස්සේ ඉතිං දින වෙලාවල් වෙන් කරගෙන අද දවල්ට හොඳට කාලා එහෙම මම ගියා බ්ලඩ් දෙන්න.. මුල්ම වතාව හින්දා මගෙන් ගනී ද නැද්ද.. අරවද මේවද වගේ ප්‍රශ්ණ නම් හෙන ගොඩක් ඔළුව වටේ කැරකුනා... ප්‍රස්න නම් මොනවද නේ?
ඔන්න ඉතිං අදාලා ඉස්පිරිතාලේ බ්ලඩ් බෑන්ක් එකට ගියාම නර්ස් අක්කා කෙනෙක් පොර්ම් එකක් දුන්නා පුරවන්න... හප්පේ... ඒ ලෙවල් පේපරේ පාරාදයි...! එකත් කොහෙම හරි පුරවලා..බරත් කිරලා.. එයාගේ පොඩි බ්ලඩ් ටෙස්ට් එකකින් පස්සේ මට කිව්වා ඇදේ දොයි ගන්න කියලා.. එතනට ආවා දොස්තර අන්කල් කෙනෙකුත් නර්ස් අක්කයි.. දැන් අත ප්‍රෙශර් කරලා එහෙම දෙන්නත් එකක් හෝ ගාලා හොයනවා... මොනාද? බ්ලඩ් වෙයින්ස්.. මළ සේකර!!! දැන් කොහොමද බ්ලඩ් දෙන්නේ..
බලමු අනිත් අත...
ඒ අත බලන්න ආවේ නර්ස් ආන්ටි කෙනෙක්... එයා අත දැක්ක ගමන් කිව්වේ හරි මේකෙන් පුළුවන්.. දොස්තරටත් අදාලා තැන පෙන්නුවේ එයා.. ඒ කියන්නේ පියෝ එක්ස්පීරියන්ස් නැත්තං වෙන මොකක් හරි.. අපි නම් කතා උනේ.. නර්ස් අක්කා අළුත් හින්දා දන්නේ නෑ.. දොස්තර අංකල්ට ඇස් පෙන්නේ නෑ.. ගානට මිම්මට ඉන්න නර්ස් ඇන්ටි හින්දා වැඩේ ගොඩ ගියා..
ආනේ.... එයා හරී හොඳයි.. මේ පළවෙනි පාරද අරකද මේකද අහලා මට හිතා ගන්නත් කලින් බ්ලඩ් සේරම අරගෙනත් ඉවරයි.. මට කිසි අවුලක් නැති උනත් විනාඩි 5ක් විතර එහෙමම ඉන්නත් කියලා.. අතේ ප්ලාස්ටර් කෑළිත් ගහලා.. විනාඩි තුනෙන් විතරම මම නැගිටලා පුටුවට ගියාම රසම රස කිරි කෝපි එකකුත් දීලා.. බීලා වාඩි වෙලා ඉන්න කියලා එයාලා කිව්වා...
ඔය අතරේ ඩොක්ට අංකල් පොඩි පොතකුත් ලඟටම ගෙනත් දුන්නා.. කිරි කෝපි එක බීලා අපි දෙන්නා ආතල් එකේ ගෙදර ආවා..
අද මට හරි සතුටු දවසක්... උපදුනු දවසේ ඉඳන් අද වෙනකල් කන්න බොන්න දීලා හයියට මාව හදපු අම්මට පිං සිද්ධ වෙන්න තව කෙනෙක් ගේ ජිවිතයකට පොඩ්ඩක් හරි හයියක් වෙන්න මට පුළුවන් උනා නේ.. මගේ අම්මා මං වෙනුවෙන් එයාගේ ඇගේ ලේ කොච්චරක් නම් කිරි කරන්න ඇති ද?
Monday, September 30, 2013
අවුරුදු පහකට පස්සෙත් තාමත් මනෝ විකාරෙන්...
මනුස්ස ජීවිත ඇතුලේ අවුරුදු පහක් කියන්නේ සෑහෙන්න ලොකු කාලයක්
අළුත උපන් පොඩි දරුවෙක්ට ඉපදිලා හැදිලා වැඩිලා ඇවිදලා කතා කරලා ස්කෝලෙ යන්න පටන් ගන්නත් අවුරුදු පහක් ඇති
හැබැයි ඊට පස්සේ අවුරුදු පහක් කියන එක ලොකු කාලයක් නොවෙන
අද ඊයේ වගේ මතකයක් වෙන්නත් පුළුවන් මේ දැන් අපිට වගේ
ඉන් ඩීටේල් නැතත් අපේ ජීවිත ඇතුලේ ගතවුනු අවුරුදු පහේ මොනාද උනේ කියලා
කියලා දාන්න හෙනම ලේසීයි නේ?
කාලය කියන දේට අපි මිණුම් දඩු දාගෙන මැන ගෙන ඒක ඇතුලට වෙලා දුක් වින්දට
ඇත්තටම ලෝකේ කැරකෙනවා ඒකට සාපේක්ෂව එළිය අඳුර ඇවිත් යනවා විතරමයි
හැබැයි අපි ඒ අඳුරෙන් එළියට ඇවත් කොණ්ඩේ සුදු වෙලා දත් හැලිලා මැරිලා යන්න කලින් නොමැරි මැරි මැරි ජිවත් වෙනවා
කවුරු මොන පොර ටෝක් එක දුන්නත් කොයි තරාතිරමක අද ජිවිත් වෙන කොයි මිනිහා ගැනත් ඇත්ත ඒකමයි
කොතැනත් තියෙන කොයි විදිහෙ හරි සිස්ටම් එකක් ඇතුලේ හිරවෙලා හිතෙන් හූල්ලනවා
එහෙම නෑ කියන්න පුළුවන් මිනිස්සු අද නෑ නෑ නෑමයි!!!
හැබැයි
ඒ හීල්ලිලි කන කටු අස්සේ
සෙට් වෙන එක පොඩි නිමේෂයක් වගේ
මොහොතවල් ගොඩක් නිසා
අපි පට්ට ආතල් එකේ
ෆන් එකේ
ජිවත් වෙනවා
අන්තිමේ ජිවිත් වෙනවා කියන්නෙ අඬනවටවත් හූල්ලනවටවත්
හීනා වෙනවටත් ශෝ ඕෆ් දාන එකටවත් නෙවෙයි
එහෙනම්
???
ඇත්තටම ජිවිතේ කියන්නේ මොකක්ද
???
මම තාම
හොයනවා
ඔබට
හමු උනාද?
Thursday, February 14, 2013
එක දවසක්
මොන ක්‍රමේකින් හරි
අම්මා කෙනෙකුගේ
බංඩි ගෙඩියක් ඇතුලේ
හැදෙන්න පටන් ගන්න දවසේ ඉදන්
දරුවෙක්ට අම්මෙක් වගේම
අම්මෙක්ට දරුවෙකුත්
මොන තරම් බැඳෙනවාද
ඒ බැඳීම ආදරේ නේද?
ඉපදිච්ච මොහොතේ
ඇස් ඇරලා බලන මොහොතේ ඉඳන්
සමහර විට ඊටත් කලින් ඉඳන්
අපි හොයන්නේ ආදරේ නෙවෙයිද?
පොඩියක් කවුරු හරි එහා මෙහා උනත්
ඌ..ඌ.. ගගා අඬ අඬ
ඇස්වල කදුළු පුරවගෙන
නොතේරෙන භාසා වලින්
පොඩි උන් කියන්නෙත්
අනේ මාව දාලා යන්න එපා
මගේ ළඟට වෙලා ඉන්න කියලා නේද?
ඒ ඉල්ලන්නේ ආදරේ නේද?
