Tuesday, December 31, 2013
2013 - (අග්ගිස්සේ ඉඳගෙන)
තව බොහොම ටික වෙලාවකින් 2013ත් ගෙවිලා යනවා.. සුපුරුදු විදියට කරන රාජකාරී හැම එකක්ම මේ අවුරුද්දට ඉවර කරලා දැන් තියෙන්නේ නාලා කරලා නිදාගන්න විතරයි. ඒත් පුරුද්දට වගේ 2013 ශෝට් නෝට් එකත් දාලාම අන්තර්ජාලයට සමුදුන්නා නම් හොඳයි කියලා හිතුනා.
අවුරුද්ද අන්තිම බ්‍රීෆ් කරන එක ඩයරි ලියන කාලේ ඉදන් මට තිබුනු පුරුද්දක්.. කඩදාසි පිටු වලින් වෙබ් පිටු වලට මාරු උනත් සමහර පුරුදු අමතක කරන්න ටිකක් අමාරුයි. කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේම..
කාලේ කොච්චර ඉක්මනට ගෙවිලා යනවා වගේ දැනෙනවද කියනවා නම් දැන් මේ අවුරුද්දේ මුල දේවල් වත් මතක් කරද්දි මතක් වෙන්නේ නැහැ වගේ ශික්! කම්මැලිකම! මොනා හරි ඔළුව ඇතුලට දාගෙන මතක තියාගන්න එකත් මහම මහ කම්මැලි වැඩක් වෙලා දැන් මට...
හරි ටක් ගාලා මතාආක් කරමු දැන්!
ජනවාරි මාසේ තමයි අපි තංගල්ලේ ගියේ.. එහේ ගිහිං ආවේ ලෙඩකුත් අරගෙන ඒකට පිං සිද්ධ වෙන්න දෙයියනේ කියලා හොඳ නිවාඩුවක් අරන් ගෙදරට වෙලා හිටියා.
ඒ එක්කම මට තිබුනා රෝස වවන පිස්සුවක් පඩියෙන් භාගයක් රෝස ගස් වලටයි පෝර වලටයි බෙහෙත් වලටයි ගියා... හයියෝ සල්ලි.. මැස්සෙක් ඇවිල්ලා වැඩේ එපාම කරන කම් එක මගේ හොබී එක උනා ගොඩක් කල් යනකම්ම..
අප්‍රියෙල් මුල අපි සෙට් එකම ගියා බේකරියේ කට්ටය සෙට් කරපු ඩවුන් ටවුන් පල්ස් බලන්න. ඒක වෙනමම ෆන් එකක්. ඒ මාසෙම ඔෆිස් එකේ ප්‍රමෝශන් එකත් සෙට් වෙලා තිබුන නිසා අවුරුදු තුනක් තිස්සේ කරපු නයිට් ශිෆ්ට් එකට බායි කිව්වා.
ඔය අස්සට කිරි දාන කිරිබත් දාන වගේ එව්වත් සෙට් උනා.
ජූනි මාසේ බදුල්ලේ ගිය වෙලේ දෙයියනේ කියලා බොල්ගොඩ ලී පාලම එහෙම බලා කියාගත්තා.
අගෝස්තු මාසේ හදිස්සියෙන් කොහේ ඉදන්ද ආව හුළඟක් හින්දා අපේ ගෙදර ඉස්තෝප්පුවට ගහකුත් වැටුනානේ. ඒ වෙලාවේ මම හිටියේ ඔෆිස් යන ගමන් බස්එකේ හොඳටම නිදාගෙන.
අපේ අනවසරිය දවසේ තමයි අපේ ඔෆිස් එකේ උන්ටික පළවෙනි පාරට සේරම එක්ක ට්‍රිප් එකක් ගියේ. ඇත්තටම ඒක අන්ඔෆීෂියල් එකක්! ඒත් ඒක අපි හිතුවට වඩා හොඳට උනා.
ඔක්තෝබර් මාසේ අන්තිම මගේ බලුච්චියොන්ට බබලා හම්බුන හින්දා ඒදා ඉඳන් හොඳටම බිසී පිට තමයි ජිවත් වෙන්න උනේ. මේ වෙද්දි එයාලා සේරම එයාලගේ අළුත් ගෙවල් වලට ගිහිං.... දැන් ඉන්න දිහාක පිස්සු නටනට ඇති.
දෙසැම්බරේ මුලම අපේ ඔෆිස් එකේ ඇනුවල් ගෙට් එක තිබුනා.. හප්පා එදා නම් පට්ටම පට පට ෆන් එකක් ගත්තා.. ජිවිතේ මුල්ම වතාවට කඹත් ඇද්දා මම..
