Saturday, December 26, 2009

කොහොමද තනියම ගෙදර ඉන්නේ :o

අති සාර්ථක අන්දමින් හතර වෙනි හෝ පස්වෙනි වතාවටත් රාත්‍රීන් 2ක් තනියම ගෙදර ඉදීමෙන් පසුව මෙම සටහන ලියමී.. (මට ජයවේවා!!!) :ඩී

‍මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි.. ඒ කියන්නේ මගේ පවුලේ මට සහෝදර සහෝදරියෝ නෑ.. එකා යකා නොවුනට නොදන්න අය කියන්නේ එහෙමනේ... ඉතිං මම තනි යකෙක් නේ.. ඉතිං යකෙකුට තනියම ඉන්න එක ප්‍රශ්ණයක් නෙවෙයි.. හිකිස්!!!

හැබැයි ‍හැමෝම අහන්නේ ඔයා තනියමද ඉන්නේ..??? :ඕ

අනේ මන්දා ඇයි එහෙම අහන්නේ කියලා.. අපේ ගෙදර සත්තු ඉන්න නිසා එයාලා වෙනුවෙන් ගෙදර කවුරු හරි හැමවෙලේම ඉන්න ඕනි (සත්තු හදලා තියෙන්නේ ළමයින්ට වඩා සැප දීලනේ) ඉතිං අම්මා තනියම කොහෙවත් යන්නේ නෑ.. තාත්තා අම්මවයි මාවයි තනියම කොහෙවත් යවන්නේ නෑ (යවලා ගෙදර වැඩ තනියම එයාට කරගන්න දෙන්න අපිටත් බැහැ නේ) ඉතිං හොදම විසදුම තමයි එයාලා ගිහිං මං ගෙදර ඉන්න එක... අපි තුන්දෙනාම දවස් දෙක තුනකට ගෙදරින් පිට ගියපු දවස් හරි ටිකයි ඇත්තේ පහුගිය අවුරුදු 8 ටම වගේ.. යන්නම ඕනි තැනක් තිබ්බොත් නෑදෑයෙක් නවත්තලා ගිහිං තියනවා උනාට.. ආයේ එද්දි හිතෙන්නේ ගියාට ව‍ඩා නොයා හිටියනම් හොදයි කියලා.. ඒ නිසා මම නතර වෙන එක හොදයි.. මගේ තනියට අක්කෙක් කාව හරි ගෙන්න ගත්තත් එතකොට වෙන්නේ එයාලා ටීවී බලන්නයි මම තනියම එයාලගේ වැඩ කරන්නයි වෙන එක.. ඊට මීට හොදයි මං තනියම ඉන්න එක..

මේ දවස් දෙකට 5 දෙනෙකුට වඩා මගෙන් අහන්න ඇති "ඔයාට පුළුවන්ද රෑට තනියම ඉන්න.." ගෙදරට එන මිනිස්සු අහන්නෙත් ඒක.. කෝල් කරන මිනිස්සු අහන්නෙත් ඒක..නෙට් එකේ උන් අහන්නෙත් ඒක.. පුළුවන් කියලා ලාවට හිනා වෙලා කියනවා ඇරෙන්න ඉතිං වෙන උත්තරයක් නෑ.. පුළුවන් නිසානේ ඉන්නේ..

ඇත්තටම මට තේරෙන්නේ නැහැ තමන්ගේ ගෙදර තනියම ඉන්න මිනිස්සු මොකටද බය වෙන්නේ කියලා.. අනික මං දන්න ගොඩක් ගෑණු ළමයි කළුවරට බයයි.. රෑට තනියම ඉන්න බයයි.. අනේ මන්දා ඇයි කියලා.. ඒක හරිම විහිළුවක් නේ නැද්ද? ඔන්න මම තනියම රෑට ටවුන් එකක ඉන්න බයයි (අපේ රටේ ඉන්නේ ළගින් ගියොත් ඇහැක් නැති අයියලානේ).. ඒත් මගේ ගේ ඇතුලේ මං මොකටද බය වෙන්නේ?? මොබයිල් එක ළග තියනවා නම්.. දොර ජනෙල් හොදට වැහෙනවා නම්.. මොකටද බය වෙන්නේ? යන යන තැන අඩියෙන් අඩිය ඉස්සරහින් යන බලුහාමිනේ කෙනෙක් ඉන්නකොට කීයටවත් බය වෙන්න ඕනි නැහැ.. මැස්සෙකුට වත් ළගට එන්න බෑහැ නේ...

