Tuesday, December 29, 2009

අපේ මලයා ඇවිත්


පහුගිය ටිකේම මම ගිරවා වගේ දෙඩෙව්ව හින්දා හැමෝම දන්නවා ඇතිනේ මට මං අරුනම මොකෙක්වත් නෑ කියලා.. ඒ වුනාට ඉතිං මට නෑදෑ වෙන මල්ලිලා දෙන්නෙක් ඉන්නවා.. සේරම ඉන්නේ දෙක දෙක තමා කොහොමත් ඒ කිව්වේ අයියලා 2යි අක්කලා 2යි මල්ලිලා 2යි නංගිලා නම් යාන්තං 3ක් ඉන්නවා..
ඉතිං දැන් පෙරේදා අපේ බාප්පගේ පුතණ්ඩියා මහ රෑ 8 ට විතර කෝල් එකක් දීලා කියපි "අක්කා මට දවස්5 ක් නිවාඩු සෙට් උනා හෙට උදේ මං ඔහේ එනවා කියලා. කොල්ලා 2010 නෙවෙයි 2011 හේ ‍ඒලෙවල් කරන පොරක්. ඉතිං 0/L ඉවර උනු දා ඉදන් ඌ A/L වලට පන්ති යනවා.. ඒවා ඉතිං සූකර උණටවත් නිවාඩු දෙන පංති නෙවෙයිලු.. දැන් අවුරුද්දක් තිස්සේ මට එහේ එන්න එන්න කියලා බැරම තැන වරෙන් කියලා ඒත් හරිගියේ නැති හින්දා මමම වාරේන් කියලා කොල්ලා මෙහේ එන්නයි ප්ලෑන් එක..
ආවට ඉතිං ඊයේ උදේ ඌව ගන්න කොළඹ යන්න විදියක් මට තිබ්බේ නෑ.. මට පන්ති.. දැන් ඉතිං අලි ඉලංදාරි නේ තනියම එන්නං මට පන්ති පලයාන් කියලා මලයා කිව්වා.. මාත් ඉතිං ගියා.. කොළඹට ඇවිත් කොල්ලා මට කෝල් කරා මං දැන් මෙහෙන් බස් එකේ නගිනවා කියලා.. නැගලා තියෙන්නේ හරි හයියෙන් කොළඹින් එන අති මන්දගාමී බස් රථයකට.. කියලා වැඩක්..පන්ති ඉවර වෙලා මං ගෙදරත් ගිහිං විනාඩි 15 කට විතර පස්සේ කොල්ලා ගෙදරට ගෑටූවා... හපොයි..!! වෙලා තියන දෙයක්..!! දෙයි හාමුදුරුවනේ..!! මං යාන්තං උගේ උරහිසට පෝඩ්ඩක් උසයි (ඒ කිව්වේ මගේ ඉස් මුදුන මට්ටම).. ආව වෙලාවේ ඉදන් දොඩවන්නේ මං මිටිගිහින් ලු.. උගේ හිතේ මගේ වයස වගේම උසත් අනිත් පැත්තට යන්නේ කියලා.. කාට කියන්න ද ඉතිං ඕවා...
අපරාදේ කියන්න බෑ මට පොත් 4ක් ම උස්සන් ඇවිත්.. හැබැයි ආයේ යනකොට ගෙනියනවලු :( ඒත් මොකෝ.. ඔය මලයා කොයි තරම් හොද උනත් මහ සතා.. මොකෝ මගේ හැමදේම ඌට පෙන්නේ පරහක් ඇතුව... ආව ගමන් ඇහුවේ අලුත් පොත් තියනවාද කියලා.. මාත් ඉතිං කිව්වා ඔව් අන්න තියනවා ගිහිං බලන්න කියලා.. පොත් ටික එහේ මෙහේ කරලා ඌ කියනවා "අපෝ ඔයාගේ පොත් හරි හරබර වැඩියි කියලා" (කෙහෙල්මල).. ඉතිං මං කිව්වා කොම් ද පීටර් ඇතුලේ ෆිල්ම් 30ක් විතර තියනවා එහෙනම් ඒවා බලපන් කියලා... ඒක ඔබලා බලලා කියනා "අපෝ.. මේවා මෙලෝ රහක් ඇති එවා‍යෑ" කියලා.. මට දවසට 2කිලෝමීටර් වත් දුවන්නලු.. තව සන් බ්ලොක් එකක් යූස් කරන්න ගන්නලු.. මෙහේ අව්ව වැඩිලු.. අනේ මන්දා දැන් හැදෙන එව්වන්ගේ මලසමයං :පී
අපේ පැත්තේ ජන සංයුතිය කොහොමද කියලා අහනවා.. මේහේ වර්ෂාපතනය ගැන අහනවා.. අනේ මන්දා ‍ඉගනගෙන වැඩිවෙලාද කියලා.. මං ‍ඉතිං ඕවා ගැන දන්නවා‍යෑ.. මං ඉතිං දත් 32 කම පෙන්නගෙන ඉන්නවා.. වෙන මොනා කරන්නද?
ඔය සේරමත් හරි.. මූ මාර ලොකු චෝදනාවක් කරනවානේ.. කොළඹ සුදු කෙල්ලෝ නැහැලු (‍ඌ කොළඹ කියන්නේ මුළු බස්නාහිර පළාතටම හොදේ) මං ඇහුවා ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා.. දවසක් යාළුවෙක් කිව්වලු.. ඉතිං එන ගමන් බලාගෙන ආවලු.. ගන්න පුළුවන් තරමේ සුදු කෙල්ලෝ නැති තරම් වගේලු (අනේ මන්දා ඌ අයිස්ලන්තේද ඉන්නේ කියලා) මං ඉතිං හිතේ දුකටත් එක්ක ඇහුවා ඇයි මල්ලි අපි කළුද කියලා... අනේ මූ නක්කලේට කට පැත්තකින් හිනාවක් දැම්මනේ.. මට ඉතිං අපහු මෝඩ කම කියලා හිතුනා..
මේ මං යනවා..මේක ලිව්වෙත් අනිත් කාමරේට පොතක් ගන්න ගිය වෙලාවේ.. මේක කොටනවා දැක්කොත් බ්ලොග් එක පෙන්නන්නත් වෙනවා.. ‍ඒක හරියන්නේ නැහැ.. එහෙනම් මං ගියා බායි..