ඔය කතා ටික ඇරුනම අළුත් අළුත් කෑම බීම ට්‍රයි කරන එකයි පොත් ෆිල්ම් ගැන හොයන එකයි විතරයි මේ අවුරුද්දට වැඩක් ඇති දේකට උනේ මම හිතන්නේ.
මොන දේ උනත් දැන් 2013 ගෙවිලා යන්න ළඟයි.. අළුත් අවුරුද්දක් ගැන දැන් ඉස්සර තරම් ලොකු ආතල් එකක් දැනෙන්නේ නැහැ මට. අළුත් පංතියට අළුතින් පිටකවර දාගෙන අළුත් දේවල් ඉගන ගන්න යන්න වගේ හැඟීමක් නැහැනේ?
අද ඊයේ කරපු වැඩ ටික කරන්න හෙටත් නැඟිටලා පුරුදු විදියට වැඩට යනවා... එහෙම හිතන එක හෙනම ලේසි උනාට හරිම බෝරින් වගේ.
නෑ.. හෙටින් පටන් ගන්නේ අළුත් අවුරුද්දක්.. අළුත් දවසක්.. ! හැමදාම කරපු වැඩ වලට උනත් අළුත් රටාවක් දාලා පටන් ගන්න මරු දවසක්.. හෙටින් පස්සේ අනිද්දත් එහෙමයි.. හැමදාම එහෙමයි... මොකද හැම අළුත් දේකම හැම පරණ දේකම සැබෑ අර්ථය තියෙන්නේ අපේ හිතේ..
හරියට භාගයක්ම පිරිලා තියෙන වතුර විදුරුවේ කතාව වගේ.!
හෙට වගේම හැමදාකමත්
ඔබට සුභ!
ආදරෙන්
මලී
(2013 අග්ගිස්සේ ඉඳගෙන.)
පිංතූරේ
Thursday, October 24, 2013
විශ්වයේ උපතක්
නිදහසේ වැඩ කරන්න පුළුවන් දවසක් හින්දා හැම ඉරිදකම වැඩ කරන මම මගේ ඩේ ඕෆ් එක සාමාන්‍ය යෙන් ගන්නේ සති මැද දවසක.. අදත් ඒ වගේ දවසක්.. මගේ නිවාඩු දවසක්. කරන්න අමුතු වැඩ මොකුත් නැති ප්ලෑන් නැතුව පටන් ගත්ත අද දවස අපේ ජිවිත වලට ආයෙමත් මතක සටහනක් ඉතිරි කරපු දවසක් වෙයි කියල උදේ අට වෙනකල් නිදා ගනිද්දි මට වැඩිය හිතුනේ නෑ...
අපේ ගෙදර බලු ගෙදරක්! පොඩ්ඩක් විතර එහෙම කිව්වම අවුල් හැඟීමක් ආවත් කරන්න දෙයක් නෑ.. අපේ ගෙදර ඉන්නේ ඩෝග් පීපල්ලා වගේම ගෙදර ඉන්න මිනිස්සු ගාණට වඩා බල්ලෝ ඉන්නවා.. ඒ කියන්නේ මිස්ට බව්වෙක් හා මිසිස් බව්වියෝ තුන් දෙනෙක් ඉන්නවා.. මිස්ට බව්වා කොලින්.. නැත්තං බුකු බුකු.. අයිති අපේ අම්මට.. එයාගේ මමා ඩොගී මිකී එයා මගේ.. එතකොට රෝස් හෙවත් රෝසි අපේ තාත්තාගේ.. ඒ පවුලෙම කරදර වලට වැඩියම මූණ දීලා ඉන්න පොඩ්ඩිත් මගේ.මුලින්ම කුස්සයටම බඩ ගාගෙන ගිහිල්ලා පොඩි කාලේ ළිදේ වැඩිලා.. එතකොට කණ්ඩි වලින් පැනලා.. මාළු ටැංකියේ වතුර බොන්න ගිහින් කණේ වතුර යවාගන්න වැඩ ගොඩක් දේවල් හින්දා රෙකෝඩ් තියන්න පොඩ්ඩිට පුළුවන් වෙච්ච නිසා එයා කාගෙත් අවධානය ඉහලින්ම දිනාගෙන හිටි කෙනෙක්. මේ දවස් වල එයා ප්‍රෙග්නන්ට්.. හරි ආයේ මගේ නිවාඩු දවසට!
