Thursday, May 10, 2012

ටික ටික අමතක වෙලා යන වෙසක්!




හුඟක් වෙලාවට අපි අතීතය සුන්දරයි කියලා අපි කියන්නේ ඒ අතීතය ඇතුලේ අපිට මතක් කරන්න ලස්සන දේවල් තියෙනකොට.. ඉස්සර දුක් විඳපු කෙනෙක් තාමත් දුක් විඳිනවා නම් ඒ මනුස්සයා ඉස්සර වින්ඳ දුක ලස්සනයි කියන එකක් නෑ.. ඒ වගේම ඉස්සර දුක් විඳලා දැන් සැප විඳින කෙනෙක් කියයි අද මම ඉන්න තත්වෙත් එක්ක බලද්දි මෙතනට වින්ඳ දුක් මතක් වෙද්දි හරි සතුටුයි කියලා.. ඒ විදියට බලද්දි දුක කියන දේ උනත් අපි ඉන්න.. ඉඳපු තත්වයන් එක්ක බලද්දි දුකක්මත් සැපතක් වෙන්නත් පුළුවන් අවස්ථා එමටයි.. ඒ දුක සැප අතර දෝලනය වෙමින් ගත වෙන්නේ අපේ ජිවිතයමයි ඒ දෙයින් නොසැලී ඉඳිම ජයයි කියලා කිව්ව කෙනෙක් තමයි බුද්ධා! ඔහුගේ ඉපදීමේ ඉදන් මියයාම අතර ජිවිත කතාව හරි ලස්සනයි.. ඔහුගේ ජිවත කාලය ඇතුලත ඔහු ගත කරපු ජිවිතයත් ඊට වඩා සුන්දර වෙන්න ඇති.. අද වෙනකොට හෙනම පූජණීය කරලා අපිට එපා කරලා තිබ්බට ඔහු වගේ සරළ මනුස්සයෙක්ගේ ජිවිතේ අතුලේ ඇත්තට වෙසක් කියලා සමරන්න තරම් වටින දේවල් තියෙනවා.

කවදා පටන් ගත්තත් අද වෙනකොට පරම් පරාවෙන් පරම්පරාවට වෙසක් කියන දේ උත්සවයක් විදියට අපි සමරන්නවා.. ඒ නිකම්ම නිකම් සිරිතට වෙන්නත් පුළුවන් එහෙම නැත්තං අනිත් අය කරන නිසා වෙන්න පුළුවන්.. ජනමාධ්‍ය ආයතන වලට නම් කම්පිඩිෂන් එක වෙනුවෙන් වෙන්නත් පුළුවන්.. ව්‍යාපාරික සෙට් එකට තව ටිකක් බිස්නස් වැඩි කරගන්න මාකටින් වලට වෙන්නත් පුළුවන්! කොයි හැටි කොහොම උනත් උපතින් බෞද්ධ උනු අපි හැමෝම වෙසක් වෙනුවෙන් මොනාම හරි නොකර ඉන්නේ නැහැනේ.. කොයි තරම් කම්මැලි උනත් මමත් එහෙමයි.

අද උනු පුංචි සිදුවීමක් නිසයි මට මේක ලියන්න හිතුනේ.. හැම මාසේම ගෙදරට එන බිල් සෙට් එකට අමතරව අපේ ගෙදරට තැපෑලෙන් දෙයක් ලැබුනොත් එන්නේ මම මොනා හරි නෙට් එකෙන් ගත්ත දෙයක් තමයි.. අද පියුං මහත්තයා ඇවිත් බෙල් කරද්දි හිතුනෙත් ටෙලිකොම් බිල් එක වෙන්න ඇති කියලා.. ඒත් ඇවිත් තිබුනේ මගේ නමට සුදු පාට ලියුම් කවරයක්..කාගෙන්ද.... කියලා හිත හිත දෙගිඩියාවෙන් වගේ දිග ඇරියම ඒක ඇතුලේ තිබුනේ වෙසක් සුභ පැතුමක්.. මටයි මගේ ගෙදර අයටයි සුභ පතලා අම්මා කෙනෙකුයි අයියලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි එවලා තිබුන.. කවරේ අතට ලැබුන වෙලේ ඉදන් කාඩ් එක දිග ඇලා බලනකං හිත ඇතුලේ තිබුන සිතුවිල්ල හරි මිහිරියි.. එවලා තිබ්බ කෙනා දැක්කමත් සතුටුයි තමා.. ඒත් ඒ මුලින්ම ඇති වෙන තත්පර දෙක තුනක දැනීම වචනෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි.. විඳවීමක්..!