යන්තං පය ගහලා
ඇවිදින්න පුළුවන් වෙච්චි ගමන්
හතර වටේ ඇවිද ඇවිද
අපි හොයන්නේ
අපිත් එක්ක
එක පාරේ
එකට
අත් අල්ලගෙන
හිනා වෙවී
යන්න පුළුවන් අයව නෙවෙයිද
ඒ අපි හැමෝටම
ආදරේ ඕන හින්දා නෙවෙයිද ?
ඉපදුණු මොහොතේ ඉදං
අන්තිම හුස්ම යනකම්ම
හැම මොහොතකම
අපි හොයන
ආදරේට
එකම එක දවසක්
මක් කරන්නද?
Wednesday, February 13, 2013
පොල් vs රේප්
අනේ ඇත්තමයි මොන තත්වෙන් හරි කමක් නෑ අර යුද්දේ තිබ්බා නම් ඉවරයි කියලා දැන් නම් වෙලාවකට හිතෙනවා අම්මපා මට.. ආගම් බේද ජාති බේද නෑ.. රෑ හත අට වෙනකොට කොහේ හරි තියෙන ටීවී එකක් ඉස්සරහා වාඩි උනා.. දෙපැත්තේ ගාණ බැළුවා.. තමන්ගේ පැත්තෙන් අඩු නම් රෙද්දක් පෙරෝගෙන නිදා ගත්තා.. අපේ රටේ මිනිස්සුන්ට තිබ්බ එකම කරදරේ ඒක විතරනේ ඒ දවස් වල!
දැන් එහෙමද? දවසකට කීයක් කියලා දේවල්ද? එක කොමන් ටොපික් එකක් වගේ නෙවෙයිනේ.. පාරේ යන්න නෑ.. රාජකාරියක් කරගන්න නෑ.. එක එක්කෙනාට එක එක ප්‍රශ්ණ.. අනේ අර පහුගිය ටිකේ වගේ අග්‍රවිනිශ්චයකාර තුමීගේ කේස් එක තිබ්බා නම් ඒත් එකක්... ඒක යුද්දේ වගේ නෙවෙයි නේ අඩුම ගානේ කවුරුවත් මැරෙන්නේ නැහැනේ.. ඒ උනාට හැමෝම එක නිවුස් එකක් බලනවානේ.. දැන් ඉතිං මිශ්‍ර පලතුරු අච්චාරුව වගේ..
කාලයක් රාවණ රජතුමා... ඊට පස්සෙ ලෝක විනාසෙ... එලි පේන ඒවා... පාට පාට වැහි... පිටසක්වල යානා... දැන් ඔය අහසින් වැටෙන ගල් කෑලි... ඔය ගල් කෑලි කිලෝමීටර් ගාණක් උඩ ඉඳන් වැටිලත් ගාණට බබා වගේ පැල්ලමක්වත් නැතිව ලෑන්ඩ් කරල තියෙන හැටි තමයි හැටි...
ඒ මදිවට හලාල් එපා.. අත් කපන්න හොඳ නෑ.. එම් ආර් අයි හොඳ නෑ... අරයලා දික්කසාද වෙලා.. එයා මෙයා එක්ක යාළු වෙලා.. මේවා අධිරාජ්‍යා වාදී කුමණ්ත්‍රන.. මේවා සිංහල ජාතිය වඳ කරන්න යන්නේ.. අර කඩෙන් බඩු ගන්න එපා.. මේ කඩේට යන්නවත් එපා.. හප්පා ගොඩයි..
වැඩක් නෑ.. වැඩක් නෑ ඔය මොකවත් වැඩක් නෑ.. ඔය නිවුස් අතර මම නොකිව්වට වැදගත්ම නිවුස් දෙකක් තිබ්බා..
1. පොල් ගෙඩි අටක් හොරකම් කරපු පාසැල් දැරියකට රු.50,000 ක ඇප ලැබිල්ල.
2. ස්ත්‍රියක් දූෂණය කරපු මිනිහෙක්ට රු.10,000 ක ඇප ලැබිල්ල
ඇත්තටම මේ රටේ මිනිස්සු මං තරම් උගත් මංද බුද්ධිමත් ? නැති හින්දා මේ කේස් එකට සෑහෙන්න වළිගේ පාග ගත්තා කියලයි මගේ අදහස.. මිනිස්සු උනාම හැම දේටම කෑ නොගහා ඒ දේවල් විචාරාත්මකට තම මනසින් කල්පනා කරලා බලන්න ඕන කියලයි පොතේ තියෙන්නේ.. ඒ උනාට අද කාලේ කවුරුවත් එහෙම කරන්නේ නැහැ නේ.. අනේ ඉතිං... බොරුවට කෑ ගගහා ප්‍රෙශර් වැඩි කරගන්නවා දොස්තරලාව පෝසත් කරන්න..! නැද්ද ???
අර අයිසැක් මහත්තයට ඇපල් ගෙඩිය වැටුනම මොළේ පහල උනා වගේ තමයි ඊයේ රෑ හදිස්සියෙම මේ ගැන පසු කථනයක් වෙන වෙලාවේ මගේ ටිකිරි මොළෙත් පහළ උනේ.. !
හැමෝම ලොකු කරලා ගත්තට මෙතන තියෙන්නේ පොඩි බිස්නස් පොයින්ට් එකක්! පේව්මන්ට් එකේ බිස්නස් කරන මනුස්සයාගේ ඉදං ලොකු ලොකු ලෙවිස් සෙවන්ස් සොටෝස් වල වැඩ කරන ඕන මොළකාරයෙක්ට තේරෙන සීන් එකක් මෙතන තියෙන්නේ හා නෑ කියනවාද?
මොකක්ද ?
නීතිය බිස්නස් එකක් කියලා?
නෑ...?!!!
මොකෝ නැත්තේ? නැත්තේ නෑ..!! ඔය පඳුරු ගානේ ඉන්න උගත් බුද්ධිමත් නීතීඥ නෝනලා මහත්තුරුන්ගෙන් අහන්නකෝ මොකෝ නැත්තේ කියලා.. එයාලා ශුවර් නැත්තං අර පහුගිය ටිකේ ගෙදර යවපු නෝනාගෙන් අහන්න.. එයත් මේ ටිකේ ෆ්‍රී එකේ ඇත්තේ..
නැත්තං වැඩක් නැති දවසක නිකං ඉන්න එකේ උසාවියකට ගිහින් බලන්නකෝ.. ලොකු ලොකු එව්වට නෙවෙයි පොඩි එකකට හොඳේ..! නඩුව පටාන් ගන්නවා නීතීඥ මහත්තයා නැගිටිනවා.. ස්වාමීණි හච පච හච පච ගාලා වචන දෙකක් කියනවා.. නඩුව කල් යනවා.. මහත්තයාගේ අතට සල්ලි යනවා.. හරියට ගොඩක් චැනල් දොස්තර මාමලා වගේ තමයි..!
හරි සරළයි.. ! නඩුව ලොකු වෙන්න ලොකු වෙන්න යන ගාණත් වැඩියි..! පියෝ බිස්නස්!! හරි සැහැල්ලුයි.. !!
අනිත් කාරණාව තමයි දැන් බලන්න ටිකක් අපේ මේ සකළ සිරින් පිරි සිරි ලංකාව කොයි තරම් වේගෙකින් දියුණු වේගෙන වේගෙන යනවද? හරි හරි එහෙන් මෙහෙන් පොඩි පොඩි ණය කෑළි හම්බ වෙනව තමයි.. ඒ උනාට මේ හැම දේම වෙන්නේ අපේ පාලක පක්සේ තියන දැඩි උනන්දුව හා ඒකායන ධෛර්යය හින්දානේ.. ඉතිං මේකට සපෝට් කරන එක අපි හැමෝගෙම යුතුකම! පුද්ගලයෝ වශයෙන් නෙවෙයි ආයතන වශයෙනුත් අපි ඇපකැප විය යුතුයි.! ඉතිං මේකට ආදුරුසයක් දෙන්න තමයි රටේ දෙවෙනියට ඉහළම තැන තියෙන අධිකරණය අර මං කලින් කිව්ව බිස්නස් මයින්ඩ් එක දාලා දඩයක් ඇපයක් අරගෙන රජයට සහය දෙන්නේ...
