Monday, December 21, 2009

18,19,20,21



19 -සෙනසුරාදා
මීට අවුරුද්දකට එකහමාරකට කලින් විතර ඉදලා නුවර යන්න ප්ලෑන් කරා කරා.. හැම මාසෙම කථා කලා.. හැබැයි කවදාවත් යැවුනේ නැති නුවර ට්‍රිප් එක අන්තිම මොහොතෙත් ටිකට් ප්‍රශ්ණයක් නිසා කැන්සල් කරන්න උනා. මොනා කරන්නද?
ඉතිං යන්න හිටි එක සමාජිකයෙක් අනිත් සාමාජිකාවකගේ ගෙදර ආවම ඔන්න හවස දෙකට විතර මතක් වුනා සිංහල බ්ලොගර්ස් ගෙට් ටු ගෙදර් එක ගැන..ඕකට යන්න තුන් හිතකවත් නැති සමාජිකයා අර සමාජිකාවට කියනවා.."අපරාදේ කලින් මතක් උනා නම් ඔයාව එකට දාලා මට රවුමක් ගිහිං හවසට එක්කන් එන්න තිබ්බා.." ඕක කලින් කිව්වා නම් ගෙදරට වෙලා බකන් නිලං ඉන්නේ නැතුව ගෙට් එකටවත් යන්න තිබ්බානේ.. මොනා කරන්නද දුක තමා.. බෙටර් ලක් නෙක්ස්ට් ටයිම් කිව්වලු.

20 - ඉරිදා
මාස ගාණක් පෙරුම් පිරුව දවස ආවා.. 4 ට එලාම් එක තිබ්බට මොකෝ එලාම් එකටත් කලින් ළමයා ඇහැරලා.. 3.30 ඉදන් යන්න ලෑස්ති වෙලා 5.20ට ගෙදරින් ඇවිත් 6.15 ට කොටුවේ ස්ටේෂමේ ටුයන්න යටට සෙට් වුනාම 6 ට එතනට එනවා කිව්ව එකා තාම බස් එකේලු.. ඉතිං ඔන්න එයත් ආවම ‍අයියලා දෙන්නයි මල්ලිලා දෙන්නයි නංගි බබයි නුවර යන්න කෝච්චි‍යට නැග්ගා.. ඉන්ටාර් සුටියනේ පටාර් ගාලා යනවා.. අර කූඩැල්ලා කොට්ටේ තියන්න බෑ වගේ කොල්ලන්ව සීට් වල තියතැහැකියෑ.. ඉතිං අපරාදේ සීට් බුක් කලේ.. තර්ට් ක්ලාස් ටිකට් 3ක් අරන් දීලා හිටගෙන පලයල්ලා කිව්වා නම් ඉවරයි.. කොහොම හරි හැරී පෝටර් ගේ මල්ලි ලා තුන් දෙනාවත් ‍හම්බ වෙලා සුද්දන්ට සිංහල කියා දීලා.. බිංගෙවල් ඇතු‍ලේ හූ නොකියා ඉන්න කියලා.. කොහොම කොහොම හරි නුවරට ගියා.. අනේ හවස 3.00 කෝච්චියේ 2න්ඩ් ක්ලාස් ටිකට් ඉවර වෙලා එතකොටත්.. 3ර්ඩ් ක්ලාස් 1න් පස්සේ දෙනවා කිව්වේ. ඉතිං ළමයි 5 දෙනා පේළියට දළදා මාළිගාවට ගිහිං මල් පූජ කරලා රවුම් ගහලා ෆොටෝ ගහලා බලද්දි පේරාදෙණියට යන්න වෙලා නෑ.. එක්කෝ කෝච්චියේ ටිකට්.. නැත්තං මල් වත්තේ මල්.. මල් වගේද කෝච්චිය කියලා ඩෙවෝන් එකෙන් දවල් සප්පායම් වෙලා1.30 ට ස්ටේසොමට ගියාම කියපි ටිකට් ඉවරයි.3.30 තමා කියලා.. ඒකේ ටිකට් අරන් කොහෙද යන්නේ කියලා සාකච්ජා කරන්නම වෙලාව ඉවරයි.. අනිත් පැත්තට හැරිලා කෝච්චියට ගිහිං වාඩි වෙන්න තිරණය උනා.. දෙන්නෙක් නම් අපි එන්නම් කියලා ගියා ගියා මයි කොයි ලොකේ ගියාද මන්දා.. නුවර මිනිස්සුන්ගෙන් ගුටි කාලා ආවද මන්දා.. කොහොම හරි කෝච්චියටයි.. ටවුන් එකේ ඇවිදින්නයි හිනා වෙන්නයි තමා අපි නුවර ගිහිං තිබුනේ.. රෑ 9.30 ට විතර ඉතිං ගෙදරට සුරකෂිතව සැපත් උනා.. 20ත් ඉවරයි