උදේ කෑම බීම වලින් පස්සේ පොතකුත් අරන් මම මගේ ඇඳේ හරි බරි ගැහුනා.. සුපුරුදු විදියට බලූලා සෙට් එකත් එයාලා මගේ කාමරේ කැමති කැමති තැන් වල හරි බරි ගැහිලා නින්දට සෙට් උනා.. මම පොත් කියවනවා එයාලා එයාලගේ වැඩ වල.. කොහේදෝ ඉදන් කාමරේට දුවගෙන ආව බුකු බුකු අයියා ඇඳ යට ඉව කලා විතරයි.. මේ ලෝකයේ කෙනෙකුට අහන්න පුළුවන් නැවුම්ම නැවුම් හඬ මගේ ඇඳ යටින් ඇහුනා.. මම දැනගත්තා.. මට දැනුනා.. පොඩ්ඩි පැටව් දානවා.. මගේ ඇඳ යට... මුලින්ම එළියට ආව පැට්ටා මේ ලොකෙට එයාගේ සම්ප්‍රාප්තිය දැනුම් දුන්නා.. ටක් ටක් ගාලා අනිත් බලු සාමාජිකයන්ව එළියට යවලා පොඩ්ඩිට එයාගේ වැඩේ කරගන්න දීලා මම ආයෙත් පොත කියවන්න හිතුවා.. පොතට වඩා ඇඳ යට බිහිවෙන අළුත් ජීවය ගැන හොයන්න මට ආස හිතුනා.. ඇඳේ ඉදගෙනම බෙල්ල විතරක් දාලා හොරෙන් වගේ බලන් හිටියා ම්හ්... මොකුත් නෑ... එක පැටියෙක් විතරද? මට හිතුනා.. නිමේශයකින් ජෙලි ආවරණයක් වගේ බෑග් එකක් ඇතුලේ තව පැට්ටෙක් එළියට ඇවිත්.. පොඩ්ඩි මේ ලෝකේ සිහියක් නැතුව ඒ පැට්ටව පිරිසිදු කරනවා...
මගේ කොඳු ඇට පෙළ කෙලවරින් පටන් ගත්තු හිරියක් මුළු ඇඟ පුරාම දිව්වා.. කණ් දෙකට ලේ පිරෙනවා දැනුනා.. ඇස් තෙත් උනා.. මේ මහා විශ්වයෙන් මගේ කාමරය පිරිලා ගියා .. මම මට පුළුවන් තරම් ලොකු හාදුවකින් ස්භාවධර්මය වැළඳ ගත්තා.. ගොර්කිගේ “මිනිසෙකුගේ උපත“ කියවද්දි දැනුන හැඟීම මගේ මුළු ඇඟටම දැනුනා..
මේ දේවල් මේ තරම් පිළිවෙලට සිද්ද වෙන්නේ කොහොමද? කවුද මේ දේවල් මේ සත්තුන්ට කියල දෙන්නේ.. මම මේක ලියද්දි පොඩ්ඩිගේ පළවෙනි අදියරේ වැඩ නිමයි කුක්කු පැටව් ටිකක් පොඩ්ඩිගේ තුරුල්ලට වෙලා කෙඳිරිලි මුණුමුණුවකින් හොර රහසේ පොඩ්ඩිගේ කිරි බුරුල්ලේ කිරි වලින් බංඩි පුරෝ ගනිමින් ඉන්නවා.. ඒ මිමිණුම අළුත උපන් මිනිස් දරුවන්ගේ කෙඳිරල්ලෙන් වැඩි වෙනසක් නැහැ.. විශ්වයේ භාෂාව කාටත් පොදුයි මට දැනෙනවා..
මගේ හදවත ආයෙමත් ආනන්දයකින් පිරී යනවා.. මට නිදා ගන්න ඇඳක් නැති වෙනවා ටික කාලෙකට.. මගේ කාමරේ කිරි කැටියන්ට දීලා මම කෙරවලේ පොඩි කාමරේට මාරු වෙනවා.. මම කොහෙමද මේ විශ්වයේ කලාව වෙනස් කරන්නේ?

Saturday, October 19, 2013
A+
මා වැනි බිළින්දා
මරුවා යයිද කැන්දා
අනේ ඒ හින්දා
දෙන්න ලේ බිඳු මාමා නැන්දා..
මේ කවිය ස්කෝලේ යන කාලේ ඉදන්ම කට පාඩම් කවියක්.. පොඩි එකෙක් ලේ බිංදුවක් මැද්දේ ඉඳන් කියන මේක ලේ දන් දෙන කඳුවරු ගැන සෑහෙන්න කාලයක් තිස්සේ පාවිච්චි වෙන පෝස්ටර් එකක්.. මමත් ඉස්සර ඉදන්ම ඒ ගැන ආසාවෙන් හිටියේ..