ඇයි තේරුනේ නැද්ද???
හරි සරළව අපි ආයෙම උක්ත ප්‍රස්තුථ දෙක දිහාට හැරෙමුකෝ...................................................
යා යා 1, 2 දාලා ලියලා තියන ඒවා තමයි..
දැන් බලන්න ඔය පලවෙනි එක.. හැම දාම අපිට අහන්න වෙන වර්ගයේ නඩුවක් නෙවෙයිනේ.. ඒ කියන්නේ ඉස්කෝලේ යන ළමයි පොල් හොරෙන් ගන්නේ නැහැනේ.. (හරි හරි කුරුම්බා කඩන එක වෙනයි) එහෙම ගත්තත් පොල් අයිති කාරයා තමන් නඩුකාරයා වෙලා පොඩි සද්ද බද්දයක් දාලා ගොඩින් ශේප් වෙනවානේ.. ඒ කියන්නේ බ්ලැක් මාර්කට් වෙළඳාමක් වගේ දේවල් නේ නිතර වෙන්නේ..
ඒ වගේද ස්ත්‍රී දූශණ...? දැන් වෙනකොට ජස්ට් නතින්! හපෝ ඕවත් නිව්ස් ද කියලා අහන අයයි අද කාලේ වැඩි.. ඒ කියන්නේ දවසකට ඔය වගේ කේස් කීයක් උසාවි එනවාද?
දැන් වත් තේරුනාද?
අඩුවෙන් විකිණෙන බඩු විකුණන්නේ ලොකු ගාණකට.. ලොකු ලාභයක් තියාගෙන.. වැඩියෙන් විකුණන බඩු විකුණන්නේ පොඩි ගාණකට පොඩි ලාභයක් තියාගෙන.. එතකොට මොකද වෙන්නේ පාරිභෝගිකයෝ ප්‍රීති වෙනවා..! වෙළඳාම වැඩි වෙනවා...
පොල් කේස් එන්නේ අඩුවෙන් හින්දා ඇපේ ලොකුයි... 50,000යි
ස්ත්‍රී දූෂණ හෙන වැඩි හින්දා ඇපේ අඩුයි.. 10,000 දවසට කේස් 5ක් තිබ්බත් 50,000 ආණ්ඩුවටනේ අනේ..!!!
මොළ ගෙඩි තිබුනට මෙයාලට ඒකවත් තේරෙන්නේ නෑ..!!!! බී ක්‍රියේටිව් ඇන්ඩ් ස්ටේ හැපීලී !

අවවාදයයි!
හැමදේම සාධාරණීකරනය කරන්න පුරුදු වෙන්න..
නැත්තං ඉස්සරහට ජිවත් වෙන්න බැරි වෙයි මේ රටේ...!
Tuesday, February 12, 2013
කෙල්ලෝ සුද්දො හා මොණරු
සති දෙක තුනක් ගත වෙලා ඉවර උනත් තංගල්ලේ ගමනේ සිද්දවුන මුණගැහුණ මිනිස්සු ගැන තාම තියෙන්නේ හරිම අළුත් මතකයක්.. සමහර විට ඒ තංගල්ලේ ගිහින් ආවට පස්සේ තාම ගෙදරින් එළියට ගියේ නැති නිසා වෙන්න ඇති. මේ දවස් ටිකේම කලේ පහුගිය මතක ටික චුයින්ගම් වගේ හප හප හිටිය එක. ඉතිං අදින් පටන් ගන්න වැඩ ජිවිතෙත් එක්ක ඒ අය මතකයේ අයිනකට විසිවෙන්න තියෙන ඉඩ බොහෝම වැඩි හින්දා ඒ ටිකත් ලියලා දාලාම හිටියනම් හොදයි කියලමයි හිත කියන්නේ.
මුලින්ම කියන්නේ මිනිස්සු තුන් දෙනෙක් ගැන. මැටි කෙල්ල.. ගොන් සුද්දා.. හා උගත් ගෑණු ළමයා
1. මැටි කෙල්ල
මෙයාව හම්බ උනේ මාතරට යන ගමන් කෝච්චියෙදි. අපිට යන්න උනේ සෙනග පිරිණු කෝචිචයක හිටගෙන නේ. ටිකාක් විතර සෙනග අඩු කෝච්චි පෙට්ටියක් හොයාගෙන ඒකේ දොර ළගට සෙට් වෙන්නයි අපි කල්පනා කලේ. හැබැයි හැම දොරක්ම අපිට කලින් නැගපු කට්ටිය අයිති කරගෙන හිටියා. ඉතිං අපි කලේ අපේ බෑග් දෙක රාක්ක උඩින් දාලා දොරක් ළගම කෝචිචි පෙට්ටිය ඇතුළට වෙන්න හිටගෙන යන එක. එතනම වාඩි වෙලා හිටි අන්කල් කෙනෙක් අලි කාඩ්බෝඩ් පෙට්ටියක් එයාගේ සීට් එක ළගම මිනිස්සු යන එන පාරේ තියාගෙන. ඉතිං අපි දෙන්නත් හිට ගත්තට පස්සේ තව කෙනෙක් එහාට මෙහාට යනවා නම් මම වෙනම පොඩ්ඩක් අයින් වෙලා ඉඩ දෙන්න ඕනි මොකද මට එහාට මෙහොට වෙන්න පූළුවන් උනාට පෙට්ටියට බැහැනේ. ඉතිං පෙට්ටි දෙකක් එහාට මෙහාට වෙනකොට ළග ඉන්න අපේ එකේ ඉලක්කමටත් පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න වෙනවා. දුර ගමන් කෝචිචියක් නිසා වැඩිය සෙනග එහේ මෙහේ යන්නේ නැති නිසා ඒක ඒ තරම් අමාරු උනේ නැහැ.!
ඇත්තම කියනවා නම් මැටි කෙල්ල හිටියේ නැත්තං ඒක ගාණක් නැති වෙන්නත් තිබුනා. දැන් කවුද මේ මැටි කෙල්ල. මෙයයි මෙයාගේ පවුලේ අයයි ගමනක් යනවා. මෙයා අම්මා එක්ක සීට් දෙකක වාඩි වෙලා. අවුරුදු 20-22ක් විතර ඇති මට හිතෙන්නේ. මෙයාලගේ අයියලා හරි මල්ලිලා හරි අපි හිටි තැනට කිට්ටුව දොර ළග හිටගෙන. ඉතිං මේ මැටි කෙල්ල විනාඩි පහෙන් පහට දොර ළගට එනවා.. ටිකක් ඉන්නවා.. ආයේ ගිහිං වාඩි වෙනවා.. ආයේ පස්ස කඩි කාලා වගේ දොර ළගට දුවනවා.. ආයේ අම්මා ළගට දුවනවා.. මේ හැම වතාවෙම අහිංසක මම එහාට මෙහාට වෙවී මේ කෙල්ලට ඉඩ දෙනවා.. මං කියන්නේ මනුස්සයෙක් උනාම ටිකක් අනිත් අය ගැනත් හිතන්න එපැයි. මොකෝ මම කියලා ආසාවට හිටගෙන යනවා නෙවෙයිනේ.. මෙයා එක්ක එහා මෙහා වෙන සෙල්ලම් කරන්න. ඉතිං මං එයාට ආදරේට නමක් දැම්මා.. මැටි කෙල්ල! මාතරට යනකම්ම මගේ ඇස් තිබ්බේ මැටි කෙල්ල ළග!!! ආදරේට!!! :පී
2. ගොන් සුද්දා
මෙයා නම් සුද්දා අන්කල් කෙනෙක්.. එයාගේ නෝනයි යාළුවෝ ටිකකුයි එක්ක ගාල්ලේ යන්නද කොහෙද නැග්ගේ අපි නැග්ගට පස්සෙයි. එයාලා නම් අපිට කරදර නොකර ශේප් එකේ දොරක් ආක්‍රමණය කරලා එතනට වෙලා හිටියා.. හරියටම කියනවා නම් කෝචිචි පෙට්ටි දෙකක් බෙදෙන තැන ටොයිලට් දෙකක් ඉස්සරහා. අනේ අපිට ඉතිං මෙයාලගෙන් කිසිම කරදරයක් උනේ නෑ.. හැබැයි එකම දේ මේ සුද්දා මාමා කෝච්චිය නතර කරන හැම ස්ටේෂන් එකකදිම අපේ එකේ ඉලක්කමේ කර උඩින් එබි එබි කෝචිචියේ හිස් වුනු සීට් තියනවද බලනවා. පෙට්ටියේ ඇතුලේ මිනිස්සු 10-15ක් විතර හිටගෙන ඉන්නකොට ඕන ගොනෙකුට තේරෙන්න එපැයි වාඩි වෙන්න සීට් නැහැ කියලා.. මොකෝ හිස් සීට් තියාගෙන හිටගෙන යන්න ලංකාවේ මිනිස්සුන්ගේ මොළේ හොද නැති වෙන්න බැහැ කියලා මේ අහිංසක මනුස්සයට තේරුනේම නැහැනේ.