21 - සදුදා
පංති ගිහිං දවල්ට ලන්ච් පිටින් ගන්නයි හිතුවේ.. ශික් මෝඩ මැටි පානදුර.. කන්න සෙට් වෙන්න හොද තැනක් ඇත්තෙම නැහැනේ.. ඉස්සර මාර ආසාවෙන් හිටියා ලා පැරිස් කියලා තිබ්බ ෆ්‍රෙන්ච් රෙස්ටුරන්ට් එකෙන් කන්න... අනේ දැන් තිබ්බ තැනක් වත් හොයා ගන්න නෑ.. :(( අන්තිමේ ඉතිං ගෙදර තරම් හිතට අල්ලන වෙන කොහෙවත් නෑ කියන දේ ස්ථිර ‍කරමින් පිං පොන් කොල්ලගේ කඩෙන් බත් දෙකක් අරන් ඇවිත් දෙන්නත් ‍එක්ක ගෙදර මේස උඩ තියාගෙන කාලා දැම්මා... අනේ මන්දා ඊට පස්සේ එහේ බලලා මෙහේ බලද්දි දවස ගෙවිලා.. දුකේ බෑ :-(
රෑ නෙට් එකට පොඩ්ඩක් බෙල්ල දැම්මා..



කථා ඇති..
මෙන්න ඊයේ කැන්ඩි ගමනේ එහෙන් මෙහෙන් ටිකක්.. පිංතූර නම් මගේ නෙවෙයි.. ප්‍රධාන ඡායාරූප ශිල්පීන් 2ක් ගේ.. අවසරයකින් තොරවයි මම ගත්තේ.. අවුලක් නෑ.. වැඩක් නම් නෑ.. ඒත් ඉතිං වෙන වැඩක් නැත්තං බලන්න ආ...

ලිපිය වෙනස් කරන ලදි..!


17 comments:

  1. බොල නංගී.. ඊලඟ පාර උඹට යාළුවෝ බනී, නිකං කොල්ලෝ නම් බැරියැ' පිස්සොත්' ඉන්නවනේ කියලා.. හෙ හේ..
    ගනං ගන්න එපා බං ඕවා.. උඹ කරන දේ උඹට හරියි කියලා තේරෙනවා නම් එච්චරයි.

    ReplyDelete
  2. hell seems u are wild... be cool dont be angry with them.
    me me math oya moda gembo kathava nam kiyanavaa... eath ithin umba nam tikak vithara gembek thamai....

    ReplyDelete
  3. by the way this time i'm missing goats on ur pics....

    ReplyDelete
  4. පානදුරේ තාම හරි හමන් තැනක් නැද්ද අප්පා කෑම ටිකක් කන්න??

    අර පාලම ලග චයිනීස් එක විතරයි ඉස්සර නම් පානදුරේ කන්න පුළුවන් තැනකට තිබ්බේ..

    ReplyDelete
  5. 19 -සෙනසුරාදා...
    අපිනම් ඈවිත් කස්ටියව දෑන හෑදින ගත්තා. ඔයා ඉතින් කොටු ගගහා හිටියනේ !

    ReplyDelete
  6. පිස්සා - ආ.. නෑ.. කොහොමත් මට උපන්ගෙයි පිස්සුවක් තියනවා කියලා උන් දන්නවා. ඒ නිසා පිස්සෝ ගැන මොකුත් කියන එකක් නෑ..