මම නම් තනිකමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්.. ඒ නිසා මට තනියම ඉන්න තියන එක හරි සනීපයි.. ඒ වුනාට පාළු නොහිතෙන වෙලාවල් නැතුව නෙවෙයි... දවස් ගණන් තනියම ඉන්නකොට මට තියන එකම ප්‍රශ්නේ තමයි ඊට පස්සේ කවුරු හරි කෙනෙක් කථාවට එන ‍එක.. මොකද කතා නොකර ඉදලා කථා කරන්න තියන කම්මැලියාව.. ඉතිං අර අනිත් මනුස්සයා අහද්දි‍ මොකෝ කථා නැත්තේ කියලා ඒක නම් කේන්ති යන වැඩක්..!

ඉතිං කවුරු හරි තනියම ඉන්න සිද්ද වෙන කෙනෙක් ඉන්නවා නම් මං එයාට කියන්නේ බය නැතුව තනියම ඉන්න.. කළුවරේ හොල්මන් නැහැ.. රෑට ඔයාව උස්සන් යන්න මොකෙක් වත් එන්නෙත් නෑ.. හිස් ගෙදරකට තියන නිශ්ශබ්දතාවය හිතට භාවනාවක් මිසක් වදයක් වෙන්නේ නැහැ.. සද්ද නැතුව ඉන්න කැමති නැත්තං හොද ෆිල්ම් ටිකක් බලන්න ගන්න (හැබැයි වැඩිය සීරියස් ඒවා බලන්න එපා එතකොට වෙන්නේ ඒවායේ ගැඹුරට ගිලිලා මොලේ ටිකක් විකාර වෙන්න බලන එක.ඒ ඇනිමේෂන්ස් කාටුන් වගේ සිම්පල් එවා බලන එක හොදයි.. පොත් නම් කෝකත් හොදයි... ඒ නැතිනම් නිදාගන්න එක තමා අනුමත කරන්න පුළුවන් හොදම දේ.. ඒ වුනාට නිදාගන්නවට වඩා නැගිටලා ඉන්න එක හොදයි... තනියම ගෙදර ඉන්න දවස් වලට ලොකු ලොකු කෑම හදන්න මහන්සි වෙන්න එපා.. මොකද මහන්සි වෙලා උයලා තනියම කන්න හිතෙන්නේ නැහැ.. ‍එක්කෝ නොකා ඉන්න නැත්නම් පොඩි පොඩි ස්නැක්ස් ගන්න..පුළුවන් නම් ගෙදර ලෑන්ඩ් ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා හරි එන්ගේජ් කරලා හරි තියන්න.. මොකද සද්ද නැති ගෙදරක ඒක මහ හයියෙන් වැදෙන කොට යකා තද වෙනවා..! හැබැයි එහෙම කරනවා නම් මොබයිල් එක අත ළගින් තියා ගන්න..නැත්තං පිට ඉන්න ගෙදර අය බය වෙයි ඔයාට මොනා හරි කරදරයක් වෙලාද කියලා.. අනික මොබයිල් එක ළග තියන එක හිතටයි ආරකෂාවටයි පහසුවටයි තුනටම හොදයි.. හදිසියකදි මුලින්ම කථා කරන්න හොදම නම්බර් එක ඩයල් කරන්න ලේසි විදියකට හදාගෙන තියා ගන්න.. ඒක ඉන් කේස් ‍ඔෆ් ඉමර්ජන්සි ප්‍රයෝජනවත් වෙයි.. තව ගෙදර ගේට්ටුව පුළුවන් නම් ලොක් කරලා තියන්න.. එතකොට නොදන්න අයගෙන් වෙන බාධා කිරීම් අඩු වෙනවා..
ඕවා තමා දෙන්න තියන උපදෙස්.. ඕය සේරම හරියට සිද්ධ උනාම මේ වගේ මොංගල් පෝස්ට් ලියවෙනවා ගණන් ගන්න එපා ඒක එහෙම තමයි.. හික් හික්

අවසාන වශයෙන් තනියම ගෙදර ඉන්න බය අයට කියන්න තියෙන්නේ "තම තමන්ගේ අත පය හයිය ගැන විශ්වාස කරන්න.." :-)



44 comments:

  1. වීරෝධාර මලියෙක් නෙ ඔයා..... මමත් කෑමතියි තනියෙන් ඉන්න.