මට ඉතිං බයිට් නම් කවුරු හරි කමක් නෑ කියමුකෝ ඒ උනාට අපේ ඉලක්කමා එහෙම නැහැනේ. සීරියස් මනුස්සයානේ. ඉතිං මේ කරට උඩින් වෙන හෙව්ම් බැලුම් කීප විටක් දැක්ක මම මේ මනුස්සයා මොනා හොයනවාද මන්දා මෙච්චර හිටගෙන ඉද්දි එබි එබි බලද්දි කිව්ව ගමන් මෙන්න අපේ කෙනා කියපි මොන ගොන් සුද්දෙක්ද මන්දා මෙතන එබි එබී.... හාහා....! මම හිතන්න කලින් මෙයා හිතිං බැන බැන ද කොහෙද ඉදලා තියෙන්නේ වචනේ දුන්නා විතරයි මෙන්න ගිරවා වගේ බනිනවා.. මට ඉතිං එතන ඉදං රත්තරං හම්බ උනා වගේ තමයි.. ඇයි ඉතිං මැටි කෙල්ල මදිවට ගොන් සුද්දෙකුත් සෙට් උනානේ.!!!
3. උගත් ගෑණු දැරිවි.
අනේ ඇත්තමයි කාගෙවත් නොදන්න කම් වලට හිනා වෙන්න නරකයි. මේක මේ මම හිනා වෙන්න කියනවා නෙවෙයි. ඒ වගේම ඕන මෝඩයෙක් කතා නොකර ඉන්න තුරු බුද්ධිමතෙක් කියන කරාණාව ඇත්ත උනු මොහොතක් තමයි මේ. මේ දරුවව අපිට හම්ම උනේ තංගල්ල තානායමේ අපි වෙඩින් එකට යන්න කලින් උදේ කෑම ගන්න ගිය වෙලාවේ. එයා පවුලේ අයත් එක්ක කතරගම යන්න ආව පාසැල් යන වයසේ ගෑණු දරුවෙක් අවුරුදු 14-15 විතර ඇති. මම වාඩි උනු තැන ඉදං එයාව එක එල්ලේ පෙනුන නිසයි එයාලගේ පවුලේ අයගේ හයි වොලියුම් කතාවයි නිසා බලෙන් ඇහුවේ නැතත් එයාලා කතා වෙන දේවල් අපිට ඇහුනා. මේ ළමයාගේ තාත්තා කියලා හිතන කෙනා නැගිටලා මොනා හරි දේකට එළියට ගියා. මේ අතරේ එයාගේ අම්මයි.. නෑදෑ කෙනෙක් හරි පවුලේ යාළුවෙක් හරි වෙන ගෑණු කෙනෙකුයි කතාවක්.. එයාලා කිරින්ද යන්න වගේ කතාව. ඒ කතාව ඉතිහාසෙට ඇදිලා ගියා.. ඒ එක්කම මේ ගෑණු දැරිවි කියපි “විහාර මාහා දේවි ආවේ ඉන්දියාවේ ඉදලානේ“ !! !#(#@#$%$ හොද වෙලාවට මේ ළමයා ඉන්දියාව ගැන දැනගෙන හිටියා.. නැත්තං කියන්න තිබුනා විහාර මහා දේවී ආවේ ඇමරිකාවෙන් හරි එංගලන්තෙන් හරි කියලා නේ? අපරාදේ.. එයාගේ අම්මා ට නම් ටිකක් අප්සට් ගියා.. මේ ළමයා හරියට ගථා වත් දන්නවාද දන්නේ නෑ අනේ කියලා අම්මා ටොපික් එක මාරු කලා.. අහන් හිටිය අපිත් ඉතිං මාරු උනා..
ඇත්තටම විහාර මාහා දේවිලා ගැන අද කාලේ ළමයි දැනගෙන ඉන්නම ඕනේ නැති වෙන්න පුළුවන්.. මොකද ගූගල් කරාම හැමදේම දැන ගන්න පුළුවන් නිසා.. ඒ උනාට අපේ රටේ ඉතිහාසය මීට වඩා ටිකක් හරි ළමයිගේ ඔළු වල තිබුනනම් හොදයි නේද කියලා මට හිතුනා.. ඇති වැඩකට නෙමෙයි.. ඒත් මේක අපි ජිවත් වෙන රට නේ?
4.පියාඹණ මොණරු
මොණරු ඇති තරම් දැකලා තිබුනට එයාලා පියාඹනවා කියලා දැනගෙන හිටියට මම ඒක දැකලා නෑ කලින්. ඒ අවස්ථාව මට හිමි උනේ හුංගමදි.. අපි ගිය ගෙවල් අවට නිතරම මොණරු කෑ ගහන හඬ ඇහුනා.. ඉතිං ටිකක් ඇවිදිද්දි වෙලක හිටි මොණරෙක් දැක ගත්තා මුලින්ම හැබැයි එයා අපි යනකොටම හැංගුනා. අනිත් කෙනා නම් හිටියේ වෙන වෙලක ගහක් උඩ. එයා අත්තෙන් අත්තට පැන පැන ගහේ උඩට යනවා.. ඒත් අපිට ෆොටෝ එකක් ගන්න තරම් ක්ලීයර් තැනකට එන්නෙම නෑ.. නරක මොණරා.. ! පියාඹන්න වගේ ඉන්නවා පියාඹන්නේ නෑ! මට ඉතිං කොහොමත් ඉවසීම කියන එක තියෙන්නේ ටිකක් අඩුවෙන් නේ...! මම ඉතිං අපේ ඉලක්කමාට කිව්වා මම මොණරාව ගහෙන් බස්සන්නම් ඔයා පිංතූර ගන්න කියලා.. ඇත්තටම ඌ හිටි ගහ තිබුනේ අපිට වඩා තරමක් දුරින් ගලක් ගැහුවත් වදින දුරක නෙවෙයි.. ඉතිං ගණනය කිරීම් කරලා ඉලක්කමා තීරණය කලා ඌට වදින්න ගහන්න මට බෑ කියලා.. මම ඉතිං පුළුවන් කිව්වෙත් නැහැනේ!!! ඒ උනාට අමාරුවෙන් පොඩී ගල් කෑල්ලක් හොයාගෙන විසි කලා.. හරියට හරි.. ගල ගියේ මොණරා හිටි තැනින් භාගයක් දුරට විතරයි.. :( ඒ උනාට මගේ ප්‍රයත්නය සාර්ථක උනා.. තත්පර තුනකින් මොණරා පියාඹලා ගියා.. ඌ උගේ දිග... පිල් කළඹත් එක්ක මීටර් 50ක් විතර පියාඹලා පදුරක් අස්සේ හැංගුනා.. ගත්තද ෆොටෝ!!!! මම ඇහුවා.. ඒක ඇත්තටම ලස්සන දර්ශනයක්! ම්හ්.. ෆෝකසින් හරි නැහැ අනේ.. ගත්තේ නෑ..!!! ඕකනේ ඉතිං ඕනෑවට වඩා ටෙක්නිකල් වෙන්න ගියාම වෙන දේ.. මට මොකෝ මම නම් ඇස් දෙකින් දැක ගත්තනේ! පව් මං හින්දා පියෑඹුව මොණරා.. ඒත් මට හිතුනේ මොණරු වැඩි දුර පියාඹන්නේ නැතුව ඇති කියලයි.. එයාලාගේ පිල් බර හින්දා? ඇත්තටම එහෙමද?? දන්න කෙනෙක් මා නිවැරදි කරනු මැන!