    බුරු - මං කිව්වේ.. අද හවස ඌ මට ආයේ කොල් කලා සූ එකට ට්‍රිප් එකක් යන්න.. දැන් හරි.. කෙස් ඔක්කොම ඉවරයි.. උදේ නැගිටිද්දි ඒවා අමතකයි.. ආයේ වචනයක් දැම්මොත් බලමුකෝ.. හරි හරි මම මෝඩ ගෙම්බෙකුත් තමා.. ඒ සේරම එකට තියන මික්ස් එකක්.. හරි වචනයක් දන්නේ නැහැ.. හික් හික්

    LG - ඔයා කියන්නේ 789 ගැන ද? ඒක දැන් නැද්ද මන්දා.. ඒක නම් මට අමතකම උනා මොකද ඇවිදලා කකුල් අමාරුව හැදිලා හිටියේ.. ‍දැන් ජනප්‍රිය මාවතේ රවිර කැෆේ කියලා තෝසේ කඩයක් තියනවා.. ඒත් මාත් එක්ක හිටිය කෙනාට ඒකට යන්න බෑ කිව්වනේ. නැත්තං ඉතිං ඒක අවුලක් නෑ.. ස්නැක්ස් වලට නම් කඩ තියනවා ගොඩක්.. බත් කන්නයි නැත්තේ.

    ප්‍රියා - ඔයාලා දැන ගත්තා කියන්නේ ඉතිං මං දැනගත්තා වගේ තමා අනේ.. ඒ ගැන හිතන්න එපා.

    ReplyDelete
  7. ලා පැරිස් කියල දැන් පානදුරේ තියෙන්නෙ කොන්ඩෙ කපන තැනක් නේද?

    පිං පොන් කොල්ලගෙ කඩේ බත් හොදද?මම නම් කඩේ දැක්ක.ඒත් දුර වැඩි නිසා එතෙන්ට යැවෙන්නෙ නැහැ.

    වාඩි වෙලා කන්න පුලුවන් තැනකට පානදුරේ තියෙන්නෙ Casserole එකයි, Family Choice එකයි විතරයි.හැබයි කෑම වල ගණන් නම් Casserole එකේ වැඩියි.දවසක ගිහින් Casserole එකෙනුයි, Family Choice එකෙනුයි කාල බලන්න.

    රවිර කැෆේ එක ජනප්‍රිය මාවතේ කොයි හරියෙද තියෙන්නෙ?

    ReplyDelete
  8. චරිත් - හප්පා එ‍හෙමද? හොද වෙලාවට එතනට නොගියේ.. ම‍ගේ තට්ටේ පලන් තමා එන්න වෙන්නේ..ලා පැරිස් සැලෝන් එක කොතනද තියෙන්නේ?
    පිං පොං කොල්ලගේ කඩේ ටේක් අවේ එකක්.. කෑම වැඩි අවුලක් නම් නෑ.ගෙවන ගාණට වටිනවා.. අර හැම චයිනීස් එකකම තියන ඒවා ටික තමා තියෙන්නේ වම්බටු මෝජුත් එක්ක. අපිත් බස් එකේ එතනට ගියේ.
    family choice කොතනද තියෙන්නේ Casserole එකට ගොඩ වෙන්න බැරි උනා තාම.. අනික ඊයෙත් බස් එකෙන් ගියේ ඒ හරියේ.

    රවිර කැෆේ තියෙන්නේ ගෝල් රෝඩ් එකේ ඉදන් යනකොට අතේ දකුණු පැත්තේ.. ජනප්‍රිය මාවතේ මැද හරියට විතර වෙන්න.. ගයාන් එක කිට්ටුව..

    ReplyDelete
  9. ඉස්සර නම් ඩිලාජ් කියල චයිනීස් එකක් තිබුන. දැන් නැද්ද? අපි ඉස්සර තෝසෙ වඩේ කන්නෙ මා එකෙන්... ඒක නම් තාම තියෙනව මම හිතන්නෙ
    ලා පැරිස් කියල එකක් තිබුනද අනේ? මම අවුරුදු 15 කට වඩා ඉඳළත් මම දැන ගෙන හිටියෙ නෑනෙ. :( අපරාදෙ.

    ReplyDelete
  10. ලා පැරිස් සැලෝන් එකක් අලුතින් දාල තියෙනව බීච් එකට යන පාරෙ, රන්කොත් විහාරය ඉස්සරහම.ඉස්සර නම් තිබ්බෙ පානදුර නර්සිං හෝම් එක කිට්ටුව.දැනුත් එතන තියෙනවද දන්නෙ නම් නැහැ.

    family choice එක තියෙන්නෙ Pan-Asia බැංකුව ඉස්සරහ පාරෙ අනිත් පැත්තෙ.එකේ නම් කොත්තු, ආප්ප, පරාට, වඩේ වගේ ඒවත් තියෙනව හවසට.