    ReplyDelete
  2. එළනේ අක්කේ.ඕවානං ඇත්ත තමයි!
    අපිට වඩා යක්කු කොහෙද?

    ReplyDelete
  3. හැබෑටම මලි ඔයා නම් grate!. මටත් සිද්ධ උනා අර අළුතින් ගිය ගෙදර සතියක් තනියෙන් ඉන්න. හප්පා ඒ දවස් වල නම් මම නොමැරී මැරුනා. අපේ බඳුලු ගෙදර නම් තනියෙන් ඉන්න එක ගේමක්ම නෑ. ඒත් මෙහෙ අළුත් නිසා මට තනියෙන් ඉන්න අමාරු උනා. බය හිතෙන වෙලාවට මම comedy movie එකක් දාලා හයියෙන් හිනා වෙවී බැලුවා. එතකොට නම් බය ඇරෙනවා. තනියෙන් ඉන්න එකේ ලොකුම වාසිය තමයි උයන්න වෙන්නැති එක. මම නම් තනියෙන් ඉන්න කාලේ කෑවෙ maggi noodles විතරමයි. හික්!

    ReplyDelete
  4. එළකිරි නේ මලියෝ...! දාන්න පහක්..! මම වාගේ ම තව ගෑනු පරාණයක් ඉන්නවා කියල දැන ගත්තම හිතට දැණුනේ මාර සනීපයක්..! මමත් කසාද බඳින්න කලින් ගෙදර ඉන්න කාලේ වැඩියම කැමති උනේ තනියම ගෙදර ඉන්න. කිසි වදයක් නෑ...ඔහේ නිදහසේ නිස්කලංකෙ පොතක් බලාගෙන, සිංදුවක් අහගෙන ඉන්න පුළුවන්. පුළුවන් කාලෙ ඔය නිදහස විඳින්න නංගී. පවුල් පන්සල් වෙලා, ළමයි බමයි ලැබුණම ඔහොම අවස්ථා ලැබෙන්නෙ හරිම අඩුවෙන්.

    ReplyDelete
  5. ලංකාවේදී නම් තනියෙන් ගෙදර ඉන්න ලැබුණ අවස්ථා බොහොමත්ම අඩුයි, ගෙදර කවුරුත් නැති වුණත් "නැන්දා" (අපේ ගෙදර වැඩ කරන කෙනා: අවුරුදු හතලිහක් තිස්සේ අපිට උදව් කරන එයාට කතා කරන්නේ අසුරු කරන්නේ ඥාතිවයෙන්) ඉන්න නිසායි. ඉතිං විශම පවුලක් (අම්මලායි නංගියි අච්චිලායි) වන අපේ කට්ටිය බැරි වෙලා හිටියේ නැත්තං මං ගෙවල් දෙකට මාරු වෙවි වෙවි පිස්සු නැටුවා (ගෙවල් දෙකම තිබ්බේ එකම වත්තේ, ඒක විශාලයි). අච්චිලා විදේශ ගමන් ගියාම ඒ අතර විශේෂිතයි, කරන්න අවශ්‍ය නැති වුණාට යාත්තං හරි අතුපතු ගාලා නිකං මගේ ගෙදරක් වගේ හිටියේ.

    මෙහේදී ඕන තරම් අවස්ථා ලැබෙනවා තමා ඒත් Apartment එකක ඉන්න නිසාදෝ ගතියක් නෑ. හැබැයි මගේ Mission #4 හෙවත් සල්ලි එකතු කරලා ලංකාවට නිවාඩුවකට පැමිණිම කරලාම Mission #5 කරන්න ඉන්නේ. ඒ කියන්නේ මටම කියලා තැනකට මාරු වෙන ඒක. අම්මලා හදන ගෙදරත් අගෝස්තු වල එන්නේ. :)

    ඔය කිව්වට මම හරි යකෙක් මලී, තනියම ඉන්න පට්ට ආස යකෙක්.

    ReplyDelete
  6. කොහෙද, මේ මුං මාව ගෙදර තනියම දාලා යන්නෙ නෑ නෙව!
    --
    හික්. මාත් ඉතින් එකා යකා තමයි. පොඩි කාලෙ නම් ගෙදර තනියම ඉන්න පින ලැබිල තියෙනව. ඒත් ඉතින් ඒ කාලෙ (තරුණ කාලෙ වගේ)කිසි ආතල් එකක් නෑ නෙව.

    දැන් ඒකට!