දැන් ඉස්සර වගේ කාඩ් නොලැබුනාට ඉස්සර අපි පොඩි කාලේ කොයි තරම් වෙසක් කාඩ් එහෙ මෙහේ යවනවද? ඉස්කෝලේ පන්තියේ අයට යවන්නේ අර ලියුම් කවර නැති රුපියලේ.. සත පනහේ කාඩ්.. එඩ්‍රසුත් නෑ මුද්දරත් නෑ.. තැපැල් මාධ්‍ය අත.. ඒකේ වෙතින් වෙතට කෑල්ල ඇරුනම තව තව ජොලි එව්වා ලියවෙනවා.. “ටිලිං ටිලිං අතේ තැපැල් කටේ ඇපල්“ “ලියුම් මාමා ලෙඩ වෙලා“ ‍‍‍‍‍‘මුද්දරේ නැති වෙලා“ මුද්දර අලවන්න සල්ලි නෑ“ පංති වල ඉන්න අයට හැමෝටම වගේ අගම් බේද ජාති බේද මොකුත් නෑ.. කාඩ් මාරු වෙනවා.. දුර ඉන්න නෑදෑයන්ට කාඩ් තැපැල් වෙනවා.. අනේ මන්දා දැන් නම් කාලෙකින් කාටවත් එහෙම යවලා නෑ.. ඉස්සර බර්ත් ඩේ කාඩ් යැව්වත් දැන් ඒකත් කෝල් එකකට එස් එම් එස් එකකට සීමා වෙලා.. අමතක වෙන වෙලාවට ඒකත් නෑ.. හයියෝ ජිවිතේ.. මං හිතන්නේ දැන් ඔය කාඩ් සීන් එක අපිට විතරක් නෙවෙයි දැන් කාලේ පොඩි උන්ට අල්ලන්නෙත් නැතුව ඇති මොකද ඉස්සර වගේ වෙසක් කාඩ් විකුණන කඩ පෙන්නත් නැහැනේ..

ඊට පස්සේ එන්නේ වෙසක් කූඩු.. මම කවදාවත් උණ බට වලින් වෙසක් කූඩු හදලා නෑ.. මොකද ඉස්සර ඉදන්ම අපේ ගෙදර තිබුනේ යකඩ කූඩු.. මට මතකයි ඉස්සරම ඉස්සර තිබුනේ හතරැස් ටිං කටවල් වලින් අපේ තාත්තා හදපු කූඩු.. ඒවා විස්සක් විතර තිබුනා.. වෙසක් පෙරහැර එනකම් උදේට අම්මයි තාත්තයි ඒවා අලවනවා මම පොඩි නිසා පිස්සු නට නට එතනට වෙලා ඉන්නවා.. එතකොට මට සව් කඩදාසි ඔටුන්නක් එහෙමත් තාත්තාගෙන් ලැබුලා තියනවා.. ඊට පස්සේ පෙරහැර එක්ක පන්සලට ගිහින් හවසට ඉතුරු ටික හදලා එල්ලනවා.. අපේ පරණ ගේ දිගටම.. පොඩ් වොට් පහේ ලයිට් වලින් තමයි එළිය දෙන්නේ.. ටික ටික මම ලොකු වෙනකොට කූඩු ඇලවිල්ල මට පංගාත්තු උනා.. අර ටිං කූඩු ටික දිරලා ගියාම තාත්තා වෙල්ඩින් කූරු වලින් පාස්සලා හදපු කූඩු 8ක් තමයි දැන් තියෙන්නේ.. ගිය අවුරුද්දේ කූඩු අලවන්න රියාසුත් එකතු උනා.. මම දැකපු සිරාම මුස්ලිම් ඩයල් එකක් තමයි රියාස්.. අපේ සාලේ මැද්දේ බිම ඉදගෙන රැලි කප කප කූඩු ලස්සනට රියාස් මුල්ම වතාවට වෙසක් කූඩු අලවන හැටි දැක්කම අපිට මතක් උනේ බුද්ධං සරණං ගච්ඡාමි කියන බෙග් මාස්ටර්ව.

ඔය විදියට හරි අපේ ගෙදර අපි කූඩු හැදුවට ගොඩක් තැන් වල තියෙන්නේ ඉන්ස්ටන්ට් කූඩු.! ඒ කියන්නේ ගියා ගත්තා ගෙනාවා එල්ලුවා සීන් එක... දකින්න ඇතිනේ පහුගිය ටිකේ ටවුන් වල විකුණන්න තිබ්බ කූඩු ටික.. මට තාමත් හිතාගන්න බෑ.. ඒ සේරම විකුණුනාද නැද්ද කියලවත්!
අපේ ඔෆිස් එකේ වැඩ කරන විදුෂ කිව්වේ අනේ බං ගෙදර පොඩි කොල්ලෝ දෙන්නට පේන්න වත් කූඩු ටිකක් හදන්න ආසයි ඒ උනාට වැඩකරලා ගෙදර යන වෙලාවට කූඩු හදන්න වෙලාවක් නෑ කියලයි. අද කාලේ හුඟක් තාත්තලගේ කතාව එහෙම වෙන්න ඇති..