ඒ උනාට ඉතිං අනේ මන්දාවල් ගොඩක් හින්දා දවසින් දවස කල් ගියපු ඒ ආසවත් අද ඉශ්ඨ කරගන්න පුළුවන් උනා...
අපේ ඔෆිස් එකේ මමත් හරියට නොදන්න මිස් කෙනෙක්ගේ මාමා කෙනෙක්ගේ බයි පාස් සර්ජරි එකකට A+ බ්ල්ඩ් පයින්ට් 4ක් හොයනවා කියලා ආරංචියක් ආව හින්දා මුලින්ම ගෙදරත් එක්ක කන්ෆර්ම් කරගත්තා මගේ බ්ලඩ් ගෘප් එකත් A+ කියලා.. එයින් පස්සේ ඉතිං දින වෙලාවල් වෙන් කරගෙන අද දවල්ට හොඳට කාලා එහෙම මම ගියා බ්ලඩ් දෙන්න.. මුල්ම වතාව හින්දා මගෙන් ගනී ද නැද්ද.. අරවද මේවද වගේ ප්‍රශ්ණ නම් හෙන ගොඩක් ඔළුව වටේ කැරකුනා... ප්‍රස්න නම් මොනවද නේ?
ඔන්න ඉතිං අදාලා ඉස්පිරිතාලේ බ්ලඩ් බෑන්ක් එකට ගියාම නර්ස් අක්කා කෙනෙක් පොර්ම් එකක් දුන්නා පුරවන්න... හප්පේ... ඒ ලෙවල් පේපරේ පාරාදයි...! එකත් කොහෙම හරි පුරවලා..බරත් කිරලා.. එයාගේ පොඩි බ්ලඩ් ටෙස්ට් එකකින් පස්සේ මට කිව්වා ඇදේ දොයි ගන්න කියලා.. එතනට ආවා දොස්තර අන්කල් කෙනෙකුත් නර්ස් අක්කයි.. දැන් අත ප්‍රෙශර් කරලා එහෙම දෙන්නත් එකක් හෝ ගාලා හොයනවා... මොනාද? බ්ලඩ් වෙයින්ස්.. මළ සේකර!!! දැන් කොහොමද බ්ලඩ් දෙන්නේ..
බලමු අනිත් අත...
ඒ අත බලන්න ආවේ නර්ස් ආන්ටි කෙනෙක්... එයා අත දැක්ක ගමන් කිව්වේ හරි මේකෙන් පුළුවන්.. දොස්තරටත් අදාලා තැන පෙන්නුවේ එයා.. ඒ කියන්නේ පියෝ එක්ස්පීරියන්ස් නැත්තං වෙන මොකක් හරි.. අපි නම් කතා උනේ.. නර්ස් අක්කා අළුත් හින්දා දන්නේ නෑ.. දොස්තර අංකල්ට ඇස් පෙන්නේ නෑ.. ගානට මිම්මට ඉන්න නර්ස් ඇන්ටි හින්දා වැඩේ ගොඩ ගියා..
ආනේ.... එයා හරී හොඳයි.. මේ පළවෙනි පාරද අරකද මේකද අහලා මට හිතා ගන්නත් කලින් බ්ලඩ් සේරම අරගෙනත් ඉවරයි.. මට කිසි අවුලක් නැති උනත් විනාඩි 5ක් විතර එහෙමම ඉන්නත් කියලා.. අතේ ප්ලාස්ටර් කෑළිත් ගහලා.. විනාඩි තුනෙන් විතරම මම නැගිටලා පුටුවට ගියාම රසම රස කිරි කෝපි එකකුත් දීලා.. බීලා වාඩි වෙලා ඉන්න කියලා එයාලා කිව්වා...
ඔය අතරේ ඩොක්ට අංකල් පොඩි පොතකුත් ලඟටම ගෙනත් දුන්නා.. කිරි කෝපි එක බීලා අපි දෙන්නා ආතල් එකේ ගෙදර ආවා..
අද මට හරි සතුටු දවසක්... උපදුනු දවසේ ඉඳන් අද වෙනකල් කන්න බොන්න දීලා හයියට මාව හදපු අම්මට පිං සිද්ධ වෙන්න තව කෙනෙක් ගේ ජිවිතයකට පොඩ්ඩක් හරි හයියක් වෙන්න මට පුළුවන් උනා නේ.. මගේ අම්මා මං වෙනුවෙන් එයාගේ ඇගේ ලේ කොච්චරක් නම් කිරි කරන්න ඇති ද?
Monday, September 30, 2013
අවුරුදු පහකට පස්සෙත් තාමත් මනෝ විකාරෙන්...