    මම තමයි ගෙදර අයව තනියම දාලා එළියට යන්නෙ, උ‍දේ පාන්දර ගෙයින් එළියට ගියාම ගෙදර එනකොට රෑ වෙලා...

    ෂහ්...

    ගෙදර, ගෙදර, ගෙදර...

    ReplyDelete
  7. Home Sweet home :D:D

    ReplyDelete
  8. මමත් තනිකමට තමයි ආස. ඒ වුණාට එහෙම ඉන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි. නිහඬබව සහ තනිකම එක්ක කම්මැලිකමත් එකතුවුනාම නියමයි ;)

    ReplyDelete
  9. අපේ ගෙදර ඉන්නෙ පූසො විතරයිනේ... උන්ට කරන්න පුළුවන් දෙයක් නැ... හැබැයි ගේට්ටුව හදන්න ගෙනත් ඉතිරි වෙච්ච යකඩ පොලු කෑල්ලක් නං තියෙනව. අනපේක්ෂිත සතුරු උපද්‍රවයකදි ඒක වැඩිත් එක්කද මන්ද....

    බුහහහහහා........!

    ReplyDelete
  10. ඇයි මමත්....! එකා යකා තමයි යම රාක්ෂයෙක්. හැබැයි තනියෙන් ඉන්න කැමතියි. කළුවරට ආසයි. හිටිගමන් කරන්ට් නැති උනාම මාර ආතල්... ඒත් ඉතින් ගෙදර නම් කවුහරි ඉන්නකොට ෆිට් එකක් තියෙනවා. අනෙක් සහෝදරයන් අම්මගෙයි තාත්තගෙයි සහෝදර සහෝදරයින්ගෙ ලමයින් ලඟින් සිටි නිසා තනියක් දැනුනෙ නෑ. ඒත් තනිකමෙත් මාර රසයක් තියෙනවා මනෝ පාරක් ගහගෙන ඉන්නකොට. (අතීත ආවර්ජනයක් වගේ)

    ReplyDelete
  11. ගේ ඉස්සරහට ඇවිත් කවුරුහරි නිකන් උඟුර පාදනවා වගේ එහෙම සද්දයක් ඇහුනත් උඹ බයවෙයි මෙහෙම පම්පෝරි ගැහුවට... ඒත් මට උඹ ගැන ආඩම්බරයි...

    කොහොම උනත් තනියම ඉන්න දවසට කාටවත්ම කියන්න එපා උඹ තනියෙන් කියලා....

    ReplyDelete
  12. හම් ඒක ඇත්ත! දැන් හැම තැනම පිස්සෝ

    හි හි හි හි හි හි

    ReplyDelete
  13. කලක් ඇවෑමෙන් පෙරුම් පුරා..
    හෙට ඉඳලා දින පහක් පුරා..

    මමත් ගෙදර තනියෙන්. මොන fun ද?

    ReplyDelete
  14. චන්ඩි කෙල්ල . . . උඹ හරි දස්සියෙක්නේ නගේ . .. මේ ඒක නෙමෙයි . .. උඹලගේ බල්ලට කන්න දියන් කෙල්ලේ . . . ඇයි ඌ මැස්සෝ කන්නේ . .. (යන යන තැන අඩියෙන් අඩිය ඉස්සරහින් යන බලුහාමිනේ කෙනෙක් ඉන්නකොට කීයටවත් බය වෙන්න ඕනි නැහැ.. මැස්සෙකුට වත් ළගට එන්න බෑහැ නේ...) බඩ පිරෙන්න මස් කටු ටිකක් සුප් හදල . . පපඩම් ටිකක් බැදල ගස් ලබු කෑල්ලක් එහෙම දීපන් . . .

    ReplyDelete
  15. අනේ මලී නගේ, වයිට් ඩයමන්ඩ් බාගයක් කෙලින්ම උගුරට හලාගෙන කිසිම ගානක් නැතුව ඉන්න පුලුවන් කෙල්ලෝ ඉන්න රටේ ඕවත් වැඩද මන් අහන්නේ....? :D

    ReplyDelete
  16. තනියෙන් ඉන්න එකේත් ජොලියක් තියනව ගෙදර අය නැතිවම පාලු තමයි. ඒත ඉදල හිටල හරි තනියම ගෙදර ඉන්න ඕනි. අනික තනියම ඉන්න බය වෙන්න ඕනි නුපුරුදු පරිසරයක විතරයි.mobile ගැන නම් විශ්වාසය තියන්න එපා නගෝ. මොකද ඔය කෙහෙල්මල අපිට අත්‍යාවශ්‍ය වෙලාවල් වලටමයි වැඩ කරන්නේ නැත්තේ. කමක් නෑ . හොද හයිය තියන එකක් නම් ඒකෙන් පහරක් දෙන්නවත් පුළුවන් වේවි.