23 comments:

  1. අනේ මටත් ඔය මල්ලිව බලන්න ආසයි අප්පා හි හී හී....... මටත් ඉන්නවා ඔය වගේම මල්ලිලා 3 දෙනෙක්. කට ඇරියොත් කියන්නෙම මහ කට කැඩිච්ච කථාවක්ම තමයි හිහී හී.. මොනා උනත් ඔයාට දැන්නමි පාලු නෑ නේද....:P

    ReplyDelete
  2. ආහ්... 2011 උ/පෙ
    අපේ වයසෙම මල්ලි කෙනෙක් නොවැ! :D

    ReplyDelete
  3. පාංපිටි ලාබ කර එකේ පාංපිටි වලින් නාවපු කෙල්ලෙක්වත් පෙන්නල ශේප් උනොත් නරකද

    ReplyDelete
  4. එයාට අර 'පොඩ්ඩොන්ට බූන්දි' සයිට් එකේ කතා පෙන්වන්න...
    සමහර විට ඌත් මම වගේ ඒ කතා වලට කැමතිද දන්නේ නෑනේ...

    ReplyDelete
  5. හනේ බං . . . උඹටත් ඉන්න මලයලා . . . .

    මේ මලී නගා . . .. තරහා වෙන්නේ නැත්නම් බඩුවක් කියනන්ද . . . ???

    මම හිතුවේ උඹලගේ පවුලෙන් උඹට විතරයි පිස්සු කියලා . . . !

    බලාගෙන ගියාම උඹට තියෙන්නේ පාරම්පරික රෝගයක්ද කොහෙද . . හික් හික් . . . .

    ReplyDelete
  6. පුහ් ! , එහෙනම් ඔය කොහොඹ ගහට කරවිල වෑල සෙට් වෙලා තියෙන්නේ !

