Wednesday, February 2, 2011

ජනවාරියේ දවසක්.



අනේ මන්දා කාලයට‍ අත්තටු ලැබිලද නැත්තං මං ඉබි ගමනකට වැටිලද කියලා.. හිතා ගන්න බැරි තරම් ඉක්මනට දවස් ගෙවිලා යන්නේ ඇස්පිය ගහන වේගෙටත් වඩා ඉක්මනින් වගේ.. දන්නේම නැතුව 2011 ඇවිත් එයිනුත් මාසයක් ගෙවිලා තව අළුත් මාසයක් ලැබිලා එයිනුත් දවස් දෙකක් ගෙවිලා ගිහිල්ලත් ඉවරයි.. ඔෆිස් බස් ගෙවල් පොත් ‍ටීවී ෆිල්ම් බර්ත්ඩේ ඒවා මෙවා අස්සේ කාලය ලිස්සලා ලිස්සලා යනවා.. අනේ මන්දා..

අනේ මන්දා ආයෙමත් ජිවිතේ ඒකාකාරී වේගෙන වේගෙන යනවා වගේ.. ආයෙමත් අළුත් වෙන්න කාලේ එලබෙමින් තියනවා.. හැබැයි දැන් ඒකටත් කම්මැලියි වගේ..! ෂික් මං වගේ කම්මැලි ගස් ගෙම්බෙක්..! කොයි තරම් ඔතෑනි උනත් මොහොතක් හිතුවොත් අතඇරිලා තියන වැඩ ගොඩක් මතක් වෙයි..! මොනවත්ම ඕනී නෑ.. පැය 24ක් විතර කතා කරන්න නියමිත හැව් ටූ කෝල් ලිස්ට් එකක්ම තියනවා..! කොහෙද ‍ඉස්සර ඉදන්ම තියන ෆෝන් ෆෝබීයාව තාම සනීප නැහැනේ..!ඒ වුනාට ඉතිං ඔන්න ෆෝන් එකේ කෙසේ වෙතත් මගේ බැටරි ‍චාජ් වෙච්ච වෙලාවක නම් සේරටම කතා කරන්න ඕනී..

මේ අවුරුද්ද උදාවෙනවත් එක්කම අපේ පෙත්ත පුතා යන්න ගියා නේ..! එයා අහම්බෙන් ඇවිත් අහම්බෙන්ම යන්න ගියා.. එයා ගැන සමහර අයට නම් මතකත් ඇති.. අපි එකතුවෙලා එයාට නමුත් දැම්මේ.. තව එයාව හදාගන්න හැටි විස්තර අහගත්තෙත් ‍බ්ලොග් එක හරහාමනේ... කොහොම උනත් වතාවන් දෙකකදිම එයා අපිව දාලා යන්න ගියා.. එකක් පිහාටු නැතිව හිටපු පොඩිම කාලේ එයාව දාලා හිටි මුට්ටියෙන් බිමට පැනලා පඳුරක් අස්සේ හැංඟිලා ඉදලා හොයා ගත්තා.. දෙවනි වතාවේ පිහාටු ටිකක් ඇවිත් පියාඹන්න පුළුවන් උනු හැටියෙම වගේ මගේ උරේ උඩ ඉදලා පියාඹලා ගියා.. එදත් කොහොම හරි අල්ලා ගත්තා.. දෙවනි වතාවෙ නම් එයා යනවා අපි කවුරුවත් දැක්කේ නෑ..!

සත්තු කූඩු කරලා හදන්න අපේ ගෙදර අය අකමැති උනත් අපේ ‍ගෙදර හැමදාම ඉන්න බලු ළමයි හින්දා ගිරවෙක් වගේ සතෙක් ව නිදහසේ හදන්න අපිට බැරි උනා.. ටිකක් ලොකු උනාට පස්සේ ගිරාව යවන්න හැදුවත් හැමෝම කිව්වේ එයා පරිසරයට හුරු නැති නිසා නිදහස් කරොත් කාක්කෝ කයි කියලා.. ගෙදර හදපු සතෙක්ට ‍එහෙම වෙන්න දෙන්න බැරි නිසා අකමැත්තෙන් උනත් එයාව හිරකරලා තියාගන්න අපිට සිද්ධ උනා.. හැබැයි අපේ ගෙදර පස්වෙනියා උනේ ගිරාබබා..!