හදුනා ගත්තොත් ඔබ මා.. |

එකායි.. දෙකායි.. තුනායි! |
Monday, February 11, 2013
අන්තිම නිවාඩු දවස
සංජි අක්කාගේ බත් ගෙඩි කතාව කියවලා කටට ආවා කෙළ ගැන ලියන්න බ්ලොග් එකට ලොග් වුන වෙලේ මාත් මොනවා හරි කොටලා යන එක හොදයි වගේ. ගිය අවුරුද්දටම තියෙන්නේ පෝස්ට් 12යි ජය වේවා!!!! ඇත්තටම මම මෙහෙම ගියොත් මෙලෝ රහකට නැති පට්ට පජාත ජිවිතයක් වෙන එක නවත්තන්න බැරි වෙයි වගේ! හයියෝ එපා වෙනවා අප්පා.. මොනාද කරන්නේ? ඇහුවට ඇත්තටම කරන්න දෙයක් නෑ.. ජිවිතේ එක්ක ඔට්ටු වෙනවට වඩා ලැබෙන දෙයක් ඔට්ටුයි කියන එක ලේසියි වගේ.. ඒ උනාට එහෙම ඉන්නත් බෑ බෑ නේ?
ඉස්සර ලා තණකොළ පෙත්තාස් ලා කිව්වෙත් බෑ කියලා බෑ කියලානේ
අපි හැදුනේ රට රකින්න බෑයි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න බෑයි කියලා බෑ
යුතුකම් ඇත ඉටු කරන්න බෑයි කියලා බෑ
නගේ මලේ කිසිම දෙයක් බෑයි කියලා බෑ.....
අන්න පොයින්ට් එක!රට පැත්තක තිබ්බත් යුතුකම් කියන එක පැත්තක තියන්න බැහැනේ! ඉතිං මේ ලයිෆ් එකට එක පාරටම බායි කියලා බෑ කියලා යන්න බෑ! අපි හැමෝටම ඒක තමයි ඇත්ත! කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ කියන්නහේ ආවා නම් ඉදපං ඉදගෙන ඉදහං කියන්න තමයි තියෙන්නේ.!
නෑ නෑ මම මේ හෙනම නෙගටිව් අයිඩියා එකක ජිවත් වෙනවා නෙවෙයි! සති දෙකක් තිස්සෙම කාමරයක් අස්සට හිර වෙලා ඉදලා එපා වෙලයි මෙහෙම ලියන්නේ. ලෙඩ නම් මොනවාද කියනවානේ! ඒ උනාට ඇග පුරහා සැරව ගෙඩි දානවා කියන එකයි සතියක් නාන්නේ නැතිව හිටියා කියන එකයි කොයි තරම් අවුල් සහගතද? මස් මාළු කරවල උම්බලකඩ නැතුව බත් කන එකයි.. තෙල් දාන්නේ නැතුව කෑම කන එකයි කොයි තරම් මංඥමිකද? එක පාරටම ලොකු සීතලක් එක්ක උණ හැදෙන එකයි... ආයෙම දාඩිය දාගෙන උණ අඩු වෙන එකයි ඇරෙන්න කොහොඹ කොළ හප හප ඉන්න එක! කරන්න වෙන වැඩක් නැති හින්දම හොදයි!
ඊට පස්සේ සතියක් ආපහු උදේ පාන්දරම නාන එක! හපෝ ඒක තමයි එපාම කරපු දේ! මං වගේ මහ රෑ නාන්න පුරුදු වෙලා ඉන්න මනුස්සයෙකුට එහෙම වද දෙන එක හෙන පව්! ඒ උනාට සතියකට පස්සේ නාපු පළවෙනි දවසේ තමයි මට මුළින්ම පිළිකුල් භාවනාව වඩන්න හිතුනේ! තුන් පාරක් ෂැම්පු කරලා තමයි හිත හදා ගත්තේ දැන් කුණු ගිහින් ඇති කියලා.!! කමක් නෑ අයේ ඉතිං ජිවිතේටම හැදෙන්නේ නැහැ නේ! ඒ කියන්නේ ආයේ මේ වගේ සැපට ඉන්න කාළයක් එන්නේ නැහැ කියන එක. බත් එක අතට ගෙනත් දෙන වතුර දෙක ලගට දෙන.. විනාඩියෙන් විනාඩිය මොනවද ඕන අහන! දැන් ඉතිං ආයෙමත් ඕනෙනම් බෙදාගෙන කාපං..! හදාගෙන බීහං! ජිවිතේක හැටි දෙයියනේ!
හෙට ඉදන් වැඩට පලයං! වැඩ කරහං! අනේ මචෝ මගේ ඩියුටිත් කරලා දීපන් කිව්වාම හා ඩියර් මම කරන්නං කියහං!
ඒ කියන්නේ හෙට ඉදං ගමනේ යා!!!!!!!!!
Friday, February 8, 2013
තංගල්ලේ මුහුදු වෙරළේ!
පසුගිය ජනවාරි විසිපස් වෙනිදා යෙදිලා තිබුන අපේ යාළුවෙක් ගේ විවාහ උත්සවය නිසා අපි හිටියේ හුංගම යන්න උවමනාවෙන්. පොදු ප්‍රවාහණ සේවයකින් කොළඹ ඉදන් එච්චර දුර උත්සවයකයට දවසකින් ගිහින් එන්න පහසු නැති හින්දත්, ඒ සති අන්තය දීර්ඝ සති අන්තයක් වුනු නිසාත් අපි කල්පනා කලා එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් එලා ගන්න :p ඒ කිව්වේ පාටි එකට සහභාගී වෙන ගමන්ම පුංචි පහේ විවේකී සති අන්තයක විනෝද චාරිකාවක් යන්න. ඉතිං ප්‍රායෝගිත ගැටළු ගැනත් කල්පනා කරලා මේ ගමන අපි දෙන්නා විතරක් යන්න තීරණය කළා. මොකද විවාහ වෙන අපේ යාළුවාට අවශ්‍ය විදියට අපේ ගමන ඕනෑම අවස්ථාවක වෙනස් කරගන්න අවශ්‍ය වෙයි කියලා අපිට හිතුණා.