    හෑබෑට මොකක් ද අර කී.මී. 2 ක් දුවන සීන් එක ?

    ReplyDelete
  7. දුකාට තවත් ඡන්දයක් සෙට් වෙන‍වා.. ඕව නම් පාසල්වල වරද...

    ReplyDelete
  8. අක්කව දැක්කම බස්නාහිර කෙල්ලො එපා වුනාද දන්නෙත් නෑ නෙ :p

    ReplyDelete
  9. @ ආගන්තුකයා !
    ඒ කිව්වේ මචං උඹට හිතුනෙත් මට හිතුනු දේමද . . ?? හෙ හෙ හේ

    ReplyDelete
  10. ආ..නියම මලයෙක් නෙ සෙට් වෙලා තියෙනනේ ;-)

    ReplyDelete
  11. බේතකට හරි මල්ලි කෙනෙක් ඉන්න එක වටිනව. මල්ලිලා කොහොමත් අක්කලාව අගේ කරන්නේ නැහැ. ඒ වුන්ගෙ හැටි. ඔය වයසට වර්ණාන්ධතාවය තාවකාලිකව ඇතිවෙනව . ඒකයි කළු සුදු වෙන් කරල අදුරගන්න බැරි. හොද සැරට කට්ට සම්බෝලයක් එක්ක බත් හදල බඩ පිරෙන්න කන්න දෙන්න. මේ ...... මොකක්ද අර 2කිලෝමීටර් දුවන කතාව....

    ReplyDelete
  12. මලියො ඇයි බං කිලෝමීටර් 2 ක් දුවන්න කිව්වෙ?

    ReplyDelete
  13. හානේ තූති මල්ලි පැත්තෙක්! :D
    ඕකා මොනාද කරන්නේ? මැතද?

    මලයගෙ ඔළුව බෙන්තර ගඟින් පෝඩ්ඩක් මෙහාට දාල පෙන්නන්න, හොඳට කළු සුදු වෙනස තේරෙයි! ;)

    ReplyDelete
  14. මලීත් ගානෙන් ගානෙන් සුදුයි කියාගෙන.
    මොකක්ද ගාන සබන් ජාතිය ඈ

    ReplyDelete
  15. හැබෑට ඔය මල්ලි ආවේ මොන රටේ ඉඳලද?

    ReplyDelete
  16. උගේ හිතේ මගේ වයස වගේම උසත් අනිත් පැත්තට යන්නේ කියලා..
    lolzzz

    මලයා සන්ග්ලාස් දාගෙන වෙන්න ඇති නේද එන්න ඇත්තේ...

    හැබැයි ඉතිං කොල්ල කියල තියෙන දේවල් වැරදිමත් නැතිව ඇති. :පී

    ReplyDelete
  17. මම අහල තියෙන විදියට මලිය ගොඩක් කෙට්ටුයිලු. ඒක දැකල දුක හිතිල වෙන්නැති මලය උදෙට උදේට දුවන්න කිව්වෙ. හික් හික්........
    මේ මොනා උනත් දුකාගෙ කතාව ඇත්ත වගේ.

    ReplyDelete
  18. කාංච් - අපෝ.. එයාව එහෙම හැමෝටම පෙන්නන්න බෑ..:පී ඔව් ඔව් දැන් නම් පාළු නෑ.. :ඩී
    සුපුන් - ඔව් ඔව්. ඔයාලගේ වයසම තමා.. :ඩී
    ලස්සන ලංකා - අපෝ.. ඒත් හරියන එකක් නෑ අප්පා .. :(
    පිස්සා - විකාර...පොඩි බූන්දියේ හොල්මන් කථා ගහ මරාගන්න කථා යන්නේ නැහැ නේ?
    දුකා - :( පිස්සුව අනේ මන්දා බං අයියේ.. මට හිතෙන්නෙ ඒක පවුලේ ලෙඩක් තමා.. ස්පෙශලි තුන්වෙනි පරම්පරාවට හැදුන ලෙඩක්.. ඒක පිළිගන්න සාධාරණ හේතුත් තියනවා.
    ප්‍රියංකර - එතකොට මම ද කොහොඹ ගහ? හරිශෝක් මං හරි ආසයි.‍මොකද කොහොඹ කොළ අඹරලා ගෑවම පිම්පල්ස් අඩු වෙනවා..
    මේකයි මාත් ඔයා වගේ හින්දා එක තැන ඉන්න එක එච්චර ගුණ නැහැ ලු.