    ReplyDelete
  17. බොරු කියන්නේ මොකටද මම නමි තනියෙම ඉන්න ආස නෑ ...:P ඉතින් මම ඉන්නෙත් නෑ යන යන තැන මාව ගෙනියන්න වෙනවා..... හි හී..:D තනියෙම ඉන්න බැරි බය හින්දා නමි නෙමෙයි අකමැති නිසා... අනේ මන්දා ඒත් ඉතින් ඔය කිවිවට චුටී බයකුත් ඇති අප්පා හී හීහී..:D :D :P

    ReplyDelete
  18. උඹ මේක බයේද ලිව්වේ :P

    ReplyDelete
  19. Nuwan - මං ඉතිං කොහොමත් කරන්නේ වීරක්‍රියා මනේ.. මත‍ක ඇතිනේ ඉදිකට්ටේ සීන් එක.. හික් හික්

    Muchalinda- ආයෙත් අහලා.. යක්කුන්ට ඉන්න තැනුත් නැහැල්ලු දැන් අපි හින්දා

    Fa -අපොයි මම එච්චරම great නෑ. හික් හික් මමත් අද කෑම ගත්තේ මැගී ඇන්ටිගේ නූඩ්ල්ස් කඩෙන් තමා. අද දවසට ෆිල්ම් 3ක් විතර බලලා ඉවර කරගන්න පුළුවන් උනා..

    Nishantha - හා

    Binku - හරි ශෝක් ඉක්මනට 4 වෙනි මිශන් එක සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. එතකොට 5ත් කරගන්න පුළුවන්නේ.. බලාගෙන ගියාම බ්ලොග් ලියන්නේ හරිම යක්කු ටිකක්නේ...!!

    SudarakaS - හප්පා ඔයත් එකා යකා කෙනෙක්ද මං ඒක දැනගෙන හිටියේ නැහැනේ. තව ටික කාලයක් ගියාම පුළුවන් වෙයි.. දැනට ඔය එළියට යන වෙලාවල තියන ආතල් එක ගන්නකෝ.

    Ano - Of course yes! It is my one and only sweet home !!!

    ReplyDelete
  20. - ඔයාව එහෙම තනියම තියන්න හොද ළමයෙක් නෙවෙයි.. ඔය කරන මනෝ විකාර වැඩ වල හැටියට මොන මොනවා කරගෙන නතර වෙයිද කවුද දන්නේ.. :පී

    ශාකුන්තල - හපොයි යකඩ පොලු දරදඩු වැඩියි.. ඔන්න ඔයා ගෑණු ළමයෙක් උනා නම් ඒකට ෆුල් චාන්ස්.. ආත්මාරකෂාවට අනම් මනම් දාලා ශේප් වෙතැහැකි.. ඒක් අවුලක් නෑ මං හිතන්නේ තමන්ගේ වත්ත ඇතුලෙදි උනු පහරදීමක් නම් ඔයාට නිදහස් වෙන්න පුලුවන් එහෙම දෙයක් උනොත් දීලා අදින එකයි ඇත්තේ.. *මං කිව්වා කියලා කාටවත් කියනවා එහෙම නෙවෙයි ඕවා..

    ‍ටිලා - මගේ වෙලාවට කිට්ටු නෑදෑයෝ අහල පහළ නෑ.. ලොකු දෙයක්!

    පිස්සා - හික් හික් උගුර පාදලා නම් මාව බය කරන්න ටිකක් අමාරුයි ‍සහෝ.
    අනිවා තනියෙන් ඉන්න බව රටට අණබෙර ගහන එක හොද දෙයක් නෙවෙයි. ඔය මං කිව්ව ටික හැර තව අනුගමනය කරන්න ඕන දේවල් තියනවා..ඒවා ලියන්න ඇත්තටම මට අමතක උනා.. රෑට එළියෙන් ඇහෙන සද්ද බද්ද මොනද කියලා බලන්න දොර අරින්නේ නැති එක ප්‍රධානයි. මොකද ඒකෙන් හොර හතුරන්ට අපිට අන්තරාවක් කරන්න තියන ඉඩ වැඩි කරනවා. මතක තියා ගන්න ඕන මුල්ම දේ තමයි අපි පරිසම් අපේ ගෙයි වහල යට දොරවල් වැහලා තියනකම් විතරයි.