ඉතිං, ඊළඟට අපි කල්පනා කලේ ගමන් මාර්ගය, ප්‍රවාහණ ක්‍රමය, කෑම බීම හා නවාතැන් ගැන. මේ කාරණා වලදි අපේ කාලය හා මහන්සිය හා වියදම අවම වීම කියන කරණු වගේම වෙනසක් සහිත වීමත් අවශ්‍ය වුණා. හුංගම ආසන්නයේ නවාතැන් ගන්නවා නම් අවසන් ප්‍රධාන නගරය වුනේ තංගල්ල. ඒ හින්දා තංගල්ල අපේ නැවතුම් ස්ථානය විධියට වෙන් කරගන්න තීරණය වුනා. ඊට පස්සෙ අපට ඕන වුනේ සුදුසු නවාතැන් පලක්.
අන්තර්ජාලයෙන් ඒ ගැන වැඩිදුර හොයා බලන්න අපි යොදා ගත්තේ අපි දෙන්නටම විවේක වෙලාවක් වුන රාත්‍රී 9 ට විතර. අන්තර්ජාලය ඔස්සේ අප තෝරාගත් ස්ථාන වලට ඇමතුම් දුන් විට ඇතැම් ස්ථාන භාර නිළධාරීන් ඒ වන විටත් පදමට සූර් වෙලා හිටියා. අප ඇමතූ තංගල්ල තානායමේ දුරකථනයට පිළිතුරු දීමක්වත් සිදුවුනේ නෑ. කොහොම වෙතත් අප අමතන විටත් බොහෝ නවාතැන් පලවල් දීර්ඝ සති අන්තයක් හේතුවෙන් ඒ වන විටත් වෙන් කිරීම් අවසන් වෙලා තිබුනා. ඇතැම් ස්ථාන විදේශිකයන්ට පමණක් වෙන් වෙලා තිබුණා. ඒ නිසා අපට ඉතිරි වෙලා තිබුනේ මිළෙන් ඉහල නවාතැනක් වෙත යොමු වීම, නැතිනම් තංගල්ල තානායම ගැන ආයෙත් සොයා බැලීම කියන විකල්ප දෙක.
කොහොමටත් තානායම් හා ඒවයෙ සේවා හා තත්වය ගැන මගේ හිතේ ඒ තරම් පැහැදීමක් නැහැ. තානායම් ගැන මම කැමති එකම දේ වෙලා තිබුනේ සතිඅන්ත පුවත් පතක පලවන තානායම් පල්ලාගේ තිරූ ලිපිය විතරයි. ඒ නිසා තානායම අපේ අවසාන ඔප්ෂන් එක ලෙස තබා ගමුයැයි මම ඔහුට කිව්වා. කොහොම වෙතත් අන්තර්ජාලයේ පලවී තිබු මෙම ලිපි දෙක- (1, 2) තංගල්ල තානායම ගැන මගේ හිතේ යම් පැහැදීමක් ඇතිකලා.
මේ අතර ඔහු විසින් ගූගල් මැප් ඔස්සේ තානායම පිහිටි ස්ථානය ගැන මගේ අවදානය යොමු කලා. මොන තත්වයන් යටතේ හරි එහි දිනක් ගත කිරීමට මට හිතුණෙ එතකොටයි. ඒ අනුව පස්සෙ දවසෙ දහවල තානායම අමතා කාමරයක් වෙන්කරවා ගත්තා.
අපි ඊළග අවදානය යොමු කලේ ප්‍රවාහන ක්‍රමයට. අපි දෙදෙනාම තීරණය කලේ මාතර දක්වා ඇති නගරාන්තර දුම්රියේ මාතර දක්වා ගොස් එතැනින් තංගල්ල වෙත යෑමයි. කණගාටුදායක කරුණ නම් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ආසන වෙන්කර ගැනීමේ හැකියාවක් නොමැති වීමයි :( . ඒ නිසා 24 වෙනි දින උදෑසන පානදුර දුම්රිය ස්ථානයෙන් අපි අපේ ගමන ආරම්භ කලා. අප බලාපොරොත්තු වුණාටත් වඩා පිරිසකින් එදින දුම්රිය පිරී පැවතුනා. එම නිසා ගාල්ලට යන තුරුම අපිට හිටගෙන යන්න සිද්ධ වුනා. නමුත් එය බසයක හිටගෙන යන තරම් වෙහෙසකාරී නොවන නිසා වැඩි අපහසුවක් දැනුනේ නැහැ. අපේ ගමන අතර තුර මුණ ගැසුන “මැටි කෙල්ල හා ගොන් සුද්දා“ ඇත්තෙන්ම අපේ ගමන් වෙහෙස භාගෙකින් අඩු කලා :p ගාල්ල දුම්රිය ස්ථානයේ පැය භාගයක් පමණ නවතා තැබුනු දුම්රිය දහවල් 12.30 පමණ වන විට මාතරට ළඟා වුනා. වේලාව හා කුසගින්න ගැන සලකා බැලූ අපි :p මාතර අඹසෙවණ නම් ස්ථානයෙන් දහවල් ආහාරය ලබාගැනීමෙන් අනතුරුව තංගල්ල බලා ගමන ආරම්භ කලා.
මාතර සිට තංගල්ල ට ගමන් ගත හැකි බස් රථ කිහිපයක්ම තිබුනත් වඩා ඉක්මනින් එහි ළගා වීමට නම් ඒ වෙලාවෙ සුදුසු වුණේ තිස්සමහාරාමය බස් රථයයි. ඒ අනූව තිස්සමහාරාම බසයේ ගොඩවුණ අපි තවත් විනාඩි 45කට පමණ පසු තංගල්ල රෝහල අසලින් බසයෙන් බැසගත්තා.
තංගල්ල නාවික හමුදා කදවුර අසලින් වැටී තිබු මුහුදු බඩ ඉතා අලංකාර මාර්ගය ඔස්සේ අපි තනායමට පැමිණියා. එවිට වේලාව දහවල් දෙකයි තිහ පමණ වී තිබුනා. ලියාපදිංචි කටයුතු වලින් අනතුරුව අප හට අපගේ කාමරය වෙත යෑමේ අවස්ථාව ලැබුනා. අපේ මුල්ම අවදානය යොමු වුනේ නාන කාමරය හා එහි කරාම සහ වතුර ආදිය ගැනයි. ඒ සියල්ල සැබවින්ම අප සිතුවාට වඩා ඉතාමත් හොඳ මට්ටමක තිබුනා. කාමරය හා එහි පිරිසිදුභාවයත් බලාපොරොත්තු වූ මට්ටමට වඩා හොඳින් තිබීම අපව සතුටට පත් කලා. ඇස ගැටෙන මානයේ ඇති සුන්දර මුහුදු වෙරළ හා නිහඬ පරිසරය අප ප්‍රමෝදයට පත්කලා.
කෙටි විවේකයකින් පසුව තංගල්ල නගරයට ගමන් කල අපට සාපේක්ෂව කුඩා නගරයක් වුවත් සියළු බැංකු හා අනෙකුත් සේවා සපයන ආයතන තංගල්ල නගරයේ පිහිටා තිබෙන බව පෙණුනා. ඒ වගේම වීශේෂයෙන් සදහන් කලයුතු පිරිමි පාර්ෂවය සදහා හිසකෙස් කැපීමෙන් පසු ශීර්ෂ සම්භාහනයක් ද ලබාදෙන අපූරු පැරණි තාලයේ “සර්වාගමික“ ඉතා කාර්යයබහුල සැලූන් එකක් නගර මධ්‍යයේම බස් නැවතුම අසල පිහිටා තිබුණා :p
රාත්‍රී හතට පමණ තානායම ඉදිරිපිට වෙරළට ගිය අප පුදුමයට පත් වුනේ ඒ තරම් සුන්දර වෙරළක් ඒ තරම් වේලාසනින් හිස්ව තිබීම ගැනයි. ඇත්තෙන්ම ඒ මොහොතේ අප දෙදෙනා හැර වෙන කිසිවෙකු වෙරළේ සිටියේ නෑ. දෙපසකින් රළ නගින අපටම අයිති වූ පුද්ගලික වෙරළ තීරයක්!!!