    ආගන්තුකයා -අචෝ...!! අපේ ස්කෝලෙට මොකුත් කියන්න එන්න එපා අරිද??

    චමිල - මං කියන්නෑ ඉතිං..!!!
    දුකා- ගර්රර්ර්ර්ර්ර්

    ReplyDelete
  19. LG- නියම කියලද කිව්වේ???

    වත් - ඔය වගේ මල්ලිලා බේත් වලට ‍හෆෝ..!! හික් හික් මොනා උනත් කොල්ලා හොද කොල්ලා.. හික් හික්.. අනේ එයාට බඩ පිරෙන්න කන්න දෙන්න හරි අමාරුයි.. මොකද කෑම කන්නේ ටයිම් ටේබල් එකට.. කිලෝමීටර් දෙකේ කථාවද?? හ්ම්ම්.. හික් හික්

    උදිත් - ‍නිකං ඉන්න හින්දා.. :පී

    සුපින් බුධා - අනේ උගේ සුට්ටි..!! මං කියන්නෑ ඉතිං.. අපොයි ඔව් මැත් පොරක් තමා.. හික් හික්..

    චා - නෑ මකෝ.. ඌ කියන්නේ මං කළුයි කියලනේ.. ඉතිං හරි මං කොහොමත් කළුයි තමා.. ආ.. ගාන්නේ නම් ජෙන්සන්ස් බේබී මිල්ක් සෝප්..! :ඩී

    ම - පිටරටක නෙවෙයි මරේ ඌ අවේ කේතලෙන් මල්ලක් ‍ගේන පැත්තේ ඉදලා...

    හ - මෙයාට හරි හිනා නේද? අනේ ෆල..! නෑ නෑ මාත් බැලූවා වැරදිලාවත් සන්ග්ලාස් දාගෙන ඇවිත් ද කියලා ඔහේ නෑ..
    වැරදි මත් නෑ වගේ තමා අනේ..

    තාරක - ආන්න බලන්න.. අයියට විතරයි ඇත්ත කථාව තේරුනේ.. අනිත් උන් සේරම බබ්බු..!!

    ReplyDelete
  20. Hikx මරු පුතයා... අර චාලියාව කොහෙන්ද හොයා ගත්තේ...

    ReplyDelete
  21. කුෂාන් - අනේ කොහේද මන්දා ගූගල් දෙයියන්ගෙන් අක්කලා මල්ලිලාගේ පිංතූරයක් ඉල්ලුවම දුන්න එවායින් එකක් තමා මේ චාලියා ඉන්න එක

    ReplyDelete
  22. සිරාවට කියන්නේ මල්ලි නිකන් රට ඉඳන් ගොඩබැහැල වගේ නේ

    ReplyDelete
  23. මල්ලිකෙනෙක් ඉන්න අක්කා කෙනෙක් වුනාම හරි ප්‍රශ්න මුකුත් කරගන්න බැහැ හැම එකටම හැක හැක ගාලා මල්ලි පනිනවා. අම්මට කෙලම් කියනවා. මටත් නංගි කෙනෙක් ඉන්නවා. නැට්ටෙ එල්ලිලා මයි ඉන්නෙ. එකිත් එක්ක ගමනක් යන්න,ගෙදර ඉන්නත් බැහැ මුකුත් නැහැ ඔක්කොම අම්මත් එක්ක කියනවා. මොකක් හරි ගෙමක් ,අංචියක් අදින්න ඔනා නම් නංගිව තමයි සෙට් කරගන්න ඔනා. මල්ලිලා හරියන්නෙ නැහැ උන් පාවා දෙනවා..

    ReplyDelete