මනුස්ස ජීවිත ඇතුලේ අවුරුදු පහක් කියන්නේ සෑහෙන්න ලොකු කාලයක්
අළුත උපන් පොඩි දරුවෙක්ට ඉපදිලා හැදිලා වැඩිලා ඇවිදලා කතා කරලා ස්කෝලෙ යන්න පටන් ගන්නත් අවුරුදු පහක් ඇති
හැබැයි ඊට පස්සේ අවුරුදු පහක් කියන එක ලොකු කාලයක් නොවෙන
අද ඊයේ වගේ මතකයක් වෙන්නත් පුළුවන් මේ දැන් අපිට වගේ
ඉන් ඩීටේල් නැතත් අපේ ජීවිත ඇතුලේ ගතවුනු අවුරුදු පහේ මොනාද උනේ කියලා
කියලා දාන්න හෙනම ලේසීයි නේ?
කාලය කියන දේට අපි මිණුම් දඩු දාගෙන මැන ගෙන ඒක ඇතුලට වෙලා දුක් වින්දට
ඇත්තටම ලෝකේ කැරකෙනවා ඒකට සාපේක්ෂව එළිය අඳුර ඇවිත් යනවා විතරමයි
හැබැයි අපි ඒ අඳුරෙන් එළියට ඇවත් කොණ්ඩේ සුදු වෙලා දත් හැලිලා මැරිලා යන්න කලින් නොමැරි මැරි මැරි ජිවත් වෙනවා
කවුරු මොන පොර ටෝක් එක දුන්නත් කොයි තරාතිරමක අද ජිවිත් වෙන කොයි මිනිහා ගැනත් ඇත්ත ඒකමයි
කොතැනත් තියෙන කොයි විදිහෙ හරි සිස්ටම් එකක් ඇතුලේ හිරවෙලා හිතෙන් හූල්ලනවා
එහෙම නෑ කියන්න පුළුවන් මිනිස්සු අද නෑ නෑ නෑමයි!!!
හැබැයි
ඒ හීල්ලිලි කන කටු අස්සේ
සෙට් වෙන එක පොඩි නිමේෂයක් වගේ
මොහොතවල් ගොඩක් නිසා
අපි පට්ට ආතල් එකේ
ෆන් එකේ
ජිවත් වෙනවා
අන්තිමේ ජිවිත් වෙනවා කියන්නෙ අඬනවටවත් හූල්ලනවටවත්
හීනා වෙනවටත් ශෝ ඕෆ් දාන එකටවත් නෙවෙයි
එහෙනම්
???
ඇත්තටම ජිවිතේ කියන්නේ මොකක්ද
???
මම තාම
හොයනවා
ඔබට
හමු උනාද?
Thursday, February 14, 2013
එක දවසක්
මොන ක්‍රමේකින් හරි
අම්මා කෙනෙකුගේ
බංඩි ගෙඩියක් ඇතුලේ
හැදෙන්න පටන් ගන්න දවසේ ඉදන්
දරුවෙක්ට අම්මෙක් වගේම
අම්මෙක්ට දරුවෙකුත්
මොන තරම් බැඳෙනවාද
ඒ බැඳීම ආදරේ නේද?
ඉපදිච්ච මොහොතේ
ඇස් ඇරලා බලන මොහොතේ ඉඳන්
සමහර විට ඊටත් කලින් ඉඳන්
අපි හොයන්නේ ආදරේ නෙවෙයිද?
පොඩියක් කවුරු හරි එහා මෙහා උනත්
ඌ..ඌ.. ගගා අඬ අඬ
ඇස්වල කදුළු පුරවගෙන
නොතේරෙන භාසා වලින්
පොඩි උන් කියන්නෙත්
අනේ මාව දාලා යන්න එපා
මගේ ළඟට වෙලා ඉන්න කියලා නේද?
ඒ ඉල්ලන්නේ ආදරේ නේද?
යන්තං පය ගහලා
ඇවිදින්න පුළුවන් වෙච්චි ගමන්
හතර වටේ ඇවිද ඇවිද
අපි හොයන්නේ
අපිත් එක්ක
එක පාරේ
එකට
අත් අල්ලගෙන
හිනා වෙවී
යන්න පුළුවන් අයව නෙවෙයිද
ඒ අපි හැමෝටම
ආදරේ ඕන හින්දා නෙවෙයිද ?
ඉපදුණු මොහොතේ ඉදං
අන්තිම හුස්ම යනකම්ම
හැම මොහොතකම
අපි හොයන
ආදරේට
එකම එක දවසක්
මක් කරන්නද?
Subscribe to:
Posts (Atom)