ඇත්තම හේතුව නම් තානායම පිහිටා තිබෙන්නේ නාවික කදවුර අසලම නිසා ආරකෂක හේතූන් මත රාත්‍රී 8න් පසු මහජනයාට එහි රැදී සිටීමට අවසර නැති වීම බව පසුව අපි දැනගත්තා. මිනිස්සුන්ට බැරි උනාට කුඩා කක්කුට්ටන් දහස් ගණනක් ඒ රාත්‍රී වෙරළ තීරය අයිති කරගෙන තිබුනා.
පසුදින අප විවාහ උත්සවය සදහා පිටව ගොස් නැවත පැමිණෙන විට හවස 5 පමණ වී තිබුනා. මට අවශ්‍ය උනේ හැකි ඉක්මනින් මුහුදු වෙරළට යන්න නමුත් අවාසනාවක තරම! එදින නිවාඩු දිනයක් වූ බැවින් මුලු වෙරළම පිරී පැවතුනා. ඒ ප්‍රදේශයේ සෙසු මුහුදු තීරණයන් පෞද්ගලික හෝටල් වලින් වෙන් කරගෙන තිබීම නිසා මහජනයාට ගැවසීමට සුදුසු ආරක්ෂ මුහුදු වෙරළක් වූ එය එදින බොහෝ කාර්යබහුල වුනා. ඒ නිසා එදිනත් රාත්‍රීයේ වෙරළට ගිය අපි පසුදින උදෑසනම වෙරළේ ගත කිරීමටත්.. අසල ඇති ධීවර වරායට යෑමටත් රීමෝට් හෙලිකොප්ටර් බලන්න යෑමටත් තීරණය කරගෙන නින්දට ගියා.
නමුත් පසුදින හිමිදරිය වන විට මා රෝගාතුරව සිටි බැවින් අපි හැකි විගස නැවත නිවසට යා යුතු බව ඔහු තීරණය කලා. ඒ අනූව සියළු සැලසුම් පසෙක දැමූ අප තංගල්ල නගරයෙන් කොළඹ බලා පිටත් වන බසයකින් (තංගල්ලෙන් පිටත් වන වායු සමීකරණය කරන ලද බස් රථ නොමැත) කොළඹ බලා පිටත් වුනා. :((
දීර්ඝ ලිපියක් වූවත් අවසන් වශයෙන් සදහන් කලයුතු දේ එමටයි. අප සිතා සිටිනවාට වඩා ඉතා හොඳ සේවයක් සාධාරණ මිල ගණන් යටතේ තංගල්ල තානායම සපයනවා. වායු සමීකරණය කරන ලද කාමරයක් රු.3500 පමණ මිලකටත් වායු සමීකරණය නොකරන ලද කාමරයක් රු.1600 පමණ මිලකටත් දිනකට ඔබට ලබාගත හැකියි. වැදගත්ම දෙය නම් එම කාමර මදුරු වදයෙන් තොර වීමයි. මුහුදට මුහුණලා පිහිටා ඇති කාමර නිසා වායු සමීකරණ එතරම්ම අවශ්‍ය වන්නේත් නෑ. ස්වභාවික මුහුදු සුළං හා මුහුදේ මුණුමුණුව ඔබට සුව නින්දක් ගෙන දේවි. හැබැයි මතක ඇතුව පෙරවන රෙදි ගෙනියන්න. මොකද ඔවුන් එය කාමර වලට සපයා නැහැ. නමුත් ඉල්ලුවොත් දෙනවාද දන්නේත් නෑ. :p
එහි අවන්හලෙන් ඔබට අවශ්‍ය ආහාර අවශ්‍ය වේලාවට සපයා ගත හැකියි. නමුත් එහි මෙනු පත් නම් දකින්න නැහැ. නමුත් මත්පැන් තිබෙනවා :D අවන් හල පිහිටා තිබෙන්නේ ලංදේසීන් විසින් ඉදිකල පැරණි ගොඩනැගිල්ලක. එය පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක්. එහි පැරණි ජයාරූප හා ලිපි ප්‍රදර්ශණයට තබා තිබෙනවා. කෙසේ වෙතත් කාමර වල ඇති නානකාමර තරම් ආපන ශාලාවේ වැසිකිලි ඉතා හොද තත්වයේ නැහැ. නමුත් සාපේක්ෂව නරකත් නැහැ. සේවය කරන්නෙත් පැරණි සේවකයන් නිසා ඔවුන් මිත්‍රශීලී හා කරුණාවන්තයි.
තවම මොඩනයිස් වෙලා නැති තංගල්ල මීට වසර 10කට පමණ පැරණි ලංකාව සිහි කරවනවා. කෙසේ වෙතත් විවේකයට යන්න ලාභදායී තැනක් හොයන ඔබට තංගල්ල තානායම සොදුරු නැවතුම්පලක් වේවී. එහි පසෙක තියෙන ධීවර වරාය නරඹන්න හැකියාවක් ලැබුණේ නැතත් එය නැරඹීමට හැකියාවක් ඇති තැනක් බව දැනගන්න ලැබුණා. මුහුදේ ඇති කොරල් පර බැම්මක් නිසා වසරේ ඕනෑම කාලයක තංගල්ල අවට මුහුද ආරාක්ෂාරී බවයි දැන ගන්න ලැබුනේ. ඒ වුණත් නාන්න අවස්ථාවක් නොලැබුණ එකත් දුකට කාරණයක්.
ඒ කොහොම වෙතත් මට තංගල්ල තානායම මිහිරි මතක අහුරක් පුරවා දුන්නා. එහි මගෙන් ගිලිහී ගිය සොඳුරු මොහොතවල් වෙනුවෙන් මේ සටහන!
තව දිනක මම ආයේ එහි යනවා අනිවාර්යෙන්ම!!!!
ප/ලි :- ගමනේ සියළු තොරතුරු සොයා දුන් ගූගල් දෙවියන්ට... සියළු වියදම් දැරූ ඔහුට හා කෙටි දැනුම් දීමකින් අපි හා එකතු වුනු සෝරෝ ට හද පිරි ස්තූතිය.!

Wednesday, January 2, 2013
2012 - ගෙවිලා ඉවර උනාටත් පස්සේ..
ගිය කාලේ ඇත්තු ලවාවත් අද්දවන්න බැහැ කියලා කියමනක් තිබුනට.. ගතවෙලා යන කාලේ ඉතුරු කර යන මතකයන් නම් ඕනෑම මොහොතක ආපහු අද්දවා ගන්න බැරි නැති නිසයි 2012 ඉවර වෙලා දවස් දෙකක් ඉවර වෙන්නත් යන මේ වෙලාවේ වත් 2012 සමරයිස් කරන්න හිතුනේ.. කම්මැලි කමට අතහැරලා දාන්න තිබුනත් ගතවෙලා ගිය අවුරුද්දේ මතකයන් එහෙම අමතක කරන්න පුළුවන් කමකුත් නැහැ ඉතිං!
ඕනම දෙයක් ටික කාලයක් නොකර ඉදලා ආයේ පටන් ගන්න එක කොයි තරම්ද කියලා තේරෙන්නේ දැනුයි.. ටයිප් කරන්න අකුරු පුළුවන් උනාට හිතට වචන නොඑන නිසා මොනවා කොයි විදියට ගලපන්නදෝ කියලා මට තේරෙන්නේ නැහැ.. ලියන්න ඕන නිසා ලියවෙනවා මිසක් ඇත්තටම මට මේ වෙලාවේ බ්ලොග් පෝස්ට් එකක් දාන්න කිසිම උවමනාවක් නැති ගානයි..