    ReplyDelete
  11. @ niroshinie - ඩිලාජ් එක තාමත් තියෙනව.ඒත් ඉස්සර තරම් සෙනග එන්නෙ නැහැ.හැබැයි ඔරලෝසු කනුව ගාව තියෙන ෂැංහයි එකටයි, චොප්ස්ටික් එකටයි නම් සෙනග ගොඩක් එනව.

    "මා" එක නම් දැන් තියෙනවද නැද්ද දන්නෙ නැහැ.ඉස්සර මාත් ගිහින් ඔතනින් තෝසෙ, වඩේ එහෙම කාල එනව.

    ලා පැරිස් කියල පානදුරේ තියෙන්නෙ සැලෝන් එකක්.ඒකෙ මම දන්න තරමට නම් කෑම විකුනන්නෙ නම් නෑ.හැබැයි මලී අක්ක නම් ලා පැරිස් එකෙන් පරිප්පුවක් කාල තියෙනව වගෙයි පේන්නෙ...:D

    ReplyDelete
  12. අපිත් නුවර ට්‍රිප්1ක් යන්න ප්ලෑන් කලා සෑහෙන කාලෙක ඉඳන්. ඒත් තවමත් යැවුනෙ නෑ. ලඟදිම කොහොම හරි යන්න ඔනෙ.
    :)

    ReplyDelete
  13. @ මලී

    මම කිව්වේ ඩිලාජ් එක ගැන.. නිරොශිනි කිව්වමයි මට නම මීටර් වුණේ ;-)

    ඉස්සර ඒක මාර ජනප්‍රියයි නේ..කෑමත් එළට තිබ්බා..

    චරිත් කියන ගොඩක් කඩ වල නම් මම අහලත් නෑ..අළුතින් දාපු ඒවා වෙන්ඩ ඇති..

    ReplyDelete
  14. trip eka maxxa.apahu yanna oni

    ~radical~

    ReplyDelete
  15. නිරෝ - ඩිලාජ්... ඒක ගැන මම දන්නේ නැහැනේ...කොහොමද ඒක මට මිස් උනේ.. මට හිතෙන හැටියට මම ලා පැරිස් එක ගැන වැරදි වැටහීමකින් ඉදලද මන්දා අප්පා.. හොද වෙලාවට තිබ්බ තැන ඒක තිබ්බේ නැත්තේ.. ;)

    චරි - ආ.. අර ගෑරුප්පුවයි පිහියයි මාර්ක් එකට තියන තැන නේද? ව්‍යාංජන එක කිට්ටුව තියන.. ඒක වහලා තිබුනේ.ෂැංහයි එකේ නිදහසේ වාඩි වෙලා කන්න බැහැනේ..චොප්ස්ටික් තියන තැන මට අල්ලන්නේ නැහැ. මා එක තිබ්බේ සුමංගල ගර්ල්ස්කූල් එක ඉස්සරහා නේද? එක දැන් එතන නැහැ නේද? ලැ පැරිස් නම් පරිප්පුවක් වගේ තමයි මටත් හිතෙන්නේ දැන්..

    සිතූ - අපි ආයේ යන්න ඉන්නේ පේරාදෙණියට.. තව මාස 2 කින් විතර යනවා නම් යං.. :)

    LG - හනේ මම ඩිලාජ් එක ගැන දන්නේ නැතෝ... අළුතින්මත් නෙවෙයි.. ෂෙංහයි එකයි චොප්ස්ටික් එකයි දැන් අවුරුදු 5+ වයසයි

    රැඩි - අපි ඊළග පාර‍ පේරා යමු බං.. ඊට කලින් කුරුණෑගල යං අර බුදු පිළිමේ බලන්න..

    ReplyDelete
  16. meee akka magei shiwagenui awagara natuwa photos ganima sapura tahanam kiyala dannadda...ha ha, eekata kamak nee itin yaluwa nisa samawa denawa.hi..lassanaiii hodeee...
    mama samage adaraya saha aakarshanaya dinagath photo malli.......

    ReplyDelete
  17. අපිත් ඉන්නව මූනු පොතේ...

    ReplyDelete