    චැප්ඔයා කිව්වේ පිස්සා කිව්ව දේ නේද? ඔව් එක මමත් පිළිගන්නවා.

    ReplyDelete
  21. මමත් මේ තනියම ඉන්න ගමන් :D . උයා ගන්න එක තමා තියන ලොකුම ප්‍රශ්නෙ, ජීවිතේට කරපු වැඩක් නෙමෙයි නෙ. ඒත් ඉතින් දවස ශේප් කර ගන්නවා. අල්ලපු ගෙදර aunty කෑම ප්‍රශ්නෙ ගොඩක් වෙලාවට විසඳුවා. ඒ නිසා ගිය සැරේ වගේ pizza hut අයට කරදර කරන්න උනෙත් නෑ.

    බොන්න පුළුවන් තේ එකක් හදා ගන්න එක දැන් ප්‍රශ්නයක් නෙමෙයි.

    මගේ ජීවිතේ කොහොමත් Internet එකේ නිසා වැඩි වෙනසක් නෑ. බලු පැටියත් කෑ ගගහ ඉන්න නිසා කොහොමටත් අවුලක් නෑ.

    මම මග බලන් ඉන්නෙ ඩ්‍රැකියුලියෙක් එන කල් ;).

    ReplyDelete
  22. නිලන්ත - ආව් අප්පා මෙයාට තියන සතුට.. එන්ජෝයි යුවර් ෆ්‍රීඩම්..!!!

    දුකා - හික් ටිකාක් විතර චණ්ඩි තමා.
    බලු ගතිය යවන්න බෑ අයියේ.. ඌ ඉතිං මාත් එක්ක හැදුනු සතානේ.. කොයි වෙලෙත් කව් තමා. ;)

    සරණ - යාළුවා. කොලේ වහලා කථා නොකර කෙලින් කථා කරමු නේද? ඇයි ඔයා මේ එක බ්ලොග් පොස්ට් එකක බාගයක් අල්ලන් ඔච්චර නටන්නේ? ඒ ළමයා ඉතුරු ටිකත් ලියනකම් ඉවසලා ඉමු නේද? මම කැමති නැහැ මගේ බ්ලොග් එක ඇතුලේ වෙන අයට ඇගිල්ලෙන් අනිනවට.

    වත් - අපෝ මොබයිල් නම් එහෙම තමා..අඩුම ගානේ ෆොටෝ එකක් ගහලාවත් තියන්න පුළුවන්නේ.. බැරිම උනොත් එකෙන් දමා ගහන්නවත් පුළුවන්.. ඒහෙමවත් හිතාගමු. අනික හැමවෙලේම වැඩ නොකරයි කියන්න බැහැනේ.. කොකටත් ළග තියන එක හොදයිනේ.

    කාංච් - අපෝ මං දන්නවා ඔයා මගේ අනිත් පැත්ත කියලා.. සෝබන ඕනි නැහැනේ. ගෙදර ඉන්න නම් පොඩ්ඩක්වත් බය නෑ මං කිව්වේ මම බයයි ගොඩක් රෑවෙලා තනියම බස් වල යන්න ටවුන් වල ඉන්න.. තනියම පාරවල් වල යන්න ‍ඒ හොල්මන් වලට බයේ නෙවෙයි පණ තියන මිනිස්සුන්ට බයේ.

    බ්ලැකී - ඌඹට කැමති දෙයක් හිතා ගනින් කොල්ලෝ. මට අවුලක් නෑ.. පොඩි එකාගේ ආසවනේ කියලා හිත හදාගන්නවා.

    ReplyDelete
  23. Chanux - ඇයි ඔයා මැගී ආන්ටි ගේ නුඩ්ල්ස් ක‍ඩේ කෑම වලට කැමති නැද්ද? එහෙම නැත්තං බිස්කට් වේලකට? ජෙලි පැකට් එකක් උනත් හදලා තියාගත්තොත් වේලක් දෙකක් ශේප්..
    අපිව බලන්න ඩ්‍රැකියුලා කියලා එන්නේ ඉතිං මදුරුවෝ තමා අප්පා.. :(

    ReplyDelete
  24. කිව්වා වගේම මේ පොස්ට් එක ලියල තියෙන්නෙ.
    එළ එළ

    ඉස්සර නම් මමත් බයයි තනියම රෑට ගෙදර ඉන්න. දැන් නම් අවුලක් නෑ. රෑ 12, 1, 2, 3ටත් තනියම පාරෙ යන වෙලාවල් තියෙනව.