තව අවුරුදු පහ හයක් යනකොට මේ කතාව මීටත් වෙනස් වෙයි.. සමහර විට වෙසක් අමතක වෙලාම යන්නත් පුළුවන්.. නැත්තං කතාව සෑහෙන්න වෙනස් වෙලා හැම ගෙදරම අනිවාර්යෙන් වෙසක් කූඩු 10ක් වත් එල්ලිය යුතුයි කියලා රජයේ විශේෂ නිවේදන එන්නත් පුළුවන්..

බලමු!

8 comments:

  1. ඒ කාලේ අපිත් පිස්සුවෙන් වගේ වෙසක් කාඩ් යැව්වා. පංතියේ හැමෝටම නෑයන්ට
    දැන් නම් වැරදිලාවත් වෙසක් කාඩ් එකක් යවන්නෙත් නැහැ ලැබෙන්නෙත් නැහැ. මන් හිතන්නේ ඒක එහෙම උන එක හොඳයි කියලා.

    ඒ කාලේ ඉඳන් වෙසක් කූඩු නම් හැදුවේ නැහැ දන්නේ නැති නිසා. දෑන් නම් කඩෙන් ගෙනත් කූඩුවක් එල්ලනවා. වෙසක් කියන එක මේ විදිහට සමරන එක වැරදියි කියලා මට නම් හිතෙන්නේ

    ReplyDelete
  2. වෙන අවුරුදුවල වෙසක් එකට මම වෙසක් කාඩ් දැම්මත් මේ අවුරුද්දේ වෙසක් එකට මම වෙසක් කාඩ් එකක් වත් දැම්මේ නෑ.., මම බැලුවා කාටද මාව මතක් උනේ කියල.., කියන්න සතුටුයි එකෙක් වත් නෑ. :) ඉතින් මමත් වේසක් කාඩ් යැව්වේ නෑ.., ඒක මහ නරුම අදහසක් වෙන්න ඇති. මොකද වෙසක් කියන්නේ තරහ පිරිමහන් එක නොවෙන නිසා.., කූඩු සම්බන්දයෙන් නම් මමත් උඹේ පැත්තේ. යකඩ කූඩු. අටපට්ටං 4 එළියපෙට්ටි 7 තරු 2 රෝල් කූඩු 4 ඔන්න ලිස්ට් එක.

    අපේ මහප්පලැයේ අහ නම් වෙසක් කූඩු 20 විතර හදලා තියෙන්නේ මල්ටි බොන්ඩ් ගාලා පොලිතින් අලවලා. වෙසක් එකට සතියකට කලින් එළිඅයට අරන් වතුර බටේ අල්ලලා දූවිලි හෝදලා ඇරලා එල්ලනවා..!

    ReplyDelete
  3. හොඳ වෙසක් එකක් වේවා..

    ReplyDelete
  4. ඔව් ඇත්ත කතාව. ඉස්සර මාර වෙසක් කාඩ් පිස්සුවක් තිබුනේ. යාලුවෝ හැමෝටම වෙසක් කාඩ් දෙන්න ඕනේ!
    වෙසක් කුඩු කඩෙන් ගත්තම කිසි ෆන් එකක් නෑනේ. මම ගෙදර හිටි කාලේ නම් තනියම එකක් හරි අලවනවා.. හැබැයි ඉතින් මාත් හදන්න දන්නේ නැහැ. අලවන එක නම් ඉතින් දාන්න මෝස්‌තර ඔක්කොම දාල අලවනවා. අපේ තාත්තට එක එක විදියට කුඩු හදන්න පුළුවන්. එයා ඉස්සරම බට ගෙනත් හැදුවත් පස්සේ පස්සේ කුඩු සැකිලි කඩෙන් ගෙනත් දුන්න. හැබැයි උඩ නැගගෙන මහන්සි වෙලා ලස්සනට ලයිට් දාන එක නම් තාම කරනවා.
    ඉස්සර ඉස්කෝලේ කාලේදී හරි ශෝක්. වෙසක් කුඩු තරඟ තියෙනවනේ. ඉතින් ඒ කාලේ මිස්ලගෙන් උගන්නන පීරියඩ් වැඳලා වැඳලා ඉල්ලගෙන අපි කුඩු අලවනවා. මම හැමදාම කැටයම් ඩියුටි. අතේ හැම යන කම් නාරිලතා මල් කැටයම් කපලා ඇති! තව කට්ටියක් යවනවා එහා පන්තිවල ඔත්තු බලන්නත්. හික්ස්. ඇයි ඒ පන්ති වලට වඩා ලස්සනට අපේ කුඩුව හදන්න ඕනේ නේ. වෙසක් කුඩු තරගෙන් මුළු ඉස්කොලෙන්ම ෆස්ට් වෙන පන්තිය ට නට නට ඉස්කෝලේ ඇතුලේ යන්න පර්මිෂන් ලැබෙනවා :D :D :D. ග්‍රේඩ් ෆස්ට් උනොත් පන්තියටම චොකලට්!... හැබැයි ඔය කොච්චර නැටුවත් පහුවනිද සිල් ගන්නත් එන්න ඕනේ. කුඩු තරගේ තියන්නේ සිල් දවසට කලින් දවසේ.