ඒත් මම ලියන්න ඕනෙමයි.. ගත වෙලා ගිය මගේ දවස් ගැන.. මගේ මතකයන් ගැන.. මගේ 2012ට සමුදීමේ සටහන..
හැම අවුරුද්දකම වගේ මට ජනවාරි කියන්නේ හරිම විශේෂ මාසයක්! ඒකෙන් 2012 විශේෂ වෙන්නේ මගේ මිකී අම්මා කෙනෙක් වෙච්චි නිසයි.. එයාට බබාලා 7ක් ඉපදුනානේ.. අද වෙනකොටත් එයින් තුන් දෙනෙක්ම අපේ දිහාම ඉන්නවා..අයියා- කොලීන්, මායාකාරී - රෝසි, පැහිච්ච මීටරේ - පොඩ්ඩි. බල්ලෝ 4ක් හදන එක ටිකක් විතර ගේමක් උනාට පාරේ බල්ලෝ පූසෝ හා බලු ගති ඇති කොල්ලෝ යන වෙලාවට ඇරෙන්න අපිට ඒ අයගෙන් වැඩි කරදරයක් නෑ.. ඉතිං මට 2012 ලැබුනු හොදම තෑගි වලින් එකක් තමයි මිකීගේ බබ්බු ටික.
ඊට පස්සේ අපේ ජීවිත වල වෙච්ච ලොකුම වෙනස තමයි තාත්තාගේ විශ්‍රාම ගැනීම. එතෙක් මාස් පතා නිවසට මුදල් ලැබුනු ප්‍රධාන ආදම් මාර්ගය නැවතෙන එක ගැන ටිකාක් විතර බයක් තිබුනා තමයි මොකද වටේ පිටේ හිටි, නිසි පරදි විශ්‍රාම යෑමේදී ලැබුනු මුදල් කළමනාකරණය නොකල පවුල් දිහා බලද්දි අපිට මොනා වෙයිද කියන බය නොතිබුනා නෙවෙයි.. නමුත් අපේ අම්මයි තාත්තයි ඒ වෙනකොටත් එයාලගේ ලයිෆ් ප්ලෑන් මම නොදැනම හදලා තිබුන නිසා හෝ එන එන විදියට උලුහස්ස ගැහීමේ එයාලගේ ටැලන්ට් එක නිසා හෝ මේ වෙනකොට ඒ ගැන බය වෙන්න දෙයක් නැති තරමට පත් වෙලාගිහින් වගේ..
ඇත්තටම පෙබරවාරී, මාර්තු,අප්‍රේල්,මැයි එහෙම කොහොම ගෙවුනද කියන්න මට හරි මතකයක් නෑ.. ෂුවර් එකටම නැගිටිනවා.. වැඩට යනවා ගෙදර එනවා.. නිදියනවා.. නැගිටිනවා.. ඔය චක්‍රේ තමයි තියෙන්න ඇත්තේ..
ඕක වෙනස් උනේ දවසක් එක සැරේම ඔන්න ඔහේ අපි බැදලා දාමුද කියලා කෙනෙක් අහපු වෙලාවේ.. ඒ වෙනකොට අවුරුදු හතරක් තිස්සේ අපේ අම්මා අහ අහ හිටි දැන් කවදද ඔයාලා කවද්ද පිළිවෙලක් වෙන්නේ කියන ප්‍රශ්නෙටත් වෙනදා වගේම අපි හදිසි උත්තරයක් එයාට දුන්නා.. මාසයයි සති දෙකක් විතර කලින්..
මේ වෙනකොට පට්ට කට්ටක් වෙලා තියන වෙඩින් ඇජෙන්ඩා එකේ ගොඩක් දේවල් හලලා 75%ක් විතර අපිට කැමති විදියටයි 25%ක් විතර අම්මලා කැමති විදියටයි.. අන්තිමේ හැමෝම ශේප් වෙන විදියටයි සිම්පල් ප්ලෑන් එකක්ට වැඩේ ඉවර කලා.. හැබැයි දැන් නම් ඒ ටිකත් අපරාදේ කියලා අවංකවම හිතුනට දැනට බැදලා මාස 4ක් විතර පහු උනත් තැන්ක්යූ කාර්ඩ් නැද්ද ඇල්බම් නැද්ද.. ඇයි අපිට කිව්වේ නැත්තේ අරක නැත්තේ මේක නැත්තේ කියලා අහන අය නම් එමටයි.. ඒ වෙලාවට මරසි උත්තරයක් දීලා ශේප් වෙන්න දැන් මාත් හුරු වෙලා.. :පී
සැප්තැම්බර් 8 වෙනිදා හරියටම සතියක් වෙඩිමට පිං සිද්ද වෙන්න රට වගේ රවුමක් ගහන්න පුළුවන් උනා.. කොළඹ කොටුවෙන් සැප්. 9 වෙනිදා නුවර ගිහින් 11 වෙනිදා නුවරඑළිය හරහා හපුතලේට.. හපුතලෙන් පහුවදා හාලිඇළ නැවත බණ්ඩාරවෙලට.. මාරු වෙවී අන්තිමේ බදුල්ලෙන් ගමන නැවතුනා.. ඒ දවස් ටිකේ වැඩිපුරම හීල්ලුනේ එහේ තියෙන රෝස මල් වල සයිස් එකට.. දවස ගානේ පෝර පෙව්වත් මෙහේ ඒ සයිස් මල් හැදෙන්නේ නැහැ නේ ඉතිං! :(
වෙඩින් කතා වලින් පස්සේ ආයෙම පරණ පුරුදු චක්කරේම තමයි ඉතිං.. මොකද ප්‍රාතිහාර්යය වෙන්නේ නැහැනේ..!
ආයෙමත් ශේප් එකේ ගෙවිලා ගිය 2012 අවසානය ආයෙමත් කදුළු කතාවක් වෙන්නේ හිතවත් ගනේගොඩ අයියගේ හදිසි සමුගැනීම නිසා.. හතර පස් වතාවකට වඩා හමුවෙලා නැති උනත් ඒ මුණගැහුනු හැම වතාවකම අවංකව හිතවත් කමින් කතාකරපු ඒ අරුම පුදුම බොහෝම සාමාන්‍ය මිනිසා හදිසියේ රිය අනතුරකින් අපෙන් වෙන් වෙලායෑම ආයෙමත් දෙසැම්බරය කියන්නේ සමුගැනීමේ මාසයක් කියලා මට තේරුනා..
රාජකාරී ගැන කතාකලොත් හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දේ දෙසැම්බරුත් අතිශය කාර්යබහුල විදියට ගෙවිලා ගියා.. රක්ෂණ වාරික කල්පිරෙන්න කලින් ලෙඩ වුනු හොර ලෙඩ්ඩු නිසා පිස්සු හැදෙන්නේ නැතුව බේරුනේ අනූනවයෙන්.! ඇත්තටම දැන් දැන් වැඩ කරන එක ආතතියක් වෙලා මේ සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් කියලා හිතන මිනිස්සු නිසා.. කතා කරලා වැඩක් නෑ.. ඒ ගැන වෙනම ලිපියක් ලියන්නයි වෙන්නේ..
අන්තිමේ ඇස් දෙක පියාගෙන මොහොතක් හිතුවම ගෙවිලා ගිය 2012 අවුරුද්ද මාව ටිකෙන් ටික මම අකමැති වැඩිහිටියෙක් බවට මා පත්කරමින් හිටියා.. ඉතිරිය 2013 බාර කරලා ඇය ගෙවී ගියා.. ඉතිං කැලැන්ඩරේ කොළ අවසානයි.. අපේ ගෙදර එල්ලූ එකම කැලන්ඩරයක් පමණක් එල්ලී සිටිමින් මේ 2013 යැයි පවසනවා..
ඉතිං සමුගනිමු 2012..
මම
ආදරයෙන්
මලී.

Subscribe to:
Posts (Atom)