    මං බය නෑ මං බය නෑ ;-)

    ReplyDelete
  25. අනේ මන්දා අපේ රටේ girlsලා independent ගතිය අඩුයි  

    ReplyDelete
  26. පුළුවන් නම් ගෙදර ලෑන්ඩ් ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා හරි එන්ගේජ් කරලා හරි තියන්න.. මොකද සද්ද නැති ගෙදරක ඒක මහ හයියෙන් වැදෙන කොට යකා තද වෙනවා..!


    he he he :P

    ReplyDelete
  27. ශා... මලී අක්කව අදහන්න වටිනවනෙ... බොරු කියන්න ඕනෙ නැහැනෙ... මම නම් රෑට හැමෝම නිදාගත්තම සාලෙට යන්නත් බයයි... හිනා වෙන්න එපා ඕං.. ඒ මගේ හැටි... :කැපිටල් ඩී

    ReplyDelete
  28. මට ඇත්තටම සතුටුයි මම වගේ තවත් අය මේ ලෝකේ ඉන්නව කියල දැනගන්න ලබුන එකට. මමත් ඔයාවගේම තනියම ඉන්න ඇබ්බැහිවුන කෙනෙක්. සතුටුයි ඔබව හදුනාගන්න ලබුනට.

    http://adarakatawa.blogspot.com/

    ReplyDelete
  29. අක්කවනම් අදහන්න වටිනවා. හැබැයි ඔයා තනියම ගෙදර ඉන්නකොට කාටවත් කියන්න එපා තනියම ඉන්නෙ කියලා. මොකෝ අපේ රටේ මිනිස්සුන්ගේ හැටි ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහනේ :)

    ReplyDelete
  30. අප්පේ ගෙදර තනියම ඉන්න තියෙනවනම් මටනම් ඊට වඩා දෙයක් නැහැ. ඉඳලා හිටලා එහෙම චාන්ස් එකක් ලැබුනා කියන්නේ මටනම් ඉතින් ෆුල් ජොලි කඩෙන් කෑම ගෙනත් බියර් එකක්කුත් ලන් කරගෙන නිදහසේ එකත් රස විඳලා සැපට නිදා ගන්නවා

    ReplyDelete
  31. @malee,

    don't mean to scare you or anything mate. But if you are alone.. never tell :)

    We got a case some 4 years back of a underage girl getting raped / robbed in her own home when she was alone.

    Apparently she had told her new found friend that she was alone !

    So... tell people that you "BEEN" alone when you are with people... not when you are actually "ALONE"

    ReplyDelete
  32. @ N - She never listens man. In fact, she believes that there is no one who can mess with her. ;)

    ReplyDelete
  33. තනියම ඉන්න එකනම් මරු, මටත් තනිකම හොදට හුරුයි.

    ReplyDelete
  34. මලී ඔය පොඩි වයසට ඔයාගෙ ජීවිත පරිඥානය ඉහළයි. මං සමහර වෙලාවට මාව ඔයාගෙ ලිපි තුළින් දකිනවනෙ. හරියට මට කියාගන්න බැරි දේවල් ඔයා කියනව වගේ. ගෑණු ළමෙක් හැටියට ඔයාගෙ නිර්භීතව ප්‍රකාශ කිරීමේ හැකියාව විශිෂ්ටයි. මේ ලිපියත් නියමයි.

    ReplyDelete
  35. Thiraya - අපි ඉතිං කිව්වොත් කරා(හැමවෙලේම නෙවෙයි ඉතිං..)
    අන්න හොදයි මං බය නෑ හොද මන්තරයක් තමා.
    Dee - එහෙමද?
    Chathuranga - ඇයි බොරුද හා???

    Angel - අනේ නෑ හිනා වෙන්නේ නැහැ..මං හිතන්නේ පුංචි කාලේ ඔයාව කළුවරේ හොල්මන් ඉන්නවා කියලා බය කරලා ඇති. ඒකයි ඒ..