ඇත්තම කියනවා නම් එයා හරිම නපුරු ගිරා බබෙක්..! එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න වෙන කාටවත් එයාට අත තියන්නවත් එයා කවදාවත් ඉඩ දුන්නෙත් නෑ.. එ වගේම එයා අපේ පැටී ට හරි මට හරි කතා කලෙත් එයාට බඩගිනි උනොත් හරි උදේ පාන්දරම කූඩුව ඉර එළිය වැටෙන තියාගන්න ඕන උනොත් හරි විතරයි.. අනිත් හැමවෙලේම හරිම මාන්නක්කාරියක් විදියට තමයි එයා හිටියේ..! හැබැයි ඉතිං කම්මැලි හිතුනම තනියෙන් හිනාවෙන... ඔහේ තනියම මොනාදෝ දොඩවන පුරුදු එ‍හෙම තිබුනා...!

හරියට ජනවාරි දෙවෙනිදා හවස මං ගෙදර ආව ගමන් අම්මා කිව්වේ ‍"අනේ බබා පෙත්තා පුතා ගියානේ කියලා.." ඒයාගේ කූඩුවේ කාලයක් තිස්සේ එයාම හදාගෙන තිබ්බ හිඩැසකින් තමයි එයා ගිහින් තිබ්බේ.. ඒ වෙලාවේ ඇස් දෙකට කඳුළු ටිකක් ආවත් හිත ඉක්මනටම හරි ගියා කමක් නෑ එයා නිදහස්නේ කියලා...හැමදාම වැඩට යද්දි එයාට කියලා යන මට එදා කියලා යන්න බැරි උනා නේද කියලා මතක් උනේ ඊට ටික වෙලාවකට පස්සේ.. ඒත් ඉතිං කරන්න දෙයක් නැහැනේ...!

දැන් අපේ ගෙදරට උඩින් පියාඹන හැම ගිරවෙක්ම අපිට දැනෙන්නේ අපේ පේත්තා පුතා වගේ..! මං දන්නවා මට නොපෙනන තැනක හිටියත් අපේ නපුරිච්චි තාම පරිස්සමෙන් ඇති!



9 comments:

  1. සතුන් කොයිතරම් හෙඳට කූඩු කලා හැදුවත් උන්ට චාන්ස් එකක් ආපු ගමන් යනවා උන්ගේලෝ​කේ හෙයාගෙන...

    ReplyDelete
  2. මම නං උපරිමෙන් සන්තෝස වුණා පොර ගියා කිව්වම. සේරටමත් වඩා ඕකා තවත් ගෙදර හිටියොත් ගෙදර මිනිස්සු වගේම තවත් අම්බානක් නපුරු වෙනවා. දැන් ආතල් එකේ ගිරා කොල්ලෙක් සෙට් කරගෙන බෙනයක් අස්සට වෙලා ඇති.

    ReplyDelete
  3. " ඒයාගේ කූඩුවේ කාලයක් තිස්සේ එයාම හදාගෙන තිබ්බ හිඩැසකින් තමයි එයා ගිහින් තිබ්බේ "

    Prison Break !

    ReplyDelete
  4. at least he has gone to find his world.
    Hare. give me five man..

    ReplyDelete
  5. කෙටියෙන්ම කියනවා නං අපේ ලඟදීම ජීවිතෙන් සමුගන්නවාට වඩා, ඒ පෙත්තා කොහේ හරි සතුටින් ඇති කියලා හිතන්න ලැබෙන එක ලොකු සතුටක් මලී.............. :)

    ReplyDelete
  6. අයියෝ පෙත්තා පුතා යන්න ගිහින්ද..??
    :(
    අර එච් කියාපු කතාවටනම් මාත් එකඟයි ඔන්න. :P
    හික් හික්

    ReplyDelete
  7. අපරාදේ. . . මොනා උනත් ඌ මගෙත් එක්කත් කේන්තියෙන් ඇත්තේ ගිනි කණ වැට්ටුවට. සිරා සතා!

    ReplyDelete
  8. මෙන්න මට මෙයා ගැන තියෙන එකම මතකය►
    http://bit.ly/f4nMra

    ReplyDelete
  9. ගිය එක නම් හොඳයි ඇත්තටම ඌට එපාවෙලා වෙන්න ඇති බං යන්න ඇත්තේ..

    ReplyDelete