මේ දවස් වල ජිවිතේ හරිම ඔතෑනියි වගේ.. වෙන විදියකට කියනවා නම් කිසිම හැපනින් එකක් නෑ.. අනේ මන්දා වයසත් එක්ක එන හැඟීමක්ද නැත්තං වෙන මොකක් හරි අවුලක් ද කියලා.. අර කෙනෙක් කියනවා වගේ මම මෙලෝ රහකට නැති හෙනම කොමන් චාටර් ගෑණියෙක් බවට පත් වෙමින් යනවා දෝ මන්දා..
එහෙම තමයිනේ ඉතිං ජිවිතේ හැටි.. හැමදාම එක විදියට තියෙන්නේ නැහැනේ.. මොහොතින් මොහොත තත්පරෙන් තත්පරේ ජිවිතේ වෙනස් වෙනවා.. හැම සිද්ධියක් එක්කම මුහුකුරා යමින් විවිධ අත්දැකීම් වලට මුහුණ දෙමින් අපි අළුත් වෙවී පරණ වෙවී පැවතෙනවා..
ඔය අළුත් වෙන පරණ වෙන ජිවිතේ ඇතුලේ සමහර වෙලාවට කවදාවත් මඟහැරෙන්නේ නැති පුරුදු වීම් අපි කාට කාටත් තියනවා .. ඉතිං ඒ වගේ පුරුද්දකට වගේ පහුගිය දවස් දෙකේ අතේ රැදිලා තිබුනේ "බුද්ධදාසි". ඊටත් කලින් තාඹුගල හාමුදුරුවන්ගේ පොතක්..
සමහර විට මේ දවස් වල හිතේ පවතින තත්වයට පත්වුනේ ඔය පොත් නිසාද කියන්න තේරෙන්නේ නැහැ.. මට වචන වලට පෙරළන්න නොතේරුනාට මේ වෙලාවේ හිතේ පවතින සිතුවිලි විස්තර කරන්න මං ආසයි.. ඒක මොන වගේ මනෝ භාවයක්ද කියනවා නම් මේ වෙලාවේ ඕනම තරහා කාරයෙක්ට කරුණාවෙන් කතාකරන්න හිතෙන තරමේ බොහොම කරුණාවක් හිතේ පිරිලා කියන්න නම් මට දැනෙනවා.. ඇලීම් බැඳීම් වලින් තොර ජිවිතේකට යමු කියලා හිත ලොකු ඉල්ලීමක් කරනවා වගේත් දැනෙනවා..! හැබැයි එහෙම මට්ටමකට යන්න තරම් නිදහසක් නම් මට නෑ කියන්නත් ඒ හිතේම තව කොටසක් දන්නවා.. ඒ නිසා මේ පවතින මනෝභාවයට නිදහසේ සරන්න හැරලා මම පොත් ගැන කිව්වොත් හොඳයි වගේ.
තාඹුගල ආනන්දසිරි ස්ථවිර කියන්නේ 1954 අවුරුද්දේ කුටුම්බිගල මහා තපෝවනයට වැඩි හිමිනමක්.. 1960 අවුරුද්දෙදි යාන්තමට පැවිද්දන්ට උචිත අයුරින් කුටුම්බිගල සේනාසය සකසවා ගත් උන්වහන්නේ එතැන් පටන් එහි ජිවත් වීමේදි ලද සොදුරු අත්දැකීම් උපයෝගී කරගෙනයි "විසිපස් වසරක වන දිවි තොරතුරු" රචනා වී ඇත්තේ..
ධර්මය.. ස්භාවධර්මය..හා එම ද්විත්වයේ සංකලනයේ මිහිරියාව හා සෞන්දර්යය එම කෘතියෙන් අලංකාරව විචිත්‍රවත් වෙනවා.. සුරංගනා කතාවක්දෝ... සැබෑ විය හැකිදෝ යි හිතෙන තරමටම අලංකාර, කියවන්නාට කිට්ටුවෙන ආකාරයේ බස් වහරක් හා ශෛලයක් යොදාගෙන රචනා වී ඇති නිසා ලොකු පොඩි කාටත් කියෙව්වොත් හොද රසයක් විඳින්න හැකි වේවි.. ප්‍රකාශය දයාවංශ ජයකොඩි එකෙන්.. අවසාන වරට මුද්‍රණය කරලා තියෙන්නේ 2005 දි.
එයින් පස්සේ අතට ආවේ සුනේත්‍රාගේ බුද්ධදාසි.. මීට කලින් පියනි මණ්ඩපය.. බත් තරංග.. මතක පොත හරහා මා ආදරය කල සුනේත්රාවිය මෙවර මා රැගෙන ගියේ ආනන්දයේ උපරිමයෙන් එහා ඉමකට දෝ මන්දා.. අනුරාධපුර යුගය පසුබිම්ව රාජ වංශයක, එකල ආගමික විධි, ජනජීවිතය හා අවාහ විවාහ සම්බන්ධතා අස්සෙන් සංසාර බැඳීම්වල වද වේදනා හා එයින් මිදී මේ සරළ විදි ගැන පැහැදිලිව නමුත් කෙටියෙන් ඒ ඒ අවස්ථාවට උචිත අයුරින් පෙළගැස්වී තිබුනු ආකාරය අපූරුයි.. තවම මම චූල රූපසරා එක්ක පණ්ඩිතකතා දොඩන අස්සේ අනුරාධපුර විහාර අතරේ ඇවිදිනවා බුද්ධදාසි එක්ක, ක්රිෂ්ණක්ෂි එක්ක සාමි පුදන්න කඳුගැටි නඟින අතරේ කුංජු මාතව එක්ක හුස්ම ගැනීම ගැනවත් නොහිතා හිත ඉහිල් කරගන්නටයි හිතෙන්නේ..
විවිධ කාලසීමා වලදි ජිවිතයේ විවිධ මට්ටම් විවිධ නාමවලින් ගෙවෙන ඒත් සියළු බැදීම් වේදනා වලින් මිදුන ඒ ස්ත්‍රී ආත්මය ඇතුලේ තිබුනු නිදහස.. ගැලවීම.. මගේ හිතටත් කාන්දු වෙලා වගේ.. හරිම නිදහසක් දැනෙනවා.. ඒ හුවමාරු සිද්ධ උනේ සුනේත්‍රා රාජකරුණානායකාවියන්ගේ වදන් මායාවේ බලෙන්... ඒක හරිම සොදුරුයි.. මිහිරියි.. ප්‍රියයි.. නමුත් මම දන්නවා මේ මිහිර රැදෙන්නේ තව ටික දිනයි..
මොකද අද රෑට මම ස්පිට්ල් එක්ක අහිමි උනු දඩමං ඔස්සේ සරන්නයි කල්පනා කරන් ඉන්නේ..
කමක් නෑ.. මට කුංජු මාතාවක් වත් බුද්ධදාසියක් වත් වෙන්ඩ උවමනා නෑ.. මගේ හිත තනන්නේත් බිඳින්නේත්.. නැවත තනන්නේත් මම මයි..! ඒ නිසා කොයි මානසිකත්වේ කොයි තරම් වෙලා කොහොම සිටිය යුතුද තීරණය කල යුතු වන්නේත් මම මයි.. මම විසින් මා උදෙසා මට හිතෙන වෙලාවක මා එය කලයුතුමයි!