    ආදර කතාව - චියර්ස්ස්

    Sajith - හික් හික්.. ගෙදරටම එන අයට ඉතිං අම්මලා නෑ අද රෑට එනවා කියලා තමා කියන්නේ. මේ ලිපිය ලිව්වේ අම්මලා එන දවසේ.. තනියම ඉන්නේ කියලා අඩබෙර ගහන්න තරම් මං මෝඩ නෑ ඉතිං

    - ආව් අප්පා නිකං නිවාඩුවකට හෝටලේකට ගියා ව‍ගේ ඇති එහෙනම්.

    Nash - Who do u think I am? Grade 5 school girl?
    Not really.. I wrote this post on amma's returning day.. mean after that I am not alone anymore.. + only 5 ppl in Net knows where I really live and I am pretty much sure about them. So no worries.. anyway thanx for the advice mate. :D

    - Ane fala.. :p
    for ur information Nash_Node can do.. Coz his voice is the most scariest voice in this world.. lolzzz

    Beautiful SL - හොදා හොදා...

    ReplyDelete
  36. මගේ - ඔයා කවුද කියන්න නම් මං දන්නේ නෑ.. දැනගන්න ප්‍රොඨයිල් එකවත් පේන්න නැහැ නේ.. කොහොම උනත් බටර් පාරට නම් ස්තූතියි.. තනියම හැදෙන ළමයි කොහොමත් එහෙමයි. එහෙම නොවුනොත් පැවතෙන්න අමාරුයි.

    ReplyDelete
  37. නිවාඩුවකට හෝටලේකට ගියා වගේ නෙමෙයි අනේ. හෝටලයක් ගෙදරට ගෙනාවා වගේ හරියට.

    තනියම ඉන්න දවස් ගාන වැඩි නම් අහල පහල ඉන්න වෙනදට පලාතේ ගෙන්න ගන්නේ නැති කන බොන කට්ටියත් සෙට් කර ගන්නවා.

    හැබැයි සති ගානක් හිටියොත් නම් මාව හන්ටර් වෙලා තමා නවතින්නේ.

    ReplyDelete
  38. ම - ‍හපොයි!!!!!!!!!!

    ReplyDelete
  39. Oyala Idala hitala mama nam ithin dan kaleka idala gedara thaniyama thamai inne.narakama naha. eth epa wena welavaluth thiyenava.

    ReplyDelete
  40. අනේ ඔයා කොච්චර වාසනාවන්තද අනේ...
    අපේ අම්මටයි තාත්තටයි සල්ලිත් දුන්න මම වන්දනාවේ යන්න කියල ඒත් යන්නෙ නෑ. හැබැයි ඉතින් බැරිවෙලාවත් ගියොත්.....
    පාර්ටි පිට පාර්ටි තමා. මමත් චුට්ටක් විතර බයයි තනියෙන් ඉන්න. ඒ නිසා කව්රු හරි යාලුවෙක් නවත්ත ගන්නවා. ඔයා හරි චණ්ඩි කෙල්ලෙක්නෙ අනේ. හරියට නිකන් චණ්ඩි ශ්‍යාමා වගේ.

    ReplyDelete
  41. අනේ ඔව් මාරයෝ තනියෙන් ඉන්නකොට එහෙම ඉන්න එකත් එපා වෙන වෙලාවල් එනවා කියලා මං දන්නවා.

    තරිඳු - පුතාගේ තරම දන්න හින්දා අම්මයි තාත්තයි යන්නේ නැතුව ඇති. :පී.. ඊයාහු..කො... නෑ අප්පා මං චණ්ඩි නැහැ නේ..

    ReplyDelete
  42. අපූරු උපදෙස් ටික. උදේ හවහ පාඩම් කරල මතක තියාගන්න ඕනා.

    අර අතේ පයේ හයිය කිව්වෙ වැදගෙන දෙයියො මතක් කර කර හයියෙන් දුවන්න පුලුවන් කමට ද?

    ReplyDelete
  43. කලින් කියන්න එපය් බන්... මන් මාසයක් තනියම... අන්තිම සතිය යන්නෙ... කවදාවති නෙති එකේ ඉව්වා... බ්ලොග් එකේ දක්කනෙ කොල්ලගෙ කැම..

    කඩෙන් කැවොත් මන් ඉවරය් මෙහේ... දුප්පත් මමනෙ...

    මොනව උනත් බය නම් නේ... බීර් එකක් බීලා ෆිල්ම් එකක් බලල නිදා ගන්නව...

    උබ මොනව උනත් වීරොදාර කෙල්ල..

    ReplyDelete