    ඉතින් මලී මේ පාර සිල් එහෙම ගත්තද? හිකිස් :P

    ReplyDelete
  5. කවුද මේ ටිජිටල් යුගේ කාඩ් එවන කෙනා? ෂුවර් එකට තමන්ගෙ පොඩි ලෝකෙකට වෙලා ඉන්න කෙනෙක් වෙන්න ඇති. එයා ආදරේ කරන විධිය වෙන්න ඇති ඔය.

    වෙසක් කූඩු නම් පුංචි කාලෙ ඉඳන් හදල තියෙනවා ඇති වෙන්න. දැන් නම් හදන්නෙ කාගෙ හරි උවමනාවක් වෙනුවෙන් තමයි. මේ පාර ඔපිස් එකේදිත් කලේ කඩෙන් ගෙනත් කූඩු එල්ලපු එක!

    රියාස්ව මතක් කරපු නිසා මට තව එකක් මතක් වුණා. අපේ ගෙදර වටේම ඉන්නෙ මුස්ලිම් පවුල්. පහල ගෙදර අම්මයි තාත්තයි දරුවො ටිකයි අපට වඩා හොඳට වෙසක්/සිංහල අවුරුද්ද සමරනවා. තවම එයාලගෙ ගෙදර රෑට බල්බ් වැල පත්තු වෙනව. අපේ ගෙදර ඒක පත්තු වුණේ දවස් දෙකයි... :-)

    ReplyDelete
  6. ඉස්සරකාලේ දේවල් බොහෝම සුන්දරව මටත් දැනෙනවා.
    මාත් කාලයක්ම වෙසක් කූඩු හැදුවා. හැදුවේ මම නෙමෙයි උනාට තෑගි තරඟවලින් දිනුවේ මමනේ.
    ඒ කාලේ නම් මරු.
    ආයේ කාලෙකට පස්සේ එහෙම සෙට් වුනේ ගිය අවුරුද්දේ.
    රියාස් විතරක් නෙමෙයි මාත් කූඩු ඇලෙව්වා. තෝ මටත් ක්‍රෙඩිට් දීපන්.

    ReplyDelete
  7. වැරදියි තමයි මරේ.. ඒත් අපි මොකද කරන්නේ? වෙනස් කරනවට වඩා වෙන හැටි බලන් ඉන්න එක ලේසි නැද්ද?

    මම කවදාවත් වෙන හැඩ වල වෙසක් කූඩු හදලා නෑ ලිශෝ.. අර ඉටිකොළ වලින් කූඩු අලවලා තියන එක ආතල් ඇති නේද? අනේ උඹ වගේ උන්ව මතක් වෙයිද බං?? පී

    එසේම වේවා අමිල!

    හික් හික් අපිත් එහෙම තමා.. එලෙවල් ක්ලාස් එකේදි ‍ඔහොම කූඩු තරගයක් තිබ්බා අපේ කිසිම සූදානමක් නෑ.. පස්සේ සුදු සව් කඩදාසි වල පර වෙලා වැටිලා තිබ්බ මල් වත්තෙන් හොයන් ඇවිත් විකාරයක් කලා.. අන්තිමේ ටීචර්ගෙන් බැණුනුත් ඇහුවා පන්තියම හොර වැඩ කරනවා කියලා..
    සිල්?? අපි නම් පෝයට වැඩ එතකොට ඔයා සිල් ගත්තද අනේ???

    ඔව් හරේ.. අනිත් අයට වඩා මාව මතක් වෙන මට ආදරේ කරන කෙනෙක් තමා ඒක එව්වේ.. මම ඒ අතින් හෙන කම්මැලි දුෂ්ඨ කෙල්ලෙක්.. ඒ මනුස්සයට අවුරුද්දටවක් කතා නොකරපු.. එහෙම තමා පරම්පරා වෙනස!


    නරක වැඩ කරලා තව කියවන හැරි විතරක් බූරු!!!
    අනේ මේ උඹලට මොන ක්‍රෙඩිට් ද බං ඇයි උඹත් මුස්ලිම් ද?

    ReplyDelete
  8. අපිට නම් ඔයාව මතක් වුණා.. දන්සැල් කතා බහකදි.. :-)

    ReplyDelete